Monday, 24 February 2014

ආදරය ඔබයි මගේ


යාන්තමින් වැටෙන හිම වැස්ස අතරින් ඇවිදන් එන එක ගොඩක් වෙලාවට සුන්දර දෙයක්.. මම ඒක හුඟක් විදලා තියෙනවා.. විදින්න ආස කරනවා.. අතේ රැදුනත් හරි ඉක්මනින්ම දිය වෙලා යන හිම බිංදු එක දිගට ඇඟට වැටෙද්දී ඒකේ අමුතුම මිහිරක් තිබුනා.. හැමදාම වගේ.. ඒ හන්දමයි මම මේ හිම වැස්සට හුඟක් ආස කලේ.. කාලයත් එක්ක සමහරක් දේවල් වෙනස් වුනත් මමත් මේ හිම වැස්සත් අතර තිබුන බැඳිම කවමදාවත් වෙනස් වුනේ නෑ.. මම හැමදාම ආදරේ කලා.. ඒ වගේම මේ හිම වැස්සත් හැමදාම මම ආස කරපු හැඟීම මට නිතරම ගෙනත් දුන්නා..

ඒත් අද මට ඒ තරම්ම හොදට ඒ හැඟීම දැනෙන්නේ නෑ.. මම හුඟක්
වෙලා උත්සාහ කරා.. ඒත් මට පුරුදු මම ආසම කරපු හැඟීම මට ලං කරන්න අද මේ හිම වැස්සට බෑ.. අතරින් පතර තරු දිළිසුන කළුවර අහස දිහා මම බලාගෙන හිටියා.. ඒ, අහසේ ලස්සන දකින්න හිතාගෙන නෙමෙයි.. පුංචි හිම බිංදු මූණට වැටෙද්දී මම ආසකරපු ඒ හැඟීම විදගන්න.. ඒත් අද මොකක් හරි වෙනසක්.. හිම වැස්සද, එහෙමත් නැත්නම් මමද කියන්න දන්නේ නැති වුනත් අද මම ආස කරපු ඒ දේ මගෙන් ඈත් වෙලා.. හරියට ඔයා වගේ..

මේ සිසිරයට මම ආදරේ කරනවටත් වැඩිය ඔයා ලග ඉන්න ඔයාගේ පහසේ සැන සෙන්න මම හුඟක් ආදරේ කලා.. ඒ හැඟීම් හැම එකක්ම වචන වලට පෙරලන්න පුළුවන් කමක් නැති වුනත් ඔයා එක්ක ගෙවුන හැම මොහොතකටම මම හුඟක් ආදරේ කලා.. හරියටම ජීවිතේට ජීවත් වෙන්න හුස්ම ඕන වගේ.. මම ඒ තරමටම ඔයාට ලං වුනා.. හුඟක්.. මගේ ආත්මයෙන්ම මම ඔයාට ආදරේ කලා.. මොකද මගේ පළවෙනි ආදරේ ඔයා නිසා..

හැමදාම ආදරේ කරපු පහස නොලැබෙන හිම වැස්ස අතරින් මම හෙමීට ඇවිදන් ගියා.. ජීවිතේට දැන් දැනෙන පාළුව මේ අහසේ අඳුර තරම්ම ඇති කියලා ඒ දිහා බලාගෙන ඉද්දී හිතෙනවා.. අඳුරයි, සිසිරයයි හන්දා පාළු වෙලා ගිය පොකුණ අද්දර තිබුන වැට ලග පුරුදු විදිහටම මම හේත්තු වුනා.. අපි අපේ ජීවිතේ පටන් ගත්තේ එතනින්.. එදා මාත් තනිවෙලා, ඔයත් තනි වෙලා.. තනිවුන හිත් දෙකක් එකට හම්බුවෙන්න මේ තරම් ලස්සන තැනක් නැතුව ඇති කියලා අදත් මට ඒ දිහා බලන් ඉද්දී හිතෙනවා.. හැබැයි එදා සිසිරයක් නෙමෙයි.. ගිම්හානයක්.. අපේ ජීවිත වල සාරයම උරා ගත්ත ගිම්හානයක්..

අපි අපිට හුඟක් දුරින් ඉදන් මේ පොකුණ දිහා හුඟක් වෙලා බලාගෙන ඉන්න ඇති.. ඒ අපි දෙන්නටම මෙතන හුඟක් කල් ඉදන් ආගන්තුක නොවුන තැනක් හන්දා.. ඒත් අගන්තුක වුනේ අපි අපිටමයි.. සමහර විට හරියට දකින්න නැතුව ඇති.. එහෙම වුනානම් සමහර විට හුඟක් දේවල් මීට කලින් වෙනස් වෙන්න තිබුනා කියලා අපි මෙතන ඉදන්ම කී පාරක්නම් කතා කරන්න ඇත්ද..

ජීවිතේ හරි අරමූණක් නැතුව කාලේ ගෙවන්න විතරයි මම මෙතන්ට නිතරම ආවේ.. ඔයා මුණ ගැහෙන දවස වෙනකන්ම ජීවිතේ කියන දේ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. මට ඕන කලේ ඔහේ ජිවත් වෙන්න විතරයි..  ඒත් ඔයාගේ හිත දවසින් දෙකෙන් මාව වෙනස් කරපු තරම ගැන මම හිතන්නේ මම කවමදාවත් ඔයාට කියන්න නැතුව ඇති.. ඒත් මම ඒකට ආස කලා.. මගේ ජීවිතේම ඔයා වෙන එකට.. ජීවිතේ හැම දෙයක්ම ඔයා තනියම අයිති කර ගන්න එකට මම හැමදාම ආස වුනා..

" ඔයාට මං තරම් කවුරුවත් ආදරේ නෑ.. ඔයාට ආදරේ කරන්න පුළුවනුත් මට විතරයි.."

" ඇයි ඒ?"

" එහෙම තමයි.."

ඒ මතකය ඇත්තටම ලස්සනයි.. හෙමින් හෙමින් හීතල වැඩියෙන් දැනෙන්න ගත්තා.. ඒත් මට අපේ ජීවිත පටන් ගත්ත තැනින් ඈතට යන්න වුවමනාවක් නෑ.. ඔයා එක්ක ඉන්න වෙලාවට අරුනම මම වැඩියෙන්ම ඉන්න ආස කලේ මෙතන.. ඒ ඇයි කියන්න ඔයා හොදටම දන්නවා.. කාලෙකට ඉස්සර තනියම ශක්තිමත්ව මෙතන හිටිය මට ඔයා නැතුව ඉන්න එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියන එක මට අද හොදටම දැනෙනවා..

ඒ ලගම පේන මානයේ තිබුන බංකුවක යන්තමට වැටිලා තිබුන හිම ටික පිහිදලා දාලා මේ දිහාම බලාගෙන ටිකකට ඉද ගත්තේ ආයෙම මෙතනට ඕන වෙලාවක දුවන් එන්න හිතාගෙන.. දුරින් බලාගෙන ඉද්දී මේ හැම තැනකම මැවුන අපේ මතකය ඇත්තටම හුඟක් ලස්සනයි.. අපි ගෙවපු කාලය පුරාවටම මෙතනදී කතා කරපු දේවල්, ආදරේ කරපු රණ්ඩු කරපු හැටි හැම දෙයක්ම එකින් එක මතක් වෙද්දී ආයෙම මෙතනටම දුවලා ඇවිත් ඒ මතකේම රැදිලා ඉන්න හිතෙනවා.. ඒත් හිතට පුංචි බයක් දැනෙනවා.. හැමදාම අපි දිහා බලාගෙන හිටපු අය ආයෙම තනිවෙලා ඉන්න මම දැක්කම මට හිනාවෙයිද කියලා.. ඒ හන්දමයි මෙතන අත ඇරලා දාලා යන්න වුනත් බලාගෙන මම ඈතට ඇවිත් ඉද ගත්තේ.. ඒත් ඒක කරන්න අමාරු දෙයක් කියන එක මම හොදටම දන්නවා..

" නොලැබුන ආදරයක් හිතේ තියන් අවුරුදු ගානක් ජීවත් වුන කෙනෙක් මම.. ඉතින් හිතන්න ඔයා ලගින් හිටිය මතකය එක්ක මට මුළු ජීවිතේම වුනත් ඉන්න පුළුවන්.."

ඔවු, ඔයාගේ මතකය ඇත්තටම ඒ තරම්ම ශක්තිමත්.. අරමුණක් නැති ජීවිතයකට වුනත් ලස්සන මතකයක් එක්ක හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන් කියන එක මම ගොඩක් විශ්වාස කරනවා.. ඔයා නිසා මේ ජීවිතේට ලැබුන දේවල් කොච්චරද කියලා ඔයා හොදටම දන්නවා.. මගේ ආදරය, මගේ හුස්ම, මගේ වේදනාව, මගේ කඳුල මේ හැම දෙයක්ම ඔයාම විතරයි..

තද හුළගත් එක්ක සීතල හුඟක්ම තදින් දැනෙනවා.. මෙතනින් නැගිටලා ඈතට දුවලා යන්න හිතෙන තරමටම හීතල තදින්ම දැනෙනවා.. ඒත් මට එහෙම කරන්න හිතක් නෑ.. මං තාමත් අපේ මතකය දිහා බලාගෙන ඉන්නවා..

හේමන්තයේ ලස්සන එක්ක කණට ඇහුන ගී හඬට ඔයාගේ හිත පොඩ්ඩකට හරි ඇදෙයි කියලා මම කොහෙත්තම බලාපොරොත්තු වුනේ නෑ.. ඔයා මට ඒක නොකිවුවා වුනත් හැම මොහොතකම මට ඒක දැනුනා.. ඒත් මම අනිත් හැමදේකදිම වගේ ඔයාගෙ ඒක අහන්න ඉස්සර වුනේ නෑ.. මම මගේ ජීවිතේ පිටු අස්සේ හෙවුවේ මගෙන් ඈතට යන්න තරමටම ඔයාට තියෙන හේතුව මොකද්ද කියන එක විතරක්මයි.. ඔයාගේ ජීවිතේට ලැබුන ලස්සනම ආදරේ මං කියලා මම දන්නවා.. මගේ ආදරෙන් ඔයාට වැරැද්දක් නොතිබුනත් ඔයාට මගෙන් ඈත් වෙන්න තරම් සාධාරණ හේතුවක් තිබුනා.. ඉතින් මට තීරණයක් ගන්න බැරි වුනා.. මම සමුගන්නවද නැද්ද කියන එක ගැන..

ඔයාගේ ජීවිතේට මම මගේ ජීවිතේ බාර දිලා ඉවරයි කියලා මට දැනුනේ අද ඊයේ නෙමෙයි.. මම දන්නවා ඔයාගෙන් ඈත් වුනාම මට ජීවිතයක් නෑ කියන එක.. වුවමනාවෙන් මේ ජීවිතෙන් පැනලා යන්න උත්සාහ නොකලත් ඒ දේ කොහොම හරි වෙන බව මම දන්නවා.. ඔයාගෙන් ඈත් වුන ටික දවසටම මට ඒක දැනුනා.. ඉතුරු වෙලා තියෙන්නේ අන්තිම හුස්ම පොද විතරක්ද කියලා දැනෙන තරමටම ඒක මට දැනුනා.. ඔයා මට ලැබිලත් ජීවිතේ කොහේ හරි අදුරු තැනක් ඉතුරු වුනා කියන එක මට දැනෙද්දී හිතට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක්.. ලේ නහර හිර වෙලා යන තරම් වේදනාවක්.. ඒ මගේ ජීවිතේ ඔයා නිසා..

ඔයාගෙන් දුරස් වෙලා ඉන්න එක මේ ජීවිතේට හුරු නෑ.. මොකද මම හැමදාම ජීවත් වුනේ ඔයා වෙනුවෙන්.. ජීවිතේ හැම දෙයක්ම ඔයා.. අරමුණක් නැතිව තිබුන ජීවිතේ ජීවත් කරන්න ඕන කියලා හිතුනේ ඔයා නිසා.. ඔයා නැති කරන් ජීවිතෙන්ම ඈත් වෙලා යන්න මට බෑ කියන එක තේරුම් ගන්න මේ ටික දවසම ඇති.. ආසම කරපු හිම වැස්සේ පහස මගෙන් ඈත් වුනේ වැස්ස වෙන්ස් වෙලා නෙමෙයි.. මගේ ජීවිතේ අඳුරේ තනි වෙලා නිසා..

" මන්ද ඔබ තමයි 
දැන් ඔබ නිසයි
ජීවිතේ දැන් ඔබ තමයි
මේ සතුටත් මගේ වේදනාවත්
මගේ ආදරේ ඔබයි ප්‍රේමියේ.."

ඔවු, ජීවිතේ අන්තිම හුස්ම පොද වැටෙන්න කලින් හරි මම කැමති ඔයා ලඟට එන්න.. මම දන්නවා මං තරම් ඔයාට ආදරේ කරන්න කාටවත්ම බැරි බව.. ඔයාව බලාගන්න, ඔයා නලවන්න, ඔයාගේ නපුරුකම් ඉවසන්න මං තරම් වෙන කාටවත්ම බෑ කියලා මම දන්නවා.. වෙන හිතක් ලග ඔයාට කොහොමත් සැනසීමක් නෑ.. ඔයාව වෙනස් කරන්න පුළුවනුත් මට විතරයි.. මොකද ඔයාගේ ජීවිතෙත් මම බව මම දන්නවා..

ඈතින් පෙනුන පොකුණ දිහා බලන් නොයිද වාඩි වෙලා හිටපු බංකුවෙන් නැගිට්ටේ ආයෙම පුරුදු විදිහටම මෙතනදී ආදරෙන් ලං වෙන්න අපිට පුළුවන් බව මම හොදින්ම දන්න නිසා.. තිබුන තද හුළග අඩු වෙලා ගිහින් ආයෙම කලින් වගේ පුංචි හිම බිංදු වැටෙන්න පටන් අරන්.. අතර මගදී අහම්බෙන් වගේ එක හිම බිංඳුවක් ඇවිත් නතර වුනේ මගේ කම්මුලේ.. ඔවු, ඒ මම ආසම කරපු පහස.. ආයෙම මට ඒක දැනුනා.. මම ආයෙම අහස දිහා ඇස් දෙක පියාගෙන බැළුවේ ඒ පහස තව හොදට විද ගන්න.. කොච්චර වෙලා ගෙවුනද කියන්න දන්නේ නෑ.. මම ඇස් අරිද්දී කළුවර අහස ලස්සන වෙන්න හුඟක් තරු පායලා තිබුනා..




Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa

ජීවත් වෙන්නට බැහැ මට දැන් ඔබ නැතිව
ඔබෙන් තොරව මගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් දෝ......



Tujh se judaa gar ho jaayenge
To khud se hi ho jaayenge judaa

වෙන්වූවොත් ඔබෙන් මා
එයම වේවි මා මගෙන් වෙන්වීමක්

Kyonki tum hi ho
Ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මන්ද ඒ ඔබ තමයි
දැන් ඒ ඔබ නිසයි
ජීවිතේ දැන් ඔබ තමයි
මේ සතුටත් මගේ වේදනාවත්
මගේ ආදරේ ඔබයි ප්‍රේමියේ

Teraa meraa rishtaa hai kaisaa
Ik pal door gawaaraa nahi
Tere liye har roz hain jeete
Tujh ko diyaa meraa waqt sabhi
Koi lamhaa meraa naa ho tere binaa
Har saans pe naam teraa


එක මොහොතකදී වත් දුරස්ව සිටින්නට කැමති නෑ මම
ඔබෙත් මාගේත් මේ සම්බන්ධයෙන්
හැමදාම ජීවත්වෙමී මා ඔබ වෙනුවෙන්
හැම මොහොතකම ඔබ වෙනුවෙන්
එකදු මොහොතක් නොවේ ඔබෙන් තොරවු
නාමයයි ඔබේ  මාගේ හැම සුසුමකම



Kyunki tum hi ho
Ab tum hi ho
Zindagi ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho



ගීතය : තුම් හි හෝ
චිත්‍රපටය : ආශිකී 2 (2013)
පද රචනය හා සංගීතය : මිතූන්
ගායනය : අරිජිත් සින්ග්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්


විශේෂයි : සිංදුවේ සිංහල තේරුම ඉස්සුවේ පුරුදු විදිහටම දුලාන්ගේ හින්දි සිංදු බ්ලොග් එකෙන්..









75 comments:

  1. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  2. Replies
    1. හෙහ්, තෑගි නෑ හැබැයි ඔන්න..

      Delete
  3. අපිට කොහෙද හිම වැහි..අපිට මල් තුහින තමයි බං

    ReplyDelete
    Replies
    1. මල් තුහිනත් නරකම නැහැනේ ජනා.. මාත් මීට අවුරුදු 7කට කලියෙන් මල් තුහින එක්ක තමා ලවු කලේ..

      Delete
  4. සික් ලැජ්ජවේ බෑ මේවා ඇහෙන කොට... හැක්.. නියම ලිවිල්ල. සොබා දහම හපල කාලා නෙව..

    ReplyDelete
    Replies
    1. අම්මපා ලැජ්ජ වෙන්නේ මක්කටෙයි දැන්.. හෙහ් හෙහ්, පරිසර සංවිධාන වලින් කේස් දායිද දන්නේ නෑ හපලා කාලා කිවුවම..

      Delete
  5. කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්. ගීතයෙ තේරුම නොදැන් හිටියත් ගීතයත් ආශාවෙන් ඇහුවා.

    ඒකෙ තේරුම ලස්සනට ඉදිරිපත් කලා දිනේශ්, නියමයි.

    ReplyDelete
    Replies
    1. අපේ දුලාන් මලයට තෑන්ක්ස් වෙන්න මාත් හරිම තේරුම හොයාගෙන කතාව එක්ක දැම්මා.. නැත්නම් ඉතින් මට හිංදි ඔච්චර තෙරෙන එකක් කියලයැ මෙහෙම දාන්නම..

      Delete
  6. මට නම් මේ සිංදුව අහනකොට ඇඬෙන්ටම එනවා...:(

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි .මොකද මට හින්ද වචනයක්වත් තේරෙන්නේ නෑනේ .... :'(

      Delete
    2. හෙහ් හෙහ් පොඩ්ඩි කිව්වේ එහෙම දෙයක්ද බොලේ...???????????

      Delete
    3. ඔන්න බලන්ට සරත් දැන් සිංදුව තේරිලා මෙයා අඬන ඇඬිල්ල . :D

      Delete
    4. පොඩ්ඩි අක්කේ, මොකටද අනේ අඬන්නේ?

      Delete
    5. ඉවාන්, නොතේරේ අහද්දී ඔක්කොටම වඩා ගති බං..

      Delete
    6. සරත් අයියේ, පොඩ්ඩි අක්කටනම් නොතේරෙනවා වෙන්න බෑ මම දන්න තරමට..

      Delete
  7. මුල් ටික කියවගෙන එද්දි ඉස්සරවෙලාම ගිහින් බැලුවෙ මේ පෝස්ට් එකේ ලේබල් එක මොකක්ද කියල...නැත්තන් මුලදි හිතන එක නෙවෙයිනෙ අන්තිම වෙන කොට තියෙන්නෙ ;)

    කාලයක් ගොඩක් ආසාවෙන් අහපු ගීතයක්...දැන් නම් ඇහිල වැඩි වෙලාද මංදා ඉඳලා හිටල තමයි අහන්නෙ. මොනව උනත් වචන, සංගීතය වගේම ගායනයත් ඉතාම ආකර්ශණීය විදිහට සම්මිශ්‍රණය උන නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. අන්න අන්න, ඒ හොර වැඩ බෑ හොදේ.. මම අනික් දවසේ ලේබල් පින්තුර නොදාම ලියනවා.. නැත්නම් මගේ ෆන් එක නැති වෙනවා මෙයාලා හොර වෙන්න ගියාම..

      ඒක ඇත්ත, ආපු කාලේ පට්ට ගහපු සිංදුවක්නෙ ඉතින් මේක.. දැනුත් ඉතින් අහන්න ගත්තමනම් ඉවර වෙනකන් අහනවා අනිවා..

      Delete
  8. හරිම ආදරණීයයි මලයා. හැඟීම් සොබා දමත් එක්ක ගලපලා තියෙන අපූරුව ගැන කියන්න මට දැනුමක් නැතත් මම ඒක වින්දා..

    ReplyDelete
    Replies
    1. වචනයෙන් නොකිවුවත් ඒක විදින්න පුළුවන් වුන එකම මදැයි සරත් අයියේ..

      Delete
  9. ඔයා ලියන ඉට්ටැයිල් එකනම් පංකාදු 5+2 යි! මට මේ ස්ටයිල් එකෙන් ලියන එක්කෙනෙක් කම්මැලි බ්ලොග් කාරියෙක් කලින් හම්බවෙලා තියෙනවා.එයා දැන් වැඩිය ලියන්නෙ නෑ.හරිම ලස්සනයි.
    http://achiniramanayake.blogspot.com/

    මම ආසම සිංදුවක්.සොබාදහම කියන්නෙ ආදරේ තරම්ම විඳින්න පුළුවන් දෙයක්නෙ

    ReplyDelete
    Replies
    1. අහ්, මම මේ බ්ලොග් එක දැක්කේ නෑනේ කලින්.. තැන්කිවු හොදේ ඔත්තුව දුන්නට.. ආයේ ලියන වෙලාවක අල්ල ගන්න බැරිය..

      ආදරයත් එක්ක සිබාදහම හුඟක් තදින් බැදිලා.. ඔය දෙක වෙන් කරන්න කාටවත්ම බැරි වේවි..

      Delete
    2. හ්ම් ඒක ඇත්ත.සොබාදහමෙන් තොර වෙන නිසා වෙන්නැති දැන් දැන් ආදරේ වෙනුවට වෙන මොකද්දෝ තියෙන්නෙ

      Delete
    3. හ්ම්ම්, ඒ කතාවත් ඇත්ත තමයි හැබැයි..

      Delete
  10. දැඩි ඉඩෝරයකට පස්සේ ඊයේ හැන්දැවේ වැස්ස ලැබුණාම හිතට දැනුනු හැගුම වැනි හැගුමක් ඇතිවුණා දිනේෂ් මේ සටහනත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එකම වැස්ස දෙන්නෙකුට දෙවිදිහකට දැනෙන හැටි. ඊයේ වැස්ස පටන් ගත්ත ගමන් අපේ නම් ඉහ මොළ රත්වුනා දැන් දිගටම් වැස්ස ඇල්ලුවොත් වැඩ කරගන්න බැරුව ගිහින් ප්‍රොජෙක්ට් එකම පරක්කු වෙනවා ,

      Delete
    2. නලීන් අයියේ, ඊයේ යන්තම් වැහැපු වැස්සනම් හැඟුම්බරයි කියලා මටත් ආරංචියක් නම් ආවා.. හැබැයි අර ටික වෙලාවක් තිබුන විදුළි කෙටිල්ල ඇරුනම හොදේ.. මොකද එවෙලේ මල් කඩන්න බැරි උනානේ..හෙහ්..

      Delete
    3. ඉවාන්, මොන ප්‍රොජක්ට් එකද මචෝ, මෙච්චර කලබලේ ඉවර කරන්න දගලන්නේ..

      Delete
  11. හරිම හැඟුම් බරයි දිනේශ් මල්ලි . ඔයා අපිව අඬවනවද මන්ද .
    …// අරමුණක් නැති ජීවිතයකට වුනත් ලස්සන මතකයක් එක්ක හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන් කියන එක මම ගොඩක් විශ්වාස කරනවා..// ඇත්ත තමයි .

    ReplyDelete
    Replies
    1. මම, විටෙක ඔබව සිනහවෙන් පුරෝවමි.. විටෙක හඬවමි.. මේ මගේ ජීවිතයයි..

      ගිම් අක්කගේ අදහසට පණ්ඬිත කතා කිවුවා එහෙම නෙමෙයි මේ පොඩි එකා.. ඇත්තටම ඒ මම කැමති දේ.. මෙච්චර කල් නොකිය ඉදියට අක්කගේ කමෙන්ට් එකෙන් මට ඒක මතක් වුනා..

      Delete
  12. මං මේකට කමෙන්ට් කලේ නැද්ද ???

    ReplyDelete
    Replies
    1. මේක ඇරෙන්න වෙන කමෙන්ට් එකක් නෑ.. මම තරහයි ඈ..

      Delete
    2. ලස්සන සිංදුවක්.... ආශිකී බලලා නෑ මම තාම.
      දැං නං ආදර කතා නොබලන තරමට අප්පිරිය වෙලා..

      Delete
    3. ආදරේ කරන්න ගත්තම හුඟක් අය ආදර කතා බලන්නේ නෑලු නේ අයියේ.. ඒ හන්දා ඉතින් ඒක ගැන වැඩිය හිතන්න එපා..

      Delete
  13. හරිම අපුරු ලියවිල්ලක් බං.අපරාඩේ කියන්න බැහැ ෆිල්ම් එකේ සිංදු ටිකනම් පට්ටෙන් පට්ටයි ඈ.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. ඒ සිංදු ටිකෙන් තමයි මට ෆිල්ම් එක අල්ලල ගියෙ. මං මේ ෆිල්ම් එක බලල හිතට වැදුනු තරම, ආශිකි 1 ෆිල්ම් එකත් ඩවුන්ලෝඩ් කලා නයිට් පැකේජ් එකක් දාල. ඒකෙත් සිංදු ටික නම් හොඳයි. ෆිල්ම් එක නම් එච්චරම වැදුනෙ නෑ.

      Delete
    2. මනෝජ්, මටත් ෆිල්ම් එකට වැඩිය ගති සිංදු ටික තමයි බං..

      Delete
    3. චන්දන, ඇත්ත සිංදු ටික හන්දා තමයි ෆිල්ම් එක හිට් වෙලා ගියේ.. විශේෂයෙන්ම මේ සිංදුව හන්දා.. මේක භාශා කීයකින් කියලා තියෙනවද කියලා යූට්යුබ් ගිහින් බැළුවම පේනවා.. ආශිකී 1 මම තාම බලලා නෑ..

      Delete
  14. වෙනදා වගේම හරිම සොඳුරැ ලියවිල්ලක් මලේ! පරිසරය වැනීමෙහිලා උඹ සැබෑ දක්ෂයෙක්. ජය!!

    ReplyDelete
    Replies
    1. පරිසරය එක්ක නිතරම දුවන්න මම ආසයි.. සමහරවිට ඒක මගේ ලිවීමේ හැටියක්ද දන්නේ නෑ අයියේ..

      Delete
  15. දිනේෂ් අයියා මම මේ ලියවිල්ලට හරිම ආසයි. ආදරේ කරන අයත් එක්ක පරිසරයේ බැඳීම විස්තර කරන විදියට මම කැමතියි.
    //ඔවු, ජීවිතේ අන්තිම හුස්ම පොද වැටෙන්න කලින් හරි මම කැමති ඔයා ලඟට එන්න.. මම දන්නවා මං තරම් ඔයාට ආදරේ කරන්න කාටවත්ම බැරි බව.. ඔයාව බලාගන්න, ඔයා නලවන්න, ඔයාගේ නපුරුකම් ඉවසන්න මං තරම් වෙන කාටවත්ම බෑ කියලා මම දන්නවා.. //

    මේ කොටස නම් මගේ ජීවිතේටත් අදාලයි.. මමත් කරනවා මමත් විඳින නිසා...
    (යොමුව දැම්මාට ස්තූතියි)

    ReplyDelete
    Replies
    1. ආදරයක් පරිසර බැඳිමයි කියන්නේ එකකට එකක් සම්බන්ඳ දෙයක්නේ දුලාන්.. ආදරේදි අනිත් කෙනාට දැනෙන්න තමන්ට තමන් ආදරේ කරනවටත් වැඩිය ආදරේ කරන්න පුළුවන්නම් අන්න ඒකයි වටින්නේ මලයා..

      කෝම හරි, උඹට තෑන්ක්ස්.. සිංදුවේ තේරුම නොතිබෙන්න මේ ලිපිය අසම්පූර්ණ එකක් වෙන්න තිබුනා..

      Delete
  16. දුකයි මෙහේ සට පට ගාලා අයිස් කැට වැස්ස එක්ක වැටුනොත් මිසක් හිම බිංදු පැද්දිලා, නැලවිලා වැටෙන් නැති නිසා හැබැයි ඔය හිම වැටෙද්දි දැනෙන හැගිම පුංචි එකෙක් වගේ මාත් එකම එක පාරක් විදලා තියෙනවා...........

    ඔය ෆිල්ම් එකේ සිංදු ටික නම් කියලා වැඩක් නෑ ෆිල්ම් එක නම් මහ විකාරයක් පටන් ගත්ත වෙලේ ඉදන් කොල්ලා මුඩි පාග ගත්තු ගමන් ඉන්නේ.......

    හැමදාම වගේ අගේට ලියලා තීනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් මම එන්නේ නෑ වින්ටර් එකේ නම් ඔහේ අක්කෝ.. මෙහේ ඊට වඩා හොදයි.. වැස්ස ඇවිත් අවුලක් වුනේ නැත්නම් අයිස් කැට වැටෙනවා බොරු..

      හෙහ්, උයා ආස නොවුනට ඒ ෆිල්ම් එකේ කෙල්ල ඌට ආදරේ කලානේ.. ආ නැද්ද මම අහන්නේ?

      Delete
    2. ඔව්...ඔව්.. එහෙම එකක් උනා නේද?

      Delete
    3. උනා නේන්නම් ;)

      Delete
  17. හැඟීම් බර සටහනක්.. චිත්‍රපටියත් කීප සැරයක් බැලුව මං. ඒ බලද්දි හිත නතර කරන සිංදුවක් මේක. දිනේෂ් ගෙ සටහන් බැලුවට පස්සෙ ආයෙ බලන්න ඕන කියල හිතුන..

    ReplyDelete
    Replies
    1. ඔවු චන්දන, ෆිල්ම් එකෙන් මම ආසම සිංදු තුනෙන් එකක් මේක.. අනිත් එකටත් කතාව ලියන්න ඕන හෙමීට.. අපේ දුලාන් ඉන්නවනේ ඉතින් සපෝට් එකට..

      Delete
  18. දැන් කොල්ලා බොහොම සීරියස් විදියට ලියන පාටයි....තාම හිම පාගන්න ලැබිලා නෑ....හරිම ආසයි...බොට ඒ අත්දැකීම පළවෙනියට විදපු දවස මතකද ?

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම නැතුවමත් බෑනේ සිරා අයියේ.. අපි දැන් මේකේ පොඩි එවුන් නෙමෙයි නේ.. අනික්වා කෝම වුනත් ඉතින් ආදරේ ඉස්සරහට එද්දී මම කෝමත් සීරියස්..

      මොකද අමතක අයියේ.. තාම මතකයි.. අපේ අයියලා ඉස්සෙලම මට හිම කවපු හැටිත් තාම මතකයි හොදට..

      Delete
  19. දිනේෂ්.....බොහොම රසවත් ලිවීමක්. පංකාදුයි. ඒ හැකියාව අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. මම හැබැයි බලාගෙන හිටියා කලින් පෝස්ට් එක පැත්තේ ඇවිත් අදහක් කියලා යයි කියලනම් හැබැයි..

      Delete
    2. දිනේෂ්......මට එක සුමානයක්ම බ්ලොග්ස් මිස් වුනා. මම පස්සෙන් පැන්නුවා. තාම අල්ලගන්න බැරිවුනා,

      Delete
    3. සතියක් මිස් උනොත් මං නං කරන්න‍ෙ අතාරින එක තමා අරූ. මට නං අමාරුයි ගොඩ යන්න. ඇයි බං ගෝනි තුනක විතර ලෝඩ් එකක් නේ..

      Delete
    4. දේශකයෝ......මටත් දැන් ඒක කරන්න වෙයි වගේ. ගොඩ එන්න බැරි තරමට ලෝඩ් එක වැඩියි.

      Delete
    5. ඒ කතාව ඇත්ත අයියලා.. සතියක් කියන්නේ ටිකක් අමාරු කාලයක්..දවසක් දෙකක් වගේනම් පස්සෙන් පන්නලා අල්ල ගන්න පුළුවනි..

      Delete
  20. නිදිමතේ උනත් මේ සටහන නොකියවා යන්න හිත දුන්නෙ නෑ.හරිම සුන්දර විදියට සොබාදහම ජීවිතයට සම්බන්ධ කරලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා මට එක පාර හිතුනේ බොට මේක කියවද්දී නිදිමත ඇවිත් කියලා.. බස්සියන්ට රෑට නිදිමතත් එනවද? පුදුමයි..

      Delete
    2. නෑ අයියෝ ඊයෙ හෙන....මාන්සියෙන් හිටියෙ. ලැප උඩම නින්ද යන ගානට ඉද්දි තමයි කියෙවුවෙ.

      Delete
    3. අහ්, අන්න එහෙම කියන්ඩ හලී..

      Delete
  21. ඇත්තටම නියමයි.. මාර ගතියක් දැනුනා කියවද්දි
    මාත් ඔය සිංදුවටනම් හරි ආසයි.. ඩැන් ඉතින් දත කට මැදන් බලන් ඉන්නේ ආශික් 3 කවදා ඒ දෝ කියලා..

    ReplyDelete
    Replies
    1. ආශිකි 3 එයිද කියලනම් ඉතින් ශුවර් නෑ හැබැයි.. ආවත් ඉතින් ඒක මේ ෆිල්ම් එකට කිසිම සම්බණ්දයක් නැති එකක් වේවි.. කෝම වුනත් අපි ඉතින් වැඩිය ආස සිංදු වලටනේ..

      Delete
  22. ලස්සන සිතුවිල්ලක් දිනේෂ්..

    සමහර වෙලාවට හඳටත් වඩා තරු එළි අහස ලස්සන කරනවා තමයි..;)

    ReplyDelete
    Replies
    1. රූ අක්කව දැක්ක කල්.. මොකද අනේ දැන් නොලියන්නේ..

      හුඟක් පාළු දැනුන වෙලාවට තරු එළිය දිහා බලාගෙන ඉද්දී අමුතුම හැඟීමක් දැනෙනවා නේද? මම නම් ඒක හුඟක් වෙලාවට විදිනවා..

      Delete
  23. එහෙනම් එහෙමයි මෙහෙමයි වෙන්නේ. සින්දු ටිකේ තේරුම අදයි දන්නේ බං . පසට පස්ට

    ReplyDelete
    Replies
    1. දුලාන්ගේ සයිට් එකට ගොඩ වුනානම් කැමති සිංදු ඕන එකක තේරුම හොයා ගන්න තිබුනා සිංදුවෝ..

      Delete
  24. වෙනදා වගේම පස්ට නිර්මාණයක් දිනේෂ් අය්යා... බොක්කටම වදින්න දැනේනන ලියල තියේ..... මාත් ආසාවෙන් බලාපු පිලුම් එකක්.... ඒ දවස් වල නං පිස්සු... දැං වෙන සිංදුවකට මාරු වෙලා...

    http://www.youtube.com/watch?v=KIUCFakF0a4
    බලල නැත්තං බලන්නකො

    ReplyDelete
    Replies
    1. මම මේක ඇහුවේ උඹ එවුවම... සිංදුවනම් ගති තමයි.. විෂුවල් එකත් පට්ට ඈ..

      Delete
  25. ‍ෆිල්ම් එක බලල නෑ. සින්දුව අහලත් නැද්ද මන්ද?

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව සෑහෙන්න ජනප්‍රියයිනේ තාමත්..

      Delete
  26. මේ සිංදුව හැමෝගෙම ජීවිත කතාව කියවනවද කියලත් හිතෙනව දිනේෂ්..සිංදුව වගේම කතාවත් ලස්සනයි වෙනද වගේම...

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරයක් හම්බුනාම ඕනම කෙනෙක්ගේ හිතට මේ සිංදුව වදීවි කියන හැඟීම නම් මටත් එනවා මචං..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්