Wednesday, 21 May 2014

අතීතයෙන් දවසක



උදෑසනනින්ම ලැබුන ආරාධනාව මේසයේ කෙලවරක එහෙම්මම තියෙද්දී මම ඒ දිහා බලාගෙන හිටියේ හැඟීමකින් තොරව.. කැළඹුන සිතුවිලි අතොරක් නැතුව ඒ මේ අත දුවද්දී හුදෙකලා වුන හිතේ ගැස්ම වෙනදටත් වඩා වැඩියි කියලා හොදටම දැනුනා.. මම හිටියේ කල්පනාවක.. ආරාධනාව දිහාත් මතකය අතරෙත් ඉබාගාතේ දුවන හිතට අද වෙහෙසකර දවසක් වුනත්, හිත ඒක නතර කරන්නෙම නැහැ..

මේසය ගාවට ඇද ගත්ත පුටුවක ඕනාවට එපාවට වගේ වාඩි වුනත් මට ඒ දිහා නොබලා, නොහිතා ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. මම හැම විනාඩියකම වගේ හිතුවා.. ආරාධනාව සිය වතාවකට වැඩිය කියවන්න ඇති.. ඒ, මම යන්න ඕන එතනටමද කියලා දැන ගන්න.. මතකය, මාව හැම දේකින්ම පස්සට ඇදලා ගන්නවා.. මම කැමති වුනත් නැතත්..

" මහත්මයා ඔබේ කුළි රථය ඇවිත්.."

සේවකයගේ හඬට මම ටිකකට කල්පනාවෙන් මිදුනා.. අකමැත්තෙන් වුනත් මේසේ කෙලවර තිබුන ආරාධනාවත් අරගෙන ගෙදරින් එළියට ආවේ හිතේ තිබුන කැළඹුමත් එක්කම.. නිතරම මට ඕන වුනේ මේ දෙයින් පලා යන්න.. ඒත් මොකද්දෝ හේතුවකට මට එහෙම කරන්න පුළුවන් වුනේ නෑ.. කුළි රථය හෙමින් තම ගමනාන්තය වෙත යන ගමන ඇරඹුවා.. මගේ හිතේ අනතුරක සේයාවක් රජයන්න ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ.. ඒක හරියටම මීට අවුරුදු හතලිහකට කලින් දැනුනා වගේම හැඟීමක්..

.............................

" මචං අද රෑ කොහේද යන්නේ?"

හවස් වී ගෙන එද්දී කාමරේට වෙලා හිටිය හැමෝගෙන්ම වගේ ඉබේම ඇහෙන ප්‍රශ්ණේ ඒක..  සරසවී ජීවිතේ හුඟක් වෙලාවට ගෙවුන ලස්සනම මතකය එකතු වෙලා තියෙන්නේ මේ ගෙවන රැයත් එක්ක..

" වෙනදත් ගමනක් ගියේ ප්ලෑන් කරලද බං, ඔන්න ඔහේ යමන්.."

" හරි එහෙනම් ෆ්‍රෑන්ක්ගේ බාර් එකෙන් බීර බීලා ඔහේ ඇවිදලා එමු.."

" කෙල්ලන්නටත් එන්න කියනවද?"

ස්ටෙෆාන් ඒ යෝජනාව කරද්දී හැමෝගෙම මුහුණු වල මැවුන හිනාවට හුඟක් හේතු තිබුනා.. බීර වලින් මත් වුන රාත්‍රියකට කාන්තාවන් එකතු වුනාම ඒ රැය රාගික වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ..

" හරි එන්න කියමු.."

හවස හත වෙද්දි නේවාසිකාගාරයෙන් පැන ගත්ත අපි ෆ්‍රෑන්ක්ගේ බාර් එක ලගට එද්දි කෙල්ලො ටික අපිටත් කලින් ඇවිත්.. මටයි ස්ටෙෆාන්ටයි ඇරෙන්න වෙන කාටවත් ආදර සබඳතාවක් තිබුනේ නෑ.. ඒත් සමහර හැඟීම් මිතුදමකට එහා යන වෙලාවල් නොතිබුනාමත් නෙමෙයි..

ඇය මාව සිපගත්තා.. මාත් ඒ පහසට කැමති නිසා හුඟක් වෙලා ඒ හාදුව විදගත්තා.. ඇය ජෝර්ජියා.. ටිකකින් අපි හිටියේ ෆ්‍රෑන්ක්ගේ බාර් එක ඇතුලේ.. අපි නිතරම ගොඩවදින එකම බාර් එක ෆ්‍රෑන්ක්ගේ හන්දා ඔහුත් අපිත් අතර තිබුනේ කිට්ටු මිතුදමක්.. ඉල්ලන්නත් කලින්ම අපේ ඇනවුම ගැන හොදින්ම දැනගෙන හිටිය ඔහු, බාර් එකේ කෙලවරම තිබුන අපේ සුපුරුදු මේසයට අපිට ඕන තරම් බීර ගෙනවිත් තිබ්බේ ටික වෙලාවක් සුපුරුදු කතාබහේ යෙදෙන ගමන්ම..

රෑ එකොලහ විතර වුනත් අපි තාමත් හිටියේ ෆ්‍රෑන්ක්ගේ බාර් එකේ බීර
රස විදින ගමන්.. කෙල්ලෝ කීපදෙනෙක් ආයෙම නේවාසිකාගාරයට ගියා වුනත් ජෝර්ජියා වගේම ස්ටෙෆාන්ගේ පෙම්වතියත් අපිත් එක්ක ඒ වෙද්දිත් බාර් එකේ හිටියා.. ඔවුන් මදුවිතින් තරමක් මත් වෙලා හිටියා වුනත් නේවාසිකාගාරයට යන්න තරම් ඔවුන්ට ඕන කමක් තිබුනේ නෑ.. තව ටික වෙලාවක් එතනටම වෙලා හිටිය අපි බර් එකෙන් එලියට එද්දී මැදියමට කිට්ටු වෙලා.. අපේ එනෙක් යාළුවෝ නේවාසිකාගාරයට යද්දී මාත් ස්ටෙෆානුත් අපේ පෙම්වතියන් එක්ක ඇවිදන් ආවේ ඔවුන්ගේ නේවාසිකාගාරය දිහාවට..

අඳුරත්, මදුවිතත්, හීතලත් අපේ හැඟූම් වලට අත වනනවා.. තැනින් තැන නැවතිමෙන් හාදු වලට ඉඩ දෙමින් ආව ගමනේ ඊට වඩා දෙයක් ඇත්තටම අපි බලාපොරොත්තු වුනා.. අපි මොහොතකට නැවතුනේ හැමදාම වගේ පහුකරන් යන විශාල මන්දිරය ලග.. වෙනදටත් කලාතුරකින් විදුළි පහනක් දැල්වෙන මන්දිරය අද තිබුනේ අඳුරේ..

" මයිකල් අපි යමුද?"

ස්ටෙෆාන් මට ඒ යෝජනාව ගෙනාවා.. ඒ ගැන වැඩි විශ්වාසයක් නොතිබුනත් හිතේ ඒ වෙලාවේ තිබුන කැමැත්තත් එක්ක මට ඒකට විරුද්ධ වෙන්න තරම් හේතුවක් තිබුනේ නෑ.. මම බැළුවේ ජෝර්ජියා දිහා.. ඇය වුනත් හිටියේ ඒකට කැමැත්තෙන්..

" හරි යමු.."

අඟුළු දාලා තිබුන ගේට්ටුවෙන් ඇතුලට යන්න විදිහක් නොවුනත් ඊට ටිකක් එහාට වෙන්න තිබුන පුංචි අස්සකින් රිංගලා යන්න ස්ටෙෆාන්ට පුළුවන් වුනා.. අපිත් ඔහුවම අනුගමනය කලා.. මන්දිරය අවට හුඟක් උසට වැඩුන ගස් හන්දම රාත්‍රියේ තිබුන අන්ධකාරය තවත් වැඩි වෙලා පෙනුනත් අවට පරිසරය දිහා උනන්දුවෙන්න තරම් ඕන කමක් අපිට තිබුනේ නෑ.. මට ඕන වුනේ ජෝර්ජියා එක්ක තනිවෙන්න.. ස්ටෙෆානුත් එහෙමයි.. ඔහු හිටියේ කැමීලියාගේ ඉන වටේ අත දාගෙන ඇයව හුඟක් ලගට කරගෙනම..

අන්ධකාරය අතරින් අපි ටිකක් දුර ඇවිදන් ගියා.. වටේම තිබුනේ පාළු මූසල කමක්.. අපි මන්දිරය කිට්ටුවටම ආවත් ඒ අතරින් කිසිම ආලෝකයක් වත් කවුරුවත් ඉන්නවා කියන හැඟීමක් වත් අපිට ආවේ නෑ.. ඒ තරමටම අවට හැමදේම නිහඬයි..

" ස්ටෙෆාන්, අපි ඔය පැත්තට ගියා කියලා වැඩක් තියෙනවද?"

මන්දිරේ ප්‍රධාන දොරටුවට ටිකක් එහායින් තිබුන පොඩි දොරක් ලග නැවතුන ෆ්ටෙෆාන් ඒක විවර කරන්න උත්සාහ කරද්දී මම ඊට බාදා කලේ අපිට වුවමනා වුනේ ඒ දේම නොවුන හන්දා..

" අපි උත්සාහ කරලා බලමු මයිකල්.."

ස්ටෙෆාන්ට මට ඇහුම්කන් දෙන්න තරම් ඕන කමක් තිබුනේ නෑ.. ඔහු දිගටම ඔහුගේ වැඩේ නිරත වුනා.. අවසානයේ දොර විවර වෙන සද්දෙත් එක්ක ඔහු සාර්ථකත්වයේ සිනහවක් අපි දිහාවට යොමු කලේ මන්දිරයට ඇතුළු වෙන ගමන්ම.. අන්දකාරයත් එක්ක අපිට දකින්න ඒ තරම්ම දෙයක් නොතිබුනත් ඒ මොහොතේ දැනුන හැඟීම අපිට තේරුම් ගන්න එච්චරම පුළුවන් කමක් තිබුනේ නෑ.. නාස්පුඬු අතරට සැනෙකින් හමාගෙන ආව දුඟද එක මොහොතකට අපිට අපේ අරමුණ අමතක කලා..

ස්ටෙෆාන් කැමීලියා එක්ක අපෙන් වෙන් වෙලා ඇවිදන් යද්දී මම ජෝර්ජියාගේ අතින් අල්ලගෙන වෙනතකට ඇවිදන් ආවේ ඇයත් එක්ක තනි වෙන්න.. පියවර අතර බුමුතුරුණූ වලට යටින් තිබුන ලී වල සිහින් හඬ පාළු නිහැඬ්යාව අතරින් ඇහෙද්දී රාඟික හැඟීම් ටිකෙන් ටික හිතින් ඈතකට දුවලා යන්න පටන් අරන්.. අපි තනිවුනා.. ඒත් ඒ කලින් හැඟීමෙන්ම නෙමෙයි..

" මට මෙතන මහ අමුත්තක් දැනෙනවා.."

හැමදේම අමතක කරන් මම හාදුවක් දෙන්න උත්සාහ කලත් ජෝර්ජියා ඇගේ සිතුවිළි අවදි කලා..

" මටත්.. ඒත් කමක් නැහැ.."

මම ඇයව සිපගත්තා.. මොහොතකින් දෙකකින් හිතේ තිබුන හැඟීම් ආයෙමත් ඇදලා ගන්න අපිට පුළුවන් වුනා.. මම ඇයව එක දිගටම සිපගත්තා.. ඇගේ නිතඹ පිරිමදින අතරේ මම ඇය තුලට තවත් ලං වෙන්න උත්සාහ කලා.. එක මොහොතකට අපිට ඇහුනේ අපේ සුසුම් ගැටෙන සද්දේ විතරයි.. අපි එහෙමම ටික වෙලාවක් ඉන්න ඇති.. ඒත් හදිසියේම ඇහුන කෑ ගැහිල්ල අපිව ආයෙම පියවි ලෝකයට අරන් ආවා..

ඒ කැමීලියා.. මට ඒක හොදටම විශ්වාසයි.. අඳුර තුලින් ඒ හඬ ඇහුන දිහාවට ඇවිදන් යන්න අපි උත්සාහ කලත් ඒක ඒ තරම්ම ලේසි දෙයක් වුනේ නෑ.. මම මගේ සාක්කුවේ තිබුන ලයිටරය දල්වා ගත්තේ පොඩිම හරි ආලෝකයක් බලාපොරොත්තුවෙන්.. තව වතාවකට කෑ ගැහිල්ලක් ඇහුනේ නැතත් ඉදහිට අහුන කෙදිරිල්ල අපිට පාර හොයාගන්න උදවුවක් වුනා..

" ස්ටෙෆාන්, කැමීලියා.."

මම ඔවුන්ට කතා කලා.. ඒත් නිහැඬියාව ඇරෙන්න අපිට වෙන කිසිම පිළිතුරක් ලැබුනේ නෑ.. ටික දුරක් ඒ විදිහටම ඇවිදන් යද්දී ලෙයින් නැහැවුන කැමිලියා අපි දිහා බලාගෙන හිටියේ බයෙන් තැති අරගෙන.. ඇගේ දෑස් වල තිබුන භීතියත් එක්ක ඈ ඔහේ බලාගෙන හිටියා ඇරෙන්න කිසිම දෙයක් කතා කරන්න ඇයට පුළුවන් වුනේ නැහැ..

" කැමීලියා, කෝ ස්ටෙෆාන්?"

ඇයට කිසිවක් කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. කීප වරක්ම ඇගෙන් ස්ටෙෆාන් ගැන ඇහුවත් ඇය නිහඬවම බලා ඉදියා ඇරෙන්න කිසිම පිළිතුරක් දුන්නේ නෑ..ජෝර්ජියා අවසානයේ ඇගෙන් උරහිස් වලින් තද කරලා ස්ටෙෆාන් ගැන ඇහුවේ ඇගෙන් පිළිතුරක් අවශ්‍යම වුන නිසා.. ඇය නිහඬවම අත දිගු කලේ අසල තිබුන කාමරයක් දිහාවට.. අඳුරත් එක්ක ඒ තරම්ම හොදට නොපෙනුනත් ඒ දිහාවට හෙමින් ගමන් කලේ ඇයට කියා ගන්න බැරි දේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් කමක් නොතිබුන නිසා..

ඒ අඳුරු කාමරය ඇතුලේ බලාපොරොත්තු වුන විදිහේ කිසිම දෙයක් තිබුනේ නෑ.. කොටින්ම ස්ටෙෆාන්.. අතේ තිබුන ලයිටරේ එළියෙන් කාමරේ පුරාවට යාන්තමින් බැළුවත් කැමීලියා භීතියෙන් පෙන්වන්න උත්සාහ කල කිසිම දෙයක් එහි තිබුනේ නෑ.. මම අපහු හැරුනා.. ජෝර්ජියා හිටියේ කැමීලියට වැඩිය පියවර කීපයක් ඉස්සරහින්.. හිස දිහාවෙන් ගලාගෙන එන රුධිරය කැමිලියාගේ මුහුණේ හරි අඩක් වසාගෙන තිබුනා..

ජෝර්ජියා මගේ ලගට පියවර දෙක තුනක් ඉස්සරහට ආවේ ඇගේ හිතටත් බයක් දැනුන නිසා වෙන්න ඇති.. ඒ අතරෙම මම කල්පනා කලේ ස්ටෙෆාන් ගැන.. ඔහුට මොකද වුනේ? කිසිම දේකට හරි හැටි පිළිතුරක් කැමීලියගෙන් නොලැබෙද්දී හිතට දැනුනේ මහා කුතුහළක්.. මම ඒ එක්කම වගේ බැළුවේ කැමීලියා දිහා.. ඇගෙන් මම දැක්කේ අප්‍රාණික බවක්.. එක මොහොතකටවත් නොගැස්සෙන් දෑස් වලින් ඈ බලාගෙන හිටියේ කලින් පෙන්නපු කාමරය දිහා..

ජොර්ජියා මගේ අත තද කර ගත්තේ තව දුරටත් අපි මෙතන රැදිය යුතු නැහැයි කියලා අඟවන ගමන්.. ඇය හරි කියලා මොහොතකට මට හිතුනා.. ඒත්, ස්ටෙෆාන්? මම ආයෙමත් කැමීලියා දිහා බලද්දී හිත ගැස්සිලා ගියේ ඒ වෙලාවේ දැක්ක මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන දර්ශණයෙන්.. අඳුරේ වුනත් කැමීලියා පිටිපස්සෙන් හිටගෙන හිටිය ඒ මහළු රුව පිරිමි මගේ හිතටත් ඇති කලේ මහා බයක්..

සුදුමැළි වුන මුහුණත් වියපත්ව වැහැරුණු මුහුණත් දැක්ක ජෝර්ජියා මහ හයියෙන් කෑ ගහද්දීම, කැමීලියාගේ පපුව සිදුරු කරගෙන මතුවුන පිහි තුඩ ඇය එච්චර වෙලා හිටිය වේදනාවට ලබා දුන්නේ කුරිරු අවසානයක්.. ඔහු ඊට පස්සේ බැළුවේ අපි දිහා.. එතනින් පලා එනවා ඇරෙන්න වෙන ගන්න තීරණයක් මටවත් ජෝර්ජියාටවත් තිබුනේ නෑ.. ස්ටෙෆාන්, ඔහු කොහේද?

.............................

" මහත්මයා, ඔබට එන්න ඕන තැනට අපි ආවා.."

ඒ කටහඬට මම ටිකක් ගැස්සුනා.. ඒ මම හිටියේ අතීතයේ අමතක කරන්නම බැරි මතකයක ආයෙමත් ගිලෙමින් නිසා වෙන්න ඇති.. කුළි රථයෙන් නික්මුන මම බැළුවේ ඒ මන්දිරය දිහා.. එදා අඳුරින් වැහිලා තිබුන මන්දිරයේ හැම තැනක්ම අද විදුළි එළියෙන් ආලෝක වෙලා.. මම එක මොහොතකට ඒ දිහා බලාගෙන හිටියා.. පිටවීමේ ගේට්ටුවෙන් කුළි රථය නික්මිලා යද්දී මම පියවර කීපයක් ඇවිදන් ගියේ මන්දිරය දිහාවට.. කෝට් සාක්කුවේ තිබුන ආරාධනාව අතට ගත්තත් මන්දිරේ එදා වගේම තිබුන පාළුව හිතට ගෙනාවේ මහ අමුත්තක්..

යන්තමට ඇහෙන සංගීතයක් නොවෙන්න මන්දිරය එදා වගේම මූසල ගතියක් ගන්න ඉඩ තිබුනා.. උත්සවයක් වුනත් කවුරුවත් පෙන්න නොහිටිය එක මගේ හිතට කුතුහලයක් වුනත් මම මන්දිරය දිහාවට ඇවිදන් ගියා.. ඒ හිතේ තිගැස්මත් එක්ක.. උදේ ඉදන්ම හිතට දැනුන ප්‍රශ්ණය මට ආයෙම දැනෙන්න වුනා.. අන්තිම වතාවට මේ මන්දිරේදි මුහුණ දුන්න අත්දැකීමත් එක්ක කවුරු මේ වගේ ආරාධනාවක් කලාද කියන එක ගැන හිතේ තිබුනේ දෙඟිඩියාවක්..

මන්දිරේ ප්‍රධාන දොර ලග හිට ගනිද්දී ඉබේම වගේ මගේ ඇස් ඇදිලා ගියේ එදා ස්ටෙෆාන් අරින්න උත්සාහ කරපු දොර දිහාවට.. ඒක අදටත් එහෙමම තියෙනවා.. එදා වගේමයි.. තරමක් වියපත් වුන හොදින් හැද පැළදගෙන හිටිය සේවකයෙක් දොර ගාවදිම මාව පිළිගත්තේ හුඟක් ආචාරශීලිව වුනත් මන්දිරයට ඇතුළු වෙද්දි ඒ බය එහෙමම දැනෙමින් තිබුනා..

" ඔබ ආලින්දයේ අසුන් ගන්න.. මම මහන්තමයාට එන්න කියන්නම්.."

" හොදමයි.."

මට ඔහුගෙන් කළබලයෙන් අහලා දැන ගන්න ඕන කරපු ප්‍රශ්ණ බොහෝමයක් තිබුනත් ඒවා හිතේම තද කර ගත්තේ ඒකට මේ වෙලාව සුදුසු නැහැයි කියලා හිතුන නිසා.. ඇත්තටම මට ආරාධනා කරපු ඔහු කවුරු වෙන්න ඇත්ද? ආරාධනාවේ තිබුන නම හොදින් මතකයට ගේන්න උත්සාහ කලත් මම එතනදි අසාර්ථක වුනා.. ඉතින් මට සිදු වුනේ බලාගෙන ඉන්න.. ඔහු එනකන්..

එදා අඳුරට වැහිලා තිබුනට වැඩිය තේජවන්ත බවක් අද මන්දිරය ඇතුලේ තිබුනා.. විශාල බුමුතුරුණු, සුවපහසු සෝෆා වගේම තැනින් තැන දැල්වුන ඉටිපහන් ආලින්දයට ගෙනාවේ එක්තරා විදිහක සුන්දරත්වයක්.. ඒත් ඒ සුන්දරත්වයට වැඩියෙන් මතකය අතර හොල්මන් කලේ ඒ අමිහිරි අතීතය..

ආලින්දයට මදක් නුදුරෙන් තිබුන ලී තරප්පු පෙලේ අඩි ගැහෙන හඬට මම ඒ දිහාවට හැරිලා බැළුවා.. හොද යුරෝපීය ඇදුමින් සැරසුන මැදිවියේ කෙනෙකු තරප්පු පෙල බැහැගෙන ආවේ කෙලින්ම මං දිහා බලාගෙනම.. මමත් ඕනෑකමින් ඔහු දිහා බැළුවා.. ඒ, කලින් වතාවේ මං දැක්ක ඒ මහළු රුවමද කියලා සැක හැර දැන ගන්න.. වාසනාවකට වගේ මේ ඔහු නෙමෙයි.. එක මොහොතකට මට සැනසුම් සුසුමක් පිටවුනා..

ඔහු කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ ලග.. තැනින් තැන සුදු වුන රැවුලත්, කණ්නාඩි යුගලත් අතරින් මම ඔහුව අඳුනගන්න උත්සාහ කලා.. ඔහුගේ මුහුණේ තිබුනේ සිනහවක්..

" මයිකල්, උඹ හුඟක් වයසට ගිහින්.."

" දෙවියනේ.. ස්ටෙෆාන්, උඹ?"

මම ස්ටෙෆාන් දිහා බලාගෙන හිටියේ හොල්මනක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමකින්.. ඔවු, ඒ ස්‍ටෙෆාන්මයි.. ඒත් මේ හොල්මනක් නෙමෙයි.. ඔහු හොදින් වෙනදා සුපුරුදු සිනහවෙන්ම මං දිහා බලාගෙන හිටියා.. මම සතුටු වෙන්නද, පුදුම වෙන්නද කියන දෙගිඬියාවෙන් ඔහු දිහා බලාගෙන ඉද්දී කටුක අතීතත් එක්ක මට ස්ටෙෆාන් ගැන ආවේ තරහවක්..

" උඹ මෙච්චර දවසක් කොහෙද හිටියේ? උඹට මොකද උනේ?"

කේන්තිය හන්දම මම ස්ටෙෆාන්ගේ කෝට් එකේ කොලර් එකෙන් තදින් අල්ල ගත්තේ ආයෙම වතාවකට ඔහුට මගෙන් ඈතට යන්න ඉඩ නොදෙන්න හිතාගෙන.. මම කොච්චර කේන්තියෙන් කෑ ගැහුවත් ස්ටෙෆාන්ගේ මුහුණේ තිබුනේ පරණ පුරුදු හිනාවම විතරයි..

" යාළුවා, අපි හෙමීට කතා කරමු.. ඒ හැම දෙයක්ම කියන්න තමයි මම අද උඹට එන්න කිවුවේ.."

" මොනවද? කියපං මට.. මට හැම දෙයක්ම දැන ගන්න ඕන.."

" අපි ඉස්සෙල්ලම හොද වයින් ටිකක් බීලා ඉමු.. තාම මේ රාත්‍රිය පටන් ගත්තා විතරනේ.."

ස්ටෙෆාන් සැහැල්ලුවෙන් කතා කරද්දී මගේ හිතේ තිබුන කේන්තිය තවත් වැඩි වුනා.. අවුරුදු හතලිහක කටුක අතීතයක් ආයෙම ඇස් ලගට ආව මිනිහෙක්ට ඒ වගේ සැහැල්ලුවෙන් හැසිරෙන්න බෑ.. මට දැනුනේ අන්න ඒ වියරුව..

" ස්ටෙෆාන්, කතාකරපං.. එදා රෑ මොකද උනේ?"

ස්ටෙෆාන් මට ලං කරපු වයින් වීදුරුව ගන්නවත් ඕන කමක් මට තිබුනේ නැහැ.. මම බලාගෙන හිටියේ ඔහු කතා කරනකන්..

" මම හැම දෙයක්ම කියන්නම් මිත්‍රයා.. හැම දෙයක්ම මුල ඉදන් කියන්නම්.."

ඔහු සැහැල්ලුවෙන් ආලින්දය දිගේ ඇවිදන් යද්දී මාත් ඔහුව අනුගමනය කලා.. ටික දුරක් ඇවිත් ස්ටෙෆාන් නතර වුනේ ඒ අඳුරු කාමරය ලග.. තාමත් එතන හුඟක් දේවල් වල කිසිම වෙනසක් වෙලා නෑ කියලා බැළු බැල්මටම කියන්න පුළුවන්.. මම බැළුවේ ස්ටෙෆාන් දිහා.. ඒ මට දැනගන්න ඕන කරන දේ ඔහුගෙම වචන වලින් පිට වෙනකන්..

" එදා මේ මන්දිරයට එනකන් හැම දෙයක්ම උඹට මතක ඇති.. මම හිතන්නේ නෑ ඒක එහෙම ලේසියෙන් අමතක වෙන මතකයක් කියලා.. ඒ හැම දෙයක්ම උඹ දන්නවා වුනත් නොදන්න තව එක කාරණාවක්  තියෙනවා.."

" ඒ මොකද්ද?"

" ඒ හැම දෙයක්ම මම කලේ සැළසුමක් ඇතුව.."

" ඒ කියන්නේ අපි මේ මන්දිරයට ආව එකවත්, මේක ඇතුලේ විනෝද වුන එක එකවත්, කැමීලියාගේ මරණයවත් අහම්බයක් නෙමෙයි කියන එකද?"

" ඔවු උඹ හරි.."

ස්ටෙෆාන් ගැන තිබුන වෛරය මොහොතින් මොහොත වැඩි වෙන්න ඒ වචන ටිකම හොදටම ඇති.. ඒත් මම අහන් හිටියා.. ඔහුගේ කතාව ඉවර වෙනකන්..

" එදා අපි හැමෝම බීර වලින් මත් වෙලා හිටියත් මම හිටියේ හොද සිහියෙන්.. මට ඕන වුනේ මම සැළසුම් කරපු තැනට එන්න විතරයි.. මම එතනදී සාර්ථක වුනා.. උඹත් ජෝර්ජියත් හිටියේ හැඟීම් වලට වහල් වෙලා.. ඒක මගේ වැඩ වලට මම බලාපොරොත්තුම වුන දෙයක්.. උඹ හිතනවද මේ මන්දිරේ දොර එදා අහම්බෙන් ඇරුනා කියලා.. නැහැ.. ඒක කලින් ඉදන්ම ඇරලයි තිබුනේ.. උඹලා වෙන් වුනාට පස්සේ මාත් කැමීලියත් ආවේ මේ කාමරයට.. කැමීලියා හිටියේ ආදරෙන් මත් වෙලා.. ඒත් මම එහෙම නෙමෙයි.. මම බලාගෙන හිටියේ මගේ අවස්ථාව එනකන් විතරයි.. පළවෙනි වතාවෙදි මගේ උත්සාහය අසාර්ථක වුනා.. කැමීලියගේ කෑ ගැහිල්ල හන්දා උඹලා එතනට ඇවිත් මගේ සැලැස්ම අවුල් කරපු එක විතරයි වුනේ.. ඊට පස්සේ මට ගන්න තිබුන එකම සැලැස්මට මම ගියා.."

" එතකොට ඒ මහළු මුහුණක් දාගෙන හිටියේ උඹ.."

" ඔවු.."

"ඒත් උඹ ඇයි එහෙම කලේ?"

" උඹට මතකද ඇලීසව.. ඒ වෙද්දී මම ඇලීසට ආදරේ කරන්න පටන්
අරන් තිබුනේ.. ඇත්තටම ඒක බැදීමක් නෙමෙයි.. මට ඕන වුනේ සල්ලි.. උඹ දන්නවා ඒ දවස් වල මගේ ජීවිතය.. මේ මන්දිරය දවසක ඇලිසට අයිති වෙන්න තියෙන එකක් කියලා මම අහම්බෙන් වගේ දැන ගත්තා.. ඊට පස්සේ මම ඇලිසට ආදරේ කලා.. මම හිතුවේ මට කැමීලියාගෙන් ලේසියෙන් ඈත් වෙන්න පුළුවන් කියලා.. ඒත්, ඒක මම හිතපු විදිහට වුනේ නෑ.. කැමීලියට ඕන වුනේ මගේ වෙලා ඉන්න.. ඉතින් ටික දවසකට මට ඒ රඟපෑම කරන්න වුනා.."

" උඹ මේ කරපු දේවල් ගැන ඇලීසා දන්නවද?"

" ඔවු, ඇලීසා හිතුවේ මම ඇත්තටම එයාට ආදරේ කරනවා කියලා.. ඒ හන්දා ඇලීසා මට හැම දේකටම උදවුකලා.. එදා මේ මන්දිරේ අපි ඇරෙන්න ඇලිසත් හිටියා.."

" උඹ කැමීලියව මැරුවා.. ඒත් මේ අවුරුදු හතලිහම උඹත් මරුණ එකෙක් ගානට හිටියේ ඇයි?"

" ඒක තමයි මට තිබුන එකම ගැලවීම.. කැමීලියට වුන දේ උඹලා දැක්කා.. මටත් ඒ දේම වෙන්න ඇති කියලා උඹලා හිතුවා.. ඒක තමයි මට තිබුන එකම වාසිය.. ඇලීසා සම්පූර්ණයෙන්ම මාව වෙනස් කලා.. පහුගිය අවුරුදු හතලිහටම මම ස්ටෙෆාන් නෙමෙයි විලියම් විදිහටයි ජීවත් වුනේ.."

" උඹ දන්නවද, මේ සිද්දිය හන්දා අපි කොච්චර දුක් වින්දද කියලා.. මානසිකව වැටුනද කියලා.. අපිව කී දෙනෙක් සැක කලාද කියලා.. ඒ ඔක්කොම උඹ මේ විදිහට හදිස්සියෙන් ඇවිල්ලා කියන කතාවකින් අමතක කරන්න පුළුවන් වෙයි කියලා උඹ හිතනවද? මෙච්චර කාලෙකට පස්සේ ඇයි උඹට මට මේ දේවල් කියන්න හිතුනේ.."

" ඇලීසා හරියටම සතියකට කලින් මැරුණා.."

" අහ්, එහෙනම් උඹ බලාපොරොත්තු වුන දේ උඹට ලැබිලා.. මේ මන්දිරෙත් දැන් එහෙනම් උඹගේ.."

ස්ටෙෆාන්ගේ මුහුණේ තිබුනේ කළකිරුණ හැඟීමක්.. කාමරයේ හෙමිහිට ඔහු ඇවිද ගියේ ඒ අතර තිබුන දේවල් දිහා බොහොම ඕන කමින් බලන ගමන්..

" නැහැ මයිකල්, උඹ වැරදියි.. ඒ හැම දේකම කාලකණ්නි මතකය මට වද දෙන්න ගත්තේ මම ඇලිසා එක්ක මෙහේ පදිංචියට ඇවිත් වැඩි කාලයක් යන්න කලින්ම.. කැමීලියා මේ හැම තැනකම ඉන්නවා.. අදටත් මේ දැන් වුනත් ඒ බාගෙට  ලෙයින් නැහැවුන මූණ මං දිහා බලාගෙන ඉන්නවා.. අපිට ඕනම දේකින් පැනලා යන්න පුළුවන්, ඒත් මේ ජීවිතෙන් පැනලා යන්න බෑ මගේ මිත්‍රයා.. මගේ ඉරණමත් කොයි වෙලාවෙම හරි විසදෙයි කියලා මට දැනෙනවා.. ඊට කලින් මට ඕන වුනේ උඹට හැමදේම කියලා නිදහස් වෙන්න විතරයි.."

එක මොහොතකට  ස්ටෙෆාන්ට වෛර කරනවද නැද්ද කියන දේ ගැන මට හිතා ගන්න බැරි වුනා.. ඔහුගේ මුහුණේ තිබුනේ පසුතැවිල්ලක්.. ජීවිතේ අපිට හැංගෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.. එතනින් එහාට කොච්චර දිවුවත් වැඩක් නෑ.. මම ස්ටෙෆාන්ව මොහොතකට වැළද ගත්තා.. ඒ පරණ මිතුදමින් නෙමෙයි.. එක මොහොතක සැනසීමකට..

නිමි..





83 comments:

  1. ඉඩ වෙන් කර ගත්තා පස්සෙ ඇවිත් කියවනවා ..... ;)))

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් කියලා හිතෙනවා ඒ තරම් භාෂාව වෙනස්ම රහක් ගෙනාවේ,කතාව රහයි කියන්නෙ අයේ මොනවා කියන්න ද මන්දා ,දිග වුණත් කියෙව්වා ,ඒ තරම් රහයි ,කලේකින් හොද කතාවක් කියෙව්වා ....

      Delete
    2. මේක පරිවර්ථනයක් නෙමෙයි මචං.. මගේ භාෂා රටාව ඉතින් මේක තමයි.. ටිකක් දිග වැඩි වුනත් එහෙමම දැම්මා.. මොකද නැත්නම් කෑලි කඩලා බැනුම් අහන්නන වෙන්නේ..

      Delete
    3. අහ්, අමතක වුනා.. ඉඩ වෙන්කරන් ආයෙම ඇවිත් කියවපු එක ගැන සතුටුයි..

      Delete
    4. හරිම රසවත් දිනේෂ්. දිග වුණාට එකපාරට ලියපු එක හොඳයි, මන් ගොඩක් රසවින්දා කතාව, ඒ වගේම ඔයාගේ මේ භශා විලාශයට මං ගොඩක් කැමති

      Delete
    5. දෙකට කඩලා කලිනුත් බැනුම් අහලා තියෙන හන්දා අයි කැඩිලි නෑ.. තැන්කිවු තැන්කිවු අපූර්වී..

      Delete
    6. පරිවර්තනයක් වගේම තමා... හොඳයි..

      Delete
    7. මේ මං කලින් වෙන් කර ගත්ත තැන මොකෝ දෙන්නෙක් මේ එල්ලිලා යන්නෙ ..
      දිනේෂ් කතා කියවන්න අනිවා එනවා දැන් එපා කිව්වත්

      Delete
    8. සඳු, මාව දන්න කියන කෙනා වෙලත් මෙහෙම කමෙන්ට් එකක් දාලා ගිය එක ගැන මගෙ කණගාටුව.. මෙක ඉතින් පරිවර්ථන ආර වෙන හන්දම හැමොම පරිවර්ථනයක් වගේ කියලා හිතන එක ඉතින් පුදුමෙකුත් නෙමෙයි එක අතකට බලන් යද්දී..

      Delete
    9. සහෝ, එපා කියන්න පිස්සුවක් ඇතෑ බං.. ඕන වෙලාවක මේ පැත්තේ දොරවක් ඇරලා..

      හෙහ්, ගනන් ගන්න එපා බං..

      Delete
    10. මෙහෙම කරන්න.

      ඉතාලියානු ලේඛක Dennisu Magiliyan ගේ Giorno dal passato නම් කෙටිකතාවේ පරිවර්තනයකි කියලා මේක
      පල කරලා බලන්න.

      Delete
    11. කතාවේ නම කෝම වුනත් මට දුන්න නම තමයි මරු.. කිවුවත් වගේ පොඩි ට්‍රයි එක්ක දිලා බලන්න ඕන මොකද වෙන්නේ කියලා..

      Delete
    12. කතාව ලස්සනයි දිනේෂ්,

      ඒ වගේ ම ඔබේ භාෂා විලාෂය ගැන කතා කරපු නිසා මෙතනින් සෙට් වෙන්න හිතුවා. ඇත්තට ම ඔබට ම විශේෂ වුණ විලාසයක් මේ රචනා තුළින් පේනවා. ඒක ඔබේ අනන්‍යතාවය. ඔබ භාවිතා කරන කතා කරන භාෂාවෙන් ම ලිවීම අපිට බොහොම සමීප බවක් ඇති කරවනවා. ඒක කියවන්නත් ආස හිතෙන ක්‍රමයක්.....

      ආයෙමත් කියන්න ඕනේ කතාව හොදයි. දිග වැඩිත් නෑ. එක දිගට දාපු එකනම් හොදයි. නැත්තම් අනික් කොටස කියවද්දි ආයෙම මේක බලන්න ඕනේ...............

      Delete
    13. තැන්කිවු තැන්කිවු.. මගේ මුල්ම කාලේ ඒවත් ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්න..මීට වැඩිය භාෂාව හුඟක්ම වෙනස් ඒවයේ..

      දිග ඒවා දැන් වැඩිය නොලියා ඉන්නෙත් ඒ හන්දම තමයි.. මොකද ඉතින් මට ලියන්න පරක්කු වුනොත් කියවන්නා අමාරුවේනේ පස්සේ..

      Delete
  2. //බීර වලින් මත් වුන රාත්‍රියකට කාන්තාවන් එකතු වුනාම ඒ රැය රාගික වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ…//

    //අඳුරත්, මදුවිතත්, හීතලත් අපේ හැඟූම් වලට අත වනනවා…//

    ඔයා සමහර දේවල් විස්තර කරන්ට භාෂාව හසුරුවාගන්න විදිය අපූරුයි දිනේශ්.
    ආපහු බටහිර ලේඛයෙක්ගේ රචනා විලාසයක් සිහියට ආවා...:)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු පොඩ්ඩි අක්කේ.. සමහර දේවල් කල්පනා කරලා ලියන වෙලාවල් තියෙනවා.. සමහර දේවල් ඉබේම ලියවෙන වෙලාවලුත් තියෙනවා.. ඒක ඉතින් සුන්දර වෙන්නේ කියවන්නාගේ හිතට දැනෙන විදිහට තමයි ඉතින්..

      Delete
  3. මිනිස්සු හැගීම් එක්ක මොන තරං සෙල්ලං කරනවද මොන තරං භයානක ක්‍රිඩා කරනවද ඒත් අවසානයේ හෘද සාක්ෂිය හරහට හිටිනවා.. දිනේෂ්ගේ කතා වල තියෙන යුරෝපිය උරුව තමා මට කියවීමට ආසාව ගෙනෙන්නේ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දේශා.. අපිට ඕන සෙල්ලමක් කරන්න පුළුවන්.. ඒ අපිට අපිවම අමතක කරලා.. ඒත් ඒකේ සිමාවක් එන දවසකුත් තියෙනවා කියනවනේ ඉතින්..

      Delete
  4. මොන දෙයින් ගැලවෙලා ගියත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් නෑ කියනෙක සත්ත වෙන්නෙ කතාවෙ අවසානෙදි...
    සල්ලි වලට හෘද සාක්ෂිය මිලදී ගන්න බැරි එක නිසා මිසක් මෙලාකටු හුගක් අය සතුටින්...
    මේ වගේ අය විසේසයෙන්ම..

    පට්ට දිනේෂ් අය්යෙ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් මිනිස්සු මීට වඩා වැරදි කරාවි.. හුඟක් දේවල් වල සීමාවක් නැති වේවි.. ඒත් වාසනාවකට වගේ හෘද සාක්ෂියක් හැමදේම අතරට එන්නේ..

      තැන්කුවු වේවා..

      Delete
  5. මුදල වෙනුවෙන් මිනිස්සු වෙලාවකට නොකරන දෙ‍යක් තියෙනවද? ඒත් අවසානෙයේ මොක කලත් තමන්ගෙ හෘදය සාක්ෂිය නැඟී සිටින දාට ඔක්කොටම වන්දි ගෙවනවා.

    කතාව අදත් පට්ට බං.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හරි අමුතුයි මචං.. ඒක තේරුම් ගන්න අපිට හුඟක් අමාරුයි..

      Delete
  6. මොන දෙයින් ගැලවෙලා ගියත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා මලයා..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මේ ඒක තමයි.. පොඩි ජවනිකා ටිකක් තමා දැක්කේ.. ඉතුරු කතාවම ඒකට අතින් දාලා ගැලපුවා.. අන්තිමට කතාව ඉතින් ඔන්න ඔහොමලු.. ඇයි හොද නැද්ද?

      Delete
  8. දිනේෂ්ගේ කතාවල තියෙන බටහිර ඌරුව ගැන මම ආපහු සඳහන් කරන්න ඕනේ නෑ, මේ කතාවල ගුප්ත මූසල ස්වභාවය වචන වලින් මවන ආකාරය විශ්මය ජනකයි. ... //""අපිට ඕනම දේකින් පැනලා යන්න පුළුවන්, ඒත් මේ ජීවිතෙන් පැනලා යන්න බෑ""// ඔව් කවදාවත් හර්ද සාක්ෂියෙන් පැනලා යන්න බෑ

    ReplyDelete
    Replies
    1. හැම දේකින්ම හැංගෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.. ඒත් ඒවා අමතක කරලා පැනලා යන එක ලේසි නෑ..

      ඇත්තටම ගුප්ත බවට මම කැමති.. ඒක මම දැන් ඉන්න හුදෙකලාව එක්ක එන දෙයක්ද මන්දා..

      Delete
  9. බටහිර කතාවක පරිවර්තනයක් කියවනවා කියලමයි හිතුනේ. මේ ආරට කතා ලියන්නට දිනේෂ් හරිම රුසියෙක්. හැම සිද්ධියක්ම ලියලා තියෙන්නේ මනසේ සිත්තම් වෙන ආකාරයටමයි. නියමයි දිනේෂ් නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලීන් අයියේ.. කතාව ඇතුලේ පොඩ්ඩකට හරි ජීවත් වෙන්න පුළුවන් වුනානම් ඒ ගැන ඇත්තටම මම සතුටුයි.. දැන් ඉතින් මේ ස්ටැයිල් එකට මම ඉබේම වගේ හුරු වෙලා නලීන් අයියේ..

      Delete
    2. නලියාගේ කොමෙන්ට් හැමතැනම තියෙනවා කාලෙකට පස්සේ දකිනකොට ඊට වඩා සතුටුයි

      Delete
    3. සිරාවට බං.. නලියා ඉතින් බිසී මනුස්සයා වෙච්ච එකේ මෙහෙම දකින එකම සෑහෙන සතුටක්.. මාත් දැක්කා ඊයේ පෙරෙදා හැම තැනම නලින් අයියා ඉන්නවා..

      Delete
    4. Naleen Dilruksha
      .ඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා

      ඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...

      Delete
    5. muuta12, මේක ඔබ කොතනක මොන වගේ සංවාදයකින් උපුටලා ගත්තද කියලා මම හරියටම දන්නේ නෑ.. නමුත් නලීන් අයියා මේ වගේ දෙවල් කියන්නේ හුඟක්ම හිතවත් කෙනෙක්ට විතරයි කියලා නම් මම දන්නවා..

      Delete
  10. කාලෙක දිනේශ් මල්ලිගේ කතා කියවන නිසාම දන්නවා බටහිර ආරට කතා ලිව්වහම ඉතාම ලේසියෙන් ගුප්ත බව මිද්‍ර කරන්ඩ පුලුවන්. සිංහල ක්‍රමයට ලියනකොට ඒකට ලොකු ආයාසයක් ගන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. බටහිර ආරට ලියන එක ගැන මධු අයියා මේ හොදයි කියලා කිවුවමද කොහේද අෆ්ෆා.. නැත්නම් හැමදාම කොක්කක් දානවමනේ මට..

      Delete
    2. අපොයි.. කොක්ක දැම්මේ නෑ මලේ... අදහස් කිව්වේ. තුන් හිතකවත් අහිතක් නෑ මගේ.. :)

      Delete
    3. දන්නවා දන්නවා මධු අයියේ.. මම මේ විහිළුවට කිවුවේ.. අනික ඉතින් මාව එදා ඉදන්ම කියවන කෙනා ඔයා වෙච්ච එකේ එහෙම කොක්කක් දැම්මා වුනත් මගේ කිසි අවුලක් නෑ..

      Delete
  11. සල්ලි වෙනුවන් මිනිස්සු නොකරන දෙයක් නැහැ.කොයි තරම් ලැබුණත් සැහෙන්නෙත් නැහැ.
    එහෙම සල්ලි ඇති කියලා සැහිච්ච දවසට තමන් ඒ සල්ලි හොයපු විදිය සාධරණ නැතිනම් හිතට සැනසීමකුත් නැහැ.

    මට නම් ස්ටෙෆාන් හිගන්නෙක් බං.

    ReplyDelete
    Replies
    1. අද ජීවත් වෙන හුඟක් දෙනෙක්කට අනාගතේ ඔය දේ සිද්දවෙනවා.. එදාට ඉතින් පසුතැවිල්ලක් විතරයි ඉතුරු..

      ස්ටෙෆාන්ගේ පසුතැවිල්ලෙම ඔහු හිඟන්නෙක් කියලා කියවෙනවා..

      Delete
  12. කතාව ලස්සනයි, දිනේෂ්. නොදන්නා කෙනෙකුට මේක කෙටිකතාවක පරිවර්තනයක්. ඔයා දක්ෂ ලේඛකයෙක් . මං තමා බලලා තියෙන්නේ ඔයාගේ කෙටි කතා විතරයි. මිට වඩා දෙයක් ඔයාට , ලෝකය වෙනුවෙන් කරන්න පුළුවන්. සුපිරි ඝනයේ ලේඛනයක් ඔයාට තියනවා..

    යන්න පුළුවන් දුරක යන්න, ඔයා ඔයාගේ නිර්මාණ එක්ක. පොතක් කරන්න. ඔයාට අවස්ථාව තියනවා. ප්‍රබුද්ධ මට්ටමේ කෙනෙක් බව මතක තියා ගන්න.

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි අගය කිරීමට.. කලින් පෝස්ට් එකේ ලියපු එක නෙමෙයි මගේ ලිවිමේ ආර කියලා පොඩි සත්තමක් දාලා තියෙද්දීම මේ කියන්න යන අදහස මම ටිකක් තේරුම් ගත්තා.. බොහොම ස්තූතියි නිහිංසා..

      Delete
    2. ඇයිද දන්නවද එහෙම කලේ, ඔයාගේ ලිවීමේ ආර තමා මේ...... මේක සාර්ථකයි. කලින් එක වෙනත් style එකක් , ඔයාට ගැලපෙන්නේ හා දක්ෂතාවය මතුවෙන්නේ මේ වගේ නිර්මාණ වලින්. කලින් ඒක විතරයි, මට ඇල්ලුවේ නැත්තේ අනිත් නිර්මාණ හොදයි. වස්තුබීජ විවිධයි. මං ඔයාගේ නිර්මාණ කියවන්නේ අසාවෙන්, රස විදින්න. මේක තමා මං අසා style එක කෙටි කතා වල. දිනේෂ්

      Delete
    3. කලින් එක ඉතින් ඇත්ත කතාවක් සහ මෙහේ සිද්ද වුන පිස්සු වැඩක්නේ.. සමහර විට ඉතින් ඒ වෙන සමහර දේවල් වලට හැමෝම ආස නැතුව ඇති.. ඒක ඉතින් සාමාන්‍යක්.. කොහොමත් ඉතින් ඒකට ලැබුන ප්‍රතිචාරයි කියපු ගානයි දැක්කම ඔය කියපු කාරණාවම මටත් නිකමටම හිතුනා.. අපි බලමු ඉස්සරහට..

      Delete
  13. කතාව දකිනකොටම තේරුනා දිනේෂ් වෙනද වගේම විශිෂ්ඨ කතාවක් ලියල ඇතිබව. ඒ නිසාම පෝස්ට් එක උදේම දැක්කත් වැඩ වලින් නිදහස් වෙලා හොඳට මේක කියවන්න පුලුවන් වෙලාවක් හිටිය. ඔන්න දැනුයි කියවල ඉවර උනේ. මචං කියන්න දෙයක් හිතාගන්න බෑ. පට්ටම පට්ට. සුපර්බ්. වචන නෑ කියන්න.

    මචං දිනේෂ්, මං මේ බොක්කෙන්ම කියන්නෙ. මේ කෙටිකතා ඉතාම විශිෂ්ඨයි. මේ වගේ බොක්කටම වැදුනු කතා මං මීට කලින් කියවල තියෙනවානම් ඒ චන්දන මෙන්ඩිස්ගෙ පොත් වලින් විතරයි.ආ..ආයෙ මේවගේ කතා කියෙව්වා අර ලසිත් රවීන් උමගිලිය කියල ලේඛකයෙක් ලියන කතාවලින්. මං උඹේ බ්ලොග් එකට ආව මුල් දවස් වල උඹෙන් ඇහුවෙ උඹත් උමගිලිය නිසා ඒ උමගිලිය සහෝදරයෙක්ද කියල. මතකකද.

    ඒක නෙවෙයි මං මේ කියන්න ආවෙ මේ කෙටිකතා ටික එකතුකරල පොතක් විදියට එළිදක්වවුවොත් නරකද? මං කියන්නෙ කොහොමහරි කරපං මචං.

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන්න සෑහෙන්න වචන ටිකක් මනෝෂ් උඹ කියලා තියෙන්නේ.. සෑහෙන්න සතුටුයි..

      චන්දන මෙන්ඩිස් ගැන කිවුවම මතක් වුනේ, පුළුවන් වෙලාවක මම ඔය කලින් ලියලා තියෙන වර්ණ රටා අස්සේ තියෙන "එරිකෝ හන්ටර්" කියවලා බලන්න.. ඒක දැන් කාලෙකින් නොලිවුවේ කෘතියක් කරන්න හිතේ අදහසක් තියෙන හන්දා..

      දැනටමත් කලින් ලියපු කෙටි කතා ටිකක් එකතු කරන් පොතක් කරන වැඩේට අත ගහලයි තියෙන්නේ.. අවංකවම කියනවනම් ප්‍රකාශකයෙක් හොයනවා මේ දවස් වල.. ඉතින් අපි බලමු.. වාසනා ගුණයක් තිබුනොතින්..

      Delete
    2. එළකිරි මචෝ.. ඇත්තටම පට්ට සතුටුයි. එහෙම තමා වෙන්නෝනි. අතගහපු වැඩේට හදවතින්ම සුබපතනවා. ඉතින් මචං නරකද ටිකක් අමාරු උනත් කතෲ ප්‍රකාශනයක් විදියටම ගේන එක?
      ප්‍රකාශකයන් කිව්වම ඉතින් මං දන්න විදියට ඔය දයාවංශ ජයකොඩි, සූරිය වගේ ප්‍රකාශකයො අලුත් ලේඛකයන්ට සෑහෙන්න උදවු කරනව කියල මං අහල තියෙනවා. කතාකරල නිකමට වගේ අහල බැලුවෙ නැත්ද මචං?

      Delete
    3. මම හුඟක් තැන් වලට ඊමේල් දාලා තියෙන්නේ.. මොකද ඉතින් ගිහින් මුණගැහිලා කතා කරන්න මම ලංකාවේ නැහැනේ.. ඒ හන්දමද මන්දා ඉතින් ටිකක් වැඩෙත් ප්‍රමාද වෙන්නෙත්.. අපි බලමුකෝ..

      Delete
  14. සුපිරියි!! ආයේ වෙන වචනයක් කියන්න ඕනේ නෑනේ!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මචං.. ඒ වචනෙත් සෑහෙන්න වටිනව..

      Delete
  15. හැබැයි මේක අර කලින් මන්දිරයක් සම්බන්ද ලේ බොන මිනිහගේ කතාව තරම් කුහුලක් නෑ, කුතුහලයක් ආවා එළඟට මොකද වෙන්නේ කියල කියවද්දී, එත් මට අරදනපත්රයේ කතාව කියවන කොටම තේරුනා මේ අර මැරිච්ච දබලම තමා ඉන්වයිට් කරන්නේ කියලා, එත් කතාව එතනින් ටිකක් විතර එහාට මෙහාට උනා, එත් කතා ඉවර කරගන්න හධිස්සියක් අවාද මන්දා අන්තිම ටිකනන් ඔහී ලියල දාලා වගේ, ඔයිට වඩා හොල්මන් ටිකක් එහෙම කතාව ඇතුලට බැස්සුවා නම් මරේ මාරු ඇ, එත් ඉතින් අයියගේ කතා විලාශය නං මාරු අයි ඒ ගැන කියන්න දෙයක් නෑ, එත් ඔය මන්දිර මානසිකත්වයෙන් මිදෙන්න හෙක් හෙක් , ජය වේවා අය්යේ, එල

    ReplyDelete
    Replies
    1. මලයා, අවංකවම මම බලාපොරොත්තු වුනා ඔය මන්දිර කේස් එක කවුරුම හරි අල්ල ගනියි කියලා.. උඹටම අහුඋනානේ එකත්.. මේකයි කේස් එක.. මම ලිය ලිය හිටියේ 70 කාලේ හිටිය peace walker කෙනෙක්ගේ කතාවක්.. ඒ අස්සට මේක කඩාපාත් වුනේ අහම්බෙන් වගේ.. මම මේකේ ඔය මරණේ කොටසයි, ආයෙම කොල්ලා අනික් කෙනාට හමු වෙන තැනයි අහම්බෙන් වගේ දැක්කේ හීනෙන්.. දැන් ඉතින් අහන්න එපා උඹ මේවද හීනෙන් දකින්නේ කියලා.. ඉතින් මට ඕක ඔළුවෙන් ටිකකට හරි අයින් කරන්න පුළුවන් වුනේ නෑ.. උඹත් හොද ලියන්නෙක් හන්දා ඉතින් ඒ සිටුවේශන් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ඉතින් සිද්ද වුනේ අර දැක්ක සිද්දි ටිකට මම අතින් අනික්වා දලා මේක ලියපු එක.. ටිකක් විතර ඉතින් පරිසරය අර වගේම ආවා.. අනික පොඩ්ඩක් දිග වැඩි වෙන ගතියක් ආවා.. ඒ හන්දම වෙන්න ඇති අන්තිමේ හදිස්සියක් දැනෙන්න ඇත්තේ..

      ඔන්න ඕකයි බං තොරණේ විස්තරේ.. වෙනස්ම කතාවක් ලගදිම දෙන්නම්..

      Delete
    2. එල එල ඔය තියෙන්නේ වැඩේ, හෙක් හෙක් අයියට පේන්නේ පට්ට හීනනේ හෙක් හෙක්, අවුලක් නෑ, ජය වේවා.

      Delete
    3. අනේද කියන්නේ බං.. උණ විකාරෙන් නිදාගත්ත හන්දද කොහෙද..

      Delete
  16. එෆ් බී ලින්ක් එක දැක්ක ගමන් කියෙවුවට කමෙන්ට් කරන්න ලැබුනෙ දැන්. මේ විදියට යුරෝපීය ආරට ලියූ කතා වලට ඉතින් මං කොහොමත් ලයික් නේ. අද කතාවනම් බාගයක් කියවද්දි හිතුන අදත් වැම්පයර් කෙනෙක් ඉන්න හොල්මන් කතාවක්ද කියල. අගභාහයේදි කතාවට දුන්නු twist එක අපූරුයි. ඇත්ත. කාගෙන් ගැලවුනත් අපිට හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හැමදාම එකම දේම ලිවුවම අගයක් නැහැනේ අවුල් නංගී.. පොඩ්ඩක් පරිසරය ඒ වගේම වුනා අකමැත්තෙන් වුනත්.. අවුලක් නෑ අපි මෙහෙම ශේප් වෙමු..

      Delete
  17. මොනා කලත් හෘද සාක්ෂියෙන් ගැලවිමක් නෑ............
    මාස 2කට විතර පස්සේ මේ පැත්තේ එන්න උනේ...කියවන්න ගොඩ වැඩියි තියන.............

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. මේ ටිකේ අඩුවෙන් ලිවුවේ.. ඒ හන්දා කියවන්න මහ ගොඩක් නැතුව ඇති.. අනික දැන් ඉතින් ඔය පරණ එවුවා මොකටද බං..

      Delete
  18. කතා ශෛලිය නං පට්ටයි.වෙන රටක ජීවත් උනා නං මේ වගේ මිනීමරුවො මේ ලොකේ නෑ කියලා හිතෙන්ඩ තිබුණා.ඒත් අපේ රටේ දැං සිද්ද වෙන කේස් දැක්කම මේ වගේ ඒවා සිම්පල් කියලා හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.. ලංකාවේ අයට ඉතින් මීට වඩා එහා ඒවත් සිම්පල්නේ බං..

      Delete
  19. ඒ නියමයි ඉදිකට්ටෝ මට නිකන් පරිවර්තන කතාවක් කියවනවා වගේ දැනුනා ....නිමි වෙනකම් ලිව්ව නිසා බේරුනා නැට්ටම් ඩුෂුම්....තමා......

    ReplyDelete
    Replies
    1. අනේ පල පල.. අපි බය වෙයි.. මෙයා ඉතින් යලට මහට ඇවිත් යනවා..

      Delete
  20. පරිවර්තනයක් කියලා හිතෙන්නේ භාෂා විලාශය නිසා නොවෙයි setting එක (නම් ගම් පරිසරය) නිසයි.

    මලිත්, සේනක, ජයන්ති, කේශිනී වගේ නම් දාලා, ත්‍රී වීල් ගම්න්, වයින් වෙනුවට ඉම්පෝටඩ් විස්කි වගේ දැම්මා නම් මේක ඔරිගිනල් සිංහල කරන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. හුඟක් වෙලාවට ඔය නම් ගම් මේ විදිහට එන්නේ ලියන් යද්දී මට තියෙන පහසුව හන්දමයි අයියේ.. මොකද පරිසර වර්ණනා වලට එහෙම ලේසියි මේ නිතර දකින දේම උපමා වෙද්දී..

      Delete
  21. හිත ගැස්සිලා යන කතා ලියන්න ඔයා දක්ෂයි... නැළවිලා යන කතා ලියන්නත් දක්ෂයි තමයි...

    ඔයා හොඳයි රහස් පරීක්ෂක කතා ලියන්න... ලස්සනයි මල්ලි..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් තරූ අක්කේ.. රහස් පරීක්ෂක එකක් නම් කාලෙකින් ලියන්න උනෙත් නෑ..

      Delete
  22. හ්ම්..හරි ලස්සනයි..පරිවර්තනකයක්දෝ කියල තිබුන දෙගිඩියාව කොමෙන්ටු ටිකත් එක්ක නැතිවෙලා ගියා.ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, මේක ඉතින් පරිවර්ථනයක් නෙවෙයි.. මගේ ඉතින් හුඟක් ඒවා පේන්නේ ඒ විදිහට තමයි හැබැයි..

      Delete
  23. හෘද සාක්ෂික වද දෙනකොට ඒ වේදනාව දරාගන්න අමාරුයි මිත්‍රයා...බොහෝ ලෙඩ රෝග මානසික පීඩාවන් කාලයත් සමග විසදුනාට...හෘද සාක්ෂිය රිද්දනකොට කාලයට ඉඩ දුන්නට වැඩක් නෑ...ඒ නිසා හිතට එකගව වැරදි නොකර ජීවත් වීම තමයි වැදගත්...

    හොද කථාවක් මලයො....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. ඔය හැඟීමෙන් හැංගිලා ජීවත් වෙන්න මිනිස්සුන්ට අමාරුයි..

      Delete
  24. කතාව ලස්සනයි මමත් හිතුවේ එකපාරටම පරිවර්තනයක් කියල ... :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. පරිවර්ථන ආරේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මේක..

      Delete
  25. කතාවනම් වෙනදා වගේම පංකාදු පහයි... මම මගදි හිතුවෙ ආරාධනා කරලා තියෙන්නෙ ස්ටෙෆන්ගෙ හොල්මන කියලා හික්ක්ස්ස් තරු රසී කිව්වා වගේ රහස්පරීක්ෂක කතා ඔයාට නියමෙට ලියන්න පුලුවන් වෙයි.. අර ශර්ලොක් හෝම්ස්ගේ කතා වින්‍යාසයට ටිකක් සමානයි..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හොල්මනෙන් ආරාධනාවක් ආවනම් ඒකෙත් පොඩි ගතියක් තියෙනවනම් තමයි.. හැබැයි ඒ විදිහට ලිවුවනම් මේක එක කොටසින් ඉවර කරන්න වෙන්නේ නෑ.. ඒ හන්දා අපි මෙහෙම යමු..

      Delete
  26. හැමදාම කියනදේ අදත් කියන්නම්. දිනේෂ් පේලියෙන් පේලියට කතාව ගොඩනගන්න රුසියෙක්!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අරූ අයියේ..

      Delete
  27. කතාව හොඳයි දිනේෂ්,ඔයා ලියපු කතාවක් කියල කියවගෙන යද්දී හිතුණා.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු හැලපේ අයියේ..

      Delete
  28. මරු මරු. එන්න පමා උනාට සොරි හොඳේ...දවස් ගානක් ගෙදර හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒකට කමක් නෑ ලොකු.. ඔයා කියෙවුවනම් ඒ ඇති මට..

      Delete
  29. Cmmnt nodemmata aiye mn oyage kathanm kiyawanawa.
    Godaaaaaaaaak lassanai aiye...hema kathawakma harima rasawath...mekath amuthuma kathawak... erico hunter aye liyanna...

    ReplyDelete
    Replies
    1. කවුද මේ කියලා මම කල්පනා කලේ.. කලින් කමෙන්ට් කලාදෝ කියලා මතකයක් නැතත් මාව හොදට කියවලා තියෙනවා කියලනම් විශ්වාසයි.. ගොඩක් ස්තූතියි..

      Delete
  30. Kalin man ano comment dala thiyenawa..man oyawa andunana keneknam neme.. eth me blog eka nisa oyawai madara akkawai hodata dannawa... ow mata oyage blog eka hambune denata awuruddakata withara kalin. Kiyewwa eeeta kalin indan thibba posts okkoma. Hema ekakma lassanai aiye.. oyata lassana liyana style ekak thiyenawa.. wish u all the best aiye..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්