Wednesday, 30 April 2014

ලොක්කගේ ආජන්ටිනා කෙල්ල



මාතෘකාව දැක්ක ගමන් දැන් කට්ටිය දන්නවා මං කියන්න යන කාරණාව ගැන.. මගේ ෆේස්බුකියේ ඉන්න අයනම් ඉතින් මේ ගැන අතරින් පතර අප්ඩේට් වුනානේ.. හරි ඔන්න එහෙනම් හැමෝටම දැන ගන්නත් එක්කම දාන්නම්කෝ මම කතාව මුල ඉදලම..

අපේ ලොක්කා කොයිවගේ පොරක්ද කියලා ඉතින් මේ බ්ලොග් එක බලන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. පහුගිය ජනවරි අන්තිමේ ලොක්කා ආජන්ටිනා ගිය පාර ආවේ මාර්තු අන්තිම.. මගේ මතකේ හැටියට ඔච්චර ලොකු කාලෙක රවුමක් ගැහුවමයි මේකා.. හැබැයි ඉතින් බලාපොරොත්තු වුනා වගේම ආවේ හිස් අතින් නම් නෙමෙයි.. ඔවු ආජන්ටිනා කෙල්ලෙක්..

එදා අඟහරුවාදා දවසක් වගේ මතක.. අපි හිටියේ වැඩ කර කර.. ලොක්කා ආව කිවුවම ඉතින් මාත් ඉක්මනට ගිහින් බලන්නේ ඉස්සර පොඩි කාලේ තාත්තා ලංකාවට ආවම හැසිරෙනවා වගේ සතුටකින් තමයි.. මොකද ඉතින් ඉතාලියේ මට ඉන්න තාත්තා ඉතින් ලොක්කනේ..

මේ පාරත් බලද්දී ලස්සන කෙල්ලෙක් ඉන්නවා මේකගේ අතේ එල්ලිලා..
ඕක ඉතින් අරුමයක් නොවුනට මොකද  වෙනදට වැඩිය ඒ කෙල්ල දිහාවට මගේ හිත වැඩියෙන් ඇදිලා ගියා කිවුවොත් ඒක බොරුවක් නෙමෙයි.. ඒ මොකද ඒ කෙල්ලට තිබුනේ ලා නිල් පාට ඇස් දෙකක්.. අවංකවම  ලා නිල් පාට ඇස් දෙකක් මම ඇත්තටම දැක්ක පළවෙනි පාර ඒ.. ඒකේ තිබුනේ ඇත්තටම අමුතුම ගතියක්.. ඒක වචන වලින් ලියලා දාන්න බෑ.. සිරාවටම.. සමහරවිට මුල් වතාවට ඇත්තටම නිල් ඇස් දෙකක් දැක්ක නිසාද දන්නෙත් නැහැ එහෙම දැනුනේ..

කටිටිය හෙමීට අදුන ගෙන ආවේ මගේ ලගට.. මම බලාගෙන හිටියා.. වෙනදා එන කෙල්ලෝ එක්ක ඉතාලියෙන් හරි කඩ්ඩෙන් හරි පැන්න ගමන් කියෙවුවට මොකද මම බලාගෙන හිටියා..

" දිනේෂ් මේ සොෆියා.. සොෆියා, මේ දිනේෂ්.."

අන්තිමේ ලොක්කම අදුන්නලා දුන්නා.. වෙනදා වගේම පුරුදු විදිහට හාදුවක් එහෙම දීලා පිළිගත්තට මොකද මට කියන්න පුළුවන් වුනේ  " හායි " කියලා විතරයි.. අනේ මන්දා ඒ වෙලාවේ මොනවා උනාද කියලා.. කොහොම හරි එදා දවස ගෙවිලා ගියා.. ඊට පස්සේ දවස් දෙකක්ම මට ලොක්කවත් ආජන්ටිනා කෙල්ලවත් සෙට්  වුනේ නෑ කතා කරන්න.. දෙන්න ජෝඩු දාලා ගිහින් සිසිලිය වටේ ඇවිදින්න..

ලොක්කා ආයෙම ආව දවසක නිදහස් වෙලාවක මම ගියා ඒකා එක්ක පොඩි චැටක් දාන්න.. ඔවු ඔවු ඉතින් වෙන මොකටද සොෆියා ගැන දැන ගන්නත් එක්කම තමයි..

" සොෆියා දවස් කීයක් විතර ඉන්නවද?"

ලොක්කගේ ආජන්ටිනා ගමන ගැනයි අනික් විස්තරයි කතා කර කර ඉන්න අතරේ මම ඇහුවා..

" සති දෙකක් ඉන්නවා, ඇයි?"

" නෑ නිකන්.."

" නිකන් වෙන්න බෑ.. මම දන්නේ නැද්ද උඹ ගැන.. මොකද ඒ ගමන?"

" නෑ, සොෆියා යාළුවෙක් විතරමද?"

ලොක්කා හිනා වුනා.. ඒකා දන්නවා මම එන පොට මොකද්ද කියලා.. හැබැයි ඒ හිනාවේ පොඩි මනමාළ ගතියකුත් නොතිබුනාමත් නෙමෙයි හැබැයි..

" ඔවු ඔවු යාළුවෙක් විතරයි.. අනික කලින් කසාදෙක ළමයෙකුත් ඉන්නවා.."

ඉතින් උඹට බඳින්නේ නැතුවම ළමයෙක් ඉන්නේ කියලා මට කියන්න හිතුනට මම කිවුවේ නෑ.. මොකද ඒ ගැන කතා කරන එක අපි කාටත් තහනම් මාතෘකාවක් හන්දා..

" ඉතින් ඒක ප්‍රශ්ණයක් නෙමෙයි නේ.."

" හරි හරි අපි බලමු.."

හැමදාම බලමු කියලා තමයි මේකා ඔක්කොම පස්සට දාන්නේ.. කොහොම හරි ඉතින් ඊට පස්සේ ඒ ගැන වැඩි කතාවකට ගියේ නෑ.. සති දෙකක්ම තියෙනවනේ කියලා මාත් හිතාගෙන හිටියා.. ඔය අතරේ ඉතින් එහෙන් මෙහෙන් සොෆියා එක්ක කතා කරන්න පුළුවන් උනත් ඒ හැට් කතා කරන්න වෙලාවක් වුනේ නෑ.. අනික ඉතින් මම නිල් ඇස් බලන්න ගියාම කතා කරන්න වෙන්නෙත් නැහැනේ..

ටික දවසකින් ඒකටත් චාන්ස් එකක් ආවා.. ඒ දවසක් හැන්දෑවක.. එදා ලොක්කට ෆාමසියට බෙහෙත් දාන කම්පැනි කාරයෙක් එක්ක මීටින් එකක් තිබුන දවසක්.. එවෙලෙම සොෆියටත් එළියට යන්න ඕන වුනා.. ඔය අපේ ෆාමසියට පොඩ්ඩක් එහාට වෙන්න තියෙනවා " Yourget Mania " කියලා කඩයක්.. ඕකේ අපිට කැමති විදිහට අපිට ඕන රසෙන් අපි කැමති දේවල් දාලා යෝගට් හදලා දෙනවා.. මාත් ඉතින් සුමානෙකට සැරයක්වත් ඔතනට නොයා ඉන්නෙම නෑ..

කලින් දවසක ලොක්කා එක්ක ගිහින් එතන හිතට අල්ලලා ගිහින් ආයෙම මේ හවසක යන්න ලොක්කව හොයනවා.. ඒකා ඉතින් මීටිමක ඉන්න වෙලාවක ඕවට කොහෙත්තම යන්නේ නැහැනේ.. ලොක්කා හැබැයි තනියම යවන්නත් බයයි.. ඒ හන්දා මට කතා කලා..  කතාකරලා සල්ලිත් දිලා ගිහින් එන්න කිවුව.. මටත් මොකද ඉතින් කියලා මාත් ගියා..

යන ගමන් ඉතින් ආජන්ටිනා වල විස්තර කතා කලා.. සොෆියට ඉතාලි එච්චරම බෑ.. ඒත් වෙලාවට වගේ කඩ්ඩ පුළුවන්.. වෙනදට එන එවුන්ට ඉතින් ඔය දෙකම බැහැනේ හරියට.. කොම හරි ඉතින් ආගිය විස්තර කතා කර කර ගිහින් අපිට ඕන විදිහට යෝගට් දෙකකුත් ඕඩර් කර ගත්තා..

" සොෆියා ආජන්ටිනා වල මොකද කරන්නේ?"

" මම නර්ස් කෙනෙක්.."

කියලා වැඩක් නෑ, ලොක්කටම ගැලපෙනවා.. වෙනදා එක්කන් එන බැලේ නටන කෙල්ලෝ වගේද නර්ස් කෙනෙක් කිවුවම.. ඉතින් ඒ ගැන විස්තර එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා.. බලාගෙන යද්දී ඒ තරම්ම වයසකුත් නෑ.. තම 33යි.. හැබැයි පොඩි වෙනසකට තිබුනේ කලින් ආව එවුන් වගේ අපේ ලොක්කගේ ඇගේ එල්ලෙන්න දඟලන ගතියක් සොෆියගේ නොතිබුන එක.. ඒක කතාවෙන් තේරුණා.. ඒ හන්දම මම වැඩිය ලොක්කා ගැන අහන්න ගියේ නෑ..

කෝම වුනත් ඒ හම්බුන චාන්ස් එකෙන් මට ඕන කරන විස්තර ටික මම දැන ගත්තා.. හවස ෆාමසියට ඇවිත් ඉද්දී නිදහස් වෙලාවක මම ලොක්ක එක්ක පොඩි චැට් එකක් දැම්මා.. මම දැම්මා කිවුවට ලොක්කම තමයි මාව හොයාගෙනම ඇවිත් කතා කලේ..

" මම හිතන්නේ සොෆියා ගැලපෙනවා.. නරකද මේ ගමනවත් අහලා බැළුවොත්.."

" ඇයි?"

" නෑ බලපං, කලින් ආව එවුන් වගේද.. සොෆියා නර්ස් කෙනෙක්.. එතනත් පොඩි වැදගත් කමක් තියෙනවා.. අනික ළමයටත් තාම අවුරුදු දෙකනේ වෙන්නේ.. ඕක මහ අවුලක්ද?"

ලොක්කා මුකුත් නොකියා කල්පනා කර කර ඉද්දී එතනට වෙන එකෙක් කඩන් පාත් වුන හන්දා ඊට වැඩිය දෙයක් කතා කරන්න වුනේ නෑ.. හැබැයි මට ලාවට වගේ හිතුනා මේ චාන්ස් එකත් මේකා මිස් කර ගන්නවා කියලා.. මං හිතුවා වගේම හරි.. සොෆියගේ සති දෙකේ නිවාඩුවත් ඉවරයි..

ලොක්කගෙත් කිසි සද්දයක් නෑ.. මොකාද එකා වගේ ඉන්නවා.. ඌට තියෙන්නේ පවුලක් වෙලා වගකීමක් ගන්න තියෙන අකමැත්ත.. ඒ වුනත් මේ නම් ඌටම හරියන කෙල්ල කියලා මට විතරක් හිතිලා මොනවා කරන්නද ඉතින්.. සිරාවටම මටත් මාරම දුකයි.. ඇත්ත, මම මුලින්ම සොෆියට කැමති වුනේ ඉතින් ලස්සන හන්දා තමයි.. ලොක්කා එක්ක වැඩ කරන්න අරන් ගෙවුන අවුරුදු 6ට මම මේ වගේ ඇවිත් යන කෙල්ලෝ 30ක් වත් දකින්න ඇති.. ඒත් මේ පාරනම් අවංකව මටත් ඇඬුනේ නැති ටික විතරයි..

අවංකවම සොෆියා මාර හොදයි කියලා කියන්න පුළුවන්.. ඒ සති දෙකේ අපි කතා කරපු, ෆාමසියට වෙලා අපිත් එක්ක පිස්සු නටපු විදිහේ හැටියට අනිත් ආව අයට වැඩිය සොෆියා වෙනස්.. සිරාවටම ලොක්කට ගැලපෙනවනම් ගැලපෙන්නේ සොෆියටම තමයි.. ඒත් කොහේද ඉතින්..

එදා සොෆියා වෙන් වෙලා යද්දී හිතට මාර දුකක් දැනුනා.. එදා සොෆියා යන්න කලින් මටත් රෝස මලක් දුන්නා.. දැන් නම් ඒක බාගෙට වේලිලත් එක්ක.. ඒක තාම මගේ ලග තියෙනවා මතක සටහනක් විදිහට.. මගේ මුහුණු පොතේ ඉන්නවයින් ඉදලා හිටලා පොඩි චැට් එකක් වත් දෙන්න පුළුවන්.. ලොක්කා මට තාත්තා කෙනෙක් වගේ වෙච්ච එකේ සොෆියා වගේ කෙනෙක් මට අම්මා කෙනෙක් වගේ උනානම් ඒකේ තියෙන අගේ කියලා වැඩක් නෑ..

සොෆියා ගියාට පස්සේ ලොක්කගේ කිසි සද්දයක් නෑ.. ඒකා ඉන්නවා කොම්පියුටරේ එල්ලිලම..

" ඇයි සොෆියව නවත්ත ගත්තේ නැත්තේ?"  පස්සේ දවසක මම ඇහුවා..

" මන්දා බං.."

" දවසක් කිවුවා නේද දැන් වත් බඳින්න ඕන, පිළිවෙලක් වෙන්න ඕන කියලා.."

" ඔවු.."

" ඒ බඳින දවසට මම අනිවාර්‍යෙන් එන්නම් වෙඩින් එකට.. හැබැයි ඒ සොෆියනම් විතරක්.."

මම එහෙම කියලා එන්න ආවා.. දැන් සති තුනක් වෙනවා සොෆියා ගිහින්.. අද වෙනකන් වැඩට අදාල දෙයක් ඇරෙන්න පෞද්ගලික කිසිම දෙයක් ගැන මම ලොක්කා එක්ක කතා කලේ නෑ.. ඒ තරහටම තමයි.. 



93 comments:

  1. මට හිතෙන්නේ ලියන එක්කෙනාට අවංකවම සොෆියා ගැන ආදරයක් (මදාරාට තියෙන ජාතියේ එකක් නෙමේ ) හිතිලා...:D

    ReplyDelete
    Replies
    1. අන්න හරි, පොඩ්ඩි අක්කට වැඩේ තේරුණා.. ඒකනේ ඉතින් මෙච්චර ලොක්කට කියන්නේ මාත්,..

      Delete
  2. ඔය සොපියා ඕන වෙලා තියෙන්නේ උඹටද, ළොක්කටද...? ඇත්ත කියහන්..

    ReplyDelete
    Replies
    1. කතාව කියවද්දි නං ඒක මටත් හිතුණ

      Delete
    2. ලොක්ක අකමැතිවෙන්ඩ ඇත්තෙත් ඒ හන්දම තමා

      Delete
    3. මාතලන්, මට ඕන ලොක්කගේ වෙනවා දකින්න..

      Delete
    4. මහේෂ්, උඹලා හිටියනම් ඒ කරන්නෙත් ඕකම තමයි..

      Delete
    5. අටම් අයියේ, ලොක්කා එහෙම හිතනවනම් ඉතින් මොනවා කරන්න බැරිද.. කොහෙද ඒකගේ කරුමේ තමයි..

      Delete
  3. දැන් මේ කතාව කියන කෙනාට ලොක්කට වඩා සොෆියට ගැන හිත පැහැදිලාවත්ද ඈ ...

    ReplyDelete
    Replies
    1. ඔවුනේ, ඒකනේ මෙච්චර ලොක්කට ඒක සෙට් කරන්න හදන්නේ..

      Delete
  4. මං ටෙම් කල්පනා කොලේ නිසි බලධාරීන් මේකට මොන ආකාරයේ පෙතිචාරයක් දක්වයිද කියල...
    (හැබෑටම මටත් හිතෙන ද්වල් අම්මප)
    එතකොට ඒකත් එහෙමයි කියල හිත හදාගමු මෙයා... ඕව ගැන වැඩිය හිතන එක ඇගට එච්චර ගුණ නෑ... සෞඛ්‍ය පිරියෙප්ට පුලුවනි... :v

    ReplyDelete
    Replies
    1. උඹ ඕන නැති ඒවා නොහිතා ඉදින්..

      අනේද කියන්නේ තව ටික දවසක් බලලා මාත් හිත හදා ගන්නවා මිසක...

      Delete
  5. මටත් හිතුනේ එහෙමයි. උඹ ලොක්ක අල්ලපු කෙල්ලෝ 30 ට ම වැඩිය සොපියා ගැන හිතනවා වගේ.. අර ඔපරේෂන් එකෙන් පස්සේ නර්ස් කෙනෙක් බොට වශියක් දැම්මද දන්නෑ ඔළුවට. කෝමත් අප්සැට් ඔළුව නේ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම හිතෙනවා තමයි.. හැබැයි ඉතින් මට හිතිලා වැඩක් නෑනේ අෆ්ෆා..

      හෙහ්, කියන්න බෑ නම් තමා.. මටත් දැන් හිතෙනවා මට ඉස්සරට වැඩිය පිස්සු අදහස් ඔළුවට එනවා වැඩි කියලා.. ඔපරේෂන් එකේ අවුලක් වගේ..

      Delete
  6. \\ලොක්කා මට තාත්තා කෙනෙක් වගේ වෙච්ච එකේ සොෆියා වගේ කෙනෙක් මට අම්මා කෙනෙක් වගේ උනානම් ඒකේ තියෙන අගේ කියලා වැඩක් නෑ..//

    අනේ ඉතින් ඇයි දිනේෂයෝ. අම්ම කරගන්නද කැමති එහෙම නැත්නම් "සුදු අම්ම" කරගන්නද?

    ReplyDelete
    Replies
    1. සුදු අම්මා තමා ඉතින් නැතුව හරි යන්නේ නෑනේ.. ;)

      Delete
  7. දැන් මෙතැන කරන්න පුළුවන් හොඳම දේ තමයි උඹ ලොක්කා වෙයං

    ReplyDelete
    Replies
    1. ඔය උඹ හදන්නේ මට ගුටි කන්න වැඩක් සෙට් කරන්න..

      Delete
  8. උඹ මේක අපිව මඬවන්න දාපු නිර්මාණයක්ද කියපන් බලන්න ඉස්සෙල්ලාම.

    ReplyDelete
    Replies
    1. උඹ හෙමින් වෙලාවක මම කලින් දාලා තියෙන අපේ ලොක්කගේ කතා ටිකත් කියවලම බලපංකෝ ප්‍රියා..

      Delete
  9. වෙන එවුන් පිටින් දාලා තමන්ගේ ලව් එක ලෝකෙට හංගනවා නේද අයියා? හොඳයි හොදයි හබැයි සොෆියා අම්මා උනානං එකත් පොඩි ගතියකුත් තියෙනවා නේද? ලොක්කා තාත්තා වෙච්ච එකේ, වෙන කෙනෙක්ගේ කතාවක් තමන්ගේ විදියට ලියලා තියෙනවා ඇත්තටම ලස්සනෛ අයියා. අපුරු ලිපිය. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න වැරදි වැටහීම කියන්නේ ඕකට තමා.. මම ඉතින් මොකටද මචං අනුන්ගේ පිටින් දාලා ලියන්නේ. මට සිද්ද වෙන දේවල් මම ඔය ගෙඩි පිටින්ම දාන්නේ මේකේ..

      Delete
  10. අපිට කොහෙන්ද පිටරට සොෆියෝ... අනික ඉතින් දැං නං සොපියෝ ඕනත් නෑ..
    ඇත්ත කියහන් මලේ උබේ හිතෙත් පොඩි මෙව්වා එකක් මෙව්වා උනා නේද සොපියාව දැකලා ?

    ReplyDelete
    Replies
    1. ඔවුවා ඉතින් ප්‍රසිද්දීයේ අහන්න හොදද මම අහන්නේ.. ප්‍රයිවට් එකේ අහන්න උත්තර දෙන්නම්.. ^_^

      Delete
  11. මදාරෝ කොල්ලා ගෙට ගං වහාම...... හිත ආජෙන්ටිනා යන්න කලියෙන්

    ReplyDelete
    Replies
    1. ආජන්ටිනා ටුවර් එකක් යන්නත් ඕන, බැන්දට පස්සෙ.. ;)

      Delete
  12. ලොක්කා සොෆියාට යන්න දීපු එක ගැන දිනේෂ් අයියාටනේ ඩෝං ගිහින් තියෙන්නේ. මේක නිකම් හින්දි ෆිල්ම් එකක් වගේනේ :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං.. අපරාදෙනේ ලොක්කට මිස් වෙන චෑන්ස් එක..

      Delete
  13. අන්තිමට සොෆියා අම්ම උනානම් කියන කෑල්ල ලිව්වෙ මදාරා නගාගෙන් කොසුපාර කන්න වෙයි කියල වෙන්ටැ. හූ හූ

    නිල් ඇස් ඔය තරම්ම ලස්සනද අෆ්ෆා? මටනම් අමූතු පාට වල ඇස් වල හෙන ගුප්ත ගතියක් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ පල.. උඹලා හිතන්නේ එහෙම තමා..

      බස්සියන්ට ඔය පාටවල් හොදට පේන්නේ නෑනේ.. ඒ හන්දා එහෙම දැනෙනවා ඇති.. වැඩිය හිතන්න එපා..

      Delete
  14. ලොක්ක එල බුවා. පාං කෑවට බේකරියකට කරගහන්න අහහසක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා හරි.. ලොක්කා හැමදාම පාං කකාම ඉදියි වගේ..

      Delete
  15. මටත් ඔහොම ලොක්කෙක් හිටිය නම්........................................

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ වෙන්නේ???

      Delete
  16. උඹ නිල් ඇස් දිහා බලන් හිටියා වගේ මමත් කාලයක් මගේ නොවන ලෝභ බදින ලොකු ඇස් දෙකක් දිහා බලගෙන හිටියා කාලෙකට කලින්.ඒ ඇස් මගේ නොවුනත් මගේ හිතේ ඒ ඇස් ගැන කැමත්තක් තිබුණා.
    මට හිතෙන්නේ ඔය නිල් ඇස් දෙක උඹේ නොවුනත් මගේ හිතේ අර "ලෝභ බදින ලොකු ඇස්" ගැන මට තිබුන සිතුවිල්ල වගේ එක්ක වෙන්න ඕනේ සමහරක් විට උඹට ඔය ඇස් ගැන ඇතිවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ හිත හෙමිහිට හෙමිහිට හෙමිහිට හොරාගත්තු නිල් ඇස් ..........ඇත්තී
      මගෙ ඇස් ඔබහට දිනකට දහසක් ආල හැඟුම් පවසන්න..................ඇතී
      ලෝභහිතෙන ලොකු නිල්පැහැ ඇස්ගැන මගේ හිතනම් ලතවෙන්න ....ඇතී
      හිතට දැනුනු දේ වචන කරන්නට නොහැකිව මම පසුතැවෙමි ...........නිතී

      Delete
    2. මනෝජ්, ඔවු ඔවු මට මතකයි අපි බ්ලොග් එකේ ඒ ගැන කියෙවුවා.. දැන් ඉතින් අතීතය ගැන හිතන්න එපා බං.. නෑ නෑ මගේ සිතුවිල්ලනම් ඒ තරම් එහාට ගිය එකක් නෙමෙයි..

      Delete
    3. ඉවාන්, උඹට කවිත් මතක් වෙලා තියෙන්නේ.. කවුද උඹේ හිත හොරකන් කරපු නිල් ඇස් ඇත්තී?

      Delete
    4. ඉවාන්,උඹේ කවිය මරු,කිවත් වගේ හිතට දැනුනු දේ වචන කරගන්න බැරිව උඹ ලතවෙන්නේ කාගේ ඇස් ගැනද..?

      Delete
    5. අනේද කියන්නේ බං.. මේකා අපිටත් බොරුව දාලා කවි ලියන පාටක් තියෙන්නේ..

      Delete
    6. මගේ නොවුන කතාකරන ලොකු ඇස් දෙකක් ගැන මටත් කාලයක් කැමැත්තක් තිබුණා බන්ස්ලා,ඒ ඇස් දෙක අයිති කරගන්න විදියක් තිබුනෙත් නෑ එහෙමයි කියල මගෙ තිබුණු ලෙන්ගතුකම නැතිවුනෙත් නෑ,කාලය ගෙවිල ගියා ජීවිතේ ගොඩක් දේ වෙනස් වුනා ආපහු ඒ ඇස් මට දකින්න ලැබුනෙ නෑ,නමුත් තිබුණු ලෙන්ගතුකම තවම එහෙමමයි,වැරදිලාවත් හම්බවුණොත් ඒ ටික කියපල්ලා.

      Delete
    7. මම හිතුවා මේක කියවගෙන යද්දී හැලප අයියටත් නිල් ඇස් දෙකක් මතක් වෙලාවත්දෝ කියලා..

      Delete
    8. හරි,හරි හැලපයියා අපි කියන්නම් හම්බවුණොත් අක්කගේ වේලාවට අක්කා හැලපයියාගෙන් බේරුණා කියලා.නැතිද බං දිනේෂ්....:D

      Delete
    9. හෙහ් හෙහ්, අපි නම් ඔන්න ඕවා ගැන මුකුත් දන්නේ නෑ..

      Delete
  17. සොෆියාගෙ නිල් ඇස්.....ඇත්තටම සොෆියාට හිත ගියා නේද දිනේෂ්..

    ReplyDelete
    Replies
    1. නෑ කිවුවොත් ඉතින් ඒක ලොකු බොරුවක් වෙනවනේ..

      Delete
  18. ඇත්ත කියපන් දිනේෂ් උබ සොපියට පොඩි ලයින් පාරක් ඇල්ලුව නේද..?නැත්නම් තාම සොපිය ඉන්නව..

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම වැරදියි.. සොෆියා නෑ.. මම ලයින් දාලා මොනා කරන්නද බං..

      Delete
  19. පියාට සොපියා බාරදීලා උඹ කටපියා ඇස්පියා හිටපියා ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් එහෙම තමා ඉන්න වෙන්නේ අයියේ..

      Delete
  20. හරි!!!!! වැඩේ ගොඩ!! කොල්ලා ළඟදීම ආජන්ටිනා!!!

    ReplyDelete
    Replies
    1. තව අවුරුද්දකින් විතර.. ;)

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඕක අපිට තේරිලා වැඩක් තියෙනවයි ලොක්කට නොතේරි..

      Delete
  22. වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා, මට කියෙව්වම හිතුනේ මැණික් ගලේ පය හැපුනට කනා අදුර ගනීද ? කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඉතින් වුනේ.. කරුමේ කියලා මොනා කරන්නද අපි ඉතින්..

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඕවා අති සංකීර්ණ මනෝභාවයන්... හෙහ් හෙහ්... මට මතක් වුනේ අර පොඩි නමට බෙදන්න කියපු කතාව...

      (පොරෝලිස් මාමෙක් ගැන වැ‍ටුනේ කොපි කිරීමේ දෝෂයක් නිසා බැවු කරුණා කර සළකන්න. ඒක අරුගේ අඩවියේ දැමූ කමෙන්ට් එක. )

      Delete
    2. සංකීර්ණයි නේන්නම්.. අර රාජ් අයිය කියන්නත් වගේ බේකරියක් එපාම කියන තැනනේ ලොක්කා ඉන්නේ..

      Delete
  24. අවුරුදු 6ක් ඇතුලත කෙල්ලෝ 30.. මං වුනා නම් කරන්නේ සොපියාට ලොක්කාගේ හැටි කියලා දීලා ගෙදර යවනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ ඉතින් ලංකාවේ වගේ උනානම් නේ.. මේවයේ ඒවා අවුලක් නෑ..

      Delete
  25. ඔය වගේම සිද්දි ගාණක් මටත් තියෙනව මල්ලි. අපේ සර් මේ මාසෙ කෙල්ල නෙමෙයි ඊලග මාසෙ. මං කියනව මේකිවත් බැදපන්කො සර් කියල. එතකොට බොසා කියනව බලමු. තාම මට හිතට හරි නැහැ කියල.
    මේ දවස්වල ටිචර් කෙනෙක් එක්ක අපේ සර් ජිවත්වෙන්නෙ. එයා ග්‍රිසියෙ කෙනෙක්. මං කිවුව එයා නම් හොදා නේද කියල. එතකොට බොසා කියනව ගෙදර පිරිසිදුවට තියාගන්න කිසි ඕන කමක් නැහැ කියල.

    වෙලාවට මේ යුරෝපා සංස්කෘතිය ගැන පුදුම හිතෙනව. මේ අය ගැහැණු පිරිමි කවුරුත් එකට ජිවත් වෙලා වෙලා අන්තිමට බේරල බේරල ගැලපෙන කෙනාව බදිනකොට අඩුම හතලික් පනහක් එක්කවත් ජිවත්වෙලා. හැබැයි ඒ අය වෙන් වුනත් හැමදාම යාලුවො වගේ ඉන්නව. ඒකයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. නොබැද ඉන්න ඕන අයට හේතු නම් ඕන තරම් තියෙනවා කියන්නේ නිකන්ද අක්කේ.. අපේ එක්කෙනත් කොහෙන් හරි හේතුවක් හොයා ගන්නවා.. හේතුවක් නැත්නම් බලමු කියලා පස්ස ගහලා නිකන් ඉන්නවා..

      එක අතකට ඒ සංස්කෘතියේ වරදකුත් නැහැ කියලා හිතෙනවා අක්කේ.. වයස ගියත් තමන්ට ගැලපෙනම කෙනා හම්බුවෙනවනේ.. අපි 30ට අඬුවෙන් බඳින්න හැදුවොත් මුන් අපිට බනින්නෙත් ඒකනේ..

      Delete
  26. දැන් ඔය සොෆියව ලොක්කගෙ ඇගේ ගහන්න හදන්නෙ ලොක්කට තියන ආදරේටද, නැත්තන් නිල් ඇස් දිහා බලන් බවුන් වඩන්නද :D

    ReplyDelete
    Replies
    1. බවුන් වඩන්න ගිහින් ගුටිත් කන්න තමා වෙන්නේ..

      Delete
  27. මේවා කියනව මදාරා අක්කා ලංකාවේ ඉන්න නිසා ම හොඳයි! නැත්තං ඉතින් කතා ලියන්න දිනේෂ් අයියෙක් ඉතුරු වෙන්නේ නෑ ^_^ කාලෙකින් මෙහාට ආවේ. හෙමින් සැරේ ඉතුරු ටිකත් කියවන්නං!

    ReplyDelete
    Replies
    1. එයා ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ.. අනික එයත් ඔය සොෆියා එක්ක චැට් එකක් දැම්මේ ගිය ඉරිදත්.. ;)

      Delete
  28. මට හිතෙනවා මල්ලිට හිත යටින් ඇයට කැමැත්තක් තියෙනවා කියලා. ඔයාට ඒක කරගන්න බැරිනිසා ලොක්කා මාර්ගයෙන් ඒ අදහස ඉෂ්ඨ කරගන්න බැලුවා. අපි කොච්චර නෑ කිව්වත් අපි හැමෝටම ඔය වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ මදාරා බලයි ඕවා. අනිත්මට මුට කටුනායකදීම ගුටි කන්නයි වෙන්නේ..

      Delete
    2. චන්දන අයියේ, අනේ මන්දා ඉතින්.. කැමැත්තක් නෑමයි කියලා ඉතින් කියන්නේ නෑ මම.. ඒත් ඒක ඔය කියන විදිහෙම එකක් නම් නෙමෙයි..

      Delete
    3. දේශකයා, හා එහෙමද දැන් හිතන් ඉන්නේ?

      Delete
  29. ලොක්කාට නොවෙයි නේ සොපියා ගැන හිත ගිහින් තියෙන්නේ බොට නේ

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නටමනේ බං.. :D

      Delete
  30. කොහොම වුනත් නිල් ඇස් තියන කෙල්ලෝ ලස්සනයි.. වගේම අජන්ටිනා කෙල්ලෝ ලස්සනයි හ්ම්ම්ම්ම්ම් මටත් මතක් වුනා :P ඇත්තටම ලොක්කට වගේම උබටත් හිත ගියා නේද???

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුණා.. අහම්බෙන් එහෙම කෙනෙක් දකිද්දී ලස්සන තවත් පේනවා බං.. බොට කාවද මතක් වුනේ කියහං බලන්න?

      Delete
  31. බොසා තාත්තා කරගත්තටනං කමක් නැහැ කියමුකෝ.. 33නේ කෑල්ල අම්මා උනාමනං ඉතිං... ඉතිරි ටික කියනවද නැද්ද....? ම්ම්ම්....

    ඈ බං කියන්නද..?

    ReplyDelete
    Replies
    1. මම බැළුවා අයියා මොකෝ මේ පැත්තේ නාවේ කියලා..

      හා හා කියන්ටකො බලන්න එහෙනම් ඔන්න ඔහේ ඕන එකක් කියලා...

      Delete
    2. හා ඉතිං උඹේ කැමැත්තනේ..එහ්නං කියලා දාඤ්ඤංකෝ..මයේ මොකෝ...

      ඔය කියන 33 කෑල්ල ටෙම්පරි හරි අම්මා කොරගත්තොත්නං ඉතිං.. අපිට කියන්ට වෙන්න් "අම්මට *කිලා තියෙයි" කියලා තමා... :D :D :D

      Delete
    3. බෑනේ ඉතින්, කැත හිතනේ අෆ්ෆා.. ^_^

      Delete
  32. මේ ලියමන කියවද්දි කාටත් දැනෙනවා බන් උඹේ හිතේ යම්කිසි ඉඩක් මේ කියන සොෆියා අරගෙන කියලා...ඔපීසියෙ මගේ පිටිපස්සෙ තියෙන ආසනයට අලුතින් ආව මැලේ කෙල්ලගෙ නමත් සොෆියා....කියන්න දෙයක් නෑ පුදුමාකාර විදියට ලස්සනයි. හුරුබුහුටියි. එයාගෙ අම්මා හරි තාත්තා හරි උතුරු ඉන්දියාවෙ...ඒ නිසා සොෆියට හොදට හින්දි පුලුවන්...ඒකි හින්දි කථාකරද්දි කනට මී පැණි වත්කරනවා වගේ....මගේ මේ වරුණාව කියලා මම සොෆියට ලව් කියලා කියන්න එපා....පුතෝ...මොකද මම දේශීය දේ අගය කරන එකෙක් නිසා කවදාවත් මෙහෙන් එකක් හොයාගන්නෙ නැතෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ ඉතින් කියන්නේ මෙයා වැඩ කරන තැන සොෆියා ගැන කියලා කියනවා ලවු කියලා කියන්න එපාලු.. මට කියනව හිතේ අදහසක් තියෙනවලු.. හරි අසාධාරණයි ඈ.. ;)

      Delete
  33. කියල වැඩක් නඋ මලේ ලොක්කගේ පවට පින ාසන්න බෑ කියන කතාව හරි බලාගෙන ගියාම. සමහර විට ඒ යකාට පවුලක් පන්සලක් වෙන්න උවමනාවක් නැතුව ඇති. ඒකත් කරුමේ

    පහුගිය මාසයක් විතර බ්ලොග් කමෙන්ට් ලියන්න බැරිවුණා. වම් අතේ හටගත් අබාධයක් නිසා දැන් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රත්නායක අයියේ.. පවුලක් වෙන්න තියෙන කම්මැලි කම තමයි ඉතින්.. වෙන මොනවා කියන්නද?

      දැන් හොදටම සුව ඇතැයි සිතමි.. මේ කියනකන් දැනන් හිටියෙත් නැහැනේ..

      Delete
  34. මෙයාට මේ ඕන වෙලා තියෙන්නේ ලොක්කට සොෆියාව බන්දවලා නිල පාට ඇස් දිහා බලන්නද කොහෙද. අපි නොදන්නවය ඔය දහන් ගැට

    ReplyDelete
    Replies
    1. ලොකූ ඉතින් මං ගැන නොදන්නවයි ^_^

      Delete
  35. ලොක්කට ඊරිසියා කරන්න ඒපා හරිද මල්ලී.ඉතිං ඉතිං ගොඩ දවසකින් මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. හෑ, මම මොකටෙයි ඒකට ඊරිසියා කරන්නේ?

      Delete
  36. උබේ හිතට ඇල්ලුවට ඒකිව ලොක්කගේ හිතට අල්ලන්නේ නැතුවැති

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනනම් ඕකා ගෙදර එක්කන් එන්නේ නෑ බං..

      Delete
  37. නිල් පාට ඇස් දිනෙශ් මල්ලිට විශේෂ උනාට ලොක්කට විෂේෂයක් නැතුව ඇති :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම තමා.. අපිට වඩා ඉතින් ලෝකේ දැක්ක මිනිස්සුනේ ඉතින් ඒ..

      Delete
  38. 'මැණික් ගලේ පය හැපුනට - කණා ඇහිඳලා ගනීද' කිව්වලු...
    ඔය නිල් ඇස්වල නම් අමුතුම ගතියක් තියෙනවා... ඒත් හැම නිල් ඇස්ම එහෙම නෑ... ;D

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කෝ.. මං ආසම ලා නිල් පාටට.. ඒක පිහිටන්නේ කලාතුරකින් තමයි ඉතින්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්