Monday, 5 May 2014

හරිත ලොවට නව ප්‍රවේශයක්



හදිස්සියෙම වගේ ඇහැරෙද්දී වටේම තිබුනේ පට්ට කරුවලක්.. මම ඒත් බැළුවා මොකද කියලා.. මොකද්ද වුනේ, මොකද්ද වෙන්නේ කියලා ඒ තරම් මීටරයක් නැති වුනාට මම ඉන්නේ කරුවලේ කියලා විතරයි මම දන්නේ.. අදුරෙම අත පත ගාගෙන පොඩ්ඩක් ඇවිදින්න බැළුවා.. හොද වෙලාවට වගේ මම ඉන්න තැන ඒ තරම්ම බඩු මුට්ටු නෑ.. මම හිතන විදිහට.. නැත්නම් ඉතින් මෙලහට මම ඒවයේ හැප්පිලා වැටෙන්න ඕන..

යන්තම් කරුවලේම බිතිතියක් වගේ එකක් අහු වුනත් ඒක බ්ත්තියක් නෙමෙයි කියලා මට හොදටම ශුවර්.. මොකද මගේ අතට දැනුනේ සිමෙන්තියක ගතියක් නෙමෙයි.. මම එහෙමම ටිකක් ඇවිදන් ආවා.. ටිකක් දුර එද්දී මම ආව හරියෙන් ඈත මගේ ඉස්සරහින් එළියක් පෙනුනා.. ඒක හරියට බිත්තරයක් වගේ හැඩේ.. පොළවේ ඉදන් රෑ අහස බලද්දී හඳ පේනව වගේ තමයි ඒ එළිය.. මම ඒ දිහාවට ඇවිදගෙන ආවා..

වැඩි දුරක් යන්න කලියෙන්ම මම ඒ එළිය ලගට ආවා.. මට දැනුනා ඒ
වෙනස.. මම හිටපු තැන ගැන කිවුවොත් කවුරුවත්ම විශ්වාස කරන එකක් නෑ.. ඒත් ඒක තමයි ඇත්ත.. මම හිටියේ මහ රූස්ස ගහක බෙනයක.. මම හිතන්නේ ඒක ලොකු "ඕක්" ගහක්.. ඒත් එහෙම කොහොමද වෙන්නේ.. මම කෝකටත් කියලා මගේ ඇග දිහා බැළුවා.. මට නම් ඒකේ වෙනසක් පේන්න නෑ..

මම හිටියේ වෙනද සයිස්  එකෙන්මයි කියලා මට ශුවර්.. ඒත් කොහොමද මම මෙතනට ආවේ.. මම තනියම කල්පනා කලා.. ඒත් කිසිම වැඩක් නෑ.. ඒක නිකන් කාලය නාස්ති කිරීමක් විතරයි.. හිතන එක නවත්තලා මම පොඩ්ඩක් වට පිට බැළුවා.. වටේම හැම තැනකම තිබුනේ ගස් කොලන් විතරයි.. හරියට මහ කැලයක් මැද ඉන්නවා වගේ..

හැබැයි  හැම ගහක්ම එකතු කරලා පාලම් බැදලා.. හැබැයි ඒ ලී වලින් ගහපු වැල් පාලම් නෙමෙයි.. දෙපැත්තේ සුදුයකඩ කණු දාලා සුපිරියටම දාපු පාරවල්.. මම මේ කොහේද ඉන්නේ? මම තනියම කල්පනා කාලා.. කල්පනා කරන එකේ තේරුමක් නෑ කියලා කලිනුත් හිතුන හන්දම මම හිතුවා පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න.. ඔවු, වැල් පාලම් උඩින් ඇවිදින්න..

මට එක පාරම මතක් වුනේ ඒ දවස් වල ආසවෙන් බැළුව Planets of the Apes ෆිල්ම් එක.. මේකත් හරියටම ඒ වගේමයි.. ඒත් එක්කම වගේ හිතට ආවේ බයක්.. ඒ ෆිල්ම් එකේ වගේ නපුරු වානරයෝ හිටියොත් එහෙම.. ඒත් කරන්න දෙයක් නෑ.. ඇවිදලා බලනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ..

මහ ගස් වල අට්ටාල වගේ හදපු ගෙවල්.. හැබැයි ඒවත් තට්ටු තුන හතරේ ඒවා.. හැම විසාල ගස් දෙකක් එකතු කරලම පාලම් බැදලා.. අනික් පොඩි ගස් හැම එකක්ම වගේ තිබුනේ පාලමේ ප්‍රමානෙට යටින්.. පොළවක් නොපෙනන තරම්.. පාලමෙන් එබිලා බිම බැළුවම පේන්නේ පහලින් තියෙන ගස් වල මුදුන් විතරයි.. සත්තූ කෑ ගහන සද්දේ එහෙන් මෙහෙන් ඇහුනත් ඒ මොකෙක්වත් පේන්නේ නෑ.. ඈත පරවියෝ ටිකක් නම් පියාඹනවා පේනවා..

ගෙවල් පේන්න තිබුනට මනුස්සයෙක් පේන්නවත් නෑ.. ගෙදරකට ලං වෙලා බෙල් එක ගහලා බලන්න ඕන කියලා හිතුනත් ඒක ඒ තරම්ම හොද දෙයක් නෙමෙයි කියල හිතට බයක් ආව හන්දම මම එහෙම කලේ නෑ.. මම කලේ ඇවිදන් එන එක.. මම හිතන්නේ මම ඒ විදිහට ටික දුරක් ඇවිදන් එන්න ඇති.. දැන් නම් මටත් මහන්සියි..

මම හිටිය පාලම කෙලවරේ එක පාරම මම චායාවක් දැකලා මම එහෙමම නතර වුනා.. බොරු කියන්නේ මොකටද, හිත හොදටම ගැහෙනවා.. මට බය අර ෆිල්ම් එකේ වගේ වානරයෙක්වත් එයිද කියලා.. එහෙම වුනොත් කාට කියන්නද ඉතින්.. බයත් හිතේ තියාගෙනම මම ටිකක් හෝදිසියෙන් ඒ දිහා බැළුවා.. තාම ඒ චායාව මට පේන්නේ ඒ විදිහටමයි.. ටිකෙන් ටික මම ඉන්න පැත්තට එනවා කියලා පෙනුනත් හරියට පැහැදිළි නෑ.. මගේ හිතේ මට දුර පේනවා අඩුද කොහෙද..

" මොකද ඔතනට වෙලා කරන්නේ?"

ඈත තියාම ඒ චායාව අයිති කෙනා මට කතා කලා.. මේ භාශාවම කතා කලා වුනත් එක පාරම ඒ මනුස්සයෙක් කියලා හිතන්න හොද නෑ.. මොකද අර ෆිල්ම් එකේ වානරයොත් කතා කලානේ..

" ඔය කවුද? "

මම ඇහුවා.. ඒ ටිකක් අවිස්වාසෙන්.. මට උත්තරයක් හම්බුනේ නෑ.. ඒ වෙනුවට ඒ කෙනා මම ඉන්න දිහාවට ඇවිදන් ආවා.. ටිකෙන් ටික ඒ චායාව පැහැදිළි වෙලා ටිකක් වයසක පෙනුමක් තිබ්බ පොලිස් කාරයෙක් මං ඉන්න දිහාවට ආවා.. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..

" තමුන් කවුද?"

" මම දිනේෂ්.." පොලිස් කාරයා මගේ දිහා බලාගෙන හිටියා

" මම මේ කොහෙද ඉන්නේ?"  මම පොලිස් කාරයගෙන් ඇහුවා..

" රෝම් වල.."

රෝම් වල? ඒත් එහෙම වෙන්නේ කොහොමද.. මම වටපිට බැළුවා.. වෙන්න බෑ.. මම රෝමේ ඕන හැටිය ඇවිදලා තියෙනවා.. දැන් මේ තියෙන්නේ ගස් වැවිච්ච කැලෑවක් ව්තරයි..

" වෙන්න බෑ.. මට විහිළු කරන්න එපා.."

" විහිළු? හා මේ බලනවා.."

පොලිස් කාරයා අතේ තිබුන සැම්සුන් ගැලැක්සියෙන් මට මැප් එක පෙන්නුවා.. ඔවු, මම ඉන්නේ රෝමේ තමයි.. ඒත් මෙහෙම වුනේ කොහොමද.. මම කල්පනා කලා..

" මේ වෙලාවට මේ පැත්තේ ඉන්න තහනම්.. ඒ හන්දා අපි නගරයට යමු.."

නගරයට? හ්ම්ම්.. මම හිතුවා හරි.. මම මේ ඉන්නේ කැලෑවක තමයි.. මම කොහොම මේ වගේ ප්ලේස් එකකට ආවද මන්දා.. ඒත් ඒ ගැන හිතන්
න තරම් වෙලාවක් නෑ.. ඒ හන්දා මම පොලිස් කාරයා එක්කම ඇවිදන් ආවා.. ටිකක් දුර ඇවිදන් එද්දී එක්කෙනා දෙන්න මිනිස්සු අපිට හම්බුනා.. ඒත් එක දේක කිසිම වෙනසක් නෑ.. මම තාමත් ඇවිදින්නේ ගස් අතරේ බැදපු පාලම් වල..

පොලිස් කාරයා කිවුව නගරය කියන හරියට ආවත් මම දැක්කේ මහ රූස්ස ගස් විතරයි.. වැල් පාලම් හැම එකක්ම එක්ක මුළු නගරයම හරියට ගස් උඩ හදපු අට්ටලයක් වගේ.. මම පුදුමෙන් වගේ ඒ මේ අත බැළුවා..

" මේ මොන අවුරුද්දද?" මම හිතේ තිබුන සැකයට ඇහුවා..

" 2050.."

" ඇයි මේ හැම දෙයක්ම ගස් උඩ.. මොකද වුනේ?"

පොලිස් කාරයා මං දිහා බැළුවේ සාක්කි අහද්දී අමතක වුන පාට් එකක් දාන වැරදිකාරයෙක් දිහා බලනවා වගේ බැල්මකින්.. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ.. ඒත් වෙන කරන්න දේකුත් නෑ.. මම පොලිස්කාරයා හම්බුවෙනකන් වෙච්ච දේවල් ටික කිවුවා..

" එහෙනම් තමුන් අර කෝමා හැදුන ලෙඩ්ඩු දාලා හිටිය ගස් බෙනේ ඉන්න ඇත්තේ.."

" මොකක්?"

" මෙහේ හැමදේම වෙන්නේ ගස් වල තමයි.."

" ඒත් මට අන්තිමට මතක හැමදෙයක්ම මේ විදිහට නෙමෙයි නේ.."

" පොඩ්ඩක් ඉන්නවකෝ.."

පොලිස්කාරයා ෆෝන් එකේ මොනවද හොයන්න ගත්තා.. මම තාමත් පුදුමෙන්.. මම ඒ දිහා බලාගෙන හිටියා..

" අහ්, මේක කියවනවා.."

ෆෝන් එකේ වෙබ්පේජ් එකක් ඕපන් කරපු පොලිස්කාරයා ඒක මට පෙන්නුවා.. මමත් කුතුහලයෙන් ඒක බැලුවා..

If You Watch 100 Porn Videos, Pornhub Will Plant a Tree

මගේ ඇස් එක පාරම උඩ ගියා.. මේ මොන කුණුහරපයක්ද.. හැබැයි මට ලාවට වගේ මෙහෙම දෙයක් මතකයි..

" මේ මොකද්ද?" මම ඇහුවා..

" පරිසරය රකින්න කියලා ඔය වෙබ්සයිට් එකෙන් කරපු වැඩක්නේ.."

" ඉතින්?"

" ඉතින් කියන්නේ බලන හැම වීඩියෝ 100ටම ගස් හිටෙවුවම අන්තිමට මුළු ලෝකෙටම වුනේ මේක තමයි.. දැන් අපි ඉන්නේ ගස් උඩ.."

..............................................

ට්‍රීං ට්‍රීං ට්‍රීං

" හලෝ.."
" ඒ බබා නැගිටිනෝ වැඩට යන්න වෙලාව හරි.."

...............................................

විශේෂයි : බුකියේ ඉද්දී අහම්බෙන් දැක්ක එකක් මේක.. ඔන්න දැක්කේ නැති කට්ටියටත් බලන්නත් එක්කම..



Arbor Day 2014 has come and gone, but Pornhub is still offering users a way to make greener use of their, um, private moments.

In the week following Arbor Day, which fell on April 25, the porn site will plant one tree for every 100 videos watched in their "Big Dick" category. The campaign is cheekily titled "Pornhub Gives America Wood". 

According to a counter listed on the campaign's safe-for-work website, more than 11,000 trees will be planted.

"At Pornhub, we give a countless amount of wood every day," Pornhub communications representative Mike Williams told Mashable. "Playing off that, we saw an opportunity to promote our brand and give back to the community." Williams referenced a fundraiser in 2012 for Breast Cancer Awareness Month, when the company donated funds based on clicks in several of their breast-related categories.

Pornhub will choose one of three potential tree-planting organizations to help carry out their campaign: Arbor Day Foundation, Trees for the Future or American Forests. The type of trees, as well as where they will find their final homes, will depend on which organization Pornhub chooses, as each group plants trees indigenous to certain areas of the country. 

Users will have until midnight on May 2 to power through as many videos in the specified category as possible. After that, Pornhub will finalize an agreement with a tree-planting organization and begin planting.

"Whatever the species, our trees will grow up to be long and hard and, with any luck, they will go on to spread seed of their own," Williams said.


අති විශේෂයි : මෙහෙම දේකටවත් දායක වෙන්න බැරිනම් ඉතින් ඇති වැඩේ මොකද්ද?? හා නැද්ද මම අහන්නේ? 






52 comments:

  1. එළම එලකිරි ..කිතුල් පැණි එක්ක

    ReplyDelete
    Replies
    1. එහෙනම් රහට ඇති.. ;)

      Delete
  2. 2050 දීත් සැම්සුන් ගැලැක්සියම තිබ්බ එක තමා අවුල්.. හැක්...

    ReplyDelete
    Replies
    1. උණුසුම් සුභ පැතුම් 250k +

      Delete
    2. මටත් පොල්ලෙන් ගහන්න වගේඕකමනෙ මතක් වුනේ... හැක්

      Delete
    3. ගැලැක්සි S100 ඇයි අවුල්ද?

      Delete
    4. අවුල් නේන්නං... වෙන මොකක් හරි හිතන්න එපායැ.. හරියට “තම අත රැදි මයිකෝ සැටලයිට් විෂන් එකෙන්“ වගේ..

      Delete
    5. දේශකයා, සැම්සුන් එකම තමා ගැලපෙන්නේ.. දැන් එන්න එන්න ආයි ෆෝන් ලොකු වෙන්වා මිස මයික්‍රෝ වෙන්නේ නෑ.. ඒ හන්දා ඒක හොදා.. ^_^

      Delete
    6. මහේෂ්, මිනිස්සු ගස් උඩ ජීවත් වෙන්න හිතුවා මිස ඕව ගැන හිතුවේ නෑ කියලා හිතමු..

      Delete
    7. ඉවාන්, හෙහ් 100 නෙමෙයි 50 වත් කියමු.. මේ යන විදිහට ඒ ගාන හොදයි..

      Delete
  3. //මෙහෙම දේකටවත් දායක වෙන්න බැරිනම් ඉතින් ඇති වැඩේ මොකද්ද??//

    ඒකම තමා මාත් අහන්නෙ.

    ඔන්න මම නම් කෙටි කලකින්ම ගස් පහා, හය කටවත් දායකත්වය සපයනවා කියලා එක සිතින් සිතා ගත්ත. ඔව් ඔව්. මේ දැන්ම වැඩ පටන් ගන්නවා.

    :) :) :) :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. පහුගිය කාලේ ඒවා අක්කහු කරලා ගස් හිටවනවනම් දැන්ම වෙනම ඉඩමක් අරන් දා ගන්න එක හොදයි ගස් හිටවන්නම.. ;)

      Delete
  4. හිහි. කතාවනම් සුපිරියි.
    ඒත් ඇහුවට කමක් නැත්නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 2050 වෙලත් පොලිස් කාරයා අතේ තිබුනෙ සැම්සුන් ගැලෙක්සියක්මයි නේද. ඒ කියන්නෙ දුරකතන තාක්ශනේ කිසිම වෙනසක් වෙලා නෑ?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ගස් උඩ ජීවත් වෙන විදි ගැන අළුත් සංකල්ප ගෙනාවා මිසක ඒවා ගැන හිතුවේ නෑ කියලා හිතමු.. අනික ඉතින් ෆෝන් එක ගැන වැඩි විස්තර නොදන්න හන්දා ඒක ගැලක්සි S කීයද කියලා ලියන බෑනේ.. ඒකට දෙබසක් අනවශ්‍යයි කියලා හිතුන හන්දා ඒක එහෙම ලියලා දැම්මා..

      Delete
    2. අවුලක් නෑ මචං. කතාවෙ රසයට ඒ මඟුලෙන් කිසිම බලපෑමක් වෙලා නෑ. කට තියන් ඉන්න බැරිකමට කියන කතා ගැන වැඩිය හිතන්නෙපා යාලු..

      Delete
    3. නෑ නෑ කිසිම අවුලක් නෑ.. ඕන දෙයක් ඕන වෙලාවක අහන්න නිදහස තියෙනෝ..

      Delete
  5. ඒ කියන්නෙ එක ගහක් හිටවන්න සීයක් බලන්න වෙන... ඊට හොද නැද්ද ගස් 100ක් හිටවලා 1ක් බලන එක..
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එතකොට බොල ඕක වෙන්න 2050 වෙනකන් ඉන්න ඕනත් නෑ මේ බලන විදිහට..

      Delete
  6. මාත් ගස් හිටවන්න පටන් ගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. අන්න හොද වැඩ.. අපි බැලුවම ඇති.. එයාලා ගස් හිටවලා රැක බලා ගනීවී..

      Delete
    2. ලොකු උනාම අපි මාතලංට කියලවත් උන් කියයි නේ ගුනේ තියන්න

      Delete
    3. අනේද කියන්නේ, ඇයි මාතලන්ට විතරක්යැ දේශකයටත් බැරිය..

      Delete
  7. දැන් ඉතින් ඕකට 2050 වෙනකල් ඉන්ට ඕනිද? මම කීවේ ගස් උඩ ගෙවල් හදන්ට...:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නැතුව බෑනේ ඉතින් පොඩ්ඩී අක්කේ.. අද ගස් හිටෙවුවොත් ඕවා හැදිලා එන්න කාලෙකුත් එපැයි.. ;)

      Delete
  8. //අති විශේෂයි : මෙහෙම දේකටවත් දායක වෙන්න බැරිනම් ඉතින් ඇති වැඩේ මොකද්ද?? හා නැද්ද මම අහන්නේ? //

    අනේද කියන්නේ.. වැඩක් තියේ යෑ.. :)

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් පරිසරය සුරකින්න එපැයි.. :D

      Delete
  9. අම්මට සිරි දිනේෂ් ........................ පට්ට.......................

    ගස් උඩත් කට්ටිය ගස් හිටවයි නේද,?????

    ReplyDelete
    Replies
    1. වැඩේ යන විදිහට ඉතින් ගහක් උඩ ගෙයක් ගෙයක් උඩ ගහක් වගේ වෙන්නත් බැරි නෑ..

      Delete
  10. ලංකාව නම් වැහෙන්න ගස් හිටවන්න වෙයි.... නියමයි.. හලිම සෝයි..ගස් අස්සේ ප්‍රැක්ටිකල් කරන්නත් පුළුවන් පවන් වැදි වැදි

    ReplyDelete
    Replies
    1. හෙහ්, අන්න බලන්න ඉතින් කොච්චර දුර හිතනවද කියලා මේ කට්ටිය.. ටාසන් වගේ ඉන්න ගමන් ඉතින් ප්‍රැක්ටිකල් බැරිය.. ;)

      Delete
  11. මම මේ පොඩ්ඩක් වටපිට බැලුවේ දැනටත් ඉන්නේ ගස් උඩද කියලා

    ReplyDelete
    Replies
    1. දැන්ම පටන් ගත්තොත් නම් ඉක්මනටම ඉන්න පුළුවන්.. අපරාදේ මේ වගේ අදහස් එන්න තිබුනේ මීට කලින් බං.. ;)

      Delete
  12. හරිත සංකල්පය දැන් හරියට ජනප්‍රිය එකක් වෙලා තියෙනවා නේද..?
    ඇත්තටම මටත් ආසයි බං ඔන්න ඔය වගේ කැලැ නගරෙක ජිවත් වෙන්න.අපි ජිවත් වෙන මේ සමාජෙට වඩා ඒ කැලැ අනිවාර්යෙන් හොද ඇති බං.

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි කවුද ඉතින් නරකයි කිවුවේ.. දැන්ම ඉදන්ම මහන්සිවෙලා වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ.. ;)

      Delete
  13. තරහ වෙන්න එපා දිනේෂ්....මේ උඹ නෙමෙයි. උඹ සොයා ගැනීම සඳහා කරන උත්සාහයට වැරදි ටෝක් දෙනවා නෙමෙයි. උඹ උඹව තේරුම් ගනින්. ලියපන්...හැබැයි මේ ලියවිල්ල හරිද. මම විචාරකයෙක් හෝ දේශකයෙක් නෙමේ. උඹ සාර්තක නැහැ...මේ මොඩ්ල් එකේ. හැබැයි ලියලා බලපන්. මේ මගේ අදහස සහ මට දැනෙන හැටි. මගේ අදහස් බැහැර කරපන්..මම ලේඛකයෙක් නොවන නිසා. හැබැයි මතක තියාගනින් කියවන්නේ පාඨකයෝ මිසක්, ලේඛකයෝ නොවන බව. උඹට මම කැමතියි!!

    ReplyDelete
    Replies
    1. අදහස කොහෙත්ම බැහැර කරන්න බෑ.. ඒක ඔළුවට දා ගන්නම ඕන.. ඒ හොද දෙයක් විදිහට.. මම කියන්නම්කෝ කතාව..

      මම මේ ටැග් එක පටන් ගත්තේ 2011 දී.. ඒ කියන්නේ මේ මගේ මේ වගේ කල්පිතයන් ලියන්න.. හැබැයි මේ ලියන්නේ දෙවනි ලිපිය.. ඒ හන්දම ඔය අරූ අයියා දකින අසාර්ථකවත්වය ඇති කියන එක මම පිළීගන්නවා.. ඒකේ කිසිම විවාදයක් නෑ..

      නමුත් මේකත් ලියන්න තව කීපවතාවක් උත්සාහ කරන්නත් ඕන.. ඇයි මම එහෙම කියන්නේ? ඒ මට ලියන්න හොදයි කියලා හිතෙන විද්‍යා ප්‍රභන්දයකට අදහසක් ඇවිත් තියෙන හන්දා..

      මේ කතාවේ කියලා තියෙන සිද්දීය දැක්කම මේක ඔළුවට ඇවිත් මේ ලියලා බැළුවේ ටිකක් මුට්ටිය දාලා බලන එක.. ඉතින් වැරදි තියෙන බව දන්නවා.. කොටින්ම මදාරා වුනත් මේක වෙනදා මගෙන් බලාපොරොත්තු වෙන තරම් උපරිමය නෙමෙයි කියලා උදේ සෑහෙන්න ලෙක්චර් එකක් දුන්නා.. ;)

      අවංකවම හිතට ආව දේ කියලා දැක්ක අඩුව කිවුව එකට සතුටුයි මම..

      අහ්, මේ තියෙන්නේ 2011 ලිවුව එක..
      http://dineshumagiliya.blogspot.it/2011/11/blog-post_21.html

      Delete
  14. මරු පරිකල්පනය.. ඇත්තමයි...

    මට හිතුනෙ මෙහෙම දෙයක්.. එදා ගස් කපලා නගර ඉදිකරන්න හිතපු අපේ ආදි මුතුන් මිත්‍තෝ, ඒ වෙනුවට මේ වගේ ගස් උඩ නගර හදනන් තීරණය කළානම් අද ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද ?

    මේක හරිම චමත්කාරජනක කල්පිතයක් දිනේශ්.. ඇත්තමයි.. උඹේ සිතුවිලි හරි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපි වෙලාවකට කාලයේ ආපස්සට යනවා කියලා හිතෙනවනේ සෙන්නා අයියේ.. එහෙම නැත්නම් මේක චක්‍රයක්.. අපි නිකමට මෙහෙම දෙයක් වුනා කියලා හිතමු.. ඊට පස්සේ දශකයක් විතර යද්දී එතකොට ඉන්න මිනිස්සුන්ට ආයෙම ගස් කපන්න ඕන වෙයි.. ඉතින් මේක චක්‍රයක්.. මම නිතරම කියන්න වගේ අතීතය නිතරම රිපීට් වෙනවා..

      Delete
  15. මේකනම් වල්ලාපට්ටයි. හිනා වෙලා පණ ගිය සේක. ඔය CSR ප්‍රොජෙක්ට් එක දිගටම කලොත් එහෙම මූදත් ගොඩ කරල ගස් හිටවන්න වෙයි නේද!!

    ඔහොම ඇඩ් කෑල්ලක් දැක්ක පමණින් හිතේ මේ වාගෙ කතාවක් මවාගන්න එකත් ලේසි පාසු දෙයක් නෙමෙයි.

    පට්ටම ලයික් ඈ....!

    ReplyDelete
    Replies
    1. හෙහ්, අනේද කියන්නේ.. මුහුදේ ලුණු වතුරෙන් ප්‍රයෝජනයක් නෑ කියලා ඒකත් ගොඩ කරලා අපි ගස් හිටවමු.. මොකද කියන්නේ.. කෝ මේ අර බස්සා.. ඒකාටත් කියන්න දායක වෙන්න කියලා.. :P

      Delete
    2. බස්ස ඔය කියන කැටගරි එකට මනාප වෙන එකක් නෑ මයෙ හිතේ. :P

      Delete
    3. ඒක උඹ බලලා ඌට වෙන එකක් බලන්න කියපං..

      Delete
  16. සිරා යකූ ඉදිකට්ටෝ උදේ ටොපික් එක කියවද්දි මතක් උනේ අවතාර් ෆිල්ම් එක......දැන් බලද්දි පස්ට කතාවක් නේ ලියලා තින්නේ.....හිනා කාලා ජෝ බීලා මැරෙනවා බං....... අනේ මල්ලියේ කොමන්ට් නොකෙටුවාට කමා කර තරහවට කොමාවක් දාහන් ඈ

    ReplyDelete
    Replies
    1. අවතාර් වගේ තමයි වෙන්නේ දවසක මේක හරියට වැඩ කලොත්..

      නෑ නෑ මම බොලා එක්ක තරහයි.. -_-

      Delete
  17. හොද උත්සහයක්....අඩුපාඩු සකසා ගෙන අලුත් නිර්මාණයක් ඉදිරියේදී ලියන්න....
    දැන් ගොඩක් රටවල ඔය ගස් උඩ නිවාඩුවක් ගත කල හැකි තැන් තිබෙනව....

    ReplyDelete
    Replies
    1. මාත් ෆොටෝ නම් ඕන තරම් දැකලා තියෙනවා.. හැබැයි ලංකාව වගේ තැනක් තමයි එහෙම දෙයක් හරියටම කරන්න සුදුසුම තැන..

      තැන්කිවු කෙන්ජයියේ.. ඊලග එක මීට හොදට කරන්න උත්සාහ කරනවා..

      Delete
  18. මමත් ෆුල් සිරා මූඩ් එකකින් මේක කියවන්න පටන් ගත්තා. අන්තිමට ආව හිනාව තවම තියෙනවා කටේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙම තමා ඉතින්.. සිඳූ අක්කව දැක්කේ සෑහෙන කාලෙකින්..

      Delete
  19. දැන් ඉතින් කට්ටිය බරටම ගස් හිටවන්න දායක වෙනවා ඇති එහෙනම්. මේක ලියල තියන හැටි තමයි මරු. හිහ

    ReplyDelete
    Replies
    1. පරණ ඒවත් එකතු කලොත් ලෝක බෝලේ මදිවෙයි ගස් හිටවන්න ලොකූ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්