Thursday, 24 April 2014

පිපාසිත වූ රැය



ඈතින් අඳුර වැටී ගෙන එන දිහා මම බලාගෙන හිටියා.. හිතේ තිබුනේ නොසන්සුන් කමක්.. ගිම්හානයට හැමෝමේ පෙම් බඳිද්දී මගේ සිතුවිල්ල ඊට වඩා වෙනස් වෙන්න තිබුනෙම එකම එක කාරණාවක්.. ඒ මේ නොසන්සුන් කමමයි.. ඉක්මනට ඉර එළිය අඬුවෙලා ගිහින් රැය උදාවෙනකන් බලාගෙන ඉන්න තියෙන නොසන්සුන් කමට මට පොඩ්ඩ්ක් වත් කැමති නැහැ.. ගිම්හානය මගේ ඒ හැඟීම තවත් වැඩි කරනවා.. අදත් ඒ වගේම තවත් එක ගිම්හානයේ දවසක්..

වැසුන තිර රෙදි අතරින් යාන්තමට පේන අවට පරිසරය දිහා මම බලාගෙන හිටියා.. පාර දිගේ එහා මෙහා ඇවිදන් යන මිනිස්සුන්ගේ හිත් වල තිබුනේ නිදහසක්.. ඒක ඔවුන්ගේ හැසිරීම් වලින්ම බලාගන්න පුළුවන්.. ඒත් මම එහෙම නෙමෙයි.. හිතේ නිදහස නැති වෙලා ගිහින් කොච්චර කල්ද කියලා මමවත් හරියටම දන්නේ නෑ.. දැනෙන්නේ හරියට මුළු ජීවිත කාලයම විදින වේදනාවක් වගෙයි.. දැන් හැමදේම පුරුදු වෙලා ගිහින්.. හැඟීමක් නොදැනෙන ගානටම..

ගෙදර ඔරලෝසුවේ රෑ අට වදින සද්දේ මම අහගෙන හිටියා.. දැන් නම්
රැය උදාවෙලා.. දොර අයිනේ එල්ලලා තිබුන කබායත් අතට අරගෙන පිටිපස්සේ ගේට්ටුවෙන් පාරට ආවේ ඒ හරිය නිතරම වගේ පාළු හන්දා.. මම කැමති නැහැ කවුරුවත් මම ඉන්න තැන ගැන දැන ගන්නවට.. පාළු මාවතෙන් ආව වුනත් පුරුදු විදිහටම මම ඇවිදන් ආවේ ගේ ඉස්සරහා පාරට.. ඒ නන්නාදුනන කෙනෙක් වගේ ගේ දිහා එක විනාඬියකට බලාගෙන ඉන්න..

මං හිටපු තැනට ටිකක් එහාට වෙන්න හිටියේ තරුණ යුවලක්.. ඔවුනුත් අහම්බෙන් වගේ මගේ ගේ දිහා බලාගෙන හිටියේ ලස්සන විදගන්නම නෙමෙයි කියලා මම හොදටම දන්නවා.. ඒ හිත්වල තිබුන කුතුහළය ඈතින් හිටියත් මටත් හොදටම දැනෙනවා.. මම පියවර දෙක තුනක් ඔවුන් හිටිය දිහාවට ගියේ ඒ කතා බහට ඔවුන්ට නොදැනෙන්න ඇහුම් කන් දෙන්න..

" සිටුවරයෙක්ගේ වෙන්න ඇති.. නැත්නම් මේ හරියේ මේ වගේ ගෙයක් තියෙන්න විදිහක් නැහැ.."

" වෙන්න ඇති, ඒත් මට නම් පේන්නේ මහ මුසල පෙනුමක්.."

මම ඔහු දිහා බලන්න උත්සාහ කලා.. රස්තියාදු හැඩ රුවක් තිබුන ඔහු කොහෙත්ම ඈට ගැලපෙන්නේ නෑ කියන හැඟීම හදිස්සියෙම මගේ හිතට ඇතුළු වුනා..

" ඇයි එහෙම කියන්නේ?"

" නෑ කැත්‍රීන් බලන්න, අඩුම ගානේ විදුළි ආලෝකයක්වත් නැහැ ගෙදර.. වට පිටාව වුනත් ඒ වගේමයි.. සිටුවරයෙක් වුනත් මහ අමුතු විදිහක කෙනෙක් වෙන්න ඇති.."

මොනවා වුනත් ඔහුගේ කතාවේ තිබුනේ ඇත්තක්.. මම ඒ ගැන කල්පනා කලා.. පාරේ ඉදන් බලද්දී පේන්න තිබුනේ අඳුරින් වට වුන ගෙයක් විතරයි.. පාරේ තිබුන ගෑස් ලාම්පු වල එළිය යාන්තමට නොවැටෙන්න එතන ගෙයක් තියෙනවද කියලවත් හිතා ගන්න අමාරුයි.. රෑ උදා වුනත් ටිකින් ටික අපි අතරින් යන අය වැඩි වුන හන්දම මම එතනින් ඈතට ඇවිදන් ආවේ ඔහු කියපු දේවල් හිතේ තියාගෙනම.. සමහර විට මිනිස්සුන්ට මං ගැන හිතන් ඉන්න විදිහ ටිකක් හරි වෙනස් කරන්න පුළුවන් කමක් මට තියේවි..

පැරීසියේ වීදි අතරින් ඇවිදගෙන ආවේ එක අරමුණක් හිතේ තියාගෙන.. ඒ කාව හරි මුණගැහේවි කියන බලාපොරොත්තුවෙන්.. මිනිසුන්ගෙන් පිරිලා ගිය අවන්හල්, බීර වෙළදසැල් පහු කරන් ටිකක් දුර එන්න ඇති.. නගරයෙන් ඈත් වුන නිසාම පාරේ ඉදලා හිටලා ගමන් කලේ අශ්වකරත්තයක් හෝ දෙකක් විතරයි.. ටිකින් ටික හැම දේම පාළුවට හැරෙන්න පටන් අරන්.. මම කැමති විදිහටම..

ගෑස් ලාම්පු එළියවත් ඕනෑ තරමට නොවැටෙන අතුරු පාරක් දිගේ මම ඇවිදන් ආවා.. හැම අතකම තිබුනේ දැඩි නිහැඬියාවක් විතරයි.. අරමුණක් නැතුව ආව දුර වැඩි නිසාමද කොහෙද හිතේ ගැස්ම හුඟක් වැඩි වෙලා.. අඳුරු නිහඬ මාවත දිගේ මම තව දුරක් ඇවිදන් ආවා..

" ඒයි, ඔය පැත්තට යන්න එපා.."

බලාපොරොත්තු නොවුන වෙලාවක ඇහුන කටහඬින් හිතට දැනුනේ තිගැස්සමක්.. ඒ වචනත් අනතුරක සේයාවක් හඟවපු හන්දා ඒ තිගැස්ම තවත් වැඩි වුනා.. පටු මාවතේ හැම තැනකම තිබුනේ පැහැදිළි බවක්.. කටහඬක් ඇහුනත් කවුරුවත් දකින්න හිටියේ නෑ.. දෙපැත්තේ තිබුන ගොඩනැගිලි වල ඉහළ මාලයන් දිහා බැළුවත් කිසිම කවුළුවක් මේ පාර පැත්තට නොතිබෙද්දී මට කතාකලේ කවුද කියන එක ගැන හිතට ආවේ කුතුහලයක්..

" ඔබ කවුද?"

අවසානයේ මම ඇහුවා.. ඒත් තිබුනේ නිහැඬියාවක් විතරයි.. මම ආයෙමත් ඇහුවා.. හැබැයි කලින්ට වඩා හයියෙන්..

" ඔය පැත්තට යන්න එපා.. ආයෙම හැරිලා යන්න.."

කටහඬ එන දිහාව දිගේ ඒ කවුද කියන එක හොයන්න උත්සාහ කලත් ඒකෙන් ප්‍රයෝජනයක් තිබුනේ නෑ.. මම දන්න එකම දේ ඒ පිරිමි කටහඬක් විතරයි කියන එක..

" ඇයි මොකද්ද හේතුව?"

" ජීවත් වෙන්න ආසනම් ආයෙම හැරිලා යන්න.."

" ඇයි?"

අපේ කෙටි කතාබහ අතරේ මම දකින්න උත්සාහ කලේ ඔහුව.. ඒත් තිබුන අන්ධකාරයත් එක්ක මට ඒක කරන්න පුළුවන් වුනේ නැහැ..

" ඒ දේවල් ගැන දැන ගන්න ප්‍රමාද වෙනවට වැඩිය ආයෙම හැරිලා යන එක නුවණක්කාර තීරණයක් වේවි.."

" ඔබ වගේ හැංඟිලා ඉන්න කෙනෙක් කියන දේවල් විශ්වාස කරන එක සමහර විට මෝඩ කමක් වේවි.."

" එහෙමද?"

ඊට වඩා පිළිතුරක් මම බලාපොරොත්තු වුනා වුනත් මට සිද්ද වුනේ ඒ හැඟීම යටපත් කර ගන්න.. ටික වෙලාවකට අපි අතර රැදුනේ නිහැඬියාවක්.. මම ආයෙම එතනින් ඈත් වෙන්න හිතුවෙට් ඒ හන්දමයි..

" ඔහොම ඉන්නවා.."

මම පියවර දෙක තුනක් ඉස්සරහට යද්දිම ඔහු ආයෙම මාව නතර කලා.. ඒ පාර ඒ කටහඩේ තිබුනේ සැරපරුෂ බවක්.. කෙනෙක් නොපෙනන හන්දම ආයෙම හැරිලා බලන්න තරම් උනන්දුවක් නොතිබුනත් මගේ පිටිපසින් යමක් සෙලවෙන සද්දෙට මම හැරිලා බැළුවා.. බිත්තියට හේත්තු කරලා තිබුන ලී දෙක තුනක් එහාට කරගෙන ඒ අතරින් තිබුන පුංචි හිදසකින් ඔහු එළියට ආවේ හරියට ගුහාවකින් එළියට එන සතෙක් වගේ..

මම ඔහු දිහා හොදින් බැළුවා.. කිළුටු වෙලා ගිය ඇඳුනුත්, මුහුණ පුරා වැවුන රැවුලත් අපිරිසිදුවට තැනින් තැන කළු වෙලා ගිය මුහුණත් එක්ක ඔහුගේ තිබුනේ අප්‍රසන්න බවක්.. ඔහු අවට හැම දෙයක්ම දිහා හොදින් බැළුවේ හොද නිරීක්ෂකයෙක් වගේ.. මම ටිකක් ඒ දිහා බලාගෙන හිටියා..

" උඹ ඔය පාරෙන් ගියොත් මැරුම්කනවා.."

ඒ පාර ඔහුගේ තිබුනේ වෙනස්ම භාෂාවක්.. මම ටිකක් සැරෙන් ඔහු දිහා බැළුවා.. ඒක ඔහුට තේරුණා වෙන්න ඇති..

" කියන දේ තේරුම් ගන්න.."

" කවුද මාව මරන්නේ?"

තේරුමක් නැතුව එකම තැන නතර වෙලා තිබුන කතාව මට ඉස්සරහට ගෙනියන්න ඕන වුනා.. ඔහු තව ටිකක් මගේ ලගට ආවා.. ඔහුගෙන් හමාගෙන ආව දුඟදේ තිබුනේ මහා අප්‍රසන්න බවක්..

" ලේ උරා බොන්නෙක්.."

" ලේ උරා බොන්නෙක්?"

" ඔවු.."

ඔහුගේ දෑස් බොහොම විමසිලි වන්තව ඒ මේ අත බැළුවා.. අඳුරු තැන් දිහා ඔහු තරමක් වෙලා බලාගෙන හිටියා..

" එහෙනම් ඔබට ඒ කතා අහන්න ලැබිලා නෑ.."

" මොන කතාද?"

මට ඕන වුනේ ඔහුගෙන් හැම දේම දැන ගන්න.. හැම දෙයක්ම කියන්න කලින් ඔහු ඔහුට ඕන කාලය අර ගත්තා.. ඒ අවට හැම දෙයක්ම දිහා හොදින් බලන්න..

" මට ඒ සද්දේ මුලින්ම ඇහුනේ දැනට අවුරුද්දකට විතර කලින්.. ඒක විලාපයක්.. කන් බිහිරි කරවන තරමේ විලාපයක්.. නගරයේ රෑ නිදාගන්න තැනක් නොතිබුන හන්දම අමාරුවෙන් හම්බුන හොදම තැන තමයි මෙතන.. පොලිස් බටයන්ගෙන් කරදරයක් නෑ.. කොටින්ම කවුරුවත් මේ පාර දිගේ ඇවිදන් යන්නෙත් නෑ.. ඉතින් මට ඕන කරන නිදහස මං කැමතිම විදිහට තියෙනවා.. මම මෙතනට ඇවිත් ගෙවුනේ රෑ දෙකක් විතරයි.. පාරේ යාන්තමට මට අඩි සද්දයක් ඇහුනා.. මම හිතුවේ පොලිස් බටයන් කියලා.. ඒ හන්දම මම හැංගිලාම හිටියා.. මම එහෙමම ඉදන් ඒ අඩි සද්දේ ඈතට යනකන් අහගෙන හිටියා.."

" ඉතින්.."

" ඒ අඩි සද්දය ඇහිලා ටිකකින් මට ඇහුනේ විලාපයක්.. ඒක ගෑණු කටහඬක්.. එළියට ඇවිත් බලන්න ඕන කමක් තිබුනත් මම ආවේ නැත්තේ ඒ කෑ ගැහිල්ලට පොලිස් බටයෝ ඒවි කියලා හිතුන හන්දා.."

" ඉතින් පොලිස් බටයෝ ආවද?"

" නැහැ.. මම එහෙමම ටිකක් වෙලා හැම දේකටම ඇහුම්කන් දීගෙන හිටියා.. ඒත් නිහැඬියාව ඇරෙන්න වෙන කිසිම දෙයක්  තිබුනේ නෑ.. පහු වෙලා හරි පොලිස් බටයෝ එයි කියලා හිතුන නිසා මම එළියට ආවේ නෑ.. ටික වෙලාවකින් මට එහෙමම නින්ද ගිහින්.. පහුවදා උදේ ඇහැරිලා මෙතනින් එළියට ගිහින් බලද්දී වටපිටාවේ හැම දෙයක්ම වෙනදා වගේම සාමාන්‍යයි.."

" එහෙනෙම ඔබට ඇහුනේ මරණිය කෑ ගැහිල්ලක් නොවෙන්න ඇති.."

මම ඔහුගේ කතාව අවසානයේ අසතුටින් ප්‍රකාශ කලා.. ඒ වුනත් ඔහුගේ මුහුණේ තිබුනේ ඊට වඩා වෙනස්ම වුන හැඟීමක්..

" මාත් හිතුවේ එහෙම.. ඒත් ඒ තවත් රාත්‍රීන් දෙක තුනකට විතරයි.. ආයෙමත් මට ඒ විලාපයම ඇහුනා.. එදා මම මේ ලෑලි ටිකක් එහාට කරලා කරුවලේම පාර දිහා බලාගෙන හිටියා.. ඒත් කවුරුවත් මේ පාර දිගේ ඇවිදන් ආවේ නෑ.. ආන්තිමේ මම පාර දිගේ ටිකක් දුර ඇවිදන් ගියා.. ඒත් මං කිසිම දෙයක් දැක්කේ නෑ.."

" එහෙනම් ඔබ කොහොමද ලේ උරාබොන්නෙක් ගැන කියන්නේ?"

" ඔවු ඒ ලේ උරා බොන්නෙක් තමයි.. එහෙම නැත්නම් කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ.. මට හොදටම විශ්වාසයි මට ඇහුන විලාපයන් ගැන.. ලේ බිවුවට පස්සේ ඌ මිණිය අරගෙන යන්න ඇති.. මම අහලා තියෙනවා ලේ බිවුවට පස්සේ ඒ අයත් ලේ උරාබොන්නෝ වෙනවා කියලා.."

" ඔබට විකාර.. මේ දේවල් අහන් ඉන්න මගේ කාලය අපරාදේ.."

මම අයෙම යන්න ආව ගමන යන්න හැරුනා.. ඒත් ඔහුගේ ඉවරයක් නැති කතාව ආයෙම මාව නතර කරා..

" මේ පාරවල් වල මේ වෙලාවට ගණිකාවක් හොයාගන්න එක ඒ තරමටම අමාරු දෙයක් නෙමෙයි.. ඔවුන්ගේ ජීවිත වල වගකීමක් නෑ.. බැදීමක් නැහැ.. ඔවුන් ගැන හොයන්න කෙනෙක් නෑ.. ඉතින් එහෙම කෙනෙක් මේ පාරක හදිසියේ අතුරුදහන් වුනා කියලා ඒක ගැන වද වෙන්න තරමේ කෙනෙක් නැහැ.. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් ඇති ඒ ගොදුරු ගැන උදේ වෙද්දී කවුරුවත් නොදන්නේ ඇයි කියලා.."

ඔහු ඔහේ කියවගෙන ගියා.. නූගතෙක් යාචකයෙක් වුනත් ඔහු හැම දෙයක් දිහාම හොදින් බලාගෙන ඉන්න කෙනෙක් කියලා තේරුම් ගන්න මට ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ..

" ඔබ ඌව දැකලා තියෙනවද?"

" නැහැ.. ඒත් පෙනුම හිතාගන්න එක ඒ තරම්ම අමාරු නැහැ.. මෘගයෙක් වගේ ඇති.. ඒ ඇස් වලින් ගැලවිලා පැනල යන්න කොහොමත් අමාරුයි.."

" ඉතින් ඔබ ඇයි මෙතනම හැංගිලා ඉන්නේ එහෙනම්?"

ඔහු ඒකට උත්තරයක් දෙන්න හද්දද්දිම ඔහුගේ තියුණු කන් යොමු වුනේ පාර දිහාවට.. ඈතක ඉදන් යන්නතමින් ඇහුන අඩි සද්දය ටිකින් ටික වැඩි වුනා.. කලබල වුන ඔහු ආයෙම ඔහුගේ සුපුරුදු තැනට රිංගන්න උත්සාහ කලත් මම ඔහුව නතර කර ගත්තා..

දිගු ගවොමත් දෑස් වැහෙන තරම් පහලට දැමු හිස් අවරණයත් පැළදි
කාන්තාව ඇවිත් නතර වුනේ අපි ලග.. බැළු බැල්මට ඇයට තිබුනේ ප්‍රභූ පෙනුමක්.. ඇය කොහෙත්ම ගණිකාවක් නොවන බව ඇගේ හැසිරීම් වලින් හොදටම තේරුම් ගන්න පුළුවන්.. ඇය යාචකයා දිහා බැළුවේ පිළිකුල් සහගත් බැල්මකින්..

හිස් ආවරණය ගැලවූ ඇය කෙලින්ම බැළුවේ මං දිහා.. ඇය සුරූපිණියක් බව තේරුම් ගන්න ඒ බැල්ම විතරක්ම ඇති..

" මට චැතර් වීදියට යන්න ඕන.. ඔබට පුළුවන්ද මට උදවු කරන්න.. මේ අඳුර හන්දා මට ගමන් කරන්න අපහසුයි.."

" ඔවු, පුළුවන් මෙනවිය.."

ඔහුගේ බැල්ම තිබුනේ මාව නතර කරන්න වගේ හැඟීමකින්.. දුහුවිළි පිරුණ ඔහුගේ කබායෙන් යාන්තමට අල්ලගෙන් ඔහුව පියවර කිහිපයක් ඈතට ඇදගෙන ආවේ ඔහු ලග ගැවසීම ඇයට ඒ තරම්ම රුස්සන දෙයක් බව නොපෙනුන නිසාම..

" මේ අහනවා.. ඔය විකාර කතායි, ඔය බයයි තමුන් ලගම තියා ගන්නවා.. ආ, මේ ෆ්‍රෑන්ක් දහය.. ලග තියෙන තැබෑරුමෙන් හොද වයින් එකක් අරන් බීලා නිදාගන්නවා.. එතකොට ඔය විකාර ඇහෙන එක නවතීවි.."

මං දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියත් මම දුන්න සල්ලි අර ගන්න ඔහු අමතක කලේ නෑ..

" අපි යමුද මෙනවිය.."

ඈ මගේ අතින් අල්ලගත්තේ අපි කාලයක් ඉදන්න දන්නා හදුනන අය වගේ.. ඊට විරුද්ද වෙන්න තරම් මෝඩ සිතුවිල්ලක් මගේ ලග නොතිබුන නිසා මම ඇයත් එක්කම වීදිය දිගේ ඇවිදන් ආවා..

" මම මාර්ලන්, ඔබ?"

" මම ඇග්නෙස්.. චැතර් වීදියේ තියෙන සිටු මැදුරේ මම ඉන්නේ.."

" ඔබේ ඇදුම් පැළදුමෙන්ම තේරුනා ඔබ වංශවත් බව.. ඒත් මේ වගේ වෙලාවක තනියම ඔබ?"

" මම යෙහෙලියන් එක්ක එළියට ගියා.. චැතර් වීදියට යන්න තියෙන ලගම පාර මේක.. ඒත් අඳුර හන්දා හිතට පොඩි බයක් දැනුනා.. ඔබ මොනවද අර යාචකයා එක්ක කලේ?"

අපි අවට තිබුනේ ඝණ අඳුරක්.. පාරේ තිබුන ගෑස් ලාම්පු එලිත් මොකද්දෝ හේතුවකට නිවිලාඅ ගිහින්.. මම ඇයට අහපු දේට ඇත්තම කියන්න තීරණය කලේ ඇගේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද කියලා බලන්නත් එක්කම..

" ඔහු මාත් එක්ක හරි අපූරු කතාවක් කිවුවා.."

" මොකද්ද?"

මම ඔහු කියපු හැම දෙයක්ම ඇග්නෙස්ට කිවුවා.. ඇගේ දෑස් වල පුදුමයක් තිබුනත් බයක් රැදිලා තිබුනේ නෑ..  ඒක මගේ හිතට විමතියක් වුනා..

" මහ විකාර කතාවක්.. මට නම් ඔය කියන විදිහේ විලාපයක් ඇහිලා නෑ.. ඒ මිනිහා බේබද්දෙක්ද කොහේද?"

චැතර් වීදිහට ටිකක් දුරින් තිබුන පල්ලිය ඉස්සරහා ගමන් කරමින් හිටිය අපි මොහොතකට නතර වුනා.. අඳුර තාමත් ඒ වගේමයි.. ගිම්හානයේ වුනත් හුළගත් එක්ක ආව යන්තම් සීතල ඇඟට හොදට දැනුනා.. 

මාවතේ හිටියේ අපි දෙන්න විතරයි.. ඇගේ ඇස් වල කුතුහළයෙන් යුතු බැල්මක් නිතරම වගේ තිබුනත් ඇය හිටියේ ඒක හංඟගන්න ලොකු උත්සාහයක.. සමහර විට හිතට දැනෙන බය අඩු කර ගන්න වෙන්න ඇති..

" ඒ කියන්නේ ඔබ එහෙම දේවල් වලට බය නැහැ.."

මම ඇගෙන් ඇහුවා.. ඇගේ මුහුණේ තිබුනේ සිනහවක් විතරයි..

" එහෙමමත් නැහැ.. ඒත් ඒ වගේ මෘගයෙක් මිනිස්සු ගැවසෙන තැන්වලට එන්නේ නෑ කියලා මම දන්නවා.. අර මිනිහා කිවුවත් වගේ ගණිකාවෝ ඇරෙන්න වෙන කාවවත් ගොදුරු කර ගන්න වෙන්නෙ නෑ ඌට.."

ඇගේ කතා විලාශයට මට සිනහවක් ආවේ ඉබේටම වගේ.. ඒ කටහඩේ වෙවුලන ගතියක් තිබුනත් ඇය මුහුණට බලෙන්ම වගේ එකතු කරන් හිටිය හිනාවට ඒ හැම දෙයක්ම වැහිලා තිබුනා..

" ඒත් ඔබ දන්නවද ඒ වගේ මෘගයන්ට මිනිස් වෙස් අර ගන්නත් පුළුවන් කියලා.. ඊට පස්සෙත් ඌත් සාමාන්‍ය මිනිහෙක්ම තමයි.."

" මම හිතන්නේ නෑ.."

" ඔබට විශ්වාස කරන්නම වෙනවා.."

ඇගේ මුහුණේ තිබුනේ විමතියක්.. ඒ විමතිය බයකට හැරෙන්න ගෙවුනේ මම මගේ මුහුණුවර මාරු කර ගන්න ගත වුන කාලය විතරයි.. මම මගේ අරමුණ ඉටු කර ගත්තා..මගේ දෙතොල් වලට දැනුන ඒ ලේ රහ මගේ පිපාසය හොදින්ම සංසිදෙවුවා..

මම බැළුවේ ඒ ඇස් දිහා.. බයේ ගල් ගැහුන ඇස් එහෙමම නිසල වෙලා ගිහින්.. ඇය ලස්සනයි.. නමුත් ඇය තවත් එක කාන්තාවක් විතරයි.. මට මතක් වුනේ ඔහුව.. ඔහුට තවත් එක විලාපයක් ඇහෙන්න ඇති.. තව කාට හරි කියන කතාවකට තවත් විලාපයක් එකතු වේවි..  ඒත් ඒ දේ කවුරුවත් විශ්වාස නොකරාවි..


නිමි..

74 comments:

  1. මට කියන්න තියෙන්නේ පට්ටයි කියලා තමයි මචං..මේක කෙටි කතා ශෛලී කීපයක හොඳ සම්මිශ්‍රණයක්..පාඨකයන් බලන් ඉන්න අවසානය නොවෙයි කුතුහලය දනවන කතාවක අවසානය කෙලෙසකවත් නොසිතූවක්..හැබැයි අවසානය දැනගත්තම තේරුම්ගන්න පුළුවන් කතාව පුරාවටම කරුණු ගලපලා තියෙන්නේ අවසන් ප්‍රතිඵලය සනාථ වෙන විදියට කියලා..කොහොම වුනත් මාරයි මචං

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ජනා, හිතට ආව දේ ලියාගෙන ගියා.. ඒත් කතාවේ මට අඬුවක් දැනෙනවා.. මම තාම ඒක ගැන හිතනවා.. මන්දා..

      Delete
  2. ඩිග් ඩිග් ඩිග්.... හම්මේ තාම ගැහෙනව යකෝ. Twilight කතාවක් බලල බය අමතක කරගන්න ඕන. පස්ටයි ඈ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, තාම ගැහෙනවද? හා හා ඔය බය ඇරෙන්න ඉතින් එහෙම එකක්ම තමා හරි යන්නේ.

      Delete
  3. කියා ගන්න වචන නෑ බං. නියමයි. මෙහෙම දෙයක් නිකමට වත් හිතුන්නෑ. ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බැලුව වගේ. (y)

    ReplyDelete
    Replies
    1. කිවුවත් වගේ පැයක විතර ශෝට් ෆිල්ම් එකකට මරු තමා.. ඒත් ඉතින් අපිට ලියන්න විතරනේ පුළුවන්..

      Delete
  4. බයහිතෙනවා බොල, ආයි මරු කතාවක්, කනාවේ මුල එක විදියක්, මැදදි තව කතාවක් , අගදි තවත් කතාවක්, ඔයාගෙ කතා ශෛලිය නියමයි අයියේ, එක හුස්මට කියෙවිවා, මං හිතුවෙ අර කෙල්ලත් එක්ක සෙට් වෙයි කියලා වගේම ඇය වංශවත් ගණිකාවක් කියලා, පාඨකයව ෆුලු හොල්මං වෙන්න ලියලා, මරු ජය වේවා.

    ReplyDelete
    Replies
    1. උඹව මේ පැත්තේ දැකීමත් සතුටක්.. කෙල්ලගෙන් කතාව හිතන විදිහ වෙනස් වෙනවා කියලා දැනන් හිටියා.. ඒකම වෙලා තියෙනවා..

      Delete
    2. අනිවා ආයි සයිබරයෙ කරක් ගහන්න ගත්තම "වර්ණ" අමතක වෙන්නෙ කොහොමද? :D

      Delete
    3. එල එල, උඹත් ඒ දවස් වල මගේ හිතට තදින් වැදුන කතා ලිවුවා.. කොටින්ම අපි එකම වගේ කතාවකුත් ලිවුවා අහම්බෙන් වගේ.. මතකද? ආයෙම ඒ වගේ ලියපං..

      Delete
    4. පුළුවන්නම් හොයලා දෙන්නගෙම කතා දෙකේ ලිංක් දෙක දියල්ලා තරහා නැතිව. කියවන්න ආස හිතුනා. :)

      Delete
    5. හි හි ආයි වැඩ අල්ලනෝ වෙලාව ලැබෙන විදියට හිටු කියලා, ස්තූතියි දිනේශ් අයියේ, ආයි පරණ ලියන්නව එලියට ගන්න සෑහෙන්න ගේමක් දෙනවා, ඉස්සසරහට අපූරු පෝස්ට් ටිකක් එලියට දාන්නංකෝ :D

      @ චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) අයියා : මම හිතන්නෙ දිනේශ් අයියා ඔය කිව්වෙ අලුගෝසුවා ගැන ලියපු කතාව වෙන්නැති මගෙ හිතේ, හප්පේ කොයි කාලෙද, නැති ටිකට සයිබරය සෑහෙන්න වෙනස් වෙලා, මෙන්න මගේ ඒ lකතාවේ ලින්ක් එක :D
      http://sonduruminisa.blogspot.com/2012/03/blog-post_20.html
      දිනේශ් අයියගේ කතාවනං හෙයා ගන්න බැරි උනා ඈ :(

      ඇයි දිනේශ් අයියේ මේ දෙක
      මේ මගේ පෝස්ට් එක
      http://sonduruminisa.blogspot.com/2012/03/vs.html

      මේ අයියගෙ පෝස්ට් එක
      http://dineshumagiliya.blogspot.com/2012/03/blog-post_29.html

      :D

      Delete
    6. @ප්‍රියා ඔය දීලා මලයා ලින්ක් ටික ඔක්කොම.. ඔවු ඔවු අළුගෝසුවා තමයි මේ තියෙන්නේ මගේ ලින්ක් එක..

      http://dineshumagiliya.blogspot.it/2012/04/blog-post.html

      Delete
    7. @සොදුරු මිනිසා, අම්මට සිරි මලය මට ඒක අමතකම වුනානේ.. නැතුව නැතුව ඕක මේ අපේ අප්සට් කවි සෙට් එකේ එකක්නේ..

      අඩේ අපි ඒ දවස් වල කොච්චර දේවල් ලිවුවද? ආයෙම ලියමු බං.. එක වගේ දේවල් වුනත් දෙන්නෙක් ලියද්දී ඒකේ පොඩි ගතියක් තියෙනවනේ..

      Delete
    8. ආයිත් අහලා අයියේ, කෙහෙන් හිතට එන බහුබූතද මන්දා :D

      Delete
    9. බොලා දෙන්නටම තෑන්ක්ස් මචෝ.

      Delete
    10. සොදුරු මිනිසා, අනිවා මචං.. හිතට එන දේ මිසක් බලෙන් ලියන්න යන්න හොද නෑ බං..

      Delete
    11. ප්‍රියා, තෑන්ක්ස් මචං උඹටත්.. උඹ හන්දා පරණ මතක ටිකක් ඇවිස්සුන..

      Delete
  5. ඒ මේක නම් සුපිරිම කතාවක් දිනේශ්....මං දෙපාරක්ම කියෙව්වා. ඇත්තටම ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි. (Y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ චම්ස්..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි!
      (අනේ ඉතිං මටත් ඔය වගේ වැඩ වෙලා තියනව. මං කියන්නෙ මාලන් හා වැම්පයර් දෙන්නගෙම පැති වලිං බැලුවොත්! ;) :D )

      Delete
    2. හෑ, මොකද්ද ඒ කේස් එක?

      Delete
    3. එක්කො මං ගොදුරු වෙනව, නැත්තං මං කාවහරි ගොදුරු කරගන්නව!
      හැමදාම වෙච්ච එ්ව තමා

      Delete
  7. හැම දා ම වගේ මරු!!! කඹාය නෙමේ කබාය හොඳේ.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්නුවට තැන්කූ.. මම ඒක හැදුවෝ..

      Delete
  8. දිනේශ්ගේ බලපු හොඳම පෝස්ට් එක මේ...(හැමදාම ඉතින් හිතෙන්නේ මෙහෙමලු )
    ලියලා තියෙන විදිය හරිම අපූරුයි. අවසානය බලාපොරොත්තු රහිත එකක් වීම හන්දා ඇඟේ ඔන්න හිරිගඩු (හරි ඇතිනේ ) පිපුණත් එක්ක. ඇත්තටම රුසියන් ලේඛකයෙක් මතක් උණා...

    මම හැමදාම කියන දෙයක් ඔයා ඔය පරිසරය ගැන ලියනකොට ඒ කතා තාත්විකයි කියලා. ඔයා ඒක නැවත පාරක් ඔප්පු කරලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හැමදාම එහෙම අහන්න ලැබෙන එකත් සතුටක් පොඩ්ඩි අක්කේ.. පරිසරයනම් ඉති ඇදලා ගන්නේ කතාවට පොඩි සජීවි බවක් එක්තු කරන්නත් එක්කම තමයි..

      Delete
    2. පොඩ්ඩිගෙ කතාවට මමත් එකගයි...

      කුතුහලය පිරුණු... ආරම්භයේ ඉඳන්ම හිත ඇද බැඳ තබා ගත් කතාවක් මල්ලි.. ලස්සනයි....

      Delete
    3. තෑන්ක්ස් තරූ අක්කේ..

      Delete
  9. හ්ම්ම්ම්ම්.....විශිෂ්ටයි.......
    කියවන්නාට අවසානය ගැන සිතන්න ඉඩ නොතබා අවසන් කිරීම සුපිරිය.....

    ReplyDelete
    Replies
    1. අවසානය ගැන හිතන්න තියෙන කතා කිහිපයක්ම ඔළුවේ තියෙනවා.. ඒවා ඉතින් හෙමීට ලියලා දෙන්නම්කෝ..

      Delete
  10. මරු මචං..විස්තර කරන්න වචන නෑ. අන්තිම මොහොත වෙනකල් මේ විදියට කතාව ඉවරවෙයි කියල කොහොමටවත් හිතුනෙ නෑ. මං හිතුවෙ අර සුරූපී කාන්තාව වැම්පයරයෙක් වෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. කතාවේ නොමග යැවීමේ කොටස සාර්ථක වෙලා.. ඒක ගැන මම සතුටු වෙනවා.. මුලින් ලියන් ගියේ වෙනස් විදිහකට.. පස්සේ ඒක වෙනස් කරලා මෙහෙම ලිවුවා..

      Delete
  11. මේක නං නියමයි... යාචකයා බේරෙන්නේ එයා කාන්තාවන් විතරක් සනසන නිසා වෙන්ටැති.. යාචකයා හිතපු හැම දෙයක්ම හරි නේ..

    නියම කතාව.. අවසන වෙනකං මං හිතුවේ වැම්පයර් අර කාන්තාව කියලයි..

    පොඩ්ඩි නං මේ කතාව දහ දොලොස් පාරක් වත් බලාවි ඒක සුවර්...

    ReplyDelete
    Replies
    1. යාචකයගේ හැටියට එයාගේ ලේ බොන්න වැයම්පයර් පෙළබෙයි කියලා දේශා හිතනවද? අරහෙම කිළුටු පිටින් ඉද්දී.. අනික ඉතින් ඔහු ගැන කතාවක් පැතිරෙන්න කාරණාවක් තියෙන්නත් ඕනනේ.. අනිත් අය විශ්වාස කලා හෝ නොකලා..

      Delete
  12. නියමයි මං හිතුවෙ අර කාන්තාව තමා වැම්පයර් කියලා අවසානේ බලනකොට වැම්පයර්ටම අර මනුස්සයා කතාව කියලා තියෙන්නෙ ...නියමයි ..

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම් හිතුවේ වැයම්පයර්ගේ අතින් යාචකයා මැරෙන විදිහට ලියන්න.. ඒත් පස්සේ මේ විදිහට වෙනස් කලා...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට නම් " සරුංගලය " තමා හොදම.. ^_^

      Delete
  14. බලාපන් අර කෙල්ල අර යකාව විශ්වාස කරලා කර ගත්තු දෙයක්.
    කතාව නම් පට්ටෙටම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්න්නේ.. විශ්වසයන් වරදින වෙලාවල් තියෙනවා.. ඒක හැම දේකදිම පොදුයි..

      Delete
  15. දිනේෂ්....උඹ දක්ෂ කතා මවන්නෙක්. දක්ෂ ලේඛකයෙක්!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. ඇත්තටම මම දවසක වෙන්නත් ආසම ඔයා ඔය කියපු විදිහේ කෙනෙක් තමයි.. බලමුකෝ ඉතින් හෙමිට..

      Delete
    2. කිසි දෙයක් එකවර සහ හදිසියට වෙන්නේ නැහැ. උඹට තව හැතැප්ම ඕන තරම් තියෙනවා. ඒවා නිවැරදිව ඇවිද්දොත් ගමනාන්තයට වඩා ගමන් මග උඹව සාර්තක මිනිසෙක් කරයි. උඹට ජය!!

      Delete
    3. ඒක ඇත්ත අයියේ.. පොතක් ගැන පුංචි බලාපොරොත්තුවක් මේ ටිකේ හිතේ තියාගෙන ඉන්නේ.. අපි බලමුකෝ හෙමිහිට..

      Delete
  16. නියමයි දිනේෂ්.....................

    ඔබ සතුව නියම හැකියාවක් තියෙනවා. මේ විදිහට ටිකක් ප්‍රගුණ කරලා ඊට පස්සේ බ්ලොග් එකෙන් එළියට ගිහින් උත්සහ කරන්න කියලයි අපි නම් ඉල්ලන්නේ. ඒ කියන්නේ බ්ලොග් අත අරින්න නෙමෙයි. හැකියාව ලෝකයට ඉදිරිපත් කරන්න කියලයි...................

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකෙන් එලියට යන්න හැමදේම සූදානම් කරගෙන හරි අවස්ථාව එනකන් බලාගෙන ඉන්නවා කිවුවොතින් හරියටම හරි මම.. අපි බලමුකෝ ඒ අවස්ථාව ලැබෙනකම්..

      Delete
  17. ලස්සනට ගලපලා තියනවා, කියවන්න ආස හිතෙන විදියට, සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  18. මේක හරියට ඉංග්‍රීසි පරිවර්තනයක් වගේ ලස්සනයි..... මේ කතා කලාවට මම කැමතියි.....දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. මමත් දැන් කැමති මේ කතා කලාවට තමයි.. බලමුකෝ අපි තව ඉස්සරහට තව කතා ටිකක්..

      Delete
  19. නියම හොරර් නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බය වුනේ එහෙම නැහැනේ?

      Delete
  20. හේ යි අයියා... තාම වැඩ වගෙ,,,!!

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මේවා දාලා කොහේ කියලා යන්නද බං මලයෝ..

      Delete
  21. කියන්න හිතපු හැම දෙයක්ම මොකෙක් හරි කියලා ,එන්න පරක්කු වුනාම ඔහොම තමයි .කමක් නෑ . අතිවිශිෂ්ටයි ...එකත් මොකෙක් හරි කියලද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ්, අපායට ගියත් වේලස්සන යන්න කියන්නේ ඕක තමයි බං.. නෑ නෑ උඹට පස්සෙ කියලා.. ;)

      Delete
  22. නෝනා වැම්පයර් කළා නම් කතාව කලින් අනුමාන කරන්න පුළුවන්... ඒත් මේ විදියට අවසානයක් නම් හිතුවෙම නෑ... එතකොට තේරෙනවා අර සිටු මැදුර ගැන මුලින් කීව දේවල් එහෙම උනේ ඇයි කියලා... තවත් අපූරු නිර්මාණයක් දිනේෂ්ගෙන්...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.. මම මුලින් හිතුවේ අර හිඟන්නව මරන්න.. පස්සේ ඉතින් කෙල්ලෙක්ව උස්සන් ආව එතනට.. කතාව එතනදි කට්ටිය වෙනස් විදිහට හිතයි කියලා ගෙස් කරලම මම..

      Delete
  23. ශා.. මේ කතාව නම් පට්ට. මේ සෙට් එකම එකතු කරලා පොතක් ගැහුවා නම් මරු !

    ReplyDelete
    Replies
    1. ගහනවා ගහනවා අයියේ.. ඒකට ඉතින් ටික කාලයක් යාවි වගේ පේන හැටියට නම්..

      Delete
  24. හොදින් රසවිදින්න ලැබුනු කථාවක් මලයො...මුල මැද අග සම්බන්ධය හොදින් පවත්වාගැනීම ඒ සාර්ථකත්වයේ රහස කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු සිරා අයියේ..

      Delete
  25. හපෝ...ඒ පාර වැම්පයර් කෙනෙක් වෙලාද? මොනවා වේගෙන යනවද මන්දා අප්පාඅ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ලොකු.. ඇයි හොද නැද්ද? බලන්නකෝ ඊලගට ලියන එක මම.. ;)

      Delete
  26. එක්දහස් අටසිය ගණන් වල පැරීසියේ අඳුරු මාවතක් හිතේ මැවුනා. තැචර් කියන එක පැරීසියට ගැලපෙනවද කියන පුංචි ප්‍රශ්නය ආවා. ඒ ඇරෙන්න මේක සුපිරි කතාවක්. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි, දිනේෂ් ගිය ආත්මේ යුරෝපේ හිටිය කෙනෙක් කියන එක.

    ReplyDelete
    Replies
    1. සුදීකට ආපු පුංචි ප්‍රශ්නේ මටත් ආවා.

      Delete
    2. සුදීක අයියට කාලසීමාව හරියටම මැවිලා තියෙනවා එහෙනම්.. මම අශ්ව කරත්ත, ගෑස් ලාම්පු ගැන කියලා අවුරුද්ද ගැන නොකියා ඉදියේ ඒ හන්දමයි..

      සමහර විට අයියගේ විශ්වාසේ හරි වෙන්නත් ඇති.. මොකද මට මේ විදිහට ලියන්න හිතුනේ මේ යුරෝපේ පරිසරයට ආවට පස්සෙනේ.. ලංකාවෙදි මට රචනාවක්වත් ලියා ගන්න බැහැ..

      Delete
    3. අරූ අයියේ, මම නෙට් එකේ පොඩ්ඩක් ඔය පාරවල් ගැන බැළුවා.. තිබුනේ දිව පැටලෙන නම්.. ඒ හන්දා මෙහෙම එකක් දාලා කතාව ලියාගෙන ගියා..

      Delete
    4. උඹට බොරුවට හරි තැෂරුආ වීදිය වගේ එකක් දාන්න තිබුනේ :D

      Delete
    5. ඒකත් හැබැයි හොද අදහස.. ඊලග වතාවේ එහෙම කරන්න ඕන..

      Delete
  27. මම කියෙව්වෙම ඒ ආපු කෙල්ල තමා ඩ්‍රැකියුලා කියලා... සම්පූර්ණයෙන්ම කතාව අන්තිමේදි වෙනස් වුනා වගේම ආපස්සට හිතනකොට ඒ බව මුල ඉඳලම පැහැදිලි වෙන්න තිබ්බනෙ කියලා තේරුනා....

    වචන දෙකක් නෑ සුපිරිම සුපිරි.විශිෂ්ට හැකියාවක්....

    ReplyDelete
    Replies
    1. මේ කතාව මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි දෙපැත්තටම කියවද්දී එන්නේ වෙනස්ම අදහස් දෙකක්.. ගැමියට ඒක දැනිලා.. මට පට්ට සතුටුයි ඒ ගැන..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්