Monday, 10 February 2014

කවුද යකෝ මගේ බෙඩ්ශීට් එක හේදුවේ? - පූස්පාර්ට් යාළුවෝ 6



සාමාන්‍යයෙන් ලංකාවේ ඉදලා තරුණ කාලේ පිට රට යනගොඩක් අය කරන්නේ සල්ලි පස්සේ දුවන එක.. ඒකේ ඉතින් වරදකුත් නැහැනේ.. හම්බකරන්න පුළුවන් කාලේ හම්බ කරන්න ඕන.. නැතුව ඉතින් පස්සේ කරන්නයැ.. ඒ වගේම තමයි ඉතින් ඔය කාලෙදි හම්බකරන එක වියදම් කරලා ෆන් එකක් එහෙමත් ගන්න ඕන.. විශේශයෙන්ම අවිවාහකනම් ඉතින් මේ කාලේ තමයි නියමම කාලේ..

කතානියා වල ටිකක් වයසක මනුස්සයෙක් හිටියා ලංකාවේ ඉදලා ආව.. මගේ පූස්පාට් යාලූවෝ කතාවේ ඉස්සරහට ඇදිලා යන චරිතයක් නෙමෙයි හන්දා අපි ඒ කෙනාට නමක් නොදා ඉමු.. මේ මනුස්සයගේ නෑදෑ කොල්ලෙක් ආවා ඉතාලි.. ඉතාලි ඇවිත් මුල්ම දවසේ මේ මනුස්සයා ඒ කොල්ලව බයිසිකලේ දාගෙන කතානියා පෙන්නන ගමන් එක්කන් ගිහින් තිබුනේ බැංකුවක් ලගට..

" පුතේ උඹ ගෙදර ඉඩම උගසට තියලා සල්ලී හදාගෙන මෙහේ ආවේ.. ඉතුරු කරලා මිනිහෙක් වෙන්න ඕනනම් මෙන්න මෙතනට නිතරම වරෙන්.."

කතානියා ටවුන් එකේ තිබුන බැංකුවක් ලග ඉදන් එහෙම දේශණයක් දුන්න ඒ මනුස්සයා ටිකක් හවස් වෙන්න ඇරලා රවුම ගහලා ඉවර කරන්න කලින් ගිහින් බයිසිකලේ නැවැත්තුවේ ගණිකා නිවාසයක් ලග..

" මම උඹට මෙච්චර වෙලා කියපුවා අමතක කරලා හම්බකරන දේ වියදම් කරන්න ඕනනම් උඹ නිතරම එන්න ඕන මෙතනට.. කරන්නේ මොකද්ද කියන එක උඹම තීරණය කරපං.."

ඒකත් නිකන් හරියට අර අපි කතාවකට අහලා තියෙන මැරුණ මිනිහෙක්ට අපායයි දිව්‍යලෝකෙයි පෙන්නුවා වගේ තමයි.. මොනා වුනත් ඉතින් ඒ කියපු, ඒ දුන්න අවවාදේ හරියටම හරි.. ඔය අවවාදේ ලබපු කෙනා ඒක හරියට පිළිගත්තද නැද්ද කියන කාරණේ නම් මමත් දන්නේ නෑ.. මොකද දන්න තරමින් එහෙම සිද්දීයක් වාර්ථා වෙලා නෑ..

හරි ඒ අතීත කතා එහෙම තියෙද්දී අපි එමු ඊට අවුරුදු දෙක තුනක් විතර පස්සට.. කට්ටියට මතකද සිල්වාව.. අර කුණු බක්කියේ තිබුන රේඩියෝ එක ගන්න ගිහින් අකරතැබ්බයක් වුනේ, එතකොට අර නිරුවත් කණ්නාඩි එහෙම හෙවුවේ.. හරි හරි, මතක් වුනානේ.. කොහොම අමතක වෙන්නද අෆ්ෆා මේ සීරිස් එකේ ඉන්න ප්‍රධාන චරිතය.. ඉතින් ඔය සිල්වා මෙහේ ඇවිත් ටික කාලයකින් එයාගේ පුතත් කතානියා ආවනේ.. පුතාට පස්සෙ මල්ලිත් හොරෙන්ම වගේ මෙහේ ආවා.. සිල්වගේ පුතාට ඒකා බාප්පා හන්දා මුළු කතානියා වලටම ඌත් බාප්පා.. අපි කතා කලෙත් බාප්පා කියලමයි.. උගේ වැඩ එක්කනම් ඉතින් ඌ බාප්පම තමයි.. හරි ඒ වයින් වැඩක් නෑ.. අදාල කතාවට යමුකෝ..

කෝම හරි එක නිවාඬුවකට සිල්වා ලංකාවට ගිහින්.. පුතයි බාප්පයි තමයි තව දිගා කියලා කොල්ලෙකුත් තමයි ගෙදර ඉතුරු.. යාළුවෝ රැල ගැන ඉතින් කියන්න ඕන නැහැනේ.. මම දැන් මේ යාළුවෝ නැතුව ශේප් එකේ ඉදියට මොකද අනිත් එවුනටන්ම් ඉන්නවා රැලක්ම.. ඔය යාළුවෝ රැලේ ඉතින් ඉන්නවා සිල්වගේ තරහා කාරයොත්.. මතක ඇතිනේ පරණ කතාවල කියෙවුවා.. ඔය සෙට් එකේ ප්‍රනාන්දුත් හිටියා.. ප්‍රනාන්දු බලන් හිටියේ ඉතින් නිතරම වගේ සිල්වට ගේම් එකක් දෙන්නමනේ..

බාප්පා ආපු කාලේ ඉදන්ම කුපාඩියා.. ඉතින් මේකත් බලන්  ඉදලා
තියෙන්නේ චාන්ස් එකක් එනකන්.. වෙන මොකටද ඉතින්.. සුද්දියෙක්ගේ පහස ලබන්න.. සිල්වා එක්ක කන බොන ඒවා ඕන තරම් ඕකේ වුනාට ඔවුවට කොහෙත්ම ඉඩ නෑ.. ඒකා තනියම ඉන්න කාලෙවත් ඒවා ගැන හිතලා නෑ.. එහෙම එකේ ඉතින් පුත්‍රයා ආවම ඕවා ගැන කොහේ හිතන්නද? ප්‍රනාන්දු කියන්නේ කෑව බිවුව වෙලාවට නිතරම ඕක ඕන කරන ජාතියේ මනුස්සයෙක්.. ඉතින් හිතා ගන්නකෝ, සිල්වා උන්නැහේ නැති අතරේ බාප්පට ප්‍රනාන්දුවා සෙට් වුනාම බාප්පගේ සතුට කොයි වගේ වෙන්න ඇත්ද කියලා..

කෝම හරි දැන් වැඩේ සෙට්.. බාප්පලා, පුතාලා ප්‍රනාන්දුලා ඔක්කොම වැඩේට සෙට්.. අර කාමරේ හිටිය දිගා කියන කොලුවා විතරක් ඔවුවට කැමති නැති වෙලා.. ඉතින් මුං කරලා තියෙන්නෙ අරූට හොදටම බොන්න දීලා වේලස්සන නිදි කරවපු එක.. එතකොට ඉතින් උගෙන් අවුලකුත් නැහැනේ.. කොහොම හරි බුවා නිදාගත්තට පස්සේ ප්‍රනාන්දු ගිහින් කෙනෙක් එක්කන් එන්න.. මෙහේ ඉතින් පාරේ රෑට ඔහොම කෙනෙක් හොයා ගන්න එක ඒ තරම්ම අමාරුවක් නැහැනේ.. ඉතින් පයින්ම ගිහින් සුද්දියෙකුත් එක්කන් ඇවිත් හා හා පුරා කියලා ප්‍රනාන්දුවා බිස්නස් එක ඕපන් කරලා..

ඊට පස්සේ බාප්පා.. බාප්පා චාන්ස් එක එනකන් ඉවසිල්ලක් නැතුව ඉදලා තියෙන්නේ.. ප්‍රනාන්දු කාමරේ දොර හොදට වහලා නෑ.. ඇයි ඉතින් ඕක හංගන්න දෙයක්යැ කියලා.. ප්‍රනාන්දු වැඩේ යන අතරේ බාප්පා හෙමීට කාමරේට ඇහැ දාලා බලනවලු.. වැඩේ අස්සේ සුද්දී ප්‍රනාන්දුට කියනවලු කවුද එබෙනවා කියලත්.. කොම හරි ඉතින් ප්‍රනාන්දුගෙන් පස්සේ නොම්බර පිළිවෙලට බාප්පා ගිහින් කාමරේට.. සිද්දවුන හරිය ඉතින් කොටු කොටු.. ඉක්මනටම සොරොවු ඇරුනට මොකද බාප්පා හරි සතුටින් එළියට ආවලු..

" ඔන්න මම සල්ලි ගෙවලා ආවා උඹලටත් එක්කම.. දැන් උඹලත් ගිහින් වරෙන්.."

බාප්පා එහෙම කිවුවම දැන් ඊලගට යන්න හිටිය පුතාට හරි සංතෝසෙලු.. ඇති ඉතින් උගේ සල්ලි ඉතුරුයිනේ.. ආරංචි හැටියටනම් පුතාගේ උද්යෝගය බැහැලම ගියාලු කාමරේට ගිය ගමන් සල්ලි ඉල්ලුවම.. කෝම හරි ඌත් සල්ලි ගෙවලා ඒ ආසාවත් ඉශ්ඨ කරන් ඇවිත්.. මේ ඔක්කොම සෙල්ලම් වෙනකන් කන පැලෙන්න බීලා හිටිය එකා කිසි සද්දයක් නැතුව නිදිලු.. පස්සේ ඉතින් කට්ටිය වැඩපල ඉවර වෙලා තව බෝතලයකට වග කියලා කාලා බීලා නිදාගෙන.. හිතේ සංතෝසෙටත් එක්ක හොදට නින්ද ගිහින්..

හොදම හරිය ඉතින් සිද්ද වෙන්නේ ඊට පහුවදා.. අර දෙයියනේ කියලා බිලා නිදාගත්ත මනුස්සයා නැගිට්ටම.. කට්ටිය සතුට උද්දීපනය වුන පාර ඉර මුදුන් වෙලා පැයක් විතර යනකනුත් නිදිලු.. ඉතින් මේ දිගා නැගිටලා උදේ කරන්න ඕන වැඩ කාරිය කරන් ජනේලෙන් එලිය ලද්දී බැල්කනියේ තිබුන රෙදි වැලේ මුගේ බෙඩ්ශීට් එක තියෙනවලු.. මූත් නිදි විකාරෙන් වගේ ගිහින් බලද්දී ඒක හොදලලු.. දැන් මේකට සෑහෙන ප්‍රශ්ණයක්.. ඊයේ මූ ඒක හෝදපු බවක් මතක නෑ.. එතකොට කොහොමද මේක තෙත..

හවස් වෙනකන් සද්ද නැතුව හිටියට මූට සෑහෙන ප්‍රශ්ණේ මේක.. කට්ටියගෙත් වැඩි සද්දයක් නෑ.. මූ හෙමීට බාප්පගෙන් අහලා මොකද ඊයේ වුනේ කියලා..

" මම ඊයේ මජං පිටින් බං ගෙදර ආවේ.. මට මතක නැතුව වාඩි වුනේ උබේ ඇදේ.. එකයි රෙද්ද හේදුවේ.."

දැන් ඉතින් ඔය කතාව විශ්වාස කරන්න පුළුවන්ද? කොහෙත්තම බෑ.. මොකෝ බාප්පා කියන්නේ ඌ අදින ඇදුමක් වත් හෝදන්නේ නැති ජාතියේ පොරක්..  ඇදුම ඉඹලා බලලා ගඳ නැත්නම් පහුවදා ආයෙම ඇදන් යන ජාතියේ එකෙක්.. එහෙම එකේ ඕක හෝදයිද? බාප්පා කියපූ දේ සද්ද නැතුව අහන් ඉදලා පස්සේ අරූ අල්ලන් තියෙන්නේ පුතාව..

" ඇත්ත කියහන්.. තොපි මොකද මගේ බෙඩ්ශීට් එක හේදුවේ?"

අනේ ඉතින් අරූ බය වෙච්ච පාර ඔක්කොම සීන් කෝන් එක කියලා.. අරූගේ බෙඩ්ශීට් එක හෝදපු හේතුව ඉතින් හිතා ගන්න පුළුවන්නේ..

" අනේ බං අයියේ අපේ තාත්තටනම් දැන ගන්න තියන්න එපා.."

අරූ නාහෙන් ඇඬුවේ නැති ටිකලු.. හැබැයි එදා ඒක එහෙම වුනාට ඉතින් සිල්වා උන්නැහේ ලංකාවෙන් එද්දී මිනිහගේ ඇද කැඩෙන තරමට මේ කස්ටිය වැඩ කරලලු.. සිල්වා එද්දී කාමරේ අළුත්ම ඇඳක්.. ඒවට ගොතපු උත්තර ඉතින් ලොවෙත් නෑ..

අපේ සෙට් එකේ තව කතාවකින් පස්සේ හම්බුවෙමු එහෙනම්..


58 comments:

  1. බර පෝලිම් දැමිල්ලක්නෙ :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං..

      Delete
  2. යකෝ ඇදක් කඩන්න තරම් ..හැක් .

    ReplyDelete
    Replies
    1. හිතාගන්න පුළුවන්නේ ඉතින් කට්ටියගේ තිබුන උනන්දුව..

      Delete
  3. ඒ කියන්නේ අරූට ඇඳේදිම..... :)

    ReplyDelete
    Replies
    1. සොරොවු ඉතින් අරුනම පිටාරම ගලනවනේ අයියේ..

      Delete
  4. මරු සෙට් එකක්නෙ එකට පෝලිම් දානව මදිවට අනුන්නෙ ඇදන් බෙඩ්ෂීට් වලටත් වග කියනව මරේ මරු...
    මොනව වුණත් පට්ට ආතල් වැඩ ටිකක් ඉස්සරහට අහන්න කියවන්න ලැබෙයි කියල හිත කියනව

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මේ කට්ටිය වැඩ හන්දමනේ ඉතින් මම මේ සීරිස් එක ලියන්න පටන් ගත්තෙත්.. තියෙනවා තියෙනවා.. නිදහසේ ලියන්නම්..

      Delete
  5. // ඇද කැඩෙන තරමට මේ කස්ටිය වැඩ කරලලු..///
    හහ් හහ් හහ්

    ReplyDelete
    Replies
    1. පෝලිම් දාද්දී හැමදාම ඇදන් ඉතුරු වෙයිද?

      Delete
  6. ‍ෂීට් එක කුලියට දුන්නනං කස්ටියගෙන් ගානක් හොයාගන්න තිබුන

    ReplyDelete
    Replies
    1. හෙහ්, එකාට යුරෝ පහ ගානේ දුන්නනම් හොද ගානක් හොයා ගන්න තිබුනා..

      Delete
    2. චීනේ තියෙනවලු කපල්ස් වලට ලන්දක් කුලියට දෙන තැනක්. බෙඩ් ශීටි තමයි කුලියට දෙන්නේ. එතකොට කපල් එක ලන්දට රිංගලා තැනක් හොයාගෙන අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න ඕනේ. ගාස්තු අය කරන්නේ බෙඩ් ශීට් එක අපිරිසුදු වෙච්ච් තරමට. කුණු අඩු නම් ගාන අඩුයි.

      Delete
    3. අෆ්ෆට සිරි ඒකත් එහෙමද? මරු බිසනස් එක හැබැයි.. රෙද්ද බිම එලා ගත්තම ඉතින් අපිරිසිදු නොවී තියෙවියැ..

      Delete
  7. යකො ඇදත් කැඩුවද.සෙල්ලම් නැ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි ඉතින්..

      Delete
  8. යකෝ ඇඳක් කැඩෙන තරම් පෝලිම් දැම්මද?

    අරූ ඩෙඩ්ශීට් එක ආයෙ පාවිච්චියට ගත්තද? හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. ඒක ඌටම දීලා නිකන් ඉදලා.. වෙන මොනා කරන්නද ඉතින්..

      Delete
  9. දරුණු පහර දීමක්... :D

    ReplyDelete
  10. oya setekam dakune porawal tikakwenna one dakkane verudda wadeyata dilatheyana gema..

    ReplyDelete
    Replies
    1. අන්න අන්න ඉතින්, දකුණේ කියලා අපිටත් මඩ ගහන්න එපා.. අර අනිත් කතා ටිකත් වෙලාවක සෙට් වෙලා ලියමු ඈ..

      Delete
  11. කියාගන්න බෑ හැඟුම් සිතේ තෙරපිලා......මට හිතෙන ඒවා කියලම දානන්ද එක්කෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියපං බං.. මොනා කියල හංගන් ඉන්නද..

      Delete
  12. පොඩ්ඩක් ඉදපන් මම හිනාවෙලා ඉවරවෙලා කොමන්ට් එකක් කොටන්නම්......

    හික්ක්ක්ක්ක්ක්...... හිශ්හ්ෂ්.......... හික්ක්ක්ක්ක්ක්ක්

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙනම් පස්සේ මොනා හරි කියපංකෝ මචං..

      Delete
  13. ඈක්කා .......ජරාවැඩ

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කියන්නේ නෑ අටං අයියේ..

      Delete
  14. අර දිගා කොළුවා පව් අෆ්ෆා.......

    ReplyDelete
    Replies
    1. චාන්ස් එක හම්බුනේ නැති හන්දද?

      Delete
  15. මේක පෝලිමක් නෙවෙයි බං රවුමක් වගේ..

    ReplyDelete
    Replies
    1. සර්කල් ඔෆ් *******

      Delete
  16. "පස්ස උඹේ යකඩෙං හැදුවද බාරී" කියලා ඉවර වෙන කවියක් තියෙන්නේ අර සුද්දි වගෙ ගෑනියෙක්ට කියපු එකක් වෙන්ඩ ඇති නේ?

    ReplyDelete
    Replies
    1. උන්ට ඉතින් පුරුදුයිනේ බං.. ඒ හන්දා අවුලක් නැතුව ඇති..

      Delete
  17. දැන් මල්ලි මේ කතාවේ කව්ද? :D

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකටම කෙල්ලෙක්ගෙන් කියලා වැටුන එකම කමෙන්ට් ට්ක.. මමද? මම එතකොට ලංකාවෙනේ.. ඉතාලි ඇවිල්ලත් නෑ.. ඒ හන්දා මම නෑ..

      Delete
  18. මරැ වැඩේ තමයි බාප්පයි පුතයි දෙන්නා. මට එච් ඩී ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ග චිත්‍ර පටයේ ඔය වගේ ගණිකාවක් සම්බන්ධ කථාව මතක් වුනා.....

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකනම් මටත් ලාවට වගේ මතකයි.. බාප්පලා පුතාලා ඉතින් ඔහොමමනේ..

      Delete
  19. අර සුද්දිට දෙවියන්ගේම පිහිට තමයි යකෝ කී දෙනෙක්ද????

    ReplyDelete
    Replies
    1. හෙහ්, පුරුදු කාරයෝ නේ බං.. අවුලක් නැතුව ඇති..

      Delete
  20. බුහා...යකෝ ඔච්චර ඇද හෙල්ලෙද්දි, කෑ ගැහිල්ලක් මැද කොහොමද බන් අරූ නිදාගෙන හිටියෙ... අනික ඌට ලාදුරුද??

    ReplyDelete
    Replies
    1. ඌට ඩෝප්.. ඌ කොහේ ඇහැරෙන්නද?

      Delete
  21. ලංකාවේ වගේ හොඳ බුරුත ලී වලින් හදන්න ඕනේ ඇදක් උණාම. ආයේ කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න

    ReplyDelete
    Replies
    1. බුරුත නැදුන් ඉතින් මෙහේ නෑනේ.. ඒකනේ අවුල..

      Delete
  22. ඔච්චර දෙයක් වෙනකම්ම අරූට නින්ද ගියා නම් ඌගේ බිම කොහොම තියෙන්නේ ඇතිද...?

    ReplyDelete
    Replies
    1. කරටි කැඩෙන්නම බීලා...

      Delete
  23. පවු බන් සුද්දි...ලෝකෙ පරණම රැකියාව නොවැ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිරා අයියේ.. ඒවත් ඉතින් ජීවිත තමයි..

      Delete
  24. පෝලිම් දැමිල්ල නම් හරිම කැතයි, අප්පිරියයි, අමානුෂිකයි. ඒත් ඉතින් ඉස්සර කොල්ලෝ කාලේ මාත් පෝලිමේ ඉඳලා තියෙනවා.

    මේ පෝස්ට් එකේත් කමෙන්ට්ස්වලත් අරූ ඉන්නවා හැම තැනම:D

    ReplyDelete
    Replies
    1. පෝලිම අමානුශිකයි කියලා මාත් පිළිගන්නවා.. ඒත් ඉතින් ඒක සුද්දිට වාසියි නේ.. පුරුදු නැති එවුව් ඉක්මනට ඇවිත් ගියාට ගාන හරියට ලැබෙනවනේ..

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Oyin giyaa madayi ranjani athak payak nokadi kiwalu.
      (Sinhala walata kela welaa.)

      Delete
    2. ආයෙත් අහලා..

      Delete
  26. හපොයි පුදුම නින්දක ඉදල තියෙන්නෙ අර මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අක්කේ.. නිදි එකෙත් හොද එක..

      Delete
  27. මට නම් හිතෙන්නේ කට්ටියට ඩෝප් වැඩි නිසා සුද්දී මුලික වැඩ කොටස ඉවර වුණාම නැගිටලා පැත්තකට වෙලා ඉඳල ඇත්තේ. අර කට්ටිය ඇඳත් එක්ක තරහ පිරිමහ ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකත් කියන්න බෑ හැබැයි.. අනික ඉතින් කෝඩු කාරයෝනේ සෙට් වෙලා තිබුනෙත්..

      Delete
  28. ඊව්වා... මරුවට තියෙන්න ඇති... මටත් මතක් උනේ මංගල තෑග්ග කියන ෆිල්ම් එක... දිනේෂ් 'සිල් ඇත්තෝ' පෝස්ට් එකට දාපු කමෙන්ට් එකක කියල තිබුණනෙ ගෑණු ළමයි කවුරුවත් මේ පෝස්ට් එකේ කමෙන්ට් කරල නෑ කියල බොහොම දුකෙන්... ඔන්න මං ගෑණු පරානෙ ආවෙ සළු කරල දීල යන්න... දැන් හරිනෙ... :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්