Monday, 3 March 2014

යස ඉසුරු නොමැති තැනා



යස ඉසුරු නොමැති තැනා

ආස්චර්‍යා සිටින රටා.

දුරක ඇතේ ලගම නැතේ

අපි යන්නේ කොයි පාරේ. //



සාටකයේ පාලනයට කැන්දන් යමි මම

සහෝදරවරුන් කල

කෙලි සෙල්ලම් දැක දැක

ඉවසන් ඉදිමුද තව

ඇස් ඉදිරියෙ අප ලග.



යුද්ධයේ ඉස්ටෝරිය ඉදා ඉදන් අද

නිදි මර මර මුර කොට

ජෙනරල්ලා සිර කොට

අර ගත්තේ කතිරය

තව බොහෝ දුරකට..



යස ඉසුරු පිරුණු තැනා

ඇමතියලා සිටින තැනා

දියවන්නා ඔයම වසා

උන් යන්නේ අපිව තලා..//





මැතිවරු අගමැතිවරු  හැඩ මන්ත්‍රිනීවරු

කල  මගෝඩි දැක දැක

තව කතිර දියන් හෙට

උන් බලයේ ඉන්නට..



හිටි හැටියෙම අවදි වෙලා යකා නැටුවට

බටර් හොදටම ගෑවට

කුඩු කන්ටේනර් ඇත

කැසිනෝ රෝයල් මැද..



යස ඉසුරු පිරුණු තැනා

ආස්චර්‍යා හිදින තැනා

සිහිනයකී, සැබෑවක් නොවේ

සිහිනයකී, සැබෑවක් නොවේ

අපි ඉන්නේ සිහින ලොවේ..




අති විශේෂයි : මේවා ලියනවට වැඩිය අමාරුයිනේ පින්තූරයක් හොයලා දාන එක.. ඔන්න ඔහේ ජංජලෙන් අහුලන් මේ දෙක දැම්මා..




48 comments:

  1. බොල බූරු පුතේ, දුක සෝකා ඉතිං ඉවසන්!

    ReplyDelete
    Replies
    1. ඉවසන් ඉන්න තමයි ඉතින් වෙන්නේ අයියේ..

      Delete
  2. කලක ඉඳන් ඈස්චර්‍ය කරනව කිය කිය..
    කරපු හරිය ඇස් පියාන දකිනව වෙනුවට
    මෙව්ව ලියන දිනේසයව අල්ලා ගෙන මම
    මං එල්ලනවා උඹ - දේස ප්‍රේමියෙක් නෙ මම :P

    //මේවා ලියනවට වැඩිය අමාරුයිනේ පින්තූරයක් හොයලා දාන එක..// මටත් එසේමැයි !

    ReplyDelete
    Replies
    1. අෆ්ෆ හා හා දැන්ම එල්ලෙන්න බෑ මට.. ඔන්න ඔහේ මාත් බලාගෙන ඉන්නම් හරිනේ එතකොට..

      Delete
  3. ඇහ්.. උබ මේම ඒව ලියන කොල්ලෙක්ද ආ???

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නෑ බං.. නිකමට හිතිලා දැම්මේ.. සමහර විට අවසාන එකත් වෙන්න බැරි නෑ..

      Delete
  4. බොල දිනේශුත් දේචදෝහියෙක් උනා එහෙනම්. හැක්.

    ආශ්චර්‍යා නම් අපේ හිස මුදුනෙනෙ ඉන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයි.. හිටි ගමන් වෙනස් වෙන්නේ..

      Delete
  5. ම්ම්ම්ම්...කෙ.පි උස්සපු අපිට මෙවා වැඩ නෙවේ එවනවා සුදු/රතු වැන් එකක් ..

    අර අවසාන පින්තුරේ ගැලපෙනම එක . හැක්

    දැන් නම් වැඩක් නැති
    කරන්න කිසිත් නැති
    නිහඬව බලා ඉමි
    දුකටම සිනා සෙමි ..

    පවුල් පිටින් රජගෙට යනු දුටිම
    මම දැස් පියන් දවල් සිහින බලමි
    .....

    කම්මැලි අෆ්ෆා ඉතුරු ටිකත් ඕන්න ඔහේ හිතා ගන්න

    ReplyDelete
    Replies
    1. හා හා මේකෙදිනම් ඉතින් හිතා ගන්න එක ලේසියි.. මොකද දන්න දේනේ ඉතින්..

      Delete
  6. //යස ඉසුරු නොමැති තැනා...// ඔය කියන්නෙ ඉතාලිය ගැන වෙන්න ඇති මයෙ හිතේ ;)

    මේ ඒක නෙවෙයි දිනේශ්.. කෝ එරිකෝ???

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, ඉතාලිය තමයි..

      එරිකෝ ටිකක් පස්සට දැම්මා.. ඇත්තටම චම්ස් මම ඒක පොතක් කරන්න ඉන්නේ.. ඒකයි මේ ටිකේ නොදාන්නේ.. ඔන්න ඇත්තම කතාව කිවුවා..

      Delete
    2. //මම ඒක පොතක් කරන්න ඉන්නේ// නියමයි (Y)
      Good luck :)

      Delete
  7. අයිස්චර්යා දැන් හැම ගෙදරකම පේනවනේ. අම්මප ලංකාවට වරෙන්කො පුතේ මගේ මාමට බැන්න එකට එවන්නම් කො වෑන් එකක්..............:P

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් උඹලා එක්ක බැරි, පොඩි විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ..

      Delete
  8. අඩේ මේක ගායනා කරලා යූ ටියුබ් එකට ක්ලිප් එකක් දාන්ඩ තිබ්බා නම් පට්ට පට පට !

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් මගේ අවසානයම තමයි එහෙනම්..හෙහ්..

      Delete
  9. අපිව කර නට්ටන්
    වුන් නටයි විගඩන්
    බලන් හිටපන්
    රටම නැති කරනකන්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං..

      Delete
  10. උඹ ඉතාලියේම නවතියන් මෙහෙ එන්න නම් හිතන්නවත් එපා. මම දැන්මම මේක අරන් යනවා ගෝටා අංකල් ලඟට

    ReplyDelete
    Replies
    1. මේකාගේ ලෙඩේ මේ අහිංසක වසවර්තියටත් බෝ වෙලා

      Delete
    2. ශානු අහිංසකයා කියන්නේනම් මට, කාටද බන් වසවර්තියා කියන්නේ ..?

      Delete
    3. ඉවාන්, අඩෝ පිස්සු නටන්න එපා බොල..

      Delete
    4. ශානු, අවු අක්කේ මේ ඉවාන් තමා ඔක්කොටම..

      Delete
  11. කුමන්ත්‍රණකාරයෝ දේශද්‍රෝහියෝ......!!

    ReplyDelete
    Replies
    1. කවුද කවුද? කොහේද?

      Delete
  12. ඉවසපන් ඉවසපන්. තව පුකේ අරිනකම් බලමු.. බැරිමනම් උන්ට කියලා අපේ ඇට දෙක කපා ගමු!

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු ගානක් ඉතුරු තියෙනවනේ නාඩියෝ.. බලන් ඉමු..

      Delete
  13. අති සාර්තක මනරම් පද පෙලක්. උඹ දමාපු පිංතූරෙත් ඊට දෙවැනි නෑ. ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියේ.. පරණ සිංදුවට අළුත් වචන ටිකක් එබුවා ඉතින් නිකමට වගේ..

      Delete
  14. ආන්න අර වංගුවෙන් සුදු වැන් එකක් පේනවා

    ReplyDelete
    Replies
    1. මම ගෙට රිංග ගත්තා..

      Delete
  15. දුක සෝකා හිතේ නැතේ
    ආස්චරියෙන් මත් වෙතේ්....
    අපි යන්නේ කොය් පාරේ........

    මේව කියවලා වත් හැදෙනව කියල අපි හිතුවට විරිත්තල නිකා ඉන්නව විතරයි... තුඉතරක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.. ඒවා ගැනනම් ඕනම නෑ..

      Delete
  16. බොටත් සුදු කොඩි\සුදු වෑන් වලට ආස හිතිලද මලේ කෙසේ වෙතත් නියම වචන සැට් එක..

    ReplyDelete
    Replies
    1. හෙහ්, මෙහෙට ආවොත් මම උයාලගේ ගෙදර දුවන් එනවා..

      Delete
  17. උඹේ අවසන් පෝස්ට් එක කියෙව්වම හිතුනෙ බොට මෙවැනි සිතුවිලි පහල වෙන සිතක් නැතිව ඇති කියල හැක් ...හැක් ....

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ කෙන්ජි අයියේ.. නිර්මාණ වුනත් හැමදාම කරන්න ගියාම කියවන අයටයි ලියන මටයි දෙන්නටම එපා වෙනවනේ.. ඉදලා හිටල මෙහෙම ඒවත් ලියන්න ඕන.. අර මහාචාර්‍ය මාරයියා කිවුවා වගේ මේක සක්ක පෝස්ටුවක්..

      Delete
  18. අපූරු සින්දුවක්නෙ දිනේෂ්... හැබෑම වෙනසක්...
    මොනව උනත් හොයල හොයල අරන් තියෙන්නෙ නියම පින්තූර දෙකක්...

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා මරු ඒවා තිබුනා අක්කේ.. ඒත් මේකට තමයි මගෙත් හිත ගියේ..

      Delete
  19. මෙන්න මූ දැන් කළු කොඩි අරගෙන පාරෙ යනෝ...

    ReplyDelete
    Replies
    1. සැබෑ වෙනසක්..

      Delete
  20. සුදු වැන් එකක් එයි වගේ ;)

    ReplyDelete
  21. හපුයි මෙන්න මෙයාටත් සුදු වෑන් එහෙක යන්න ආස හිතිල!

    ReplyDelete
    Replies
    1. මාව වෑන් එකේ දාන් යන්න එයාලා ප්ලේන් එකේ එන්න ඕනනේ..

      Delete
  22. මේක පුතේ ආස්තැරියට ගියපු පුචාචන්ත්‍රවාදී රට..

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස් මාමේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්