Thursday, 16 January 2014

නුඹ පහසෙම මිරිකෙමි මම





අපි මේ හමුවුනේ හුඟක් කාලෙකට පස්සේ.. ඒක හරියට ගොඩක් කාලයක් අඳුරේ ඉදලා ආලෝකයක් ලගට ආවා වගෙයි මට දැනෙන්නේ.. හැබැයි මේක වෙනස්ම ආලෝකයක්.. මීට කලින් දැනුනට වැඩිය හුඟාක් වෙනසක් මේ ආලෝකයේ දැනෙනවා.. හැබැයි මට ඒක ඒ විදිහට දැනුනත් ඔයාටනම් ඒකේ ඒ තරම්ම වෙනසක් නැති ගානයි.. ඔයා තාමත් වෙනද වගේමයි..

අපි දුරස් වෙලා හිටපු කාලය කොව්චරද කියන්න මම හරියටම දන්නේ නෑ.. ඔයත් එක්ක ගත කරපු ලස්සනම කාලේ සුන්දර මතක එක්ක මම මගේ ජිවිතේ ඔයා නැති කාලේ ගෙවන්න උත්සාහ කලා මිසක  අපි වෙන් වුන කාලය ගැන හිතන්න තරම් වුවමනාවක් මට කොහෙත්තම තිබුනේ නෑ.. මට දැනුනේ හරියට හැම දෙයක්ම නතර වෙලා වගේ.. ඒත් මට වැඩිය අපි දුරින් හිටිය කාලය ගැන ඔයා හොදටම දන්නවා ඇති.. ඔවු මට ඒක විශ්වාසයි.. ඔයා දන්නවා..

මට හරියට දැනෙන්නේ මම හුඟක් ලොකු  නින්දකින් ඇහැරිලා වගෙයි.. ඒ මං වටේ තියෙන හුඟක් දේවල් ඒ තරමටම වෙනස් වෙලා නිසා.. අන්තිමට ඔයත් මමත් ලඟින් හිටපු දවසට වැඩිය හුඟක් දේවල් වෙනස් වෙලා ගිහින්.. ඔයා වටේ තියෙන හැම දෙයක්ම මෙච්චරම වෙනස් වෙද්දී ඔයා මාව දාලා ගිය එක ගැන වෙලාවකට පුදුම වෙන්නත් දෙයක් නෑ කියලා හිතෙනවා.. හැමදෙයක්ම අළුත් වෙලා..

කාලෙකට පස්සේ ඔයාගේ තුරුළට වෙනද වගේම ඇවිත් ආදරෙන් ඉන්න පළවෙනි දවස අද.. ඔයා මාව ලං කර ගනිද්දී හිතට දැනුන සතුට කොච්චරද කියලා කියාගන්න තේරෙන්නේ නෑ.. ඒත් මම දන්නේ එකම එක දෙයක්.. ඔයා ලග මම හුඟක් සතුටින්.. ආයෙමත් වෙනදා වගේම ආදරෙන් අපිට ඉන්න පුළුවන් කියන එක මම දන්නවා.. ඒත් ඔයාගේ අළුත් යාළුවෝ නම් මට එච්චර කැමති නැති පාටයි.. ඔයා ලග මම ඉන්නවා දැකපු වෙලාවේ ඉදන්ම ඒ හැමෝම මගේ දිහා බලාගෙන හිටියේ හුඟක්ම අමුතු විදිහට.. මං ගැන කතා කලෙත් හුඟක්ම වෙනස් විදිහට..

" ආයෙම පරණ කෙනාවම ලං කර ගන්න මොකට හිතුනද මන්දා.. එක්කෙනෙක් ඕනමනම් අපෙන් කෙනෙක් තෝර ගන්න බැරි වුනාද එයාට?"

ඒ වචන අස්සෙන් ගලගෙන ගියපු ඉරිසියාව තේරුම් ගන්න පුළුවන් කමක් වාසනාවට වගේ මට ඉතුරු වෙලා තිබුනා.. සමහර විට ඒ කාලයක්ම එයාගේ අළුත් ලෝකයෙන් ඈත් වෙලා හිටපු නිසා වෙන්න ඇති.. ඒත් ඒ වචන වල කුරිරු කම ලග හිතට පොඩි බයක් නොදැනුනාමත් නෙමෙයි.. ආයෙමත් එයාව මගෙන් ඈත් කරන්න මේ හිත් වලට බැරි කමක් නැහැ කියලා මට එකම එක මොහොතකට හිතුනා.. ඒ, මෙච්චර දෙනෙක් ඉදලත් එයා මාවම හොයාගෙන ආව නිසා.. ඒ ගැන දෙනෙද්දී හිතට ආවේ අනිත් හැමෝටම නැති තරම් අඬම්බරයක්.. මම ඒ හැමෝම දිහා බලලා හිනා වුනේ ඒ ආඬම්බරේ හිතේ තියාගෙනමයි..

අපේ දවස ගොඩක් ලස්සනට ගෙවුනා.. අර ඉස්සර වගේම.. ඒ දවස් වල පුරුදු විදිහටම ඔයා හුඟක් මගේ ලඟින් හිට්යා.. ඒ හන්දම මගේ හිතත් කාලෙකට පස්සේ හුඟක් සතුටින්.. ඔය කම්මුල් අතර සිනිදුවට දැවටෙද්දී, ඔය ළමැදේ සනීපෙට තුරුල් වෙද්දී ආයෙම අළුතින් ජීවිතේ ලැඹුනා කියලා දැනෙනවා.. ඇත්තමයි.. ඔය ඇඟිලි තුඬු වල පහස තාමත් ඒ වගේම.. මගේ හැඟීම් අවුස්සන්න තාමත් ඒ ඇඟිලි තුඩු වෙලට පුළුවන්..

" බලපංකෝ ආයෙම ලං කර ගත්තට පස්සේ තියෙන සැප.."

ආයෙමත් අර කුරිරු හිත් වල හඬ හැම දේකටම වැඩිය සද්දෙන් ඇහෙද්දී හිත නිමිලා කිමිදිලා හිටපු හැඟීමෙන් ඈත් වෙන්නේ එක තත්පරයෙන්.. මම ඒකට ආසම නෑ.. මම දන්නවා ඔවුටත් ඕන කරලා තියෙන්නේ ඒකමයි කියලා.. ඒත් ආයෙම හුදෙකලා අඳුරු ජීවිතයට වැටෙන්න මගේ හිතේ කොහෙත්තම වුවමනාවක් නැති හන්දා ඒ ගැන හිතන එක මම අමතක කරලම දැම්මා..

තව තවත් ඔය ඇඟිලි තුඩු පහසෙම මම හොදට මිරිකුනා.. මට පුළුවන් උපරිමයෙන් හැම දෙයක්ම මාත් එයාට දුන්නා.. අපි මේ එකට ඉන්නේ හුඟක් කාලෙකින් හන්දා එයාට සමහර වෙලාවට අපහසුවක් දැනෙන බව මට යාන්තමට වගේ තේරුණා.. ඒත් මම පුළුවන් උත්සාහ කරේ ඒක එයාට නොදැනෙන්න දෙන්න.. අපි ඒ විදිහට හුඟක් වෙලා එකට හිටියා.. ඒ ළමැදේ, ඒ කම්මුල් අතර, ඒ තොල් පෙති ලග මම හුඟක් සැනසුනා..

මම දන්නවා  ඔයත් හුඟක් සතුටින්.. මාත් එහෙමමයි.. කාලෙකට පස්සේ ඔයාගේ මුණේ ඒ පරණ හිනාව මම දැක්කා.. ඒ කියන්නේ ඔයා අද මං නිසා හුඟක් සතුටු වෙලා.. ඒත් ඔයාට වෙහෙසකරයි වගේ.. ඒ මගේ හැටි නිසා වෙන්න ඇති.. ඒත් මම දන්නවා හෙට වෙද්දී ඔයාට මේ හැම දෙයක්ම හුරු වෙලා තියෙයි.. ඊට පස්සේ අපි කාලෙකට උඩදී හිටියා වගේ හුඟක් ලං වෙලා ඉදියි.. අපේ මුල් කාලේ වගේ හැම දෙනෙක්ම වගේ අපි දෙන්නා දිහා බලයි.. අපි දෙන්නා දිහා බලයි.. මං ලගට ලං වෙන්න හදද්දී ඔයා ඉස්සර වගේම මාව ඉරිසියාවෙන් පරිස්සම් කරයි..

ආයෙම මේ දවස ඒවි කියලා මගේ හිතේ කොතනකවත් කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. ඒත් එක රැයකින් හැම දෙයක්ම වෙනස් වෙලා.. දැන් ආයෙම මම ඔයාගේ ලගට ඇවිත්.. ඔයාගේ දෑගිලි අතරේ පහසට නතු වෙලා ඉන්න ඇත්නම් ඒ තරම් සතුටක් මේ ජීවිතේටම නෑ කියලා දැන් මම හොදටම දන්නවා.. මම කැමති නෑ ඔයාගෙන් ඈතට යන්න.. ඔයාගෙන් මිදෙන්න.. මට ඕන ඔයා ලගටම වෙලා ඉන්න.. ඒත්, ඒත්,

...............................

" මොකද මේ පරණ ෆෝන් කට්ටක් අතේ තියාගෙන?"

" අහ්, ඊයේ මගේ අයිෆෝන් එක වැටිලා ඩිස්ප්ලේ එක ගියා.. හෙට ඒක හම්බුවෙනකන් පරණ එක අදට පාවිච්චි කලා.."

................................







63 comments:

  1. හැක් හැක්.. මාත් එකක් ලිව්ව කලින් හැබැයි බයිසිකල් කටුව ගැන..

    http://deshakaya.blogspot.com/2013/01/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. මම මේක කියවලා නැහැනේ.. ඒ කාලේ මම ඒ පැත්තේ ඇවිත් නැද්ද මන්දා..

      Delete
  2. ෆෝන් ලවක්නෙ :D

    ReplyDelete
    Replies
    1. යස් යස්.. ෆෝන් ලවක් තමයි..

      Delete
  3. හිනා කාලා මැරෙනවා බන් උදේ පාන්දරම.

    කැත හිත නිසා වෙන මඟුලක් හිතන් කියෙවුවෙ. අයියෝ.

    මොකද බන් පෝස්ට් එක කියවලා කමෙන්ට් එක කොටත්දි ෆොටෝ කෑල්ල වෙනස් කොරලා???

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම හිනා වෙන එක ඇඟට ගුණයිනේ බං.. ඒ හන්දා අවුලක් නෑ..

      කැත හිත ඉතින් මොනා කරන්නද මන්දා..

      ඔවු බං.. පස්සේ හිතිලා ෆොටෝ කෑල්ල පොඩ්ඩක් මාරු කලා..

      Delete
  4. අන්තීමට තමා තේරුනේ මේ ෆෝන් එකක් ගැන කියලා තියෙන ආදරයක් කියලා. මරු ලියවිල්ල.
    අන්තිම පින්තූරෙත් පට්ට. දැන් නම් කා ලගවත් ආසාවට ගඩොල් බාගයක් නැතුව ඇති නෙහ්. ඒ දවස්වල මට ඔයින් එකක් තිබ්බා නං අරන් තියාගෙන ඉන්නවා ළමයෙක්ට හරි පෙන්වන්ඩ කියලා.

    ReplyDelete
    Replies
    1. මම ඔයින් දැකලා තියෙන්නේ එකයි.. ඒකත් අපේ අච්චි ගාව.. හප්පේ ඒක තියන් එයා දාපු ඇඩ් ගොඩ.. වෙනම වෙලාවක පෝස්ට් එකක්ම දාන්නම්..

      Delete
    2. අද නිවාඩු ද මන්දා... හැමෝටම වේලපහ රිප්ලයි කරලා.
      ඔවු. පින්තූරෙකුත් එක්ක දාන්ඩ පෝස්ට් එකක්

      Delete
    3. ඔවුනේ අද උදේ පොඩි නිවාඩුවක් දැම්මා.. මෙයාලා එරිකෝ කියවලද කොහෙද දැන් රහස් පරීක්ෂකයෝ වෙලා.. පින්තූර නෑ අෆ්ෆා.. ඒ කාලේ අපිට කැමරා තිබුනේ නැහැනේ.. ^_^

      Delete
  5. හෑ... යකඩෝ... අපිව අවුස්සන්න නේ ඔය වැඩේ කලේ... මුල ඉදල කියෝනකොට වෙනම ආතල් එකක් ආව.. අන්තමේට හිනා ගෝනියයි... හය්යෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔවු ඔවු ඕනකමින්ම තමයි කලේ.. අනික මේ මගේ අලුත්ම ලේබල් එක.. " සිතක් කතා කරයි.." මීට පස්සේ ටිකක් කල්පනාවෙන් කියවන්න වෙයි ඈ..

      Delete
  6. කොහොමටත් 'පරණ එව්වා' හොඳයි අනේ. ඔක්කොටම වඩා විස්වාසවන්තකම අතින් ඉහළයි. අත්දැකීමෙන් කියන්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඔය කිවුවේ ෆෝන් ගැනමනම් මාත් ඒක පිළිගන්නවා.. වෙන මොනා හරි නෙමෙයි නේ කිවුවේ..

      Delete
  7. අයිෆෝන් වගේද පරණ ෆෝන්..කොච්චර වැටුනත් අවුලක් නෑනෙ ;)
    ලියවිල්ල නියමයි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉතින් පරණ ෆෝන් වගේද අයිෆෝන්.. ;)

      Delete
  8. පොඩ්ඩක් විතර අපිටත් මීටර් උණා වෙන දෙයක් ගැන තමයි කියන්නේ කියලා. ඒත් ඒක ගානට ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා මීටර් වුනානම් වැඩේ අප්සට්.. ඔක්කොටම කලින් අන්තිම පින්තුරේ බැලුවේ නැහැනේ??

      Delete
  9. මම කට ඇරගෙන බැලුවෙ.. අයියෝ.. වැඩක් නෑ...ෆෝන් ගැන කතා නොකරමි....

    ReplyDelete
    Replies
    1. හෙහ්, අපරාදේ එහෙනම්..

      ෆෝන් ගැන කතා නොකරම ඉමු...

      Delete
  10. මට හිතුණා මැද හරියෙදි නම් සෑමා අයියගෙ වගේ මොකක් හරි ජිල්මාට් එකක් කියලා....

    ReplyDelete
    Replies
    1. හෙහ්, හිතුනද? එහෙනම් වැඩේ සෑහෙන අප්සට් වගේ..

      Delete
  11. නියමයි මචං..ලස්සන අදහස් තියෙන කොල්ලෙක් මචෝ උබ.

    ReplyDelete
  12. මං මේ කල්පනා කලේ වැරදිලා වැටුණු පෝස්ට් එකක් වත් ද කියල. බලපුවාම මොබයිල් රාජයෙක් ගැන නෙ කියන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. වැරදිලා කොහේ වැටෙන්නද මචෝ..

      Delete
  13. සැක් විතරක් ......මටත් ටැපළුනා අන්තීමෙට එනකම්.......මම නම් පරණ කෙනාවයි අලුත් කෙනාවයි දෙන්නවම තියන් ඉන්නවා අලුත් කෙනාට මහන්සි වැඩි වෙලා බැස්ටි බැස්සම පරණ කෙනාව වැඩට ගන්නවා,,,,,,හෙහ්....හෙහ්.......

    ReplyDelete
    Replies
    1. අපි නම් තාමත් මල් කඩන්නෙ පරන කෙනාගෙන්. එයා මම තරහ ගිහින් පොලවේ ගැහුවත් ලෙඩ නොදී වැඩ හලී හොඳ එක්කෙනා..

      Delete
    2. මගේ පරණ කෙනා වැඩ කර කර ඉද්දි කිලුටු නිසා ඇදුම් එක්කම වොෂින් මැෂිනුත් දැම්මා මාසයක් සිහි නැතුව ඉදලා පණ ආවා...හැබැයි දැන් කණ ඇහෙනවා හොරයි....ඒත් අනිත් හැම වැඩේම ගිනි කසයා වගේ.......හිකිස්....

      Delete
    3. ශානු අක්කේ, අම්මපා ඒක කියපු හැටි විතරක්.. මට හිතෙන්නෙම වෙන එවුවනේ.. ගුටි කන්න වෙන හන්දා මම ඉතින් මුකුත් කියන්නේ නෑ.. ;)

      Delete
    4. බස්සී, ඔය තරහ යන අයට ඉතින් පරණ එවුවම තමයි හොද.. මේ අපි වගේ ඇල්වතුරත් නිවලා බොනවනම් ඔන්න අළුත් ඒවා තියා ගත්තට අවුලක් නෑ..

      Delete
  14. සික්. වෙන අටමගලක් ගැනයි කියන්නෙ කියලා හිතුන ඇඟිලි තුඩු මතම දැවටෙද්දි. ඒත් හීනෙකින්වත් හිතුවෙ නෑ මේ කියන්නෙ ෆෝන් කට්ටක් ගැන කියලා. යට තියෙන පින්තූරෙත් මරු!

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ තාම හොදටම උණද කොහේද? උණ විකාරෙන් වෙන එවුවා හිතාගෙන අපිට බනිනවා මෙතන..

      Delete
  15. සැක් ..... මේ මලය කියන කතා හැබෑවටම....ෆෝන් එකට පණ දුන්න වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම "හිතක් කතා කරයි" ටැග් එකේ මට ඕන කරන්නෙත් ඒ දේම තමයි රත්නායක අයියේ..

      Delete
  16. කම්මැලියි ඕයි දිග පෝස්ට් කියවන්න

    ReplyDelete
    Replies
    1. අම්මපා, ඉස්සර මගේ දිග කතාත් කියවපු මනුස්සයානේ ඉතින් මේ කම්මැලි කියන්නේ..

      Delete
    2. සිරාවටම දැං ගොසිප් පෝස්ට් එකක් උනත් දිගයි නං කියවන්න මහ කම්මැලියි මලේ

      Delete
    3. “ඕන“ කෑල්ල දැං දියවෙලා ඒකයි..

      Delete
    4. ඕනයා, ගොසිප් නම් ඉතින් මම කෝමත් කියවන්නේ නෑනේ.. කෙටියෙන් ලියන එක තමයි වැඩේ..

      Delete
    5. දේශා, අපි නම් ඉතින් ඔවුවා දන්නේ නෑ..

      Delete
  17. හි හි නියමයි ,මං හිතුවා පටන් ගද්දි අපේ කෙල්ල ගැන කියලා ,, මටත් ඉස්සර අර වගේ තඩි සෙල්ලම් ෆෝන් එකක්

    ReplyDelete
    Replies
    1. එවුව ඉතින් මෙහෙම ලියනවද අපි.. හිතේ තියන් ඉන්නවා මිසක.. ;)

      මටත් එකක් තිබුනද මන්දා.. හරි මතකයක් නෑ.. හැබැයි පස්සේ කාලේ ආච්චි ලග තිබ්බ එකනම් හොදටම මතකයි..

      Delete
  18. පට්ටයි දිග වැඩියි කෙටි කරමු මලයා ඕනයා කියන්නේ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හරි නලීන් අයියේ.. කෙටි ලිපි දෙක තුනක් ලියන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ..

      Delete
  19. හෙනම ගහපිය තොට ..:D අම්මප කියවලා ඉවර වුනාම මල පැන්න ඇඳගත්ත ඇඳ ගනිල්ලට

    ReplyDelete
    Replies
    1. යකඩෝ, ඔහොමත් කියනවද බං මේ කාළගුණ විපර්යාස තියෙන කාලේ..

      Delete
  20. මගෙත් පරණ එක්කෙනා ඔය අලුත් අය වගේ නෙමේ තාම හරි හොඳයි. එයාව නම් මැරෙනකල්ම ලඟ තියාගන්නවා. මම කීවේ එයා මැරෙනකල්. :D

    ReplyDelete
    Replies
    1. හා හා, එහෙනම් පරිස්සම් කරලා තියා ගන්න.. ඔවා හොද මතක වස්තු ඒ හන්දා පරිස්සම් කරලම තියා ගන්න.. මම නම් ඉස්සෙල්ලම මල් කඩපු ෆෝන් එකේ හිටන් අරන් තියාගෙන ඉන්නේ.. ;)

      Delete
  21. මම නම් තාම පාවිච්චි කරන්නේ 2 වෙනියට ගත්ත එක.ඒති පලවෙනි එකත් එදා වගේම වැඩ...

    ReplyDelete
    Replies
    1. මගෙත් වැඩ.. ඒත් වැඩි පාවිච්චියක් නෑ.. සයිඩ් එකේ තියෙනවා..

      Delete
  22. meke anthimata kiyanne phone gena kiyala kiuwth oya eke mul tika harima sanweediwa liyala thiyanawa dinesh aiya.. gud work keep it up... meka kiyawaddi mage jeewitheth mehema wenawa nam kiyala hithuna .. sanweedi satahanak ( multika )

    ReplyDelete
    Replies
    1. මුල් ටික ඉතින් ආදරයක් විදිහට දැනෙන්න තමයි ලිවුවේ.. ඇත්තටම ආදරේකදි වුනත් ඒ දේ විදින්න ඕන කෙනෙක් කැමතියි මම හිතන්නේ..

      Delete
  23. හැකිස් හිකිස්............

    වැඩේ මීටර් උනා මගක් දුරදී...මන් හිතුවේ ලැපට කියලා

    ReplyDelete
    Replies
    1. ඔය බොරු ඔය බොරු..

      Delete
  24. අද ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කලත් මම තවමත් ආසකරන්නෙ මමම අමාරුවෙන් සල්ලි හොයාගෙන ගත්ත මගේ පළවෙනි ජංගම දුරබණුව Ericsson T 28 ට. ඒක සැහැල්ලුයි, සරලයි.

    ReplyDelete
    Replies
    1. අපි කවුරු ලගත් තාම පළවෙනි ෆෝන් එක තියෙනවා වගේ බලාගෙන යද්දී..

      Delete
  25. ඇඟිලි වලින් තද කරනකොට එයා පිට කරන හීන් සද්දේ ?

    ReplyDelete
    Replies
    1. හික්ස්, ඒක ගැන ඕනමද?

      Delete
  26. ලෝන් පව් මෙයා.....

    ReplyDelete
  27. පරණ ඒවා හොදයි තාම බං.ඒ වුනාත් වැඩේ කියන්නේ ඕක තේරෙන්න පරක්කු වෙන එකනේ...:D

    ReplyDelete
    Replies
    1. හික්ස්, අළුත් එකක් ගන්නම ඕන පරණ එකේ අගය දැනෙන්න..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්