Thursday, 20 February 2014

කුමර බඹසර අසපුවේ මා



මීදුම හාත්පසම වසාගෙන ගිහින්.. බොහොම අපහසුවෙන් එහා මෙහා පේන තරමටම මුළු පරිසරයම වැහිලා ගිහින්.. රාත්‍රියයි, සීතලයි එක්ක කවදාවත් නැතුව ගලාගෙන ඇවිත් මීදුමකුත් නතර වෙලා.. හරියට මේ ජීවිතේ එක පැතිකඩක් වගේ.. තාම මට හරියට නොපෙනෙන,
මොකද්දෝ හේතුවකට වැහිලා ගිය මීදුමක් වගේ වෙලා ජීවිතය.. මීදුමෙන් වැහිලා තියෙන මේ පරිසරයේ හුරුපුරුදු කමත් එක්ක ඇවිදන් යනවා වගේම මේ හිත එක්කත් ජීවත් වෙන්න පුරුදු වෙලා.. හැබැයි ඒ ඔයා මගේ ජීවිතේට ආව දවස වෙනකන් විතරයි..

මීදුම අතරින් හුඟක් පරිස්සමට ඇවිදන් ගියා වුනාට ඔයා මේ හිත අස්සේ දිවුවේ කිසිම පරිස්සමක් නැතුව.. හරියට ඔයාට හුරුපුරුදු තැනක ඉන්නවා වගේ.. ඇත්ත මේ තැන ඔයාගේ තමයි.. ඒ හන්දම පරිස්සම් වෙන්න කිසිම වුවමනාවක් නොතිබුන ගානයි.. ඇත්තටම  මටත් පරිස්සම් කරන්න ඕන කමක් තිබුනේ නෑ.. මොකද මම දන්නවා ඔයා පරිස්සම් මගේ ලග විතරයි කියලා.. ආදරය, ඇත්තටම සුන්දරයි.. මතකය, ඒ ආදරය තරමටම සුන්දරයි..

මීදුමට වහන් වුන මුණු අතරේ මම මගේ අරමුණ හෙවුවා.. තාමත් නැහැ.. තව ටිකක් දුර යා යුතුයි.. හිත ආපස්සට ඇදලා ගන්න තරමටම මේ ගමන ගැන හිතේ නිතරම ඉතුරු වුනේ චකිතයක්.. ඇත්තටම මේ දේ ඕනද? කාටවත් ඇහුණේ නැති වුනාට මගේ හිත මහා හයියෙන් කෑ ගහලා ඇහුවා..

" ඔවු, මේ දේ මට ඕන.. ආදරේ වෙනුවෙන්.."

හිත ඇතුලෙන් ආව උත්තරේ එක.. හරි වැරැද්ද, සම්මතය අසම්මතය ගැන හිතන්න තරම් කාලයක් තිබුනේ නෑ.. ඉතුරු වෙලා තිබුනේ දවස් කීපයක් විතරයි.. වීදි පහන් එළියත් හෙමිහිට අඩු වෙලා යන මීදුම අතරෙන් මම තව ටිකක් දුර ඇවිදන් ගියා.. මේ මාවත් එතරම්ම නුහුරු නොවුනත් මම වැඩිය ගැවසුන තැන් නෙමෙයි.. ඒ හන්දම වගේ මුණ ගැහෙන විවිධ මුහුණු වගේම අඳුරින් පිරුණ තැන් අනිත් හැම දේකටම වැඩිය වෙනස්.. ඒත් මම තව ටිකක් දුරට ඇවිදන් ගියා..

ඔවු, මේ මාවත ඔවුන්ගේ.. ඇරඹුමේ ඉදන්ම දැක්ක මුහුණු අතරේ මම මට ගැලපෙන කෙනෙක් හෙවුවා.. ඕනම කෙනෙක්ගේ හිතේ ෆැන්ටසියක් තියෙනවා.. මගෙත් එහෙමයි.. ඉතින් මම මගේ ෆැන්ටසිය හෙවුවා.. විවිධාකාර මුහුණු අතරේ මම තව ටිකක් දුර ඇවිදන් ගියා..

" ගාන කීයද?"

අන්තිමේ මම මගේ ෆැන්ටසිය ලග නතර වුනා.. තව ටිකක් දුර ඇවිදන් ගියානම් සමහරක් විට මට මීට වඩා හොද ෆැන්ටසියක් මුණ ගැහෙන්න තිබුනා.. ඒත්, මම මෙතන නතර වුනා..

" පවුම් 80යි.."

" පැයකටද?"

" ඔවු, හැබැයි මගේ තැනකට යනවනම් ගාන වෙනස් වේවි.."

" නැහැ, මගේ ෆ්ලැට් එක තියෙනවා.."

ඈ ලග තිබුනේ දුරකථනයක් විතරයි.. කතාබහ අතරෙම කාටහරි යැවුන පණිවිඩයට පස්සේ පියවර දෙක තුනක් ඈ ඉස්සහට ආවේ යන්න සූදානම් බව නොකියා කියමින්.. මමත් ඈ පසුපසින්ම ආවා.. පුංචි දුර වුනත් මීදුම අතරින් තනියම ආවත් ඇයත් එක්ක පයින්ම යන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ.. මම පාර දිහා බැළුවේ ටැක්සියකට.. ඇයත් මගේ ලගින්ම නැවතුනා..

ලන්ඩනය පුරා නිතරම දුවන ටැක්සි අතරින් එකක් නවත්ත ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නෑ.. ඇයත් මමත් නතර වුනේ පිටුපස අසුනේ.. මගේ ලඟින්ම ඇයට හොදට දැනුනා.. ඒක මහ අමුතු හැඟීමක්.. මගේ ලගින් ඒ පහස දැනෙන තරමට ඕන තරම් කෙල්ලෝ ඉදලා ඇති.. මම ආදරේ කරන කෙනත් ඉදලා ඇති.. ඒත් මේ හැඟීම ඒ හැම එකකටම වැඩිය හුඟක් වෙනස්..

හුස්ම අතරින් ඉහල පහල යන ඇගේ ළමැද දිහා නොබලා ඉන්න එක කොච්චර උත්සාහ කරත් කරන්න පුළුවන් වුනේ නෑ.. ඇදුමෙන් යාන්තම් වැසුන ඒ පිරුණ ළමැද දිහා නිතරම එබිකම් කලේ මම විතරක්ම නෙමෙයි.. ඔහුගේ ඇසුත්, කණ්නාඩිය අතරින් නිතරම නැවතුනේ ඒ ළමැද ලග.. ඒක ඒ වෙලාවේ මට ඒ තරම්ම නුරුස්සන දෙයක් වුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.. ඒත් ඇය හැමෝටම අයිතියි.. ඉතින් ඔහුත් ඒ රස මොහොතකට වින්දදෙන්..

විනාඩි දහයක කෙටි ගමනක කෙලවර වුනේ මගේ ෆ්ලැට් එක ලගින්.. ටැක්සියේ ගාන ගෙවලා එලියට ඇවිත් මම ෆ්ලැට් එක දිහා බැලූවේ තාමත් දැල් වෙන විදුලි පහන් ගාන දැන ගන්න.. රෑ එකොලහා පහු වෙලා.. දන්න කෙනෙක් දකීවිද කියලා සැකේට දෙතුන් වතාවක්ම වට පිට බැළුවා.. ඇයත් එක්කම ගේ ඉස්සරහට එද්දී  ඇගේ ඉන අඟට මගේ අත ගියේ නොදැනීම වගේ.. ඒක ඇයටත් ප්‍රශ්ණයක් නෙමෙයි..

ගේ ඇතුලේ දැල්වුන විදුලි පහන් අතරින් ඈ හැම දෙයක් දිහාම විපරමින් බැළුවෙ හිතේ සැකයක් නැති කර ගන්න වගේ.. මමත් ඒකට ඉඩ දීලා බලාගෙන හිටියා.. යාන්තමින් නිතඹ වැහුන කෙටි සාය අගට දෑස් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. මගේ ෆැන්ටසිය.. මගේ හිතට ආවේ එච්චරයි..

" නම මොකද්ද?"

අහම්බෙන් වගේ මගෙන් පිටවුනේ ඒ වචන ටික.. ඈ මගේ දිහා හැරිලා බැළුවේ සිනහවක් එක්ක..

" පළවෙනි වතාවද?"

ඈ මගේ හිත කියෙවුවා.. මේ මගේ ජීවිතේම පළවෙනි අත්දැකීම.. මම කෙලින්ම නොකිවුවා වුනත් ඒක වැඩි වෙලා යන්න කලින් ඇයටම තේරෙවි..

ඊට වැඩිය කිසිදෙයක් කතා නොකරම මගේ ලගට ආපු ඇය කරේ මගේ තොල් සිපගත්ත එක.. ඇගේ වුවමනාවට.. මගේ කැමැත්තකින් තොරව.. ඒ හාදුව අතරින් මගේ හිත රහසින්ම ඇදිලා ගියේ මගේ ආදරය ලගට.. අපේ පළවෙනි හාදුව මීට වඩා කොච්චර රසවත්ද? ආගන්තුක හැඟීමක් දැනුනා වුනත් මීට වඩා වෙනස් හැඟීමක් ඒ හාදුවේ තිබුනා.. මගේ හිත ආදරය ලග නොරැදෙන්න මේ හාදුවේ හැඟීම මීට වඩා දැනෙන්න ඉඩ තිබුනා.. මම තවමත් ඇයට ඉඩ දීලා..

" කොල්ලෙක්ට කන්‍යාවියක් හොයාගන්න එක ලේසියි.. ඒත්, කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්.."

ඇගේ ඒ වචන ටික පපුව සිදුරු කරන තියුණු පිහි තුඬක් වගේ.. එතකොට මම මේ මගේ ආදරයට කරන්නේ වරදක්ද? ඇයට ලැබෙන්න තිබුන හැම දෙයක්ම මේ විදිහට තවත් කෙනෙක් ලග තියලා යන එක ගැන හිතට එක පාරම දැනුනේ දුකක්.. ඒක ආපහු හැරෙන්න හිතෙන තරමේ හැඟීමක්.. ඒත් ආදරයටත් ඕන වුනේ ඒක.. අත්දැකීමක්.. අඩුම ගානේ එක අත්දැකීමක්..

අප්‍රාණික හැඟීම් එක්ක මම හිටියේ අරගලයක.. ඇයට ඒ බවක් නොදැනෙන ගානයි.. මගේ ඉස්සරහම පහත් වෙලා මගේ හැඟීම් ප්‍රාණවත් කරන්න ඇයට ඒ තරම්ම වෙලාවක් යන්න නැතුව ඇති.. ඇය පුරුදුකාරියක්.. මම කෝඬුකාරයෙක්.. හැඟීම් වලදි නිතරම පරදින්නේ කෝඬුකාරයෝ මිසක පුරුදුකාරයෝ නෙමෙයි.. ඉතින් මම ඇයට පැරදුනා.. විනාඩියක් යන්නත් කලින් හිතේ ආදරය අහිමි වෙන තරමට මම ඇයට වශී වෙලා ඉවරයි..

මම ආසම කරපු ෆැන්ටසිය මගේ ලග.. හිත ඇතුලෙන් නිතරම දැනුනේ ඒ හැඟීම.. නිරුවත් කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නොතිබුනත් බලන්න ඕනම කරපු තැන් කීපයත් ඇයම පෙන්නද්දී හැඟීම් හොදටම ප්‍රාණවත් වෙලා.. හිත ඉල්ලුවේ ඇයව.. අනිත් හැමදෙයක්ම හිතින් ඈතකට දුවපු ගානයි.. පුංචි නිහැඬියාව අතරින් ඇහුනේ ඔරලෝසුවේ සද්දේ.. මට උරුම වුන හෝරාවෙන් දැන් තරමක් වෙලා ගෙවිලත් ඇති..

මගේ පරක්කුව නිසාම ඇයම මට ලං වුනා.. කාමරේ කලවරක තිබුන තනි
යහන අපිට පුළුවන් තරම් පහසුවක් ගෙනවා.. ඒ ළමැදේ, ඒ සිරුරේ පහස දිගේ හිත හුඟාක් දුර ඇදිලා ගියා.. මගේ ජීවිතේ මීදුමෙන් වැහුන පැතිකඩත් හෙමින් හෙමින් පේන්න ගත්තා.. ඇය තරමක් සතුටින්.. ඊටත් වඩා මම..

" අද මගේ තිබුන එක ෆැන්ටසියක් හරි ගියා.."

පවුම් 80ව අතට ගන්න අතරේ ඇය කිවුව දේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අමාරු නෑ.. ඇයට ඇගේ ෆැන්ටසිය ලැබිලා.. ඒ වගේම මටත්.. මම මාවත දිගේ ඇවිදන් යන ඈ දිහා බලාගෙන හිටියා.. ඈ ගැන, ඇගේ ජීවිතය ගැන මට හිතන්න අයිතියක් නැතත් එක්තරා විදිහක මතකයක් වෙලා ඇය.. හැබැයි ඒක මතකයක්ද, කැළලක්ද කියන්න මට තේරෙන්නේ නෑ.. තාමත් යාන්තමින් තිබුන මීදුම අතරි ඈ වැසිලා ගියා.. ඈ යලි නොදකීවි.. මටත් ඕන කරන්න් ඒකමයි..

" මගේ ප්‍රශ්ණයක් නෑ ඔයා අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මං ලගට එනවට.. මාත් ආස ඒකට.."

යාන්තමින් මතකය දිගේ දුවන් ගිය ආදරයේ ඒ වචන ටික තාමත් හිතේ තැනක වේදනා දෙන ගානයි.. ඒත් දැන් ඒ ගැන  හිතන්න තරම් කාලයක් නෙමෙයි.. මගේ ලඟ මොහොතකට කලින් නතර වුනේ ඇය.. ඇය මගේ ආදරය නොවුනත් මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම.. ඔයාට ඕන වුනේ ඒක.. දැන් ඒකත් හරි.. ඒත් ඊට පස්සේ..


104 comments:

  1. ඒත් ඊට පස්සෙ දැනෙන්නෙ පසුතැවිල්ලක් එක්ක වරදකාරී හැඟීමක් විතරයි.... ආයෙ ඔයාගෙ ආදරේ දිහා කෙලින් බලන්න පුළුවන්ද...?

    මේ කතාව කියවද්දි මට මගේ යාළුවෙක් කියපු කතාවක් මතක් වුණා... කමෙන්ට් එක දැම්මෙ ඔහුගෙ සිතුවිලි අනුව... ඒ සිදුවීමත් එක්ක එයාලගෙ ආදරෙත් බිඳිල ගියා... ඒත් ගෑණු ළමය දන්නෙ නෑ ඇයි එයාලට වෙන් වෙන්න උනේ කියලා...

    ReplyDelete
    Replies
    1. මියුරු අක්කේ, මුලින්ම මේ ඇත්තටම මම නෙමෙයි හොදේ..

      යාලුවා කියපු කතාවේ ගත යුත්තක් තියෙනවා.. එහෙම ආදරේ බිඳුනනම් ඒක සෑහෙන්න හිතන්න ඕන දෙයක්.. කෙල්ල දන්නෙත් නෑ කියන්නේ කොල්ලට ඒ වරදකාරි හැඟීම හිතට හුඟක් වද දෙන්න ඇති..

      Delete
    2. මං දන්නවා දිනේෂ් මේක නිර්මාණයක් කියලා...කතාව උත්තම පුරුෂයෙන් ලියලා තිබ්බ නිසා කතාවෙ චරිතෙටයි මං ආමන්ත්‍රණය කළේ එතැනදි...
      ඊට යටින් ටික ඔයාට... :D

      Delete
    3. හෙහ්, ඒක මිසක්.. මම හිතුවා මගේ පිටින් ලේබල් වැදිලා යාවි කියලා මේක.. හොද වෙලාවට එහෙම නෑ..

      Delete
  2. ගොඩක් දේවල් හිතුනු කතාවක්...ඒවා ඉතින් කමෙන්ට් විදියට දාන එක හොඳ මදි...
    පිරිමි , ගෑනු දෙවිදියකට හිතන බව පෙන්නන කතාවක් කීවාම දැනට ඇති.:)

    කතාව මුලදි මම හිතුවේ කතාව කියන කෙනා එයාගේ ආදරය හොයාගෙන යනවා වගේ. අන්තිමට ගියාම තේරුනේ වෙන කතාවක් බව. දිනේශ් මේ විදියට අපිව අතරමං කරන්ට හරිම දක්ෂයි. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ පොඩ්ඩක් හරි හිතුන දේ දැම්මනම්නේ හොද.. මොකෝ අපි මුකුත් කියනවා කියලයැ..

      කතාව මුල ඉදන්ම සිතුවිලි දෝලනය වුනේ ආදරයත් මේ අහඹු හමුවත් අතරේ.. පොඩ්ඩක් ඉතින් අතරමං කරන්නම ඕන වුනා.. ඒක නරකම නැහැනේ..

      Delete
  3. පස්සේ යෙතින් සමවැදිලා සිටි දැහැන බිඳිලා නිසා හොඳ හොඳ සෙල්ලං බලාගන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. අන්න ඒතකොටනම් වරැද්දක්.. පුරුද්දක් විදිහට කරන්න යනවනම් ඉතින් අන්තිමේ හැමදේම නැති වේවි.. ඒක නතර කරන්න බෑ..

      Delete
  4. හේ....'බඹසර' ලියන්නේ මෙහෙම නේද? බලමු දන්න කෙනෙක් කියලා දෙයිද කියලා...:)

    ReplyDelete
    Replies
    1. දෙන්නටම තැන්කිවු හොදේ.. ඔන්න වරද නිවැරදි කලා... ^_^

      Delete
  5. අපේ හිත කුළු හරකෙක් වගේ කියලා කියනවා නේද? හිත හීලෑ නෑ කියලා බන්දුල විජේවීර කියන සින්දුවත් මතක් වුණා. පූර්ව වෛවාහික ලිංගික අත්දැකීම් වල සීමාව කොතනද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක තුමනි.. හිතට හීලෑ කර ගන්න එක තරම් අමාරු දෙයක් වෙන නැතුව ඇති.. ඇත්ත තමයි, සීමාවක් හොයන එක ලේසි වැඩක් නෙමෙයි.. ඒත් ඉතින් හැමදේකම අන්තයටම යන්න හොදනෑ කියනවනේ..

      Delete
  6. කුමර බඹසර රැකගන්න බැරිඋනාට කොල්ලො අනිවා කුමරිගෙ බඹසර හොයනවනෙ :D

    ReplyDelete
    Replies
    1. මේකනේ බං කේස් එක
      එක යතුරකින් ඕන ලොක් එකක් අරින්න පුළුවන් නම් ඒක නියම යතුර.
      දාන ඕන යතුරකට ලොක් එක ඇරෙනවා නම් ඒ ලොක් එකෙන් වැඩක් නෑ.
      කෙල්ලගේ බඹසර හෙවිල්ලත් එහෙම තමා ;)

      Delete
    2. සසිඳු, ඒක ඇවිත් ඉතින් ලොකු වරදක්.. අන්න කුමර බඹසර තියෙන එකෙක් කෙල්ලගෙත් ඒක හොයනවනම් තව සාධාරණයි හරි කියන්න පුළුවන්..

      Delete
    3. රෙප් මහත්තයා, ඔවුවා හොයන්න යන එකේ තේරුමක් නෑ.. ආදරේ නම් එච්චරයි..

      Delete
    4. එහෙම කිව්වට අපි උනත් හොයන්නෙ මැස්සෙක්වත් වහපු නැති එව්වනෙ :D

      Delete
    5. කතාව නම් ඇත්ත බං..

      Delete
  7. මට නම් අදහාගන්න බැරි උනේ තමන්ගෙ සැමියා අත්දැකීම් සහිතව තමා ලගට එනවට කැමති පෙම්වතිය ගැනයි.

    අනේ මන්දා බන් මේකට අදහසක් දෙන්න හිතා ගන්න බෑ. කොහොම උනත් නිර්මාණය නම් හැමදාම වගේ නියමයි.

    ReplyDelete
    Replies
    1. ඉහල සැමියා යන්න පෙම්වතා විය යුතුයි.

      Delete
    2. එක එක වෙලාවට ගන්න කියන තීන්දූ තීරණ වෙනස් නේ.. මේක නිකන් කතාවක් විතරනේ මචං.. ඒ හන්දා වැඩ්ය ගනන් ගන්න එපා.. හැබැයි ඉතින් බටහිර පරිසරයේ මේ දේ වෙන බවත් මතක තියා ගන්න..

      Delete
  8. හීන මංසලේ
    තරු පොකුරු අතර
    හීන සෙව්වා
    ඈ සුවද ළග තනිවී
    ඔබෙ සුවද සෙව්වා.......
    හිත මගේ
    මටම අවනත
    නොවුණ හන්දා
    ...........??????

    ReplyDelete
    Replies
    1. හිත කොහේ
      තව දුරක තනිවී
      සුසුම් අතරින්
      නුඹම සෙවුදා,
      නුඹත් ලග නැත
      පහස වෙනතක
      හිත රහසේම
      සීලයක් බින්දා..

      Delete
  9. අනේ මන්දා මොන මගුලක්වත් කියන්න විදිහක් නෑ .....කොම වුණත් කතාව හොදයි වැඩේ තියෙන්නෙ මම එතරම්ම මේ වගේ කතා වලට කැමති නෑ ...ඔන්න කෙලින්ම කිව්වා ..එත් ලියන විදිහ හොදයි කතා රසය තියෙනවා,කතාව කියවන්න කම්මැලි නෑ ...

    මගේ පෞද්ගලික ඉල්ලිමක් පුළුවන් නම් මිට වඩා රැඩිකල් කතාවක් ලියන්න ....

    ReplyDelete
    Replies
    1. අපේ කැමති අකමැති එකිනෙකාට වෙනස් වෙනවනේ සහෝදරයා.. ඒ හන්දා ඉතින් අවුලක් නෑ.. බලමු ට්‍රයි එකක් දීලා ඉල්ලීම ඉටු කරන්න..

      Delete
    2. ඔබට මම කියන්නෙ දේශපාලන කතාවක් නම් නෙවෙයි,රැඩිකල් ප්‍රේමයක් වගේ දෙයක් ....තෙරෙන වද ?දන්නෙ නෑ ,දේශක ගේ කතා වල නම් තිබුණා ...ඔබ ලියන විදිහ එල එකයි මේ කියන්නෙ ... :)

      Delete
    3. තේරුණා තේරුණා.. අපෝ දේශපාලන කතා නම් මම ලියන්නේ නෑ බං.. මම ට්‍රයි එකක් දීලා බලන්නම්..

      Delete
  10. මෙහෙමයි බං උඩම කමන්ට් එකේ තියෙනවා වගේ පසුතැවිල්ලක් එක්ක එන වරදකාරී හැගීම තුලින් ගැලවෙනවා කියන එකනම් ලේසි වැඩක් නෙමේ.මෙතනදී උඹ උඹව සාධාරණිය කරනවා අත්දැකීම් ඇතුව පෙම්වතිය ගාවට යන්න ඕනේ කියලා.පෙම්වතියටත් එක ප්‍රශ්නයක් නෙමේ කියලා.එත් කෙල්ල උඹ ගාවට එහෙම එනවාට උඹ කැමතිද...?

    ReplyDelete
    Replies
    1. "කොහෙත්ම නැත" මම හිතන විදියට ඕනම පිරිමියෙක්ගෙ පිළිතුර ඒකයි මාත් ඇතුළුව.

      Delete
    2. මනෝජ්, මෙහෙමනේ ඒක ටිකක් සංකීර්ණ දෙයක්.. කතාව ලංකාවේ පරිසරය තුලින් බලපු එකයි උඹට එහෙම හිතෙන්න හේතුව.. ඒකේ වරදක් නෑ.. ඒහෙම ගත්තා වුනත් කලින් ආදරයක් තිබුන කෙනෙක් ඒ විදිහට ලගට ආවා කියලා ඒකේ ප්‍රශ්ණයක් නැහැනේ.. තමුනුත් ඒ ගැන දන්නවනම්, ඒක ප්‍රශ්ණයක් නෙමෙයි නම් කිසිම අවුලක් වෙන්නේ නැහැනේ..

      Delete
    3. ප්‍රියා, හැමදේකම දෙපැත්තක් තියෙනවා.. කතව තුල විතරක් ජීවත් වෙන්න.. පෞද්ගලික ජීවිතයට හැමදේම අර ගන්න එපා.. මේ සින්තටික් එකක් විතරයි.. යතාර්ථයක් නෙමෙයි..

      Delete
  11. පළමුව ඔබට ස්තුතියි මල්ලි කෙටි කාලයක් තුල මගේ ඉල්ලීම ඉටු කිරීම ගැන.
    කොහොමත් සිතිවිල්ල ශෘංගාර රසයට හානියක් නොවන අයුරින් ලියා ඇති ආකාරය ඉතා ඉහලයි.
    Thanks ..

    ReplyDelete
    Replies
    1. ඕක මොකද්ද කෙන්ජී අයියේ.. තැන්කිවු.. මේ ඇත්තටම පෝස්ට් එක අප්ඩේට් වෙන්නේ නැද්ද තාම ඔයාගේ බ්ලොග් රෝලට?

      Delete
  12. ඩ්‍රයිවර් කොල්ලත් ආවා වර්ණ බලන්න...පෙර අත්දැකීම් ඇති කෙනෙක් වෙන එක ප්‍රශ්නයක් නොවුනත් ආදරය ලඟදී නම් තව කෙනෙක් දිහා බලන්නවත් බැරිවෙයි..

    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආවට කමන් නෑ වෙලාවට බස් එක අරං එන්ඩ.. අපිට වෙලාවට ගෙදර යාගන්ඩ ඕන..

      Delete
    2. ඩැයිවර් කොල්ලා, වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. පෙර අත්දැකීම් තියෙන එක හුඟක් වෙලාවට වාසියක් නේ..

      Delete
    3. මධුරංග, ඔවු ඔවු අන්තිමේ වර්ණ බලලා පරක්කු උනා කිවොත් මටයි බැනුම්.. ;)

      Delete
  13. අත්දැකීම් සහිතව...??? ඕ.. ඕ. ඕ...
    සීරියස් ප්‍රශ්නයක් මේක එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බොන්ඩ ඕන ප්‍රශ්ණයක්ද?

      Delete
    2. හවස තේ වෙලාවටත් කලින් රිප්ලයි දාලා.. අද නම් වේලපහ වැඩ ඇරිලා ඇවිල්ලා ද කොහේ ද :)

      Delete
    3. හෙහ්, මධු අයියා වෙලාව මාර්ක් කරනවා වගේ.. ඔවු ඔවු බ්‍රහස්පතින්දා මම වැඩට යන්නේ දවල් වෙලා.. ඒකයි..

      Delete
    4. ටයිම් කීපර් !

      Delete
    5. හා හා, ඒකත් හොදා.. ;)

      Delete
  14. තෘප්තියක් බලාපොරොත්තුවෙන් අරඹා අවසානයේදී ඉතුරුවෙන්නේ පසුතැව්ල්ලක් විතරක් නම්.....?

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි මං කියන්න යන දේ තේරුණේ.. සතුටුයි ඒ ගැන..

      Delete
  15. ඕනේම කෙල්ලෙක් කැමතියි අද්දැකීම් සහිත මිනිහෙකුට.ඔකේ අනිත් පැත්තට කොල්ලෝ අකමැති වෙන්නේ තමන් තව කෙනෙක් එක්කසන්සන්දනය වේලා තමන්ට අඩු ලකුණු ගානක් ලැබෙනවට තියන බය හින්දා වෙන්න ඇති..හැබැයි ඉතින් අද්දැකීම් නැහැ කියලාගිහිනරන් වරෙන්කියන එකනං අසාධාරනයි. අද්දැකීම් තියනවා නං එක ස්වීප් එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. ඔය අඩු ලකුණු ප්‍රශ්ණේ කොච්චර කිවුවත් හිතට වද දෙනවා.. මම හිතන්නේ ඒකට ඕන කෙනෙක් එකග වේවි.. උඹ හැබැයි මචං හොද වෙලාවට මේක ඇනෝ නැති බ්ලොග් එකක කමෙන්ට් එකක් විදිහට දැම්මේ හොදේ..

      Delete
  16. //ඈ යලි නොදකීවි.. මටත් ඕන කරන්න් ඒකමයි..// මේක එහෙම්මම වෙයිද ? ඔය සිතුවිල්ල තත්පරයක් තුල වෙනස් වෙන්න පුලුවන් කියල මට හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හිත කියන දේ විශ්වාස තියන්න හරි අමාරුයි නේ.. පොඩ්ඩක් ඇත්නම් වෙනස් වෙනවා.. හැබැයි ඒ දේ පස්සේ දිව්වොත් හුඟක් දේවල් අහිමි වේවි..

      Delete
  17. හිත කීරි ගැස්සෙන කතාවක් අද ලියල තියෙන්නෙ . ආයේම දකින්නනම් හිතන්න එපා හොඳේ .

    ReplyDelete
    Replies
    1. ආයේ දකිනවා කියන්නේ ලොකු වරදක්.. එතකොට වෙන්නේ ලැබුන එක අවසරයෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා වගේ වැඩක් නේ ගිම් අක්කේ..

      Delete
  18. අමුතුම පැතිකඩකින් බලන් ලියපු කතාවක්.අනර්ගයි.ජය...!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු.. වර්ණයේ මම දැක්කේ අදයි ඔබව..

      Delete
  19. අනේ මන්දා, මේ වගෙ කතාවක් ආයිත් බලන්න නොලෑබේවා,මොකද අතිතය සම්පුර්නයෙන්ම සිහිපත් කරනවා, ඔබට සදා ජය....comment එකක් විදිහට ඒව ලියන එක හරි මදි නේද?.....

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අත්දැකීමක් නම් විස්තර නොකර ඉදීම ඉතින් ඔබේ කැමැත්තක්.. ඒකට කිසිම අවුලක් නෑ.. ස්තූතියි අදහසට..

      Delete
  20. " කොල්ලෙක්ට කන්‍යාවියක් හොයාගන්න එක ලේසියි.. ඒත්, කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්.."///

    ආච්චිගේ රෙද්ද :( අද කාලේ කන්‍යාවියක් හොයනවට වඩා ලේසියි මොබයිල් ෆෝන් එකක් නැති කෙනෙක් හොයන එක

    ReplyDelete
    Replies
    1. ඇයි බොල මොබයිල් ෆෝනුත් දැන් ඕන එකෙක් ගාව තියෙනවා.. ඒ හන්දා ඒ උදාහරණේ හරි යන්නෑ.. වෙන එකක් හිතපං..

      Delete
  21. ෆැන්ටසි තියෙන එක නම් අගෙයි ඒත් ඔය වගේ ෆැන්ටසි අනේ මන්දා.... මෙහෙට නම් ඕවා අමුතු කතා නෙවෙයි නේද මල්ලි........ හැමදාම වගේ මීදුමෙන් පටන් අරන් පාඨකයින් අතරමන් කරලා නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මෙහේ ගැන හිතලා තමයි අක්කේ ඉතින් මේක මම ලිවුවේ.. දකින අහන දේවල් හන්දම.. මම ඉතින් හරි ආසයි නේ මගේ අදහස් අස්සේ අතරමං කරන්න.. ;)

      Delete
  22. මද රද නොමැත තෙතක් ...
    විදි හී සර ආදරෙන්...
    ලඳ ඔබ නැවත යලී...
    කෙදින හමු වේවිදෝ...

    W ප්‍රේමරත්නගේ "අමකර කුරවි සරින්" කියන ගීතය මතක් වුනා මලයා මට උඹත් අහලා බලපන්

    ReplyDelete
    Replies
    1. මම අහලා නෑ සරත් අයියේ.. හොයලා අහන්න ඕන.. තැන්කිවු සිංදුව ගැන කිවුවට..

      Delete
    2. https://www.youtube.com/watch?v=Zzg22mp7zls

      Delete
    3. දිනේෂ් වෙනුවෙන් මගේ ස්තුතිය මියුරු ඔබට...

      Delete
    4. මියුරු අක්කේ තැන්කිවු ඈ ලින්ක් එකට.. ඊයේ අහුවුනේ නෑ මට..

      Delete
    5. සරත් අයියේ, අද මේ දැනුයි බ්ලොග් පැත්තේ ආවේ.. ඉතින් පරක්කු වුනා ස්තූති කරන්න..

      Delete
  23. " කොල්ලෙක්ට කන්‍යාවියක් හොයාගන්න එක ලේසියි.. ඒත්, කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්.."

    මේක තමයි ඇත්ත කතාව . ඒත් ගණිකා වෘත්තය කියන්නෙත් එක්තරා විදිය රැකියාවක්.වැරැද්ද තියෙන්නේ තමන්ට නොලැබුණ එකක් අනුන් විසින් ලබාගන්නා අයුරු දැකීමේ ඊර්ෂ්‍යාව ඇයගේ පිටින් යැවිමයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රත්නායක අයියේ.. ඔය දේ නොතිබුනානම් හුඟක් වෙලාවට අනිත් පාර්ශවයටත් තමන්ට ඕන දේ හුඟක් වෙලාවට ලැබෙන්න ඉඩ තිබුනා.. ඒත් දැන් ඒක හුඟක් දුරට වෙනස්..

      Delete
  24. උඹගේ බස හැසිරවීම හරිම සුන්දරයි මල්ල්යේ. කිව යුතු හැමදේම බොහෝම සංවරව කියලා තියෙනවා. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් සංවරව ලියන එකත් ටිකක් විතර අමාරු වැඩක් චන්දන අයියේ.. දැන් නම් කීපයක්ම ලියලා තියෙන හන්දා රටාව ටිකක් විතර හුරුයි..

      Delete
  25. කුමර බඹසර! //කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්// කියන එක ඇත්ත.... ඒ මේ වාගෙ සිදුවීම් නිසා තමයි.
    කොල්ලන්ට ඕනෙ කොහොමහරි කෙල්ලගේ ප්‍රථම ආදරය වෙන්න, [ඒක බැරිවුනොත් ප්‍රථම ලිංගික සහකරුවා වෙන්න.] ඒත් කෙල්ලෙක්ට ඕනෙ තමන්ගෙ සහකරුවාගෙ අවසාන ආදරය වෙන්න. ඔන්න ඕකයි වෙනස.

    අපූරුවට කතාව අමුණලා තියෙනවා දිනේශ් අයියේ. හැමදාමත් වගේ, පට්ට රහයි!

    ReplyDelete
    Replies
    1. //ඒත් කෙල්ලෙක්ට ඕනෙ තමන්ගෙ සහකරුවාගෙ අවසාන ආදරය වෙන්න. ඔන්න ඕකයි වෙනස.//
      එකඟයි බස්සියෝ.........

      Delete
    2. බස්සී, බස්සී හරි.. හුඟක් වෙලාවට කොල්ලෝ තමන්ගේ අවශ්‍යතාව මේ විදිහට ඉටු කර ගන්නවා.. ඒකනේ ඒ රස්සාව තාම නැති වෙන්නේ නැතුව තියෙන්නේ..

      දැන් නම් හැබැයි කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ ප්‍ර‍ථම ආදරේ වෙන එකනම් ලේසි වැඩක් වෙන එකක් නෑ.. ප්‍රථම ලිංගික සහකරුවා වෙන එක කෝම වෙතත්.. හැබැයි හුඟක් වෙලාවට වෙන්නෙ කෙල්ලගේ ඔය කිවිව ආශාව ඉටු වෙන එක තමයි.. හා බොරුද මම අහන්නේ..

      Delete
    3. සාශා, වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. හුඟක් ආදර කතා වල අවසානයේ වෙන්නේ ඔය දේම තමයි.. කොටින්ම මගේ ආදර කතාවේ වුනත්..

      Delete
  26. ඔක්කොම ආතල් #@%^$^ යනකන් විතරයි කියනවනෙ.... කවුරු කොහොම කිවුවත් ඇත්ත ඔක තමයි

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් එහෙම තමයි බං.. ඊට පස්සේ ඉතින් හිස් කමක් තමයි..

      Delete
  27. එක පාරක් බැදිලා ඉන්න දම්වැල් කඩාගෙන දිව්වොත් ආයේ ආයෙත් දුවන්නමයි බලන්නෙ. ඇත්තට මේ ලිංගිකත්වගේ සීමා ගැන හිතනව කියන සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. හරියට පඹගාලක් වගෙ.
    පූ‍ර්ව වෛවාහික ලිංගික සබදතා ගැන මගේ නම් තියෙන්නෙ ටිකක් ලිහිල් අදහසක්. ඒත් ඔය කියන විදිහේ අනාගත විවහා දිවිය උදෙසා අත්දැකීමක් එකතු කර ගැනීම උදෙසා කියන එකට එකග නෑ.
    අනිත් එක පිරිමි විතරද අත්දැකීම් සහිත වෙන්න ඕන.
    හැමදාම වගේ හැමදේකම දෙපැත්තක් තිබේ කියන්න තමයි තියෙන්නෙ. කතාවන නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. දංවැලේ බැදිලා තියෙනකන් ඕන දෙයක් ඒ ලගම කැරකෙයි.. ඒත් ලබා ගන්න උත්සාහ නොකරාවි.. එක පාරක් රසය දැනුනම ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. ඒ ගැන කියන්න දෙයක් නෑ..

      පූර්ව වෛවාහික ලිංගික සබදතා වල අවුලක් නෑ.. බදින්න ඉන්න කපල් එක අතරේ නම්.. ඒකේ වරදක් කොහෙත්තම නෑ..

      අත්දැකීම් ගැනනම් අනේ මන්දා.. ඕක කතාකලොත් සෑහෙන දුරදිග යන කතාවක්..

      Delete
    2. මම දරන්නෙත් චමින්දගේ අදහසමයි ඒ කාරනාව සම්බන්ධව.

      Delete
    3. මාත් එකඟයි..

      Delete
  28. ඔයා දක්ෂ කෙටිකතා කාරයෙක් අපේ දේශකයා වගේම ,, thanks මං ගොඩක් රස වින්දා ..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් ලෝකේ මම ආස කරන කතා කාරයෝ ඉන්නේ කීපදෙනයි.. ඒ බීටල් සහ රවී අයියා.. මෑතකදී ඔය ලිස්ට් එකට දේශකයත් ආවා.. ඔය තුන් දෙනා එක්ක බලද්දී මම කවුද බං..

      Delete
  29. 80 British Pound Sterling equals
    17425.98 Sri Lankan Rupee

    :D :D :D

    ReplyDelete
    Replies
    1. අම්මපා, මෙයා ඒ හදිස්සියේ ගනන් හදලා.. ගනන් ගැනනම් මම දන්නේ නෑ බං.. නිකන් හිතලා දැම්මේ.. අපේ අරූ අයියා මේ පැත්තේ ආවනම් ගනන් ගැන දැන ගන්න තිබුනා හැබැයි.. බලමුකෝ..

      Delete
  30. අනේ මන්දා.. මහා වරදකාරී හැඟීමක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. ඔය හැඟීම දැනුනොත් මකනවා බොරු..

      Delete
  31. //කොල්ලෙක්ට කන්‍යාවියක් හොයාගන්න එක ලේසියි.. ඒත්, කෙල්ලෙක්ට කවදාවත්ම කාත් එක්කවත් නොඉදපු කොල්ලෙක් හම්බුවෙන්නේ හුඟක් කලාතුරකින්..//

    මෙතන නතර උනා....හේතුවක් තිබුනා...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. හේතු ඕන නෑ බං..

      Delete
  32. ලෝක රඟහලේ විවිධ චරිත ජීවත්වෙනවා වෛශ්‍යාව කියන්නෙත් එවැනි සුවිශේෂී චරිතයක්. මුදලට ගන්න බැරි දෙයක් ඇය මුදලට දෙනවා..ඒ වගේම මුදලට විකුණන්න බැරි දෙයක් ඇය විකුණනනවා..නොසන්සිඳෙන ආශාවන් එක්ක මිනිස්සු ජීවිතයේ විවිධ සිමා සොයායනවා..ඒක පෘතග්ජන ස්වභාවයක්..හොඳ ප්‍රබන්ධයක් මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජනා.. මෙහෙම කිවුවට කවුරුත් එකඟ වෙයිද මන්දා.. සමාජය බැලන්ස් කරන එක්තරා කාරණාවක් කියලා මට හිතෙනවා වෛශ්‍යාව.. එහෙම හිතෙන්නේ දකින අහන හේතුන් නිසා.. එහෙම නොවුනනම් ලංකාවේ වගේ අසාමාන්‍ය සිදුවීම් ලෝකේ අනිත් පැති වලත් ඇති වෙන්න තිබුනා..

      Delete
  33. මතක් වුනා "කුමරියක පා සළඹ සැලුනා" සින්දුව. අපූරුයි. එක පළමු අත්දැකීම වුන නිසාම කවදාවත් පසුතැවිල්ලක් ඉතිරිවෙන එකක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත හැබැයි.. මන්දා, ඒක මේ කතාවේ ඉන්න පුද්ගලයගේ හිතට ඕන විදිහකට දැනුන දෙන්.. අපි නිහඬ්ව බලන් ඉමු..

      Delete
  34. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
  35. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
    Replies
    1. මත් එන්නම්කෝ එහෙනම් හෙමිට ඇවිත් යන්න වෙලාවක..

      Delete
  36. ඇත්තටම නියම ප්‍රබන්ධයක් වර්ණ ඔන්න නාට්‍යකාරයා ගොඩ උනා ඔබේ වියමනට
    ඇත්තටම බැලුවොත් මේ වෛශ්‍යාව නොමැති ලොවක් මොන වගේ වෙයිද හිතලා බලන්න පොඩ්ඩක් අසංතෘප්ත වුන මිනිස්සු පිස්සු වැටෙයි මානසික ආතතියකින් පීඩා විදී, මිනිසා මීට වඩා ලිංගිකත්වයේදී කෲර වෙයි, ස්ත්‍රී දූෂණ ඉහල යයි නේද වර්ණ ඒත් ඒකෙත් දෙපැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා අනේ මන්දා විටක් හොදා විටක් නරකයි වගේ තමා

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළියන්නවා මචං..

      මම කලින් කමෙන්ට් එකකත් දැම්මා වගේ සමාජය බැලන්ස් කරන එක කාරණාවක් වෛශ්‍යාව කියන්නේ.. ඒක පිළිගන්න සමහරවිට හුඟක් දෙනෙක් අකමැති වේවි..

      Delete
  37. තමන්ගෙ පෙම්වතා හරි සැමියා හරි අත්දැකීම් සහිතව එනවාට කැමති ගැහැනියක්.........පුදුමයි.පිරිමි දෘෂ්ටිය මෙයට නොගැලපේවි සමහරවිට.........

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් විතරයි.. ඒත් එහෙම දෙයක් වුනත් වෙන්න බැරි ඉඩක් නොතිබේවි කියලා හිතන්න බැහැනේ..

      Delete
  38. ඇත්තටම ආදරය කියන්නේ ඇගෙන් කරන දෙයක් නෙමෙයි නේද මචං ඒක හිතින් කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් මුල්ම කාලේ කියන දේ තමයි ඕක.. ඒත් කාලයත් එක්ක වෙනස් වෙද්දී ආදරයට ඔය දෙකම ඕන වෙනවා මචං.. හැබැයි එක අන්තයකට දුවන්න නරකයි..

      Delete
  39. නියම ආදරයක් නැතුව මස් ගොඩක් එක්ක අැදක දිගා වූ පමණින්ම රති සුව විදින්නට බෑ කියලයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. ඒක මම පිළිගන්නවා.. මොනම දේකට වුනත් හිතේ හැඟීමක් තියෙන්න ඕන.. නිකන්ම නිකන් තෘප්තියට වැඩිය හැඟීම් එක්ක එන තෘප්තිය කවදාවත් අමතක වෙන්නේ නෑ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්