Monday, 17 February 2014

පොලීසියට නීතිය ඉගැන්වීම



පහුගිය 5වෙනිදා කතානියා පල්ලියේ මංගල්‍ය තිබුනා.. මේ මංගල්‍ය ඉතින් සිසිලියේ සෑහෙන්න ප්‍රසිද්දියිනේ.. සාන්ත අගාතා මෑණීයන්ගේ පෙරහැර මංගළල්‍ය සිසිලියේ ප්‍රධානතම උත්සවයක්.. දැන් මේ බ්ලොග් එකට තාම ගොඩ වදින පැරණි සාමාජිකයන්ටනම් මතක ඇති මම කාලෙකට උඩදී මේ සාන්ත අගාතා මෑණියන් ගැනයි ඒ පෙරහැර ගැනයි ලිවුවා.. හරි, අළුත් කට්ටිය මෙන්න මෙතනින් ගිහින් ඒක නිවාඩු පාඩු වෙලාවක කියවන්නකෝ.. මොකද අද කියන්න යන්නේ පෙරහැර ගැන නෙමෙයි..

සාමාන්‍යෙන් පෙරහැරට කලින් දවසෙයි පෙරහැරෙන් සතියක් විතර
යනකනුයි ඔය පෙරහැර යන පාරවල් හැම එකක්ම වගේ වහලා.. ඒකට හේතුව මේකයි.. මේ පෙරහැර පාරේ යන්නේ ඉටිපන්දම් එළියෙන්.. ඉතින් ඔය ඉටිපන්දම් එලියෙන් පෙරහැර ගියාට පස්සේ සතියක් විතර යනකන් ආයේ ඒ පාරේ වාහනයක් යනවා බොරු.. ඇයි ඉතින් ඉටිපන්දම් කිරි වැටිලනේ පාරේ.. අනිවා ලිස්සනවා.. බයික් වල යන අපි ගැන ඉතින් කියන්න ඕන නැහැනේ.. අන්න ඒ හන්දා තමයි ඉතින් සතියක් විතර පාර වහගෙන පාරවල් හෝදලා පිරිසිදු කරන්නේ..

පෙරහැර යන්නෙත් ප්‍රධාන පාරේ.. ඉතින් සතියක් විතර නගර සභාවේ එවුන් පාර සුද්ද කරනකන් අපිට යන්න එන්න වෙන්නේ වටේ පාරවල් වල රවුම් ගහලා තමයි.. හරියට නිකන් ඔළුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ වැඩක්.. ඒ මදිවට පට්ට ට්‍රැෆික්.. අතුරු පාරවල් පටු හන්දා ඉතින් බයික් එකක් වුනත් රිංගලා යන එක එච්චරම ලේසි නෑ..

මේ සිද්දීය වුනේ ගිය සඳුදා..  මම දවල් වැඩ ඉවර වෙලා කන්න ගෙදර දුවන් එන ගමන්.. වෙනදා විනාඩි 10ට ගෙදරට ආවට මොකද දැන් වටේ රවුම් ගහලා ට්‍රැෆික් එකට සෙට් වෙලා එද්දී හෙන වෙලාවක් යනවා.. එදත් ඔහොම අතුරු පාරක සෙට් වෙලා ඉද්දී හෙනම බ්ලොක් එක.. බයික් එක රිංගවන්න පුළුවන් හැම අස්සකින්ම දාගෙන පුළුවන් තරම් දුර ආවා.. ඒත් ඊට පස්සේ යන්න කොහෙත්තම ඉඩක් නෑ.. බලාගෙන ඉන්නවා ඉන්නවා පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේනෑ.. ඔහොම බලාගෙන ඉද්දී පාරේ ඇවිදන් ආව ඉතාලි කාරයෙක්ගෙන් මම නිකමට ඇහුවා ඇයි බ්ලොක් එක කියලා..  මේකා හිනා වෙවි කියනවා ගෑණු දෙන්නෙක් වාහන හප්පගෙනලු.. එහෙනම් ඉතින් කියන්න දෙයක් නෑනේ.. පොලිසියෙන් බැස්සත් ඔය වාහන දෙක ඔතනින් ඉක්මනට අයින් කරනවා ශුවර් නෑ..

ටිකක් එහෙ මෙහේ වට පිට බැළුවා රිංගන්න තැනක් තියෙද කියලා.. මොකද බඬත්ගිණියි හොද එකෙන්ම.. ඉස්සරහින් තිබුනා පොඩි අතුරු පාරක්.. ඔකෙන් ගියාම ඉතින් මට යන්න ඕන පාරට නොවැටුනත් පොඩි වටයක් දැම්මම ඉතින් මගේ වැඩේ කර ගන්න පුළුවන්.. හැබැයි අවුලකට තිබුනේ ඒක වන් වේ එකක්.. ඒත් ඉතින් මෙතන බලන් ඉන්නවට වැඩිය ඕකෙන් දාලා යන එක හොදයි.. මම හෙම්ට බයික් එක පේමට් එකට දාගෙන ඒ පොඩ්ඩ තල්ලු කරන් ආවා.. මොකද ඉතින් පේමට් එකේ බයික් පදින එක මල ලෙඩක් නේ..

ඒ පරේ ආසාවට වාහනයක් නෑ.. ඒක ටිකක් විතර දුරයි.. තල්ලු කරන එකත් ලේස් නෑ එච්චර දුරක්.. ඒ හන්දා ශේප් එකේ බයික් එකට නැගලා අයිනක් අල්ලන් වැඩිය ස්පීඩ් නොකරම ආවා.. වන් වේ එක ඉවර වෙලා අනිත් පාරට දානකොටම දැම්ම නේද ස්ටොප් බෝඩ් එකක් පොලිස් මාමා කෙනෙක්..

" කොහේද යන්නේ, මේක වන් වේ කියලා දන්නේ නැද්ද?"

" නෑ මම මේ මෙතන ගෙදරක් ලග බයිසිකලේ නවත්තලා හිටියේ.. පොඩි දුර හන්දා මේ දැම්මේ.."

" පොඩි දුර උනත් නීතිය නීතියමනේ..ගන්නවා ලයිසන් එක.."

කතාව ඇත්තනේ දුර ලග පොඩි වුනත් නීතිය නීතියම තමයි.. අනික මේ අහුවුනේ ප්‍රාන්ත පොලිසියේ එකෙකුට.. උන් ඉතින් කෝමත් ඔය පොඩි එකටත් නවත්තන ජාතියේ පොරවල් තමයි.. මම ඉතින් ලයිසන් එක එහෙම දුන්නා.. ඔක්කොම ඉතින් ගානට තියෙන හන්දා බය වෙන්න දේකුත් නැහැනේ.. ලයිසන් එකයි ඉන්ශුවරන්ස් එකයි ඔක්කොම බලාගන්න කියලා දුන්නා..

" කෝ ගන්නවා බලන්න සර්ජෝන් එක.."

මේ සර්ජෝන් එක කියන්නේ වීසා එකට.. සමාන්යෙන් කොයිම
වෙලාවකවත් සර්ජෝන් එක ඉල්ලන සිරිතක් නෑ.. ඇත්තම කියනවනම් මම ඒක පර්ස් එකේ දාගෙන යන්නෙත් නෑ.. මොකද කියනවනම් ඕක බැරිවෙලාවත් නැති වුනොත් ඒක කියලා හදා ගන්න ටිකක් විතර අමාරුයි.. වෙනදටනම් මගේ ලග ෆොටෝ කොපි එක්ක තියෙනවා.. අප්සට් වෙලාවට ඒකත් නෑ..

" සර්ජෝන් එකනම් ගෙදර.. සනිතාරියා එක තියෙනවා.."

සනිතාරියා එහෙම නැත්නම් කෝදිසි ෆිස්කාලේ ලියන්නෙත් ඒ වගේම
වැදගත් එකක්.. ඕකනම් ඉතින් නිතරම සාක්කුවේ තියෙනවා.. මොකද කඩේකින් ෆෝන් එකට සිම් එකක් ගන්න ගියත් ඕක ඕන.. ඒ හන්දා ඕකයි ID එකයි නිතරම තියෙනවා.. මම ඉතින් ඕක දුන්නා.. මූ මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා..

" මේක තිබුනට බැහැනේ සර්ජෝන් එක නැතුව.. ඒක ඕන.."

මට දැන් හොද එකෙන් මල..

" ඒක තියෙනවා ගෙදර.. නිතරම පර්ස් එකේ දාගෙන යන්නේ නෑ බැරිවෙලාවත් නැති වුනොත් කරදරේ හන්දා.."

" ඒ වුනාට ඒකත් ඕන.. කවුද දන්නේ ඒක එක්ස්පයර් වෙලාද කියලා.."

" ඉතින් ඒකනේ මම සනිතාරියා එක දුන්නේ.."

" සනිතාරියා කියන්නේ එකක් සර්ජෝන් එක කියන්නේ එකක්.."

" ඒක මම දන්නවා.. ඒ වුනාට සනිතාරියා එක දෙන්නෙ සර්ජෝන් එක තියෙන මිනිස්සුන්ට විතරයි.. අනික සනිතාරියා එක එක්ස්පයර් වෙන්නෙත් සර්ජෝන් එක එක්ස්පයර් වෙන දවසටමයි.. ඔය සනිතාරියා එකේ තියෙන්නේ 2015 වෙනකන් වැලිඩ් කියලා.. එතකොට සර්ජෝන් එකත් ඒ වෙනකන්ම වැලිඩ්.."

මටත් තද වෙලා මම ඌට කියලා දුන්නා.. ඌ නොදන්නවා වෙන්න බෑ.. නැත්නම් ඉතින් පොලිස් කාරයෙක් වෙන්නේ කොමද? එක්කෝ ඌ හැදුවේ මාව මඬවන්න, එහෙම නැත්නම් පොඩ්ඩ්ක් බය කරන්න.. මේක ඉතින් මොකෝ මම වන් වේ ගිහින් අහු වුන පළවෙනි වතාව නෙමෙයි නේ..

" හරි, එහෙනම් යනවකො.."

" ස්තූතියි, සුභ දවසක්.."

ඕනම එකෙක්ට මෙහේ සුභ දවසක් කියන එක සාමාන්‍ය දෙයක් හන්දා මම ඌටත් එහෙමම කියලා මගේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන එන්න ආවා.. ප්‍රාන්ත පොලිසියේ ඉන්නේ ඔය වගේ එවුන්ම තමයි.. උන්ට කරන්න කියලා ඇති වැඩක් නැහැනේ.. ලොකු කේස් වලට මුන් බහිනවා අඩුයි.. ඉතින් මෙහෙම මොකෙක් හරි අල්ලන් දගලන එක තමයි උන්ගේ වැඩේ.. ඌ හන්දා මට තවත් පරක්කුයි.. පුළුවන් ඉක්මනට එහෙන් මෙහෙන් රිංගලා මම ගෙදර ආවා ඌට හිතින් බනිනන් ගමන්..


76 comments:

  1. හොඳ වෙලාවට දෙකෙන් කෝක හරි තිබ්බේ.. නැත්තං මලාජෝන් !

    ReplyDelete
    Replies
    1. අම්මපා දාලා හැරෙන්නවත් වුනේ නෑ.. මධු අයියා බලලනේ..

      අනිත් එක කෝමත් ලග තියා ගන්නවා.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
    2. අද වේලපහ වැඩ ඇරුනද ? ඔක්කෝලටම කලින් කලින් රිප්ලයි දාලා.. :)

      Delete
    3. නෑ, වැඩට යන්න කලින් මේක දැම්මේ.. දාලා හැරෙද්දීම කමෙන්ට්..

      Delete
  2. බලාගෙන ගියම පොලිස් කාරයො ලෝකෙ කොහෙත් 1 වගේනෙ මොකක් හරි මරාලයක් පෙරලන්නමනෙ හදන්නෙ...
    හොදවෙලාවට අර මොකක්ද 1 තිබ්බෙ... මතකත් නෑ අප්ප...
    ..
    ..
    ආ මේ තියෙන්නෙ...
    සනිතාරියා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. කොයි එකත් එකයිනේ ඉතින්.. අපි පාරේ යන්න ඕන ඔක්කොම ගැන බල බල..

      Delete
  3. අපේ ඉන්න උන් නම් කරන්නෙ ඕවා බලන්න කලින් කියක් හරි කඩා ගන්න බලන එක ...බලන් ගියාම මේ ජොබ් එකේ වැරැද්දක් වෙන්න ඇති ,හැම රටකම මේ වගෙද පොලොසිය හැබැයි මට පොලොසියෙන් හොද වැඩත් වෙලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. මෙහේ බුවාලනම් ඉතින් පගා ගහන්නේ නෑ.. ලොකු ලොක්කෝ කොමද මන්දා.. මේ පාරේ ඉන්න උන් නම් එහෙම නෑ.. ඇත්ත මට හිතෙන්නෙම ජොබ් එකේ අවුලක් තමයි..

      Delete
  4. මෙහෙ පොලිස් මාමලාගේ නෑදෑයොද ඔහේ ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ.. අපේ අයගෙන් ආදර්ශ ගත්තද කියලා...

      Delete
  5. මොකද අනේ වීසා එකට සර් ජෝන් එක කියන්නෙ...? බඩගින්නෙ ඉන්නකොට කොහොමත් මල පනිනව වැඩියිනේ... ඇති ඔයින් ගියා... අර මධුරංග කිව්ව වගේ සනිතාරියා එක නොතිබ්බ නම් මළා ජෝන් නේන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මෙහේ විදිහට කියන නමනේ අක්කේ.. ඔය උඩ ෆොටෝ එකේ ගහලම තියෙන්නේ..

      අනේද කියන්නේ.. බඬගිණි වෙලාවට ඕවා ඇහෙද්දී රතු කට පනිනවා..

      Delete
  6. සර්ජෝන් කිව්වහම මම හිතුවේ මලා ජෝන් කොතලාවල කියලා! :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, මේක ඊට වඩා වෙනස්..

      Delete
  7. අර ලංකාවෙ වගේ විස්සක් දීලා මාරු උනානම් අහවරයිනෙ. ;-)

    ReplyDelete
    Replies
    1. එවුවා කොහේ කරන්නද බං මෙහේ?

      Delete
    2. ඇත්තට ඔහේ උන් පගාව ගන්නෙම නැත්ද බං?

      ශැක් මොන හෙනගහන අපරාධ‍යක්ද දෙයියනේ ඒක? ඕකුන් අපෙ පොලිස් බාප්පලාගෙත් නම්බුව බම්බුවට දාලනෙ වැඩ කරන්නෙ.

      Delete
    3. පික්ශු කියන්න එපා බං.. එහෙම වුනානම් උඹ හිතන්නේ වැරැද්ද කරලත් මට කට ගහලා බේරෙන්න පුළුවන් කියලද? ඒ හන්දා මෙහෙම හොදා.. හෙහ්..

      Delete
  8. අපේ පොලිස් ඌන්ගේ පොලිස් කියලා වෙනසක් නැහැ බලන් ගියාම.මොකකට හරි අල්ල ගන්නමයි තනන්නේ...:(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. අපි පොඩ්ඩක් මොකක් හරි කර ගමන් තමයි අහු වෙන්නේ..

      Delete
  9. මොනා උනත් හොද එකෙක්.. ලංකාවේ නං උඹේ දත් ටික නෑ අද... අර දැරිවිට හොස්සපිටල් ගානේ තමා යන්න වෙන්නේ.. ඈ බං නසරානියා කියල එකක් නැද්ද බොලාට.. අපිට තියෙනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ්, ලෝකල් පොලිස් හන්දා ඔහොම කියෙලා ශේප් වුනා.. හැබැයි ඔය ලොකු කේස් වලට බහින එවුන්ගෙන් නම් එහෙම බේරිලි නෑ.. අහු වුනොත් අහු උනාම තමයි..

      ඊට හපං ඒ දැරිවි ඇවිත් ආයෙම මටම බනින්න ගත්තම ඔයා ඇයි ඔක අරන් නොගියේ කියලා.. හෙහ්..

      Delete
  10. දිවිය ලෝකේ හිටියත් මට පොලෝසිය නම් අරහං. යුනුපෝම් එක ඇන්දම උන් සර්වබලධාරී කියලයි හිතාගෙන ඉන්නේ.අනිච්චේ දුක්ඛේ....

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත.. නිල ඇදුමට හැමදේම යටයි කියනවනේ..

      Delete
  11. බලාගෙන ගියාම කොයි පොලෝසියත් එකයි නෙව.

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්.. ඇදුමේ පාට විතරයි වෙනස්..

      Delete
  12. හිතින් බැන බැන සුභ දවසක් කිව්වද :D

    ReplyDelete
    Replies
    1. කිවුවා නෙමෙයි ගිම් අක්කේ අර පුරුද්දට වගේ කියවුනා..

      Delete
  13. ciao කියලා දැක්කේ නෑ වගේ යන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. එහෙනම් දඬ කොලේ එවයි ගෙදට්ටම ලොකු ගානක් දාලා..

      Delete
  14. ඉතින් වන් වේ එකෙ අනෙක් පැත්තට ගියාට වෙන මොකුත් අවුලක් නැද්ද ? මෙහෙ නම් වන් වේ බෝඩ් කාලෙන් කාලෙට වෙනස් කරනව. දඩ නැති වෙනකොට. එහෙමයි ආදායම් උපයන්නෙ අපි.. :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඔය වන් වේ එකක් පොඩ්ඩක් පැන්නට ලොකු අවුලක් නෑ.. මම කී පාරක් නම් අහුවෙලා ඇත්ද.. ඒ වෙලාවල් වලත් ශේප් වුනා.. මූ තමයි අල්ලන් හිටියේ..

      Delete
  15. බැරිද ලංකාවෙන් කොටසක් යවන්න උන්ට නීතිය උගන්වන්න

    ReplyDelete
    Replies
    1. පිස්සුද, එතකොට පගා ගන්නත් පුරුදු වෙයි.. මෙහෙම බේරෙනවා එකක්..

      Delete
  16. වැරදි කරලත් කතා කරලා තියෙන ලස්සණ...:D:D

    ඔහොම බය නැති බව පෙන්නුවේ නැත්නම් ඉතින් මේ ලෝකේ ඉන්ට හම්බ වෙන්නේ නෑ දිනේශ්. හැබැයි මම නම් පොලිසියේ මහත්තුරුන්ට හරි බයයි. නෝනලාට ඊට වඩා බයයි. :)

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මක්කටෙයි. අපිත් නෝනලට GB

      Delete
    2. පොඩ්ඩි අක්කේ, එහෙම තමයි අනේ ඉතින්.. නීතිය දන්න බව පෙන්නන්න ඕන.. එතකොට මෙහේ ටිකක් ශේප්.. නැත්නම් එන්නේ මුං කරේ යන්න..

      Delete
    3. දේශකයා, මාත් බයයි ගෙදර නෝනට නම්.. ;)

      Delete
  17. බලද්දි කොහෙ පොලිස් කාරයොත් එකයිනෙ, කොහෙන්හරි වැරැද්දක් හොයන්නමයි බලන්නෙ :D

    ReplyDelete
    Replies
    1. වරදක් ඉතින් කලා තමයි.. නැත්තෙම නෑ.. මූ හැදුවේ මාව බයිට් එකට ගන්න..

      Delete
  18. අම්මප ලෝකෙම පොලෝසියෙ උන්නැහෙල එකයි නොවැ...

    ReplyDelete
    Replies
    1. පාට වෙනස් වුනත් ඉතින් පොලිස් නේ..

      Delete
  19. ට්‍රැෆික් ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචං..

      Delete
  20. පොලිස් කාරයෝ කොහෙත් එකයි වගේ... ඕක මං හිතන්නේ නිල ඇදුමෙ ඌෂ්ණය නිසා වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉතින් හොද අයත් නැතුවම නෙමෙයි අයියේ.. මේකා නම් මාව බයිට් කරපු එක කලේ..

      Delete
  21. උන්දැලගෙයි,අපේ උන්ගෙයි සමානකම් තියෙනවා නේද බලාගෙන යනකොට.....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඔක්කොම පොලිස් නේ..

      Delete
  22. මෙහෙ ඔය වගේ තර්ක කරන්න ගියා නම් උඹට සර් ජෝන් කොතලාවලම පෙන්නයි....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කීයක් හරි දීලා මාරු වෙනවනේ සිරා අයියේ..

      Delete
  23. ඩිනේශ්,
    වැරද්ද ඔයාගේ.
    පොලීසීය අය හොඳ හින්දා ඔයාට යන්න දීලා. නමුත් නීතිය නම් මෙහෙමයි.
    ඉතාලියේ ඕනම විදේශිකයෙකුට තියෙන රැඳී සිටින බලපත්‍රය අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ (ෆොටෝ කොපි නෙමෙයි ඔරිජිනල්) ඊට අමතරව ඔයාට ඉතාලියේ ඇතුලේ ඩොකියුමන්ට්ස් තියෙන එක වෙනම කතාවක්. නමුත් වීසා එක ඕනේම අවස්ථාවක ඉදිරිපත් කරන්න ඕනේ. මේ වගේ වෙලාවට කවදාවත් කට ගහගෙන යන්න එපා හොඳ වෙලාවට මේ පොලිසියේ අය නීතිය සම්බන්ද දේවල් ගැන නොදන්න අය. නමුත් ඔයාව බාප්පලාම චෙක් කලා නම් polizia di stato, guardia di finanza, carabinieri මේ වෙද්දි අපිට දොඩම් අරන් යන්නත් තිබුනා.
    ඉතාලීයේ රැඳී සිටීමේ බලපත්‍රය නැතිව ගමන් බිමන් යනවා තමයි බොහෝ අය ඒත් ඒක සාධාරණීය කරන්න බෑ. ඩොකියුමන්ට්ස් නැථි කරගන්නේ නැථිව ඉන්න එක විදේශිකයාගෙ වගකීමක් මිසක් නීතියේ එහෙම දේවල් නෑ. හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ෆිස්කල් කෝඩ් එක විදේශිකයකුට නීතියේදි පෙන්වන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න දිනේශ්, මේක එවෙලේ හදිස්සියෙන් බ්ලොග් එක කියවලා ලියලා ගියාට.
      දැන් බ්ලොග් වල කොමන්ට් කරන්නත් මම බයයි පොර වෙන්න කොමන්ට් කරනවා කියලා කීප තැනකම දැකපු හින්දා. ඒත් මේක මගේ ෆීල්ඩ් එක සම්බන්දව හින්දා කිව්වේ. අවුලක් නම් ඩිලීට් කරලා දාන්න.

      Delete
    2. රංගි අක්කේ, ඔවු මම පිළිගන්නවා.. ඒත් විශ්වාස කරන්න මේ අවුරුදු 6ටම මම කවමදාවත් සර්ජෝන් එක අරන් පාරේ ගිහින් නෑ.. කුස්තූර යනවනම් විතරයි මම ඕක එලියට ගන්නේ.. මම කලින් වතාවක් වන්වේ එකේ දාලා කැරිබිනියේරි එකට අහු වුනා.. එවෙලේ මම කිවුවෙත් ගෙදර කියලා.. උන් ඇහුවේ ශුවර් නේ ගෙදර තියෙනවද කියලා.. මම ඔවු කිවුවම යන්න දුන්නා... අනික අක්කේ මම මිලානෝ, වැනිස් ඔක්කොම ගියේ සර්ජෝන් එන නැතුව.. දන්නවා, ඒක අත්‍යාවශ්‍යයිම කියලා.. ඒත් මට මේ වෙනකන්ම ඒක ලග නොතිබුනා කියලා ප්‍රශ්ණයක් වෙලා නම් නෑ..

      Delete
    3. අහ්, අනිත් එකට උත්තර දෙන්න බැරි වුනා.. රංගි අක්කේ, අපි එකම රටේ ඉන්න මිනිස්සු.. ඒ හන්දා මම කරන දේ හරි වැරැද්ද ඕන වෙලාවක කෙලින් කියලා යන්න දෙපාරක් හිතන්න ඕන නෑ.. මේක මගේ බ්ලොග් එක.. ඔයා කියන දේ මට ප්‍රශ්ණයක් නෙමෙයි නම් අනිත් දේවල් ගැන හිතන්න එපා කොහෙත්තම..

      Delete
  24. සිසිලි මිනිස්සුන්ගේ තියන මනුස්සකමට උබ ඔය බේරිලා තියෙන්නේ,අපේ උන් ඉන්ශුවරන්ස්,ලයිසන් නැතුව අහු වෙලා යන්න දෙන පොලිස්කාරයෝ ඕනා තරම් ඉන්නවා,,ඒ අස්සෙන් අපේ උන් අඩලා මාරු වෙන ඒවා මම ඕනා තරම් දැකලා තියනවා,එන්න එන්නම මෙහෙ නීති තද වෙන්න අරගෙන තියන කාලේ පරිස්සමින්,,

    ReplyDelete
    Replies
    1. ඔවු මචං.. ඔය අඬලා බේරුනා කිවුවම තව සිරා කතාවක් මතක් වුනා.. ඒක හෙමින් වෙලාවක ලියන්න ඕන..

      ඇත්ත මචං.. සිසිලි මිනිස්සු හොදයි තමයි.. මගේ අතේ වැරැද්ද වුනත් පොර කියපු දේටයි මම අරහෙම උත්තර දුන්නේ.. නීති නම් තද වෙනවා.. දැන් බලපං ඉන්ශුවරන්ස් නැති වුනොත් දඩේ 800ක්.. එදා ඔය පොඩ්ඩ පැන්නට මොකද වෙන වෙලාවටනම් ශේප් එකේ යනවා..

      Delete
  25. ඌ පිස්සු හොද වෙච්චි එකෙක්ද කොහෙද බං ...
    සනිතාරිය එක තිබුනම හොදටම ඇති නේ...
    මඩවන්නම කරපු කෙලියක්..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මැඩවීමක් තමයි අයියේ.. වෙන වෙලාවකනම් අවුලක් නෑ.. මේ බඬගිණි අස්සේ ඉතින් තද වෙනවනේ..

      Delete
  26. මෙහේ ට්‍රැෆික් ගැන මම ලියලා බලනකොට ඔයා මට කලින් එකක් ලියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අවුලක් නෑ.. දෙක වෙනස් නේ අයියේ..

      Delete
  27. උඹ වැරදියි එකෙන්ම! නමුත් පොලිසියෙ මහත්තය උඹට සලකල තියනව. හරි නං උඹ ඌට මීට වැඩිය ගරු කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගරු කලා රාජ් අයියේ.. ඔය විදිහට මෙහේ කතා කරන එක සමාන්‍ය දෙයක්.. ඒ හන්දා ලොකු අවුලක් නෑ..

      Delete
  28. සැක් දවසක් දෙකක් කූරු ගනන් කරන්න තිබ්බ චෑන්ස් එක...අපරාදේ :3

    ReplyDelete
    Replies
    1. අම්මපා මුං නං.. යාලුවෝ කියලා කියන්න වටින්නේ නෑ..

      Delete
  29. පොලිස් කාරයා හොදටම බය වෙලා තියෙන හැඩයි. නැත්නම් ඉතින් වැරැද්දක් කරල තියෙද්දිත්, ඔහොම සද්දයක් දාපු කෙනෙකුට යන්න දෙයියැ.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් මෙහේ ඒ තරම්ම ලොකු වරදක් නෙමෙයි.. මෙහේ බයිසිකල් වන් වේ දාලා පනින එක නවත්තන්න බෑ ඉතින්..

      Delete
  30. අපේ පැත්තේ පොලිසිය ගැන මම කතා නොකරමි.......වාසනාවන් උඹ බේරුනා එහෙනම්.....හැබැයි මලේ මාව කවද හරි පොලිසියෙන් ඇල්ලුවොත් (මහ මගදි)ආයේ දෙකක් නෑ අනිවා කුදලන් පොල්ලිසියට ගෙනියනවා ....මන් ගමන් යන්නේ කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව හි...හි..හි...

    ReplyDelete
    Replies
    1. අපෝ, මෙයා එක්ක එහෙනම් යද්දී අනිවා අපේ ඩොකියුමන්ට්ස් ගෙනියන්න ඕන.. නැත්නම් අහක ඉන්න අහිංසක අපිත් නිකන් අමාරුවේ..

      Delete
  31. ඉක්මන් කොටයි කියන්නේ ඔය නිසා තමයි මටත් ඉක්මන් වෙලාවට වෙන්නෙම පරක්කු වෙන්න මොකක් හරි අජපල් කේස් එකක් වැටෙන එක සමස්තයක් ලෙස මට නම් පොලිස් කාරයෝ පෙන්වන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. එක්කෝ ඉක්මනට දාන පාරේ අනික්වට වැඩිය කචල්.. මටත් අනන්තවත් වෙලා තියෙනවා..

      Delete
  32. බලාගෙන යනකොට කොයි පොලිසියත් එකයිනේ අය්යා. මොනවා උනත් ඊලග වතාවේ ෆොටො කොපියක්වත් සාක්කුවේ දාගෙන යන්න... හැම එකාම ඔහොම යන්න දෙන එකක් නැනේ

    ReplyDelete
    Replies
    1. පොලිස් හැමෝම එකම සෑම්මපලේ තමයි මලයෝ..

      Delete
  33. මම නම් නීති විරෝධි වැඩ කරන්න බයයි. හේතුව මට නිදහසට කරුණක් නැති එක.

    ඒත් වරදක් කරාම නීතියයි ලොකු කතායි නැතිව තමන්ගේ වරද පිළිගත්තා නම් ඕනේ තරම් දේවල් වලින් බේරෙන්න පුළුවන්. කොටින්ම ඔය නීතී රීති අස්සේ ඉන්න අපි වුනත් කරන්නේ සමාව ඉල්ලලා වැරද්ද පිළිගන්න එක. අනික පොලීසියේ අය මෙතන කිසිම වරදක් කරලා නෑ. එයාලා ඔයාගෙන් අහලා තියෙන්නේ ඔයා ඇග්‍රිමන්ට් එකකින් එහෙම ඉදිරිපත් කරන්න ඕන කියලා බැඳිල ඉන්න ඩොකියුමන්ට් එකක්.

    ජනවාරි දහඅටෙන් පස්සේ මෙරට විදේශිකයන්ට නීතිය නූලට ක්‍රියාත්මක කරනවා. ( මේ මාසේ එකොලහ ඉඳන් ආව සමහර නීති ගැන ලොකු බයකුත් අපි වගේ අයටත් තියෙනවා.) එක පැත්තකින් ඒක හොඳයි. ඒත් තවත් පැත්තකින් මේ තරම් සහන දීල තිබ්බ රට කාගත්තට විදේශිකයන් වන අපිටම ගහන්න ඕනේ.
    පොඩ්ඩක් මේ බ්ලොග්/ ෆේස්බුක් අස්සේම ඉන්නේ නැතිව ඔය මේ රටේ නීති ගැන එහෙමත් අප්ඩේට් වෙන්න කියලා තමයි පොදුවේ මෙහේ ජීවත් වෙන හැමෝටම කියන්න තියෙන්නේ.
    මතක තියාගන්න නොදැනුවත්කම නීතියේදි නිදහසට කරුණක් නෙමෙයි.

    (ඊයේ අද ඔෆීස් එකේ දැක්ක දේවල් එක්ක මමත් පුදුම වෙලා ඉන්නේ.)

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, සමහරක් දේවල් නම් මටත් ආරංචියි.. කොහොමත් හුඟක් නීති දැන් දැන් එන්නේ එපේ වාසියටම නෙමෙයි කියලත් වෙලාවකට හිතෙනවා..දැන් ඉතින් මෙහේ ඇවිත් ඉවර නිසා ඒවා දිහා බලාගෙන අපේ පාඩුවේ වරදක් නොවෙන්න ඉන්න එක තමයි කරන්න තියෙන හොදම දේත්..

      Delete
  34. මොන පොලිස් කාරයත් එකයි කියලා කට්ටිය කිව්වට මාම්න්ම් පිළිගන්නේ නෑ, ඌ උඹට යන්න දුන්නා. මෙහෙනම් උඹට පගාවක් අනිවා දෙන්න වෙනවා, නැත්තම් අනිවා ලියනවා, උඹ කටගහගෙන ගිය හැටියට මෙහෙනම් අඩුගානේ කුඩු ග්රෑම් එකක් වත් දාලා දානවා ඇතුලට.

    ReplyDelete
  35. පොලොෂ් කාරයා වගේම මලයගේත් පොඩි වැරද්දක් තියනවා මෙතන..නැද්ද හොඳයි? :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්