Wednesday, 18 December 2013

හදිසියේම සමුගනිමි මම




දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ හොදට හිටිය එකාට වුනේ හදිස්සියේම සමුගන්න හදන්නේ කියලා.. මෙහෙමයි ඉතින්.. මේ ටිකේම ටිකක් අසනීපෙන් තමයි හිටියේ.. ඔළුවේ පැත්තක්ම රිදෙනවා මොකද මන්දා.. අවුරුදු ගානකට කලින් සෑහෙන බෙහෙත් බීලා හොද කර ගත්ත ඔළුවේ කැක්කුමක් තිබුනා වුනට මේක ඒක නෙමෙයි..

හරියටම කියනවනම් නිකන් මොළේ ඇතුලෙන් කරන්ට් එකක් පාස් වෙනවා වගේ.. එහෙම නැත්නම් මොළේ අස්සට උලක් දාලා අදිනවා වගේ.. බලාගෙන ඉන්න බැරිම තැන ඉතින් ඩොකෙක් අල්ලන් ඔක්කොම චෙක් කරන්න ඕන ඒවා කලා.. ලොකු අවුලක්ම නෑ.. සුට්ටන් විසබීජයක් ගිහින්ලූ..  අහන්නත් දෙයක්ද ඉතින්.. මෙච්චර කාළයක් කිසිම පාවිච්චියක් නැතුව පැත්තකට දාලා තිබ්බ එකනේ.. ඉතින් මකුළු දැල් එහෙම බැදිලා විසබීජ යන්නේ නැතුව තියෙයියැ.. හෙහ්..

සිකුරාදා ගිහිල්ලා නතර වෙනවා ඉස්පිරිතාලේ සුට්ටන් ඔපරේෂන් එකකට.. මං දැක්කා ලස්සන නර්ස්ලත් ඉන්නවා.. ඒ හන්දා ඉතින් අවුලකුත් නෑ.. බය වෙන්න ලොකු කාරණාවක් නම් නෑ.. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි අප්සට් එකක් ගියොත් මෙමරි සුට්ටක් අවුල් වෙන්න පුළුවන්ලු.. ඒක ඉතින් දැනටත් අවුල් එකේ තව මොනා අවුල් වෙන්නද අෆ්ෆා.. කෝම වුනත් ලියුම් ටිකක් කාරිය අත්සන් කරලා දීලා අංකල් ජොන්සන්ට මගේ වගකීම පවරලයි යන්නේ.. නැතුව ඉතින් මට වෙන කවුරු ඉන්න එකක්ද?

ඔපරේශන් කිවුවම මතක් වුනේ.. කාලෙකට උඩදි අපේ තාත්තා බයිසිකලෙන් වැටිලා අත කඩාගෙන ඉස්පිරිතාලේ ගියාම වැලමිට ලගින් අත ආයෙම හයි කරලා තිබුනේ අනික් පැත්තටලුනේ.. අන්න ඒවගේ කට්ටියකුත් ඉතින් ඉදලා හිටලා ඉන්නවලු.. ඒ වගේ අප්සට් එකක් වුනොත් නම් ඉතින්.. එක්කෝ ඕන නෑ..

වැඩි කල් ගන්නේ නෑ.. මගේ උපන්දිනේ සමරන්න එනෝ ඉතින්.. ඩොකාලා පිස්සු කෙලියේ නැත්නම්.. මම  හිතනවා මේක මගේ අවසානම ලිපිය වෙන එකක් නෑ කියලා.. කට්ටිය මම නෑ කියලා ඉතින් දුක් වෙන්න එහෙම එපා හොදද.. අපරාදේ හැබැයි ලංකාවේ හිටියනම් ඇපල් ටිකක් දොඬම් ටිකක් වත් අරන් එයිනේ නේ කස්ටිය මාව බලන්න.. එහෙනම් මම ගියා.. අහ් නෑ.. ගිහින් එන්නම්.. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම..


බුදුසරණයි.. ජේසු පිහිටයි.. 



Monday, 16 December 2013

පන්තියේ මල් පත්තර ( ඉස්කෝලේ කතා - 18 )




කාමෝත්පාදන චිත්‍රපටි ගැන ලියවෙන ලිපි පෙලේ ඊලග එක ලියන් යද්දී අහම්බෙන් වගේ අමතක වෙලා තිබුන කතාවක් මතක් වුනා.. දැන් ඉතින් මෙහෙමයි වැඩේ කියන්නේ.. හරි ලස්සනට පිළිවෙලට එකින් එක ලියාගෙන ආව ඉස්කෝලේ කතා ටික ඔන්න දැන් ටිකක් අවුල් කරන්න වෙනවා.. මොකද දැන් ආයෙම මේ කියන්න යන්නේ අපි ඉස්කෝලේ 10 පන්තියේ ඉද්දී වෙච්ච සීන් කෝන් එකක් ගැන..

මල් පත්තර එහෙම නැත්නම් බ්ලූ පත්තර නොකියවපු අයියා කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්න විදිහක් නෑ.. හොරෙන් එක පාරක් හරි බලපු අක්කලත් ඉතින් නැති වෙන්න විදිහක් නෑ.. ඕවුවා ඉතින් මුද්‍රණේ කරන්නේ බලන්නනේ.. ඉතින් බැළුවයි කියලා මක්කා වෙනවද? දැන් ඉතින් කට්ටිය බලයි මම මොකද අක්කලා අයියලා ගැන විතරක්ම කිවුවේ කියලා.. ඒක මෙහෙමනේ, මගේ වයස් සීමාවලට අයිති කාණ්ඩය හිටියේ එක්තරා යුගයක් අවසන් වෙමින් යන කාලකනේ.. ඒ කිවුවේ ඔය පත්තර කලාව අභාවයට ගිහින් ෆිල්ම්ස් බලන්න වැඩියෙන් හුරු වෙන කාලේ.. ඒ හන්දා මේ බ්ලොග් ලියන අයගෙන් මට වැඩිය වයසින් අඩු අය සමහරක්විට පත්තර කියවන්න නැතුව ඇති.. ඒකයි මම එහෙම අදහස් කලේ..

හරි එවුවයින් වැඩක් නෑ.. ආව කතාව කියන්නම්කෝ.. ඉතින් කොහොම හරි අපි ඉස්කෝලෙදි පත්තර කියවන්න පටන් ගත්තේ මට මතක හැටියට 9 වසරෙදි විතර.. ඒ කාලෙනේ ඉතින් වැඩියෙන්ම උණ තිබුනේ.. එතකොට ඉතින් පන්තියේ කෙල්ලෝ ඕවට එහෙන් මෙහෙන් රවනවා ගොරවනවා හන්දා පිට්ටනියට වෙලා තමයි කියෙවුවේ.. ඉට පස්සේ කාලේ වෙද්දී අපි ඕවා හැංගුවෙත් උන්ගේ බෑග් වල..

අපේ පන්තියේ හිටියා බුද්ධි කියලා පොරක්.. මිනිහට තමයි හැමදාම පත්තර හම්බුවෙන්නේ.. ඒකත් මාරම කේස් එකෙක්.. කෙටියෙන් කියනවනම් උන්ගේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් මුගෙන් ෆන් එකක් අරන් ඒ හිලවුවට තමයි මේ පත්තර ටික දෙන්නේ.. එහෙම තමයි අපිට කිවුවේ.. ඇත්ත බොරු ඉතින් නොදනී.. හැබැයි කෝම වුනත් මූ සතියකට පාරක් විතර අපිට කියවන්න පත්තරයක් ගේනවාම තමයි..

පත්තරයක් ගෙනාවම තියෙන ලොකුම අවුල තමයි එක එකා පිටුව ගානේ උස්ස ගත්තම කියවන් යන කතාවේ ආතල්ම හරිය එද්දී ඒ කෑල්ල තියෙන පිටුව උස්ස ගත්ත එකා හොයා ගන්න සෑහෙන ගේමක් දෙන්න වෙන එක.. මටනම් හැමදාම වෙන්නෙම ඕකමයි.. කතා කියෝපු අය දන්නවා ඇතිනේ.. මෙන්න මෙහෙම එක්කෙනෙක් හිටියා, එයාව මම දන්නේ මෙහෙමයි, එයා හරි ලස්සනයි අරකයි මේකයි කියලා ඕන ටිකට එද්දී පිටුව ඉවරයි..ඊලග පිටුව හොයා ගත්තත් අනිත් එකා කියවලා ඉවර නැත්නම් බලාගෙන ඉන්න ඕන ඌ කියවලා ඉවර වෙනකන්.. එතකොට ඉතින් උපයෝගීතාවය බැහැලා ගිහිල්ලා..  අර වෙලාවට තමයි ඉතින්.. හරි ඒවා වැඩක් නෑ ඉතින්..

ඉන්ටර්වල් එකටයි, ඕෆ් පීරියඩ් වලයි පිටු බෙදා ගන්න බැරුව අපේ උන් මරාගන්න එකමයි වැඩේ.. ඔය වෙලාවට ඉතින් සද්දේ වැඩියි කියලා කවුරුහරි කඩා පාත් වෙනවා.. ඒක ඊට වැඩිය බරපතල ප්‍රශ්ණයක්.. මාට්ටු වුනොත් එහෙම ඔක්කොම කරලා හමාරයි.. කෝකටත් කියලා විසදුමක් කල්පනා කර කර ඉද්දී තමයි අපිට පොඩි අයිඩියා එකක් පහළ වුනේ..

අපේ පන්තියේ හිටියා හොදට කතාවට එහෙම දක්ශ පොරක්.. ඔය සිංහල පාඩම වෙලාවට එහෙම පොත කියවන්න අහුවෙන්නෙත් ඌටම තමයි හැමදාම.. අපි කරේ ඌව අල්ලගත්ත එක..

" මේ උඹ කියවපං අපිටත් ඇහෙන්න.."

" පිස්සුද &%$£.. මේවා ඇහෙන්න කියවන ඒවද?"

" කවුද බං උඹට පන්තියටම ඇහෙන්න කියවන්න කිවුවේ.. උඹ ශේප් එකේ කියවපං අපිට විතරක් ඇහෙන්න.."

එදා ඉදන් පත්තරයක් ගෙනාපුවම ආදි කාලේ කතන්දර අහන්න සීයා ලග පොඩි එවුන් එකතු වෙනවා වගේ අපි ඌ ඉන්න හරියට හෙමීට පුටුවත් ඇදන් ගිහින් සෙට් වෙනවා.. හැබැයි ඒක වැඩි ආරක්ෂාකාරීයි.. මොක්ද ඌ කියවන අතරේ වට පිට ආරක්ෂාව ගැන අහන් ඉන්න අපිට බලන්න පුළුවන්නේ.. නැත්නම් ඔය දෙකම එකට කරන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි ඉතින් මේ අළුත් ක්‍රමේ හන්දා පත්තරේ අපි සතියක් යන්න කලින් කියවනවා.. එතකොට අරූට සතියට පත්තර දෙකක් විතර ගේන්න වෙනවා.. ඒ කියන්නේ අර ඇන්ටිලාගේ ගෙදර සතියට දෙපාරක් යන්න වෙනවා.. ඌ හරි පවු නේ ඒ කාලේ.. ;)

දැන් ඉතින් මේ කතාවට අපේ කට උලා සම්බණ්ද නොවුනොත් කිසිම රහක් නැති පෝස්ට් එකක් වෙනවනේ.. උලා නැත්නම් ඉතින් හොදි නැතුව බත් කෑවා වගේ තමයි.. අපේ ටීචර්ස්ලට ඉතින් හිටි ගමන් උගන්නන්න කම්මැලි උනාම එයාල ඒකෙන් ශේප් වෙන්න අපේ ඔළුවට අත අරින එකම බෝම්බයනේ ඔය හදිසි ඇගයීම් කියන්නේ.. පොතේ මැද පිටුව කඩාගෙන ඉතින් එයාලා අයිස් ගහද්දී අපිත් බැන බැන ලියන්න ඕන.. දවසක් ඔය වගේ හදිසි ඇගයීමක් ලිය ලිය ඉන්න වෙලාවක අපේ පිටි පස්සෙන් ලොක්කගේ මධුර මනෝහර ගොරෝසු කටහඬ ඇහිලා අපි උඩ ගියා..

" තමුසේ මොනවද ඔය ඩෙස් එක යට බල බල කරන්නේ?"

සෑහෙන්න නිස්සද්දව තිබුන පන්තිය පිටි පස්සෙන් මේ මනුස්සයා කෑ ගහුව සද්දෙට තව ඩින්ගෙන් හාට් එක ගලෝලා එලියට එනවා.. බොරු කියන්නේ මොකටද මම ලියපු අන්තිම අකුරත් ඇද වෙලා මොකද්ද වුනා ගැස්සුන පාරට.. පිටි පස්ස හැරිලා බැළුවේ කාටද මේ බනින්නේ කියලා.. බැලින්නම් උලාට.. ඌ ඉන්නවා නිකන් උගුඬුවා වගේ බලාගෙන..

" තමුසේ මොකද කරන්නේ? මිස් මොනවද මේ ලමයින්ට කරන්න දුන්නේ?"

ටීචරුත් ඉතින් ඇගයීමක් දුන්නා කියලා එයාටත් ලකුණු දාගෙන ශේප් වුනා.. ලොක්කා හිටියේ පන්තියේ පැත්තෙන් තිබුන පොඩි බිත්තියෙන් එහා පැත්තේ.. ඔතන උඩට යනකන් දැලක් තිබුන හන්දා මේකට මුකුත් කරන්න බෑ.. ලොක්කා පන්තිය ඇතුලටම ආවා..

" අරන් වරෙන් හංඟන් බලපු එක මෙහාට.."

මූත් ඉස්සරහට යනවා මීයා ටයිප් එකෙන් පොතත් අරන්.. ලොක්කා පොත පෙරලලා බැළුවා..

" මිස් මොනවද ඇගයීමට දුන්නේ?"

" විද්‍යාව.."

ලොක්කා අරූ දිහා බැළුවේ කන්න වගේ..

" විද්‍යාව ඇගයීමට සිතියම් අධ්‍යණය පොත බලාගෙනද බූරුවෝ කොපි කරන්නේ?"

එහෙම කියලා උලාගේ කම්මුල් දෙක ටිකක් අතගාලා ලොක්කා යන්න ගියා.. දැන් අපිටත් සෑහෙන්න ප්‍රශ්ණේ මූ මොකද එහෙම කලේ කියලා.. දැන් ටීචර්ටත් කර ගන්න දෙයක් නෑ.. උලාට බනිනවා හොද එකෙන්.. පීරියඩ් එක ඉවර වෙනකන් අපිත් හිටියේ සිහියක් නැතුව මූ මොකද්ද කරේ කියලා දැන ගන්න..

" උඹ මොකද්ද බං කලේ?"

" උඹලා ලියලා ඉවර වෙලා කොලේ ඉල්ල ගන්නකන් මම පත්තරේ බැළුවා බං.."

" යකෝ උඹ ඒක බලනවද මාට්ටු උනේ අරූට.."

" ඔවු බං.."

" කොහොමද තෝ බේරුනේ?"

" අරූ පන්තිය ඇතුලට එන්න මම හිටපු තැන පහු කරන් යද්දී මං ටක් ගලා පත්තරේ අරන් පිටි පස්සට විසි කරා.. මගේ වෙලාවට මෙතන්නට ආවේ නැතුව මට එතන්නට එන්න කිවුවේ.."

ඌට පිටිපස්සේ ඉන්න එකා ඌ විසි කරපු පත්තරෙත් පාගගෙන උලාගේ කතාව අහගෙන හිටියලු.. කොහොමද උලාගේ මොළේ..








Friday, 13 December 2013

සෘංගාරය හා කුණු රසය



සෘංගාර රසය

.....................................................

එක දිගටම වහින වැස්සේ හඬ යාන්තමට වගේ ඇහෙන්න පටන් ගනිද්දී පාන්දරට ලං වෙලා මම හිතන්නේ.. වෙලාව බලන්න වුවමනාවක් නොතිබුන හන්දම ආයෙම ඇස් දෙක තද කරන් ඉද්දී දන්නෙම නැතුව උදේ වෙනකන්ම හොදටම නින්ද ගිහින්.. ඒත් රෑ යාන්තමට පටන් ගත්ත වැස්සේ කිසිම අඩුවක් නෑ.. ටිකක් තදේට ඇවිත් ජනෙල් අතර වදින හුළඟ වැස්ස තව හුඟාක් වෙලාවකට නතර වෙන බවක් නම් කියන්නේ නැහැ.. වින්ටර් එකේ හීතලත් ඉවර වෙලා යන්න වහින වැස්සත් එක්ක ඇඟට දැනෙන සීතල නම් වෙලාවකට දරා ගන්න බැරි තරම්ම.. උදේ එලාර්ම් එකවත් තාම වැදුනේ නැති හන්දා තව ටිකක් වෙලා නිදා ගන්න කියලා හිතද්දි මගේ ලගටම තව හොදට තුරුළු වෙවි උණුසුමක් හොයද්දි මටත් වැඩිය හොදට ඒ හීතල ඔයාට දැනිලා කියලා මට දැනුනා.. වෙනද තරම්ම හීතලක් නොදැනුන හන්දා රෑ නිරුවතින්ම තුරුළු උන ඔයාට දැන් මටත් වැඩිය සීතලක් දැනිලා වගේ.. මං ඇහැරුණු බවක් නොදැන අඬ නින්දෙන්ම මගේ ලගට තුරුළු වෙවී උණුසුමක් හොයන ඔයා දිහා මම ටිකක් වෙලා බලාගෙන හිටියේ යාන්තම් තිබුන උදේ අඳුර අතරින්මයි..

තව තවත් ලං වෙලා ඔයා උණුසුම හොයද්දි මාත් පුළුවන් තරම් ලගට ඔයාව අර ගත්තේ නිරුවත් ඇඟට යාන්තමින් දැනුන හීතල ඉස්සරට වඩා වැඩි උන හන්දා.. වැස්ස නම් තාමත් ඒ වගේ.. හුළග කලින් තිබ්බටත් වැඩිය වැඩි වෙලා වගේ.. වතුර බිංදු හුළගත් එක්ක ගහගෙන ඇවිත් ජනෙල් වල වදින සද්දෙත් යාන්තමට ඇහෙද්දි රෑ ඉදන් තිබුන වැස්ස දැන්නම් යාන්තමට පුංචි අයිස් වැස්සක් වෙලා කියලා මේ හීතලත් එක්ක දැනෙනවා.. හීතලෙන් යාන්තමට හිරිගඩු පිපුන පිට දිගේ යාන්තමට අත අරන් යද්දි අඬනින්දෙන් ඒ පහසට ටිකක් එහා මෙහා වුන ඔයා මගේ පපුවටත් අත දාගෙන තව ලං වෙලා නින්ද හොයන්නේ ඔයා දිහා මම බලාගෙන ඉන්න බවවත් නොදැනම.. තත්පරෙන් තත්පරේ ගෙවෙන්නේ හුඟාක් හෙමින්.. හුළඟේ හඬ කොයිතරම් වැඩි උනත් බිත්තියේ තියෙන ඔරලෝසුවේ තත්පර කට්ට කැරකෙන වේගේ හඬ ඇහැද්දී වෙලාව ඉක්මනට ගෙවෙන්නේ නෑ කියලා හොදටම විශ්වසයි.. ඒත් හිත යටින් ඇහැරෙන්න වුවමනාවක් මටත් නෑ.. හෙමීට ඇඟිළි තුඩු අතරින් එයාගේ ඇඟ දිගේ හෙමීට අත පහලට අරන් ගියේ ඔයා දැන්නම් ඉන්නේ තද නින්දේ නොවෙන බව දැනුන හන්දා.. 

හුඟාක් වෙලා පපුව උඩට වෙලා ඇස් පියන් නිදා ගෙන හිටපු ඔයා හෙමින් උඩට ඇවිත් තොල් සිප ගනිද්දී ඒ දැනුන උණුසුමත් එක්ක දැනුනේ සීතල ඔහේ පා වෙලා ගියා වගේ.. ඒ පහසට ඒ උණුසුමට හිත හුඟාක් මගෙන් දුර අරන් යන්න පුළුවන් කියලා දැනුනේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. යාන්තම් අඬවන් වෙන දෑස් වලින් ඒ මිහිර විදගනිද්දී හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්..

ඇඟිළි තුඩු අතරින් පපුව පිරිමදින අතරේ හුරතල් විදිහට ඔයා තවත් මට ලං වෙද්දී මේ ආදරේ දාලා කොහේවත් දුවන් යන්න හිත කොහොම නම් ඉඩ දෙයිද.. වෙනදටත් තව මොහොතක් හරි දෙකක් හරි ඔය තුරුලෙම ඉන්න හිත කියද්දී අකමැත්තෙන් උනත් නැගිට්ටත් මේ වැස්සත් එක්ක දැනෙන හිතලට අද නම් එහෙම කරන්න හිත ඉඩ නොදෙන තරම්.. මුකුත් නොකියම ඔයාව ආයෙම හොදට තුරුළු කර ගනිද්දී ඇස් වලින් හැමදේම කියෙවුවා වගේ ඔයා මං දිහා බලලා හිනාවෙලා මුණ හංගන් ඉදපු පපුවේ ඉදන් උඩට හාදු තවරන් එද්දී මේ වැස්සේ සීතල තව මොහොතකින් අපේ ඈතට යාවි කියලා හිත හොරෙන්ම වගේ දැන ගත්තා..

ඔය ඇස් වලට එබී ගෙනම ඔය ඇස් අතරේ තවත් ආදරේ හොයද්දී මහ වැස්සත් සීතල හුළගත් ඉබේම අමතක වෙලා යන තරම්..  හැමදාමත් වගේ ආස විදිහට ඔය කෙහෙරැළි අතරින් හෙමින් අත දාලා ඔයාගේ තොල් පෙති මගේ ලගට ලං කර ගනිද්දී  අද දවසම තව හුඟාක් ලස්සන බව ඉබේටම වගේ දැනුනා.. හිත පුරාවටම ඔය ආදරේ විදගන්න මුළු දවසක්ම ඉතුරු වෙලා තියෙද්දී වෙනදා පුරුද්දටම උදේම ඒ මිහිරැති පහස හොයාගෙන ගියේ ගෙවෙන්න තියෙන හෝරා ගානේ ඕනි තරම් නිදහසක් තියෙන බවවත් නොහිතම..

.....................................................

කුණු රසය

.....................................................

උදේ ඉදන්ම වැස්ස එක්ක තිබුනේ කියන්න බැරි හීතලක්.. වෙනදා වෙලාවටම ඇහැරිලා බලද්දී මං ලගම ඇදුමක් වත් නැතුව ඔයාව දකිද්දී මතක් වුනේ රෑ නින්දට කලින් කරපු හැම දෙයක්ම.. කවදාවත්ම බලාගෙන ඉන්න එපා වෙන්නේ නැති තරම් ලස්සන ඇඟ දිහා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නෑ..

පෙරවගෙන හිටපු රෙද්ද අස්සෙන් අත දාලා ඇඟ ටිකක් අත ගෑවේ උදේ පාන්දරම වැඩේට එන්ටර් වෙන්න ඕන හන්දා.. කිසිම ගානක් නැතුව එයත් හොදට නිදි.. මම පස්ස හොදට අත ගෑවා.. ඔන්න එතකොට නම් ටිකක් ඇහැරුනා.. ඇහැරිලා මං දිහා බලද්දීම ඉක්මනට ඇඟ උඩට ගොඩ වුන මම **********************************

......................................................

ඉතුරු ටික හිතා ගන්න අමාරු නෑ කියලා මම හිතනවා.. එකම දේ දෙවිදිහකට නෙමෙයි තමන්ට කැමති ඕනම විදිහකට ලියන්න පුළුවන්.. ඒත් වැදගත් කම තියෙන්නේ තමන්ට වුවමනා දේ කියවන කෙනාට රසවින්දනයක් එන විදිහට ලියන එකයි.. මුලින් ලියලා තියෙන විදිහට කතාව තව දිගට වුනත් ඕන තරම් ලියන්න පුළුවන්.. ඒත් දෙවෙනි විදිහට මට කතාව ලියන්න පුළුවන් ඔතන්නට විතරයි.. ඊට එහා ලියන්න ගියොත් පාවිච්චි කරන්න වෙන වචන මල් පත්තර වල කතා ශෛලියම වෙනවා.. 

හැම දේකම හොද නරක දෙපැත්තක් තියෙනවා.. අද බොහෝමයක් දෙනා කැමති සාහිත්‍ය වට්නාකමකින ලියවෙන සෘංගාරයට වැඩිය කතා කරන භාශාවෙන් ලියවෙන කුණු රසයට.. ඒක  ඉතින් අපිට තහංචි දාලා නතර කරන්න කොහෙත්ම බෑ.. ඒ රසය විදින්න පුළුවන් දේවල් ලැබෙන්න ලැබෙන්න තවත් අය ඒකම හොයනවා ඇරෙන්න ඒ රසයේ අත්මිදීමක් වෙනවා කියලනම් හිතන්න බෑ.. 

මේ අකුරු එක්ක කරන සෙල්ලම වෙලාවකට බොහොම භයානක දෙයක්.. අවසාන ප්‍රතිඵලය මොන වගේද කියලා හිතන්න බැරි තරම් අමාරු දෙයක්.. ඒ නිසා ලියන්න, අසම්මතය වුනත් සම්මත විදිහට.. එතකොට අසම්මතය වුනත් රස විදින්න පුළුවන් කමක් ඕන කෙනෙක්ට ඇති වේවි..





Wednesday, 11 December 2013

කොල්ලෝ කැමති කෙල්ලන්ගේ ඒවා



පහුගිය මාසේ දවසක බස්සිගේ නවාතැන ලියන බස්සී හරි අපූරු ලිපියක් ලියලා තිබුනා.. ඒ තමයි කෙල්ලෝ ඇයි මේ කොල්ලන්ගේ ඇදුම් අදින්න ආස කියලා.. ඒක කියවන්නම වටින පෝස්ට් එකක්.. මෙන්න මෙතනින් ගිහින් එබෙන්නකෝ නවාතැනට.. ඇදුම් වල සුවද ගැන සෑහෙන විද්‍යාත්මකව කරුණුත් එක්කහු කරන් ඒ ලිපිය හරි අපූරුවට ලියලා තිබුනා.. ඒ කරුණු කාරනා කෝම වුනත් කෙල්ලෝ ඕවට කොමත් ආස බව පෞද්ගලිකව දන්න නිසාත් ඒ ලිපියේ කරුණු ආයෙම කතා බස් කරන එක තේරුමක් නැති දෙයක් නිසත් මම යන්නම්කෝ මම කියන්න ආව කාරණේ ගැන කියන්න..

හරි දැන් කෙල්ලෝ වැඩියෙන්ම ආස තමන්ගේ කොල්ලා ඇදන් හිටපු ශර්ට් එකක් හරි ටී ශර්ට් එකක්  හරි අදින එක.. ඒ සුවද එක්ක ඒ මතකයේ ගිලිලා ඉන්න එක.. එතකොට කොල්ලෝ? කොල්ලෝ ආස නැද්ද ඒ වගේ දේකට.. හරි හරි, දැන් කට්ටියට ඉස්සෙල්ලාම හිතට ආව එක මොකද්ද කියලා මම දන්නවා වගේම මම මෙතන කියන්න යන්නේ නෑ.. ඕක ගැන කියන්න ගියොත් සභ්‍යත්වය ගැන අවුලක් එන හන්දා අපි ඒක ගැන වැඩිය කතා නොකර ඉමු..

ඕනම කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සෙල්ලාම දකිද්දී හිත යන්නේ ඒ කෙල්ලගේ ලස්සනට වගේම ඇදන් ඉන්න ඇදුම පැළදුම  දිහාවට.. හැබැයි ඉතින් ලස්සන ඇදුමක් දැක්කම ඒක ඇදන් ඉන්න කෙනා මොන වගේද කියලා බැලෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි.. අවංකවම කියනවනම් මේ මම අයිති වෙන්නේ ඔය දෙවනියට කිවුව කොටසට.. සාමාන්‍යයෙන් මගේ හිතට ආස වෙන විදිහේ ඇදුමක් මම දැක්කොත් ඒක ඇදන් ඉන්න කෙනා දිහත් බලන එක මගේ හැටියක්.. දැන් ඉතින් හිතන්න එපා සඳවතී මේවා කියවන හන්දා මම මෙහෙම කියනවා කියලා.. නෑ ඒක තමයි මගේ පුරුද්ද.. එදා ඉදන් අද වෙනකන්ම..

ලංකාවට වැඩිය ඉතින් ඉතාලියේ මම දැන් ඉන්න පරිසරය සෑහෙන්න වෙනස් නේ.. මේ සංස්කෘතියේ කිසිම දේකට සීමා මායිමක් නෑ.. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඔට්ටුයි.. සීත කාලයට තියෙන මෝස්තර ඒකාකාරි වගේ කියලා පෙනුනට සමර් කාලය කියන්නේ මෝස්තර වලට කිසිම තහනමක් නොවැටෙන කාලය.. දැන් ඉතින් සමර් එකට වැඩි හරියක් ඉන්නේ බාගෙට හෙළුවෙන්නේ ඒ හන්දා කෝමත් බලන්න හිතෙනවනේ කියන වැරදි අවබෝදයට එන්න එපා.. ඒක වැරදියි..

ඇත්ත, සමර් එකට ඇදුමට වඩා පේන්නේ වෙන වෙන දේවල් තමයි.. ඒත් වහගන්නම ඕන තැන් විතරයක් යාන්තම් වහගෙන පාරේ යන කෙනෙක් දිහා සමහර විටක ඒ තරම්ම උනන්දුවකින් නොබැලෙන වෙලාවල් එනවා.. ඒ මෙහෙමයි.. හැම කෙනෙක්ම සුදුයි, ලස්සනයි, ආකර්ශණය වෙන තැන් ප්‍රමාණයෙන් විසාලයි වුනාට ඇදන් ඉන්න ඇදුම මොක වුනත් ඒකේ පාටට අපේ හිත නොයනවනම් කොච්චර දුරකදි වුනත් අපේ ඇහැ ඇදිලා යන්නේ නෑ නේද? හැබැයි ඉතින් ඔය හංඟන් ඉන්න ඕන දේවල් යන්තම් හරි නොපෙනුනත් දණහිස ගාවට විතර දිග තමන්ගේ හිත කැමති පාටකින්, හිත කැමති මෝස්තරේකින් ගවොමක් එහෙම ඇදන් ඉන්න කෙනෙක් දැක්කොත් අපි අනිවර්‍යෙන්ම දෙපාරක්වත් බලනවා.. බලනවාට වඩා බැලෙනවා.. අන්න ඒක තමයි ඇත්ත..

දැන් එතකොට අපි මේ විදිහට කෙල්ලෙක් දිහා බලද්දී වැඩියෙන්ම හිත ගන්න විශේෂිතම දේවල් තියෙනවද? ඒ මොනවද? ඔන්න ඕක ගැන මගේ පෞද්ගලික කැමැත්ත ගැන එකතු කරනවාට වැඩිය මම හිතුවා පොඩි සමීක්ෂණයකුත් කරලම මේ ගැන ලියන්න.. දැන් ඉතින් සමීක්ෂණයක් කිවුවට පාරේ යන මිනිස්සුන්ව අහම්බෙන් අල්ලගෙන මේ වැඩේ කලේ නෑ.. දන්නවනේ ඉතින් මට මේවටම හරි ගිය මට බැන බැන හරි මං අහන එවුවට උත්තර දෙන සෙට් එකක් ඉන්නවා කියලා..

ලයින් අක්කගේ හස්බන්ඩ් මහත්තයා, අර මට ලවු ලෙටර් එක දුන්න පොඩි කෙල්ලගේ තාත්තා, ෆාමසියට අළුතින් ආව වාසගම " පූමා " වුන ඩොකා, ෆාමසියේ පස්ස පිහින කොල පවා හොරකම් කරපු බුවා, දතට කරාඹුවක් දැම්ම දොත්තොරෙස්සා අක්කගේ සෙක්ස් බඩී, අපේ ලොක්කා.. මෙන්න මේ සෙට් එක තමයි මගේ පරීක්ෂණයට මම බලහත්කාරයෙන්ම කාලය නාස්ති කරන් අල්ල ගත්තේ..

" උඹට මේ ඉතාලියේ දැන ගන්න වෙන දේවල් ඇත්තෙම නැද්ද?"

" අහපංකෝ සීසර් ගැන, එට්නා ගිණි කන්ද මරණ්න බැරි ඇයි කියන එක ගැන.. කියන්නම්කෝ හොදට උඹට.."

ඔන්න ඔය වගේ බොහෝම ප්‍රසාදයක් තමයි මගේ ප්‍රශ්ණ අහන්නත් කලින්ම මට ලැබුනේ.. සංතෝසේ බෑ.. නිතරම මේ වගේ පරීක්ෂණ කරන්න ඕන.. මොකද කාගේ කාගෙත් ලේ පිරිසිදු වෙන වැඩ මෙවුවා.. කට්ටියටම එකම ප්‍රශ්ණ ටිකම ඇහුවා වෙන වෙනම සෙට් වෙලා.. කට්ටියට දෙන්න සෑහෙන උත්තර තිබුනා.. ඒ දුන්න උත්තර වලින් හැමෝම දුන්න එක සමාන උත්තර ටික අරන් සංශිප්ත කරලා මම මෙන්න මෙහෙම කියන්නම්.. දැන් ඇවිත් මේ තමයි පිරිම් කැමතිම කෙල්ලන්ගේ මෝස්තර..

  • ·         සුදු පැහැ කලිසම්.. දැන් ඉතින් මේකට ඇඟට හිර හරි යාන්තම් පස්ස වැහෙන කලිසම් හරි මොකක් හරි කමක් නෑ කලිසමක් හැබැයි සුදු පාට..
  • ·         අතරින් පතර කළු කරන ලද රන් පැහැ කොණ්ඬය.. දැන් ඉතින් මේකනම් ලංකාවට කොහෙත්ම අදාල වෙන්නේ නෑ.. මොකෝ රන් පාට කොණ්ඬ තියෙන අය ලංකාවේ ඉන්න එකක්යැ..
  • ·         දණහිස තරමට දිගු වූ අත් නැති පියයුරු තරමක් පෙනෙන කොට ගවුම.. මේක ගැන පැහැදිළි කරන්න ඕන නෑ.. කට්ටියම දන්නවනේ.. මාත් මේවටනම් ආසයිලු..
  • ·         ලෙගින් කලිසම්.. ඔය Yoga Pants කියලා කියන්නේ.. අන්න ඒවා තමයි මේ.. මේවා  තදේට ඇන්දම හරි අපූරුවට පේන හන්දා මම කොහේද මන්දා දැක්කා මේ කලිසම් පිරිමින්ගේ අළුත්ම හොදම මිතුරා කියලා දාලා තියෙනවා..
  • ·         ඇගටම තද වුන ගවොම්.. ඔය මේ Bandage dresses කියලා කියන්නේ.. අන්න එවුවා තමයි මේ..
  • ·         පිටුපස නිතඹ පෙනෙන නොපෙනෙන තරමට විවර වුන ශර්ට්.. මෙවුවා ඉතින් ලංකාවේ නම් අදින්න බෑ.. පිට රටකම තමයි..
  • ·         අඩි උස සපත්තු.. කකුල පෑගුවාම තරු පෙනුනට මොකද මේවත් නරකම නෑ..
  • ·         සමර් කාලයට නම් ශෝට් ශෝස්ට් එක්ක ඒකට ගැලපෙන ඕනම පාටක ශර්ට් එකක්..
  • ·         තොල් ආලේපන.. මෙතනදී තද පාටවල් නෙමෙයි.. හමට ගැලපෙන ලා පාටවල්..

තව සමහරක් එවුවා තිබුනා.. ඒවා ඉතින් ලංකාවේ අයට නොගැලපෙන හන්දා කියන්න යන එක තේරුමක් නෑ.. ඔය උඩින් කිවුව සෙට් එකත් එක්ක කතා කරපු දේවල් වලින් ඒ හැමෝගෙම අදහස් එකට ගැලපුන මෝස්තර ටික තමයි ඉතින් මේ තියෙන්නේ.. දැන් කට්ටිය මේකට කොහොම එකග වෙයිද නැද්ද කියන්නනම් මම දන්නේ නෑ.. හබැයි මගේ නම් කවදත් කෙල්ලෙක් අදිනවා දකින්න කැමති ඇදුම් වලින් උඩින්ම තියෙන්නේ සාරිය..

හරි මගේ පරීක්ශණේ ඔන්න එහෙනම් ඉවරයිලු.. නිගමනය කියවන අයට බාරයි.. පිටින් අපි දකින්න ආස ඇදුම මොන වගේ වෙනස් වුනත් මොන විදිහේ එකක් වුනත් ඔය කෙල්ලෝ කොල්ලන්ගේ ශර්ට් ලග තියා ගන්න ආසයි වගේම කොල්ලො ලග තියා ගන්න ආස ඔය කියපු ඇදුම් වලින් එකක්වත් නෙමෙයි කියලා මගේ පරීක්ශණේට යොදා ගත්ත අයම මට කිවුවා.. ඒ කට්ටිය කතුරු ඔන්චිල්ලා පැදපු මුල් දවසෙම උස්සන් ආව යට ඇදුම තාමත් පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා කියන්නේ.. හැබැයි ඒකනම් ඇත්ත වෙන්නත් ඇති.. මොකද ඔය ෆිල්ම් වලත් කෙල්ල කොල්ලට මතක් වෙන්න තියා ගන්න කියලා අතට දෙන්නේ ඒකනේ..

ශැහ්, මේ පරීක්ශණේ මට ටික කාලෙකට කලින් කරන්න බැරි උනානේ අෆ්ෆා..