Monday, 27 January 2014

අඳුර මැදින් එන්න සඳලියේ ( ඉස්කෝලේ කතා 19 )



විදුහල්පති පෙම පෝස්ට් එක ලියලා සෑහෙන කාලෙකුත් වුනා.. ඒකේ ඉතුරු හරියේ කතාටික ගලපලා ලියන්න කියලා හිතන් හිටියට මොකද වෙන වෙන කතා මතක් වුනායින් වැඩේ අවුල් වුනා.. හරි අද කියන්නම්කෝ විස්තරේ..

කට්ටියට මතක ඇතිනේ මම ලොක්කාගේ ලවු එක අල්ල ගත්ත විදිහ.. ඒකට කාපු කට්ට.. කට්ටක් කෑවට ඒකේ පාඩුවක් නෑ කියලා කතාවකුත් තියෙනවනේ.. මේකත් අන්න ඒ වගේ තමයි.. ඒ සැප මට දැනුනේ එදා ලොක්කගේ පෙම අතටම අහු වෙලා පැයක් වත් යන්න කලින්..

ලොක්කා මිස්ට දුන්න කිස් එක දැකලා එතනින් මම මාරු වුන පාර මේන් හෝල් එකට ගිහින් නතර වෙලයි වෙච්ච සිද්දිය ගැන කල්පනා කලේ.. ඇත්තම කියනවනම් හිතේ පොඩි අවුලක් තිබුනා.. මොකද ඉතින් මේක කොයි පැත්තෙන් යයිද දන්නේ නැති හන්දා.. කලින් හිටපු හෙඩා කිවුව පලියට වැඩේට බැස්සට මොකද එවෙලේ තමයි කරපු දේ බරපතල තේරුම් යන්න ගියේ.. හරි කමක් නෑ.. ඕන එකෙක් කියලා මාත් හිටියා..

මගේ නිල රාජකාරි ටිකත් ඉවර කරලා ඉස්කෝලේ පටන් ගන්න ටික වෙලාවක් තියෙද්දී මැද මිදුල පැත්තට එද්දී මෙන්න ඉන්නවා ලොක්කා එහා කෙලවරේ.. මම දැක්කා නොදැක්කා ගානට යන්න ලෑස්ති වුනාට මොකද ඈත තියාම ලොක්කා මට අත වනලා කතා කරා.. කරන්න දෙයක් නෑ යනවා ඇරෙන්න.. ඕන එකක් කියලා හිටට ෆිට් එක අරන් මාත් ගියා..

" අසන්ත කොහෙද හිටියේ?"

" මේන් හෝල් එකේ සර්.. පොඩි වැඩ වගයක් තිබුනා.."

" හරි, මාත් මේ කියන්න කතාකරෙත් ඔය ගැනම තමයි.. මීට පස්සේ අපි දෙයක් කියනකන් වැඩක් කරන්න බලන් ඉන්න ඕන නෑ.. හැම දෙයක්ම හොයලා බලලා කරන්න.. අනික අසන්ත ප්‍රධාන ශිෂ්‍ය නායකයනේ.. මොනවා හරි ප්‍රශ්ණයක් තිබුනොත් මට කියන්න.."

" හරි සර්.."

එතකොටම වගේ බෙල් එක ගැහුවා.. උදේ රැස්වීමට කට්ටිය පෝලිමේ මැද මිදුලට එන කොට මාත් උන්ගේ පිටි පස්සටම වෙලා රැස්වීම දිහා බලාගෙන හිටියා.. බලන් හිටියා කිවුවට ඉතින් හිටියේ මෙලෝ සිහියකින් නෙමෙයි.. එක පැත්තකින් උදේ දැක්ක එක මතක් වෙනවා.. ඒ අස්සෙන් දැන් ටිකකට කලින් ලොක්කා කියපු එක මතක් වෙනවා.. එදා කොම හරි වෙනදා තරම් වෙලාවක් රැස්වීම තිබුනෙත් නැද්ද කොහෙද.. ලොක්කා ඉක්මනට රැස්වීම ඉවර කලා..

පන්තියට ගිය වෙලේ කෝකටත් කියලා මම  අතීජාත මිත්‍රයෝ දෙන්නට උදේ වුන සිද්ධිය ගැන කිවුවා.. උන්ටත් හිතා ගන්න බෑ.. ඇත්තටම එහෙම එකක් වුනාද කියලා.. පස්සේ වුන සිද්ධියත් එක්ක කිවුවම උන්ව නිකන් කරකවලා අත ඇරියා වගේ..

" මේ උඹ ඕක කෝකටත් කියලා ඕක කා එක්කවත් කියන්න යන්න එපා.. අපි තුන් දෙනා දැන ගත්තම ඇති.. ඌ උබ එක්ක ශේප් එකේ ඉන්න එනවනම් නිකන් මොකටද වැඩේ අල කර ගන්නේ.. ඒ හන්දා ඔය විදිහට යන්න දෙමු.."

මගේ යාළුවා කියපු කතාවත් ඇත්ත.. නිකන් මොකටද ඉල්ලන් කන්න යන්නේ.. හොදම දේ අවුලක් ඇති නොකරගෙන ඉන්න එක තමයි කියලා හිතලා මාත් හිටියා.. කිවුවා වගේම දවස් ටික ගෙවිලා ගියේ කිසිම අවුලක් නැතුව.. හැබැයි ඉතින් පොඩි පොඩි වෙනස් කම් නම් වුනා..

වෙනස් කම් වලින් වැදගත්ම දේ තමයි අපි හිටපු පන්තිය වෙනස් කරලා උඩ තට්ටුවේ සුපිරි තැනකට අපේ පන්තිය සෙට් වුන එක.. දැන් ඔතන සුපිරි මොකද දන්නවද? අපේ පන්තිය තිබුනේ 11 වසරේ පන්ති දෙක මැද්දේ.. අනික් පැත්තේ තිබුන බිල්ඩිමේ උඩ තට්ටුවේ තිබුනේ 10 වසරයි A/L ෆස්ට් ඉයර් එකයි..  ඉතින් අපේ වුන්ට නිකන් ඉබ්බා දියේ දැම්මා වගේ තමයි.. හැබැයි ඉතින් අපේ බිල්ඩිමේ පල්ලෙහම තමයි ඔෆිස් එක තිබුනෙත්.. ;)

ඉතින් කොහොම හරි ඔහොම දවස් ගෙවිලා ගියා.. ටික ටික මොකක් හරි වෙනසක් තියෙන බව අපේ එවුන්ටත් හොදටම තේරෙන්න ගත්තා.. මොකද වෙනදා අමන වැඩ කරලා අහුවෙන එවුනුත් ඒ වෙද්දී අතටම මාට්ටු වෙලත් කිසි අනතුරක් නැතුව යහතින් එනවා.. අපේ එවුන්ත් ඕක සෑහෙන ප්‍රශ්ණයක්.. උන් ඇවිත් සිද්දී මාත් එක්ක කියද්දී ඉතින් මම දන්නවා වුනත් ඒකට හේතුව මම සද්ද නැතුව ඉන්නවා වෙන මොනවා හරි කියලා..

අපිට ඉතින් ෆ්‍රී වෙලාවට කරන්න තියෙන එකම ඳේ තමයි ඉතින් සිංදු
කියන එක.. කම්පුටර් ලැබ් තිබුනට පුස්තකාල තිබුනට අපි පාවිච්චි කරන එකක් කියලයැ.. ඉස්සරම නම් පිට්ටනියට හරි දිවුවා.. සුදු කලිසම් ගහන්න ගත්තට පස්සේ පිට්ටනියට ගියේ ස්පෝර්ට් මීට් කාලෙට  විතරයි.. ඒ හන්ද ඉතින් අපේ වැඩේ පන්තියට වෙලා සිංදුවක් කියන එක.. ඕකටත් ඉතින් එහා පන්ති වල මිස්ලගෙන් බැනුම් අහන්න සෙට් වෙන්නෙත් මටම තමයි.. මොකද පන්තියේ එවුන්ව හදා ගන්නේ නෑ කියලා.. ඇත්තත් ඒකමනේ ඉතින්.. අනිත් පන්ති වල එවුන් මං කියන දේ කොම ඇහුවත් මේ අවුරුදු 13 එකට හිටිය එවුන් මං කියන දේ අහයිද, ඔය වගේ ආතල් වෙලාවකට.. බැන්නහම ඉතින් ටිකකට සද්ද නැතුව ඉදලා ආයෙම සිංදුව පටන් ගන්නවා.. ඊලගට ඉතින් අනිත් පන්ති වලිනුත් සෑහෙන සද්ද..

කෝම හරි දවසක් අනිත් පන්ති දෙකෙත් කවුරුත් නැති වෙලාවක සංගීතේ හොදටම නැඟලා ගියා.. උනුත් එනවා අපි එක්ක අත්වැල් ගායනයට.. ඒක මාරම ආතල්.. එදා කොම හරි අපි සෙට් එක ඉදියේ කොරිඩෝ එක පැත්තට වෙන්න නෙමෙයි.. අනික් සයිඩ් එකේ කෙල්ලෝ එක්කම වාඩි වෙලා.. කෝම හරි අපි දැන් සිංදු කියාගෙන යනවා.. එවෙලේ කිවුවේ කසුන් කල්හාරගේ මම ආසම සිංදුවක්..

" අඳුර මැදින් එන්න සඳලියේ.."

ඔය පේලිය කිවුවා විතරයි වටේම තිබුනේ සෑහෙන නිස්සබ්දයක්.. අත් වැල් ගායනා ඇහෙන්නේ නෑ.. නිකමට වගේ හැරිලා බලද්දී ලොක්කා අපේ පිටි පස්සේ.. අපි ඉතින් ටක් ගලා විනීත විදිහට වාඩි වුනා..

" අසන්ත.."

මොන රෙද්දටත් ඉතින් මගේ නම හන්දා මාත් නැඟිටලා ගියා..

" මොනවද තියෙන්නේ දැන්?"

" එකවුන්ට්ස්, සර්.."

" සර් නැහැනේ.. පුස්තකාලෙටවත් යන්න.."

පුස්තකාලේ තියෙන්නේ අපිට එහා බිල්ඩිමේ පල්ලෙහා තට්ටුවේ.. මට දැන් කතා කරද්දී පේනවා ඒක වහලා කියලා..

" පුස්තකාලේ වහලනේ සර්.."

" එහෙමද, එහෙනම් වැඩිය කෑ නොගහා ඉන්නවා.. අනික ඔය සිංදුව කියන්න එපා ආයෙම.."

ගැහුවනම් සැපයි කිවුවලු.. ලොක්කා යන්න ගියා.. අපේ එවුන් මූනට මුන බලනවා.. ඒ අස්සේ ප්‍රශ්ණේ ඇයි මේ සිංදුව කියන්න එපා කිවුවේ කියලා..  ටිකක් වෙලා යද්දී මතක් වුනේ.. ලොක්කා යාලු මිස්ගේ නමත් සඳලි නේ.. ;)



තව ඉස්කෝලේ කතාවකින් හමුවෙමු..


60 comments:

  1. පොරට ජෙලස් ඇති ඔය සින්දුව යනවා ඇහෙන කොට...

    ReplyDelete
    Replies
    1. හෙහ්, කියන්න බෑ.. එහෙම එකක් වෙන්න ඇති..

      Delete
  2. හැක් හැක් මෙවා මේ ඇත්ත කතා ද ???

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත කතා බං.. 2004-2006 කාලේ සිද්ද වුන..

      Delete
  3. අඳුර මැඳින් එන්න සඳලියේ කිව්වහම සර් ඔකඳ වෙනවා ඇති :)

    ReplyDelete
    Replies
    1. හදවත කිති කැවෙනවද දන්නේ නෑනේ මධු අයියේ..

      Delete
  4. අනේ අපොයි.. ලොක්කා බය වෙන්න ඇති හින්ට් එකක් කියලා

    ReplyDelete
    Replies
    1. ලොකා හිටිය බව දැක්කේ නෑ.. නැත්නම් ඉතින් කියන්නේ නෑ..

      Delete
  5. පව් යකො සර් කාරයා සිරාවටම හිකන්න ඇති මූ මේ හීන් නූලෙන් තපනව කියල...
    ඇත්තටම මං හිතන්නෙ ඒ ෆැසිලිටිස් හින්ද කට්ටිය වෙනදටත් වඩා අඤ්ඤකොරොස් වැඩ කරන්න ඇති නේ

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම හිතලා කිවුවේ නෑ බං.. ඒ වුනාට පස්සේ නම් ඒක නැගලම ගියා.. ඊට පස්සේ කරපු දේවල් ගැන කියලා වැඩක් නෑ බං.. හෙමීට ලියන්නම් ඒවත්..

      Delete
  6. යකෝ පට්ටනේව මාත් ඔන්න ඔය ට්‍රැක් එකේ ලියවිල්ලක් ලිව්වා අඩේ ඉස්කොලේ වෙච්ච ඒව්වා මෙව්වා මතක් වෙනව නේව හෝ ගාල ජය

    ReplyDelete
    Replies
    1. එහෙනම් රාජ් අයියත් ලියමු මතකයන් ටිකක් අළුත් කර ගන්නත් එක්කම..

      Delete
  7. අඳුර මැදින් යන්න සඳලියේ තමා අන්තිමට. කොහොම උනත් පවු බන් ලොක්කා. කොච්චර උනත් ප්‍රේමවන්තයෙක්නෙ.

    අපි නම් ඉස්සර පීරියඩ් කට කරන්න ඕන උනාම ගොඩක් වෙලාවට යන්නෙ පුස්තකාලෙට තමා හැබැයි පොත් කියවන්න නෙමේ ඒකෙ ඉන්න මිස්ව බයිට් කරන්න.

    ReplyDelete
    Replies
    1. අපිත් පුස්තකාලෙට යන්නේ ඒ වැඩේටම හන්දා අපිව ඒ පැත්ත තහනම් කරලා තියෙන්නේ.. අනික අපි යන්නෙම ඔය අනික් පන්තියක කෙල්ලො ඉන්න වෙලාවක් බලලමනේ.. ඒ හන්දා කෝමත් එලවනවා..

      Delete
  8. මේක නම් ෆන් කථාවක් යාලු... පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු.. වෙල්කම් වර්ණයට..

      Delete
  9. ලොක්කා බයවෙන්නැති ඔයාලා සදලිට අදුර මැදින් එන්න කිවුව‍යි කියලා. හික්ස්ස්.... පාවෙන තොප්පි බලෙන් දමාගත් ලොකුසර්... පව් අප්පා...

    ReplyDelete
    Replies
    1. හෆොයි එයාට එන්න කියනවට වැඩිය හොදයි හොල්මන් ෆිල්ම් එකක් බලලා නිදා ගන්නවා.. හෙහ්..

      Delete
  10. උඹ සර්ව බ්ලක්මෙල් කරලා පව් යකෝ. අහිංසක පෙමක් නේද / අනික ලොක්කට හැමදාම් ලැබෙන කිස් එකත් නැතිකරලා උඹ කරපු පාප කර්මෙට උඹට පඩිසම් දෙයි ඕවා උඹත් ලොක්කෙක් වුනාම

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් හිටපං.. ලොක්කා කිස් එක ගත්තා ඊට පස්සෙත්.. අපි ඒකනේ ලොක්කො නොවි ආතල් ලොක්කෙක් එක්ක ඉන්නේ..

      Delete
  11. අඩෝ ගුරුවරුන්ට හින්ට් ගහන්න එපා බං.එයාලත් මිනිස්සුනේ..:D

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් ඉදපං.. උඹලත් නොකර ඉදියි..

      Delete
  12. අනේ මංදා මේ දිනේශ්ලත් කරන වැඩ... ඔය සිංදුව නම් කිව්වෙ ඕනකමින්මයි කියල මට නම් සියට දෙසීයක් විශ්වාසයි :)

    ReplyDelete
    Replies
    1. එදා කිවුවේ ඕන කමින් නෙමෙයි.. ඊට පස්සේ ඉතින් ඕන කමින්ම තමයි...

      Delete
  13. මම දන්නා ප්‍රින්සිපල් කෙනෙක් ඔය වගේ වැඩක් කරලා, මිස්ගේ හස්බන්ඩ් ප්ලෑන් කරලා දුන්නා ගේමක්. පොර අකාල සන්ධ්‍යා තමයි.

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි.. පවු අෆ්ෆා ඒ සර්..

      Delete
  14. 12 වසරෙ ඉකෝන් සර් අපේ ගෙවල් ලඟ අක්ක කෙනෙක් එක්ක පොඩි මෙව්ව එකක් තිබ්බා ..හවසට හන්දියෙ ගැවසෙද්දි පොර ෂූටින් යනවා මට මාට්ටු ..

    එතකොට අර ලයිබ්‍රියෙ මිස් එක්ක කටු කුටු ගාන්නෙ ඉස්කෝලෙදි ??????? චැහ් !!

    මං ඇහුවා සර් අපේ පැත්තෙං මොකෝ වෙන්නෝන කියලා !! සර් අපේ ගේ ලඟට ඇවිත් මට බයික් එක දෙනවා අක්ක මෙතනට එක්කං වරෙං කියලා . මං ඉතිං ගෙනත් දුන්නම දෙයියො තමා දන්නෙ කොහෙ යනවද ඩබල කියලා !!!
    අපි 13 දි පොර බැන්දා ඒ අක්කව.. අනේ ස්ටඩි ලීව් වල අපි සර්ගෙ ගෙදර හට් ගහනවා.පේන්ට් කරනවා .. විභාගෙට සතියයි..වැඩේ ගොඩ දැම්මා විබාගෙත් පාස් !!
    වේටර්ලත් අපිම තමා වෙඩිමේ !!!
    ලඟදි ගියාම දැං දුවෙකුත් ඉන්නවා ..මං අක්ක එහෙමෙහෙ වෙනකං ඉඳල ඇහුව කෝ සර් ලයිබ්‍රි‍යෙ මිස් කියලා !!!
    උත්තරේ මෙතන ලියන්න බෑ බං !! හැක් !!
    අපි එච්චර දුක් විඳල අමාරුවෙං ඉගනගත්ත මිනිස්සු . : D


    ReplyDelete
    Replies
    1. අඩේ නියමයි නේ.. එහෙනම් ඒ සර් හොදයි.. ලවු කරපු කෙල්ලවම බැදලා.. ලයිබ්‍රී මිස් ගැන ඉතින් අමතක කරලා දාමු.. ඒවා ඉතින් සුළු සිද්දීනේ.. ;)

      Delete
    2. එල පත්තර මුන්නෝ හි හි

      Delete
  15. කිස් එකක් කරපු හරියක්..//අනික ඔය සිංදුව කියන්න එපා ආයෙම.."// නම ඇහෙන කොට ඉන්නම බැරුව ඇති.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, අනේද කියන්නේ.. පවු හැබැයි එක අතකට..

      Delete
  16. ඔන්න මම අද ආවේ... දිගටම එනෝ...

    ReplyDelete
    Replies
    1. අපි නම් ඒ පැත්තේ නිතරම එනව.. වෙල්කම් කිවුවා එහෙනම්..

      Delete
  17. පොඩි කාලේ ඕක හරිම භයානක දෙයක්නේ අද හිනා වෙන්න පුළුවන් වුනාට නේද .

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බින්දි අක්කේ.. මුල් දවසේ මම හිටියේ සෑහෙන බයෙන් මොනවායින් මොනවා වෙයිද කියලා..

      Delete
  18. පවු අහිංසකය....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කතා පසුවට..

      Delete
  19. ලොකු සර් ගැනත් දුකයි.. ඒකනේ ආලයෙන් ඇස් අන්ධවුනාම තැන නොතැන දන්නේ නෑ. අපේ ඉස්කෝලෙත් ඔයවගේ හුටපටයක් මට යංතන් මතකයි. හැබැයි ඒ දෙන්නම බැඳපු දෙන්නෙක්. විස්තර ලියන්න කාළය මදි.
    උඹට ජය!

    ReplyDelete
    Replies
    1. මේවගේ හුටපට ඉතින් කොහෙද නැත්තේ අයියේ.. හැමෝම ඉතින් මිනිස්සුනේ..

      Delete
  20. හිකිස්..අපෙ පිකිස් සර් කැමති තවත් පිකිස් ටිචර් කෙනේක හිටියා. දෙන්නම් පිකිස්. අපිත් ආදරේ අර ටීචර්ට. මම දවසක් ටීචර් බයෝ ක්ලාස් එකේ ඉන්නකොට ‘සාරි පොඩිත්තක් ඇඳගෙන.. මාල පොඩිත්තක් බැඳගෙන‘ සිංදුව කිය කිය කොරිඩෝවෙ ගියා...

    පිකිස් සර් ටික වෙලාවකින් මාව හොයාගෙන ආව.. :))

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් කලොත් ඔහොම දෙයක් තමයි ඉතින්.. සර් ඇවිත් උඹේ කණ අතගෑවේ නැද්ද?

      Delete
  21. ඉස්කෝල වලනම් මේ වගේ රසකතා නැතුවා නෙවෙයි බං. ඒ කාලේ තමයි ෆුල් ෆුන්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මචං.. ඒ කාලේ ෆන් නැත්නම් වැඩකුත් නෑ ඉතින්..

      Delete
  22. කොච්චර සැරයක් නම් මැරී මැරී උපදින්න ඇතිද? මේකා කොයි වෙලාවේ මාව නැති කරයිද කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒවා කියන්න බෑ.. අපි වුනත් ඉතින් ලවු එකක් මාට්ටු උනාම ඔහොමනේ..

      Delete
  23. එක රබන් පදේකින්ම ඒක හබක් උනේ මොකද සර්ට සින්දු ඇලර්ජි යක්ද බං

    ReplyDelete
    Replies
    1. ඇලර්ජි නෑ.. කිවුව වචනෙයි අවුල..

      Delete
  24. ගෙදර කෑම රස නැතියෝ....රස කෑම හොයං මෙහි එනවෝ....
    වැඩේ කියන්නේ නාකි සර්ලට ගෑනු සෙට් වෙන එකනේ..

    ReplyDelete
    Replies
    1. අනේද බං කියන්නේ.. ඒකේ රහස මොකද මන්දා..

      Delete
  25. හෙඩ් ප්‍රිෆෙට් උණාම ඉතිං කාගේ කාගේත් කිල්ලෝටර් ගැන හොද නිව්ස් එනවා. ඒ නැතත් සර්ලා මිස් ලා පොඩ්ඩක් හිනා උනත් අපිත් ඒ කාලේ හිතා ගෙන හිටියේ, වැඩේ හරි දෙන්නා සෙට් කියලා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. අපි ඉතින් ඕවා ගැන ඇහ ගහන්මනේ ඉන්නේ..

      Delete
  26. අදුර මැදින් සදලිය ආවද බං ඇත්තටම...?

    ReplyDelete
  27. ඉස්කෝලෙකට ගැලපෙන නියම ලොක්කෙක් ඈ....

    ReplyDelete
  28. සඳලි..ලස්සන නමක්නේ. සර්ට ඊරිසිය හිතෙන්න ඇති කොල්ලොයි බල්ලොයි ඔක්කොම ඒ නම කියනකොට. ප්‍රේමවන්තයෝ හරි ඊරිසියයි ඔය වගේ තැන් වලදී.

    ReplyDelete
  29. ඉස්කොලේවත් කැම්පස් ඒකෙවත් ඔහොම චෑන්ස් එකක් මට සැට් වුනේ නැහැනේ චික් විතරක්

    ReplyDelete
    Replies
    1. සියරට දේ සිරිසැප දේ කියන්නෙ ඒකයි මලයො....

      Delete
  30. අපේ පාසල් වල ඉතින් මුල්ගුරුතුමා ඒ වෘත්තියේ ගෞරවය අකුරටම රැකපු අය නිසා කවදාවත් කතන්දරයක් හැදිලා නෑ...සදලි ලස්සනද බන්...වරක් දුටුවම තවත් වරක් බලන්න හිතෙනවද...විදුහල්පති පෙමටත් ඔන්න අද කමෙන්ටුවක් දැම්මා...

    ReplyDelete
  31. වෙනදා අතපය කැඩෙන්න නෙලන විදුහල්පති සිල් අරන්..... කොල්ලන්ට රජ මගුල්....

    ReplyDelete
  32. හම්මෝ...ඔය ලව් එකේ අවසානෙට සිද්ධ උනේ මොකද්ද කියලා ඔයා දන්නවද?

    ReplyDelete
  33. අඩේ ඔය සින්දුව පිනාටම කියන්න පුලුවන්නේ....
    උදේට මිස් එක්ක ඉන්නකොට එහෙම

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්