Monday, 20 January 2014

ඇයි කෙල්ලන්ට බැරි අපිව තේරුම් ගන්න


අර බස්සියා ලියන පෝස්ට් වලට මට පිළිතුරු පෝස්ට් එකකින්ම දෙන්නයි හිතෙන්නේ.. කලින් දාපු අර ඇදුම් හුටපටේ මතක ඇතිනේ.. මේකත් අන්න ඒ වගේ එකක් තමයි.. කියෝපු අයට මතක ඇති බස්සී ලගදි ලිවුවා ගණන්කාර කොල්ලොයි කටකාර කෙල්ලොයි ගැන පෝස්ට් එකක්.. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ..  ඉතින් ඔන්න ඔය පෝස්ට් එකේ හුගක් දේවල් තිබුනා වුනාට මගේ අවදානය ගියේ අර උඩින්ම තියෙන කෑල්ලට.. ඒ කියන්න් ඒමෙන්න මේකට..



" කෙල්ලෝ කියන දේවල් තේරුම් ගන්න වෙනමම ඩිග්‍රී එකක් කරන්න ඕන බං.."




දැන් ඔය කතාව ඇත්තද? ආයේ අහන්න දෙයක් තියෙනවයි.. ඕක ඇවිත් අමුලිකම ඇත්ත.. ඇත්තටම ගොඩාක් වෙලාවට අපිට කෙල්ලො කියන දේවල් තේරෙන්නේ නෑ තමයි.. හැබැයි ඉතින් අර බස්සියා කියන විදිහට අපේ මොළේ ප්‍රමාණය එයාලට වැඩිය වැඩියිලු.. එහෙනම් කොහොමද එහෙම වෙන්නේ..



අපේ මොළේ ප්‍රමාණය වැඩි කතාව ඇත්තක් වුනත් කෙල්ලෝ හරි දස්සයිනේ හිතේ තියෙන දේ මුණේ ඉරියවු වලින් නොපෙනෙන විදිහට කතා කරන්න.. පිරිමි අපි ගොඩක් දෙනෙක්ට බැරිත් ඕකනේ.. ඒකනේ අපි වැරදිලා හරි බොරුවක් කියන්න යද්දී ටක් ගාලා අහුවෙන්නේ.. ඒත් කෙල්ලෝ එහෙම නෙමෙයි.. එයාලා ඇවිත් අති දක්ශ නිළියෝ..



කෙනෙක් කියන දෙයක් හොදින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහ තමයි ඒ වෙලාවට ඒ කෙනාගේ තියෙන හැසිරීම් රටාවෙන්.. හොදටම ආදරේ කරන දෙන්නෙක්ටනම් මේක පුළුවන්.. මොකද අනිත් කෙනාගේ හැම හැසිරීමක්ම ආදරේ කරන කෙනා දන්න නිසා.. හැබැයි ඉතින් ගෑල්ලමයි හරි දස්සයි ඔය හැසිරීම වෙනද වගේම තියාගෙන කියන දේවල් කියන්න.. අන්න එතකොට තමයි ඉතින් අවුල..



මටනම් තේරුම් ගන්නම බැරි එකම එක දේ තමයි ඔය හදිස්සියේ කාළගුණේ වගේ මූඩ් වෙනස් වෙන එක.. මූන එල්ල ගත්තට කිසිම හේතුවක් නෑ.. ඇහුවට උත්තර නෑ.. " නෑ නිකන්.."  ඔන්න ඕක තමයි බයානකම උත්තරේ.. නිකන් කිවුවා කියන්නේ ඉතින් සෑහෙන්නම දෙයක් තියෙනවා කියන එක.. මම නම් ඒ වෙලාවට හිතින් ටක් ගලා දුවලා ගිහින් මතක් කරන්නේ විනාඩි 5කට විතර කලින් මම කිවුව දේවල් ගැන..



ඇත්තටම කෙල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ.. ඕවා ඉතින් එයාලගෙන් අහලා වැඩක් නෑ.. මලාට කියන එකක් කියලයැ.. ඒ හන්දා මේකනම් ඔන්න මම ජංජාලේ පීරලා හොයා ගත්ත එකක්.. කලින්ම කියන්න එපැයි හරියට.. නැත්නම් පස්සේ ප්‍රශ්ණ..  හම්බුන ගොඩක් තොරතුරු අස්සේ මම හිතනවා මෙන්න මේ ටික වැදගත් වෙයි කියලා.. ගෑල්ලමයි අපෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න.



1. තමන්ට, තමන්ගේ හැඟීම් වලට ගරු කරන සහකරුවෙක්..

2. තමන්ට අවංකවම ආදරය කරන සහකරුවෙක්..

3. තමන්ව ආරක්ෂා කල හැකි සහකරුවෙක්..

4. සරාඟී සහකරුවෙක්..

5. විශ්වාස කල හැකි සහ ඔහු තුලින් යමක් බලාපොරොත්තු විය හැකි සහකරුවෙක්..

6. කාරුණික සහකරුවෙක්..

7. ජීවිතේ ගැන අරමුණක් ඇති සහකරුවෙක්.

8. ඇයත් සමග සිහින දැකිය හැකි සහකරුවෙක්..





තව තව සෑහෙන්න ඒවා තියෙනවා.. ඒවා ඔක්කොම ලියන්න ගියොත් ඉතින් මේ පෝස්ට් එක ඉවර කරන්න වෙන්නෙත් නෑ.. ගෑල්ලමයින්ට ඕන කරන්නේ මොනාද කියලා ඉතින් දන්නේ එයාලම තමයි.. ඒ හිත් වලට එබිලා ඒවා හරියට හොයා ගන්න එක ලේසි වැඩක් නොවුනත් හොද සහකරුවෙක් වෙනවනම් අපි ඒක කරන්නම වෙනවා.. අඩුම ගානේ හැම දේම නැතත් ඒ බලාපොරොත්තු වලින් කීපයක් හරි ඉටු කරන්න..



හරි, දැන් ඒකෙන් වැඩක් නෑ.. එතකොට දැන් ඔය හැම තිස්සෙම කෙල්ලො අපිට බැන්නට අපි විතරද එයාලගේ හිත් තේරුම් නොගන්නේ.. හරියට බැළුවොත් එයාලටත් බෑ අපිව හරියට තේරුම් ගන්න.. පොඩි වෙනසකට ඔතන තියෙන්නේ ඉතින් අපි එයාලා වගේ හංඟගෙන ඉන්නේ නැති එක.. ඒ හන්දා අපි හිතන කරන හුඟක් දේවල් වල තේරුම එයාලා දන්නවා.. හැබැයි ඒත් ඒක හැම වෙලාවකම සාර්ථකම නැහැ.. ඒ මොකද කියනවනම් අපි එයාලා දැන ගන්න ඕනමයි කියලා හිතන් ඉන්නම දේවල් මේ කට්ටිය කවමදාවත්ම තේරුම් ගන්නේ නෑ..



දැන් එතකොට එහෙම දේවල් තියෙනවද? ඔවු තියෙනවා.. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හුඟ්ක් දේවල් තියෙනවා.. ඒත් ඉතින් ඒ හැම දේම මෙතන කතා කරන එක තේරුමක් නැති හන්දා පොදු කාරණා ටික විතරක් මෙතන කියන්නම්කෝ..



1.      අපිට වෙන අගෞරවයටත් වඩා වැඩියෙන් ආදරයේ මදි කම හොදින්ම දැනීම..



මේක මෙහෙමයි.. ඕනම පිරිමියෙක් කැමතියි තමන්ගේ සහකාරිය තමන් සමග සිටිද්දී හෝ වෙනත් තැනක සිටිද්දී තමන්ට ගෞරව කරන බව දැන ගන්න.. තමන්ගේ සහකාරිය තමන් ගැන තියන විශ්වාසය සහ තමන්ව අගය කරන බව දැන ගැනීමම ඇති ඒ සම්බණ්දයේදි පිරිමියෙක්ට ශක්තිමත් වෙන්න.. Shaunti Feldhahn's ගේ සමික්ෂණ වාර්ථාවකින් කියනවා පිරිමින්ට ලැබෙන ආදරය මදි කම ඇය තමන්ට කරන අගෞරවයන්ට වඩා හුඟක් තදින් දැනෙන බව.. ඒකනේ අපිට ඕන තරම් බැන්නත් අහන් ඉන්න පුළුවන් වෙලා පොඩ්ඩක් තරහා වුන ගමන් ඉන්න බැරි වෙන්නේ..



2.      අපේ කේන්තිය බොහෝ විට ඇය අප කෙරෙහි දක්වන අගෞරවය නිසා වීම..



දැන් හිතන්න එපා අපි බනින්නේ කෑ ගහන්නේ තියෙන ආදරේ අඩු කමටවත් සම්බණ්දේ නවත්තන්න තියෙන ඕනකමකටවත් කියලා.. නෑ ඇත්තටම ඒක එහෙම නෙමෙයි.. හුඟක් වෙලාවට අපිට කේන්ති යන්නේ හිතන්නේ නැති වෙලාවල් වල කරන අගෞරවයන් නිසා.. ඒ වෙලාවට ඉතින් ලගට ඇවිත් " ඔයා මට අගෞරව කරනවා " කියලා අපි කියන්නේ නෑ..



3.      පවුලක වැඩි බර තමන් කෙරෙහි ඇති බව දැනීම..



මේක ගොඩක් දුරට අදාල වෙන්නේ විවාහ වුන අය වුනත් ආදර සම්බන්දයකදි වුනත් තම සහකාරිය ගැන වැඩි වඟකීමක් තමන්ට තියෙනවා කියන එක අපිට දැනෙන දෙයක්.. මෙතනදි පවුලක් පැත්තෙන් ගත්තම තමන්ට කොතරම් මුදලක් ලැබෙනවද, එහෙමත් නැත්නම් ඇය මුදල් උපයනවද නැද්ද කියන කාරණය වැදගත් වෙන්නේ නෑ.. පවුලේ බර හැම දෙයක්ම වැඩියෙන්ම තියෙන්නේ පිරිමින්ට.. ඒ හන්දම හුඟක් වෙලාවට පිරිමින් ඉන්නේ මේ ගැන හිතන ගමන්..  ඒ හන්දම පිරිමින් ඉන්නේ තමන්ගේ බොහොමයක් සිතුවිළි වල සිරවෙලා.. ගැහැණිය මේ හැඟීම තේරුම් ගැනීම සහ ඒ පීඩනයෙන් තරමක් හෝ නිදහස් වීමට උදවු කිරීම වැදගත් වෙනවා..



4.      සෙක්ස්..



ගොඩක් දෙනෙක් මේක දිහා බලන්නේ වැරදි විදිහට.. සමහරු හිතන්නේ
පිරිමිට ඕන ඕක විතරමද කියලා.. වුවමනායි.. ඒත් ඒ වුවමනාව තුල තියෙන්නේ ශාරීරික එකමුතුවක්.. එකිකෙනාගේ හැඟීම් තේරුම් ගන්න, තමන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න මෙන්න මේ වගේ දේවල් නිසා සෙක්ස් කියන දේ වැදගත් වෙනවා.. Shaunti Feldhahn's ගේ වාර්ථාවක කියවෙනවා පිරිමින්ට වැඩියෙන් සෙක්ස් වුවමනා වෙන්නේ තමන්ගේ හිතේ බොහෝ කල් ඉදන් තිබුන ගැඟීම තම සහකරුවාගෙන් ලබා ගන්න පිරිමින්ට ඕනෑ කරන නිසා කියලා..



5.      දෘශ්‍ය පෙලඹුම සමග අරගල කරන බව..



ටිකක් තේරුනා මදිනේ.. හරි සරළව පැහැදිළි කරන්නම්කෝ.. ඒ කියන්නේ  අති බහුතරයක් පිරිමින් තමන් දකින දේවල් අනුව විශේෂයෙන් කාන්තාවන් දිහා ඕනෑකමකින් බලනාවා කියන එක.. හුඟක් හොද අවංක සැමියන්ට පවා ශරීරය නිරාවර්ණ වෙන විදිහට අදින කාන්තාවන් දිහා එක පාරක් හරි බලන එක නවත්තන්න විදිහක් නෑලු.. මේ මොළයේ සටහන් වෙන දෘශ්‍ය සටහන් තමන් කැමති ඕන වෙලාවක ඒවා මකලා දාන්න පුළුවන් වුනාට පිරිමි කාටවත් ඒවා දකින් වෙලාවට මොළේ සටහන් වෙන එකනම් නතර කරන්න බැහැලු.. අන්න ඒක මේ කෙල්ලෝ තේරුම් ගන්න එක වඩා හොදයි.. රණ්ඬු නොකර..



6.      පිරිමි ආදර කරන්න ආසයි, ඒත් තමන්ගේ හැකියාවන් ගැන ඉන්නේ සැකයෙන්..



සමහරක් පිරිමි පෙනුමෙන් ආදරයක් ගෑවිලාවත් නැති අය කියලා සමහරු කියනවා අහලා ඇතිනේ.. ඒත් ඇත්ත ඒක නෙමෙයි.. මුහුණේ හැඟීම් ඒ වගේ වුනත් ඔවුන් ආදරණිය අය වෙන්න කැමති.. ඒත් තමන්ගේ ආදරය ගැන තියෙන හැඟීම් එකතු කරලා පිට කරන්න ඔවුන් තුල තියෙන්නේ සැකයක්.. මෙතනදි සහකාරියට පුළුවන් තමන්ගේ සහකරුගේ ඒ සැගවුන ආදරය එලියට එන්න ඔවුන්ගේ ආකල්ප වර්ධනය කරන එක වැදගත් වෙනවා.. සමහර විට සහකාරිය කිසිසේත්ම අකමැති දෙයක් තියෙන තැනක ඔහු තනිව යන්න කතා කරන්න ඉඩ තියෙනවා.. ඒතනදි තමන් අකමැති දේ ගැන හිතනවට වැඩිය ඔහුත් එක්ක තනිව ඉන්න ලැබෙන කාලය ගැන හිතන එක වැදගත්.. මොකද ඒක ආදරණිය මොහොතක් කර ගන්න බැරි වෙන්නේ නෑ..



7.      තම සහකාරියගේ පෙනුම ගැන සැලකිළිමත් වීම



මෙතනදි කියන්නේ නැහැ පිරිමින් තමන්ගේ සහකාරිය මොස්තර නිරූපිකාවක් වගේ සුන්දරව ඉන්නවා දක්කින්න ආසයි කියන එක.. නමුත් තම සහකාරිය තමුන් සමග ඉන්න වෙලාවට සුන්දරව ඉන්නවා දකින එක හැම පිරිමියෙකුගේම කැමැත්තක්.. පිරිමින් කැමති නැහැ ඒ කැමැත්ත බිද වැටෙනවට.. මොකද එය ඔවුන්ටත් බලපාන නිසා.. පිරිමින් නිතරම වචනයෙන් නොකිවුවත් සහකාරිය තමන් සමග ඉද්දී ලස්සනට ඉන්න ගන්න උත්සාහ නිතරම අගය කරන බව කාන්තාවන් දැන ගෙන සිටිය යුතුම කාරණාවක්..





8.      පිරිමි කැමතියි තමන්ගේ සහකාරිය තමන් ඇයට කොතරම් ආදරේද කියලා දැන ගන්නවට..



ඒක තමයි හුඟක්ම වැදගත් කාරණාව.. පිරිමින් තමන්ඒ ආදරය හරිහැටි ප්‍රකාශ වෙනවද කියන එක  ගැන විශ්වාස නැහැ.. ඒත් ඔවුන් තමන්ගේ සහකාරියට හුඟක්ම ආදරෙයි.. ඒ ගැන වැඩි කල් නොගෙනම තමන්ගේ සහකාරිය තේරුම් ගන්න එක ගැන පිරිමි ගොඩක් දුරට හිතනවා..





වැදගත් වෙයි කියලා හිතෙන කරුණු කාරනානම් ඔන්න ඔහොමයි.. මේක ලියන්න මෙච්චර පරක්කු වුනේ අන්තර්ජාලේ කරක්ගහලා කියවලා විස්තර හොයන්න වුන හන්දා.. හැබැයි මට හම්බුන හුඟක් කරුණු වලට මමත් පෞද්ගලිකව එකග වෙනවා.. විශේෂයෙන් මේ කියපු කරුණු 8 ගැන..



තව විවිධ කාරණා තියෙනවා.. විශේෂයෙන්ම සෙක්ස් ගැන.. හුඟක් ආදර සම්බණ්දතා වලට ප්‍රශ්ණ එන්නේ ඔන්න ඔය දේ නිසා.. යුරෝපා සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් සෙක්ස් කියන්නේ සාමාන්‍ය දෙයක්.. ඒ වුනත් ආදර සම්බණ්දයක් තියෙන කාලයේදි  නිතර නිතරම ඒ දේට යොමු වෙන්න හුඟක් දෙනෙක් අකමැති.. ඒ ගැන ලොකු විස්තර්යක් තිබුනා.. හිතුනොත් වෙනමම පොස්ට් එකක් දාන්නම්..



හරි දැන් එතකොට කියන්න ඕන කරපු කාරණාව තේරුනානේ.. අර බස්සියා කියලා තිබුන වගේ නිතරම වැරද්ද කොල්ලන්ට ආවට කෙල්ලන්ව තේරුම් ගන්න බෑ කියලා පොඩ්ඩ්ක නිදහසේ හිතලා බැලුවම කෙල්ලෝ අපි ගැන තේරුම් නොගන්න දේවලුත් තියෙනවා.. ඒ හැම දෙයක්ම මේ කරුණු වලට සීමා කරන්න අමාරුයි.. පුද්ගලයෝ වෙනස්, ඒ අය ආදරය කරන විදිහ වෙනස්.. තියෙන එකම දේ තමන් ආදරය කරන කෙනාව, එයාගේ හැසිරීම් රටාව හොදින් බලන එක.. අන්න එතකොට ඔය තේරුම් ගන්න බෑ කියන දේවල්  තේරුම් ගන්න එක ලොකු අමාරුවක් වෙන්නේ නෑ..



එහෙනම් මගේ බණ මෙතනින් ඉවරයි.. කෝකටත් කියලා මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියා ගන්නකෝ.. එතකොට ප්‍රශ්ණ ටිකක් අඩු වෙයි.. ටටා..














74 comments:

  1. ඔයා අහලා ඇතිනේ ගෑණු ළමයි නිතර කියන වචනයක් තමයි 'එන්න එපා දන්නවද' කියන එක. ඒ කියන්නේ මොකක්ද? 'නොදන්නවානම් එන්න එපා. දැනගෙන එන්න' කියන එකයි. ඉතින් කොල්ලෝ ඉස්සරවෙලාම 'දැනගන්න' ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ සෑහෙන අත්දැකීම් තියෙන කෙනෙක් නිසා මේ කතාව පිලිගන්නම වෙනවා අම්මපා ....

      Delete
    2. විචාරක තුමනි, ඒකත් එහෙමද? මෙච්චර විස්තර හොයලත් මම ඒක දැන ගත්තේ ඔබෙන් නේ..

      Delete
    3. ඉවාන්, අනිවා මචං.. අත්දැකිම් වලින් නේ ඕන කෙනෙක් සම්පූර්ණ වෙන්නේ..

      Delete
  2. Replies
    1. හෑ, නෑ නෑ.. මම එහෙම කිවුවේ නෑ හලී..

      Delete
  3. අප්පේ දිනේශ් සෑහෙන ලොකු රිසර්ච් එකක් කරලනේ :O
    ඔයා ජංජාලේ පීරලා හොයා ගත්තනේ ගෑණු ළමයෙක් හොයන්නෙ කොයි වගේ කෙනෙක්ද කියල..ඒ උනාට ඔය ටික තේරුම් ගත්ත පිරිමියෙක් හෙව්වම එන්නෙ No results found කියල :(

    ReplyDelete
    Replies
    1. චම්ස්, එහෙම වෙන්න එපැයි ඉතින්.. හිටිය එකම මනුස්සයත් දැන් පවුල් වෙලානේ.. ;)

      රිසර්ච් නොකර කෝමද අෆ්ෆා මේවා ලියන්නේ.

      Delete
  4. 100%ක් ඇත්ත ලියල තියෙන්නෙ, ඊලග කෙල්ලට අනිව මේ පෝස්ට් එක පෙන්නන්න ඕන :D
    අර හිතුනොත් දාන්නම් කිව්ව පෝස්ට් එකත් අනිව දාන්න ;)

    ReplyDelete
    Replies
    1. හා හා පෙන්නන්න.. හැබැයි අපිත් අර කලින් දේවල් ටික මතක තියා ගෙන ඉන්න එක හොදයි.. මොකද ඉතින් දෙපැත්තම සමබර වෙන්න ඕනනේ..

      ඒ පෝස්ට් එක නිසි අවසරයන් ඇතුව දාන්නම් හෙමීට..

      Delete
  5. මේ ටික බුක් මාර්ක් කරලා තියා ගන්න එක පසු කාලීනව ඵලදායි වගේ.. හික්ස් :)
    කියපු කාරණා ගොඩක්ම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මොන පසූ කාලිනවද අයියේ.. දැන්මම යූස් කරන්න.. පරක්කු කරන්න එපා..

      Delete
  6. ෆට්ටම ෆට්ට මටත් හිතෙනවා යටින්ම තියන කරුනු 8 ඇත්ත කියලා.... කෙල්ලනව නම් කව්දාවත්ම තෙරුම් ගන්න බැ... :P

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා මලයා.. ප්‍රෙහෙලිකාවක් වුනත් හොදින් හිතද්දී එච්චරම අමාරු නැහැනේ.. පොඩි ට්‍රයි එකක් දීලම බලන්න ඕන..

      Delete
  7. අනෙ හප්පේ මරු කරුණු ටිකක් දිනෙශ්.
    කාව තේරුම් ගත්තත් ගෑණු තේරුම් ගන්න අමාරුයි බන්. හරියට ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් තියෙන දාට අහස වගෙයි. කොයි වෙලේ වැස්ස කඩා වැටෙයිද දන්නෑ.

    මන් නම් හිතන්නෑ අපිට ජීවිතේට ගෑණු තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඕනෙ කියන්නෙ එපා කියන දේට එපා කියන්නෙ ඕන කියන දේට.

    උදාහරණෙ- "ඔයා කැමති දෙයක් කරන්නකො" මෙහෙම කිවුවොත් බෙල්ල ගහලා ගියත් ඒදේ කරන්න නම් එපා රජෝ.

    ReplyDelete
    Replies
    1. //ඔයා කැමති දෙයක් කරන්නකො// අපේ බස්ස කවදාවත් ඕක හරියට තේරුං ගන්නෙ නෑනෙ. අන්තිමට මම ම පස්සෙ වෙලාවක කියල දෙනව. ඒ කිවුවට පහුවදාටත් ඒ සෙතේම තමයි :D

      Delete
    2. ප්‍රියා, හෙහ්. මරු උදාහරණේ.. ඇත්තටම ඒකෙයි මේකෙයි වැඩි වෙනසක් නම් නෑ තමයි.. අනිවා මචං.. මම කරන්නෙත් නෑ.. අත්දැකිමෙන් දැන් දන්නවා එහෙම කිවුවම කලොත් පහුවද බඩු බනිස් කියලා..

      Delete
    3. බස්සී, මට හිතා ගන්න පුළුවන් අර අහිංසක බස්සට මෙයා කියලා දෙන විදිහ..

      Delete
  8. ///ඒකනේ අපි වැරදිලා හරි බොරුවක් කියන්න යද්දී ටක් ගාලා අහුවෙන්නේ../// අනේ පව් ඈ... ඕවා ඉතින් අපිට කියන්න එපා..

    මධාරා ප්‍රසිද්ධියේ මෙයා අංක 5 න් කීවේ ඔයාට ඈ ,, හි හි

    හොදට කරුණු පෙලගස්වලා තියෙනවා...ඔයාගේ ලිපියත් බස්සිගේ ලිපියත් කියෙවුවට පස්සේ මට දැනුණේ අපි හැමෝම හැමදේම කරන්නේ සැනසිලිදායක ආදරයක් බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් බොරු කියන්නේ නෑනේ.. බොරුනම් අහලා බලන්න..

      හෙහ්, අංක 5 ගැන මට පුර්ණ නිදහස දීලනේ තියෙන්නේ.. මෙහේ සමර් කතා ගැන මම කියලම තියෙන්නේ.. අහ් " මධාරා" නෙමෙයි අනේ " මදාරා"

      අපි හැමෝටම ඔනේ නිදහසේ විදින්න පුළුවන් ආදරයක්.. තේරුම් නොගන්න තැන් නැතුවම නෙමෙයි.. ඒත් ඒ දේවල් අඩු වෙන තරමට හැම දේම ලස්සනයි..

      Delete
  9. වැඩිය හිතන්න යන්න එපා බොල.. . මගේ උපදෙස හරිම සරලයි . .. අපි අපි විදියට හිටියාම ඇති. .. . මුලදී ටිකක් කේස් නමුත් පස්සේ එයයි තේරුම් ගන්නවා මේක හදන්න පුළුවන් ජාතියේ එකෙක් නෙමේය . . .කියන වග . . .එයිට පස්සේ එයයිට ඕන දේවල් නොකෙරුනාම අපිට ඕන විදියට කර ගන්න එයයි දන්නවා . එක අපිටත් ලේසි එයිටත් ඕන දේ කෙරෙනවා.

    නැතුව අපි කණපිට ගහන්න ගිහින්ඇන ගන්න තමා වෙන්නේ . . . .

    ඔව් . . ඉදගෙන . .

    ReplyDelete
    Replies
    1. කරුණාකර කතෘ අයිතිය සුරකින්න ඉදගෙන :)

      Delete
    2. මගියාගේ කතාව නම් මමත් පිලිගන්නවා.. මම කරන්නෙත් ඕක තමයි.. යාලු වෙච්ච දවසේ ඉඳන් දැන් මේ බැඳලා අවුරුදු 3ක් වෙන්න ආව.... හැමදාම මම කිව්වේ මම මේ විදිය තමයි ඉතින්.. ඔයා වෙනස් කරන්න ට්‍රයි කරාට වැඩක් නෑ කියන එක...

      අපි දෙන්න තාමත් ජොලියේ ඉන්නවා.. වෙනස් වෙන්න ඕනේ තැන් තියෙනවා ඒවා ගැන නෙවෙයි මේ කියන්නේ.. තමන්ගේ නැචුරල් ගතිය ඒ විදියට තියා ගන්න ඕනේ.. මේක මමත් ඇයට ඒ විදියටම කරන්න ඉඩ දීල තියෙන්නේ..

      Delete
    3. මඟියා, අම්මපා ඒකත් එහෙමද.. අත්දැකීම් තියෙන කෙනෙක් කියන හන්දා ඉතින් පිළිගන්නවා.. ඒත් ඉතින් සමහර වෙලාවට එච්චරම දරුණු වෙලා හරියන්නෙත් නැහැනේ.. නැද්ද මම අහන්නේ..

      Delete
    4. අපූර්වි, කතෘ අයිතිය මගේද දන්නේ නෑ නේ ;)

      Delete
    5. පැතුම්, නැචුරල් දේවල් නම් වෙනස් කර ගන්න ඒක ඇත්තරම මොඩ වැඩක්.. තම්න්ට ආවේනික වුන දේවල් වල අනිත් කෙනා රහසින් වුනත් රස විදින දෙයක් තියෙන්න බැරි නෑ.. ඒ හන්දා ඒක වෙනස් කරන එකට මාත් එකඟ නෑ..

      Delete
  10. ඕකුන් ඔහොමම තමා.... කිවුවහම දෙයක් තේරුම් ගන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. මල පනින්නෙම ඔය වෙලාවට තමයි නේ..

      Delete
  11. මේක නං සෑහෙන්න බොන්න තමා වෙන්නෙ.. අනේ මංද කතා කරනව නං කවදාවත් කතා කරල ඉවර කරන්න බැරි මාතෘකාවක් තමා ඔය..
    කොහොමත් හුගක් වෙලායට දෙපැත්තෙම ඔය ලෙඩේ තියෙනව. එක එහෙම වෙන්නෙ මට හිතෙන විදිහට ගෑල්ලමයි හුගක් වෙලාවට ඕපන්ලි කතා කරන්නෑ එතකොට පිරිමියාට ඕක ටික කලක් යනකොට තේරෙන්න ගත්තාම ඒකි එහෙම නං මාත් මොකද හැම සෙද්දම කියන්න යන්නෙ කියන ස්ථාවරේට එනව. එතකොට දෙන්නට දෙන්න බොරු කරගන්නව වගේනෙ. ඉතිං ටික කාලයක් ගිහාම ඒ ආදර කතාවට හුප්පෙ තමා

    මේ මට හිතෙන විදිහට ඔය ඈ... වෙනස් අයත් නැත්තෙ නෑ කියල මං දන්නව... හැබැයි ටිකයි

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ.. අපි ඉතින් කියන්න ගත්තම ඕන එකයි එපා එකයි ඔක්කොම කියනවනේ.. පස්සේ ඒකෙන් තට්ටු වෙන්නෙත් අපිටම තමයි හැබැයි.. ඔය රණ්ඬු වෙන වෙලාවට එහෙම..

      Delete
  12. :o පිරිමි කියන කොට්ටාශය තේරුම් ගන්නවාට වඩා ලෝකේ තියෙන අමාරුම උපාදිය ගන්න එක ලේසි :(

    ReplyDelete
    Replies
    1. අපිටත් කියන්න තියෙන්නේ ඉතින් ඕකම තමයි ඈ..

      Delete
  13. මට පෙන්නේ දොස්තරලා උඹේ ඔලුවේ ඔපරේෂන් එක වරද්දලා .ආයේ දෙකක් නෑ ..නැත්තං කෙල්ලොන්ව තේරුම්ගන්න හදයියෑ ...?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකග වෙමි

      Delete
    2. ඉවාන්, සුද්ද කලා වැඩිද මන්දා බං.. මටත් එහෙමම හිතුනා මේ ටිකේ හිතෙන ඒවා එක්ක..

      Delete
    3. මහේෂ්, හැබැයි ඉතින් ඕක පස්සේ මොන පැත්තට යාවිද දන්නෙත් නෑ,,

      Delete
  14. අපිව තේරුං ගන්න පුලුවන් කෙල්ලෙක් හොයනවා කියන්නේ ඉතිං.. අපිට තේරුං ගන්න පුලුවන් කෙල්ලෙක් හොයනවා වගේ වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කවමදාවත්ම නොවෙන දෙයක් කියන එකනේ ඉතින්.. ;)

      Delete
  15. කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ දිනේශ් මිනිස් සිත තේරුම් ගන්නනම් හරිම අමාරුයි .

    ReplyDelete
    Replies
    1. ඒක මම පිළිගන්නවා අක්කේ.. අපිට අපේ යාළුවෝ වුනත් කොච්චර ඉන්නවද හිටි ගමන් තේරුම් ගන්න බැරි.. අපිට හිත් කියවන්න පුළුවන් වුනානම් හරි..

      Delete
  16. අනේ මන්ද.. මට වෙලාවකට හිතනවා ඔය මොනවත් එපා වාතයක් නොවී ඉන්නවං නං කියල... හි හි...

    ReplyDelete
    Replies
    1. මාත් අසීරුම අවස්ථාවන් දෙකකදී ඕක අහලා පැත්තකට වෙලා තියෙනවා.. ඒ හන්දා මුකුත් නොකියමි...

      Delete
  17. කොල්ලො ගැන කියලා තියෙන ටික නම් බොහොම වටිනවා දිනේශ් අයියේ...
    1.පවුලක වැඩි බර තමන් කෙරෙහි ඇති බව දැනීම..
    2.පිරිමි ආදර කරන්න ආසයි, ඒත් තමන්ගේ හැකියාවන් ගැන ඉන්නේ සැකයෙන්..
    3.පිරිමි කැමතියි තමන්ගේ සහකාරිය තමන් ඇයට කොතරම් ආදරේද කියලා දැන ගන්නවට..
    මේ කාරණා තුන නම් මට අලුත්ම අලුත්. අනිත් දේවල් ගැන නම් අත්දැකීම් සහ පොඩි පොඩි රණ්ඩු වල ප්‍රතිඵලයක් විදියට යම් අවබෝධයක් තියෙනවා.

    මොනා උනත් පොඩ්ඩ ඇත්නම් නැට්ට පාගගන්නෙ නැතුව තමාගෙ සහකරුවා, සහකාරිය දිහා විවෘතව බලන්න අවශ්‍ය අවබෝධය ලැබෙනවා මේ ලිපියෙන්. සෑහෙන රිසර්ච් එකක් කරල වගේ....

    අර අගෞරවය කියන එක නම් ගොඩක් ගෑල්ලමයිගෙ අතින් වෙන වැරැද්දක්. සභාවක් මැද්දෙ තමන්ගෙ කොල්ලව ඉස්සරහින් තියාගෙන එයාව පහත හෙලලා කතාකිරීම අන්තිම දරුනු ප්‍රතිපල ගේන්න පුලුවනි. ඒ ටික පෙන්නන්න වටින යාලුවෙක් මටත් සිටී, උන්දැට මේ ලිපිය රෙකමන්ඩ් කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මම කිවුවනේ එදා චැට් එකෙත් තාම රිසර්ච් කියලා..ලෙඩ අස්සෙම ඔන්න වුන පොරොන්දුව ඉශ්ඨ කලා..

      බස්සිට අළුතින් දැන ගන්න කාරණා තුනක් එකතු වුන එක ගැන සතුටුයි.. බස්සත් මේ අපි වගේම සරළ කොල්ලෙක් බව මේ කමෙන්ටුවෙන් තේරුනා.. ඒක හොදයි..

      නැට්ට පාග ගන්න එකනේ ඉතින් කොයි වෙලෙත් වෙන්නේ.. ඒක ඉවසීමෙන් මේ දේවල් ගැන අවභෝදයෙන් මිසක නැතුවනම් වලක්වන්න වෙන්නේ නෑ..

      මම ආසම නැති දේ ගැන තමයි බස්සි ඔය අන්තිමේ කියලා තියෙන්නේ.. ඒ වෙලාවට ඉතින් එන කේන්තිය ගැන මොනා කියන්නද?

      Delete
  18. වෙන මොක තෙරුම් නොගත්තත් මන් ඔය 5 වෙනි එක තේරුම් අරන් ඉන්නෙ මමනම් කියලා තියෙන්නේ මම එක්ක යනකොට උනත් ඕන කෙනෙක් දිහා බලන්න කියලා එයා දැක්කේ නැත්තන් මමම පෙන්නනවා අන්න පට්ට කෑල්ලක් කියලා ඇගිල්ලෙන් ඇනලාම.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මෙයාව දැක්ක කල් ඈ..

      මට මතකයි මට මතකයි.. මම අර බීච් ගැන ලියපු පෝස්ට් එකක දෙන්න කාර් එකේ යද්දී වුන සිද්දීයක් ගැන මට කිවුවා.. අන්න එහෙම තමයි ඉන්න ඕන.. හෙහ්, අරයත් මට ඇගිල්ලෙන් ඇනලම පෙන්නයිද කියලා මම මේ කල්පනා කලේ..

      Delete
  19. කෙල්ලන්ව තේරුම් ගන්න ට්‍රයි කරනවට වඩා ලේසියි ඇස්කිමෝලට පොල්ගස් නගින්න උගන්වන එක....

    ReplyDelete
    Replies
    1. හික්ස්, අනේ මන්දා ඉතින් ඒවනම්.. ඇත්තට උන්ට මොනම ගහකටවත් නඟින්න බැරිද දන්නේ නෑ නේ? මම කිවුවේ මේ ඇස්කොමෝලා ගැන..

      Delete
  20. කෙල්ලො ගැන නම් මන්දා...බැදපු එකෙක් මේ ලගදි අපිත් එක්ක කිව්වෙ බැදලා අවුරුදු 100 ක් හිටියත් ගෑණියෙක් සම්පූර්ණයෙන් තේරුම් ගන්නවා බොරු කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම කිවුවම ඉතින් බඳීන්න ඉන්න මිනිස්සුත් බය වෙන එක අහන්න දෙයක්ද?

      Delete
  21. සේරම අත්දැකීම් නැති උණාට තියන ටික අනුව නම් සම්පුර්ණ ඇත්ත ආයේ දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් කෝකටත් මේක ඔළුවට දාන් ඉන්න එක පස්සේ ප්‍රයෝජනවත් වේවි...

      Delete
  22. හෙක් හෙක් ,ඕන් තවම මට නම් ඔය තරම් ලොකු අත්දැකීම් නෑ ,එත් තියෙන අත්දැකීම් 4-5 අනුව නම් මම වැඩිය හිතන්නෙ නෑ කෙල්ලො ගැන ,මගේ ස්භාවික සතා වගෙම තමා මම. ඔය කෙල්ලොන් ගේ බොරු මවා පෑම් මට නයාට අදු කොළ වගේ ,අහුවුණොත් අයේ මට එපා ,
    අපේ සමහර කොල්ලො ලියනවා කෙල්ලො නිකන් හරි සුමුදු ,අහින්සක ,පොඩ්ඩ ඇත්නම් අඩන කොටින්ම අදරය බෙරෙන වෙන්න ඕන කියලා ,
    මේ මගේ පෞද්ගලික තෙරිම ,එ වගේ කෙල්ලක් හොදයි ලවට නැතුව කසාදයට නම් නෙවෙයි ...

    ReplyDelete
    Replies
    1. // අපේ සමහර කොල්ලො ලියනවා කෙල්ලො නිකන් හරි සුමුදු ,අහින්සක ,පොඩ්ඩ ඇත්නම් අඩන කොටින්ම අදරය බෙරෙන වෙන්න ඕන කියලා//

      සිරා කතාව.. මාත් එකගයි.. හැමවෙලේම එහෙම වෙන එකේ වැඩක් නෑ.. අන්තිමට බබා පාට් වැටි වුනාමත් හරි කරදරේ.. ලොකු අත්දැකීම් නෑ කිවුවට මොකද ලියලා තියෙන දේ හැටියට හිතෙනවා අත්දැකිම් තියෙනවා කියලා..

      Delete
  23. හප්පේ මේ පැත්තේ නාව කාලෙට මෙයා පැහිලා තියෙන තරමක්..
    6,7,8 නම් තියෙන්නම ඕන. 6 නම් අනිවාර්යම වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, බනින්න ඉන්න අය මේ පැත්තේ එන්නේ නැති කොට ඉතින් එහෙම වෙනවා තමයි.. ඕක අහන්නත් දෙයක්ද?

      දැන් ඔය අංක ටික කිවුවේ මොන ලිස්ට් එකෙන්ද හැබෑටම..

      Delete
  24. එක සම්පුර්ණ ඇත්ත බං.මේ ලෝ තලයේ තේරුම් ගන්න අමාරුම සත්ව කොට්ටාශය ඔය ගැහැණු ජාතිය තමයි.හැබැයි ඉතින් එහෙම කියලා තේරුම් නොගෙන ඉන්නත් බෑ නේ බං.?අනේ මන්දා මක්ක කරන්නද කියලා මේකට.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි තේරුම් ගන්න වෙනවා බං.. නැත්නම් ෆොරෙවර් අලෝන් තමයි.. ඒ හන්දා හැමදේම නැතත් ඕන කරන දේවල් හරි තේරුම් ගත්තනම් හරි..

      Delete
  25. නියමෙට ලියල තියෙනව..ඒ නිසා අපට කියන්න දෙයක් නොමැත..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මොනා හරි කියන්න තිබුනා ඈ..

      Delete
  26. හහා...අද ආදර පාඩමක්... :) එල එල...

    ReplyDelete
    Replies
    1. මේවත් ඉතින් වැදගත් නේ..

      Delete
  27. වැඩිපුර මහන්සි වෙන්න එපා ඔය උත්තමාවියන්ව තේරුම් ගන්න. ඒ අය පිරිමියාව තේරුම් අරන් ඉන්නේ. ඒක පෙන්නන්න අකැමතියි. මට තේරිලා තියෙන්නේ එහෙමයි.
    ඔයාට තේරුනාද කියලා මගෙන් ඇහුවාම මම කියන්නේ ඔව් කියලා. හැබැයි මට මෙලෝ හත් ඉලව්ව්ක් තේරිලා නැහැ. එතකොට උන් සැටිස්. ඊට පස්සේ කියන්න එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් නියම උපදෙස.. මේකනම් තරයේ හිතේ තියාගන්නවා.. අත්දැකීමෙන් දෙන මේවා සෑහෙන්න වටිනවා අනාගතේදි අපිට..

      Delete
  28. හහ්..බණ කියන්න නම් හරිම දක්සයි.පිරිමි!

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතෙන්නේ?

      Delete
  29. ඔතන තියෙන්නේ දෙගොල්ලොම දෙගොල්ලෝ තේරුම් නො ගැනීම.ගෑණු අය කැමතියි තමන්ව තේරුම් ගන්නවාට.පිරිමි අය කැමතියි එයාලාව තේරුම් ගන්නවාට.ඒත්..කිසි කෙනෙක් කියන්නේ නැහැ මම මේ දේට කැමතියි මෙහෙම වෙනවට කැමැතියි වගේ තමන්ගේ රුචිකත්වය.ඒත් අනෙකාගෙන් බලාපොරොත්තු වෙනවා.

    එහෙම කියලත් ඊට වඩා වෙනසක් නො වෙනවා නම්, මේ දේට අකමැතියි කියද්දීත් ඒකම කරනවා නම් (හැබැයි සාධාරණ හේතු ඇතිව අකමැති වෙන දේවල් වලට )ඒ ගැන ආයෙම හිතුවාට කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හැබැයි ඇත්ත තමයි.. මේ දේවල් කොහොම ලියවුනත් ආදරේ කරද්දී හරි පවුල් ජීවිතේ ගෙවද්දී හරි තමයි ඔය දේවල් හරියටම තේරුම් ගන්න පුළුවන්..

      Delete
  30. ප්‍රින්ට් අවුට් එකක් ගහලවත් තියාගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්, හා හා ලොකූ එහෙනම් ප්‍රින්ට් කර ගන්නකෝ.. ;)

      Delete
  31. මම මේ කල්පනා කලේ, අර වෙන ස්ත්‍රීන් දිහා බලනකොට අඩු ගානේ ගිලින්ට වගේ නැතුව , වෙන විදියකට බලන්ට ඉගෙන ගත්තොත් කොච්චර හොඳද? :)

    මම නම් කැමති කරුණාවන්ත අයට. නපුරු අයට ආසම නෑ. :D

    ReplyDelete
  32. 'ගලන ගඟ හෝ එය එක්වෙන සාගරය හෝ ගැඹුර නැත ගැහැණු සිතක් වාගේ' ද්‍රවිඩ ගීතයක් කියයි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්