Monday, 12 May 2014

අරක්කු ඉවරයි ඕයි - පූස්පාර්ට් යාළුවෝ 7



පූස්පාර්ට් යාළුවෝ කියවන්න අකමැති කෙනෙක් ඉන්න විදිහක් නෑ.. අකමැති කවුරුවත් නෑ කියලා ඉතින් පහුගිය පෝස්ට් ටික දැක්කම හිතාගන්න පුළුවන්.. හරි එහෙනම් අදත් ඔන්න පූස්පාර්ට් එකක් ලියලා දාන්නයි කල්පනා කලේ.. ලියන්න රසමුසු කතන්දර පිරිලා තිබුනත් ලියන්න වෙලා තියෙන්නේ ඉතින් මේ වගේ හෙමීට තමයි..

අපේ කතානායකා තමයි ඉතින් සිල්වා.. සිල්වා කොතනද එතන අනිවාර්‍යෙන්ම කතාවක් තමයි.. සිල්වාට හුඟක් දෙනෙක් අකමැති වුනත් කැමති කීපදෙනා අතර ඉස්සරහින්ම මේ මමත් පෞද්ගලිකව ඉන්නවා.. ඒ මේ ලියන කතාවල සිල්වගේ පිස්සු වැඩ මොනවා වුනත් වෙලාවකට හොද ගතිගුණ මිනිහට තියෙන හන්දා.. දැන් මේ කියන්න යන කතාව මීට ටික කාලෙකට කලින් වුන දෙයක්.. කොටින්ම කියනවනම් මම ඉතාලි එන්නත් කලින්.. මට ඉතින් කතාවක් ලියන්න ඒක වෙනවා බලන් ඉන්නම ඕන නෑ කියලා දන්නවනේ ඉතින්.. මෙන්න මෙහෙමයි සිද්දිය වෙලා තියෙන්නේ..

ඉස්සරම කතානියා වල එක ෆ්ලැට් එකක් තිබිලා තියෙනවා ඒකේ ඔක්කොම ඉදලා තියෙන්නේ ලංකාවේ අය.. ආයේ ඉතින් එහෙම කිවුවම අහන්නත් දෙයක්ද, කතා විමානයක් තමයි.. අර කලින් වතාවේ  ලියපු බෙඩ්ශීට් හෝදපු එකේ හිටිය ඔක්කොම අය වගේම වැඩිහිටියෝ ටිකකුත් මේ ෆ්ලැට් එකේ එකට ඉදලා තියෙනවා සෑහෙන කාලයක්..  සිල්වා ඉතින් ඔය අතරින් ප්‍රධානයි..

කට්ටිය එකට ඉද්දී ඉතින් ටිකක් නිදහසේ සෙට් වෙන්න තියෙන එකම
දවස තමයි ඉරිදා කියන්නේ.. මොකද ඉතින් අනික් හැම දවසකම හැමෝම වැඩට දුවනවා ඇරෙන්න කතා කරන්නවත් වෙලාවක් තියෙනවා කියලයැ.. ඒ හන්දම ඉතින් ඉරිදා වෙනකන් ඉන්නේ හැමෝම වගේ බලාගෙන.. විශේෂයෙන්ම ඔය සෙට් වෙන උදවියට එහෙම.. අපේ කට්ටියගේ පුරුද්ද තමයි ඉතින් එක එක්කෙනාගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට සෙට් වෙන එක.. හැබැයි මේ කට්ටිය එකට ඉන්න කාලේ එකට වෙනනම කාමරයක් තිබුනා.. ඒ තමයි ඔය පවුල් පන්සල් වෙච්ච අය නැති කොල්ලෝ විතරක් ඉන්න කාමරේ.. ඕකට තමයි පවුල් වෙච්ච අය පවා එන්නේ..

සිල්වත් ඉතින් ඔතනට සෙට් වෙන එක පුදුමයක් නෙමෙයි.. මිනිහගේ පවුලේ අය ලංකාවේ ඉන්න හන්දා මනුස්සයත් ඉතින් ඉන්නේ කොල්ලා වගේනේ.. ඉතින් කොල්ලෝ එක්ක බොන්න සෙට් වෙන එක ඉතින් සිල්වගේ පුරුද්දක්.. අනික කෝමත් කමල්, ප්‍රනාන්දු එක්ක සිල්වගේ සෙට් වීම අඩුයි කියලා ඉතින් මම මුල කතාවලදී  කිවුවනේ..

මෙහෙම සෙට් වෙන වෙලාවට කලින් බෝතල් ගෙනාවට මොකද අනිවාර්‍යෙන් අන්තිම වෙද්දී ඕක මදිවෙනවනේ.. ඒක ඉතින් මේ අපේ බොන කටිටිය දන්නවා ඇතිනේ.. ඉතින් ඒ වෙලාවට වෙන්නේ කට්ටිය සල්ලි දාලා ඒ වෙලාවට බෝතලයක් කොහෙන් හරි අරන් එන එක තමයි.. බයිසිකලේ පැදන් යන්න තරම් සිහියක ඉන්න මනුස්සයා තමයි ඉතින් ඔය වැඩේට යන්නේ.. ඉතින් කට්ටිය සෙට් වෙන එක නිදහසේ පාඩුවේ හෙමීට කෙරීගෙන ගියා..

නත්තල් කාලෙට අරක්කු අඩුවට දාන එක සාමාන්යෙන් මෙහේ වෙන දෙයක්.. ඉතාලි කාරයෝ ඉතින් අපේ අය වගේ කරටි කැඩෙන්න බොන එවුන් නොවුනට තෑගි දෙන්නේ අරක්කු ජාති හන්දා ඒවා අඩුවට දානවා.. එතකොට ඉතින් අපේ අයට කෝමත් නත්තල් තමා.. ඉතින් සිල්වත් මෙහෙම වෙලාවක් බලලා ජැක්ඩැනියල් බෝතල් 20 ක්ම ගෙනත් දාගෙන.. කොහොමද මනුස්සයගේ වැඩ.. ඕක කාමරේ තියෙන්න ඇරලා අනිත් අයගේ බෝතලෙන් බොන්න සෙට් වෙන ජාතියේ කෙනෙක් තමයි සිල්වා කියන්නේ..

ඉතින් ඔහොම සෙට් වෙලා ඉන්න දවසක කට්ටිය කලින් ගෙනාව බෝතලේ ඉවර වෙලා පුරුදු විදිහටම සල්ලි එකතු කරලා බෝතලයක් ගේන්න සෙට් වෙලා.. වෙනදට නොයන සිල්වා එදා පැනලා බාර අරන් බෝතලයක් ගේන්න.. ඒ මදිවට බයිසිකලේ යනවයි තෙල් පිච්චෙනවයි කියලා ඒකටත් සල්ලි අරගෙන සෙට් එකෙන්..

මේ විදිහට ටික දවසක් ගෙවිලා ගිහින්.. හැමදාම අර අඩුපාඩු බෝතලේ ගේන්න යන්න බාර ගන්නේ සිල්වා.. ඕක ඉතින් කාටවත් ඒ හැටිම කල්පනාවක් වෙලා නෑ.. ඒත් අහම්බෙන් වගේ එකෙක්ට මීටර් වෙලා තියෙනවා වෙනදා බෝතල් ගේන්න එකෙක් ගියාම ඌට බෝතලයක් අරන් එන්න යන වෙලාව මේ සිල්වට යන්නේ නෑ නේද කියලා.. හෙහ්, ඔවු ඔවු.. ඌ ශුවර් එකටම බයිට් එකෙන් සෑහෙන එකෙක් වෙන්න ඇති.. නැත්නම් ඔහොම දෙයක් හිතෙනවද ඒ වගේ වෙලාවකට..

කට්ටියට සිහි කල්පනාව තියෙන දවසක පස්සේ ඕක කිවුවම සෙට් එක කරලා තියෙන්නේ ඊලග දවසේ ඕක හරියට බලන්න කියලා ඌටම බාර දුන්න එක.. මොකද ඉතින් අනිත් එවුන්ට සිහියක් නැහැනේ ඒ වගේ වෙලාවට.. ඉතින් ඊට පස්සේ ආව ඉරිදත් කට්ටිය සෙට් වෙලා ඉද්දී අන්තිමේ මදිපාඩු ගේන්න යන්න සිල්වා පැන්න ගමන් බාර අරගෙන.. සිල්වා එලියට යනකන් ඉදලා අඩුවෙන් බීලා හිටිය සෙට් එක හොරෙන් දොර ඇරලා පොඩ්ඩක් බලලා.. බලද්දි බුවා යන්නේ උගේ කාමරේටලු.. ගිහින් ටිකක් වෙලා ඉදලා පොර එනවලු බෝතලේකුත් අරගෙනම.. ඉතින් කට්ටියට වැඩේ මීටර් වෙන්න ඒ තරම්ම වෙලාවක් ගිහින් නෑ.. එදා ඉතින් කට්ටියම සද්ද නැතුව ඉදලා..

පහුවදා සෙට් එකේ අනිත් අයට සිහිකල්පනාව තියෙද්දී සිද්දවෙච්ච හැමදේම ගැන කට්ටිය කතා වෙලා.. සෙට් එකත් ඉතින් නිකන්ම ඉදලා නෑ.. කුප්ප වැඩේට කුප්ප වැඩකින්ම පාඩමක් උගන්න කට්ටිය කතා වෙලා.. මම කලිනුත් කිවුවනේ කට්ටිය ඉන්නේ එකම ෆ්ලැට් එකේ කියලා.. ෆ්ලැට් කියන්නේ ඉතින් එකම විදිහට එකම පරිමානෙට හදපුවනේ.. ඔය සිල්වගේ ගෙදර එක කාමරයක් කෙලින්ම තමයි තව සෙට් වෙන එකෙක්ගේ කාමර්යක් තිබිලා තියෙන්නේ..

සිල්වා වැඩට යනකන් මාන බලාගෙන හිටිය කටිය සිල්වා ගියාට පස්සේ කරලා තියෙන්නේ අර ජනේල දෙක අතර ලෑල්ලක් දාලා ඒක පාලමක් කරගෙන සිල්වගේ කාමරේට පැනපු එක.. අපේ කට්ටියට ඉතින් මේ වගේ වැඩ මහ අමුතු දෙයක්යැ.. ලී පාලමේ ඉදන් සිල්වගේ කාමරේ ඇද යට තිබ්බ බෝතල් ටික හෙමීට උස්සලා.. ලෑල්ලත් පැත්තකට දාලා මුකුත් නොවුන ගානට බබාලා වගේ කට්ටියම ඉදලා..

ඔහොම හෙමීට දවස් ටික ගෙවිලා ගිහින් ආයෙම ඉරිදාව ඇවිල්ලා.. සිල්වත් ඉතින් ගෙදර තියෙන බඩු නැති වෙයි කියලා හිතන්නේ නැති හන්දා වගේම මිනිහා, මිනිහගේ බෝතල් බොන්නේ නැති හන්දා බඩු නැති වුන එක ගැන සිල්වා දන්නෙත් නෑ.. සුපුරුදු විදිහටම ඉරිදා කට්ටිය මුකුත් නොවුන ගානට සෙට් වෙලා.. කොටින්ම කියනවනම් එදා වෙනදටත් වැඩිය කට්ටිය ඇවිත් සෙට් වෙන්න.. ඇයි ඉතින් සිද්ද වුන දේ ගැන දන්න හන්දම..

කට්ටියත් වැඩියෙන් හිටිය හන්දා කලින් ගෙනාපුවා ඉක්මනට ඉවර වෙලා.. පුරුදු විදිහටම සල්ලි එකතු කරන් එද්දී බෝතල් අරන් එන්න සිල්වා පැනලා බාර අරගෙන.. සෙට් එකත් ඉතින් බයික් එකේ යනවට වෙනදා දෙන ගානත් එක්ක දීලා සද්ද නැතුව බලාගෙන ඉදලා.. එදා කට්ටියට වෙනදා තරම්ම ඩෝප් නැති හන්දා කට්ටියම සිල්වගේ වැඩ ගැන කතාවෙවි මිනිහා එනකන් බලාගෙන ඉදලා..

ටිකකින් සිල්වා එනවලු බෝතලයක් අතේ නැතුව.. මිනිහගේ මූණ හරියට හොල්මනක් දැකලා බය වුන පෙනුමක්ලු තිබුනේ.. ලාවට දාඩියත් දාල ඇස් දෙකත් ලාවට රතු වෙලාය තිබ්බේ කියලා තමයි මට කතාව කියපු කෙනා කිවුවේ..

" කෝ මනුස්සයෝ බඩු නැද්ද?"

" අ.. අරක්කු ඉවරයි ඕයි.."

මිනිහා ගොත ගහන ගමන් කිවුවලු.. කට්ටිය හිනාව නවත්තන් ඉදලා තියෙන්නේ බොහොම අමාරුවෙන්.. කෝමහරි කලින් ගෙනාව බෝතලේ ඉතුරු ටික බීලා ඉවර වෙනකොටම වගේ සිල්වා නැගිටලා යන්න ගිහින්.. ඇයි ඉතින් වෙච්ච දෙයක් දන්නෙත් නැහැනේ.. මිනිහා ඒ ටිකත් ඉදලා තියෙන්නේ  උනේ මොකද කියල හිතා ගන්නත් බැරුව ශොක් එකට..

දැන් එතකොට කතාව  ඔතනින් ඉවරයි කියලද හිතන්නේ.. මොන පිස්සුද.. මෙන්න හොදම ටික..

එදා සිද්දියෙන් පස්සේ දවස් දෙක තුනක් යනකන් කිසිම සද්දයක් බද්දයක් තිබිලා නෑ.. වෙනද වගේම කට්ටිය වැඩට යනවලු එනවලු.. දැක්කම කතාබහ කරනවලු.. අර සිද්දිය ගැන සිල්වවත් බීපු සෙට් එකේ එවුන්වත් කතාබහ කරන්නවත් කිසිම දෙයක් අහන්නවත් ගියේ නෑලු..

ඔහොම ඉද්දී දවසක් හවසක සිල්වා සුදු ඇදලා රතු සාළුවක් ඉනේ බැදන් කොරිඩෝ එක දිගේ එහා මෙහා ඇවිදිනවලු මොනවද මුමුණන අතරේ.. මනුස්සයගේ අතේ පොල් ගෙඩියකුත් තියෙනවලු ඉතින්.. ඉතින් ඕක ඔය විදිහට එක දිගට දවසක් දෙකක්ම වුනාලු.. කට්ටියටම දැන් මේක හරි ප්‍රෙහෙලිකාවක්ලු.. ඔය සිල්වා එක්ක එකට කාමරේ ඉන්න පොරක් දවසක් සිල්වගෙන් ඇහුවලු මොකද මේ කරන්නේ කියලා..

 " මම ලංකාවට දාන්න ගෙනාපු අරක්කු වගයක් කවුරුහරි උස්සලා.. මම මේ උන්ට පොල් ගහනවා.."

ඉතින් ඔය කතාව කියලා වැඩි වෙලාවක් යන්න කලින් පත්තරේ දැම්මා වගේ මුළු ෆ්ලැට් එකේම පැතිරිලා ගිහින්.. දැන් ඉතින් පොල් ගහනවා කිවුව කතාවට අර බෝතල් උස්සපු සෙට් එක පොඩ්ඩක් විතර බය වෙලා.. සිල්වගේ පොල් ගැහිල්ල ටික දවසක් ඔහොම යද්දී අර බෝතල් උස්සපු සෙට් එකේ එවුන් එක එකා හෙමීට එනවලු සිල්වා හම්බුවෙන්න.. ඇවිත් කරපු කියපු දේවල් ටික හෙමීට දිග අරින්න පටන් ගත්තලු..

" මං කිවුවා කියලනම් කියන්න එපා.. ඔය පොල් ගහන එක දැන්වත් නවත්තන්න.."

මුලින්ම කුප්ප වැඩේ කරේ සිල්වා වුනත් අන්තිමේ පොල් ගැහීමේ බලයෙන් එදත් වැඩර් වුනේ සිල්වම තමයි කෝමහරි.. ඔන්න ඔහොමලු සිල්වගේ වැඩ.. එහෙනම් තවත් කතාවකින් හමුවෙමු ඈ.. 




අති විශේෂයි : මීට මාසෙකට විතර කලියෙන් මට සිල්වාව හම්බුනා මගදී.. මාත් එක්ක පොඩ්ඩක් මනුස්සයා චැට් එකක් දාන් හිටියා..

සිල්වා : තමුසේ මොනවද ඕයි මේ ලියන්නේ.. මගේ ළමයිනුත් කියවනවා තමුසෙගේ ඔය කෙහෙල්මල..

මම : හරි ඉතින්, කවුද ඔයාගේ ඇත්ත නම දාලා ලිවුවේ.. ඇහුවොත් වෙන කාව හරි මාට්ටු කරලා නිකන් ඉන්න..

සිල්වා : තමුසෙනම් කියයි.. 

මේක මම බැරිවෙලාවත් ඉස්සරහට නොලියාම හිටියොත් වැඩිය හිතන්න එපා ඈ.. ^_^


44 comments:

  1. සිල්වා එල පොරක් නේ...බොන්න ගියාම මදි උනොත් මම නම් අයේ බොන්නෙ නෑ ,මට ශුවර් නෑ පස්සෙ බීමක් ගැන ,වැඩේ වැරදුන අත්දැකිමක් තියෙනවා ,ඒ වගේම බයිට් එකට විදින උන් පෙන්න බෑ ...

    ලියමු මේ කතා සිල්වා කියන නම වෙනස් කරමු ... ;)))

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම කියන්න එපා.. මේ අපිත් ඇවිල්ලා බයිට් එකට විදින එවුන් තමයි හරිද.. ගොඩක් අය මදි උනාම බොන්න යන්නේ නෑ කියලා මාත් අහලා තියෙනවා මොකද කවලම් උනාම කේස් කියලා..සිල්වා කියන්නේ කෝමත් හරි නම නෙමෙයි..

      Delete
  2. හේ හේ ඔය සිල්වල අපිටත් ඉන්නවා කැම්පස් එකේ උන් ටික සෙට් උනාම, හැබැයි ඒ සිල්වල එන්නේ නිකන් බීල යන්න, ඕව මහා කුප්ප වැඩ, හැබැයි වැඩේ කියන්නේ කොහොම හරි කුප්ප වැඩේ කරන එක හොඳ වෙලා හොඳ උන් ගඳ වෙන එක තමා :D

    ReplyDelete
    Replies
    1. උඹ අන්තිමට අර දේශකයා දාපු නම රෙජිස්ටර් කර ගත්තද?

      මගේ හිතේ ඕනම සෙට් එකකක් සිල්වා වගේ එකෙක් ඉන්නවා ඇති.. නැත්නම් ඉතින් ආතල් එකකුත් නැහැනේ.. ඒ කතාවනම් ඇත්ත.. අන්තිමට පොරත් සුද්දයි වැඩෙත් සුද්දයි..

      Delete
    2. ඒ නමෙත් පොඩි ගතයක් තියෙනවා නේ හෙක් හෙක්, කොහොමත් ඉතින් මන් සොමි පොරනෙ. බ්ලොගේ නමෙන් ඉන්නවට වඩා එක පොඩ්ඩක් ෂෝර්ට් කරලම ගත්තම මරුනේ හෙක් හෙක් :D

      Delete
    3. ඔය ඉතින් දේශකයා කාලා බීලා ඉන්න වෙලාවට දාන නම්නේ බං.. හා හා ඒකත් හොදයි එක අතකට..

      Delete
  3. බොන්ට කීවොත් කට්ටියට මේ ලෝකේ සිහියක් නෑනේ? :D

    ReplyDelete
    Replies
    1. මේ අපි නම් බොන්නේ නැති හොද ළමයි.. ^_^

      Delete
    2. කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොන කෙන් ගෙඩියද තව ඕන කියන්නේ හා බොරුද?

      Delete
    3. අනේද කියන්නේ.. මේ ඔක්කොම කරන්නේ ඉතින් කන්නයි බොන්නයිනේ..

      Delete
  4. Replies
    1. ලියන්නම් ලියන්නම්, අවුලක් නොවැටුනොත්..

      Delete
  5. //මේක මම බැරිවෙලාවත් ඉස්සරහට නොලියාම හිටියොත් වැඩිය හිතන්න එපා ඈ.. ^_^ //

    දිනේෂ් උඹ මේක ගිය අවුරුද්දේ බෝම බැරෑරුම් විදියට කිව්වා මට මතකයි..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, මම මේක අත අරිනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ.. ඒත් ඉතින් ආතල් කතා සෙට් වෙද්දී ලියලත් බෑ නොලියත් බෑ.. මොනා කරන්නද ඉතින්.. මේක තමා ලාස්ට් චාන්ස්..

      Delete
  6. අපෝ බං අරුන් ටික අච්චර ගේමක් දුන්න එකටත් ණයයි නෙ පොල් ගෙඩියකට බය උනාම.… රෙද්ද… ශැක් අපරාදෙ.… සිල්වා නම් මාර බුවෙක්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. හොදම සීන් එක ඉතින් එක එකා හොරෙන් සිල්වා හම්බුවෙලා පවු සමාකරපු එක.. කියන්න බැහැනේ වැරදිලාවත් පොල් ගැහිල්ල වැඩ කලොත් එහෙම..

      Delete
  7. මේ සැරේනං වැඩේ වරදිනව කොල්ලෝ. සිල්වට මල පනින්න මේක හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ රාජ් අයියේ.. තව වෝර්නින්ග් එකක් ආවොත් නවත්තනවා..

      Delete
  8. //මේක මම බැරිවෙලාවත් ඉස්සරහට නොලියාම හිටියොත් වැඩිය හිතන්න එපා ඈ.. ^_^ //

    නං ගං වෙනස් කරල හරි ඔන්න ඔහෙ ලියහන් බං.

    ReplyDelete
    Replies
    1. දැනුත් මේ ලියන්නේ නම් ගම් වෙනස් කරලා තමයි.. ඒත් ඉතින් අවුල්නේ ටිකක්.. බලමුකෝ..

      Delete
  9. සිල්වා යනු පට්ට පොරක් ය... !

    ReplyDelete
    Replies
    1. වල්ලාපට්ට පොරකි..

      Delete
  10. නොදකිං ඉතාලි නෙවේ කොහේ හිටියත් උඹලගේ යක්කු තියන බය නම් නැති වෙන්නේ නැ :(

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔය සමහරක් පැති වල අය ඉතින් මේ වගේ දේවල් වලට සෑහෙන්න බයයිනේ.. ඉතින් ඒක තමයි මෙතනත් උනේ..

      Delete
  11. තමුසේ කන්න හදන්නේ ඒ පාර නම් ,ඒ ගමන් එකත් ලිව්වා නේද ? කොහොමත් උඹට වැඩි කල් ලියන්න වෙන්නේ නෑ කියලා මතක් තියා ගනින්

    ---- මම සිල්වා ---

    ReplyDelete
    Replies
    1. හා හා, මම දැනන් හිටියේ නෑනේ උඹ සිල්වගේ නෑයෙක් කියලා.. හැබැයි පොර තද උනාම කියන්නේ ඔහොම නෙමෙයි.. හොද වචන සෙට් එකක් තියෙනවා ඒකට.. :P

      Delete
  12. මල්ලි මේ පැත්තේ ආවේ දවස් ගානකින්. මේ දවස් වල පොඩ්ඩක් ජාලගත වෙනවා අඩුයි. ඔයාගේ මේ කතාවෙන් මම අහපු කතාවක් මතක් වුණා ළඟදීම ඒකත් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. අහ්, ඒකට මොකෝ අයියේ.. ලියමු ලියමු එහෙනම් ඒකත්.. බීපුවා ගැන කතා නැත්නම් ඉතින් වැඩකුත් නෑ වගේ තමයි ඉතින්..

      Delete
  13. අයියෝ සිල්වා කිවුවලු.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ අවුල් නංගී..

      Delete
  14. සිල්වා කලේ කැත වැඩේ,හැබයි ඉතින් ඌගේ බෝතල් උස්සපු එකත් කැත වැඩක් තමයි.අරුන්ට තිබ්බේ ඌව අතටම මාට්ටු කරගන්න එහම වුනානම් ඌට වීරයා වෙන්නත් බැරි වෙනවානේ බං.

    ReplyDelete
    Replies
    1. ඕක කොයි පැත්තෙන් ගියත් හැමෝගෙම පොඩි හරි අවුලක් තියෙනවා බං.. කෝම හරි ඔහොම උන එකෙන් මට ලියන්න කතාවක් තියෙනවනේ.. හා නැද්ද මං අහන්නේ?

      Delete
  15. Replies
    1. අනේද කියන්නේ.. කට්ටිය සෙට් උනාම ඉතින් ඔහොම තමයි..

      Delete
  16. අවුරුද්දෙන් පස්සේ සෑහෙන කාලයකට මට අරක්කු කියන වචනය තහනං කොලානේ අපේ ජොස්තර මහත්තයා.

    අපේ උන්දැට ඇහෙන්නේ නැතිවෙන්න කියන්නං මේ කතාවනං ටොපේ ටොප්.

    ReplyDelete
  17. කතාව නියමයි. දිගට ම ලියන්න. සිල්වා තමයි දවසකටවත් මිනිහා නේද????

    ReplyDelete
  18. මේ ආයෙ බෝතල් ඕනැ උනොත් කෝල් එකක් දියං .මං සිං ගාල ඔතන :D

    ReplyDelete
  19. සිලවා පොල් ගහන්නත් දන්නවද? :) ඒවා දැනගෙන ඉන්න එකත් නරකම නෑ බලාගෙන යනකොට. මොනවා උනත් මිනිහගේ මොලේ තමයි මොලේ.

    ReplyDelete
  20. අපෝ ඔය වගේ එවුන් ඉන්නවා. මෙලෝ රහක් නැහැ. අපේ සල්ලිවලින් ඌත් ආතල් ගන්නවා.

    ReplyDelete
  21. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  22. ලස්සනට ලියාගෙන යනව මල්ලි. නියමයි...

    සිල්ව තමයි සිල්වා...

    ReplyDelete
  23. මට මිට වඩා රසවත් ඔයාගේ අනිත් කතා......දිනේෂ්.......

    ReplyDelete
  24. ඔය කියන විදියට සිල්වාගෙන් ප්‍රවේශම් වීම ඇගට ගුණයි මලයො...නැත්තං පොල් ගෙඩිය හිස් මුදුනෙම වදින්න පුලුවන් මෙදා පොටේ...

    ReplyDelete
  25. සිල්වා තමයි සිල්වා.. හැබයි දිනේෂයො සිල්වා මේක දැක්කම නම් උඹව උස්සනව.. ඔව් ඔව්..පරිස්සමින් හොඳේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්