Monday, 6 January 2014

මගේ පරිණාමය උනේ මෙන්න මෙහෙමයි



පරිණාමය ගැන ඉතින් දන්න කට්ටිය දන්නවනේ.. මාත් ඉතින් ඔන්න ඔහේ යාන්තමට වගේ ඒක ගැනත් ටිකක් දන්නවා.. විද්‍යාව ඉතින් මට විජ්ජාවක් බව මේ බ්ලොග් එකේ කලින් වතාවකත් මම කියලා තියෙන හන්දා ඒ ගැන ආයේ ආයේ කියන්නේ මොකටද ඉතින්..

හරි දැන් ගමුකෝ මගේ පරිණාමය ගැන.. මම ඉපදුනේ ගාල්ලේ.. ඒ මීට අවුරුදු 26කට කලින්.. පොඩි එකා සංදියේ ගාල්ලේ විස්තර හරි හැටිම නොදන්නවා වුනත් සමහරක් දේවල් නම් යාන්තමට මගේ මතකයි.. හරි හැටි මතකයක් තිබුන නම් සෑහෙන බ්ලොග් ලිපි ගානක් ලියන්න පුළුවන් තරම් කාලයක් තමයි ඒක.. ඒ තරමටම ඇක්ශන් ඇඩ්වෙන්චර් තිබුන කාලයක් ඒක..

කොහොම හරි මට අවුරුදු 6ක් වෙද්දී ඔය බෙන්තර ගඟේ පාලම පැනගෙන අපි ආව කොළඹ.. ජීවිතේ වෙනස්ම පැත්තකට හැරෙන්න මුලිකම හේතුව වුනේ ඔන්න ඔය ගමන.. හැබැයි එහෙම නොවුනනම් අද මම කොයි වගේ තැනක ඉදියිද කියලා හිතින් කොච්චරවත් මවා ගන්න උත්සාහ කලත් තාම හරි හැටි චිත්‍රයක් මවා ගන්න බෑ.. සමහර විට ජීවිතේ ඒ තරමට ඊට පස්සේ වෙනස් වුන හන්දා වෙන්න ඇති..

ඊට පස්සේ ජීවිතේ ආයෙම අංශක 360ක කරණමක් ගැහුවේ 2008දී.. ඒ මම ඉතාලි ආවම.. ලංකාවෙන් එන්න කලින් ඉතාලි ජීවිතේ ගැන මවා ගත්ත එක චිත්‍රයක් තිබුනා.. දැන් නම් හැබැයි ඒක හුඟක් දුරට මට ලං වෙලා තියෙන්නේ.. තව පොඩි පොඩි කාරණා ටිකක් එකතු වුනාම මගේ ඒ චිත්‍රෙත් ලස්සනට පාට ගැලපෙනවා.. දැන් මෙහේ ඉදන් ලංකාවේ ජීවිතේ දිහා බැලූවම නම් මට මාව දකින එක ඒ තරම්ම අමාරුවක් නෑ.. මොකද මට ලංකාවේ ඉද්දී ඕන වුනේ බැංකුවක වැඩ කරන්න.. අද මේ විදිහට ඉතාලි නොආවනම් මම බැංකුවක ඉදීවි.. ඒකනම් ගාල්ලෙන් කොළබ ඇවිත් ආයෙම ගාල්ලේ ජීවිතේ මවා ගන්න උත්සාහ කලා වගේ අමාරු දෙයක් නම් නෙමෙයි..

හරි දැන් ඔය කතන්දර දැන් ආයේ ආයේම කියලා වැඩක් නැහැනේ.. අර මට එක්කෙනෙක් කිවුවා වගේ මගේ ජීවිත කතාව මගෙන් අහනවට වැඩිය මේකෙන් බලලා ඕන හැටියේ කියව ගන්න පුළුවන්.. මොකද හැමදේම මේකේ තියෙනවානේ..

මගේ පරිණාමය ගැන කියනවට වැඩිය ඒක බලන්න දෙන එකම යොදයි කියලා හිතෙනවා.. ඔන්න එහෙනම් පල්ලෙහා ඉදන් මගේ පරිණාමයේ රූප පෙල ආරම්භ වෙනවා..

මේ ඉතින් මම බට්ටාම කාලේ.. කියන හැටියට මට අවුරුද්දක් වෙලත් නෑ.. පේනවනේ ඉතින් බෝල ගෙඩිය වගේ ඉන්න ලස්සන..



මේ ඇවිත් ඊට ටික කාලෙකට පස්සේ..අවුරුදු එකහාමාරෙන් විතර..



හුළං ගැසීම සම්බන්දයෙන් මගේ ඉතිහාසය හරි ශෝක්.. ඒක ඉතින් මට කියන්නත් අප්සට් වගේ.. ඒ හන්දා ඒක ඕන නෑ අෆ්ෆා..



මේ අවුරුදු දෙකේදි විතර.. පේනවනේ රේඩියෝ එකේ ඒරියල් එක මටත් වැඩිය උසයිලු ඈ.. :)



මේ ඇවිත් කොළුවා මොන්ටිසෝරි කාලේ.. ඒ දවස් වල ඉදන්ම ඉතින් ඉගිල්ලෙන්න තමයි ආසාව..


මේ කොයි කාලෙදැයි මතක නැත..



මේ ඉස්කෝලේ 4 වසරේ ඉද්දී.. ඒ කාලේ ඉතින් ඉගෙන ගන්න හරි උනන්දුයි නේ..



මේ ඇවිත් සිස්සත්තේ ලියන කාලේ.. වෙන මුකුත් නොකියමි..


මේක ඇවිත් මම 6 වසරේ ඉද්දී ගිය කඩ්ඩ පන්තියේ විභාගෙකට යන්න හදපු  ID එකේ ෆොටෝ එකක්..



මේ ඇවිත් මම ඉස්කෝලේ 7 පන්තියේ ඉද්දී උපන්දිනේට කපපු කේක් එක..


මේ ඇවිත් 8 වසරෙදි විතර වගේ..


මේ මම 9 වසරෙදී කපපු කේක් එක..


දැන් ඉතින් මෙතන ඉදන් ටික කාලයක් යනකන් ෆොටෝ ඇලජික් වෙන සීන් එක්ක ආව හන්දද මන්දා පරිණාමයේ එක කොටසක් හලන්න වෙනවා.. වැඩේ කියන්නේ ගෙදර බේතකටවත් ඒ කාලේ ෆොටෝ එක්ක් නැහැනේ.. 

යාන්තම් එකක් තියෙනවා.. මේක ඇවිත් මේ O/L කාලේ එකක්..



ඊලගට ෆොටෝ තියෙන්නේ ඉතින් ඉතාලි ආවට පස්සේ තමයි හරියටම.. මේ තියෙන්නේ ආව මුල් කාලේ..



මේ 2010 දී

මේ 2013 දී


මේ තියෙන්නේ මම හොස්පිටල් යන්න කලින් ගත්ත ෆොටෝ එකක්..



ඔන්න ඔහොමලු ඉතින් මගේ ජීවිතේ මෙතෙත් දුරට පරිණාමය වුනේ.. තව ඉස්සරහට ඉතින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ.. පරිණාමයේ ඊලට කොටස තව කාලෙකින් ලියන්න පුළුවන් උනොත් ඉතින් ලියන්න බැරිය..

විශේෂයි : දැන් අහන්න එපා පරිණාමය ගැන කිවුවම කො රිලා පැටියා කාලේ මුල්ම ෆොටෝ එක කියලා.. එවුවා නෑ ඉතින්..

අති විශේෂයි : හරි ස්වීට් පොඩි එකා කියලා ගෑල්ලමයි ෆොටෝ එහෙම උස්සනවා නෙමෙයි ඔන්න..

අති අති විශේෂයි : පරිණාමයයි පරිමාණයයි දෙකම එක වගේ හන්දා හැම තිස්සෙම පැටලෙනවා අෆ්ෆා..

____________________



68 comments:

  1. 9 වසරේදි නම් හෙන පැනියෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. හී...හී...ඔව්...ඔව්...කේක් කපාගත්තු ගමන්.

      Delete
    2. 9 වසරේ පැණියා 2013 වෙනකොට තවත් පරිණාමය වෙලා වාගේ නැතිද බන්ස්ලා...?

      Delete
    3. දේශකයා, ඒකාලේ තමයි ඉතින් පැණි කාලේ.. ;)

      Delete
    4. පොඩ්ඩි අක්කේ, දැන් වුනත් කේක් කපනවා තනියම නෙමෙයි නම් ඉන්නේ.. පවුල් වුනාම බැරිය කේක් කපන්න ආයෙම..

      Delete
    5. මනෝජ්, හෙහ් දැන් පැණියා නෙමෙයි.. බොරුනම් අරයගෙන් අහන්ට බලන්න..

      Delete
    6. නියමම පැණි පාට පේන්නෙ 11 වසරෙ ෆොටෝ එකේ... :P

      Delete
    7. හෑ, එහෙමද ඈ.. සුදුගේ මතයට අනුව කෙල්ලෙක් මං දිහා නොබැලුව කාලේ ඕකලු... එහෙම එකේ මොන පැණිද බස්සියේ..

      Delete
    8. බලන්නේ කෝමද නොබලන්නම සීනි මතුරල දීල තියෙද්දී...

      Delete
    9. හෙහ්, ඒක ඉතින් වෙනමම කතාවක්..

      Delete
  2. Replies
    1. තැන්කිවු තැන්කිවු..

      Delete
  3. පරිමාණය පැටලුනාට කමක් නැහැ බොන්නේ නැති නිසා

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක අදාල මට විතරයි.. උඹට නෑ..

      Delete
  4. අඩේ පට්ට බන්ස්... ඇඩෙනවා.... මට ඔය වගේ පොටෝ නෑ බන්...

    ReplyDelete
    Replies
    1. මේවයේ වටිනාකම ඉතින් කියලා නිම කරන්න බැහැනේ.. තව කාලයක් යද්දී තමයි වටින්නේ..

      Delete
  5. මටත් තියෙනවා ෆොටෝ ඇලජික් වෙලා බෙහෙතකටවත් ඒ කාලෙ ගත්ත ෆොටෝ එකක් හොයාගන්න බැරි කාලයක්.
    අර පියාඹන්න ලෑස්තිවෙලා ඉන්න ෆොටෝ එක ශෝයි :)

    ReplyDelete
    Replies
    1. පුදුමයි ගෑල්ලමයින්ටත් එහෙම ෆොටෝ ඇලජික් වෙනවා කිවුවම.. කට්ටියම ආස ඒ ෆොටෝ එකට වගේ.. ඔන්න දේශකයා උස්සලා බුකියේ දාලා මඩත් ගහලා..

      Delete
  6. 9 වසරෙ කොල්ලෙක් උපන්දිනේට කේක් කපනවා කියලා ඇහුව ම යි :-D

    ReplyDelete
    Replies
    1. අහ්, මම A/L කරද්දිත් කැපුවා.. ඉස්කෝලෙදි එකයි.. ගෙදරදි එකයි.. ;)

      Delete
  7. පරිණාමය වෙනකොට පරිමාණය වැඩිවෙලා :D

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් එහෙම වෙන්න එපැයි බං..

      Delete
  8. පරිමාණය කිව්වත් අවුලක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා වෙන දෙයක් හිතේ තියන්ද මන්දා ඒක කිවුවේ..

      Delete
  9. හී... බොගෙ ඕම වත් තියෙනව මගෙ ඒම වත් නෑ යකෝ.. ආසාවට දකින්න.. මොනා උනත් පට්ට පැණි මූණ..
    හී...

    ReplyDelete
    Replies
    1. තිබුන ඒවා බෝම අමාරුවෙන් බං හොයා ගත්තේ.. ගොඩක් ෆොටෝ අප්සට් වෙලා.. දැන් නම් ඉතින් මෙහෙම හරි පරිස්සම් වේවි..

      Delete
  10. මගේ නං ඔහොම පොඩි කාලේ පොටෝ සීරීස් එකක් නෑ,, චූටිම කාලේ ටිකක් නං තියෙනව. හික්ස් :)
    මේ ෆොටෝ ටික දැන් නං මලයට සෑහෙන වටීවි. අතීත කාමයේ වෙලී ඉන්ඩත් මේ ෆොටෝ සෑහෙන ප්‍රයෝජනවත් වේවි. :)

    ReplyDelete
    Replies
    1. බලන් යද්දී අපේ කාගෙත් ෆොටෝ මිසින් වගේ.. තියෙන ටික පරිස්සම් කර ගමු.. ඔය බදින්න ඉන්න ගෑල්ලමයා ඒවා හොයද්දී තමයි වටිනකම මතක් වෙන්නේ..

      Delete
  11. මතු සම්බන්ධයි නේද? ඉස්සරහට හැම අවුරුද්දෙම මේ පරිනාමයේ ඉදිරි පින්තූරත් දාන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ මතු සම්බන්ධයි.. ඉදිරි පීන්තූරනම් ඉතින් බුකියේ හැමදාම බලාගන්න පුළුවන් වෙයි.. විචාරක තුමත් ඉන්නවනේ මගේ බුකියේ..

      Delete
  12. දැන් ඉන්න එකෙක් ලොකු වුනාම පැයෙන් පැයට ගත්තු ෆොටෝ පෙන්නන්න පුළුවයි වෙයි.. ඇයි ඉස්ටේටස් අප්ඩේට් කොරන්ඩ ගත්තු ඒවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. අපි දෙන්නත් හිතන් ඉන්නේ එහෙම තමයි.. හැම අවුරුද්දෙම පිළිවෙලට ෆොටෝ අරන් ලස්සනට අරන් තියා ගන්න.. පස්සේ කාලෙක බල බල ඉන්න බැරිය අපි නාකි වුනාම..

      Delete
  13. අපෙත් අතරමැදි වයසක් නැද්ද මන්දා. ඔඩි කාලේ ඉවර උනාම ආයේ ඕලෙවල් කාලෙන් පටන් ගන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිත් ගන්ධබ්භ කාලය වගේ.. කිසිම සාක්කියක් නෑ.. දැක්ක වුන් විතරයි දන්නේ මූ කොමද හිටියේ කියලා..

      Delete
  14. time line එක සුපිරියටම ඇදගෙන ගිහින් තියනවා වගේ

    ReplyDelete
    Replies
    1. අර මිසින් ඒවත් ආවනම් වැඩේ සුපිරියටම ගන්න තිබුනා.. දැන් ඉතින් මෙහෙම හරි අවුලක් නෑ..

      Delete
  15. හයියෝ ....... පොඩි කාලේ මගේ ෆොටෝ තුන ,හතරක් විතරයි තියෙන්නේ...........සා.පෙ. ඉදන් මේ මල්ලිමයි කියලා අදුන ගාන්න පුළුවන්....බැරිද කියන්න කෙට්ටු වීමේ රහස :

    ReplyDelete
    Replies
    1. කොළුවා හරියට පරිණාමය වෙලා තියෙන්නේ ඊට පස්සේ ඉදන් තමයි..

      රහස නේද? බෑ අෆ්ෆා ඒක ඕන නෑ..

      Delete
  16. උඹ හොස්පිටල් යන්න කලින් පොටෝවත් නවය වසරේදී වගේමනේ උඹේ වයස අඩුවෙනවද එන්න එන්නම ...?

    ReplyDelete
    Replies
    1. තරුණ බව රැක ගැනීමේ රහස දැක්ක නේද? එවුවා කියන්න බෑ...රහස් බං..

      Delete
  17. සෝයි අනේ.........මගේ නෑනේ ඔහොම පොටෝ...සැක්...
    :(

    ReplyDelete
    Replies
    1. මං කිවුවා සෝයි අනේ කියන්න එපා කිලම.. ;)

      දැන් ඉතින් කරන්න දෙයක් නෑ.. හබියා එක්ක එකතු වෙලා ළමයින්ගේ එවුවා ගානට වෙලාවට අරන් තියා ගන්න..

      Delete
  18. Replies
    1. හෙහ්, කිවුවත් වගේ 16න් පස්සේ ඔහොම ඉන්න වෙයිද කියලා කවුද දන්නේ..

      Delete
  19. ගොඩාක් කැමැත්තකින් කියවපු පොස්ට් එකක්.මගේ එක විනෝදාංශයක් තමයි පොෆෝ එකතු කරන එක.හරිම සුන්දරයි.හැබැයි වයස යන්න යන්න මනමාල පාට වැඩිද මන්දා.ඕන්න මදාරා බලාගෙන.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ඒක හොද විනෝදාංශයක් කියලා.. දැන් ඉදන් හරියට මාත් එකතු කරන්න ඕන.. වයසට ගියාම වටිනවනේ..

      එයා දන්නවා මගේ මනමාල කමේ තරම.. මම ඉතින් කොච්චර දඟ කලත් ආදරේ එයාට විතරනේ.. ;)

      Delete
  20. හොස්පිට්ල් යන්න කලින් ෆොටෝ එකක් ගත්තේ මොකො බං....ආපහු එන්නේ නැති වෙයි කියලා බය හිතුනද?

    ReplyDelete
    Replies
    1. හෙහ්, කියන්න බෑනේ.. අවංකවම කියනවනම් මම ගියේ ලොකු ශුවර් එකකින් නෙමෙයි නේ..

      Delete
  21. දිනේශ් අයියා සූටි කාලෙ බතලගෙඩිය වගේ ඉඳල කෙට්ටු වීම අතින් සීඝ්‍ර දියුණුවක් ලබල තියෙනවනෙ. මමනම් ළඟකදි ඉඳන් හරහටමයි උස යන්නෙ. බැරිද අපිටත් කෙට්ටු වීමේ රහස කියාදෙන්න. ඒ ගැන වෙනම පෝස්ට් සීරීස් එකක් වගේ ලිවුවානම් මරු.

    ReplyDelete
    Replies
    1. 6 පැක් හදා ගත්තේ සෑහෙන අමාරුවෙන්.. එවුවා ඉතින් එහෙම කියලත් බෑ.. බස්සිට කියන්න බස්සියේ ඩයට් කරන හැටි ගැන පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් එකට දැම්මේ ඊයේ රෑ.. ලගදිම දාන්නම්..

      Delete
  22. හා...පට්ට..එන්න එන්න අයියා හැඩ වෙලා......
    එල...

    ReplyDelete
    Replies
    1. සිකුරු ලැබුවම එහෙම වෙනවලු බං.. ^_^

      Delete
  23. පරිණාමයත් එක්ක දිනේෂ් අයියගේ පරිමාණයත් වැඩි වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අඩි 6 උස ගිහින් නතර වුනේ..

      Delete
  24. කෝ බං පරිනාමය වෙලා කිව්වට මුල හරියෙ වලිගය නෑනෙ..?..:)))

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කිවුවේ රිලා පැටියා කාලේ එවුවා ඉල්ලන එපා කියලම.. බෑනේ ඉතින් කරන්න..

      Delete
  25. පොටෝ ටික ලස්සනයි.. 2013 එකේ නම් සෑහෙන පෙනුමට ඉන්නවා... තව ටිකක් කඳ බඩ දාලා එද්දී හරි පෙනුම... මොකෝ දිනේෂ් හොස්පිටල් යන්න කළින් පොටෝ එකක් ගන්න හිතුවේ ;;P

    ReplyDelete
    Replies
    1. කොළුවට මල්සරා විදලා හැඩවෙලා ආවේ ඔය කාලෙනේ සහන් අයියේ.. මේ යන විදිහට ඉස්සරහට එහෙම වෙයි තමයි..

      නිකමට වගේ එකක් අර ගත්තා සහන් අයියේ... ^_^

      Delete
  26. හි හි ඔයා ටෙඩියන්ට ආසද අනේ...9 වසරට එනකල් හරිම ලජ්ජාශීලි පෙනුමක් තමයි මෙවුව්වා වෙන්නේ ඉදගෙන :D

    ReplyDelete
    Replies
    1. අපි දැනටත් ලැජ්ජාශීලි තමයි හරිද.. දැන් ඉන්නවනේ ඉතින් ලයිෆ් එක තියෙන ටෙඩියෙක්ම.. ;)

      Delete
  27. දිනෙශ් ඩාවින් ගේ නූතන පරිමාණය. ආ නෑ නෑ පරිණාමය

    ReplyDelete
    Replies
    1. වරද්ද ගන්න එපා.. මටත් ඕකම තමයි අවුලට හිටියේ..

      Delete
  28. ඔය ෆොටෝ අතරට කසාද ෆොටෝ එකත් එකතු කරලා ඉක්මනට අපිටත් පෙන්නහං මලයො...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. දාන්න ඕන දාන්න ඕන.. ඉක්මනට සඳවතී එක්ක වෙඩින් ෆොටෝ එකක් දාන්නම්..

      Delete
  29. සුරතල් පොටෝ සහ පැණි පොටෝ. ටෙඩියෙක් බාදාගත්තු ලොකු කොල්ලෙක් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. ඕන ජාතියේ ෆොටෝ එකක් තියේ.. ඒවා ඉතින් ඒකාලෙනේ බං.. වැඩිය හිතන්න එපා...

      Delete
  30. hihi...9 wasare photo eka thamai maru. matath kaalayak thiyanawa ohoma eka photo ekakwath hoyaganna bari. A/L karana kaale ewa mama hithanne.

    ReplyDelete
  31. පරිණාමය නම් වෙලා නෑ... එදා හිටපු රිලා පැටියාමයි අදත් ඉන්නේ. හහ්හා හා හා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්