Monday, 3 February 2014

මම කැමතියි හිරුණිට



ලස්සන ඔය සුදු මුහුණේ

සිනා පොදක් මම දැක්කේ

ගැළු කඳුළු එදා දවස

මැකි ගිහින් නංගියේ..



සුදු සාරිය අතැර නුඹ

නිල් සාරිය හැද ගත්තේ

නුඹේ හැඩ වැඩි වැඩියෙන්

මම දැක්කා නංගියේ..



අතීතය අමතක කර

උන් එක්කම උඹ හිටියට

රට්ටු ගොතන පද ඔක්කොම

අමතක කරපං නඟේ..



මම කැමතියි හිරුණිට

හිරුණි කැමතී මාමට..



උසාවියේ කාර්පාර්ක් එක

ගෙදර වගෙයි නංගියේ

නිතර නිතර කෑ ගැහුවට

ඇය අන්ධයි තව නඟේ..



උගතමනා ශිල්පයෙන්

නුඹ ඉදිරිය දැක නඟේ

ඇයි එල්ලුනේ කලබලයෙන්

උඹ මාමගේ සාටකේ..



මම කැමතියි හිරුණිට

හිරුණි කැමති මාමට..



නුඹේ අප්පා ගිය පාරේ

නුඹත් ගිහින් නංගියේ

කවුන්සලේ ලොකු පුටුවක්

උඹට හිමියි නංගියේ..



ජනතා හඬ වැඩි වැඩියෙන්

ලබාගන්න මේ ටිකේ

ඉදලා හිටලා හරි පොඩ්ඩක්

අඬපන් මගේ නංගියේ..



මම කැමතියි හිරුණිට

හිරුණි කැමති මාමට..



කොළොන්නාවේ ජය හඬ හැම

නුඹට තමයි නංගියේ

දුමි අයියගේ කෙනහිලිකම්

ගනන් නොගෙන ඉමු නඟේ..



විලාසිතා හැඬ දැම්මට

ඒ කාලයේ උඹ නඟේ

එදා ඇන්ද බිකිනියට

කතිර අකැප නෑ නඟේ..



මම කැමතියි හිරුණිට

හිරුණි කැමති මාමට..



බුකියේ කොළු ගැටවු ටික

මඩ ගැහුවට කලබලේ

දවසක උන් උඹ පස්සෙන්

එනවා මගේ නංගියේ..



සාටකයේ බලමහිමය

උඹ වින්දත් රිසි ලෙසේ

බේබිලාට බහක් නොදී

හිටපන් හොද නංගියේ..



මම කැමතියි හිරුණිට

හිරුණි කැමති නෑ මට..








විශේෂයි : පින්තූර අන්තර්ජාලයේ තැන් තැන් වලින් උස්සපුවා වන අතර මෙය කිසිදු පුද්ගල අපහාසයක් නොවන්නේය.. ස්තූතියි..

91 comments:

  1. මාත් ආසයි හිරුණිට ...
    අන්තිම ටික නම් එල තට්ටු කර කර කියන්න ..හැක් ..

    ReplyDelete
    Replies
    1. හිරුණිය එහෙනම් ඡන්ද ගොඩයි වගේ..

      Delete
  2. දුමි අයියා නුබ කැපෙන්න
    කෙල්ලො දැම්ම නංගියේ
    ඔබ දිනුවම උන් පරදා
    දුමියා කැපෙයි නංගියේ....

    මෙන්න දුලා'ස් ස්පෙෂල්

    ReplyDelete
    Replies
    1. අහ්, ඔය තියෙන්නේ කට්ටිය අඬු වැඩි දාලා.. එල එල..

      ඔනන් ඒ පැත්තටත් ගොඩ වුනා.. හෙමීට කියවන්නම් මචෝ..

      Delete
  3. යස කවි ටික... මම කැමතියි මේකට - තාලය එයි ගානට :)

    ReplyDelete
    Replies
    1. තාලේ අහ අහා බං ලිවුවෙත්..

      Delete
  4. කවුරු කවුරුත් කැමති මොනර කොලවලටයි

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක හැමෝටම ඕන මොණර කොල තමයි අයියේ..

      Delete
  5. Replies
    1. හෑ, නලීන් අයියත් මනාපද?

      Delete
  6. මමත් කැමතියි ඕයි හිරුණිට ....වැඩේ තියෙන්නේ අර ඉස්සර රාජ කුමාරියෝ වගේ දැන් ඉන්න රාජකුමාරියෝ මෙහෙකාරයෝ. දුප්පත් කොල්ලෝ එක්ක එන්නේ නැති එකනේ

    ReplyDelete
    Replies
    1. ඔවුවා ගැන හිතලා වැඩක් නෑ ඉවාන්.. දැන් කාලේ වෙනස්.. එහෙම ඒවා කතන්දර වලින් කියවලා සැනසෙමු බං..

      Delete
  7. මේ ඒක නෙමෙයි.... මාත් කැමතියි හිරුණිට...

    ReplyDelete
    Replies
    1. හා හොදේ.. ;)

      Delete
    2. //මේ ඒක නෙමෙයි.... මාත් කැමතියි හිරුණිට...// දෝණි මෙන්න මූ.... :D

      Delete
    3. හෙහ් හෙහ්..

      Delete
  8. අද නම් දිනේෂ් ගුටි කන්නේ හිරුනි ගෙන් නෙමේ ..

    ReplyDelete
    Replies
    1. හි හී මටත් හිතුනේ ඒකමයි :D

      Delete
    2. බින්දි අක්කේ, නැත නැත කාගෙන්වත් ගුටි නොකමි..

      Delete
    3. චම්ස්, අම්මපා මෙයාලා බලන් ඉන්නෙත් ඉතින් අපි ගුටිකනකම් නේ.. හෙලා දකිනවා..

      Delete
  9. රබානකුත් අරගෙනම මේ කවි ටික කියවන්න තිබ්බා නං මරු...
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට :)

    ReplyDelete
    Replies
    1. ඩාන්ස් එකකුත් එක්ක කැරකිලා ;)

      Delete
    2. මධු අයියේ, වැරදී වැරදී..

      //මම කැමතියි හිරුණිට
      හිරුණි කැමති නෑ මට..//

      Delete
    3. අපූර්වී, මධුරංග අයියා වැඩිය කැරකෙන්නේ නෑ.. ;)

      Delete
    4. අන්න හරි.. කැරකුනොත් දනිහ පන්න ගත්තෑකි... :)

      Delete
    5. හා හා, එහෙනම් ඩාන්ස් ඕන නෑ අෆ්ෆා..

      Delete
  10. අපි කොයින්ද නිලි මස් කිව්වලු :D

    ReplyDelete
    Replies
    1. ඒ උඹ මේකිව කන්නද හැදුවෙ? චැක් චැක්.

      හිටපන් හිරුණිකා ඇන්ටිට කියන්න.

      Delete
    2. මැට්ටෝ කනවනං ආර්යා භාර්යාව වගේ එකක් බලහන්. මේ සූටි කෙල්ල කිලෝ දෙකහමාරක් ඇති වැඩිම උනොත්.

      Delete
    3. සසිඳු, නිලි මස්.. අම්මපා මුං නම්..

      Delete
    4. ප්‍රියා, අඩේ ඇන්ටි, ඔවුවට එන්න එපා හරිද? අපිට තද වෙනවා..

      Delete
    5. බස්සී, යකඩෝ බස්සී ඒ ටිකට බර මනින්නත් ගිහින් නේ..

      Delete
  11. එළ එළ ෆස්ට. කියන්න වචන නැත.

    අපි කැමති උනාට වැඩක් නෑ ඕකුන් අපිට කැමති නෑ බන්

    ReplyDelete
    Replies
    1. හිත රිදෙන කතා කියන්න එපා බං.. :(

      Delete
  12. මං කැමතියි හිරුණීට.. නිකර් කැමති නෑ මට...

    ReplyDelete
    Replies
    1. කවුද නිකර්? සිරාවටම අහන්නේ..

      Delete
    2. ඊ නිව්ස් කාරයා හිරුනිකාව හිරුනිකර් කරා නේ.. ඒකයි

      Delete
    3. අහ්, එහෙමත් සීන් එකක්ද, මම දන්නේ නෑ අෆ්ෆා..

      Delete
  13. මට නම් අප්පිරියයි බං..

    ReplyDelete
    Replies
    1. මටත්.මිදී තිත්තයි කියනවා නෙමේ.මුන්ගේ කතා අහලාම අප්පිරිය වෙලා තින්නේ...:(

      Delete
    2. සෑම්, මට උඹ ගැන තේරෙනවා මචං.. අවුලක් නෑ..

      Delete
    3. මනෝජ්, කතා අහන්න ඕන නෑ බං.. පිස්සුනේ උඹලට..

      Delete
  14. කරන දෙයක් පරිස්සමෙන්
    අනේ මගේ නංගියේ

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි සුදීක අයියේ අපිටත් කියන්න වෙන්නේ..

      Delete
  15. මම පුද්ගලිකව දුමින්ද සිල්වාට කැමති නැහැ.ඒ වගේම හිරුනිකා ගැන මගේ මනාපෙකුත් නැහැ.මුන් කියන දේ කරන වුන් නෙමේ.මෙහෙම වුන්ට චන්දය දෙන්න තරම් මම නම් හරකෙක් නොවේ.

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කියන දේ කරන අය අද කොහෙත්ම නෑ බං.. කාට ඡන්දේ දුන්නත් ඕක තමයි වෙන්නේ..

      Delete
  16. හිරුණිකා තව චන්ද්‍රිකාගෙන් එහෙම ඉගනගන්න දේවල් තියෙනවා..සමහර ප්‍රසිද්ධ ස්ථානවල එයා හැසිරනෙ විදියට ඒ තරම්ම උචිත නැහැ.දැන් හිරුණිකා කියන්නෙ පොඩි ලමයෙක් නෙමෙයි. එයා පොඩ්ඩක් වැරදියට හැරුනත් ඒක වැරදි අදහසක් තියෙන සේයාරුවක් විදියට පලවන්න හැකියාව තියෙනවා මාධ්‍යවලට.

    ReplyDelete
    Replies
    1. මම මේකට ෆොටෝ හොයද්දීත් මට මරු ෆොටෝ ටිකක් නම් සෙට් උනා තමයි.. කැමරාවට අඬන්න කලින් හොදට හිනා වෙලා හැපී එකේ ඉන්න ඒවා එහෙම.. හෙහ්..

      Delete
  17. ජය නියතයි නංගිට
    නංගි අයිති රටටම....
    කොල්ලෝ නහියි තරහට
    නංගි යනවා උඩටම....

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් හැබැයි, ජය නියතයි නම් තමයි චන්දන අයියේ..

      Delete
  18. Replies
    1. තැන්කිවු කිවුවා..

      Delete
  19. බස් එකේ එනකොට කියවලා මට තනියම හිනා.... සුදු වෑන් වලට නෙමෙයි ගෙදර ගියාම මදාරා නංගිගෙ කොහු මිටෙන් තමයි පරෙස්සම් වෙන්න වෙන්නෙ මුන්දැට.

    ReplyDelete
    Replies
    1. බස් එකේ මේවා කියවලා හිනා වෙන්න එපා බං.. පිස්සු කියලා හිතයි බොට.. පිස්සු තමයි, ඕක පෙන්නන්න ඕනෙයි..

      කොහු මිටෙන් කන්න? හෙහ්, බැනුම් ඇහුවත් ගුටි කන්නේ නෑ අලී..

      Delete
  20. මුන් හොඳ එක දේකට විතරයි අයියේ....කට කහනවා....

    ReplyDelete
    Replies
    1. එක්කෝ ඒක ඕන නෑ බං..

      Delete
  21. මේවා කියවද්දි ඔළුව හිරි වැටෙනවා අෆ්ෆා....
    මෙයා සැහෙන්ට හිරුණිකාට ලයික් වගේ හි..හි..හි.....
    නියමයි .....නියමයි...

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා.. සෑහෙන්න ලයික්.. ;)

      ඇයි ඔයාටත් ඔළුවේ අස්පට් එකක් තීනවා වගේද :P

      Delete
    2. ඇයි දන්නේ නැද්ද?ඒ නිසානේ මල්ලීලා වගේ ඔළුව අප්සැට් උන්ව ආශ්‍රය කාන්නේ හු.....හු......

      Delete
    3. කාන්නේ---->කරන්නේ

      Delete
    4. අපොයි ඒක ගැන දැනගෙන නම් ගොඩක් කල් මම.. ඒකනේ මෙච්චරම ෆිට් උනෙත්.. හූ ඈ..

      Delete
  22. සාටකේ එල්ලිලා මැරුණ උන් තාම වීරයෝ
    සාටකේ එල්ලිලා ඉන්න උන් දේශ ප්‍රේමියෝ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. සාටකේ ලග නම් කාටත් හොදයි කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  23. හිරුණි වගේද ගයේෂා ;)

    ReplyDelete
    Replies
    1. ගයේෂාට කැමතියිලු මාරයියා.. ;)

      Delete
  24. සුදු වෑන් වලට බයවෙන්න දෙයක් නැහැ ඉතාලියේ නිසා හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. සුදු ප්ලේන් එයිද දන්නෑ!

      Delete
    2. කෝරලේ, ඒකනේ බං අවුලක් නැතුව ලිවුවේ..

      Delete
    3. බස්සී, ශ්‍රී ලංකන් එක සුදුයි තමයි..

      Delete
  25. මෙයාටත් දැන් ටික ටික මතක නැතුව යනව වගේ බං..ලගදීම දුමි අයියගෙ ආසනේ සම සංවිධායක වෙයි වගේ..හි හි

    ReplyDelete
    Replies
    1. අන්න නියම දේශපාලන ලකුණු.. ඉතින් බලන්න අනාගතේ පැහැදිළි නේ හොදටම..

      Delete
  26. උඹ කැමති උනාට අපි කැමති නෑනෙ බන්....

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින්, හැමෝම කැමති වෙන්න ඕන නෑනේ සිරා අයියේ..

      Delete
  27. දැන් හිරුණිකාට මනාප අයගෙන් මෙයාට බැනුම් අහන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්, කට්ටිය පොරකනවා දිනිති අක්කේ..

      Delete
  28. මට නං හිතෙන්නෙ මෙයාට ඉක්කණටම අතීත අමතක ලෙඩේ වැලදේවි කියල.. ඊට පස්සෙ අනේ දුමී කියාගෙන යන්නත් බැරි නෑ

    ReplyDelete
    Replies
    1. එවුවා කියන්න බෑ මචං.. නොහැදුනොත් තමයි පුදුමේ..

      Delete
  29. දේශපාලනේ සදාකාලික මිතුරෝත් හතුරොත් නැහැ කියල කියනවනේ ......... හැබැයි දැන්නම් සදාකාලික කෑල්ල ඕනෙම නැද්ද මන්ද .....

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් සදාකාලික නෑ මචං.. ඔක්කොම හරි ඉක්මනට වෙනස් වෙනවා..

      Delete
  30. හිරුණිකාට වඩා කොච්චර හොඳයිද ජින්ජර්...ජනාධිපති කමටත් සුදුසුයිනේ..මේ බලන්න

    http://www.youtube.com/watch?v=Tkt4XM_bYnc

    ReplyDelete
    Replies
    1. හෙහ්, මම මුකුත් නොකියමි..

      Delete
  31. Replies
    1. මොකො ලොකු හොර හිනාව?

      Delete
  32. ඡන්දෙ දිනලා දුමී අයියයි හිරුණි නංගියිත් උඩ පින්තූරෙ වගේ හිටියත් පුදුම වෙන්න නාකයි ඔන්න... කිව්ව !

    ReplyDelete
    Replies
    1. එවුවට තමයි ආස්චර්‍යේ කියන්නේ අයියේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්