Thursday, 6 February 2014

නුඹේ පහසට ආදරයෙන්



අදත් වෙනද වගේම රැයක්.. බලාපොරොත්තුවෙන් පිරි රැයක්.. මේ හුරුපුරුදු මාවතට මම ආගන්තුක නැති බව හිත හොදාකාරවම දන්නවා.. මේ රැය වුනත් ඒ තරම්ම ආගන්තුක නෑ.. අවුරුදු ගානකට කලින් තිබුන කෝඩුකාර හැඟීම දැන් කොහේ දුවලා ගිහින්ද කියලා හිතෙනවා.. ඒ තරමටම මේ මාවතට මම දැන් හුරු වෙලා.. මට මතක නෑ හරියටම කාලය කොච්චරද කියලා.. ඒත් අදට වැඩිය ලස්සන අතීතයක් එදා තිබුන බව විතරක් මට හොදටම මතකයි..

පාරේ එහා පැත්තේ තියෙන ලාම්පුවත් මම වගේමයි.. ඒ දවස් වල තිබුන
එළිය, තේජාන්විත බව දැන් කොහේද ගිහින් තියෙන්නේ කියලා හිතා ගන්නත් බෑ.. කලාතුරකින් මාරු වෙන බල්බ් එක වගේම මලකඬ කාපු ආවරණය දැක්කම ගෙවිලා තියෙන කාලය කොයිතරම්ද කියන එක හිතා ගන්න ඒ තරම්ම අමාරුවක් නෑ.. ඒත් තාමත් මම මෙතනම..

වේගයෙන් යන වාහන දිහා බලන්න තරම් වුවමනාවක් නොවුනට ඉදලා හිටලා පයින් එන කෙනෙක් දැක්කම හිත ඒ කෙනා ගැන උනන්දු වෙන්නේ පොඩ්ඩක් හරි දොඬමළු වෙන්න තියෙන ආසාවට.. කෙනෙක් ලග ඉද්දී මං ලග දැවටෙද්දී හිතට දැනෙන්න හැඟීම හැමදාම නැවුම් එකක්.. අදටත් මම ඒ හැඟීම ඒ ව්දිහටම විදින්න උත්සාහ කරනවා.. ඒත් අවාසනාවට වගේ කවුරුවත්ම මං ලග රැදෙන්න කැමති නෑ..

දැනට වැඩිය කාලය ඒ දවස් වල කොයිතරම් නම් වෙනස්ද කියලා හිතෙද්දේ ඒ අතීතයේම රැදිලා ඉන්න කියලා හිත අනන්තවත් කියනවා.. දවල් රෑ කිසි වෙනසක් නැතුව හුඟක් දෙනෙක් මං ලගට ආවා.. සමහරක් වෙලාවට තමන්ගේ වාරය එනකම් මඟ බලාගෙන හිටියා.. නිතරම විවර වුන දොරපියන් අතරින් එබෙන්න හැමෝටම ඕන වුනා.. මමත් හුඟක් කැමැත්තෙන් ඒකට ඉඩ දුන්නා.. මොකද මාත් ඒ දේට ආස කල නිසා.. මම ඉස්සරහම ඉදන් එළිය දුන්න ලාම්පුවත් මීට වඩා හුඟක් හැඩට ඒ දවස් වල පෙනුනා.. හරියටම මම වෙනුවෙන්ම තනි රකින බලාගෙන ඉන්න කෙනෙක් වගේ.. ගෙවිලා නිමාවුන අතීතය ඒ තරමටම සුන්දරයි..

ටිකෙන් ටික කාලය ගෙවිලා ගිහින් මැදියමටත් කිට්ටු වෙලා.. ඉස්සරහා ඉදන් බලාගෙන ඉන්න මලානික එළිය මට මොනවදෝ කියන්න උත්සාහ කරනවා වගේ දැනුනා.. හුඟක් කල් ඉදන් ලියවුන අපේ නිහඬ ආදරයේ මළගමද කියලත් එක වෙලාවකට මට හිතෙනවා.. කළුවර වුන මගේ ජීවිතෙන් ඈතක ඉදන් නිතරම දැකපු එළියට මම ආදරේ කලා.. මොකද මට නිතරම ඕන වුනේ ඒ වගේ එළියක්..

ඇත්ත, මම දැන් මේ රස්සාවට වයස වැඩියි.. හුඟක් දෙනෙක්ට මාව දකින එකත් කතාකරන එකත් විහිළුවක් වගේ.. ඒත් හැමදාම පුරුදු විදිහටම මම මෙතනට එනවා.. මට වැඩිය ලස්සන අයව  නිතර මෙ පාර දිගේ යන අයගේ හිත් වලට ලං වුනත් තාමත් ඉදලා හිටලා හරි මං ලගට එන කීප දෙනෙක් හරි ඉන්නවා.. මම ඔවුන් වෙනුවෙන් බලාගෙන ඉන්නවා..

එළි අතරින් අහම්බෙන් වගේ දැක්ක සෙවනැල්ල මගේ හිත මොහොතකට වගේ නතර කරා.. සෙවනැළි අතරින් ඔවුන් එබිකම් කලේ මං දිහාවට.. පාරේ හයියෙන් යන වාහන දිහා බොහොම ඕන කමින් බලන් ඉන්න ඔවුන්ගේ දෑස් වල තිබුන ඕන කම මොන වගේද කියන එක තේරුම් ගන්න ඒතරම්ම අමාරු වුනේ නෑ.. ඒත් ඒ එක්කම වගේ ඒ ඇස් වල චකිතයකුත් රැදිලා තිබුනා..

ටිකින් ටික සීතල වෙලා යන හැඟීම් එක්ක ඔවුන් පහන් එළිය ලග ඉඟීමරන්න ගොඩක් වෙලා අර ගත්තා.. ඔවුන් තරුණයින්.. තාමත් ලාබාල තරුණයින් කියන එක යන්තමින් මුහුණට වැටුන පහන් එළියෙන් දකින්න ඒ තරම්ම වෙලා ගියේ නෑ.. ඔවුන්ගේ අරමුණ තේරුම් ගන්න එක ඒ තරම් අමාරු නැති වුනත් ඔවුන් නීතියට බයයි කියන එක ඒ ඉඟීමැරීමෙන් හොදටම පේන්න තිබුනා..

වටේම තිබුනේ දිඟු නිහැඬියාවක්.. මැදියමත් ගෙවිලා ගිහින් හන්දා පාරෙත් තිබුනේ පාළුවක්.. ඒත් ඔවුන් තවම ඒ පහන් එළිය යට ඉදන් බලාගෙන.. මාවත එහා පැත්තෙන් ටික දුරක් යනකන් ඉබි ගමනින් ඇවිද ගිය ඔවුන් අඳුරු කෙළවරින් පාර මාරු වුනේ තමන්ගේ අරමුණට යන්න සූදානම්න් වගේ කියාගෙන.. ඒත් ඒ ගමන තාමත් හෙමින්.. ගෙවෙන තත්පරයකුත් හුඟක් දිඟුයි වගේ දැනෙන තරමට හැම දෙයක්ම හරිම හෙමින්..

අඳුරු කෙළවර ඉදන් ඇවිදන් ආව ඔවුන්ගේ මුහුණු මොන වගේද කියලා දැන් හොදටම පේනවා.. ඔවුන් නැවතුනේ මම ඉස්සරහම.. ඒත් රැදුනේ බලාපොරොත්තු නොවුන විදිහක නිහැඬියාවක්.. මට ඕන වුනේ කවුරු හරි ඒ නිහැඬියාව බිඳිනකන්.. ඉතින් මම බලාගෙන හිටියා..

..........................

" මචං, මෙතන පෝස්ටර් අලවමුද?"

" පිස්සුද බං.. තැපැල් කණු වල අලවන්න ගිහින් නිකන් ලෙඩ දා ගන්න ඕන නෑ.. ඔන්න ඔහේ යමු.."

..........................




82 comments:

  1. Replies
    1. ඔවුනේ.. ඕක අහන්නත් දෙයක්ද?

      Delete
  2. තෙරුනෙ නැතිය .....

    ReplyDelete
    Replies
    1. තැපැල් පෙට්ටියක් කතා කරයි වගේ ද ?නැත්නම් ...................................

      Delete
    2. ඔවු මචං.. එහෙම එකක් තමයි.. ටිකක් විතර අවුල් වගේ උනානම් ඒක ගැනත් කිවුවනම් ඊලග ඒවට හොදයි කියලා හිතෙනවා..

      Delete
  3. මෙලෝ හසරක් තේරුනේ නැතිය...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. දැන් කොහේද නොතේරුනේ කියපංකෝ..

      Delete
    2. හෆ්ෆේ, එහෙනම් සෑහෙන අවුල්.. හ්ම්ම්

      Delete
  4. අයි හත්තලාමෙ මෙච්චර හොදට ලියල තියෙන 1 ඕක තේරෙන්නැද්ද.
    දැං කාලෙ කව්ද ලියුං දැන්නෙ නේද දිනේෂ් අය්ය

    ReplyDelete
    Replies
    1. තැපැල් කණුවත් දැන් යවසට ගිය ගණිකාවක් වගේම තමයි.. කවුරුත් එන්නේ නෑ.. ඒ දෙක එකට සම්බන්ධ කර එකේ වරදක් මම හිතන්නේ නෑ..

      Delete
  5. අන්තිම ටික කියෝනකන්ම හිතුනෙ වෙන දෙයක් ගැන කියල :D

    ReplyDelete
    Replies
    1. ශැක් මුන්ගෙ කැත හිත හි… හි… :-D

      Delete
    2. සසිදු, ඇති යන්තම් උඹවත් තේරුම් අරන් කියෝලා..

      Delete
    3. ප්‍රියා, අනේද බං කියන්නේ.. මුංගේ කැත හිත..

      Delete
  6. කොහොමද තැපැල් පෙට්ටියම් මේ කතාවට ගලපන්නේ ?? කොයිල් උනා !

    ReplyDelete
    Replies
    1. වියපත් වුන ගණිකාවත් පරණ වෙලා ගිය තැපැල් කණුවත් පාරේ ඔහේ බලාගෙන හිටියට කවුරුත් ඒවිද ලගට?

      Delete
    2. ඕ..හෝ... දැන් නේ කතාව තේරුනේ !

      Delete
    3. තේරුණානම් ඕකේ..

      Delete
  7. Replies
    1. හා මැඩම්.. :P

      Delete
    2. කන්න මොනාහරිත් අරගෙන එන්න.. !

      Delete
    3. හෙහ්, ඔවු අෆ්ෆා.. මටත් බඩගිණි..

      Delete
    4. තල කැරලි තීනවා මේ කන ගමන් හෑක් ...මධු අයිය නම් දොල දුක් කාරයා කියමු.... මිස්ටර් අවුල් මොකෝ බඩිගින්නේ පවු අෆ්ෆා දැක්කම කියන්න පුළුවන් හරියට කෑමක් බීමක් නැතිව වැඩෙන බව :) .........
      මන් හිතුවා අදත් මරු කතාවක් ලියලා ඇති කියලා පොඩි දේක් මතක් උනා මැසේජ් එකක් දාන්නම් .......

      Delete
    5. තල කැරලි එපා.. අපිටත් තීනවා.. වෙන මොනා හරි නම් හා.. අනේ මේ වලියක් දා ගන්නමයි මෙයාගේ ලෑස්තිය.

      Delete
    6. ඔය දෙන්නම ඉන්නේ ඉතාලි නෙහ්.. දෙන්නා ඉන්නේ ලඟ පාත ගම් දෙහෙක ද ? තල කැරැල්ලාක් කාල ඉගුරු ප්ලේන්ටියක් ගහමු !

      Delete
    7. ඔවු ඔවු.. අපි ලග පාත තමයි..

      Delete
  8. මේ නිකං නොමග යන ෆොටෝ දාලා .අන්තිමට ඔක්කොම තැපැල් පෙට්ටියේ ඔබන්න හදන්න එපා හරිද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම තැපල් පෙට්ටියේ???

      අර ලාච්චුවෙ දාන සීන් එක වගේද බං?

      Delete
    2. ඉවාන්, ඇයි නරක් වෙලා තියෙයිද? අපි නොමග යන ජාතියක්නේ බං.. ඔන්න ඔහේ කමක් නෑ.

      Delete
    3. ප්‍රියා, හෙහ් එවුවා දන්නේ ඉවාන් තමයි..

      Delete
    4. බලාගෙන බං ඔක්කොම දන්නේ මුද්දර වලට සිල් ගහනවා වාගේ ඕකටත් සීල් ගැහුවොත්...:D

      Delete
  9. වෙන මඟුලක් ඔළුවෙ තියන් කියෝලා කරකවලා අථැරියා වගේ උනා එක පාරට. ශැක් ශැක්.

    නිර්මාණෙ නම් කීමට දෙයක් නැත පට්ටය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං කියන්නේ.. මේ පැත්ත්ට එද්දී හිත නිදහසේ එන්න ඕන කියලා..

      Delete
  10. මරැනේ පුතේ කථාව. අන්තිමටම එනකන් හිතං හිටියේ වෙන දෙයක්. මගේ කිලිටි හිත....
    උඹ ලිවීමේ දක්ෂයෙකි!
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. අපේ හිත් කෝමත් ටිකක් විතර කිලිටියිනේ චන්දන අයියේ.. ඒක හැමෝටම පොදුයි.

      Delete
  11. ලගදීම තැපැල් පෙට්ටි ටික අයින්කරලා......
    ඒ තැන් වලට ගණිකා ෂොප් දමාවි.....

    අනාගතේ ගැන හිතලා ලියලා තියනවා..........

    සුපිරි ආආආආආ

    ReplyDelete
    Replies
    1. හෙහ්, එවුවා කියන්න බෑ තමා.. ආස්චර්‍යේ හන්දා ඉතින් බලාගෙන ඉමු..

      Delete
  12. දෙවෙනි පාර කියෙව්වම තේරුණා :)
    ඇත්ත නේන්නම්...මේ ඊ මේල් යුගයේ තැපෑලෙන් එන්නේ බිල් විතරයි!

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. ඒකත් නෑවිත් තියෙනවනම් එකක් කියලා හිතෙනවා ගෙවන්න ඕන කියලා හිතෙද්දී.. හෙහ්..

      Delete
  13. කියවගෙන යද්දි පොඩි සැකයක් ඇති වුනා කතාකරන්නෙ තැපැල් පෙට්ටියක්ද කියල.හොඳ නිර්මාණයක්.ජය !

    ReplyDelete
    Replies
    1. මටත් හැබැයි ලිවුවට මොකද කලින් පෝස්ට් වගේම සාර්ථකයි කියන හැඟීම ආවේ නෑ හැබැයි.. බලමුකෝ ඊලග ඒවයෙදී..

      Delete
  14. ශික්. අදනම් අන්තිමට එනකම් තේරුනේ නෑ. අතේ පෝස්ටර් කිවුවමත් හිතුවෙ ගණිකාව බලන් හිටියට කොල්ලො ඇවිත් තියෙන්නෙ පෝස්ටර් ගහන්න කියලා.....

    නියමායි. මල් හතයි, කොල පහයි!

    ReplyDelete
    Replies
    1. අම්මපා බස්සී.. හාකෝ.. වැලන්ටයින් පෝය ලග හන්දා අවුල් වගේ ඇති.. හෙහ්..

      මල් හතයි කොල පහයි නම් නටු කීයද?

      Delete
    2. නටු දාහතරයිලු. :P

      Delete
    3. ඇත්තද? හාකෝ..

      Delete
  15. නියමයි ..හරිම සාර්ථකයි ,මා ආසකරන සාම්පලේට ලියා තිබේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මෙයාගේ සෑම්පලේ ඉතින් අපි දන්නවා කියලයි.. කෝම හරි කමක් නෑ සෙට් නම්..

      ඉදගෙන නෙමේ හිටගෙන ලිවුවේ මේක.. හෙහෙ..

      Delete
  16. මගට එද්දී හිතුනේ ඇන්ටික් කාර් එකක් ගැන වත්ද කියන්නෙ කියල..

    දැන් නම් කොහොමත් ඕවයින් එහෙමට වැඩක් නෑ තමයි.. දිලිසි දිලිසි තියන ඇස් ඇම් ඇස් ආවට පස්සේ මලකඩ කාපු පෙට්ටි කබල් මොකටද :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචං.. ටැලිග්‍රෑම් අබාවයට ගියා වගේ මේකටත් ඕකම වෙනවා..

      Delete
  17. නියමයි. අමුතු style එකක්. අන්තිම වාක්‍ය ය වෙනකම් මොකක්ද කතාව කියල තෝරාගන්න බැරිව හිටියේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  18. ගණිකාව ගැන චිත්ත රූප මවා පෝස්ටරයෙන් විළි වසාගත් බවයි...කදිමයි...

    ReplyDelete
    Replies
    1. යාන්තමින් විළි වසා ගත්තා සිරා අයියේ..

      Delete
  19. වර්ණ..... එක් කර ගනිති එක් එක් අය දිවියට..... නෙක නෙක අයුරින්
    වර්ණ..... පැහැ මවයි එක් එක් නෙත් වල...... වෛවර්ණ අයුරින්

    යම් විටෙක ජිවිතය අවර්ණ වේ නම්..........?

    ReplyDelete
    Replies
    1. ජීවිතය කාලෙකට උඩදී හුඟක් අවර්ණ වෙලා තිබුනේ සිත්තරී අක්කේ.. අද මේ විදිහට පාට එකතු කරන් ඉන්න සෑහෙන්න මහන්සි වුනා.. ආයෙනම් අවර්ණ වෙන්න කොහෙත්තම බෑ..

      Delete
  20. සිටුවේෂන් ඇට් ෆ්ල්යිෂින් කියන පොතේ තියනවා සමහරක් දේවල් කොහොමද සමාජයේ එක යුගයක් නියෝජනය කරන තාලේ පොඩි එකෙක් දකින විදිය. අපි පොඩි කාලේ තැපල් පෙට්ටියට ලැබුණු සැලකිල්ල අද ලැබෙන්නේ නෑ. හරියට ඒවාත් එක යුගයක් නියෝජනය කලා වගේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඉස්සර පිටරටින් ලියුමක් එනකන් කොච්චර ආසාවෙන් බලන් හිටියද කියලා දන්නේ ඉතින් මේ හිත විතරයි.. කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙනවා.. මේ දැන් ඉන්න යුගය තව කාලෙකද අභාවයට යාවි.. ඒක තමයි ඉතින් හැමදාම වෙන්නේ..

      Delete
  21. තව ටිත තාලෙකින් ඔය ඔක්කොම කටුගෙට තමා...

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපි නාකි වුන කාලෙක කතන්දර කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් තිබුනාය කියලා...

      Delete
  22. බොහොම නිර්මාණාත්මකයි. පණ පිහිටුවල ලියල තියෙනවා.. මුලදී විරහ ප්‍රේමයක් හිතට නැගුණත් මැද හරියෙදි හිතට ආවා මේ කියන්නේ වෙන අදහසක් කියලා... ලස්සන නිර්මාණයක් කෙටිකතාවක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රත්නායක අයියේ.. හිතක් කතා කරයි වලින් බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි මමත්..

      Delete
  23. දිනේෂ් කතාව ටිකක් තේරුම් ගන්න අමාරු වුණා..ටිකක් හිතනකොටනම් තේරුණා මේ මොකක් ගැනද කියල තියෙන්නෙ කියල.කොහොමත් මචෝ උබගේ කතාවල තියෙන විශේෂත්වය තමයි මේක..පට්ට..

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කිවුවා එහෙනම්.. පොඩ්ඩක් නිදහසේ බැළුවනම් නොතේරෙනම එකක් නෑ.

      Delete
  24. උඹ මොකාටද එන්නේ කියලා මට තේරුනා. හොඳ සංසන්දනයක්.

    සාම්ප්‍රදායික තැපැල් පෙට්ටියට එංගලන්තයේ ලොකු පිළිගැනීමක් තියෙනවා සහ ලොකු ඉතිහාසයක් තියෙනවා. 2012 ඔලිම්පික්ස් වල රන් පදක්කම්ලාභී සියළුම බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ පදිංචි ගමේ මේ සාම්ප්‍රදායික තැපැල් පෙට්ටි රත්තරන් පාටින් වර්ණ ගැන්වූවා. තාමත් එව්වා එහෙමම පවත්වා ගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද, ඒ ගැනනම් ඇහුවේ ඔන්න දැන්ලු මම.. ලංකාවේ වගේ උනානම් ඔය රත්තරන් ගලා පරිස්සම් කරන්න හෙන ගේමක් දෙන්න වෙයි.. තැපැල් පෙට්ටිය වගේම ටෙලිෆෝන් බොක්ඩ් එකත් ජනප්‍රියයි නේ එංගලන්තේ..

      Delete
  25. ඉතාම හොඳ උත්සාහයක්...එතකොට තැපැල් කනුව බලාගෙන ඉන්නේ කවුරුහරි ඇවිත් ලියුමක් දානකන් නේද? අන්තිමට තියන පින්තුරේට සායම් ගියපු කණුවක් දැම්මනම් තවත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. එහෙම පින්තුරයක් දැම්මනම් හොදයි කියලා හිතුනේ ලොකූ කිවුවට පස්සේ.. ඔවු ඔවු එහෙම අදහසකින් තමයි කණුව බලාගෙන ඉන්නේ..

      Delete
  26. නියමයි දිනේශ්... දැන් මෙයාගෙ කතා කියවනකොට ඉස්සර වෙලාම ලේබල් එක මොකක්ද කියල බලලම කියෙව්වොත් හොඳයි වගේ :)

    ReplyDelete
    Replies
    1. අන්න එවුවා ඔට්ටු නෑ හරිද..

      Delete
  27. කාලෙකිං තැපැල් පෙට්ටියක් දැක්කෙත් මේ ෆොටෝ එකෙං බං.කට්ටිය පෙස්ටරයක් ගහන්ඩවත් පාවිච්චි නොකරන අතීත සිහිවටනයක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. තව කාලෙකින් නැත්තටම නැති වෙලා යාවි මචං..

      Delete
  28. තැපැල් පෙට්ටි දැන් පාවිච්චි නොකරන එකේ පෝස්ටර් ඇලෙව්වම මක් වෙනවද.තැපැල් කණුවක් දැක්කෙ ගොඩක් කාලෙකින් ආසාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒ වුනත් ඉතින් ඕක හොදට පාට කරලා තියෙද්දී පොඩි ලස්සනක් හරි තියෙනවනේ අයියේ..

      Delete
  29. පහු පහු වෙනකොට කොහු කොහු ලු නේ :D

    ReplyDelete
  30. අපේ තැපැල් පෙට්ටිය විතරක් නෙමේ බං මුළු දෙපාර්තමෙන්තුවම දැන් ඔය වගේ තමයි...

    ReplyDelete
  31. අපේ තැපැල් පෙට්ටිය විතරක් නෙමේ බං මුළු දෙපාර්තමෙන්තුවම දැන් ඔය වගේ තමයි...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්