Friday, 18 April 2014

දෙහිතක් තනිකර ඔහු නික්ම ගියේය



ආදරේ කියන්නේ, ආදරේ විදින කෙනා අනුව වගේම ආදරේ දෙන කෙනා අනුව හැමෝගෙන්ම වෙනස් වෙන දෙයක් කියලා මම නිතරම විශ්වාස කලා.. මේ ලොකේ හැමෝටම ඔය අකුරු තුන මොන විදිහක භාශාවකින් උච්චාරණය කලත්, මොන විදිහක සමානකම් වලින් දැක්කත් ආදරේ කියන්නේ වෙනස්ම දෙයක්.. මම ආදරේ විදිනවා, මම ආදරේ දකිනවා ඒ අනිත් අයට වඩා වෙනස් විදිහකට.. මේ හැම ආදරයක්ම අතරෙදි මම ඒ ආදරේ දිහා බලාගෙන ඉන්න පුරුදු වුනා.. ඒ, අහම්බෙන් වගේ..

ලෙයෝ, නමේම තිබුනේ තරමක විතර ආදරණීය බවක්.. ඒ තිබුන යුරෝපීය පෙනුමත් එක්ක දෙතුන් වතාවක්ම බලන්න හිතෙන තරමේ ආකර්ශණයක් ඔහු සතු වුනා.. ලෙයෝ මට මුණ ගැහිලා වැඩි කාලයක් නෑ.. මම හිතන්නේ මාස කිහිපයක් විතර ඇති.. මග තොටදි නිතරම හමුවුන ලෙයෝගේ තිබුන දයාබර ලෙංගතු කමට මම ඉක්මනින්ම වගේ ආස වුනා.. ඒ අනිත් කා ලගවත් ඒ දේ මම නොදැක්ක හන්දා..

නිතරම නැති වුනත් ඉදලා හිටලා වුන අපේ හමුවීම් වල නිතරම ලෙයෝ හිටියේ තනියම නෙමෙයි.. පෙම්වතියන් එක්ක.. ඔවු, ලෙයෝට හිටියා පෙම්වතියන් දෙන්නෙක්.. ලෙයෝ පුදුමාකාර චරිතයක් කියලා මට මුලින්ම දැනුනේ ඒ පෙම්වතියන් දෙන්නා හන්දා.. යුරෝපීය ආකර්ශණීය සුන්දරත්වයක් තිබුන ඇය වගේම ආසියානු හුරුවක දුඹුරු පැහැ සිරුරක් තිබුන ඇයත් ලෙයෝ ලග නිතරම හිටියා..

විටින් විට දැක්කා වුනත් ඒ ආදර කතා දෙකම බොහොම නිදහසේ ගලාගෙන ගියා.. මගේ හිතේ නිතරම ඉතිරි වුනේ කුතුහලයක්.. ඒ ලෙයෝගේ පෙම්වතියන් දෙදෙනම සමහරක් වෙලාවට ලෙයෝ ලගම හිටිය නිසා.. ඔවුන් එකිනෙකාට වෛර කරනවද? එහෙමත් නැත්නම් ආදර හැඟිම හංගන්න උත්සාහ කරනවද?

මම නිතරම උත්තර හොයන්න උත්සාහ කලේ ඒ ප්‍රශ්ණ දෙකට.. ඒත් නිතරම වගේ මම අසාර්ථකයි.. ඒ මගේ ප්‍රශ්ණ නිතරම පරද්දන්න තරමටම ඔවුන් සාර්ථක වෙන හන්දා.. ඔවුන් හැම වෙලාවෙම හිටියේ එකට.. ඒක මගේ හිතේ තිබුන කුතුහලය තවත් වැඩිකරන්න තරමේ කාරණාවක් වුනත් ඒ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නොතිබුන තරම්..

වැඩ ඉවර වෙලා ගෙදර එන හුඟක් රාත්‍රීන් වල නිතරම වගේ ලෙයෝව මට මුණ ගැහුනා.. කාලයත් එක්ක දැන් අපි තව දුරටත් නන්නාදුනන අය නෙමෙයි.. ඒත් හිතේ නිතරම රැදුන කුතුහලයට උත්තර ලෙයෝගෙන් අහලා දැන ගන්න මට බෑ.. ඒ කුළුපග කම, ඒ හිතවත් කම වින්දත් අපි තවම නිහඬයි..

ඇතැම් රාත්‍රීන් වල ලෙයෝ එක්ක සදළුතලේ තනිවෙන පෙම්වතියකගේ ආදරණීය හැඟූම් අහම්බෙන් වගේ මම දැකලා තියෙනවා.. ඒ, අපි හිටියේ හුඟක් ලගින් හන්දා.. ඔවුනගේ පුද්ගලිකත්වයට එබෙන්න තරම් වුවමනාවක් නොවුනත් ඒ හීන් ඉකිබිදුම් යාන්තමින් වගේ ඇහුන දවස් ගෙවුන කාලයේ අතරින් පතර තිබුනා.. ඒ සමහරක් වෙලාවට ලෙයෝගේ යුරෝපීය පෙම්වතිය එක්ක.. එහෙමත් නැතිනම් අනෙක් පෙම්වතිය එක්ක..

කාලයත් එක්ක මේ හැම දෙයක් දිහාම මම බලාගෙන හිටියා.. මම විතරක්ම නෙමෙයි.. අසල්වැසි හුඟ දෙනෙක්ටම ලෙයෝවත් ලෙයෝගේ ආදරයන්වත් නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි.. ඒ තරමටම හැමදේම හුඟක් සමීපව දැනුනා.. හැබැයි ඒ අවාසනාවන්ත දවස එනකන් විතරයි..

එදත් අනිත් දවස් වගේම සාමාන්‍ය දවසක්.. කාර්‍යබහුල දවසක්.. දහවල් අතරමගදිම ඇහුන සමහරක් දේවල් විශ්වාස කරන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ.. ඇත්තටම මට ඒකට ඕන කමක් තිබුනේ නෑ.. ඒ වුනත් යටි හිතේ හෙමෙන් පටන් ගත්ත තිගැස්ම වැඩි වුනේ ඒ ඇහුන හැම දෙයක්ම ඇත්ත කියලා දකිද්දී.. ලෙයෝ යන්න  ගිහින්.. හදිස්සියෙන්ම..

ලෙයෝට වුන දේ දැන ගන්න තිබුන වුවමනාවට වැඩිය මට ඕන වුනේ ලෙයෝව දකින්න.. ඒ සමීපතමයාව තව එක වතාවකට දැක ගන්න.. ඒත්, ලෙයෝව ඒ මොහොතේ ඒ විදිහට නොදැක ඉන්න තිබුනානම් කියන හැඟීම දැනටත් මගේ හිතේ තියෙනවා..

ලෙයෝට හුරුපුරුදු මාවතම ලෙයෝගේ ජීවිතය අරගෙන.. බොහෝම රුදුරු විදිහට.. ඒ දිහා බලා ඉද්දී නෙතට කඳුළක් උනපු එකම කෙනා මම විතරක්ම නෙමෙයි.. තව අය හිටියා.. ලෙයෝට ආදරේ කරපු හුඟක් දෙනෙක් හිටියා.. ඒ හැම වේදනාවක් අතරෙම තවත් ඇස් හතරක් තිබුනා..

ලෙයෝට ටිකක් ඈතින් වෙන්න ඉදන් බලාගෙන හිටිය ඒ ඇස් වල වේදනාව තේරුම් ගන්න ඒ හැටිම අමාරු නැහැ.. ඒ ඇස් බලාගෙන හිටියේ ආයෙම වෙනදා වගේම ඇවිත් ලෙයෝ ඔවුන්ට තුරුළු වෙයි කියලා හිතාගෙන වගේ.. ඒත් එහෙම දෙයක් වුනේ නෑ.. ලෙයෝගේ කෙටි ජීවිතයත්, ආදර කතාවන් දෙකත් ඒ විදිහට නිමා වෙයි කියලා මම වත් ලෙයෝට ආදරේ කරපු වෙන කවුරුවත්ම බලාපොරොත්තු වුනේ නෑ..

ලෙයෝ යන්න ගිහින් දැන් ටික දවසක්.. ඒත් තාමත් ලෙයෝගේ මතක රැදුන  තැන් අතර නිතරම තනිවෙන ඒ ආදරවන්තියෝ දෙන්නව අපිට දැන් අරුමයක් නෙමෙයි.. ලෙයෝගේ සඳළුතලය දැන් පාළුවට ගිහින්.. ඒත්, හැම රෑකම ඒ තනිකම මකන්න ලෙයෝගේ ආදරවන්තියක්  එතන රැදුනත් ඒ නිහඬ බව ඔවුන්ගේ කතාවේ හුඟක් දේවල් කියනවා.. ඒ වුනත් ඒ ආදර කතාව තව ටික දවසකට මේ වටපිටාවේ රැදේවි..

ලෙයෝ, ඉතින් උඹට සුබ ගමන්..



විශේෂයි : දැන් මේක මේ ලියන්නේ අඟක් මුලක් නොතේරුන අයට.. ලෙයෝ යනු පූසෙකි.. ඔය ඉන්නේ උඩ පින්තූරෙ.. මේකා අපි ඉන්න ෆ්ලැට් එකේ හැමෝගෙම ජනප්‍රියම හුරතලා.. එතකොට ඔය යුරෝපීය පෙම්වතී කිවුවේ සුදු පාට පූසියෙක්ට.. අනික් එකා කළු පූසෙක්.. කතාව කිවුවේ ඉතින් මමම තමා.. හෙහ්, දැන් තේරුණෙයි..

අති විශේෂයි : දැන් ඉතින් බැන්නට කමක් නෑ.. ;)

76 comments:

  1. ඔහොම තමයි පිරිමි කියලා කියන්ට හිත හිතා පහලට යනකොට එයා පූසෙක්ලු. බේරුණා කියලා හිතාගන්ට හී හී...

    උදේ පාන්දර මූණට හිනාවක් එක් කලා දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, නූලෙන් බේරිලා.. නැත්නම් අහගන්න තිබුනා මට ඉස්සෙල්ලම කමෙන්ට් එකෙන්ම..

      හෙහ්, පැහැදිළි කිරීම නොතිබුනානම් හිනාවක් නෙමෙයි හම්බුවෙන්නේ.. ;)

      Delete
    2. කුමාරිහාමි හරිම නිර්භීත විදියට මෙවැනි තැන් වල හඩ නගනවා....

      Delete
    3. ඒකනේ ඒකනේ.. හොද වෙලාවට මම බේරුණා..

      Delete
    4. @කුමාරිහාමි ඔතන කෙල්ලො දෙන්නෙක් උන්නා නම් ලෙයො පූසෙක් නොවී මිනිහෙක් උනා නං බලාගන්න තිබ්බා කෙරුවාව

      Delete
    5. ඒකනේ එහෙනම් මම අම්බානෙකට බැනුම් අහලා..

      Delete
  2. කොහොමද ලෙයෝ මලේ මල්ලි...... අනතුරකින්ද... ?

    ReplyDelete
    Replies
    1. ඔවු ලොකු අයියේ.. වාහනේකට යට වෙලා හිටියේ හවසක මම ගෙදර එද්දී..

      Delete
  3. අන්තිම වෙනකන් තේරුනෙම නැහැ, නියමයි..

    ReplyDelete
    Replies
    1. පැහැදිළි කිරීම දැම්මෙත් ඒකමයි මචං.. නැත්නම් වෙන සීන් එකකට මාට්ටු වෙන්නේ මේක..

      Delete
    2. :)
      ඔව් එක නම් ඇත්ත....

      Delete
    3. උඹ නමත් වෙනස් කලාද බං ඒ ටිකට..

      Delete
    4. නෑ නෑ හොදයි.. :)

      Delete
  4. හැමදාම වගේ අන්තිම වෙනකං ඇදගෙන හිටයෙ... අර පැහැදිලි කිරීම ඕන නෑ මං හිතන්නෙ... ඒක තියෙනකොට කතාවෙ කික් එක බහිනව

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ වුනාට මේක සිතක් කතාකරයි සාම්පලේ එකක් නෙමෙයි හොදේ.. ඒ හන්දා ඇදීම තව පසුවට..

      Delete
    2. //හැමදාම වගේ අන්තිම වෙනකං ඇදගෙන හිටයෙ... අර පැහැදිලි කිරීම ඕන නෑ මං හිතන්නෙ... ඒක තියෙනකොට කතාවෙ කික් එක බහිනව// මමත් හිතන්නේ.......

      Delete
  5. වෙනදට බැන්නට අද නම් බනින්න හිතෙන්නෑ. ඇත්තටම ප්‍රේමය දැනෙන්නෙ මනුශ්සයන්ට පමණක් නොවේ. විරහා වේදනා තිරිසන් සතුන්ට පවා උරුමයි.

    මටත් හිතෙනවා පැහැදිලි කීරීම අනවශ්‍යයි කියලා. මුල ඉදන් ආපු පපුවටම දැනෙන ගතියට,සංවේදී කමට ඒකෙන් හානියක් වෙනවා වගේ. කතාවෙ අන්තිම ටික‍යි අන්තිම ෆොටෝ එකයි දැක්කම කතාව මැවෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි අපි ගැන විතරක් හිතුවට අපිට දැනෙන හැම හැඟීමක්ම ඕනම සතෙක්ට දැනෙනවා.. වෙනස ඉතින් ප්‍රකාශ කිරීමේ නොහැකියාව තමයි..

      නොදා බෑ මචං.. නැත්නම් කට්ටිය වෙන අදහසක් ඔළුවට දා ගන්නවා.. ඊට පස්සේ ඉතින් කාන්තා සංවිධාන වලින් බැනුම් තමයි..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ ටික ඕන නෑ ඒ.. අපි කතාව මෙහෙම විතරක් රස විදිමු...

      Delete
  7. ලෙයෝ... හික්ස්... මම බැලුවා.. එක්කෝ ඕන නෑ.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මුකූ කේස් එක?

      Delete
  8. පෙම්වතියො දෙන්න වැඩේ දුන්නද දන්නෑ ලෙයෝට :/

    ReplyDelete
    Replies
    1. හෙහ්, හරියට කතාව තේරුම් අරන් නැද්ද මන්දා..

      Delete
  9. " Time spent with cats is never wasted! "

    ReplyDelete
  10. ඔයා පුසෝ ගැන මේ කතාව ලිව්වට මොකද මගේ හිත නම් කියන්නේ ....ඔයාගේ සිතුවිල්ලේ ඉන්න මේ පුසියෝ අපට සංකේතයක් විතරයි....... ඔයාගෙත් ආදරය තෙරුන් ගන්න.....

    ReplyDelete
    Replies
    1. ආන්න වැරදි වැටහීම.. බ්ලොග් ලෝකෙට ආදුනික හන්දා ඉතින් මගේ පරණ පෝස්ට් එහෙම කියවා බලන්න කියලා විතරක් කියන්නම් මම..

      Delete
  11. කට හදාගෙන ආවට මගුල පුසෙක් ගැනනේ ලියලා තීන්නේ...හනේ බොල.....කිව්වයි කියලා හිතා ගන් ඉදිකට්ටා

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් හිටු.. අපි බය වෙයි කියලා හිතේ කිඹුලිට..

      Delete
  12. වාහනේකට වත් අහු වුනා ද ? කොහොමත් බළල්ස් ලා හිටි ගමන් අන්තරස්දාන වෙනව නම් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. වාහනේකට අහු වුනා තමයි.. ඒකනම් ඇත්ත.. බළල් පණට මේ පාර බේරෙන්න බැරි වෙලා..

      Delete
  13. Replies
    1. හෙහ්, අර මොකෝ..

      Delete
  14. අනේ මොකද උනේ මෙයාට.....

    //ඒත් හිතේ නිතරම රැදුන කුතුහලයට උත්තර ලෙයෝගෙන් අහලා දැන ගන්න මට බෑ.. //

    අහන්නත් දෙයක්යැ..ඔන්න දොස්තර හොඳ හිතවත් හිටියා නම් ට්‍රාන්ස්ලේට් කරල දේවි :P

    ReplyDelete
    Replies
    1. ඇයි ඩොක්ටර් ඩූලිට්ල්.. හෙහ්..

      Delete
  15. නියමයි දිනේෂ්................ නියමෙට හිනා වුණා..විශේෂයෙන් ම අන්තිම ටික කියවලා...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, මොනා වුනත් ලෙයෝ නැතුව දැන් නිකන් පාළුයි වගේ.

      Delete
  16. පින්තූරෙ ඉන්න පූසා ලස්සනයි...මෙහෙ ඉන්න පූසන්ගෙ පොඩි වෙනසක් තියෙනවා...උන්ගෙ වල්ගය අග පොඩි ගැටයක් වගේ තියෙනවා...නැට්ට තනි කෙලින් නෑ...ඇදයි...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ නැට්ට ඇද බල්ලන්ගේ කියලා.. එක එක ජාතියේ එවුන් ඉන්නවනේ ඉතින්.. මම සාමාන්‍යෙන් පූසන්ට අකමැති.. ඒත් මේකගේ ලස්සන හන්දම ආස හිතුනා..

      Delete
  17. අනේ අම්මප උඹ නම්... හරි හරි පූසෙක් උනත් මිනිහෙක් උනත්, මේක හොඳ සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. ආදරේ ඉතින් හැමෝටම පොදුයි නේ..

      Delete
  18. මේකනම් පුදුම වැඩක් දිනේෂ්.....ඊයේ අපේ ගෙට එහා පැත්තේ ජින්ජර් කවදාවත් නැතුව ඒ ගේ ඉස්සරහ දොර පාමුළ නිදි. බලන කොට වාහනේකට යටවෙලා. පාර අයිනේ ඉඳන් ගේ ඉස්සරහට කොහොම ආවාද මන්දා. මම කතාකරලා කිව්වා ඒ අයට. දැන් බෙහෙත් කරනවා. හොඳවෙයි කියලා කිව්වාලු. ලෙයෝට වඩා ජින්ජර් ලකී වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ජින්ජර් ලකී තමයි.. ඇත්තටම ලෙයෝට තව අවස්ථාවක් තිබුනනම් කියලා හිතුනා.. මොකද ඉතින් මාත් එක්ක හිටියේ ටික කාලයයි නේ.. ඒත් වාහනේ ගිහින් තිබුනේ ලෙයෝගේ ඔළුව උඩින්මනේ.. හ්ම්ම්..

      Delete
  19. ලෙයෝට සුභ ගමන් ... හැබැයි අර උද තියෙන පොටෝව බැලුවම නිකන් හොල්මන් වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහම තමා ඉතින්.. ඒ ෆොටො එක නොදැම්මනම් මේක උබලගේ රෝල් වල වැටෙන්නේ යටම ෆොටෝ එකත් එක්කනේ.. එතකොට වැඩේ අප්සට්..

      Delete
  20. පූසට අයිතිකාරයෙක් හිටියේ නැද්ද අයියා ?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා මලයා.. අපේ ෆ්ලැට් එකේ පල්ලෙහම ඉන්න ආච්චි කෙනෙක් ලග තමයි ලෙයෝ හිටියේ.. ඒ මනුස්සයා ආයේම සත්තු ගේන්නෙත් නෑ කියනවා දුකටම..

      Delete
  21. නුඹේ මරණය පවා නිර්මාණයකට නිමිත්තක් වෙලා ලෙයෝ. ඒ උඹ ඇසුරේ සිටි අපූරු නිර්මාණකරුවා සතු හැකියාව. උඹට සුබ ගමන් ලෙයෝ !

    ReplyDelete
    Replies
    1. ලෙයෝ මගේ හිතට තදින්ම ලං වුනා සෙන්නා අයියේ.. ඌ ඇත්තටම මට හුරුයි.. ඉතින් මටත් ලෙයෝ නැති අඩුව දැනෙනවා.. ඒකමයි දවසක මතක් වෙන්නත් එක්ක මේක ලියලා දැම්මේ..

      Delete
  22. හ්ම්ම්.......... අනේ මෙයැයිගෙ ෆොටෝ එකක් බුකියෙත් තිවුන නේද! පවු සූටි පූස් හුරතලා. :((

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මේ ඒකා තමයි බං..

      Delete
  23. පුසියෝ මිසක් ගැහැණු දෙන්නෙක් නම් ලෙයෝ පරලොව වඩින්නේ හුඟක් කලින්. පව් ඉතින්

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ කතාවනම් ඇත්ත.. හැබැයි ඉතින් මේ ඉතාලියේ නම් එහෙම ගැහැණු ශේප් එකේ තියන් ඉන්න අයත් දැකලා නැතුවමත් නෙමෙයි මම..

      Delete
  24. අර කාටුන් වල ඉන්න පුසෙක් වගේ ...සතෙක් ගේ අඩුව හොදටම දැනෙනවා මේ වගේ හුරත්ලේට හිටපු සතෙක් නැති උනාම ...

    ReplyDelete
    Replies
    1. ටිකක් ගාර්ෆීල්ඩ් වගේ නේද? මං ඇති කරපු එකෙක් නොවුනත් මට දැනෙන්නම මගේ වගේ කියලමයි..

      Delete
  25. ඒක ලෙයෝගේ වේලාව.. තව ටික දවසකින් තව පුසෙක් එයි එතකොට අර පූසියොත් එක්කම අලුත් ආදර කතාවක් පටන් ගනී.. ;)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. අපි බලමු එතකොට ඒ කතාව කොහොම වෙයිද කියලා..

      Delete
  26. පුසන්ට පණ 07 තියෙනවා කියනවානේ.උඹ දන්නේ නැති වුනාට ලෙයෝගේ පණ 06ක්ම එහෙන්ම් නොදැනීම ගිහින් තියෙන්න ඇති නේද..?

    ලෙයෝ ගිය ගමන දවසක අපිටත් යන්නම වෙනවා මාචෝ.....:(

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මොනා කරන්නද ලෙයෝගේ වෙලාව තමයි ඉතින්..

      Delete
  27. බණින්න ෙනෙමයි ගුටි ෙදන්න ඔ්න.ඒ්ත් ඉතිං අන්තිමට හිනා.බැන බැන බැලු ෙව්

    ReplyDelete
    Replies
    1. හෙහ්, දන්න හන්දා තමයි අන්තිමේ සිද්දීය කියලම දැම්මේ..

      Delete
  28. මගේ අතුරුදහන් උනු යෙලෝ පූස් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒකව හොයා ගන්න බැරි වුනාද ඉතින්..

      Delete
  29. සෑහෙන කාලෙකට පස්සෙ නිවිහැනහිල්ලෙ කියවන්න තරම් ඉස්පාසුවක් හම්බුනාම මේ ආවෙ කියවන්න.... පුදුමාකාර කතාවක් කියලා හිතුනා කියවන්න පටන් ගත්තු ගමන්ම.අන්තිමට එනකොට නිකමටවත් හිතුනෙ නෑ මේ පූසෙක්ය කියලා. විශිෂ්ටයි.මේ කතාවෙ දිගුවක් තිබුනනම් කියලා නොහිතුනා නෙමෙයි.එහෙම තිබුනා නම්......

    ReplyDelete
    Replies
    1. දිගුවක් ලියන්න තරම් හිතක් තිබ්බේ නෑ ගැමියෝ.. මේක මේ ලිවුවෙත් හිතේ දුකට..

      Delete
  30. කිව්වට විශ්වාස කරයිද මන්දා මේක කියෙව්වේ තුනකට කඩලා දවස් තුනකට. මොකක්දෝ හේතුවක් නිසා මග හැරුණා. බලන්න අනිත් දවස් දෙකෙන් එකක වත් නිකං පහලට ගිහින් බැලුවේ නෑ පුංචි පොස්ට් එකක් වෙලත්.

    මම පොස්ට් එක මැදදී හිතපු කමෙන්ට් එකම දාන්න ඕනේ දිනේෂ්. මම හිතුවේ ඔයා ගිය ආත්මේ යුරෝපයේ ජීවත් වුණු කෙනෙක් කියලා. මොකද යුරෝපීය ආරේ කතා ලියන්න ඔයාට තියෙන්නේ පුදුම හැකියාව.

    අපේ ගෙදරත් පූස් කතන්දර ගොඩක්. මේ ළඟදී නැති වුණේ මේ පෙනුමම තියෙන පූසෙක්. මගේ දුවටත් වඩා වැඩිමල්. එයා දුවට බොහොම කරුණාවන්තයි. කෙල්ල වෙලාවකට ඌව පාගනවා, නැට්ටෙන් අදිනවා. කේන්ති ගන්නේ නෑ.

    තව සුදු පුළුං බෝලයක් වගේ එකෙක් හිටියා නිල් පාට ඇස් තියෙන. එයාව බොහෝ දෙනෙක් ඉල්ලුවා. අපි දුන්නේ නෑ. පර්සියන් එකෙක් වගේමයි. දවසක් මස්සිනාගේ කාර් එකේ ටයර් එකේ උඩ රෑ ඉඳලා ගත කරලා. නොදැන ඌ ජීවිතක්ෂයට පත් වුණා.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියට පුංචි පහේ කම්මැලිකමක් නෙමෙයි එහෙනම් පහුගිය ටිකේ තිබිලා තියෙන්නේ.. කෝම වුනත් කියෙවපු එක ගැන සතුටුයි..

      ගිය ආත්මයක්නම් දන්නේ නෑ අයියේ.. මේ ආත්මෙනම් ඉතින් ඉන්නේ යුරෝපෙනේ ඒ හන්ද වෙන්න ඇති..

      ගොඩක් වෙලාවට අපි ලග ඉන්න සත්තු නැති වෙන්නේ ඔය වගේ අනතුරු වලින් තමයි.. අපිටත් හැම වෙලාවෙම ඒ ගැන බලන්න වෙන්නෙත් නැහැනේ.. ඒකමයි තියෙන ප්‍රශ්ණේ..

      Delete
  31. ලියපු රටාව හොඳයි. පූසාන් හදන්න ආසයි නමුත් අපේ ගෙවල් වල බැහැ. පොඩි අය නිසා

    ReplyDelete
    Replies
    1. මාත් ඔය අහල පහල සත්තුන්ට ආදරේ කලාට ඇති කරන්නනම් කැමැත්තක් නෑ.. මගේ වැඩ එක්ක ඒකට වෙලාවක් නැති හන්දා..

      Delete
  32. අඩේ මටත් පුදුම හිතුනා මේ මිනිස් ලොකේ කොහේවත් ඒ වගේ ප්‍රේමවන්තියෝ දෙන්නෙක් ඉන්නවා කියලද කියලා . . අන්තිමටනේ ඇත්ත තේරුනේ . .

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් ඉතින් ලොක යුද්ධයක් නේ දුකා අයියේ..

      Delete
  33. ලෙයෝ නං හරියටම අපේ ගෙදර දැං ඉන්න පුංචි කරදරකාරයා වගේමයි, හරිම දුකයි වෙච්ච දේට, අපූරුවට ආදරනීය ශෝකාන්තයක් ලියලා තියෙනවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්