Thursday, 2 January 2014

මතක නැහැනේ බං



අති විශේෂයි : මේක " මඩේ ලගින තාරාවුන් නාවන්නද මං" සිංදුවේ තාලයටම බලන්න හොදේ.. ^_^

ගොඩක් වෙලා නිදන් හිටිය නිදි කුමාරයෙක්
ලගට ආවා හරි ලස්සන සඳ කුමාරියක්
උම්මා දෙන්න පහත් වෙලා තොල හපලා හොරෙන්
අන්ද මන්ද මම ඇහැරුනේ හරි කලබලයෙන්..

කළුවරේම මම හිටියේ ඇද උඩක හොදින්
මැශින් ගොඩක් මං වටේම පාට එලි බලන්
ඉන්නේ කොහෙද කින්ද මන්ද මතක නැති වුනත්
ලස්සන කෙල්ලෙක් හිටියනේ මං දිහා බලන්..

දවස් දෙකක් මම නිදිලු සිහියක් නැතත්
නර්ස් නංගී මට කීවා ලං වෙලා හුඟක්
මතක් වුනා ලාවට වගේ ඔපරේශන් එකක්
හරි හැටි සිද්දීය කිසිවක් මතක නැහැනේ බං..

අංකල් ජොන්සන් ආවා කුකුළා කරේ ගහන්
ආසම කෑමක් ගෙනවිත් හරි රහට හදන්
ඒ ටු ඉසෙඩ් විස්තර ටික උන්දැගෙන් අහන්
මතක් වුනා ලාවට වගේ අසනීපෙන් මං..

සඳවතියගේ හැම දෙයක්ම ඔළුවේ රැදුනා බං
ලයින් අක්කා ගැනත් ඉතින් මතකයි මට නම්
අමතක නෑ ඒ ගැනනම් සතුටුයි මටනම්
අර අළුත ආව කෙනා කවුද කියපල්ලකො බං..

නර්ස් නංගි පහුවදාම කොල ගොඩක් අරන්
ඇවිත් දුන්න ෆයිල් එකේ ඉලක්කම් ගොඩක්
පොරක් ඇවිත් දෙයියෝ වගේ සල්ලි ගෙවුව බං
ඒකා මගේ ලොක්කා කියලා මතකයිනේ මචං..

ගෙදර ඇවිත් ඔහේ හිටියා දින දෙකක් තුනක්
බ්ලොගක් කියලා එකක් තිබුනා මතකයිනේ මචං
" වර්ණ " මගේ පිටුව කියලා මතක් වුනා බං
ආයේ ඉතින් මම ලියනවා එදා වගේ ඉතින්..

උදේ පාන්දර දැක්කා මැසේජස් ගොඩක්
හැපි බර්ත්ඩේ කියලා ලියලා බිත්තියත් වහන්
කේක් ඕන පාටි ඕන කියලා දැක්කා මං
උපන්දිනේ අදද කියලා මතක නැහැනේ බං..


මතක නෑ කිවුවට ඉතින් එහෙම අමතකමත් නෑ.. උපන්දිනයක් එහෙමත් අමතක වෙනවද මනුස්සයෙක්ට.. ඔන්න එහෙනම් මම ආයෙම ආවා.. ලෙඩේ ගැන කියනවනම් ඉතින් ඒක සුව වෙමින් පවතිනවා.. ආයෙමත් 16 ගිහින් නතර වෙන්න ඕන තව පොඩි වැඩ වගයකට.. ඔළුවේ ගැජට්ස් ටිකනම් හරියට හයි කරලා තියෙන පාටයි.. මොකෝ ඉස්සර වගේම තාම මට බාගෙට පිස්සු තියෙන බව දැනෙන හන්දා..

ඔය ඔක්කොම අස්සේ 2013 ඉවර වෙලා.. කාලය යන ඉක්මන කියලා හිතෙනවා.. හැබැයි පහුවුන අවුරුද්ද ගැන බ්ලොග් එක පැත්තෙන් නම් මගේ වැඩි සතුටක් නෑ.. මොකද අඩුවෙන් ඒකට කාලය යොදවන්න වුනේ.. හරි හැටි නිර්මාණයක් කරන්නවත් ඉඩක් ලැබුනේ නැති ගානයි.. අවුලක් නෑ ඒත් කොම හරි ඇදගෙන ගියානේ.. ඒත් මේ අවුරුද්දේ නම් එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ.. ලිපි වල සෑහෙන්න වෙනසක් කරන්න හිතේ තියන් ඉන්නවා.. අළුත් අදහසකට අළුත් ලේබල් එකක් හෙට අනිද්දම එලියට ඒවි..

කතා වගේකුත් තියෙනවා ලියන්නත්.. හැමදාම බටහිට පරිසරයන්ට කතා ලියන හන්දා ලංකාවේ පරිසරයට හරි යන්න එකක් ලියන්න කියලා බලවත් ඉල්ලීම් ගොඩක්ම තියෙනවනේ.. විශේෂයෙන්ම මධුරංග අයියගෙන් එහෙම.. ඒ හන්දා ඒ පැත්ත ගැනත් ටිකක් හිතන්න ඕන.. මගේ එරිකෝට බ්ලොග් අවකාශයෙන් සමු දෙන්න තීරණයක තමයි මම ඉන්නේ.. ඒ අරුනම නම් ඉතින් වෙන පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ.. ඒවා ලියද්දී බලන්න බැරියැ..

හරි උපන්දිනේ නේද? මේ ඇත්තට අහන්නේ, පාටි ඕනද? දැන් නත්තලට සෙට් වුනා.. 31රෑ ඉදන්ම සෙට් වුනා.. ඊයෙත් සෙට් වෙන්න ඇතිනේ.. අදත් ඕනද? ඕන නෑ නෙහ් ;)

එහෙම කිවුවට ඉතින් වර්ණයට ආදරෙන් පාට අරන් එන අයට නොසලකා කෝමද ඉතින්.. ඉස්සෙල්ල කේක් කාලම වැඩේට සෙට් වෙමු.. මෙන්න කේක්..



මෙන්න එතකොට ගෑල්ලමයින්ට.. දැනටම කට්ටිය වට වෙලා ඒ හන්දා ඉක්මනට එන්න..



ඔන්න කොල්ලන්ට.. මේ පාට උදවුවට යාළුවෙක් එක්කන්ම ආවා.. නැත්නම් මට අන්තිමේ ට්‍රාන්ස්පෝට් දෙන්න වෙනවා.. 



අද මගේ උපන්දිනය වගේම හෙට මගේ අතීජාත,අපාය සහයක, සැබෑ ලෝකයේ මට හමු වුන හොදම යාළුව වෙන මලින්දයගේ උපන්දිනේ.. දවස පැන්නට මොකද හරියට බැළුවොත් ඌ මට වැඩිය පැය කීපයයි පස්සෙන් ඉන්නේ.. ඉස්සර අවුරුද්ද කොහේ හරි සමරලා 2 අපේ දිහා සෙට් වෙලා 3වෙනිදා උගේ පාටිය සමරලා තමයි අපි අවුරුද්ද පටන් ගන්නේ.. කාලෙකින් ඒකත් නැති වුනා.. ඒ ගැනනම් මතක් වෙද්දීත් හිතට දුකයි.. 

අවුරුදු 5ක ඉදන් උපන්දිනේට මම තනියම.. දැන් නම් ඒක පුරුද්දකට ගිහිල්ලා සාමාන්‍ය දවසක් වගේ.. ඒත් ගිය අවුරුද්දේ ඉදන් ඒක පොඩ්ඩ්ක වෙනස් වුනා.. අදත් ඉතින් එහෙම තමයි.. සතුට කියන්නේ හැම දෙයක්ම භෞතිකව විදගන්න එකම නෙමෙයි කියන එක බ්ලොග් එකත් එක්ක ගෙවුන මේ කාලෙදි මම තේරුම් ගත්තා.. ඉතින් හැමෝටම ස්තූතියි.. මාව තනි නොකරනවට.. 


86 comments:

  1. උඹගේ මොලේ වැඩ බං.. හිතාගන්නත් බෑ. හැක් හැක්..

    අපි වෙලාවට එවන්න ඕන තෑගි බෝග ටික එවලා ඇති.. ඔබගේ තෑගි අනවශ්‍යයි..

    ReplyDelete
    Replies
    1. ඒක නෙන්නම් දේශා.. මම හිතුවෙත් අවුල් වෙලා ඇති කියලා..

      කෝ තෑගි තාම හම්බුනේ නෑ.. ;)

      Delete
  2. සුබ උපන් දිනක්. එල සින්දුවක්

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. ලෙඩ ඇදේ ඉද්දි හිතෙන එවුවා තමයි ඉතින්..

      Delete
  3. Happy new year.Happy b'day.All the Best.
    BUDUSARANAI!

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කියනව..වැඩිය දගලන්න කොරන්න යන්න එපා මචෝ ගැජට් ටික බුරුල් වෙයි..හි හි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඒවා හරියට ආයෙම තද කර ගන්න තමයි මම 16 යන්නෙත්.. ඊට පස්සේ බලමු ඈ..

      තැන්කිවු වේවා..

      Delete
  5. මට ආසයි කොක්ටේල් ටිකක් බොන්ඩ... ආහ් ඇයි අර මූඩිය ගලවලා බෝතලේ පිටිංම බිමට හලන ෂැම්පේන් බොන්ඩත් ආසයි.. :)

    සුබ නව වසරක් වේවා මල්ලි !
    ඒ වගේම නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා මං !

    ReplyDelete
    Replies
    1. මධුරංග අයියට මගේ හැම පාටියකම එක එක ආසාවල්.. ගිය පාර වොඩ්කා එකක් ඉල්ලුවා.. මට ඔක්කොම මතකයි හොදේ..

      Delete
    2. එහෙනං ලංකාවට ආපු වෙලේක අපේ ඉල්ලීම් ඉටු වෙයි.
      එක එක ආසාවල්නේ මලේ. ඔය කොයිකත් මැරෙන්ඩ කලින් ටැස් කොරලා බලන්ඩ එපෑ. :)

      Delete
    3. ආයෙත් අහලා... මාත් දැන් හිතන්නේ ඔහොම තමා.. කවදා යන්න වෙයිද කියලා දන්නේ නැහැන්..

      Delete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් ගයනි..

      Delete
  7. මුලින්ම ඉක්මනින් සනීප වීම ගැන හරිම සතුටුයි දිනෙශ්,
    නිදුක් නිරෝගී උපන් දිනයක් වේවා……!!!
    අර මිත්‍රයාටත් විශ් කොරා කියහන් මචෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් බයෙන් බං හිටියේ මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයිද කියලා.. තැන්කිවු වේවා.. හරි මන් කියන්නම් මචං..

      Delete
  8. සුභ උපන් දිනයක් + අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු + එසේම වේවා!!

      Delete
  9. සුභ උපන් දිනයක් වේවා..! ඒ වගේම සුභ නව වසරක් වේවා...!

    ලංකාවේ අයට හරියන කතාවක් ලියන එකට මාත් මනාපයි.හැබැයි එරිකෝ අතහැරලාම දාන්ට එපා..එරිකෝටත් අපි මනාපයි

    ReplyDelete
    Replies
    1. එරිකෝ අත අරිනවාම නෙමෙයි.. ඒක ගැන යතා කාලයේදි කියන්නම් ඉතින්...

      තැන්ක්ස් රෙහානියෝ..

      Delete
  10. සුභ උපන්දිනයක් හා සුභ නව වසරක් වේවා :)
    ඒ වාගේම ඉක්මන් සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගොඩක් දුරට සුවයි.. අපි බලමු ඉතින්..

      තැන්කිවු වේවා..

      Delete
  11. සුබ උපන්දිනයක් වගේම සුබ නව වසරක් වේවා...
    ඔය මොළේ අප්සට් එක හුගක් අයට තියෙනවා බං.මටත් තියෙනවාඑක එච්චර ගණන් ගන්න ඕනේ නැහැ.
    හප්පේ ඔය රටබිම බොන්න බැහැ බං.ඔක්කරේට එනවා...:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මට සෑහෙන්න තදේට තියෙනවලු නේ අප්සට් එක.. ඒක එක්කෙනෙක් දෙන්නක් කියපු එක්ක නෙමෙයිනේ ඉතින්..

      රට බීම එපා? එහෙනම් දේශීය එවුවා?

      Delete
  12. //මගේ එරිකෝට බ්ලොග් අවකාශයෙන් සමු දෙන්න තීරණයක තමයි මම ඉන්නේ..// මේකේ තේරුම කියාදෙන්න .. ශෝක් සින්දුව ...ඔයාට සුබ උපන්දිනයක් වාසනාවන්ත අලුත් අවුරුද්දක් සතුටින් ඉන්න හැමදාම

    ReplyDelete
    Replies
    1. එරිකෝ කිවුවේ මගේ රහස් පරීක්ෂක කතා මාලාව අපූර්වී.. ඒක ඉස්සරහට නොලියන්න තමයි හිතාගෙන නම් ඉන්නේ.. බලමුකෝ..

      තැන්කිවු හොදේ.. ^_^

      Delete
    2. ඒ ඇයි දිනේෂ් ඒ ..ඒක දිගටම් ලියන්න ..

      Delete
    3. මේකයි අයියේ, පොතක් කරන්න තියෙන අදහස හන්දයි මේකේ නවත්තන්න හිතුවේ..

      Delete
  13. අපිත් ඉතින් උපන් දිනේට කේක් එව්වානේ. කෝ ඒක කාලා ඉවර කලාද?:)

    දිනේශ්ට වැඩි, වැඩියෙන් රහස් පරීක්ෂක කතා ලියැවෙන , ජීවිතේ ගොඩක් වෙනස්කම් සිදුවෙන, සුබ නව වසරක් එක්කම, සුබම සුබ උපන් දිනයක් වේවා!!!

    බීවොත් ඔලුවේ අමාරුව වැඩි වෙයි...:D

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා.. ඒක නොකා කෝමද අෆ්ෆා..

      ජීවිතේ නම් ගොඩක් වෙනස් කම් ඉස්සරහට වේවි අක්කේ.. ඔයාලට ඉතින් ඒවා කෝමත් කියන එකනේ..

      එපා එපා බොන්න එපා.. තව උම්මා එකක් දුන්නම ඇති හොදේ.. ;)

      Delete
  14. ගැජට් වල අවුලක් නෑ කියලා ෂුවර් දැන්නම්.... සුබ නව වසරක් හා සුබ උපන්දිනයක් වේවා දිනේෂ්

    ReplyDelete
    Replies
    1. මටත් දැන් නම් එහෙම හිතෙනවා කිසි අවුලක් නැතුව ඔක්කොම හදලා කියලා.. බලමුකෝ හෙමීට යූස් කරලම.. කාලෙකින් කලෙත් නැහැනේ..

      තැන්කිවු ඉවාන්..

      Delete
  15. සුභ උපන් දිනයක් මලේ! සිංදුවත් පංකාදුයි! ලොකුම සතුට තමයි උඹේ ලෙඩේ හොඳවෙන එක!
    මේ අවුරැද්දේ හිතා ගෙන ඉන්න සියළුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා පතනවා!
    උඹට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් අයියේ.. මටත් ඕන මේක ඉක්මනට සනීප කර ගන්න.. නැත්නම් එපා වෙනවා..

      මේ අවුරුද්දේ නම් හිතන් ඉන්න දේවල් නම් එමටයි.. බලමුකෝ අපි..

      Delete
  16. අසනීප සුව වෙලා නැවතත් බ්ලොග් ලෝකෙට ගොඩ වීම පිළිබඳව සතුටුයි.ඒ වගේම සුබ උපන්දිනයක් වේවා... ලැබුවා වූ 2014 වර්ෂය සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා.............

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අක්කේ.. බ්ලොග් නැතුව මම හිටියේ හරි අමාරුවෙන්.. දැන් නම් ඉතුරු ටිකත් ඉක්මනට සනීප වෙයි වගේ.. ^_^

      Delete
  17. නව වසරටයි උපන් දිනයටයි සුබ පැතුම්!

    ඒ වගේම ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සිතූ..

      Delete
  18. සුභ නව වසරක් සහ හැපි බර්ත් ඩේ එකක් වේවා!!
    පාර්ටිය මරු! කෝ අපිට පැණි බීම? සැර එවුවා විතරද තීන්නෙ?

    අනේ තාම පිස්සු තියෙනවා නේද? හලි සතුටුයි ඒ ගැන නම්. අපි පණ බයේ හිටියෙ දිනේශ් අයියගෙ පිස්සු හොඳ කොරල එවයි කියලා ඩොක් මාමලා නැන්දලා එක්කහු වෙලා... :)

    ReplyDelete
    Replies
    1. පැණි බීම නෑ.. ඔන්න ඔහේ බස්සට හොරෙන් මොනා හරි බීලා යන්න.. අපි කියන්නේ නෑ..

      ඩොකා නැන්දලා? ඕකනේ ඉතින් බැරි.. ලස්සන අක්කලා හිටියේ.. මගේ පිස්සුව හොද වුනොත් ඉතින් වර්ණය ඇදන් යන්නේ කවුද ආ? ;)

      Delete
  19. අයියා හොස්පිටල් හිටියද...අපොයි..
    ඉක්මනට යහපත් තත්වයට පත් වේවා...!!
    සුභ උපන් දිනයක් වේවා....!!!
    සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔවුනේ මලේ.. පහුගිය ටිකේ නොලිවුවේ එකනේ.. දැන් නම් තරමක් දුරට හොදයි..

      තැන්කු තැන්කූ... උඹටත් සුභ නව වසරක් වේවා..

      Delete
  20. සුබම සුබ උපන්දිනයක් වේවා මලේ...කිව්වට මොකෝ ආපහු මේකේ පෝස්ට් එකක් දකිනකම් ඇඟේ ලේ වතුර වෙලා හිටියේ...:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. මම එනවා කියලා ගියේ එන්න පුළුවන් බව දන්න හන්දා ලොකු.. මගේ ආයුෂ වැඩියි නේ.. ;)

      තැන්කූ ලොකූ..

      Delete
  21. සුභ උපන් දිනයක් වගේම සුභ නව වසරක් වේවා දිනේෂ් අයියේ..!
    මොලේ ගැජට් කෑලි අඩු එහෙම නෑනේ...?

    ReplyDelete
    Replies
    1. දැනට හැඟෙන විදිහට නම් අඬුවක් නෑ මලයා.. බලමු 16ත් ගිහින්ම..

      තැන්කූ වේවා වගේම එසේම වේවා..

      Delete
  22. සුබ උපන්දිනයක් වේවා මල්ලියේ.................
    අනේ මේ නලකද හොම්මන් කතා ටිකක් ලියන්න පටන් ගත්තොත් හි...හි...රහස් පරික්ෂක කතා ඈකා....මන් පැටියා කාලේ ඉදන් ආස නෑ හොම්මන් කතා නම් ෂොයි මලේ........මෙහෙම පාටි හරියන්නේ නෑ ලංකාවේ කෑම මේසෙකුත් ඕනා...හි...හි....මේ සිංදුව මරු ඈ නරකද තනු හොරකම් කරලා සිංදු හැදුවොත් ලංකාවේ එහෙම සිංදු දැන් මාකට් හි...හි.....
    ඉක්මනින් සුවය පතනවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ශානු අක්කේ..

      ඒකනේ ඒකනේ රහස් පරීක්ෂක ඒවා නවත්තන්න හිතුවේ.. හොම්මන් කතාව බාගෙට ලියලා තියෙන්නේ.. පහුගිය ටිකේ අවුල් හන්දා ඒක ඉවර කර ගන්න බැරි උනානේ.. දැන් ආයෙම හෙමීට බලමු..

      හෙහ් හෙහ්, පාටි නේ.. අපි සෙට් වෙලා දාමු..

      Delete
  23. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  24. හප්පොච්චියෙ ..මොකෝ වුනේ ..ඔලුව යහතින් නම් එච්චරයි..සුබ උපන් දිනයක් සමග සුබ නව වසරක් මලේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන දේවල් වුනානේ බින්දි අක්කේ... දැන් හොදයි දැන් හොදයි.. තැන්ක්ස් අක්කේ..

      Delete
  25. happy B' Day Dinesh aiya ... ikkman suwaya prarthana karanawa oyata ,, me aurudeth lassana lipi goda kin me blog eka purawanna puluwan wenan kiyal wish karanawa .. hebei ithin sathiyata 3 parak wath post ekak ona hodee nethan wedak nee .. :P :P

    ReplyDelete
    Replies
    1. සතියකට 3 ඉතින් මම කෝමත් ලියනවනේ.. අඬු කරන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා.. බලමුකෝ අපි..

      Delete
  26. සුභ උපන් දිනයක්...! සුභ අලුත් අවුරුද්දක්...!! වගේම ඉක්මනටම ඉතුරු පොඩ්ඩත් හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික හෙමින් සුව වෙනවා.. ඒ හන්දා අවුලක් නෑ ඉතින්...

      Delete
  27. සුබ අලුත් අවුරුද්දක්, සුභ උපන් දිනයක්, දෙන්නටම, සහ ඉක්මනට තියෙන ලෙඩ සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනවා....

    මට ඉතින් ගල් පොල් වල ඉදන් ඕන දේකට ඔට්ටුයි....

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඕන.. ඕන දේකට රෙඩි පිට.. එතකොට අවුලක් නෑ..

      Delete
  28. ඔන්න අපි කෑවා බිව්වා... සුබ උපන්දිනක් කිව්වා!

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිංදුවකුත් කියමු නේ... ;)

      Delete
  29. සුබ උපන් දිනක් වේවා මලයා

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලීන් අයියේ..

      Delete
  30. එහෙනම් එච්චරයි ! ජය වේවා සහෝ !

    ReplyDelete
  31. දැන් හොදයි නම් ඉතිං ඒකම ඇති නේ මේ අවුරුද්ද සුභ වෙන්න. එහෙනම් සුභ අලුත අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. මාත් බයෙන් හිටියේ අවුරුද්ද ගැන.. දැන් නම් අවුලක් නෑ..

      Delete
  32. සුභ උපන්දිනයක් වේවා!!!! සුභ අලුත් අවුරුද්දක් වේවා!!! එරිකෝට සමු දෙන්න තියෙන අදහස අත්ඇරේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, බලමු බලමු.. ඒක තාම අදහසක් විතරයිනේ..

      Delete
  33. සුභ උපන් දිනක්,සුභ නව වසරක් වේවා..........!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු වේවා එසේම වේවා..

      Delete
  34. සුභ අලුත් අවුරුද්දක්+උපන් දිනයක් වේවා !!!

    ඉක්මන් සුවය ලැබුණු එක නම් සතුටක්. මම නම් කැමති රහස් පරීක්ෂක දේවල් වලටනේ.

    ReplyDelete
    Replies
    1. හුඟක් දෙනෙක් කැමති නම් රහස් පරීක්ෂක ඒවට තමයි.. මාත් එහෙම තමයි.. අපි බලමුකෝ අයියේ..

      Delete
  35. මොලේ අවුල් නොවී චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්ඩ ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් අවුල් ඒවා තව තව අවුල් වෙන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවනේ බං..

      Delete
  36. මොකද්ද අප්පා ඔහොම දවස් 2ක් සිහි නැතුව හිටිය මේජර් සැත්කම??? මොනව වුණත් යහතින් ඉන්න එක නම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. මගේ ඔළුවේ නහරයක ප්‍රශ්ණයක් සිඳු අක්කේ.. මුලින් වෙන එකක් කිවුවා.. පස්සේ තව එකක් කියනවා.. අනේ මන්දා.. කෝම හරි දැන් නම් මුලින් වගේ ඔළුවේ රිදීමක් නෑ.. ඒ හන්දා හොදයි..

      Delete
  37. ප්‍රාර්තනා තුනයි!!

    ඉක්මන් සුවය ලැබේවා!!
    සුභ උපන්දිනයක් වේවා!!
    සුභ අලුත් අවුරුද්දක් වේවා!! :)

    ReplyDelete
    Replies
    1. මුල් ප්‍රාර්ථනා දෙකට ගොඩක් ස්තූතියි.. අනිකට ඔබටත් එසේම වේවා..

      Delete
  38. සුභ උපන්දිනයක් කියලා බුකියෙත් සුභ පැතුවා...මෙතනත් සුභ පතන්නම්...මොකද වැඩි වෙන එකක් කියලයැ....

    සියලු සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් එක්කම සුභ උපන්දිනයකුත් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. දෙකටම තැක්කිවු අයියේ..

      Delete
  39. නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා !!
    හිතන පතන දේවල් ඔක්කොම ඉෂ්ට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .. :))

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කසුන්..

      Delete
  40. මගේ රාජකාරි කටයුතු වෙනස් කිරීම නිසා පෙර මෙන් මට එන්න වෙන්නේ නැහැ... පහු ගිය 27 වෙනිදා සිට තමයි මේ සියල්ල උනේ..එදායින් පස්සේ හරියට බ්ලොග් එකක් වත් කියවන්න ලැබුණේ නැහැ.... දැන් තමයි ටික ටික කියවන යන්නේ දිනේෂ් . මගේ බ්ලොග් එකෙක්දිත් සුබ පැතුවා මෙතනත් සුභ පතන්නම්...මොකද වැඩි වෙන එකක් කියලයැ....

    සියලු සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් එක්කම සුභ උපන්දිනයකුත් වේවා !

    ( අන්තිම ටික කොපි කරේ සිරාගෙන් ...)

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ සහන් අයියේ.. නිදසස් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න.. වර්ණයේ ඕනම වෙලාවක පාට විහිදෙනවා.. කිසිම අඩුවැඩියක් නෑ.. අපිත් ඒ පැත්තේ එනවම තමයි..

      Delete
  41. ටිකක් පරක්කු වුණාට කමක් නෑ සුභ උපන් දිනයක් වේවා...! :) නියම සින්දුව... :D

    ReplyDelete
  42. පරක්කු අයගෙන් තෑගි අනිවා‍ර්‍යයි.. හෙහ්.. තැන්කිවු තැන්කිවු..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්