Wednesday, 8 January 2014

නිරුවත් වූ ප්‍රේමය




සිහින් වැලි රැදුන වෙරළ දිගේ ඇවිදන් එන එක හැමදාම හිතට ගෙනාවේ ලොකු සනීපයක්.. නිදහසක්.. මම ඒකට ආස කලා.. මම විතරක්ම නෙමෙයි ඔයත් ඒකට හුඟක් ආස කලා කියලා මම දන්නවා.. ඇත්තටම අපි ඒකට හුඟක් ආස කලා.. හැමදේකින්ම නිදහසක් ලැබුන හැම වෙලාවකම අපි කාලය ගත කලේ මෙතන.. ඒ අපි මේ වෙරළට අනිත් හැම දේටම වැඩිය ආස කල නිසා වෙන්න ඇති කියලා මම දන්නවා.. හැමෝගෙන්ම නිතර ලැබෙන අවදානයත් එක්ක වෙරළේ ආදරෙන් ඇවිදන් යන එක වෙනස්ම හැඟීමක්..



අදත් හරියටම අන්න ඒ වගේ දවසක්.. වෙනද වගේම මම ඒ අතින් අල්ලගත්තා.. ඒ සිනිදු පහසට හැම වෙලාවකම වගේ මගේ හිත කිතිකැවෙනවා.. ඒ තරමටම මම ඒ පහසට ආදරෙයි.. ඒ තරම්ම තදට හුළං නැති හන්දා අද වෙරළේ රැල්ලත් ටිකක් මළානික වෙලා.. ඒත් අපිට නම් ඒක ඒ තරම්ම ගානක් වුනේ නෑ.. වැලන්තීනා වෙනදා වගේම ලස්සනයි.. වෙරළේ නිදහසේ ඇවිදින ගමන් අපි සිපගත්තා, තුරුළු වුනා.. ඒ නිදහස ජීවිතෙන් කොහෙත්තම උදුරලා ගන්න බෑ කියලා මම දන්නවා.. අහම්බෙන් කෙනෙක් දෙන්නෙත් අපි දිහා ඕනවට වැඩිය උනන්දුවෙන් බලාගෙන හිටියත් ඒක අපිට ඒ තරම්ම ගානක් වුනේ නෑ.. වැලන්තීනා නිතරම කියනවා වගේ වයසක අයට අපිව හරිම ප්‍රශ්ණයක්..



" එලීසා අද අපි ටිකක් ඉක්මනට යමුද?"



මම කල්පනාව අතරේ ඉද්දී හදිස්සියෙම වගේ වැලන්තීනා කිවුවා..



" ඇයි අද කවදාවත් නැතුව?"



" මට ටිකක් සනීප මදී.."



ඒ මුහුණේ තිබුන හැඟීම් තේරුම් ගන්න එක මට එච්චරම අමාරු වුනේ නෑ.. ඒ වේදනාව වැලන්තීනට යාන්තමින් දැනීගෙන එනවා කියන එක ඒ ලස්සන මුණේ හොදටම පේන්න තිනුනා.. වෙරළේ ඉදන් අපි නැවතිලා හිටපු ෆ්‍ලැට් එකට තිබුනේ ඒ තරම්ම ලොකු දුරක් නෙමෙයි.. වැඩි වෙලාවක් යන්න කලින් අපි නතර වුනේ අපේ කාමරේ.. වෙනදට වෙරළේ ඇවිදලා එන සැදෑවල් ඉවර වෙන්නේ මේ විදිහට නෙමෙයි වුනත් අද අකමැත්තෙන් වුනත් ඒකට මූණ දෙන්න වුනා..



වැලන්තීනා තනියම ඇදට වෙලා ඉද්දී මම කලේ ඉක්මනට රෑට කන්න මොනවා හරි ලෑස්ති කරන එක.. මම වැලන්තීනා තරම්ම රහට උයන්න දන්නේ නැති වුනත් සමහරක් වෙලාවට මම හදන දේවල් වලට වැලන්තීනා හුඟක් ආස වුනා.. ඉක්මනට කාලා අපි වෙනදා වගේම තුරුළ් වුනා.. ඒත් අනික් දවස් වගේ සතුටු වුනේ නෑ.. පිටිපස්සෙන් මම තුරුළ් වෙලා වැලන්තීනාව හුඟක් තදින් බදා ගත්තේ දැනෙන වේදනාව ටිකක් හරි අඩු වෙලා යාවි කියලා හිතාගෙන..



..............................



හුඟක් වෙලාවට සමහරක් දවස් දැනුනේ හරිම ඒකාකාරි විදිහට.. එකම රාමුවක කොටුවෙලා නැති වුනත් ජීවිතේ ගෙවෙන්නේ එකම විදිහකටද කියලා නොහිතුන වෙලාවල් නැතුවමත් නෙමෙයි.. ඒත් සමහර විට ඒක දැනෙන්නේ මට විතරක්මද කියන්න මම දන්නේ නෑ.. කනවා බොනවා, සතුටු වෙනවා, ජීවිතේ ගෙවනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් අළුතින් ජීවිතේට එන්නේ නැද්ද කියලා වෙලාවකට හිතෙනවා.. එහෙම වුනානම් මොකක් හරි වෙනසක් තියෙනවා නේද කියලා හිතෙනවා..



පොත් ප්‍රදර්ශණේට ලෑස්ති වෙන්න තියෙන දවස් එකින් එක ලං වුන හන්දා මම හිටියේ ඒ වැඩ ගැන වෙනදටත් වැඩිය උනන්දුවෙන්.. ලයිස්තු හදලම ඉවරයක් නැති හින්දා වැදගත්ම වැඩ ටිකක් අකමැත්තෙන් වුනත් ගෙදර අරන් ආවට වැලන්තීනානම් හිටියේ ටිකක් තරහින්.. වෙනදට හවසට හැමදාම දෙන්නා එකටම වොශ් දැම්මත් අද මම එනකන් නොයිදම තනියමම ගියේ ඒක හන්දා කියලා මම දන්නවා..



නාන කාමරේ ඉදන් කිසිම අඳුමක් ඇඟේ නැතුව එලියට ආව වැලන්තීනාව මම දැක්කේ කාමරේ තිබුන කණ්නාඩියෙන්.. වැලන්තීනා දන්නේ නැහැ මම එයා දිහා බලාගෙන ඉන්න විත්තියක්වත්.. තාම හරියට වේලිලා නැති රන් පාට කොණ්ඩෙන් වතුර බිංදු දෙක තුනක් ඇගේ දිගු පිට අතරින් බේරෙමින් තිබුනා.. අද දවසටම හරි හැටි ලං වෙන්නවත් ඉඩක් ලැබුනේ නැති හන්දා මට තවත් ඉවසන් ඉන්න බැරි වුනා.. මම කෙලින්ම ගියේ වැලන්තීනා ලගට.. කොච්චර කේන්ති ගත්ත වුනත් වැලන්තීනා මගෙන් ඈත් වෙන්නේ නෑ කියන එක මම හොදින්ම දැනන් හිටියා.. අපි එකතු වුනා, වෙනදා වගේම.. වැලන්තීනාගේ දඟකාරකම් ලග හිත සතුටින් ඉතිරෙන්නේ හිතනවටත් වැඩිය ඉක්මනට..



යාන්තමින් දහඬියෙන් තෙමුන ඒ ළමැදේ මූණ තියාගෙන හිටියේ වැලතීනා හුස්ම ගන්න රිද්මයට මාත් ඉහල පහල යන ගමන්.. ඒකේ අමුතුම වෙනසක් තිබුනා.. සතුටයි, හිතට දැනෙන හැඟීමුයි එක්ක නිකන්ම වගේ ඇස් යාන්තමින් පියවීගෙන එද්දී වැලන්තීනගේ ෆෝන් එක රින්ග් වුනේ මගේ හැඟීම් ඔක්කොම පොඩි කර ගෙන.. ෆෝන් එක අතට ගත්ත වැලන්තීනා  කාමරෙන් එළියට යන්න ගියේ කවදාවත් නැති විදිහට..



" චාව් ෆෙදෙරීකෝ, ඇයි කෝල් කරන්න පරක්කු වුනේ?"



වැලන්තීනා කාමරෙන් එලියට ගිය නිසා මට යාන්තමින් ඇහුනේ එච්චරයි.. ෆෙදෙරීකෝ.. හ්ම්ම්.. මීට කලින් කවදාවත් වැලන්තීනා කියනවා ඇහුනේ නැති නමක්.. ඒත් වැලන්තීනා ස්ටේජ් ඩ්‍රාමා වල නිතරම ඉන්න කෙනෙක් හන්දා එයාට අදුන ගන්න ලැබෙන අය දවසින් දවස වැඩි වෙනවා නේද කියලා මට හිතුනා.. සතුටයි මහන්සියයි හන්දම නින්දත් හෙමීට දෑස් ලගට එබිකම් කරමින් තිබුනා.. ඒත් පහුගිය අවුරුද්දක විතර ඉදන් වැලන්තීනා නැතුව නිදා ගත්ත දවසක් මගේ ජීවිතේ තිබුනේ නෑ.. ඒ හන්දම මම එයා එනකන් බලාගෙන හිටියා..



තිබුන නිහැඬියාවත් එක්ක ඇහුනේ කාමරේ ඔරලෝසුවේ කට්ට කැරකෙන සද්දේ විතරයි.. වෙන දේකට හිත හොමු කරන්න කොච්චර උත්සාහ කලත් ඒකෙන් වැඩක් නොවුනේ හිත වැලන්තීනා ගැනම නිතරම  හොයපු හන්දා.. වැලන්තීනා ගිහින් විනාඩි විස්සකටත් වැඩියි.. ඇදෙන් නැගිටලා ගිහින් බලන්න ඕන කම තිබුන වුනත් එහෙම නොකර හිටියේ කවමදාවත්ම වැලන්තීනා මගෙන් ඈත් වෙන්න උත්සාහ නොකරපු නිසා..



ඒත් කරකැවෙන ඔරලෝසු හඬත් එක්ක හිතත් නිකන්ම වගේ විකාර වෙලා.. තවත් බලාගෙන ඉන්න හිත ඉඩ නොදෙද්දී මම ඇදෙන් නැගිට්ටේ වැලන්තීනා පරක්කු මොකද කියලා බලන්න.. ඒත් එක්කම වගේ කාමරේට ආව වැලන්තීනාගේ මූණේ තිබුනේ මම හැමදාම දකිනවට වැඩිය වෙනස් හිනාවක්.. මම ඒ දිහාම බලාගෙන හිටියත් ඒක වැලන්තීනා දැක්කේ නෑ..



" කවුද කතා කලේ?"



" යාළුවෙක්, හෙට කරන්න තියෙන පොඩි වැඩකට.. අපි නිදාගමු එලීසා.. මට දැන් නිදි මතයි.."



ඉක්මනටම ලයිට් එකත් නිමලා ඇදට ආව වැලන්තීනා මට තුරුළ් වුනත් ඒ පහසේ අමුත්තක් මට දැනුනා.. සමහරවිට හුඟක් වෙලා බලාගෙන හිටපු හන්දා තිබුන නොරිස්සුම් කම හන්දා වෙන්න ඇති.. වැලන්තීනට තුරුළ් වුන මම හුඟක් වෙලා යනකන් නිදා ගන්න උත්සාහ කලා..



.......................................



පොත් ප්‍රදර්ශණය තිබුන සතිය ගෙවිලා ගියේ හුඟක්ම අවීවේකිව.. උදේම ගෙදරින් ගියාම වෙනදා වගේ දවල්ට ඉදලා හිටලවත් ගෙදර එන්න පුළුවන් වුනත් ගෙවුන සතියම එහෙම කරන්න කිසිම ඉඩක් ලැබුනේ නෑ.. දවසම බොහෝමයක් මිනිස්සු අතර තෙරපිලා හිතට වගේම ඇඟටත් දැනුන වෙහස හන්දම වෙනද වගේ වැලන්තීනා එක්ක නිදහසේ කාලේ ගත කරන්නවත් පුළුවන් වුනේ නෑ.. හැමදාම ආවේ වෙනදා වෙලාවට වැඩිය පැයක් එකහාමාරක් විතර පරක්කු වෙලා.. මගේ පරක්කුව ගැන කවදාවත්ම ප්‍රශ්ණයක් කර ගත්තේ නැති වැලන්තීනා ගෙවිලා ගිය සතියෙත් මගේ වැඩ ටිකත් එක්කම කරලා තිබුනේ මට කරන්න කිසිම වෙලාවක් එන්නේ නෑ කියලා ඉවෙන් වගේ දැනුන නිසා වෙන්න ඇති..



ප්‍රදර්ශණේ ඉවර වුන නිසා අද දවසම නිවාඩු.. ඒත් අත උදේම ප්‍රැක්ටිස් තිබුන හන්දා මම ඇහැරෙන්නත් කලින්ම වැලන්තීනා ගෙදරින් පිට වෙලා යන්න ගිහින්.. කලින් දවස් වල මහන්සියත් එක්ක මම ඇහැරෙද්දී දවල් 12ත් පහුවෙලා.. වැලන්තීනගෙන් පණිවිඩයක් වත් නොතිබුන එක හිතට ටිකක් හරි මදි වුනත් මම එයාට කරදරයක් වෙන්න ගියේ නෑ.. හවසට පුරුදු විදිහටම වෙරළට ගිහින් ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා හිතාගෙන මගේ තිබුන වැඩ ටිකත් ඉක්මනට ඉවරයක් කලේ වෙලාව ගැනවත් ඒ හැටි නොහිතම.. හවස පහ විතර වෙද්දී පුරුදු වෙලාවටම වැලන්තීනා ගෙදර ආවම හිතට දැනුනේ කියා ගන්න බැරි සතුටක්.. ඒ හින්දමද කොහේද මම වැලන්තීනගේ තොල් සිපගත්තේ..



" ඔයා වොශ් එක්ක දාලා හෙමීට ලෑස්ති වෙන්න.. අපි යමු බීච් එක පැත්තට.. මේ ටිකේම යන්න බැරි උනානේ.."



" එලීසා, අපි වෙන දවසක යමුද? මට පොඩි වැඩක් තියෙනවා.."



" හ්ම්ම්, ඒ මොකද්ද?"



" ෆෙදරීකෝ එක්ක අද රෑ කෑමට යන්න මම දා ගත්තා.. ඒක වෙනස් කරන එක හරි නැහැනේ.. අපි හෙට යමු.."



" හරි.."



මට කියන්න ඉතුරු වුනේ ඒ වචනේ විතරක්ම වෙන්න ඇති.. ඒ හන්දම අකමැත්තෙන් වුනත් මම ඒ වචනේ විතරක් කියලා හිතේ තිබුනේ හැම දෙයක්ම එක මොහොතකට මං ඇතුලෙම හංඟගත්තා.. වැලන්තීනාගේ හැසිරීමේ තිබුනේ වෙනදට වැඩිය ලොකු වෙනසක්.. අල්මාරියේ තිබුන එක එක විදිහේ ඇදුම් හැම එකක්ම ඇදලා බැළුවත් ඒ හැම එකකින්ම සෑහීමක් ලැබුන බවක් වැලන්තීනාගේ මුණේන් පේන්න තිබුනේ නෑ.. අන්තිමේ ලගදී දවසක මම ම අරන් දුන්න ලා කොල පාට කෙටි ගවුම ඇද ගත්ත වැලන්තීනා ගෙදරින් පිට වුනේ මාව යන්තමින් වැළදගෙන.. ඒ වෙනස මට හුඟක් දැනුනා..



මුළු රෑ පුරාවටම හිත හැම තැනකම දිවුවා.. වැලන්තීනගේ වෙනස දරා ගන්න බැරි විදිහටම හිතට දැනෙන්න වුනා.. තත්පරෙන් තත්පරේ ගෙවෙන ඔරලෝසුව දිහා බලාගෙන ඉද්දී හිතට ඇවිත් නතර වුනේ තේරුම් ගන්න අමාරු සිතුවිළි ටිකක්.. වෙලාව රෑ එකොලහටත් ලගයි.. වැලන්තීනා මම නැතුව ගිය ගමනක කවදාවත්ම මෙච්චර පරක්කු වෙලා නෑ.. ඇත්තටම කවුද මේ ෆෙදෙරීකෝ කියන්නේ.. වැලන්තීනගේ හිත ෆෙදරීකෝ එයා ලගට ලං කර ගෙනවත්ද? මෙච්චරම රෑ වෙන්නේ අද වැලන්තීනා ෆෙදෙරීකෝ එක්ක නිදා ගන්නවා වත්ද? අවුරුද්දක් පුරාවටම මාත් එක්ක හිටපු වැලන්තීනාට පිරිමි පහසක් ලබන්න වුවමනාවක් ඇති වුනාවත්ද?



හිතට පිළිතුරක් නැති ප්‍රශ්ණ වැලක් එක දිගටම එන්න පටන් ගත්තේ මටවත් නොදැනිම.. හැම එකක්ම උත්තරයක් නැති ප්‍රශ්ණ.. සමාජයේ සමහරකට අපිව මොන විදිහකට දැනුනත් අපි මේ ආදරේ හුඟක් හොදට වින්දා.. මම වගේම වැලන්තීනත් මේ ආදරේට කැමතී කියලා මම දන්නවා.. ඒ හන්දා එයා මගෙන් ඈත් වෙන එකක් නෑ.. කල්පනාව අතරෙම ගේ ඉස්සරහා වාහනයක් ඇවිත් නතර වෙන සද්දේ හොදින්ම ඇහුනා.. දන්නෙම නැතුව වෙලාව රෑ දොලහාමාරත් වෙලා.. වැලන්තීනා දොර ඇරන් එන්න කලින් මම දොර ලගට ගියේ ෆෙදෙරීකෝ කවුද කියලා බලාගන්න මටත් ඕන කමක් තිබුන හන්දා..



මම දොර අරියි කියලා වැලන්තීනා හිතන්න නැතුව ඇති.. පුදුම වුන බැල්මක් ඒ ඇස් වල තිබුනේ ඒ හන්දම වෙන්න ඕන.. ඒත් මම ඒ දිහා බලනවට වැඩිය උනන්දු වුනේ ෆෙදෙරීකෝ දිහා බලන්න.. මාත් එක්ක හිනා වෙන්න උත්සාහ කලත් මම කරේ ෆෙදෙරීකෝව එච්චර ගනන් නොගත්ත එක..



රැය ගෙවුනේ පුදුම නොසංසුන් විදිහට.. අද අපි එකතු වුනේ නෑ.. කේන්තිය නිසාද මන්දා මට ඒකට ඕන කමක් තිබුනේ නෑ.. වැලන්තිනත් කවදාවත්ම නැතුව ඇදේ පැත්තකට වෙලා නිදා ගනිද්දී ඒකේ ලොකු වෙනසක් මට දැනුනා.. අද වැලන්තීනා ආවේ ෆෙදෙරීකෝ එක්ක එකට ඉදලද? හිත පුරාම කැරකුනේ එකම ප්‍රශ්ණය.. ෆෙදෙරීකොගේ තිබුන ලස්සනත් එක්ක කෙල්ලෙක් එයා එක්ක ඉන්න එක ගැන දෙපාරක් නොහිතනවා ඇති.. මමත් කෙල්ලෙක්.. මම වුනත් ෆෙදෙරීකෝ එක්ක ඉන්න ලැබුනොත් ඒ අවස්ථාව මඟ අරින්නේ නෑ.. වැලන්තීනා වුනත් එහෙමමම් වෙන්න ඇති..



.......................................



දවස් ගෙවුනේ පුදුම නොසන්සුං විදිහකට.. දවසින් දවස වැලන්තීනා මගෙන් ඈත් වෙනවදෝ කියලා මට හිතුනා.. අපි එකට හිටියත් කතා බහ කලත් ඒ හැම වෙලාවකම වගේ වැලන්තීනගේ හිත තිබුනේ මගෙන් ඈතක කියලා මට හැම වෙලාවකම වගේ දැනුනා.. හැම දෙයක්ම කෙලින්ම කතා කරන්න ඕන කියලා හිතුනත් හිතට ඒකට හයියක් තිබුනේ නෑ.. ඒත් කරන්න තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියලා හිතුනා.. ඒ හන්දමයි අද මම නිවාඩුවක් දැම්මේ.. ඒත් වැලන්තීනා ඒක දන්නේ නෑ.. පුරුදු විදිහටම වැලන්තීනා ගෙදරින් ගියට පස්සේ මම එයාට නොදැනෙන්න එයාගේ පස්සෙන් ආවා.. අද වැලන්තීනට ප්‍රක්ටිස්.. ඒත් වැලන්තිනා යන්නේ එහේ නෙමෙයි කියන එක මට  තේරුනා.. සිටි පාර්ක් එකට ලං වෙද්දී මම ඈතින් දැක්කේ ෆෙදෙරීකෝව.. ඔවුන් වැලඳ ගනිද්දී හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් කමක් මට තිබුනා.. ඇයි වැලන්තීනා ඒ විදිහට වෙනස් වුනේ..



හවස් වෙද්දී ගෙදර තිබුන බියර් බෝතල් තුනම හිස් වෙන තරමටම වැලන්තීනගේ ප්‍රශ්ණය මගේ ඔළුවට වද දීලා ඉවරයි.. වැලන්තීනට වෙනස් වෙන්න ඕනකමක් තිබුනේ නෑ කියලා මම හොදටම දන්නවා.. ඉතින් ඇයි එහෙම වුනේ? වැලන්තීනා කවදාවත් එයාට නොලැබුන පිරිමි පහසට ආස කලාවත්ද? අන්තිම බියර් බෝතලේ හිස් වෙද්දිම වගේ වැලන්තීනා ගෙදර ආවා.. මං හිටපු විදිහ දැක්කම වැලන්තීනා ටිකක් කලබල වුනා කියන එක එයාගේ මුණෙන්ම පේන්න තිබුනා..



" ඇලිසා, මොකද මේ?"



" අද කොහෙද ගියේ?"



ප්‍රශ්ණේට උත්තරයක් නොදී අනිත් පැත්තට මාත් ප්‍රශ්ණයක් අහද්දී වැලන්තීනා ටිකක් බය වුනා කියලා මං දැක්කා.. මාත් ටිකක් නපුරු වුනා වැඩිද මන්දා..



" මම අද ෆෙදෙරීකොව හම්බුවෙන්න ගියා.."



කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දෙයක් ගැනම වැලන්තීනා කිවුවා වුනත් ඒක හරි හැටි අහගෙන ඉන්න ඕන කමක් මට ආවේ නෑ.. ඒ වෙනුවට ආවේ කේන්තියක්.. හිතේ ආවේගයයි බියර් වල මත් බවයි එක්ක වැලන්තීනට කෑ ගහලා බැන්නේ එයාවත් හිතුවේ නැති විදිහට.. කලින් අපි කවමදාවත් රණ්ඬු වෙලා නෑ.. ඒත් අද පහුගිය දවස් ටිකේම හිතේ එකතු වෙලා තිබුන හැම දෙයක්ම එක හුස්මට පිට වුනේ මමත් නොහිතපු විදිහට.. වැලන්තීනා හුඟක් ඇඬුවා.. කිසිම දෙයක් කතා කර ගන්න බැරුව ගොඩක් වෙලා ඇඬුවා.. කොච්චර කේන්තියක් තිබුනත් ඒ කඳුළු ලග ටිකකට මාව නතර වුනා..



හවස් වරුවම වැලන්තිනා හිටියේ සාලෙට වෙලා.. මම හිතුවේ කොහේ හරි යාවි කියලා.. සමහරවිට ෆෙදෙරීකෝ හොයාගෙන.. ඒත් වැලන්තීනා ගෙදරටම වෙලා හිටියා.. එදා අපි නිදා ගත්තේ වෙනම.. වැලන්තීනා කාමරේට ආවත් මට එයා ලගට යන්න හිතුනේ නෑ..පිරිමියෙක්ගේ පහස වැලන්තීනගෙන් මට දැනෙයි කියලා මම බය වුනා.. සාලේ ඩිවාන් එකට වෙලා නින්දක් නැතත් ඔහේ බලාගෙන හිටියේ ඉස්සරහට මොකද කරන්න ඕන කියලා හරි තීරණයක් ගන්න බැරුව..



..............................



සතියක් විතර ගෙවිලා ගියා.. හැම දෙයක්ම අමතක කරලා මාත් එක්ක වෙනදා වගේ ඉන්න වැලන්තීනා හුඟක් උත්සාහ කලත් මට ඒකට ඉඩක් දෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. මට වැලන්තීනා ලගින් නිතරම ආවේ වෙනදා සුවඳ නෙමෙයි.. ඔවු, ඒක පිටස්තර සුවඳක්.. ඒ හන්දම මට වැලන්තීනා ලගට ලං වෙන එක ඒ තරම්ම ලේසි දෙයක් වුනේ නෑ.. මම හිතන්නේ කවදාවත්ම ආයෙම වෙනදා වගේ ලං වෙන්න බැරි වේවි..



ගෙදර ඉන්නවට වැඩිය මම ආස වුනේ තනියම වෙන කොහේට හරි වෙලා ඉන්න.. නිතරම වැලන්තීනා මගේ ලගට ආවත් මට වෙනදා වගේ වැලන්තීනට ලං වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒකට තිබුනේ එකම හේතුවයි.. හේතුව ඒකම නම් ඒකට තියෙන්නෙත් එකම විසදුමක් විතරයි කියලා මට දැනුනා.. මට කොහෙත්ම වැලන්තීනව ගෙදරින් එලියට ඇදලා දාන්න බෑ.. ඒකට මගේ හිත හයිය නෑ.. ඒත් මට යන්න පුළුවන්..



ඔහේ ඉබාගාතේ යන අතරේ අළුත් නවාතැන් පලක් හොයන්න හිත යොමු කලා.. ඒක හිතන තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියලා හිතුනේ පැය ගානක් තිස්සේ වුන රස්තියාදුව හන්දමයි.. සිටි එක පහුකරන් එද්දී ඈතින් දැක්කේ මුහුදු වෙරළ.. අපි හැමදාමත් ආපු ගියපු තැන.. ගෙදර යන්න තරම්ම හේතුවක්වත් හදිස්සියක්වත් නොතිබුන හන්දම වෙරළට ටිකක් ගොඩ වුනේ ටිකක් හිත ටිකක් සැහැල්ලූ කර ගන්න හිතාගෙන.. ඒත් ඒ සිනිදු වැල්ලත් කකුළ් අතරින් ඉදලා හිටලා ගලාගෙන යන රැල්ලත් එක්ක හිත සැහැල්ලු කර ගන්න කොගෙත්තම ඉඩක් ලැබුනේ නෑ..



මගේ හිත දිවුවේ වැලන්තීනා ලගට.. අපි දෙන්නගේ මතකයේ හුඟක් දේවල් මේ රැළි වගේම සැරින් සැරේ මතකයට එද්දී හිත එක තැනක තියාගෙන ඉන්න කොහෙත්තම ඉඩක් ලැබුනේ නෑ.. මට ඕන වුනේ වැලන්තීනා ලගට දුවලා ගිහින් එයාවත් උස්සන් ඇවිත් වෙරළේ වෙනදා වගේම සතුටු වෙන්න.. සමහර වයසක මිනිස්සු පිළිකුලෙන් අපි දිහා බලන් ඉන්නකන්ම වැලන්තීනව සිප ගන්න.. ඒත්, දැන් ඒ හුඟක් දේවල් මගෙන් ඈතට ගිහින් කියලා හිතට දැනෙනවා..



හවස ඉරත් බැහැගෙන යන්න පටන් අරන් කියලා ඈත මුහුද දිහා බැළුවම පේනවා.. ඒ කියන්නේ මම හුඟක් වෙලා ඇවිදන් ඇවිත්.. ඒත් ඒ ගැන  හිතට ගානක්වත් නෑ.. තව දුරක් වුනත් ඇවිදන් යන්න හිතට කිසිම මහන්සියක් නෑ.. වෙරළේ මේ හරිය හුඟක්ම පාළුයි.. වෙනදටත් මේ තරම් දුර ඇවිදන් ඇවිත් නැති නිසා මේ තරම්ම පාළුවක් ඇති කියලා මම හිතුවේ නෑ.. ඈතින් අහම්බෙන් දැකපු මුහුණක හුරු පුරුදු බවක් මම දැක්කා..



" ෆෙදෙරීකෝ.."



ඇඟේ නිරුවත වැහෙන්න කලිසමක් ඇද ගන්න අතරෙදි වෙරළ දිගේ ඇවිදන් ආව ෆෙදෙරීකෝ දැක්කම හිත ටිකක් ගැහෙන ගත්තා.. ඒ කියන්නේ ඒත් එක්කම මට වැලන්තීනව දකින්න වෙයි කියලා මගේ හිත කෑ ගහ්හ ගත්ත නිසා.. මට කොහෙත්තම ඒදේ දකින්න ඕන වුනේ නෑ.. ආපහු හැරෙන්න හිතුවත් ඒකටත් හිත ඉඩ දුන්නේ නෑ..



ෆෙදෙරීකෝගේ පිටිපස්සෙන් ඇවිත් ෆෙදෙරීකෝට ලං වුනේ තවත් කොල්ලෙක්.. ෆෙදෙරීකෝ වගේම උස මහත කොල්ලෙක්.. හැම දෙයක්ම එක මොහොතකින් මගේ ඔළුව ඇතුලෙන් දුවන්න වගේ වුනේ ඔවුන් දෙදෙනා සිප ගන්නවා දකිද්දී..



" දෙයියනේ, ඒ කියන්නේ වැලන්තීනා.."







                                                                                                       

53 comments:

  1. සැකය.. එක වචනයයි නේ බං කියන්න තියෙන්නේ උඹේ වචන දහස් ගානටම.. එළකාරි එකට ලියල ඇත... මට මතක් උනේ මම කලින් ලියපු පොඩි කතාවක් මේකේ බාගයක් කියවද්දි.. මේකට නං ඒක අදාල නැහැ ඒත්.

    ආදරයද රාගයද?

    ReplyDelete
    Replies
    1. අහ් කියෙවුවා කියෙවුවා ඕක මාත්.. ආදරේ මොන වගේ උනත් එතනට සැකේ ආවම හැම දේම අවුල් වෙනවා තමයි.. විස්වාසය රැකෙන්නේ නැති විදිහේ දේවල් වෙද්දි ඉතින් මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක්..

      Delete
  2. ශා... මරුනේ !
    අන්තිමේදි අපට ප්‍රශ්නාර්තයක් ඉතුරු කරලා.. ලස්සන කෙටි කතාව !

    ReplyDelete
    Replies
    1. අහ්, දැන් මොකද්ද ප්‍රශ්ණාර්ථය මධු අයියේ.. මම කියන්න ඕන ඔක්කොම දේවල් කිවුවනේ මම හිතන විදිහට..

      Delete
    2. මධුට තියෙන්නේ වෙන පුරස්නයක්.

      Delete
    3. දැන් දේශා දන්නවයි ඒක ගැන?

      Delete
  3. යකෝ...මාර වෙනස් කතාවක් නේ....හොල්මන් වුණා අන්තිමේදි....:o

    ReplyDelete
    Replies
    1. වෙනසක් දැනුනනම් ඒකට හුඟක් සතුටුයි මචං..

      Delete
  4. නියමෙට ගලාගෙන යන විදියට ලියලා තියෙනවා දිනේශ්. අන්තිම වෙනකම් පුදුම කුතුහලේකින් කියෙවුවෙ. අපිට ආගන්තුක උනත් පිටරටවල ඕක සාමාන්‍ය තත්වයක්නෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් අනන්තවත් දැකලා තියෙනවා.. ඒකමයි නිකමට වගේ මේක ලියන්න හිතුනෙත්.. මේ සංස්කෘතිය එක්ක බලද්දී ආදරේ කියන්නේ හරිම නිදහස් දෙයක්.. එක අතකට ඒක හොදයි..

      Delete
  5. මම ඔය රූප රාමුව තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා blue නේද ඒකෙ නම හොඳ කථාවක්

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකනම් මම බලලා නෑ.. ඒත් බලන්න ඕන කියලා නම් හිතුනා..

      Delete
  6. දෙය්යනේ!!! ඒ කියන්නේ වැලන්තීනා කියන්නේ කවුද?
    ඔලුවේ කරකැවිල්ලකුත් හැදුනා...:)

    ReplyDelete
    Replies
    1. //ඔලුවේ කරකැවිල්ලකුත් හැදුනා..

      සතුටුයි.... !
      කන්ඩ ආස කෑමක් තියේ නම් අපට කියන්ඩ... හදෝගෙන එවන්නම්... දුවෙක්ටද පුතෙක්ටද ආස...? කවුරු උනත් මොකද නෙහ් දරුවෙක්නේ..

      Delete
    2. ෂා...ඔලුව කරකැවෙන කොට රස ඒවා හදලා දෙනවලුද? :D
      නියමයිනේ...:P

      Delete
    3. පොඩ්ඩී අක්කේ, වැලන්තීනා කියන්නේ කෙල්ලෙකි.. ;) කතාව හරි නෑ කියලා හරි ආදරෙන් කියන්නේ ඔහොමලු නේ.. හරි ශෝයි අෆ්ෆා.. :P

      Delete
    4. මධුරංග අයියේ, අයියත් හැබැයි මොනා නැතත් හොදම පොට අල්ල ගන්නවනේ නේ.. ඔන්න දැන් කිවුව වගේ හදලා දෙන්න වෙයි ඈ..

      Delete
  7. වැලන්තීනා කියන නමත් එක්ක ඇලිසා කියන නම ආවම මම බැලුවා.ඉතාලියේ "ඇලිසා" කියන නම තියෙන පිරිමිත් ඉන්නවාද කියලා...:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නෑ නෑ.. මට ඒක කෙලින්ම කියන්න ඕන වුනේ නෑ.. මම හිතුවා මුලින් ටිකක් පැටලෙයි කියලත්.. ඒත් අවුලක් නෑ..

      Delete
    2. මටත් ඔය සැකය අවා. ඒ එක්කම තේරුණා සමරිසි කේස් එකක් කියලා.

      Delete
    3. ඔව් අලේ මමත් මගක් යනකම් එහෙම හිතාගෙනයි කියෙවුවෙ...

      Delete
    4. එහෙනම් මගේ වැඩේ සාර්ථකයි වගේ.. ඒ හන්දා අවුලක් නෑ... ;)

      Delete
  8. අසම්ම්තය අතර දෝලනය වුව සොදුරු පෙළ ගැස්මක්...
    සැකය නම් ආදරයට වැද්ද ගත් නොයුතු අසීමාන්තික වියරුවක්

    ReplyDelete
    Replies
    1. සම්මත වුවත් අසම්මත වුවත් සැකය හැම ආදරයකම විනාශයේ මුල්බීජය..

      Delete
  9. පොඩි අංශු මාත්‍රයක් ඇති ඕනෑම විදියක සම්බන්ධයක් විනාශ කරන්න. අවසානේ වෙනස් දෙයක් අත්විදින්න ලැබුණා. මම හිතුවේ දිවි නසා ගැනීමක් වගේ දෙයක් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. //පොඩි අංශු මාත්‍රයක් ඇති ඕනෑම විදියක සම්බන්ධයක් විනාශ කරන්න//
      මාත් මේ කියන්න ආවෙ ඒ ටිකම තමයි.

      Delete
    2. යක්ෂයා, නැහැ.. එහෙම අවසානයක් හුඟක් බොළදයි කියලා හිතුනා.. ඒ හන්දා ඒක යෙදුවේ නෑ.. කතාව නවත්තන්න සුදුසුම තැන මෙතන කියලා හිතුන හන්දා මෙතනින් ඉවර කලා..

      Delete
    3. චම්ස්, ඒක තමයි හැම දේකටම මුල..

      Delete
  10. සිහින මදාරා ගේ ලින්ක් එක හරහා පැමිණියේ. හොඳ කතා ලියන්නෙක්නේ ! හඳුන ගන්න ලැබීම සතුටක්

    ReplyDelete
    Replies
    1. ඔබව හදුන ගැනීම මටත් සතුටක්.. අපි එහෙනම් නිතරම මුණ ගැහෙයි කියලා බලාපොරොත්තු වෙනවා..

      Delete
  11. කතාවේ අන්තිමේ වෙනකම් කුතුහලයෙන් කියෙව්වේ.....හොද කෙටි කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔය බොරු ඔය බොරු.. කෝම වුනත් තැන්කිවු ඈ..

      Delete
  12. මත තේලුනේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ඔන්න රෙහානි අක්කා බොරු කියනවා

      Delete
    2. රෙහානි, ඔය කිවුවට මට ශුවර් නෑ.. දැන් මොනාද නොතේරුනේ?

      Delete
    3. පූමා, ඒක තමයි මාත් බැළුවේ..

      Delete
  13. පට්ටම කතාවක් නේ. ඇත්තද දන්නේ නෑ. මේ විදියේ ගෑණු අය අනිත් එක්කෙනා පිරිමි කෙනෙක් ගාවට යන එක ඉවසන්නේ නැතුව දරුණු දේවල් පවා කරනවා ලු. මම හිතුවේ එහෙම අවසානයක් කියල

    ReplyDelete
    Replies
    1. ඇත්ත වගේ එකක්.. හෙහ් හෙහ්.. ඔවු ඔවු මාත් එහෙම අහලා තියෙනවා.. ඒකමයි මේ අවසානය ඊට වඩා වෙනස් කලෙත්..

      Delete
  14. හොල්මන් වෙනවා මේ වෙන දේවල් දිහා බලන්න ගියහම.
    කොහොමත් යුරෝපා රටවල ඔය වගේ සිද්දි වෙනවනේ..
    ආදරයයි රාගයයි දෝලනය වෙනවා.
    ඒ එක්කම සැකය .
    ලස්සන කතාව ගොඩාක් හොදයි

    ReplyDelete
    Replies
    1. හුඟක් දේවල් දිහා දැක්කම හිතෙන්නේ රාගය එක්ක ආදරය දෝලනය වෙනවා කියලා.. මේක ඉතින් යුරෝපේ හැටිනේ..

      වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  15. සැකය ගැන කතාව සුපිරියි. කුතුහලය කතාව පුරාම විවිද තැන වල තිබුනා. වැලන්තීනා වෙනස්වුනේ ඇයි කියන කුතුහලය, මේක සමරිසි කියන කුතුහලය, අවසානය කොහොම වේද කියන කුතුහලය. සාර්ථක නිර්මාණයක් ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අගය කිරීමට.. නොහිතන පැති වෙල නොහිතන අදහසක් ලියන එකයි මගේ හීනය.. බලමු අපි ඉස්සරහට..

      Delete
  16. කතාව නම් හැමදාමත් වාගෙ සුපිරියි. මෙහෙම අය අතරෙ සැකේ වැඩීලුනෙ. දිනේශ් අයියා දැක්කද ලඟදි ලංකාවෙ වැලන්තීනා කෙනෙක් ෆෙදරිකෝ එක්ක ගිහින් එලිසා තරහට වැලන්තිනාට ඇසිඩ් ගහපු සීන් එක. මම හිතුවෙ කතාවෙත් එහෙම වෙයිදෝ කියලයි.

    ReplyDelete
    Replies
    1. දුටිමි දුටිමි.. ඒත් බස්සියේ ඒ වගේ තැනකට කතාව ගෙනාවනම් මම සෑහෙන්න ප්‍රාථමික වෙනවනේ.. අනික මම ඉන්නේ මම දකින පරිසරය යුරෝපය.. මෙහේ විදිහට මට ලියන එක ලේසියි ලංකාව ගැන හිතනවට වඩා..

      Delete
  17. මුලින් හිතාගෙන හිටිය විදිහ මැදදී වෙනස් උනා ..
    ඊට පස්සේ මඤ්ඤං උනා ..
    ඊට පස්සේ හොල්මන් වෙලා අන්තිමට හිරිකිත ගතියක් වගේ එකක් ආවා :D :)))

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒ තරමටම කතාව අබ්ලික්ද ඈ.. හිරිකිත වෙන්නම.. ;)

      Delete
  18. හිංදියෙන් සැකයට කියන්නේ ශක් කියලා අර ගෝල්මාල් රිටන් කියන ෆිල්ම් එකේ තියෙන වචනයක් මතක් වුනා.

    ශක් what the fu**

    ReplyDelete
    Replies
    1. හෙහ්, උඹටත් වෙලාවේ හැටියට මතක් වෙන්නේ මරු ඒවා.. මාත් ඒක බලලා තියේ..

      Delete
  19. අන්තිමට මොකක්ද බං මේ කොරේ..ආදර අන්දරය එහෙන් පිටින්ම වනසල දැම්මනෙ..

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනේ බං මේ දිනේෂයගේ වැඩ.. එවුවා එහෙම තමයි ඉතින්..

      Delete
  20. ඒ අතින් බලද්දි ලංකාවේ උන්ට වඩා උන් ආදරය කරද්දි ගොඩක් සරලයි...හැබැයි සැකය ඒ මැද්දට ආවොත් මේ සංස්කෘතින් 2 දිම වැඩේ හබක්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. සරළයි සුභයි වගේ තිබ්බට ඔතනදී ඔක්කොම එකයි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්