Thursday, 6 March 2014

නුඹ නොමැති හද ගැස්ම



ඇත්තටම අපි හුඟක් දුරයි.. සමහර විට මම මේ කියන දේ පිළිගන්න ඔයා සූදානම් නැති වේවි.. ඒ ඔයා මට ආදරේ හන්දා.. ඔයා මගේ ලගම ඉන්න කැමති හන්දා.. ඒ වුනත් ගෙවිලා ගියපු කාලයත් එක්ක බලද්දී අපි දන්නෙම නැතුව අපෙන් හුඟක් දුරකට ඇදිලා ගිහිල්ලා.. ඇත්ත, හුඟක් දෙනෙක් කිවුවේ අපි තරම්ම ගැලපෙන කවුරුවත් නැහැයි කියලා.. ඔවු, ඒක ඇත්ත.. කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් නොවෙන්න අපි තාමත් අපි ලගම ඉන්න තිබුනා.. හැමෝම බලාපොරොත්තු වුන විදිහට.. ඒ වුනත් කලය හුඟක් වෙනස් වෙලා..

මතකද අපි අපේ වුන මුල්ම දවස් වල.. එතකොට අපි හිටියේ හුඟක්ම ලගින්.. නිතරම වගේ අපිට අපිව දැනුනා.. ඒ හැඟීම කොයි වගේද කියන්න ඔයත් මාත් හොදටම දන්නවා.. අපි ඒකට ආස කලා.. හැම තැනකම වගේ අපි ගොඩක් නිදහසින් ඇවිදගෙන ගියා.. අපි දිහා බලපු හුඟක් අය ගොඩක් වෙලාම අපි දිහා බලාගෙන හිටියා.. අපි ඒක ගැන ඒ තරමටම නොහිතුවට ඔවුන් අපි ගැන කතා වුනා..

ඒත් දැන් කාලය ඒ තරම්ම සුන්දර නැහැ.. ඇත්ත අපි තාම එක ලගින් ඉන්නවා.. ඒ වුනත් අර ඉස්සර වගේම ලගින් ඉද්දී දැනුන සතුට අපේ හිත් වල තැනක ඉතුරු වෙලා තියෙනවද කියලා මට නිතරම හිතෙනවා.. මම තාමත් ආදරෙයි, මේ ලෝකේ අපි  දෙන්නවම දැක්කේ එක්කෙනෙක් විදිහට.. අපි ගැන ඔවුන් කතා කලේ එකට.. ඒත් අපි? මට හිතෙනවා අපි දැන් අපිට අයිති නෑ කියලා..

මම ඔයාට හුඟක් රිද්දනවා.. ඒක හැම වෙලාවකම හිතලා කරන දෙයක් නොවුනත්, මම දන්නවා මම හින්දා ඔයාට ගොඩක් රිදෙනවා.. මගේ ලගට ඔයා ආදරෙන් දුවන් එන හැම වෙලාවකම මම හිතන්නෙවත් නැතුව ඔයාව හුඟක් ඈතකට තල්ලු කරනවා.. එතකොට ඔයාට රිදෙනවා.. ඒත් ඒක ගැන හිතෙන්නෙවත් නැතුව ඔයා ආයෙම මං ලගට එන්න උත්සාහ කරද්දී එක වෙලාවකට මට අපි ගැනම පුදුම හිතෙනවා..

වෙලාවකට හිතෙනවා කෑ ගහලා කියන්න, මට ඔයාව එපා කියලා.. මට ඔයාව අයිති නැහැ කියලා.. ඒත් ඔයා ලගදි ඒ කිසිම දෙයක් මට වචන කර ගන්න බැහැ.. ඒ ආදරේ නිසා.. ඒත් මට හිතුනා වෙලාවකට ඔයාට මාව එපා වෙයි කියලා.. ඒත් ඔයාට එහෙම වුනේ නෑ.. නිතරම ඇවිත් නැවතුනේ මගේ ලගම.. ඒ වෙලාවට කියන්න ඕන දේවත් කියා ගන්න මේ හිතට පුළුවන් කමක් නෑ.. මටත් ඕන ඔයා ලගටම වෙලා ඉන්න..

මතකද මේ ගෙවිලා ගිය මාස දෙක..  ඒ වගේම අද.. අපි අපේ ලග හිටියත් අපි අපේම නොවුන මහා අවාසනවන්තම කාලයක්.. මූණට මූණ බලාගෙන ඔහේ ගෙවිලා ගිය දවස් තරම් කාලකණ්නි කාලයක් තවත් තිබුනද කියලා මට හිතා ගන්න බැරි තරම්.. ඔයා නිතරම හිටියෙ කළකිරිලා.. ඈතින් හිටියා වුනත් මට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් වුනේ නෑ.. මට වෙලාවකට හිතුනා ඔයාගේ හුදෙකලාවට ඉඩ දිලා ආයෙම හැරිලා යන්න.. එතකොටවත් අඩු ගානේ ඔයා හිනාවෙයි කියලා මට හිතුනා..

මම දන්නවා, ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා.. ඒත් මං ගාවට එන හැම වෙලාවකම ඔයාගේ හිතට රිදෙනවා වෙනුවට ඒක ටිකක් හරි හොදයි කියලා මම හිතුවා.. ඔයාගෙන් ඈත් වෙලා ඉන්න මට හිත හදාගන්න අමාරුයි.. ඒත්, ඔයා වෙනුවෙන් එහෙම දෙයක් වුනත් කරන්න බැරි කමක් ඇත්තටම මට තිබුනේ නෑ.. ඒත්, ඔයාගේ ඔය හැඟීම නිතරම මාව ඔයා ලගටම ඇදලා ගන්නවා.. මට හිතා ගන්න බෑ..

සමහර විට මේ වේදනාවම අපිව ලඟින් තියාවි.. මට වෙලාවකට එහෙම හිතෙනවා.. මගේ ලගට එන ඔයාව රිද්දලා ආයෙම ඈතට එලවද්දී ඔයාට තරමටම මටත් හුඟක් රිදෙනවා.. ඒත් ඒක මේ දෑත් වල බරට, වේගයට කොහෙත්තම නොදැනේවි.. මේ අඳුරු සිතුවිළි අස්සේ හැංගිලා මම ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා.. සමහර විට ඔයාට ඒක නොපෙනෙනවා ඇති.. එත් මම ඔයාට ආදරෙයි.. ඇත්තටම මට ඔයාගෙන් ඈතට වෙලා ඉන්න තරම් හිතේ ශක්තියක් නෑ..

රිදුම් දුන්නත් මේ ආදරේ අපිට ඕන.. එහෙම නේද? මම හිතනවා ඔයත් ඒ විදිහටම හිතනවා ඇති කියලා.. නිහැඬියාව බිදෙන මොහොතක් වෙනකන් මම ඔයා දිහා බලාගෙන ඉන්නවා.. මට හිතෙන්නේ මට දැන් කරන්න පුළුවනුත් එච්චරයි කියලා..

............................

" ඒ උඹේ එක්සෑම් ඉවරද බං?"



" ඔවු මචං ඇයි?"



" එහෙනම් ඔය බැට් එකයි බෝලෙයි අරන් වරෙන්.. මාස දෙකකින් විතර සෙල්ලම් කරන්න බැරි වුනා.."

............................








75 comments:

  1. හ්ම්ම්ම්......මටත් ඔය ප්‍රශ්නය තිබිල දැනට වසර 10 ට පෙර අවසන් කරල නිදහස් වුනා.
    දැන් හරි නිදහස්......

    ReplyDelete
    Replies
    1. කවුද දැන් නිදහස් වුනේ ..ඔයාද එයාද?...:D

      Delete
    2. කෙන්ජි අයියේ, ප්‍රශ්න තියන් ඉන්නවට වැඩිය නිදහස් වෙන එක තමයි හොදම දේ කියනවනේ..

      Delete
    3. ඉවාන්, මම අහන්න හිටිය එක උඹ අහලා මම පරක්කු වෙද්දී..

      Delete
    4. අනිවා,,,, එකෙන්ම,,,,,

      Delete
    5. ඒකනේ ඒකනේ..

      Delete
  2. අපූරු අදහසක්.අපූරු ගැලපීමක්.ජය..!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  3. හ්ම්ම් එහෙනම් bat එක අරන් යමං ...අන්තිමට කොහොමත් ඕක තමයි පිහිට ,නැත්තම් සිද්ධ වෙන්නේ මැරෙනකම් බොන්න ....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉවාන්.. හැබැයි එකක්, මෙතන මේ කතා කරන චරිතට ගැන ඉවාන්ට තේරුණාද?

      Delete
  4. ශැක්… අවසානය වෙනකම් මාර හැඟීමකින් කියවා සුපුරුදු ලෙස අතරමං විමි. දැන් ආයෙත් තව පාරක් කියවන්න හිතුනා. :)

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු.. අන්තිමේ හිතන් ආව දේ අප්සට් උනාම මාත් කරන දේ තමයි ආයෙම කියවන එක.. එතකොට තමා මුලින් කිවුව දේවල් වල සම්බණ්ඳය තේරෙන්නේ..

      Delete
  5. හා හා ගණං ගන්න එපා.. සෙල්ලං කරල වර..

    ReplyDelete
  6. යකෝ අන්දනව කියල මේමත් අන්දනවද.. පව් අඩී අපි...
    මොනව වුණත් අපූරුවට නිරිමාණය කරල තියෙනව

    ReplyDelete
    Replies
    1. මාසෙකට සැරයයිනේ බං මම මෙහෙම එකක් දාලා අන්දන්නේ පොඩ්ඩක්.. ඒ හන්දා ගනන් ගන්න එපා...

      Delete
  7. මුල් හත් දෙනාම එල කොල්ලෝ සැට් එකක් නෙ කමෙන්ට් කරල තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. හැබැයි දේශකයා ඇරෙන්න.. :P

      Delete
    2. හැක් ...හැක් ....පවු බන්සලා.....

      Delete
    3. කවුද පවු, දේශකයද අපේ?

      Delete
    4. ඇ...... එතකොට ඔය කතාව කිව්ව අංක එකේ කොල්ලා කවුද හැබැට වයස කියද දන්නෙ නෑ

      Delete
  8. Replies
    1. අර මොකෝ තරූ අක්කේ..

      Delete
  9. // " ඒ උඹේ එක්සෑම් ඉවරද බං?"



    " ඔවු මචං ඇයි?"



    " එහෙනම් ඔය බැට් එකයි බෝලෙයි අරන් වරෙන්.. මාස දෙකකින් විතර සෙල්ලම් කරන්න බැරි වුනා.." //

    අපිත් ඕමයිලු :D

    ReplyDelete
    Replies
    1. අපිත් කාලෙකට උඩදී ඕමයි ලූ.. දැන් නම් අවුරුදු ගානකින් බැට් එකක් බෝලයක් ඇල්ලුවේ නෑ..

      Delete
  10. අන්න අපූරු අදහස කිරිකොට් පාරක් ගහමු....

    ReplyDelete
    Replies
    1. ගහමු ගහමු.. කෝ කට්ටිය බෙදෙමු..

      Delete
  11. උඹට මොකෝ හදිසියේ බැට් එකයි බෝලෙයි මතක් වුනේ...?

    ReplyDelete
    Replies
    1. හැහ්, නිකමට වගේ බං.. අල්ලපු කාලයක් මතක නෑනේ මටත්..

      Delete
  12. හරි එහෙනං බෝල ගහලා එන්ඩ... හවසට ශානිගේ තේ බිව්වෑකිනේ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ කිඹුලි තේ හදන්න දන්නේ නෑ.. පුඩිං එකක් හදලා තියාවි අපිට.. ;)

      Delete
  13. අම්මා ගහයි.
    උඹත් කඩේ යවනවා නේද දැන් පොඩි එවුන්ව.
    හැක්...

    ReplyDelete
    Replies
    1. හෙහ්, කවුද කවුද දැන් පොඩි එවුන්.. ලියන මම තමා මේකේ ඉන්න පොඩිම එකා බලාගෙන යද්දී.. හා නැද්ද?

      Delete
  14. මෙන්න දොඩම් වීදුරුවක් සෙල්ලම් කරල එනකොට බොන්න :D

    ReplyDelete
    Replies
    1. ගිම් අක්කා අතින්ම හදපු එකක් නම් ඉතින් නොබී කෝමද..

      Delete
  15. හිහ් හී... පට්ට පට්ට

    ReplyDelete
  16. කොහෙන්හරි ප්‍රේමය පොඩ්ඩක් ගාවලම තමයි කතාව පටන් ගන්නෙ..අවසානය තමයි පට්ට..

    ReplyDelete
    Replies
    1. මා ප්‍රේමණිය මිනිසෙක් බව වරෙක ඈ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.. ඒ හන්දා ඉතින් නොගාවා ඉන්නේ කෝමද බං..

      Delete
  17. මේ බෝල ආදරයක් නේ... ගැලපිල්ල තමා මරු. :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, චන්දන.. පොඩ්ඩක් ඉතින් වටේ අරන් ගිහින් ආයෙම ආවා..

      Delete
  18. බෝල බැට් ලව් :D

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නැහැනේ?

      Delete
  19. හපොයි අන්තිමටනෙ ලවු එක තේරුනේ..සික් මගේ සිරා මූඩ් එක.හයියූ..

    මරු ආ!

    ReplyDelete
    Replies
    1. හෙහ්, සිරා මූඩ් එක ඔහොමම තියාගන්න.. ඊලග පෝස්ට් එකේදිවත් එහෙම නොකර ඉන්න බලන්න බැරිය..

      Delete
  20. මෙන්න ලව් කිව්වලු

    ReplyDelete
    Replies
    1. අමුතු තාලේ ලව්..

      Delete
  21. මුල ටික කියෙව්වෙ හෙන සීරියස් පිට... පස්සෙනෙ තේරුනේ...

    ReplyDelete
    Replies
    1. හෙහ්, ගනන් ගන්න එපා.. මගේ හැටි ඔහොම තමානේ ඉතින්..

      Delete
  22. මදැයි මම මූඩ් එක අරන් හොටු පෙරාගෙන, සෝ සුසුම් මැද්දෙන් කියෙව්ව! හම්මේ මෙහෙමත් මිනිස්සුන්ව මුලා කොරනවද හැබෑට?

    ReplyDelete
    Replies
    1. හා හා ලේන්සුවක් අරන් හොටු පිහිදගනින්..

      ඉදලා හිටලවත් මුලාවේ දාන්න ඕන අෆ්ෆා..

      Delete
  23. යපි ඉතුවා මේ කඩු ෆයිට් දුනු ෆයිට් තමා කීලා. බලද්දි යේක මේ බෝලෙයි, බැට් එකයි නේ.

    ReplyDelete
    Replies
    1. කඩු ෆයිට් වෙනම එකකවත් දෙන්නට බලන්නම්කෝ..

      Delete
  24. ගොඩාක් ඉක්මනින් ලං උණාම , ඒ වගේම ඉක්මනින් ඈත් වෙනවද?

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවල් වල එහෙමත් වෙනවනේ පොඩ්ඩී අක්කේ.. ඒත් ඉතින් මෙතන ඒක මේ උදාහරණයක් විතරමයි..

      Delete
  25. අපෝ මොකද්ද අයියෙ.. මං මේ ඇත්තටම දුක් මූඩ් එකෙන් කියවගෙන ආවෙ. කෑව නෙ අන්තිමට.. මොනා උනත් මරුවට ලියලා .. හැබැයි ඉතින් ඔහොම කරන්න අපි පවු නැද්ද ? :

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඉදලා හිටලා මෙහෙම කලාට පවු නෑලු.. ඒ හන්දා කමක් නෑ ඉතින්..

      Delete
  26. සැක් මට මේ ලිපිය තව ඩින්ගෙන් මිස් වෙලා මිසිස් වෙනවා .....වසවර්තියාගේ වගේ මාත් එකක් ලීන්න ට්‍රයි එකක් දුන්නා ඒත් මල්ලි තරම් රහට ලියවුනේ නෑ මයේ හිතේ..............මරු මරු මාන් අවු.18 දීත් අහල පහල ළමයි එක්ක කිරිකට් සෙල්ලම් කරා නොවෑ...:P

    ReplyDelete
    Replies
    1. රහද නැද්ද බලන්න ඉතින් අපිටත් පෙන්නන්න එපැයි.. මම මෙයාට ඒක ලියන්න ඉඩ ඇරලා තාම බලන් ඉන්නවා.. මෙයා රහ නෑ කියලා පාඩුවේ ඉන්නවා..

      පොඩි එවුන් ටිකක් අල්ලන් මෙයා ලොක්කා වගේ කිරිකිට් ගහන්න ඇති.. අම්මපා කලොත් ඉතින් ඔහොම වැඩක් තමයි..

      Delete
  27. හෆොයි ඔන්න අග වෙනකන්ම හිතුවේ ලව් ස්ටෝරියක් කියලනෙ අන්තිමට තමා තේරුනේ මේක බෝල බැට් ආදරයක් කියලා.. වෙනදාවගේම පට්ට පට පට පට හොදේ

    ReplyDelete
  28. අපිනං අතාරියි එග්සෑම් හුහ්ඃ

    ReplyDelete
  29. ඔය ඔක්කොටම වඩා හොඳයි තමයි බෝල සෙල්ලම :D

    ReplyDelete
  30. මුල ඉඳල අගට කියවනකල් මොක්කද මේ වෙච්ච දේ කියල හිතාගන්න බැරු හිටියෙ. වචනවලින් ගොතන අදහස රූපයට නැගිමත් එක කලාවක්

    ReplyDelete
  31. ආදරය සහ වේදනාව හරියට කාසියක දෙපැත්ත වගේ...හරිම සමීපයි.

    ReplyDelete
  32. මේ පෝස්ට් එක මට මිස් වෙලානෙ :O අහම්බෙන් වගේ දැක්කෙ.
    පහුගිය දවස් ටිකේ නම් ඒ දෙන්න එකටමනෙ හිටියේ asia cup කප් එක නිසා. ඒ හිංදා ආයෙත් ආදරේ අලුත් වෙන්න ඇති..

    ReplyDelete
  33. ඕන් වෙනදා වගේම අතරමං වුණා...........

    ReplyDelete
  34. හරි සෙල්ලං කරලා එමු,බෝල ගහපු කාලයක් මතක නෑ දිනේෂ්,පිට්ටනියෙ කොල්ලො සෙල්ලං කරනවා දකිනකොට ආසයි ඉස්සර ක්‍රිකට් ගහපු හැටි මතක් වෙනව.

    ReplyDelete
  35. මට කිරිකට් බෑ ඔයි :(

    ReplyDelete
  36. සැබෑ ආදරේ කවදාවත් ඈත් වෙන්නේ නැ..... ජිවිතේ හැමදාම පස්සෙන් එනවා.ඒක ලැබෙන්නෙත් එක පාරයි. ඉතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  37. මොකෝ බන් දිනේෂ්..මොකුත් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  38. දිනේෂ් දැන් සති තුනක්,, ලියහන් මොනාහරි ඉකමනට ,,

    ReplyDelete
  39. ටිකක් ප්‍රමාද වුණා මචෝ කියවන්න.. අතුරුදහන් වෙලා කියල දැන් මේ හැමෝම කතා වෙනව..

    ReplyDelete
  40. ආදරය තියනවා නම් එතන වේදනාව තියනවා.එහෙම නැත්තන් ඒක ආදරයක් නෙමෙයි....

    ReplyDelete
  41. ලස්සනට ලියලා තියනවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්