Tuesday, 8 April 2014

නිදන්න සොඳුරිය



හිස පුරාවට ඇදුම් කා ගෙන යන වේදනාවත් එක්ක මම ඇදෙන් නැගිට්ටේ රෑ නින්ද අතරින්.. අඳුරට හුරු නැති යන්තමට පියවුන දෑස් අතරින් ඒ මේ අත හොයාගෙන නාන කාමරයට වැදුන මම විදුළි පහන් එළිය අතරින් කණ්නාඩියට එඹුනේ වේදනාව තද කරගෙනම.. ඇස් වල ඒ වේදනාව හොදටම පෙනුනා.. හුඟක් තදින්ම.. යන්තමට ඇර ගත්ත කරාමේ වතුර වලින් මූණ හෝද ගත්තත් මුණේ තිබුන ඒ අඳුරු බව පොඩ්ඩක්වත් මැකිලා ගියේ නෑ..

මේ වේදනාව අද ඊයේ ඉදන් නොවුනත් දැන් එක වෙනදටත් වැඩිය තදින්ම දැනෙනවා.. හුඟක් වෙලාවට ඉවස ගන්න බැරි තරමටම.. කණ්නාඩියෙන් පෙනුන මගේ මුණ දිහා මම ටිකක් බලාගෙන හිටියා.. කිසිම වෙනසක් නැහැ.. ඒත්, මට නිතරම දැනෙන්නේ නළලේ පැත්තක්  හිසේ කැක්කුම හන්දම වේදනාවෙන් දැවෙනවා වගේ.. ඒ පැත්තේ විතරයි නිතරම රිදුම දෙන්නේ.. මම යන්තමට හිස අතගෑවා.. ඇඟිලි තුඩු දැවටෙද්දී විදුළියක් දුවන්න වගේ හිස පුරාවට දැනුන හිරි වැටුම හන්දම දෙනෙත් මොහොතකට පියවුනේ ඉබේම වගේ..

" ඔයා දැන් වෙනදට වැඩිය ලස්සන වෙලා.. කොහොමද මන්දා හොර ගෙඩියා දැන් මෙච්චර ලස්සන වුනේ?"

වේදාවෙන් පියවුන දෑස් ඇරලා කණ්නාඩිය දිහා බලාගෙන ඉද්දී මට මතක් වුනේ ඇය නිතරම කියන ඒ වචන ටික.. ඇත්තටම හුඟක් දේවල් වෙනස් වෙලා.. ඉස්සරට වැඩිය.. මුලින්ම එයා එහෙම කියපු දවසේ විහිළුවට වගේ මම කියපු වචන ටිකට මාත් එක්ක හුඟක් වෙලා තරහා වෙලා හිටිය හැටි තාමත් මට මතකයි.. ඇත්තටම මම එවෙලේ කිවුවේ මෝඩ කතාවක්..

නාන කාමරේ කබඩ් එකේ තිබුන වේදනා නාශක පෙත්තක් බීගෙන ආයෙම කාමරේට ආවේ වෙලාව ගැනවත් හිතන්න තරමේ උනන්දුවක් නැතුව.. කොහොම වුනත් ඒ වෙද්දී මැදියම පහු වෙන්න ලඟයි කියන එක හිතට හොදටම විශ්වාසයි.. කාමරේ කෙලවර තිබුන පුංචි ලයිට් එකෙන් ඒ තරම්ම එළියක් නොතිබුනත් කාමරේට වෙනදටත් වැඩිය එළියක් යන්තමට වැහිලා තිබුන කවුළු අතරින් එබිකම් කරලා තිබුනා..

නැඟිටුන වේදනාවත් එක්ක නින්ද මගෙන් ටික දුරකට පැනලා ගිහින්.. හෙමිහිට තිබ්බ පිය සටහන් දිගේ කවුළුව ලගට ගිහින් ටිකක් වෙලා ඈත බලන්න හිතුවේ නින්ද ආයෙම මගේ ලගට එනකන්.. සඳ එළියක් දැක්කත් මම සඳ දැක්කේ නෑ.. බාගෙට වහල තිබුන කවුළු පියන් හෙමිහිට විවර වෙද්දී ඒ අතරින් වැටුන සඳ එළිය හෙමින් ගිහින් වැටුනේ යහනට..

සිනිදු සළුවකින් යාන්තමට ගත වැහුන මගේ සඳ යහනේ දකිද්දී වේදනාව අතරට මුහු වෙලා ආවේ හිත රදව ගන්න අකමැති තරමේ බයක්.. ඒ මගේ සඳ ගැන.. මේ කිසිම දෙයක් නොදැන වළාකුළු අස්සේ හැංගුන සඳක් වගේ නිදාගෙන ඉන්න ඇය දිහා මම බලාගෙන හිටියා.. මම හිතන්නේ හුඟක් වෙලා..

විවර කරපු කවුළු අතරින් මැදියම් සිහින් හුළගත් එක්ක ගතට දැනෙන යන්තම් හීතලක් හෙමිහිට එඹිකම් කරමින් තිබුනා.. ඒක දැනුනේ මට විතරක්ම නෙමෙයි.. ඔයාටත් දැනිලා.. හෙමිහිට යහන මත එහා මෙහා වෙන ඔයා හොයන්නේ උණුසුමක් කියලා ඒ සඳ එළිය මට කිවුවා..

" පණ, මොකද ඔතනට වෙලා කරන්නේ?"

මම හිතුවට වැඩිය ඉක්මනට එයාට ඇහැරිලා.. ඒ උණුසුම නැතුව..

" නින්ද ගියේ නෑ බබා, ඒකයි.."

" ඔයා හොදින් නේද?"

සිනිදු සළුව ගත දවට ගෙන මං දිහාවට ආව ඇය පිටු පසින් වේලයක් වගේ දිගට සඳ එළිය වැටිලා තිබුනා..

" ඔවු බබා.. කෝ යමු අපි නිදා ගමු.."

ඒත් ඒ ඇස් තිබුනේ ඈතින් පායලා තිබුන සඳ දිහාවට.. කවුළුව අතරින් ආව හීතල හුළගත් ඇයට ගානක් නැති ගානයි.. යාන්තමට මගේ ඇඟීලි තුඬු වල එල්ලිලා කවුළුව දිහාවට බර වෙලා හිටිය ඇය හිටියේ වෙනම ලෝකෙක..

" මොකද කල්පනා කරන්නේ?"

ඇය ඉන්න සිහින ලෝකේ මම හොදටම දන්නවා.. ඒත් නොදන්නවා වගේ ඒ ගැන ඇහුවේ ඒ හැඟීම් ඇය වචන වලට පෙරලද්දී ඒකේ අමුතුම මිහිරක් තිබුණ හන්දා.. ඒ කිවිඳියට මම ආදරේ කලෙත් ඒ හන්දමයි..

" ඈත අහස දිහා බලාගෙන හිටියේ.. අද හැමදේකින්ම පිරිලා.. හඳ, තරු, හීතල හුළඟ.. හිත ප්‍රේමණිය කරන්න තව මොනවද අඩු කියලා කල්පනා කලේ.."

" අපි?"

" අපි, ඇයි අපි මේ ඉන්නේ?"

" මගේ තුරුළේ නෙමෙයි නේ.."

ඇය හෙමිහිට හිනා වුනා.. ඈත අහසින් ඉවතට ගත්ත දෑස් එඹුනේ මගේ ඇස් දිහාවට..

" මම ආස ඔය පපුවට තුරුළු වෙලා ඉන්න.."

" කෝ එන්න.."

පපුවට හාදුවක් තවරගෙන ඇය තුරුල් වෙද්දී ඒ උණුසුම හොදට දැනුනා.. ඒ උණුසුම මනින්න හිතාගෙනම සීතල හුළග සැරින් සැරේ අපි අතරට එන්න උත්සාහ කලත් අන්තිමේ පරදින්න වුනේ සීතල හුළගට.. කාමරේ පුරාවට වැටුන සඳ එළිය අතරේ අපේ හෙවනැල්ලත් ටිකක් දුරට වෙනකම්ම ඇඳිලා ගිහින්..

" කෝ, මෙහෙමම ඉන්නද දැන් කල්පනාව.."

අවසානයේ මම නිහැඬියාව බින්දා.. ඒත් ඇය තවමත් ඒ විදිහමයි..

" මට ඕන මේ පපුවට තුරුළු වෙලා නිදා ගන්න.. හැමදාම වගේ ආදරෙන්.."

එහෙමම ආදරෙන් තුරුළු කරගෙන යහනට ආව අපිට කවුළුව වහන්න තරම්ම වුවමනාවක් තිබුනේ නෑ.. සීතල හුළග තව දුරටත් අපිට භාදාවක් නෙමෙයි.. දෙතොල් අතරට දුන්න හාදුව පිළිගන්න ඇය හිටියේ පියාගත්ත දෙනෙතින්.. ඒ උණුසුමට, ඒ හැඟීමට මම නිතරම වගේ ආදරේ කලා..

වැඩි වෙලාවක් යන්න කලින් ඇයට හිටියේ සුපුරුදු නින්දේ.. පපුවට දැනුන ඇගේ උණුසුම් සුසුම් ඒකට සාක්ෂි දැරුවා.. මම ආදරෙයි මේ මොහොතට.. ඇත්තෙන්ම හුඟක් ආදරෙයි.. බලාපොරොත්තු නොවෙන තරම් ඉක්මනකට මේ මොහොත හිතින් හුඟක් දුර නොඇදෙයි කියලා හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.. ඒ විශ්වාසය එක්ක මම දෑස් මොහොතකට පියා ගන්න උත්සාහ කලා..



සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹ්නා නිසළ රැයේ
සීතල උමතුව ඉදිකටු තුඩඟින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙ හිස
රදවා මාගේ ලයේ..

නලියන මදනල පොපියන මල් වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැල නිල් නුබ ගැබ තුල
සද තුරුලෙහිම රැදේ..

සඳකැන් ඇවිදින්..

නැලවෙන තුරු හිස පිණි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ..

සඳකැන් ඇවිදින්..


ගායනය : අමරසිරි පීරිස්
ගේය පද : උපාලි මල්දෙනිය
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා





70 comments:

  1. //" කෝ, මෙහෙමම ඉන්නද දැන් කල්පනාව.."

    මූ ඔහොම්මයි! :D

    ලස්සන කතාව! කියවද්දි මටත් කීප දෙනෙක්වම මතක් උනා! :)

    ReplyDelete
    Replies
    1. // මූ ඔහොම්මයි! :D//

      දැන් මටද ඔය කියන්නේ.. මම නම් එහෙම නෙමෙයි හැබැයි..

      කීප දෙනෙක්ම? හා හා.. ;)

      Delete
  2. අද නං වෙනදට වඩා ටිකක් අමුතුයි....
    ඒවෙනස හිංදමද කොහෙද මාර ගතියක් තියෙන්නෙ...
    ඇත්තමයි....
    කතාව නං මාර ගති දිනේෂ් අය්ය....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කාලෙකින්නේ බං රොමෑන්ටික් වගේ වෙන එකක් ලිවුවේ.. හෙහ්.. ඒක හන්දා වෙන්න ඇති මගේ හිතේ..

      Delete
  3. මම මේ ඊයේ ගෑල්ලමයෙක් නිදිකෙරෙව්වා විතරයි මේ සින්දුව කියලා :D

    ReplyDelete
    Replies
    1. ඉවාන්, අඩේ අපි දන්නෙත් නෑනේ.. හා හා හොදට නිදි කරවපංකෝ..

      Delete
    2. චතුරංග, මූ අපිටත් කොලේ වහන සීන් එකක් බං තියෙන්නේ..

      Delete
  4. සිරාවටම හිතට දැනෙන සිංදුවක්. තවත් දැනුනා දිනේශ්ගෙ කතාව නිසාම. (y)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. මේ සිංදුවට ලියන්න ඕන කියලා ඉදියේ ගොඩක් දවස් ඉදන්.. ඔන්න දැන් තමා ලියලා දැම්මේ..

      Delete
  5. මොනවා කියනද මන්දා හැමදාමත් වගේ කතාව ලස්සනයි,ඔය පින්තුර කැලි නැත්නම් නියම මනෝ පාරක් ගහන්න තිබුණා ,මං නම් පින්තුර වලට වැඩිය කැමති නෑ ඕන්,එක නිකන් කතාවට බදාවක් වගේ,
    හැබැයි සීත සුලන් දැනුනා දැනුනා හැක්

    ReplyDelete
    Replies
    1. පින්තූර නැති වුනාමත් නිකන් ඉතින් කික් එකක් නෑ වගේනේ බං.. ඒ හන්දා ඉතින් එකක් දෙකක් වත් නොදාමත් බැහැ..

      Delete
  6. ඔන්න මං ආසම විදියෙ ආටිකල් එකක්. කතාවට හරියටම ගැලපෙන ගීතය හොයාගෙන තියෙනවා. ස්තූතියි ගොඩක්. රසවින්ද..

    ReplyDelete
    Replies
    1. සිංදුව හුඟක් දවස් තිස්සේ අහ අහ ඉදලා ඊයේ තමයි ඔන්න හරියටම කතාවක් සෙට් වුනේ.. එවෙලෙම ලියලා දැම්මා ඉතින්..

      Delete
  7. සටහන ලස්සනයි දිනේෂ් !

    අමර්සිරි පීරිස් ගෙ සින්දු මරු නේද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. චන්දන, තැන්කු තැන්කූ.. මරුදත් කියන්නේ මම වැඩියෙන්ම අහන්නේ අමරසිරී පීරිස්ගේ ඒවා තමයි...

      Delete
    3. මදාරා, මාත් ඉතින් කැමතිම ගායකයන්ගෙන් කෙනෙක් තමයි..

      Delete
    4. සි ම කැමති එකට උඹ කැමති නැති නම් තමයි පුදුමෙ ... :)

      Delete
    5. මම දන්න කාලේ ඉදන්ම ඉතින් අමරසිරි පීරිස් කියන්නේ මගේ ආසම ගායෙක් තමයි කෙන්ජි අයියේ..

      Delete
  8. අපුරු සිතුවිල්ලක්.හඳ,තරු, හීතල හුළඟ,හප්පේ උඹටත් කල්පනා වෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. හෙහ්, දන්නේ නැද්ද ඉතින්.. ඊයේ හඳ නැති වුනාට අනිත් ඔක්කොම තිබ්බනේ අපිට.. ඒකයි..

      Delete
    2. හප්පට සිරි එහෙමත් එකක්ද එහෙනම් හොදා,හොදා...

      Delete
    3. නැතුව නැතුව..

      Delete
  9. සිකේ මේකත් පිච්ච මල් සින්දුවක්ද??

    ReplyDelete
    Replies
    1. ඇයි දේශා කැමති නැද්ද?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...

      Delete
  11. පපුවට හේත්තු වෙලා දවසක් උනත් හිටියට කමන් නෑ මයිල් ගස් ගලවන්නේ නැතුව.... !!!
    මේ සිංදුව නං මං අහලා නෑ..

    ReplyDelete
    Replies
    1. මේක අහලා නෑ කිවුවා.. තියන්න වටින්නේ නෑනේ අෆ්ෆා..

      අම්මපා අයියටත් හිතෙන දේවල්..

      Delete
    2. ප්‍රාර්ථනා, මේ ප්‍රාර්ථනාව දැක්ක කල්..

      Delete
  12. ලෙන්ගතු හදවතේ රිද්මය... ඔය වගේ අහ අහන් ඉන්න
    ඒ පපුවට තුරුල් වෙන්න
    මමත් බලන් ඉන්නවා ඔන්න
    ඇඟිලි ගැන ගැන...
    ම ලියවුණේ මගේ සරා සඳ ගැන.....

    ReplyDelete
    Replies
    1. ගීයට පිළිතුරු කවිත් බැඳිලා ඇවිත් තියෙන්නේ.. ඒකත් මරු..

      Delete
  13. මම කැමතිම ගීයක්.....දිනේෂ්ගේ කතාවත් එක්ක අගය වැඩියි. අද රෑට මමත් මේ සින්දුව කියනවා. පපුව උඩට ලැප්ටොප් එක ආපුවාම ලොකු ප්‍රශ්නයක්...මේක කියලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. //පපුව උඩට ලැප්ටොප් එක ආපුවාම ලොකු ප්‍රශ්නයක්.//

      අපි දෙන්නටම එකම ප්‍රශ්ණේද මන්දා අයියේ.. හා හා කියලා බලන්නකෝ එහෙනම්..

      Delete
  14. හම්බෝ... අයියත් අයිසිං කලරිං කරලා දෙන්නෙ 18+ ටෝක් නෙ... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙමමත් නැතුව බෑනේ නෙරංජියෝ.. පොඩි අයිසිං පාරක් දැම්මම පෙමුමත් හොදයිනේ..

      Delete
  15. ආදරය උතුරා යනවා බොලං...මේ රටාවෙ ලියවිලි වලට කදිමෙට සෙට් වෙනවා බොලා භාවිතාවේ යොදවන භාෂා විලාෂය...එහෙනං අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කිවු සිරා අයියේ.. මේවා ඉතින් ආයාසයකින් ලියන දේවල් නෙමෙයි හන්දා එහෙම දැනෙනවා ඇති මං හිතන්නේ..

      Delete
  16. නියමයි..වෙන කියන්න දෙයක් නෑ. ඒත් මොකද අර ඔලුවේ වේදනාවක් ගැන කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඒක කතාවේ හැංගිච්ච තැනක් ලොකූ.. හිතලා බලන්නකෝ.. නැත්නම් මම මැසේජ් එකක් වත් දාන්නම්කෝ..

      Delete
    2. හිතුවට හිතෙන්නේ නෑ නේ. දාන්නකෝ මැසේජ් එකක්

      Delete
    3. මැසේජ් කලා ලොකූ..

      Delete
  17. එලස්..... කියා නවතිමි....

    ReplyDelete
    Replies
    1. අර මොකෝ කෙන්ජයියේ..

      Delete
  18. හිතට දැනෙන ලියවිල්ලක් :)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු.. හුගක් දවසකින් දැක්කේ මේ පැත්තේ..

      Delete
  19. හරිම ප්‍රේමණීයයි දිනේෂ් මල්ලී. ශෘංගාරය උතුරනවා. ජය!!

    ReplyDelete
    Replies
    1. සෘංගාරයට වඩා ප්‍රේමණිය හැඟීම වැඩි කරන්නයි හිතුවේ.. මං කලින් ලියපු දේවල් එක්ක ඒ පාරේ ගිහින්ද මන්දා මේකෙත් උඩට ඇවිත් තියෙන්නේ වෙනත් දෙයක්නේ.. කෝම වුනත් තැන්කිවු වේවා..

      Delete
  20. ලස්සනයි දිනේෂ්, වෙනද වගේම... අර වේදනාවක් ගැන කියනකොට මට හිතුනෙ නෝන දන්නෙ නැති ලෙඩක්වත් තියෙනවද මේ මනුස්සයට කියල...

    ReplyDelete
    Replies
    1. ආදරය අස්සට එන්න පුළුවන් ප්‍රශ්ණ හැඟීම් අපි හිතනවට වඩා වෙනස් නේ මියුරු අක්කේ.. ඒත් ආදරය කියන්නේ ඉතින් ඒ හැම දේටම වැඩියෙන් ඉස්සරහට යන දෙයක්..

      Delete
  21. අනේ මටත් අර වේදනාව ගැන ආව පුරස්නයක්.

    ReplyDelete
    Replies
    1. ආයෙම පාරක් කියවන්න ළමයා.. තාම එක්කෙනයි කතාව හරියටම ඔළුවට දාගෙන තියෙන්නේ..

      // දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
      මා හදවතට දැනේ..//

      Delete
  22. Replies
    1. මොකෝ මොකෝ කේස් එක?

      Delete
  23. Replies
    1. අඬන්න එපා අෆ්ෆා ඉතින්..

      Delete
  24. වෙනද වගේම තමා ඉතින් ලිවිල්ල සුපර් මචෝ..සිංදුවට නියමෙට සෙට් වෙනව..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා.. මොකෝ බං දැන් වෙනදා වගේ නොලියන්නේ?

      Delete
  25. නියමයි මචො...\\ඇඩුනා....\ඇඩුනා...තාමත් අඩනවා

    ReplyDelete
    Replies
    1. මේ සිතුවිලි නිම්නයට ආව ආගන්තුකයා වෙන්න ඕන කමෙන්ට් කරලා තියෙන්නේ..

      Delete
  26. ආදරණීය කතාවක්...ලස්සනයි දිනේශ් :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් චම්ස්..

      Delete
  27. ඇඩෙනවා මොනා වුනත් පේමතෝ ජයථී සෝකෝ තමා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් එහෙම තමා ෂැගියෝ..

      Delete
  28. නියම කතාවක්....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්