Friday, 10 January 2014

හරියට ඩයට් කරන්නේ මෙන්න මෙහෙමයි



පහුගිය නත්තලට හොස්පිට්ල් ඉදලා ගෙදර ඇවිත් ටිකක් නිදහසේ කාරිය ඉදලා බුකි ගත වෙලා ඉද්දි මගේ එක යාළුවෙක් ආවා පොඩි චැට් එකකට.. ඒකා ඉතින් මගේ බ්ලොග් නොබලන හන්දා මම අසනීපෙන් බව එහෙම දන්නේ නෑ.. මම ඉතින් කියන්න ගියෙත් නෑ.. නිකන් මොකටද ඕවා කියන්න යන්නේ කියලා.. හුඟ කාලෙකින් සෙට් වුන හන්දා ඉතින් ආගිය තොරතුරු හැම එකක්ම වගේ කියව කියව හිටියා.. මොකද මටත් වෙනදා වගේ වැඩට යන්න පරක්කු වෙනවා කියලයි..  ඔහොම කතා කරද්දී මේකා හදිස්සියෙම මගෙන් මරු ප්‍රශ්ණයක් ඇහුවා..

" මචං දිනේෂ්, මට ටිකක් ඇඟ අඩු කර ගන්න ඕන.. මොකද කරන්නේ කියපංකෝ.. මම දැන් දැන් රෑට කන්නෙත් නෑ.."

" රෑට නොකා ඉන්න එපා බොල.. ඩයට් කරනවනම් දවසට පස් පාරක්වත් හරියට කන්න ඕන.."

මේකා ඔය දැන් අලූතින් බුකියේ චැට් වලට දීලා තියෙන ස්මයිලි ෆේස් එකක් එහෙම එවලා මට කිණ්ඩිය දැම්මා..

" අනේ මේ නිකන් ඉදපං බං.. උබෙන් ඇහුවට වැඩිය හොදයි නිකන් හිටියනම්.."

" ඇත්ත යකෝ කියන්නේ.. ඩයට් කරනවනම් හරි සිස්ටම් එකකට දවසට පස් පාරක් කන්න ඕන.."

මම කොච්චර කිවුවත් මේකා පිළිගන්න ලෑස්ත්තියක් නෑ.. පස්සේ වැඩි වෙලා නොඉදම මේකා යනවා කියලා යන්නත් ගියා.. දැන් මට වැඩේට අප්සට්.. මොකද මම කියන දේ පිළි නොගත්තා වුනත් ඌ මගෙන් දෙයක් අහපු වෙලාවේ මම ඒකව ජෝක් එකට ගත්තා කියලා ඌ හිතනවා ඇති.. ඊටත් වැඩිය මම හොදාකාරවම දන්න දේ කාට හරි තේරුම් යන විදිහට ඒත්තු ගන්නලා දෙන්න බැරි උනාම මට ඉතින් පට්ටම මල..

ඕක හිතේ තියන් හිටිය වෙලාවක අපේ ලොක්කා කතා කලාම මම උගෙන් ඇහුවා හෙමීට මේ ගැන.. මම කියපු මම දන්න ටිකම ඌත් කියනවා මිසක හරියට දෙයක් කියන්නේ නෑ.. එහෙම ඉතින් මට වැඩක් තියෙනවයි.. මට ඕන හරියට ඔප්පු කරන්න පුළුවන් දෙයක්..  ඔය අස්සේ ඉතින් හොස්පිටල් පැත්තෙත් බඩ ගන්න වුන හන්දා මගේ වැඩ කෙරෙනකන් ඉන්න අස්සේ මම ඩොකා එක්ක පොඩි චැටක් දැම්මා..

හොස්පිටල් එකේ නම් ඒවට උපදෙස් ගන්න ඩොකාලා ඉන්නවා.. හැබැයි චැනල් කරලා යන්න ඕන.. මට මේ තියෙන වැඩත් මදිවට උන්ව චැනල් කරලා ගිහින් ඕක අහන් එන්න පුළුවන්ද.. හැබැයි ඉතින් එහෙම කිවුවට මොකෝ ඒකට සල්ලි යන වැඩක් නෙමෙයි නම් මම අනිවා යනවා.. හෙහ්.. මාව බලපු ඩොකා අපේ ලොක්කගේ හොද යාළුවෙක්.. නිතරම ෆාමසි එහෙම එන හන්දා මාවත් ලාවට වගේ දන්නවා.. මම ඉතින් පොඩ්ඩක් ශේප් එකේ කියලා බැලුවා.. මට ඕන පොඩි විස්තර ටිකක් දැන ගන්න විතරයි.. උඹට බැරිද හොයලා කියන්න කියලා.. හරි පොඩි ට්‍රයි එකක් දිලා බලන්නම් කියලා මිනිහත් මට කිවුවා..

ඊට පස්සේ සැරේ ගිහින් අහද්දීත් වැඩේ නම් කෙරිලා තිබුනේ නෑ.. මාත් ඉතින් අර ශ්‍රෙක් එකේ පූසා වගේ මූණ හදාගෙන ආයෙම පාරක් කියලා බැළුවා.. ඒ පාර නම් වැඩේ යාන්තම් හරි.. ඩොකා හම්බුවෙන එකේ මට වැඩක් නැති හන්දා මේ ඩොකාම ඒකගෙන් විස්තර යන්තම් අහන් උපදෙස් මාලාවක් තියෙන කොලේකුත් අරන් ඇවිත් තිබුනා.. ඒ හන්දා වැඩේ ලේසියි..

කෑම්බීම් කියලා ලේබලයක් ගහන් වැඩේ පටන් ගත්තට මොකද හැමදාම උයලම හරි යන්නේ නෑ.. මේවත් කියලා දෙන්න ඕන.. ඔන්න ඒ හන්දා අද කෑමබීම වලින් ඩයට් කරන හැටි කියලා දෙන්නම් හොදේ.. දැන් මේකෙන් මම අර මනුස්සයට දෙන්න ගිය උපදෙස හරි බවත් පැහැදිළි වෙනවා.. හරි ඔන්න එහෙනම් මෙහෙමයි කන්න ඕන පිළිවෙල

උදේ ආහාරය :

නැවුම් පළතුරු හෝ පළතුරු යුෂ හෝ ( පළතුරු වර්ග කීපයක් වුනත් කමක් නෑ ) උයාගත් පළතුරු ( ඔය පෙයාස් ඇපල් වගේ ඒවා තම්බලා කනවා කියලා දන්නවා ඇතිනේ ) සමග ආයුර්වේද තේ වර්ගයක් එහෙමත් නැත්නම් සිනී නැති කෝපි එකක් ( මෙතන කෝපි නම් ඉතින් ඉතාලි ක්‍රමයට තමයි )



උදේ ආහාරයත් දහවල් ආහාරයත් අතර තුර :

පැඟිරි වර්ගට අයත් බ්මක් හෝ ඕනෑම පළතුරු බීමක්..



දහවල් ආහාරය :

කුකුල් මස්,  හරක් මස්, ඌරු මස්, බැටළු මස්, කළුකුම් මස්, හා මස්, බිත්තර  වලින් එක් දෙයක් සමග තම්බාගත් එළවළු සහ සළාදයක්..



සවස ආහාරය :

උදේ කෑමත් දවල් කෑමත් අතර වෙලාවේ ගත් ආහාරයට සමානම ආහාරයක් මේ වෙලාවත් ගත්තට කමක් නැත..



රාත්‍රී ආහාරය :



1 ක්‍රමය - පාස්තා, බත් හෝ පීසා සමග එළවළු

2 ක්‍රමය - තම්බාගත් එළවළු හෝ එළවළු සුප් එකක්

3 ක්‍රමය - තම්බාගත් හතු හෝ අල සමග තම්බාගත් එළවළු..



ලුණු, දෙහි, විනාකිරි, සෝයා සෝස්, සුප් කැට, ඔලිව් වගේ කුළුබඩු උයද්දී යොදා ගත්තට  ප්‍රශ්ණයක් නැත..



වැදගත් කරුණු  :



දවසින් දවස ඉහත කෑම විදි වෙනස් කරමින් ආහාරයට ගන්න මතක තබා ගන්න..

සතියට 1-2 වතාවක් කෑමට තෙල් එක්කලාට කමක් නැත..

තව ඉතින් යටින් තව සුට්ටන් ව්‍යායාම වගයක් තියෙනවා.. ඒවානම් ඉතින් ඔය කට්ටියට හිතලා කරන්න බැරියැ.. ඔන්න එහෙනම් ඔහොමලු ඈ ඩයට් කරන්නේ.. විශ්වාස කරන්න බෑ වගේ කියලා හිතෙනවනම් මෙන්න ඒ කොලේ පින්තූරයක් තියෙනවා යටින්ම.. ට්‍රාන්ස්ලේට් පාරක් දාලා සැකය දුරු කර ගන්න පුළුවනි.. ඩොකාගේ සීල් එකත් තියෙනවා උඩින්ම..



ඇඟ අඩු කරන්න කියලා හිතාගෙන රෑට නොකා ඉන්න එක තමයි ලොකුම වරද.. දැන් එහෙම නෑ කියලා පොඩි හරි විශ්වාසයක් තියෙන කෙනෙක් මේක ට්‍රයි කලාට වරදක් නැත.. හැබැයි ඉතින් මෙහේ නම් ඇඟ අඩු කරන්න ඕන කෙනෙක් ඩොකා ලගට ගියාම ඒ කෙනාගේ ලේ එහෙම චෙක් කරලා එහෙම තමයි වැඩේට බහින්නේ.. මොනා හරි ලෙඩක් එහෙම තියෙනවනම් මේ ක්‍රමවේදය පොඩ්ඩ්ක් විතර වෙනස් වෙන හන්දා ඒ ගැන ඩොකාගේ උපදෙස් පිළිපැදීම අනිවාර්‍යම වෙනවා..

දැන් මේක මම දන්න කාරණා වලින් ලියන්න පුළුවන් කම තිබ්බත් අර යාළුවා වගේ කට්ටිය විශ්වාස නොකරන හන්දා ඔන්න සාක්ෂි ඇතුවම ලිවුවා.. එහෙනම් මම ගියා..

Buon Appetito                  

78 comments:

  1. අයියෝ ඔය දවසට පස් පාරක් කන වැඩේ කරන්න බෑ අප්ප.. ඉස්සර බත් එක කන්න ගත්තම පැය දෙකක් වත් කනව.. දැං විනාඩි දෙකට තුනට බත් පිඟානම ගිලිනව.. ඉතිං බඩ එන එක අහන්න දෙයක් යැ... ඒ විදියට පස් පාරක් කෑවොත් හොඳට හිටී.... හි හි...

    ( මාත් දැං බත් අතෑරලා පළතුරු එළවලු වලටම බැහැලා ඉන්නෙ.. වෙන කරන්න දේකුත් නෑ ඉතිං... ගෙදර ඉන්නකං කන එකමනෙ කරන්නෙ... රටකජුයි චොකලටුයි තමයි තාම අතාරින්න හිත හදාගන්න බැරි... හි හි)

    ReplyDelete
    Replies
    1. රටකජුයි චොකලටුයි කෑවම මහත් වෙනෝ නම් ඉතින් අම්ම දැන් ඉන්න ඕන සූමෝ කාරයෙක් වගේ.. ඒක ඉතින් හැමෝටම හරි යන්නේ නෑ.. විනාඩියට දෙකට ගිල්ලම ඇගට අල්ලන්නේ නෑ.. නිදහසේ කන්න ඕන.. එතකොට තමයි හරියට ඇඟට අල්ලන්නේ..

      Delete
  2. බලමු බලන්ඩ මේකවත් හරි යයිද කියලා..... ;)(ඒක නෙවේ ඩයට් කියලා නොකා නොබී හිටියම බඩට උනන හුලං ප්‍රමාණයේ මහිමයෙන් සිංදු කියන්න පුලුවන්ලු. කිව්වේ @ පාරේ යන විරුදු කාරයෙක්) :p

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඉතාලො විරිදු කාරයෙක්ද දන්න්නේ නෑ.. ඒ හුලං වලින් ඉතින් සිංදු නෙමෙයි, නෑ එක්කෝ ඕනි නෑ..

      කරලා බලන්ඩ.. බලලා අපිටත් කියන්ඩ.. ;)

      Delete
  3. ඔන්න මට නං ඩයට් කොරන්න ඕන නෑ... මොකෝ අපි සීත කිමරේ පුටු රත් කරනව කියලැයි. දෑතෙ මාන්සියෙන් කීයක් හරි හොයාගන්නව මිස. එතකොට ඉතිං කියන්ඩ ඕන නෑනෙ. ව්‍යායාම ඔටෝම වෙනවලු ඈ.
    අනිත් එක මං කෝමත් වෙජා හිංද ඔය දවල් ඩයට් එක ඇරෙන්න අනෙත් ඒව නං එකෙන්ම ඈ.
    කෝමත් ඔය අපේ දිනේෂ් කොලුවගෙ බ්ලොග කියවන ඇන්ටි කෙනෙක් ඉන්නව නං කොරල බලන්න හෙන පෙතිපල දායක වෙයි. මොකද සමහර ඇන්ටිල ඉන්නව ටයර් 4ක් 5ක් ඉන වටේ ඔතං ඉන්නෙ
    හෙහ් හෙහ්.....

    ReplyDelete
    Replies
    1. මේක කියවන ඇන්ටිලා.. හෙහ් හෙහ්.. උඹ ඔය මේකේ ඉන්න අක්කලා නංගිලා තරහා කර ගන්න හදන වැඩක් ඔය.. පස්සේ අපිට කියන්න එපා බැනුම් අහලා..

      මටනම් දවල් රෑ හොදට අඹරන්න පුළුවන්.. උදේ තමයි ඉතින් අවුල.. ඒකත් දැන් නම් කෙරෙනවා බැනුම් අහන්න බැරි හන්දා.. ඒකද මන්දා කොළුවා දැන් ටිකක් මහත් වෙලා ඉන්නේ.. අපිත් සීතලේ හිටියට පුටුනම් රත් වෙන්නේ නෑ නේ..

      Delete
  4. ඔය ටයිම් වලට ඔය විදියට කනවා කියන්නේ මරන්න වගේ වැඩක්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මොකෝ ඔය ටයිම් එකට ඕන වෙලාවට බඩට බඬගිණි එන එකක් කියලයැ...

      Delete
  5. මු හදන්නේ අපි බත් ගිලින එක නවත්වන්න. මමත් ඔය බත් අඩු කරලා එළවලු තම්බපුවා කන්න ගියා. ඇඟට පණ නැහැ. නිදිමත වෙනවා. ඊට වඩා හොඳයි බඩ පිරෙන්න කාලා, හැමදාම ව්‍යායාම කරන එක

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ බොල.. බත් එපා කරවන්න මේ හදන්නේ..

      එළවළු කාලා මට හරි යන්නේ නෑ.. නින්ද යන්නෙම නෑ..

      Delete
  6. මට නං කෙට්ටු වෙන්ඩ ඕන නෑ.. බඩ ටිකක් අඩු කර ගත්තා නං ශේප් !
    පස් වතාවක් කිව්වම ඌ නිකං දෙයියන්ගේ හාල් කැවිලා වාගේ බලාගෙන ඉන්ඩ ඇති නෙහ්. :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඒකනේ මේ සාක්කි එක්කම ලිවුවේ.. නැත්නම් ලියන්න හිටිය එකක්යැ මේක ගැන..

      බඳින්නත් ඉන්න එකේ දැන්මම බඩ අඩු කර ගත්තනම් හොදයි තමයි මධු අයියේ.. ;)

      Delete
  7. කොහොමත් දැනටනම් පස් වතාවක් කනවා මචං. හැබැයි මේ කියන විදිහට නෙවෙයි කොතගහලා ...හික් හික්...

    ReplyDelete
    Replies
    1. පෙරේතයා.....හු..හු....ගෙම්බා


      Delete
    2. ඉවාන්, හෙහ් ඔය විදිහටම අල්ලගෙන යමු.. ටික දවසකින් ප්‍රතිඵල තියේවි.. :D

      Delete
    3. ශානු අක්කේ, එහෙම කියන්ඩ එපා ඈ..

      Delete
  8. හනෙ අප්පේ ඩයට් කරන එක ඔයි තරම් අමාරුද බන්. ඊට වඩා හොදා මේ ඉන්න විදියට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං.. එවුවා ඉතින් එහෙම තමයි.. හැබැයි ඉතින් ලෙඩක් නැත්නම් මහත හරි කෙට්ටු හරි ඕන එකක් බං..

      Delete
  9. ///" ඇත්ත යකෝ කියන්නේ.. ඩයට් කරනවනම් හරි සිස්ටම් එකකට දවසට පස් පාරක් කන්න ඕන.."/// මේ කොටසනම් නියමයි හැබැයි ඉතින් 5 පාරම හොද සයිස් එකෙන් හි හි ..තැන්කු මේක අපි වෙනුවෙන් ලීවට ඒත් තනියම ඉද්දි මොනා කරන්නද මොනාම හරි කනවා හැම තිස්සෙම .. ගෙදර එනකල් මටනම් කවදාව්ටැහැ ඕක කරන්න වෙන්නේ නැහැ දිනේෂ් ,, දුක තමා ඉදගෙන ;(

    ReplyDelete
    Replies
    1. නිකං යයි බතලි කියන්නේ .....!

      Delete
    2. ;( :( :( :( හෙලාදකිමි ඉදගෙන ;( ;(

      Delete
    3. අපූර්වි, දැන් බැරිනම් ඉතින් පස්සේ කෝමත්ම බෑ තමා.. පවුලක් පන්සලක් වුනාම කෝමත් බෑ.. ඒ හන්දා ඔය තනියම ඉන්න එකේ කර ගන්න දෙයක් කර ගත්තනම් හරි.. සිරාවට කියන්නේ ඈ..

      Delete
    4. ඉවාන්, එතකොට මෙයා බතලිද? දැන ගත්ත එක ගැන සතුටුයි.. හෙහ් හෙහ්..

      Delete
    5. බොරු දිනේෂ් මං ස්ලිම් එකට ඉන්නේ මේම මේම :)

      Delete
    6. හෑ ඈ.. දැන් මේම මේම කිවුවම ඉතින් අපිට හිතා ගන්න පුළුවන්..

      Delete
  10. මෙච්චර කිව්වත් විස්වාස නෑ වගේ මට නං. (නෑ නෑ කතාව ඇත්ත, මාත් ඕක දැක්ක කොහේදි හරි). අර සැහැල්ලු ආහාරයක් ගන්න කිව්වම ඉඳිආප්ප 15යි පාන් භාගයයි බත් කෝප්පයයි කෑව වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, මාත් අහලා තියෙනවා ඒ කතාව නම්.. කොහේද කියලා තමයි හරි හැටි මතක නැත්තේ..

      Delete
  11. මූව උල තියන්න එපැයි. දැන් පස් පාරක් කනකොට කෝ කෑමේ ප්‍රමාණ ටික. නැත්නම් ඔයිටත් අව්ඩා හොඳ ඩයටින් ප්ලෑන් එකක මාත් ඉන්නේ. ඒත් කවදාවත් කෙට්ටු වෙන්නේ නෑ. හේතුව ඉතින් අමාරු නෑ නේ හිතාගන්න. කන ප්‍රමාණය අඩුකරගන්න බැරි එකයි ව්‍යායාම් අඩු එකයි.

    හොඳ ඩයට් ප්ලෑන් එකකට පර්සනල් කන්සල්ටේසන් එකක් අවසශ්‍යමයි දිනේස්. අනික ඔය කෑමේ සීමාවල් නම් අපිට හරියට කරගන්න බොහොම අමාරුයි. නැත්නම් එලවළු යි පලතුරුයි කන මම අලියෙක්ම වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම් රංගි අක්කේ.. ඔය කිවුවම මතක් වුනේ.. මේකේ ප්‍රමාණයන් ගැන නෑ නේන්නම්.. හරි ඒකෙන් අවුලක් නෑ.. ඉතාලි ඉන්න කෙනෙක්ම මේක ඩයටින් ප්ලෑන් එකක් කියලා තහවුරු කරපු එක හොදයි.. නැත්නම් මේකලා මාව බොරු කාරයෝ කරනවනේ ඉදගෙන..

      අනිවා.. ඕවා හරියට හොයලා බලලා බැනලා වෙලාවට කන්න දෙන්න කෙනෙක් ඉන්නම ඕන.. නැත්නම් කීයටවත් වෙන්නේ නෑ තමයි.. තනියම ඉතින් අපි කොච්චර හිතුවත් බඩජහරි කම ආවම අරවා මතක නෑනේ.. මාත් එහෙමම තමයි..

      Delete
  12. මේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එකට කරන්න දෙයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන පස් පාරම බත්ම කෑවානම් හරි. :D

      Delete
    2. හරියයිද පොඩ්ඩියේ?

      Delete
    3. පූමා, කාලා අනිත් පැත්තට නිදා ගනින්.. වෙන කිසිම දෙයක් කරන්න එපා.. වැඩිය කැලරි පුච්චන්න එපා.. හිතේ ප්‍රශ්ණ තියා ගන්න එපා.. දැන්ම කෙල්ලෙක් සෙට් කර ගන්න එපා.. ඔය ටික කරපං මාස තුනෙන් හම පැහැපත් වෙලා මහත් වෙලා ඒවි.. :P

      Delete
    4. පොඩ්ඩි අක්කේ, බත්ම කලා මදි අනේ.. බේකන් චීස් බටර් කන්නම ඕන.. තෙල් දාලා දිළිසෙන ඇඟක් ඒවි..

      Delete
  13. මෙහෙම කෑවොත් පොඩ්ඩි නම් හුලඟට ගහගෙන යයි. :)

    ReplyDelete
    Replies
    1. ඔයා දැන්ම එපා පොඩ්ඩි අක්කේ.. ඔයාට තව ටික කාලෙකින් වෛද්‍ය උපදෙස් අනුව කෑම ගන්න කාලේ ඒවිනේ.. අපි එතකොට බලමු හොදේ.. ;)

      Delete
  14. සවස ආහාරය විදිහට පැඟිරි වර්ගට අයත් බීමක් හෝ ඕනෑම පළතුරු බීමක් බීල නම් මට හරියන්නෙ නෑ. මොනවා නැත්තත් හවස තේ එක නම් මට ඕනෙමයි. :) අනිත් එක මට ඔය ඩයට් කරනව කියන එක කරන්නම බෑනෙ. මම කැමති කෑමක් තියෙනව නම් මම කනවා. විශේෂයෙන් පැණි රස කෑම.

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් අල බොලේ වගේ මහත් වෙලා ආපුවම තේරෙයි

      Delete
    2. එහෙම වෙන්නේ නෑ....හරිද :P

      Delete
    3. චම්ස්, එහෙනම් ඉතින් හරි යන්නේ නෑ.. මේ ලමයට මේ උපදෙස් හරි යන්නේ නෑ..

      Delete
    4. යක්ෂයා, ඔය කිවුවට දැනටමත් එහෙමද කියලා අපි දන්නේ නැහැනේ බං..

      Delete
  15. අතරමැද උණත් අපි නම් ඔහේ බිත්තර රොටියක්, රෝල් එකක් වගේ දෙයක් කනවා ප්ලේන්ටියක් එක්ක. දැම්ම මේ ඩයට් කිරිල්ල හරියන්නේ නෑ. පස්සේ බලමු

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, බිත්තර රොටි දෙකක්, රෝල්ස් දෙක තුනක් එක්ක මාත් ඩයට් කරා හැමදාම හවසට ලංකාවේ ඉන්න කාලේ.. මේ දැන් පේනවනේ ප්‍රතිඵල..

      Delete
  16. ශරීරය වෙහෙසන්නෙ නැති අයටනම් මේ ක්‍රමය හොඳයි. ඒත් ලංකාව වගේ රටක ඔය මෙනු එක පාචිච්චි කලොත් මාසයක් ආදායම් බදු ගෙවන්නට සිද්දවෙනවා අනිවාර්යයෙන්ම. මොකද කැම වේල දිහා බලපුවාම කියන්න පුළුවන් හොද ආදායමක් තියෙනවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රත්නායක අයියේ.. අනික ඉතින් මේකට 2500ක් මදි වෙන්නත් පුළුවන්.. ඒ හන්දා ලංකාවට මේක හරි යන්නේ නෑම තමයි..

      Delete
  17. මමත් බඩ පොඩ්ඩක් අඩු කරගන්න නොකා හිටිය බං ටික දවසක්.ඉන්නම බැහැ.බඩ අඩු වෙන්නෙත් නැහැ.බැරිම තැන ආයෙත් හොද නැකතක් එහෙම බලල වැඩ ඇල්ලුව..

    ReplyDelete
    Replies
    1. නැකතේ සුභ කමට උඹට දැන් බිම බැළුවම පොළව පේන්නේ නෑ වගේ ගතියක් එනවනම් ටිකක් පරිස්සමින් හැබැයි.. :P

      Delete
  18. මාත් දවසට පස් පාරක් කනව! :D

    ඔබතුමා දැං සුවෙන් නෙ! :)

    ReplyDelete
    Replies
    1. මං නම් 4 පාරයි.. වැඩිය කන්නෙම නෑ..

      සුවෙන් සුවෙන්.. ඒකනේ මේ ආයෙම පිස්සු ලියන්නේ.. ඔබතුමා කියන්න එපා බොල.. වෙන ඕන එකක් කියපං..

      Delete
  19. අඩු කරගන්න නම් තම ප්‍රශ්නයක් නැ සහෝ මහත් වෙන්න ආහාර වට්ටෝරුවක් ගැන ලියපන්කො ලිපියක්...එදිනෙද හොයාගන්න පුළුවන් කෑම වලින් ටිකක් ඉක්මනට වැඩකරන එකක්..කොච්චර කෑවත් ඇගට අල්ලන්නේ නැ නෙහ්...මම සාමානයෙන් වෙල් 6ක් විටර කනවා...හැබැයි මහ ගොඩ ගොඩ නෙමෙයි ටික ටික..මගේ බඩ ඉක්මනින් පිරෙනවා :D

    ReplyDelete
    Replies
    1. උඹේ බඩ එහෙනම් හරි පොඩියිනේ බං.. එහෙම හරි යන්නේ නෑ.. ඔය සිස්ටම් එක හොදයි.. හැබැයි වැඩියෙන් කාපං.. එතකොට හරියයි.. පොඩ්ඩක් හිටින් බලන්න.. ආයේ ඩොකා ගාවට ගියාම ඒකටත් මේ වගේ ප්ලෑන් එකක් තියෙද බලලා ලියලා දන්නම්..

      Delete
  20. කොච්චර කෑවත් මහත් වෙන්නෑ වගේම කොච්චර නොකා හිටියත් කෙට්ටුවෙන්නැති ඩයලුත් ඉන්නවා..

    මගෙත් දැං ඇඟ ඌර වගේ මහත් වෙලා.. ව්‍යායාමයක් නැති හින්ද වෙන්න්න ඇති.. :(

    ReplyDelete
    Replies
    1. නිකමට අපේ පැත්තට ඔළුව දාහං.. මන්දක් දාලායි තියෙන්නේ.. තාම එකෙක් අහු උනේ නැහැ නේව..

      Delete
    2. සමී, උදේ හවස පැයක් විතර දිවුවනම් හරි යාවි මම හිතන්නේ.. නැත්නම් ඌරා වෙන එක නවත්තන්න බැරි වෙයි..

      Delete
    3. දේශා, මට තේරුණේ නෑ කිවුව එක..

      Delete
  21. යකෝ මෙහෙම කන්න යන්න තියෙන වියදම.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එවුවා ඉතින් එහෙම තමයි මචං..

      Delete
  22. 2500 න් අමාරුයි පුතේ ඕක කරන්න.. ඕන නෑ ඇග තඩියටම තිබිච්චිවේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ 2500 යෙන් හොදට කාලා තඩි වුනාම අඩු කරන්න වෙනම වියදම් යනවා..

      Delete
  23. උදේට ෆෘට් ජූස් වලින් යැපිලා, හවසටත් දෙහි, නාරං වාගෙ පැඟිරි බීම බීලා, බතුත් අඩුවෙන් කන මම එන්න එන්නම බතල වෙන්නෙ කෝමද කියාන්කො දිනේෂ් අයියෙ?

    ReplyDelete
    Replies
    1. බස්සියෝ ඇග වෙහෙසන්නේ නැති නිසා..බෙල්ල වනන්නෙත් තාලෙට මාර කම්මැලි කමෙන් නෙහ් බස්සියෝ..........

      Delete
    2. බස්සී, ඒකනම් මට සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්.. බත් දවල්ට විතරක් කෑවනම් හරි යාවි..

      Delete
    3. ආචාර්‍ය, මෙයාලා ඉතින් කෝමත් කම්මැලියොනේ බං..

      Delete
  24. දිනේශ් කියපන් කොල්ලෝ.....කන වෙලාවට අම්බානක බුදින, බඩගිනි වෙනකම් නොකන, අනම් මනම් හැම රෙද්දකම කරන මම මෙච්චර කෙට්ටුවට ඉන්නේ. උඹ දන්නවාද කන තරමටම බොන්න ඕන කියලා.:D මම කියන්නේ ලික්විඩ්ස්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒම කලානං මාත් කෙට්ටු වෙයිද අරූ අංකල්? :)

      Delete
    2. මං වගේ අනං මනං නොකර , බඩගිනි වෙලාවට විතරක් කාලා හිටියාම හරියි කියලා හිතන්නේ. හැබැයි ඔය ගොල්ලෝ තරුණ ළමයි නිසා හිතේ හැටියට කාපල්ලා. හිතේ හැටියට බොන්න නම් එපා. නිතරම චූ බර එනවා:D

      Delete
    3. අරූ, මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි ඉතින්... මම කන හැටි අරයා දනී කිවුවලු.. කෝ ඒත් මාත් කෙට්ටුයිනේ..

      මේ බස්සී කෙල්ල අංකල් කිවුවේ අරූට එච්චර වයසද ඈ? සිරාවටම නොදන්න හන්දා අහන්නේ..

      Delete
    4. "පිප්පි අප්" වෙලාත් අවුරුද්දක් දෙකක් ගියා. මට උඹ සයිස් ළමයිත් ඉන්නවා දිනේශ් මට පේන හැටියට.

      Delete
    5. හෑ, ඒකත් එහෙමද? දැන් ඉතින් මම මේ කල්පනා කලේ වෙනද වගේ කතා කරනවද නැත්නම් ගරුසරු ඇතිව කතා කරනවද කියලා.. අර බස්සී වගේ අංකල් කියන්න දිව නැවෙන්නේ නෑ මටනම්..

      Delete
    6. අංකල් කියන්න බැරිනම් මචං කියපන්

      Delete
  25. මං වගේ අනං මනං නොකර , බඩගිනි වෙලාවට විතරක් කාලා හිටියාම හරියි කියලා හිතන්නේ. හැබැයි ඔය ගොල්ලෝ තරුණ ළමයි නිසා හිතේ හැටියට කාපල්ලා. හිතේ හැටියට බොන්න නම් එපා. නිතරම චූ බර එනවා:

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, සීත කාලෙය කෝමත් වැඩිය බොන්න හොද නෑ.. එතකොට බර වැඩි වෙනවා..

      Delete
  26. ඔය විදියට බත්ම කෑවොත් මොකක් වෙයිද....මට ඕනේ සුට්ටක් මහත් වෙන්න අප්පා :(

    ReplyDelete
    Replies
    1. මේ කියපු පස් වතාවම හොදට බත් කාලා බුදිය ගත්තනම් හරි යාවි මගේ හිතේ..

      Delete
  27. ඕවා මං දන්නෑ... රෑට නොකා ඉදහල්ලකෝ. සිං ගාලා බහින්නේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි යන්නේ නෑ බං.. ඊට පස්සේ ලෙඩ.. රෑට හොදට ගුණ දේවල් කන්නම ඕන..

      Delete
  28. හයියො මට නම් බැරිම කට පාලනය කරගන්න එක තමයි :(

    ReplyDelete
  29. සතියක කෑම වේලක් ගැන ලිපියක් තිබ්බා. පලතුරු. එලවලු. සහ සාමාන්‍ය කෑම වේලක් ආකාරයට දින 7ක ප්ලෑන් එකක්.

    ඒකෙන් කිලෝ 5ක් බැස්සුවා කිටියා :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්