Monday, 13 January 2014

රුපියල් විස්සේ පගාව





අහම්බෙන් වගේ අද මේ කියන්න යන කතාව මතක් වුනේ මට මහේෂ් රත්නායක කියන අපේ මිත්‍රයා එයාගේ අවන්හලේ දාලා තිබ්බ මෙන්න මේ පෝස්ට් එක හන්දා.. පොලිස් මාමලාගේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන හැටි ගැන තමයි ඒකෙ ලියලා තිබුනේ.. ලංකාවේ පොලිස් මාමලනේ.. ඉතින් අමුතුවෙන් කියන්න ඕනද?

මම මෙහේ නීතිය අකුරටම පිළිපදින හැටි ගැන ඉතින් බොහොම ඉහත අතීතයේ දවසක ලිපියක් දැම්මා සමහරුනම් කියවන්න ඇතිනේ.. අපි ඉතින් අන්න එහෙමලු වැඩ කරන්නේ.. ඉතුරු හරිය ගැන ඉතින් ආයේ කියන්න ඕන නෑනේ.. මේ සිද්දීය වුනේ මම 2011 ලංකාවට ගිය වෙලේ.. මොන හේතුවක් හන්දද මන්දා මට මේක ඒ කාලේ ලියන්න අමතක වෙලා.. මහේෂ්ට ස්තූති වෙන්න ඔන්න ඒක අවුරුදු 3කට පස්සේ මම ලියනවා..

එදා මම ලංකාවෙන් ආයෙම එන්න කලින් යාළුවෝ සෙට් එක එක්ක සෙට් වුන අන්තිම දවස.. සෙට් වුනා කිවුවට ඉතින් මේ බොන්න නෙමෙයි.. ඔවු උන් බිවුවා.. මම අරන් දුන්නා.. දවස කිවුවට ඉතින් ඒකත් මහ රෑ.. එදා රෑ තමයි රෑ.. අපි සෙට් වුනේ ගෝල්ෆේස්.. හවස ගෙදරින් එලියට පැනපු ගමන් මහ රෑ වෙනකන් පාරේ.. ආයෙම ඉතින් කවදා සෙට් වෙන්න ලැබෙයිද දන්නේ නැති හන්දා එදා ෆුල්ම ෆන් එකක් ගත්තේ..

අපි සෙට් එකේ 5 දෙනෙක් හිටියා මාත් එක්ක.. නම් ගම් ඉතින් අනවශ්‍යයිනේ.. මාව දැන ගත්තම  මදැයි ඉතින්.. එතකොට රෑ 12ත් පැනලා මගේ හිතේ.. නොබොන එවුන්ගේ ඒවත් එක්ක බීලා එකෙක්ට හොද ගනන්.. තව දෙන්නෙක් නෝර්මල්.. මායි තව එකෙකුයි විතරයි දෙයියනේ කියලා හිටියේ.. හවස නඩේ එක්කහු කරන් ආව වහනේ අයිතිකාරයාම තමයි බීලා හොද ගනන් වෙලා හිටියේ..

රෑ වෙච්ච හන්දා මුං ටිකත් යන්තම් නඩත්තු කරන් ගෙදර එන්න ගත්තා.. අරූවනම් අපේ දිහා තියන් පහුවදා හරි යවන්න බැරිය කියලා වෙරි කාරයෝ තුන් දෙනාවම පස්සෙන් දාන් අපි වාහනේට නැග්ගා.. අප්සට් එක කියන්නේ මට ඉතාලි ලයිසම තිබුනට ලංකාවේ එක නැහැනේ.. අනිත් එකාට එහෙමවත් නෑ.. අවුලක් නෑ.. ඉතාලි එක හරි තියෙනවනේ කියලා හිතාගෙන ගෝල් ෆේස් ඉදන් ගෙවල් පැත්තට එන්න ආවා..

කෝම හරි කිරුලපන හරිය පැනලා අපි එද්දී ඉස්සරහින් ඉන්නවා පොලීසිය.. යන හැම වාහනයක්ම වගේ නවත්ටලා යන්තම් ඔළුව දාලා බලනවමයි.. අපි දෙන්නා ඉතින් බීලා හිටියේ නැති වුනාට මොකද ලයිසන් එක නැති අවුල හන්දා ටිකක් හිටියේ අප්සට් එකෙන්.. මොකද ඉතින් අපේ පොලිස් මාමලගේ වැඩ ගැන කියන්න ඕනයැ.. හෙමින් හෙමින් ඉස්සරහට ආව වාහනේ අත දාලා නතර කරලා ඉස්සරහා කණ්නාඩියෙන් ටිකක් විතර මැදිවියේ කොස්තාපල් වගේ නිලයකද කොහෙද අංකල් කෙනෙක් ඇතුලට එබුනා..

අරුන් ටික නිදි මෙලෝ සිහියක් නෑ.. උන්ට ඩෝප් කියලා තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දේකුත් නෙමෙයි ඉන්න විදිහ බැළුවම..

" කොහේ ඉදන්ද එන්නේ?"

" ගෝල්ෆේස්.."

" කොහාටද යන්නේ?"

" හෝමගමට.."

" තමුසෙලා බීලා නේද?"

අරුන් තුන්දෙනාගේ මූණු දිහා බලාගෙන පොලිස් මාමා අපෙන් ඇහුවා.. දැන් හිතේ අපි ඔක්කොම බීලා කියලා..

" නෑ.. බීපු තුන් දෙනා තමයි පස්සේ ඉන්නේ.. අපි දෙන්න බීලා නෑ.."

ඇත්ත්ටම ඉතින් අපි බීලා නැහැනේ.. බැරිවෙලා හරි බැළුම් පුම්බන්න කිවුවා වුනත් අවුලක් නැති හන්දා කෙලින්ම කිවුවා.. එලවන එකා හොද සිහියෙන් ඉදලා අනිත් උන් කරටි කැඩෙන්න බීලා හිටියත් ඉතින් ඒක නිතී කඩ කිරීමක් නෙමෙයිනේ..

ඔය ජර මර අස්සේ වාහනේ අයිති එකාගේ වෙරි නින්ද කැඩිලා ඌ ඇහැරිලා කෑ ගහනවා..

" මොන &%$ යකෝ නවත්තන් කරන්නේ යන්නේ නැතුව.."

" කෑ නොගහා හිටපිය.. පොලීසියෙන් නවත්තන් ඉන්නේ.."

පොලිස් මාමගේ මුණ දිහා බලාගෙන ලාවට හිනාවක් දාන ගමන් උගේ කට වහන්න ට්‍රයි එකක් දුන්නා වැඩේ තව අවුල් වෙන්න කලින්.. ඒත් මූ නෙමෙයි නැවතුනේ..

" අහ්, පොලීසියද.. පොඩ්ඩක් හිටපන්කෝ.."

මූ වෙරි මර ගතේ කලිසම් සාක්කුවට අමාරුවෙන් අත ඔබලා එහෙ මෙහෙ දඟලලා කාරිය අත දික් කරා පොලිස් මාමට.. දැන් නම් ලාවට වගේ අපිටත් හීන් දාඬිය දාගෙන ආවා.. ඇයි මේක මොන පැත්තට කැරකෙයිද දන්නේ නැති හන්දා.. අරූගේ අත පස්සට දාන්න හැදුවට ඒකෙන් වැඩක් වුනෙත් නෑ..

වැඩේ කියන්නේ වැඩි වෙලා නොගෙනම අරූ දික් කරපු එක එහෙමම ගුලි කරලා සාක්කුවට දා ගත්ත පොලිස් මාමා අපිට යන්න කිවුවා.. කියන පරක්කුවට මාත් වාහනේ ස්ටාට් කරන් ආවා.. මම හිතුවෙම වැඩේ අප්සට් ගිහින් දඬ කන්නම වෙයි කියලා.. අපි ටික දුරක් එද්දී අරූ හිනා වෙනවා නවත්තන්නේ නැතුවම.. දැන් අපි දෙන්නටම හෙනම අවුල ඇයි මූ දැන් හිනා වෙන්නේ කියලා..

" මොකෝ උඹ දැන් හිනා වෙන්නේ.. ටිකක් එහා මෙහා වුනානම් හෙන දඬයක් කන්න තිබුනා.."

" ඉතින් ඒකනේ බං මම උඹේ හෙන දඬේ රුපියල් විස්සෙන් බේරුවේ.."

" රුපියල් විස්සෙන්?"

" ඔවු, මම දුන්න රුපියල් විස්ස හන්දනේ අපිට එන්න පුළුවන් වුනේ.."

මම අනිත් එකාගේ මූණ දිහා බැළුවේ මූ කියන කතාව විශ්වාස කරනවද නැද්ද කියලා තිබුන සැකේට..

" අනේ නිකන් හිටපන් බොරු නොකිය.."

" බොරු නෙමෙයි දිනේෂයෝ.. උඹට මතකද අපි බුරියානි කාපු තැන.. එතන බිල 1840නේ ගියේ.. උඹ 2000 දිලා ඉතුරු 100 අතට ගත්තා 60 ටිප් එකට තියලා.. 60 වැඩි කියලා හිතුන හන්දා මම ශේප් එකේ 20 සාක්කුවට දා ගත්තා.. ඒක තමයි ඔය දුන්නේ.."

" කවුද දන්නේ උඹ වෙරි මර ගාතේ උඹේ සල්ලි දුන්නද කියලා.."

" පිස්සුද බං.. මගේ පර්ස් එක ඇති තාම කැබින් එකේ.. බලපං.. ඒ රුපියල් 20 විතරයි මගේ සාක්කුවටම තිබුනේ.."

ඌ ශුවර් නැති හන්දම කැබින් එක බලද්දී ඒකේ උගේ පර්ස් එක තියෙනවා.. ඒ කියන්නේ මේකා කිවුවේ ඇත්ත.. අපි දෙන්නටත් හිනාව නතර කර ගන්න බෑ ඩෝප් වෙලත් මූ කරපු වැඩේ මතක් වෙද්දී.. ඒ ඔක්කොටම වැඩිය හපං.. අර ගුලි කරලා එහෙමම සාක්කුවේ දා ගත්ත එක දිග ඇර්ලා බලපු වෙලාවේ අනිවා අපි සෙට් එකේම හත්මුතු පරම්පරාවම මතක් කරන්න ඇති සෑහෙන්න ආදරෙන්..





103 comments:

  1. යකෝ පව් අර අහිංසකය . . උබල ඔහොම කලාම ඒ මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ . . හිතපල්ලා පොඩ්ඩක් මිනිහෙකුගේ දුක දකින්න , , හෙහෙ හෙහ් එහ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. දඬ කොලේ ලිවුවනම් ඔයිට වැඩිය කොමිස් එකක් හම්බුවෙනවා.. හෙහ්...

      Delete
  2. මේක තනිකර පොලෝසියට කළ අගෞරවයක්.. විස්සට... සික්.. අපි හිතන්නෙවත් නෑ ඒ ගානට..

    ReplyDelete
    Replies
    1. දේශකය අත දිග ඇරල මොනරෙක් දෙන්නෙක් දීල මිසක් යන්නැතුව ඇති ඔය කියන විදිහට :D

      Delete
    2. හිටහල්ල මට විස්තරේ මතක් උනා.. බොලා ට දෙනවා අද හෝ හෙට ඒක...

      Delete
    3. දේශා, හෙහ් මෙයා බලන්නකෝ.. හා හා මතක් වුන කතාව ලියමුකෝ එහෙනම්..

      Delete
    4. සසිදු, මාත් හිතන්නේ දේශා එහෙම තමයි කරන්නේ.. හැබැයි ඉතින් එක ටිකට් එකෙන් තුන් දෙනෙක් බස් එකේ අරන් ගිය මනුස්සයා මෙයා..

      Delete
    5. කිව්වත් වගේ වෙරලුතුමා අරපිරිමැස්ම අතිනුත් අංක එක නේද? :D

      Delete
    6. ආයෙත් අහලා.. දැන් එතකොට නම වෙරලුතුමාද.. හෙහ් හෙහ්..

      Delete
  3. ලොවෙත් නැ ජරා පප්පන්ට ඔහොමමයි කරන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. එවෙලේ මාට්ටු වුනානම් ඉතින් වෙන ලෙඩක්..

      Delete
  4. වේලි වේලි ඉන්න වෙලාවට උන්ට රුපියල් 20 ත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව තමයි.. ඔය සිකරට් එකක් හරි බොන්න නැතැ..

      Delete
  5. යකඩෝ අදහන්න වටින බුවෙක්නෙ. පොලිස් මාමත් ලොකු ගානක් කියලා සන්තෝශෙන් ගන්න ඇති. පවු බොල.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඒකනේ දෙන පරක්කුවෙන් අරන් සාක්කුවෙ දාන් අපිට යන්නත් දුන්නේ..

      Delete
  6. ඔය විදියට ලියුම් කවරයක දාපු යමක් පස්සෙ ඇරල බලපු රාලහාමි කෙනෙකුට තරු පෙනුනලු! දීල තිබුනෙ බුලත් විටක්.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කතාව ලාවට වගේ අහලා තිනවා.. එහෙම බලද්දී අපි හොදයිනේ.. නැද්ද රාජ් අයියේ..

      Delete
  7. මේවා හෙලා දකිනවා... පව් යකෝ ඒ මනුස්පයා :v

    ReplyDelete
    Replies
    1. හා හොදේ.. උඹලා මීට වැඩිය ගානක් දිපන්කෝ එහෙනම්..

      Delete
  8. අරූ වාහනේ නැවැත්තුවාටත් පාඩුයි.
    රුපියල් විස්සක පගාවක්... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. පාඩුයි නේන්නම්.. දඬ කොලේ ලිවුවනම් ඊට හොදයි කියලා හිතෙන්න ඇති..

      Delete
  9. අවසාන වතාවට දවසේ වියදම හොයා ගන්න හිතාගෙන හිටපු අහින්සක යෙක්

    ReplyDelete
    Replies
    1. හැක්, ඒකත් කියන්න බෑ හැබැයි..

      Delete
  10. Replies
    1. දේසේ හැටියට වාසේ......නීතිය හරියට තියෙනවා නම් කවුරුවත් පගා දෙන්නේත් නෑ ගන්නෙත් නෑ....

      පගාවට පුරුදු වෙච්චි සමාජයක පගාව නොදී දඩ කනවයි කියන එක විහිලුවක්...

      Delete
    2. කතන්දර, අහලා තිබ්බට ඉතින් ඕක කවුද කරන්නේ හැබෑටම..

      Delete
    3. පත්තර මල්ලී, කිවුවට අපි අහන එකක්යැ.. නැද්ද මචෝ..

      Delete
    4. මධුරංග, 2009 පෝස්ට් එකක් නේ.. මාත් අදයි බැළුවේ.. පෝස්ට් එකට වඩා කතන්දර තුමාගේ ප්‍රොෆයිල් පික් එකනේ ගති අෆ්ෆා.. කොයි කාලේ ගත්ත එකක්ද දන්නේ නෑ..

      Delete
    5. මයියා, ඒ කතාව ඇත්ත.. සිස්ටම් එක දුවන්නේ ඒ විදිහටනම් අපිත් එහෙම කරන එකේ වරදක් නෑ.. මොකද ඉතින් නීතිගරුක උනා කියලා ඇති වාසියකුත් නැහැනේ අද කාලේ..

      Delete
  11. කතන්දරකාරයට එකත වෙනව වුණත් ඒක හැම තිස්සෙම වලංගු නෑනෙ. මොකද අපි රූල් එකට කරන්න ගියොත් අපේ වැඩේ හබක්... ඒක මේ ආත්මෙ නෙමේ ලබන ආත්මෙ වත් බෑ. ජේ ආර් ගොය්යට පිං සිද්ද වෙන්න විවෘත ආර්තිකෙත් එක්ක ලැබුණ දායාදයක්නෙ ඔය. ඉතිං ඒව ආරස්ස නොකර කෝමෙයි නේ.
    මොනා උනත් දිනේෂ් සහෝ ඒක නං පට්ට වැඩේ තමා
    සාක්කුවෙ තිබුණෙ රුපියල් 20ක් කියල දකිනකොට බුවාගෙ මූණ කොයි වගේ තියෙන්න ඇදුද කියල හිතෙනකොට
    හි හි හී... හය්යො සංසාරෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මම මයියා එක්ක කිවුවෙත් ඒකමයි.. සිස්ටම් එක දුවන විදිහට අපි දුවනවා ඇරෙන්න ඒක හදන්න ගියොත් අපේමයි කාලය නාස්ති වෙන්නේ.. ඒ හන්දා මෙහෙම හොදා..

      බුවා ඊට පස්සෙනම් බලන්නේ නැතුව සාක්කුවේ ඔබා ගන්න නැතුව ඇති මගේ හිතේ.. හෙහ්..

      Delete
    2. ඔව් ඔව් අර කතාවකුත් තියනවනෙ රෑ වලේ දවලුත් වැටෙන්න එපා කියල... ඒක හින්ද මෑන් හැමදාම සල්ලි ගාන බලල දාගන්නව ඇති... නැත්තං මිමිහටමනෙ පාඩු

      Delete
    3. හෙහ්,, කියන්න බෑ ඉතින් ඔය වෙලාවට කලබලේට වරදින්න ඉඩ තියෙනවනේ..

      Delete
  12. මෙහෙම දෙනකොටත් එයාලා ගන්ට පුරුදු වෙනවා නේ. නොදී ඉන්ටයි තිබ්බේ. අර වැඩි වෙච්ච කට්ටිය පොලිසි ගෙනිච්චානම් හොඳයි කියලා හිතුනා වැඩි ඒවා බහින්ටත් එක්ක...:D

    ReplyDelete
    Replies
    1. උයා කියයි.. මට ලයිසමත් නෑ.. මටත් දඬනේ.. නැත්නම් අරුන් බිලා පිටිපස්සේ හිටියා කියලා ඒක කොහෙත්තම වරදක් වෙන්නේ නෑනේ..

      Delete
  13. අපේ පොලිසියෙ ඉන්නව මගෙ බොක්කක්..

    ඌට සල්ලි වැඩක් නෑ. ඌට ඕන රට අරක්කු !!

    මේ පාර ගියාම මට කියනව.
    " මචං මේ කහ ඉරි වල වේලි වේලි මිනිස්සු පාර මාරු කරල,දඩ කොල ලිය ලිය ඉඳල හරියන් නෑ. පාර මැද්දෙදි කොයි වෙලේ හරි යටකරන් යනවා බස් කාරයෙක් .. ඉඩමක් කාමක් උගස් තියල හරි 15 ක් දෙන්නං. අනේ මාවත් ඔහෙට එක්කං පලයං බන් " ලු !!!!

    මොකෑ බං මේවට දෙන උත්තර !!!!!!

    ReplyDelete
    Replies
    1. මාත් ඕක අනන්තවත් අහනවා ලංකාවට ගියාම.. හැමදාම ඉතින් කියලා දෙනවා.. එතකොට අහන් ඉදලා ආයෙම දැක්කම අහන්නේ ඕකම තමයි.. මොනා කරන්නද ඉතින්..

      Delete
  14. හැක් හැක් හැක්! හොද වැඩේ ! හොදම වැඩේ :D

    ReplyDelete
  15. කමක් නෑ. බුලත් විටක් හරි කණ්ඩ ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිතාගමු අපි..

      Delete
  16. උන්ට ඕවා පුරුදුයි....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මීට වඩා දේවල් වෙනවා ඇති..

      Delete
  17. ඩෝප් උනත් මිනිහ හොද කල්පනාවෙන් වැඩේ කරල තියනව ඒ කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඌට ඒ වගේ වෙලාවට හොදට සිහිය තියෙනවා.. ඒකනේ ටිප් එකේ සල්ලිත් ඉස්සුවේ.. ;)

      Delete
  18. ලංකාවේ පොලිසියේ නරක අය 100කට හොද අය 1 ගානේ වෙන්ටෑ ඉන්නේ මයේ හිතේ .......ඔය එදා නවත්තලා තියෙන්නේ ලංකාවේ පොලිසිය නෙවේ මයේ හිතේ එංගලන්තේ පොලිසිය ...මොකද එංගලන්තේ පොලිසිය 20 සේ කොල ගුලි කොරලා ගත්තට චික් ලංකාවේ පොලිසිය එහෙම ගන්නේ නෑ... :

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. හැබැයි ඉතින් මෙවුවා ඉතාලි පොලිසියට කරලා හරියන්නෙත් නෑ.. අනිවා ඇතුලට දානවමයි.. නැත්නම් ලංකාවට පාර්සල් කරයි..

      Delete
  19. අපරාදේ එතන දිග ඇරලා බලන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් වෙනම ලෙඩක්..

      Delete
  20. Replies
    1. හික්ස්.............යස වැඩේ පොලිස් මාමට...

      (ඉස්සෙල්ලා කොමෙන්ටුවක් කොටාගන්ට බැරිව ආපහු ගියා )

      Delete
    2. ඇයි මුකෝ වුනේ.. මම ඒත් කල්පනා කලා මොකෝ කියලා..

      Delete
  21. මගේ මාමන්ඩියත් ඔහොම කරා එක දවසක්..

    මට ලොරි ලයිසොන් නෑ... ඔන්න ක්රෲ කැබ් එකක්.. ඒක බර වාහන නොවැ... මම දැන් පුත්තලමෙ ඉදගෙන ඩ්‍රයිවු කොරගෙන එනවා.... වයික්කාල කිට්ටුවදි ඇල්ලුව... දුන්න ලයිසොන් එක... ගහන්න හැදුව දඩයක්... ගුලි කරල දුන්නා විතරයි... අංකල් දුවල ඇවිල්ල නැග්ග... යමු යමු කිවුව.. මමත් ඇරිය ඇරිල්ලක්... නැවැත්තුවෙ ගෙදරම ඇවිල්ල...

    දීපු ගාන ඇහුවහම කිවුවෙ 20.00

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං කරන්නත් ඕන එක අතකට.. මාට්ටු නොවි පැන ගන්න එක තමයි ආරක්ෂාව.. නැත්නම් වෙන කේසුත් එනවා අනිවාම තමයි..

      Delete
  22. හිටපන් මේ ලියුම යවනවා අල්ලස් එකට පගා දීමේ වරදට.
    තව කොපියක් දානව පොලිස්පතියාට උන්ට කොරෝපු අවමානෙට..:D

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කරන්න බැරි.. අපි ඉතින් යාළුවොනේ..

      Delete
  23. මට හිතුනෙ රිසීට් එකක් හරි වෙන මොකක් හරි කොලයක් දීල කියල :)

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුන එකම හොදයි එක අතකට.. නැත්නම් අර මනුස්සයා පවු..

      Delete
  24. හරිම කුජීතයි! මම ඉන්දියාවේදී නම් රුපියල් 20ක් දීලා බේරිලා තියනවා! ලංකාවේ ට්‍රයි කලේ නෑ! කරලා බලන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ හැටියටනම් රුපියල් 20ත් මහ ගානක් මම හිතන විදිහට.. හා හා ට්‍රයි කරලා බලපංකෝ.. හැබැයි කල්පනාවෙන්..

      Delete
  25. බොලාට කිවිසුම් ගියේ නැද්ද? ඊට පස්සේ අහුවෙච්ච උන්ට රිටන් එක දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අපිට නම් නෑ.. ඒත් පවුල් වල කට්ටියට කෝමද කියන්න දන්නේ නෑ.. ඕක ඒ මනුස්සයා බලන්න ඇත්තෙත් මම හිතන්නේ ගෙදරත් ගියාට පස්සේ වෙන්න ඇති..

      Delete
  26. ඔන්න බලපන් වෙරි එකාට තිබුණ සිහිකල්පනාව උඹට නොතිබ්බ හැටි.. :D

    ReplyDelete
    Replies
    1. අපි අහිංසක හොද ළමයිනේ බං.. ;)

      Delete
  27. මේ කතා හරි කම්මැලියි අයියා. ඔයා කලින් ලිව්ව වගෙ ලව්ස්ටෝරිස් ලියන්නකෝ. මම හරිම ආසාවෙන් ඒව කියෙව්වෙ අයියා.

    ReplyDelete
    Replies
    1. කවුද මේ නුවන්.. ලවු ස්ටෝරි නේද? ලියනවා ලියනවා.. ඇත්තම කිවුවොත් මේ එකක් ලියමින් ඉන්නේ.. ඉවර වුනාම දෙන්නම්..

      Delete
  28. දැං ඒ යක්කුන්ට ඉන්ඩ කියලා තියෙන්නේ ඔය සීසීටීවී කැමරා තියෙන තැංවලනේ.එතකොට පගා ගහන්ඩ බෑලු.පව්!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ඉතින් පගා වැඩේ නවත්තන්නම තමයි.. ඇත්ත කීයක් හරි හොයන්න තිබ්බ චෑන්ස් එකනේ..

      Delete
  29. අපේ සෙට් එකෙත් හිටියා ඔය විදියම ඩයල් එකක් ස්වීප් ටිකට් ටිකකුයි රුපියල් 10ක් හෝ 20ක් දීල ශේප් වෙච්ච.

    ReplyDelete
    Replies
    1. අඩේ ස්වීප් ටිකට් කෝමද බං දුන්නේ??

      Delete
  30. ඉතාලි ලයිසන් එක ලංකාවේ ලයිසන් එකට කන්වර්ට් කරනවා 3500 යන්නේ බන් දවසින් දෙනවා අනික,බයික් දෙන්නේ නම් නෑ සැහැල්ලු දෙනවා...

    ReplyDelete
    Replies
    1. අහ්, ඒ ගැනනම් මම දැනන් හිටියේ නෑ මචං.. තෑන්ක්ස් ඒ ගැන දැනුවත් කලාට.. ඊලග පාර ගියාම කරන්න ඕන..

      Delete
  31. ඕකුන්ට සතයක් දෙන්න වටින්නේ නැහැ බං..මොන කරන්නද වෙලාවෙ හැටියට දෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. මොකෝ නිකන් සෑහෙන මල පැනපු ස්වරයකින්.. කරන්න දෙයක් නෑ බං.. සිස්ටම් එකනේ..

      Delete
  32. ඒ පොලිස් මාමට ආයෙම අහු වුනා නම් බොලාට මිනිහට බුරියානි කවන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. එතනින් විතරක් ශේප් වුනොත් ඇති සිරා අයියේ...

      Delete
  33. විස්සට සාය පාත්කරන්නවත් බැහැ මල්ලී කියලා කිව්වාලු....කවුද....කාටද කියලා මතක නැහැ. ගොඩාක් ඉස්සර මගේ යාළුවෙක් කිව්වේ.:D

    ReplyDelete
    Replies
    1. http://atw-cmb.blogspot.com/2012/11/50.html

      Delete
    2. @ දේශා.....උඹේ මී වදයට දුම් ටිකක් ගහලා ආවා:

      Delete
    3. අරූ, ඒ කතාවත් ඇත්ත.. හැබැයි ඉතින් ඒකත් මේ වගේ නොපෙන්නා දුන්නොත් නම් පාත් කරයි..

      Delete
    4. දේශා, මට කියවන්න බැරි වුන පෝස්ට් එකක්නේ..

      Delete
  34. //ඔවු උන් බිවුවා.. මම අරන් දුන්නා..//
    හා හොඳේ.... මේක දැක්ක ගමන් ආවෙ කමෙන්ටු පෙට්ටිය හොයාන. දැන් යන්ටෝනැ ඉතුරු ටික කියවන්න.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මොකෝ දන්නේ නෑ හදිස්සිය.. ඉතින් ඇත්තනේ මම කිවුවේ..

      Delete
  35. ෆට්ට සීන් එක. ඔය වගේ පොලිස් කාරයොන්ට හොඳ වැඩේ ජරාව කනවට.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් ලොක්කෝ කුට්ටි පිටින් හොදට කද්දී පොඩ්ඩන්ට කන්න වෙන්නේ මෙහෙම හොරෙන් තමයි.. හැබැයි ඉතින් අපේ එකා කරපු වැඩේ තමයි වැඩේ..

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. වැරදි කමෙන්ට් එක මෙතන ඇලවුනානේ දිනේෂ්.

    මම කිව්වේ මම නම් කවදාවත් පොලිසියට ජරාවක් දෙන්න උත්සාහ කරලා නෑ කියලයි. මම ඔය වගේම කතාවක් තවත් බ්ලොග් එකක කියවලා තියෙනවා දැන් මතක නෑ. ඒ කියන්නේ මේක හුදකලා සිද්ධියක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ජරවා දීම මාත් අනුමත කරන්නේ නම් නෑ අයියේ.. අරූ නැගිටලා දුන්නේ නැත්නම් මම කියටවත් දෙන්න යන්නේ නෑ.. සමහර විට මට ලංකාවේ ලයිසන් එක නැති හන්දා දඬ කන්න වෙන්නත් තිබුනා..

      Delete
  38. හපොයි වෙලා තියෙන වැඩේ...මදැයි පගාව කන්න ගිහින්...

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා මදැයි දිනිති අක්කේ..

      Delete
  39. ඔය වැඩේ කරන්න පහසු රෑට නැත්නම් පාන්දර ගමන් බිමන් යනකොට ඒත් දැන්නම් ඒ අය දන්නවා මොකාටද එන්න හදන්නෙ කියලා. මොනව වුනත් හොඳ අතිත මතකයක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රත්නායක අයියේ.. දවල්ට ඕවා කරනවා බොරු.. ඒත් හැබැයි දැන් අළුත් 500 කොලෙයි 20 කොලෙයි එක වගේ හන්දා කර ගන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  40. වෙලා තියෙන්නේ මේකයි. බිල් 1840 නෙවෙයි 1480 යි. ඉතිරි 520 යි. අපේ යාලුවා 500 කොලේ සාක්කුවට දාගෙන තියෙන්නේ. 20 යි කියලා කතාවකුත් ගොතල කිව්වේ මිනිහා උස්සපු පන්සීය මාට්ටු වෙන නිසා. ඇයි ඉතින් පන්සීයයි විස්සයි අඳුනන්න බෑනේ. ඕවට තමයි කියන්නේ ලෝභයාගේ දේ කූඹියා කනවා කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සුදීක අයියේ.. බිල ගැනනම් මට ශුවර්.. මොකද ඒක මමනේ ගෙවුවේ.. හැබැයි ඉතින් උගේ වැඩ වල හැටියට බිල මම නෙමෙයි නම් ගෙවුවේ මම ඔය කතාව විශ්වාස කරනවා.. මොකෝ ඌ ඒ වගේ වැඩ කරනවා..

      Delete
  41. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කෙටි කතානම් ඉතින් කෝමත් ලියවෙනවා..ඊලග එකත් මේ ලියාගෙනනේ යන්නේ.. ඒත් එරිකෝ ගැන ආයෙම හිතන්න ඕනනේ.. බලමුකෝ..

      Delete
  42. Lesiyen goda da gaththa eka hodai.

    ReplyDelete
  43. පව් අෆ්ෆා පොලිස් අන්කල් :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්