Monday, 30 September 2013

සසළ සිතුම් ( කෙටි කතාව )



හැමදාම යාන්තමින් ඇහුන හීන් සුසුම් හඬ දවසින් දවස වැඩිපුර ඇහෙද්දී හිතට දැනුනේ කවදාවත් නොවිදපු තරමේ නොසන්සුං කමක්.. අළුත් තැනක පරිසරයට හුරුවෙන එක ටිකක් විතර අමාරු දෙයක් වුනත් ලංකාව වටේ හුඟක් තැන් වල ඇවිදපු මට මේ හැඟීම කවදාවත් නොවින්ද නුහුරු එකක් වුනා.. ඇත්තටම ඒ හඬ මොකද්ද? හිතට නිතරම එන ප්‍රශ්ණය ඒක වුනත් විමතිය ඇරෙන්න අවසානයේ වෙන කිසිම දෙයක් හිතට එකතුකර ගන්න කවදාවත්ම මට පුළුවන් වුනේ නෑ.. පස්සෙන් දුවලා යන්න සැකය මග හැරව ගන්න කියලා හිතට එන හැඟීම් වල කෙලවරක් නොතිබුනත්  නිතරම හිත එකම තැන බැදලා තියා ගන්න හැඟීමක් මං ලගම හිර වෙලා තියෙනවා කියලා මේ ගෙවුන දවස් කීපයට නිතරම හිතට දැනුනා.. ඒත් ඒක මොකද්ද කියලා කියන්න හරියටම මමත් තාම දන්නේ නෑ..

 වෙලාව පාන්දර දෙකහා මාරට විතර ඇති.. යාන්තමින්වත් අහලකටවත් ආව නැති නින්දක් එක්ක සයනය මත පොර බැදිල්ල හිතට එකතු කලේ විඩාවක් විතරක්මයි.. ඒ කොයි වෙලේ හරි පුරුදු විදිහට සුසුම් හඬ  ආයෙම ඇහෙන්න පටන් ගනී කියලා හිත හොදාකාරවම දන්න නිසා.. කාමරේ බිත්තී ඔරලෝසුවේ තත්පර කටුවේ සද්දය එවෙලේ තිබුන නිහඬ පාළු ගතිය කපාගෙන යන තරමටම තීව්‍ර එකක් වුනා.. විශාල බංගලාවක මම තනිවෙලා නැති වුනත් සොභා දහමත් එක්ක අවට හැදුන පරිසරය මගේ හිතට ගෙනාවේ ඒ වගේ හැඟීමක්..

සුපුරුදු වෙලාව හෙමින් ගෙවෙමින් තිබුනා.. වෙනදට මේ වෙද්දී කිහිප වතාවක් ඇහෙන හිත කීරි ගස්සන සුසුම් හඬ අද පළවෙනි වතාවට ඇහෙන්නේ නැතුව ගිය එක හිතට ගෙනාවේ විමතියට එහා ගිය කුතුහළයක් වුන එක උදාවෙන්න ඉතුරු වෙලා තිබුන හෝරා දෙක තුනෙත් නින්ද අහිමි කරන්න පුළුවන් වුනේ කොහොමද කියන්න මටත් හිතා ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. අදුරට හුරු වුන දෑස් වලින් ලඟින්ම දැක්ක මදුරු දැල දිගේ කළුවරේ හැංඟුන ඉහල දිහා බලාගෙන ඉතුරු පැය ගාන ගෙවුනේ ගොඩාක්ම හෙමින්..

" මහත්තයට රෑ හරියට නින්ද ගිහින් නෑ වගේ.. ඊයෙත් මනස්ගාත ඔළුවට ආවද?"

" මනස්ගාත ඔළුවට එන්නවත් එහෙම දෙයක් නොවුන එක ගැනයි මම මේ හිතන්නේ.."

" මට නම් තේරෙන්නේ නෑ මහත්තයා මේ මොනවා කියනවද කියලා.."

" නෑ සිරිපාල, මේ දවස් ටිකේම ඇහුන සද්ද ඊයේ ඇහුනේ නෑ.. මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා.. ඒක එහෙම වෙන්නත් මොකක් හරි හේතුවක් ඇති.."

ඔහු මං දිහා බලාගෙන හිටියේ මම උන්මත්තක සිතුවිලි වලට පණ දෙන්න අසාර්ථක උත්සාහයක් දරනවා වගේ හැඟීමකින් වුනත් මට දක්වපු ගෞරවය හින්දම ඒ හැම දෙයක්ම ඔහුගේ හිතේම හැංඟුනා කියන එක ඒ ඇස් වලින් තේරුම් ගන්න එච්චරම අමාරු දෙයක් වුනේ නෑ..

" මහත්තයා ඕවා ගැන එච්චරම හිතන්න එපා.. ටික දවසක් යද්දී ඇරිලා යාවි.."

අවුරුදු දහයක ගුරු ජීවිතේ කවදාවත් නොවිදි තරම් වෙනස්ම හැඟීමක් හිත අස්සට හොල්මන් කරමින් තියෙද්දී ගෙවෙන දවස සම්පූර්ණයෙන්ම දැනුනේ මායාවක්  වගේ.. කොයි තරම් කළබල පරිසරයක වුනත් ඔරලෝසුවේ තත්පර  කටුවේ හඬ හිත ගැහෙන රාවයත් එක්ක මුසුව ඇහෙද්දී මේ හැම දෙයක්ම ජීවිතේ කොටසක් වගේම දැනෙන්න අරන් තියෙන එක එක අතකට දැනුනේ මහා වේදනාවක් විදිහට..

" උඹට පිස්සු බං.. සමහරවිට උඹට ඔය ඇහෙන්නේ උඹලගේ ගෙදරම කෙනෙක්ගේ සද්දේ වෙන්න ඇති රහල්.."

" ඒ බංගලාවටම ඉන්නේ මායි සිරිපාලයි විතරයි.. ඉතින් කොහොමද එහෙම දෙයක් වෙන්නේ?"

" සමහරවිට ඔය සිරිපාලම වෙන්න බැරි නැද්ද?"

" නැහැ.. ඒක ගෑණු කටහඬක්.."

" මම හිතන්නේ උඹ නිවාඬුවක් ගත්තනම් හොදයි වගේ.. මේ මාරුවීම අරන් එන්න කලින් වුනත් උඹ නිවාඩුවක් අරන් තිබුනේ නෑ කියලා අපිත් එක්ක කිවුවනේ.."

හිත පුරාම අඳුරු වළාවක් වගේ වහගත්ත හරි හැටි තේරුම් ගන්න බැරි ප්‍රශ්ණයක් එක්ක විවේකයක් නිදහසක් කියන්නේ මොහොතකටවත් ලබන්න බැරි දෙයක් කියන එක හොදටම විශ්වාසයි.. මායාවක් වුනත් එක තැනකදි හැම දෙයක්ම නිරවුල් වෙලා පැහැදිළි වෙලා යන්නේ හුඟක් හෙමින් ගලාබහින දිය පාරක් වගේ.. ඒත් මේ මායාවකට හුඟාක් එහා ගිය දෙයක්.. ඒත් ඒක තේරුමක් නැති සිතුවිළි ගොඩක පැටළුන හුදු මනස්ගාතයක් විතරක්ම වෙන්න පුළුවන් එක සිතුවිල්ලක් විතරක් වුනොත් අවසානයේ මේ හිත නතර වෙන තැන ගැන බුද්ධි මට්ටම කොයිතරම් ඉහල වුනත් කාටවත්ම හරි හැටි කියා ගන්න බැරි වේවි.. ඒත් ඒක ඒ වගේ සිතුවිල්ලක් නෙමෙයි කියන්න මේ හිතට හොදටම ව්ශ්වාසයි..

රස්නයේ ඒ තරම්ම වෙනසක් නොදැනෙන සීතල දහවලට හැඟීම් අපිටත් හොරෙන් අපෙන් ඈතට හුඟාක් අරගෙන යන්න පුළුවන් කියලා දැනුනේ බණ්ඩාරවෙල වතුයාය අතරේ ගෙවපු මේ දවස් කීපයට.. කාලයකට කලියෙන් මේ පරිසරයට හිත හුඟක් ආස කලා.. මේ තරම් ලඟින් හුඟක් කල් විදින්න පුළුවන් වේවි කියලා ඉස්සර නොහිතුනත් අද ඒ ඇල්ම හෙමිහිට නැති වෙලා යන්න පටන් අරන්.. කුඩාවට උස්වුන කඳු පෙලක අතරම මැදි වුන බංගලාව ඈත ඉදන් බලද්දී එය වසාගෙන තිබුන රූස්ස ගස් එක්කම මහා ගුප්ත බවක් එකතු වෙලා කියලා බැළු බැල්මටම පේන්න තියෙනවා..

" ඔය පාළු තැන් වල නතර වෙන්න එපා රහල්.. මේ ලගම තැනක් හොයා ගන්නකන් මාත් එක්ක මගේ ක්වාටස් එකේම ඉන්න.."

" නැහැ සර්.. එතන ඒ තරම්ම කරදරයක් නැහැ.. ඒ නිදහස මගේ ලියන දේවල් වලටත් පහසුවක් වේවිනේ.."

" මන්දා.. ඒත් රහල්ට ඔතන ඉක්මනටම එපා නොවුනොත් තමයි පුදුමේ.."

කඳු පෙල අතරින් ඉහලට නඟින්න ඉදිවුන පුංචි පඩි පෙල අද්දරදි ටික දවසකට කලින් ඇහුන වචන හිත ලඟ දෝංකාර දෙනවා වගේ හැඟීමක් හිතට නිතරම දැනෙන්න වුනා.. ඒ කතාව හිතින් ඈත් කරන්න හුඟක් අමාරු වුනත් හුගක් දේවල් වලට කාලය හිතුවටත් වැඩිය හරස් වෙලා ඉවරයි.. ඒ තරම්ම උනන්දුවක් නොදැනුන හින්දම පඩි පෙල ගාවට වෙලා බංගලාව දිහා බලාගෙන ඉද්දී කල්පනාව හැම දෙයක් අතරෙම හරි ඉක්මනට දුවලා ආයෙම එකම තැනක නතර වෙන්නේ මහ මූසල බවකුත් අරගෙනම..

" අපේ ඉස්කෝලේ මහත්තයාගේ මූණ නම් එච්චරම හොද නැති පාටයි.."

හිතේ හොල්මන් කරන හැඟීම් නිසාම ලගින්ම කටහඬක් ඇහෙද්දි දැනෙන්නේ වෙනදට වැඩිය තිගැස්මක්.. දැන් වුනත් එහෙමයි.. මේ මනුස්සයා කොයි වෙලාවේ මගේ ලගට ආවද කොයිතරම් වෙලාවක් මට කතා කරන්න උත්සාහ කලාද කියලා මම කියන්න දන්නේ නෑ.. ඒත් ඒ කටහඬට මොහොතකට බය වුන මගේ මුහුණ දිහා ඈ බලාගෙන හිටියේ පුදුමයෙන් කියන එක ඒ ඇස් වලින් හොදින්ම පේන්න තිබුනා..

" ඉස්කෝලේ මහත්තයාට කරදරයක් කලානම් සමාවෙන්න.. මම මේ බර කල්පනාවක ඉන්නවා ඈත තියාම දැක්ක නිසයි ටිකක් කතා කලේ.."

" අහ් ඔවු, මම වෙන කල්පනාවක හිටියේ.."

බොහෝ දෙනෙක් විශ්වාස නොකරන සමහරක් හැඟීම් කා එක්කවත් බෙදා නොගෙන ඉන්න එක සමහරක් වෙලාවට හිතට නිදහසක් කියන එක මම දැනගෙන හිටියා.. ඒත් මගේ කෙටි පිළිතුරු වලින් සෑහීමකට පත් නොවුන ඈ මගේ දිහා බලාගෙන හිටියේ වෙනස්ම හැඟිමකින් කියන එක ටික වෙලාවක් යද්දී තේරුම් ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් වුනේ නෑ..

" මට මහත්තයට කියන්න දෙයක් තියෙනවා.."

" මොකද්ද?"

" මේ ගෙදර කලින් නතර වුන හැම මහත්තයෙක්ම ආයෙම යන්නේ ගියේ අසනීප වෙලා එහෙමත් නැත්නම් ඔළුව හොදටම අවුල් කරගෙන.. මට පේන්නේ මහත්තයටත් ඒ දේම වෙන්න යනවා වගෙයි.. මහත්තයා දැන්ම මෙහෙන් යන්න.. මෙතන මහත්තයට ඉන්න හොද තැනක් නෙමෙයි.."

" ඒ ඇයි?"

" කටකතා පණ තියෙන දේවල් වගේ ඉගිල්ලුනාට මහත්තයෝ සමහරක් දේවල් ඇත්ත කියන්න මාත් හරියට දන්නේ නෑ.. ඒත් දන්නේ ටික කාලෙකින් මහත්තයටත් මේ හැම දෙයක්ම ප්‍රශ්ණයක් වේවි කියලා හිතට දැනෙන නිසා.."

බැරෑරුම් වුනත් ඒ වචන අස්සේ හුඟාක් ලොකු දෙයක් හැංගිලා තියෙනවා කියන එක තේරුම් ගන්න අපහසුවක් නොවුනත්, හුඟක් දෙනෙක් වද වෙන්නේ මොකක් නිසාද කියන එක තාමත් මට ප්‍රෙහෙලිකාවක්.. පඩිපෙල ලග වාඩි වෙලා ඉන්න එක ටිකක් වෙලා යද්දීම අනික් හැමදේම වගේම එපා වුන හින්දම බංගලාවේ කාමරය දිහාට ආවේ හරියට ගෙනියන්න බැරි බරක් අරගෙන එනවා වගේ.. ඒ තරමට හිත හුඟක් දේවල් වලින් පිරිලා..

නිදහසක් බලාපොරොත්තුවෙන් ආව කාමරේ හුළඟකින් හැම දෙයක්ම විසිරිලා ගිහින් වගේ අවුල් වෙලා තියෙනවා දැක්කම හිතේ රැදිලා තිබුන හැම දෙයක්ම පරද්දගෙන මේ කාමරේ ඇතුලේ නිතරම රැදුන ඒ මූසල බව හිත ලගට දුව ගෙන ආවා..

" මේ දේ කවුරු කරන්න ඇත්ද?"

හිත මගෙන්ම ඇහුවත් ප්‍රාණයක් නැති දේවල් ගැන විස්වාසය හිතෙන තරමට හිත මේ ගෙවුන දවස් ටිකට බොහෝමයක් වෙනස් වෙලා.. ඒත් මෙහෙම දෙයක් වුනේ ඇයි.. හිත තේරුමක් නැති ප්‍රශ්ණ දිගේ ඔහේ දුවන්න හදද්දී යතාර්ථය ලගට හිත අරන් නතර කර ගෙන හැම දෙයක්ම නිරවුල්ව දකින්න බැරි වෙන තරමටම මොළය වෙනස් වෙලා ගිහින්..

" ඇයි එයා මෙහෙම කලේ.. මොනවද මගෙන් එයාට ඕන කරන්නේ?"

නොපෙනෙන හඬ විතරක් ඇහෙන ඈ දකින්න කතා කරන්න මම උත්සාහ කලා.. අවුල්ව ගිය කාමරේ අතරේ අතරින් ඇවිදින ගමන් ඇස් වලට පේන බොහෝමයක් දේවල් අතරේ හැංගුන ඈ දකීවියි කියලා මගේ හිත විශ්වාස කලා.. පොඩි වෙලවක් වුනත් හිතට දැනුනේ හුඟාක් ලොකු කාලයක් වගේ.. වෙනදා වගේම කාමරේ නිහැඬියාව අතරින් ඇහුනේ ඔරලෝසුවේ සද්දේ විතරයි.. ඒත් මම බලාපොරොත්තු වුන දේ ඒක නෙමෙයි..

" ඔයා කවුද? මට ඔයා එක්ක කතා කරන්න ඕන.. "

කීප සැරයක්ම කතා කලත් හරි උත්තරයක් නොලැබෙද්දී මගේ හඬ මටත් නොදැනිම කෑ ගැහිල්ලක් වුනේ දවස් ගානක් හිතේ තද කරන් හිටපු ආවේගයට.. ඒත් ඒ කේන්තියෙන් පලක් නොවෙන බව දැනන් හිටියා වුනත් හිතට දැනුන අවිවේකි කම හින්දම තවත් වෙලා ඉවසන් ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ මට.. මම ඈට කෑ ගැහුවා..

" මහත්තයා මොකද වුනේ? මම මේ සද්දෙට දුවන් ආවේ.."

මගේ ඔළුව තරමටම අවුල් වෙලා ගිය කාමරය දිහා ඔහු බලාගෙන හිටියේ වචනයක්වත් කතා නොකර.. හිතේ නොසන්සුං කමට හැම දෙයක්ම විසුරවලා දැම්මේ මමයි කියලා ඔහු හිතනවා වගේ හැඟීමකින් මං දිහා බලාගෙන හිටියේ වචනයක්වත් කතා නොකරම..

" මහත්තයා ටිකක් එළියට යන්න.. මම කාමරේ අස් කරලා තියන්නම්.."

" බැහැ.. මට එයාට කතා කරන්න ඕන.."

" කාටද? මොනවද?"

" එයාට, මේ හැම දෙයක්ම කලේ එයා කියලා මම දන්නවා.. මට දැන ගන්න ඕන ඇයි කියලා.."

කිසිම දවසක කෝපයක් නොදැක්ක ඔහුගේ මුහුණේ මං වෙනුවෙන් තරහවක් මතු වෙන හැටි මට හොදින්ම පෙනුන වුනත් ඔහු වචනයක්වත් කතා කලේ නෑ.. මාව අතින් අල්ලගෙන කාමරෙන් එළියට අරන් ඇවිත් සාලේ පුටුවක ඉන්දවපු ඔහු මගේ ඔළුවට අත තියාගෙන මොනවද ගාථා වගයක් කියන්න ගනිද්දි මට පුදුමත් හිතුනා.. මට ඒක නවත්තන්න ඕන වුනා.. මොකද ඊට වඩා මට වුවමනා වුනේ ඇය කවුද කියන එක දැන ගන්න වුනත් ඔහුගෙන් මට ඊට ඉඩක් ලැබුනේ නෑ.. මිනිත්තු කීපයක් ගතවෙද්දී දෑස් ඉබේටම වගේ අඬවන් වුනේ හිත හුඟාක් නිසංසල කර ගෙන..

................................

නින්දෙන් ඇහැරෙද්දී රෑ කළුවරත් හෙමින් වැටෙන්න පටන් අරන්.. සතියකට විතර පස්සේ නිදහසේ දෑස් පියවුන නිසාද කොහේද හිතට දැනුනේ හුඟාක් ලොකු වෙනසක්.. සනීපයක්.. අවුල් වෙලා ගිහින් තිබුන කාමරයේ හැම දෙයක්ම පිළිවෙලයි.. සංසුන්.. ඒත් මගේ හිත?

කාමරෙන් එළියට එන්න හදද්දීම දෙපා පොළවට තදින් අල්ලගෙන වගේ මාව නතර වුනේ ආයෙම ඒ සුසුම් හඬ හෙමින් කාමරයට එපිටින් ඇහෙද්දී.. මගේ හිත දුවලා ගියේ කාමරේ ඔරලෝසුවට.. රෑ හතට කිට්ටුයි.. වෙනදට මැදියමත් පහුවුනාට පස්සේ හිතට වද දෙන සිතුවිළි අද වෙනදටත් කලින් මට වද දෙන්න පටන් අරන්.. ටික වෙලාවකට වුනත් නිදහසේ ලැබුන නින්දේ පහස ඊට වඩා විදගන්න පුළුවන් කමක් තවත් හිත්ට තිබුනේ නෑ.. ආයෙම පුරුදු සිතුවිළි ගොඩ එකින් එක හිතට වද දෙන්න ගත්තා..

සාලයේ කෙළවරකින් කුස්සිය පැත්තට වෙන්න දැල්වුන ලයිට් එකකින් වැටුන පුංචි ආලෝකය ඇරෙන්න අනික් හැම තැනක්ම අදුරෙන් වැහිලා.. ඒත් හැම දෙයක්ම හොදින් හුරු පුරුදු හන්දම අඳුර අතරේ වුනත් ඒ අවට දේවල් දකින එක එච්චරම අමාරුවක් වුනේ නැහැ.. යන්තමට ඇහෙන සුසුම් හඬ ඇහෙන්නේ බංගලාවේ උඩ තට්ටුවෙන් කියන එක හොදටම විශ්වාසයි.. ඒත් මේ බංගලාවේ නවතින්න ඇවිත් ගෙවුන දවස් එකකවත් උඩ තට්ටුවට යන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ.. පුළුවන් කමකට වඩා වුවමනාවක් ආවෙත් නැහැ.. ඒත් දැන් ඒකට හොදම වෙලාව..

සිරිපාල කුස්සියේ කියන එක හොදටම විශ්වාසයි.. සාලය මැදින් අඳුර අතරෙම හෙමීට ඇවිදන් ඇවිත් උඩ තට්ටුවට යන පඩිපෙල ලග මොහොතක් නතර වුනේ හිතේ තියෙන තැති ගැන්ම එන්න එන්නම වැඩි වෙමින් තිබුන හන්දා.. පාළුවයි නිහැඬියාවයි එක්ක මගේ හිත මටම කතා කරන හඬ වෙනදටත් වැඩිය හොදින්ම ඇහුනා.. ඒ එක්කම ඒ සුසුම් හඬ..

ලීයෙන් තැනුන පඩිපෙලේ අත් වැට අල්ලද්දී වෙවුලුව අත හිතේ තියෙන තිගැස්ස්ම කොයි වගේද කියන එක හොදටම තේරුම් කරලා දුන්නා.. පළවෙනි පියවර නගිද්දිම පාළුව අතරින් නැඟුන් ලීයෙහි හඬ මොහොතකට මාව එතනම නතර කලා.. වාසනාවකට වගේ සිරිපාලට කිසිම දෙයක් ඇහුනේ නෑ.. සෙරෙප්පූ දෙක පැත්තකට කරලා ඇගිලි තුඩු වලින් ඉහලට නැඟුනේ ආයෙක කිසිම සද්දයක් නොඇසෙන්න.. ඉහළ හුඟක්ම අඳුරුයි.. ඒත් ආලෝකයක් අරගන්න පුළුවන් කමක් නොතිබුන හන්දම නුපුරුදු අඳුරත් එක්ක පොර බදින්න ටික වෙලාවකට සිද්ද වුනා..

පටු කොරිඩෝව දිගේ ඇවිදන් යද්දී සුසුම් හඬ තවත් ලගින් ඇහුනා.. අපි අතර රැදුන දුරස හුඟාක් අඩුයි කියලා දැනෙද්දී හිතේ ගැස්ම තව තවත් වැඩියෙන් දැනුනා.. යාන්තමින් පිටතින් ආව ආලෝකය හන්දම කොරිඩෝව කෙළවර ටිකක් එළිය වෙලා තිබුනා.. ඒ ගැන හිතට දැනුනේ සතුටක්.. කොරිඩෝව කෙලවර තිබුන පුංචි දොරක් ලග කළු ලෝගුවක් ඇග ලා ගත්ත කවුරු හරි ඉන්න බව ඒ ආලෝකය අතරින් පෙනුනා.. ඒ කවුරු වුනත් කොරිඩෝවේ පිටුපසින් මාත් ඉන්න බව ඒ කෙනාට දැනුනේ නෑ.. ඒ ඇය වෙන්න ඇති.. මට හිතුනා..

පියවර කීපයක දුරක් තියාගෙන ඈ ලගට මම එනකන්ම ඈට කිසිම දෙයක් දැනුනේ නෑ.. ඈ නිසොල්මන්.. හරියට ප්‍රාණයක් නැති දෙයක් වගේ.. හුඟක් වෙලා හිතේ හිර වෙලා තිබුන බය ටිකක් විතර මගෙන් ඈතට යන්න ගිහින්.. ඒත් තවමත් යාන්තමින් දෑත වෙවුලන බව මට හෙමීට දැනෙන්න වුනා.. මෙච්චර වෙලා ඇහුන සුසුම් හඬ දැන් නැති වෙලාම ගිහින්.. සමහරවිට මම ලග බව ඈට දැනුනා වෙන්න ඇති.. ඇඟිලි තුඩු මානෙක දුරකට එන තරම්ම හැම දෙයක්ම තිබුනේ සංසුන්ව.. ඒත් මගේ ඇඟිලි තුඩු ඒ ගතේ දැවටෙන්නත් කලින්ම මං දිහාවට හැරුණ ඇගේ තිබුනේ පියකරු මුහුණක්.. ඊට වඩා ලස්සන අය මීට කලින් දැකලා තිබුනා වුනත් ඇගේ හැමෝටම වඩා වෙනසක් තිබුනා..

" ඔයා කවුද?"

අපි අතර ටික වෙලාවත් තිබුන නිහැඬියාව නැති කරන්න මම උත්සාහ කලා.. ඒත් ඇයට කතා කරන්න වුවමනාවක් තිබුන බවක් පේන්න තිබුනේ නෑ.. නිහඬවම මං දිහා බලාගෙන හිටියා.. ඈ ලස්සනයි.. ඒත් ඇය ගැන දැන ගන්න තියෙන උනන්දුව ඒ හැම දේකටම වැඩියෙන් මට දැනෙන්න වුනා..

" කතා කරන්න.. මම කැමතියි ඔයා ගැන දැන ගන්න.."

මං දිහා තවත් ටික වෙලාවක් බලාගෙන හිටපු ඇය කොරිඩෝවේ ආළොකය වැටුන තීරය දිගේ ටිකක් එහාට ඇවිදන් යන්න වුනා.. මං ඒකට අකමැති වුන නිසාම ඇයට නවත්වන්න උත්සාහ කලත් මට ඇයව අල්ලන්න බැරි උනා.. වළා රොදක් අතරින් අතඟිලි පාවෙලා යන්න වගේ ඇය මගෙන් ගිලිහුනේ ඈ කවුද කියන එක ගැන මට නිහඬවම කියා දෙන ගමන්.. කොරිඩෝවේ ආලෝකය රැදුන අනික් කෙළවර හිටගත්ත ඇය කුඩා කවුළුවෙන් එළිය බලාගෙන හිටියා.. ඇය ගැන දවස් ගානක් පුරාවට හිතේ රැදුන බය දැන්නම් පොඩ්ඩක් වත් නැති තරම්.. ඈ එළියේ බලාගෙන ඉන්න දෙයට වඩා ඇගේ ඇස් දිහා බලන්නයි මට වුවමනා වුනේ.. ඒත් ඒ ඇස් දුකකින් වැහිලා තිබුනා..

" මේ අහන්න, මගෙන් ඔයාට කරදරයක් නෑ.. මට ඕන කතා කරන්න විතරයි.."

වළාවක් වගේ ලග දැවටුන ඈ ලගට මං ලං වෙන්න උත්සාහ කලා.. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට ඇගේ මුහුණ වෙනස් වුනේ හරියට හීනයක් වගේ.. සුන්දරත්වයෙන් මුසුවෙලා තිබුන ඇගේ මුහුණ ක්ශණයකින් විරූපී වුනේ මාව ඈට කරදරයක් විදිහට දැනුන නිසා වෙන්න ඇති.. පියවරක් ආපස්සට ආවත් නොහිතපු විදිහට හුළගේ පා වෙලා වගේ ඇවිත් කොරිඩෝවේ බිම පතිත වුනේ එකේ ලී පොලවේ සද්දෙත් එක්කම.. මා ලගම හිටි ඇය අදුර අතරෙම ඇගේ විරූපී මුහුණ හංගගෙන සැගවෙලා යද්දී වෙදනාවට හෙමිහිට දෑස් පිය වෙලා ගියා..

..............................

හිස පුරාවට දැනුනේ වේදනාවක්.. හිස පුරාවට බැදුන වෙළුම් පටි දිගේ හිස තුලටම වේදනාව තද කරනවා වගේ දැනුනේ.. අමාරුවෙන් නැගිටින්න උත්සාහ කලත් ගත ඒකට වාරුවක් වුනේ නෑ..

" මහත්ත්යා මොකද වුනේ?"

" සිරිපාල මම ඊයේ රෑ ඇයව දැක්කා.."

" කවුද?"

" හැමදාම රෑට අඬනවා ඇහෙන්නේ.. මට ඊයේ රෑ ඇයව මුණ ගැහුනා.."

" මහත්තයා, මහත්තයට තාම හොදටම සනීප නෑ.. ඒ නිසා ටිකක් විවේක ගන්න.. දැන් වත් ඔය මනස්ගාත් අත ඇරලා දාන්න.."

" මනස්ගාත නෙමෙයි සිරිපාල.. මම දන්නවා.. ඇය ඉන්නවා.."

" ඒ කොහොමද?"

" ඊයේ රෑ උඩ තට්ටුවෙදි මම ඇයව දැක්කා.. මම කතා කරන්න උත්සාහ කලා.."

" ඒක වෙන්න බෑ මහත්තයා.."

" බෑ නෙමෙයි සිරිපාල.. එයා මොහොකට හරි බය වෙලා හිටියේ.."

" මහත්තයෝ, මහත්තයා මේ විකාර දේවල් නිසා හොදටම කලබල වෙලා.. අපි යමු දොස්තර කෙනෙක් ලගට.."

" නෑ සිරිපාල.. එහෙම ඕන නෑ.. අපි අද රෑට උඩ තට්ටුවට යමු.. මම සිරිපාලට මම කියන දේ ඇත්ත පෙන්නන්නම්.."

" මහත්තයා මේ ගෙදර උඩ තට්ටුවක් නෑ.."

මොහොතකට නිහඬ වුන හැම දෙයක්ම අතරේ මගේ හිත ගැහෙන හඬ හොදින්න ඇහෙන්න වුනා.. ඒ වුනත් ඔහුගේ කතාව විස්වාස කරන්න පුළුවන් තරම් මානසිකත්වයක් මගේ ලගට ආවේ නැහැ..

" ඒත්.."

" මහත්තයට විශ්වාස නැත්නම් එන්න.. මන් පෙන්නන්නම්.."

ඔහුගේ වාරුවෙන්ම සාලය දිගේ ඇවිදන් යද්දී හිසට දැනුන වේදනාව උල් ආයුධයකින් මොළය තුලට යවනවා වගේ වැඩියෙන් වේදනා දෙන්න වුනා.. අඳුරේ රාත්‍රියේ නැවතුන තැන තිබුනේ පුංචි කාමරයක්.. ඒත් කිසිම ලී පඩි පෙලක් නෑ.. එතකොට මම රෑ ඇවිදන් ගියේ? ඒ හැම දෙයක්ම මට හොදට මතකයි..

" මම රෑ කුස්සියේ උයද්දී සාලෙන් සද්දයක් ඇහිලා එද්දී මහත්තයා මෙතන වැටිලා ඉදියා.. කරුවලේ ඇවිදන් එන්න ගිහින් පය පැට ලෙන්න ඇති.. කෑම මේසේ පුටුවේ ඔළුව වැදිලා තුවාල වෙලා ලේ ගිහින් තිබුනා.. ඒ හන්ද මහත්තයට සිහිය නැති වෙලයි තිබුනේ.."

" ඒත් එහෙම වෙන්න බෑ.. මම ඊයේ ඇයව දැක්කා.. හුඟක් ලගින්.."

" මහත්තයා මම මෙහෙම කියනවට සමාවෙන්න.. මම හිතන්නේ මහත්තයා තේරුම නැති දේයක් ගැන හිතලා  හිත අවුල් කරන්.. අපි යමු දොස්තර කෙනෙක් ලගට.. ඒක හොදයි.."

මං වටේ තියෙන හැම දෙයක්ම කැරකෙනවා වගේ මට දැනුනේ.. එතකොට මේ සිද්දවුන හැම දෙයක්ම මායවක්ද? එහෙමත් නැත්නම් හීනයක්ද? කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිසට දැනුන වේදනාව තවත් වැඩියෙන් දැනෙන්න වුනා.. හරියට ඔළුව පුපුරලා යන්න වගේ.. මම තදින් ඔළුව අල්ලගෙන ලගම තිබුන පුටුවක වාඩි වුනේ කිසිම දෙයක් ගැන හරිහැටි හිතා ගන්න බැරුව..

ගෙවුන දවස් කීපයට සිද්ද වුන හැම දෙයක්ම මට හොදින්ම මතකයි.. හමුවුන හැම දෙයක්ම වගේම ඇගේ සුරූපි මෙන්ම බියකරු මුහුණත් මට හොදටම මතකයි.. ඒත් ඇත්තටම වුනේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරද්දී හිසට දැනෙන වේදනාව තව තවත් වැඩියෙන් දැනෙන්න වුනා ඇරෙන්න කිසිම දේකට පිළිතුරක් හිතා ගන්න මේ හිතට බැරි වුනා..

ඇත්තටම ඒක මායවක්ද? හීනයක්ද? එහෙමත් නැත්නම් පිස්සුවක්ද?



නිමි..






Thursday, 26 September 2013

රාගිනී






මා රාගිනියට පෙම් බදීදැයි සිතේ..

මේ වදන් පෙල දැකිත්ම ශ්‍රීනිවාසන්ට මෙන්ම මටද පිස්සුයැයි ඔබ සිතනවා විය හැකිය.. ඇය යකින්නකි.. එය සත්‍යකි.. නමුදූ ඈ මනුශ්‍ය හදවතකටත් එහා ගිය ප්‍රේමයක් පිරූ යකින්නකි.. එය බොහෝ දෙනෙක් පිළිගනීදැයි මා නොදනිමි.. එහෙත් මගේ හිත එය පිළිගැනීමට සූදානම්ය.. එහෙයින් මගේ සිතේ රාගිනියට ආදරයක් ඇති වීම පුදුමයක්යැයි මා නොසිතමි.. යකින්නක් වුව, ඇගේ ගතිපැවතුම් මගේ හිතේ විශේෂ තැනක් ගැනීමට සමත් වූ බව කිව යුතුමය.. ඒ ගතිගුණ බොහෝ කල් සිටම මා සෙවූ ඒවාදැයි සිතෙන තරමටම ඈ මගේ සිත තුලට කා වැදී ඇත..

ඈ රූමත් විය හැක.. එහෙත් අකුරු අතරේ මවන්නට උත්සාහ කල ඒ රූමත් කම මාහට එතරම්ම ඉස්මතුව නොපෙනින.. ඒ ඇයිදැයි මා නොදනිමි.. ඒ ගැන සිතන්නටද මම කාලය වැය නොකරමි.. විරූපීයැයි හැමෝම සිතූ ඔහුට පෙම් කරන්නට සිතූ ඇගේ සිතේ රූමත් බව විනා ඇගේ පෙනුම කෙබදුදැයි සිතීම නිශ්පලයැයි සිතේ.. නමුදු ඇය යකින්නකි.. ඇගේ ශාපයෙන් මිදෙන්නට ආ යකින්නකි..

මට තවත් රාගිනි තුලට එබෙන්නට ඇත්නම් යැයි සිතේ.. ඒ බොහෝ තැන් වලදී ඈ තුලින් මට මාවම කතාව තුලට ගෙන ඒමට හැකියාව ලැබූ හෙයිනි.. එය කොතරම් සාර්ථකදැයි මා නොදනිමි.. එහෙත් එසේ කරනට මා කිසිසේත්ම පසුබට නොවූවෙමි.. එහෙත් මා තුලින් වඩාත් ඉස්මතුවූයේ ශ්‍රීනිවාසන්යැයි සිතීම වඩාත් සුදුසුය.. සැකය හැරෙන්නට අනික් සෑම අතකින්ම මා ඔහුට සමානය.. එහෙයින් මට රාගිනියට පෙම් කිරීමට අයිතියක් ඇත.. මා ඇයට පෙම් කරමි.. ඇය යක්ෂණියකි.. ඒ මා හැරුණු කොට සිටිනා අනික් ලෝකයාට පමනී..

පලු ගසේ සංගීතය ගැන මා දන්නා මුත් එය ගැන කතා කිරීමට මට සිත් නොදේ.. එය හුදෙක් අතීතයක් පමණක්මය.. එහෙයින් මා එය අමතක කරලන්නට උත්සාහ දරමි.. බොහෝ දුරකට මා ඊට සමත් වන මුත් අසමත් වන අවස්ථාද නැතැයි කීම මුසාවකි.. යඟදාවකින් වැරෙන් ඔළුවට ගසන්නාක් මෙන් මොහොතකින් හැම දෙයක්ම මොළය පුරා දිවුවද නෙතු ලගට එන නුඹ ඒ හැමදෙයක්ම මගෙන් අරගෙන මා සතපවන්නේ දෙවඟනක් මෙන්ය.. එය මායාවක්ද මා නොදනිමි.. නමුදු මා එයට පෙම් කරමි.. ඒ සැනසුමට පෙම් කරමි..

රාගිනිය තුල වූ සියුම් හදවත මා දැකීමට උත්සාහ කරමි.. එය අන් කාටවත් නොපෙනන බව මා දනිමි.. අන් හැමෝටම ඈ දෙපා පොළව මත නොගැටෙන තැනැත්තියක වුවද මට ඉන් පලක් නැත.. ඇයට පෙම් කරනුයේ මා පමනකි.. ඇය පෙම්කරන්නේද මට පමනකි.. එය ඇයද හොදින්ම දැන සිටින්නීය.. පලු ගසේ සංගීතයට එහා ගිය සොදුරු මිහිරි කවිකමක් ඈ මා තුලින් විදිමින් සිටින්නීය.. ඇය හුදී ලෝකයාට නොපෙනෙන බව දැන ගැනීමට ගෙවුන කාලය ප්‍රමාණවත්ය.. ඔවුනට මගේ විරූපි බව ගැටළුවක්ය.. පලු ගසේ සංගීතය අතරින් මා මරන්නැයි අනේක විට කීවද එය නොඇසෙන සේ හිදීමට තරම්ම නුඹ වෙනස් වී ඇත.. නුඹ මා හා පෙමින් වෙලී ඇත..

මාද එසේමය.. එහෙත් එක් වෙනසක් ඇති බව පිළිගතම යුත්තේය.. සපුරන්නට ආසාවෙන් බොහෝ කල් බලා හිදි එක් පැතුමක් නිතර හිත පාරවන්නේය.. එය නුඹට තේරුම් ගත් හැකිදැයි මා නොදනිමි.. එසේ වීනම් මා සතුටින් ඉපිලෙන තරම නුඹටද සිතාගත නොහැකිය.. නමුදු එය එසේ නැත.. නුඹට මා සිත කියවන්නට නොහැක.. ආත්මයේ සිට දවාගෙන මුළු ගතම පෙලන ඒ හැගීම නුඹට කෙදිනක හෝ නොහැගෙනු ඇත.. මා සැබවින්ම දැවේ.. එහෙත් එය යටපත්කරනු විනා කල හැක්කක් මා නොදනිමි.. ඒ මා නුඹට පෙම් කරන බැවිනි..

මනසේ සුන්දරත්වයට පෙම් කල යුතු බව මා සිතට කා වැදුන දින සිටම මා දැවෙන ගින්න යටපත් කිරීමට මා බොහෝ උත්සාහ කලෙමි.. අවසානයේ මා සාර්ථක වීමී.. එහෙත් අවසානයේ මා නුඹ ලග අසාර්ථක වන විට යටපත් කර ගත් ගින්නෙහිම මා තව තවත් දැවෙන බව මා හොදින්ම දන්නෙමි.. එහෙත් එය නුඹට නොවැටහෙනු ඇත.. එය එසේ වේනම් මා සතුටු වෙමි.. මන්දයත් මා නුඹට පෙම් කරමි.. සැබවින්ම පෙම් කරමි.. නුඹ යක්ශියක නොවන බව මා ස්තීරවම දන්නේය.. එය අන් අයට තේරුම් කිරීමට මා හට කිසිදු උනන්දුවක් නැත්තේය.. රහසේම මා නුඹට පෙම් කරමි.. සදා නොවෙනස්ව මා නුඹට පෙම් කරමි..



රාගිනිය,
ම්රුදු මොලොක් සිත්වලට
ආදරය තවරා පල කිම.
වැරෙන් මුගුරු අරගෙන
නුඹ නසන්නට
උන් එනකොට..

සගවමු සත්‍ය
අදුරු ගල් ගුහාවක
පන්සක වසරක පෙම
ලියමු ගලන දිය මත
හිස් වුන හදවතට මට
ඉඩ දෙන්න කාව්‍යක් ලියන්න..

නුඹ දෙපා ගැටේවි
යලිදු මේ පොළව මත
ප්‍රේමය හැරදා නොයාවි
ගෙවුන සක වසර තරමට
ඉඩ නොදෙමි මම පාව යන්නට
දුම් වළාවක්ව නුඹට අහසට..



අති විශේෂයි : මලයාතුර් රාමක්‍රිෂ්ණන් ලියූ මහින්ද හත්තක පරිවර්තනය කල " රාගිනී " නව කතාව කියවීමෙන් පසුව අන්ද මන්ද වී ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න..

Monday, 23 September 2013

අහම්බෙන් හමු වුන ඇය



එකින් එක ඇදුම් ගැලවෙන්න ගතවුතේ තත්පර ගානක් විතරමයි.. රතුපාටින් හැඩ වුන යහන පෙනුනේ දඟකාරකම් වලට ආරාධනාවෙන් බලාගෙන ඉන්නවා වගෙයි.. හැඟීම් වලට කිසිම විදිහකින් බාදාවක් තිබුනේ නෑ.. නග්න වුන සිරුරු වල පහස ඒ මොහොත වෙද්දීත් හොදටම දැනෙමින් තිබුනා.. පුළුන් රොදක පාවෙලා යන හැඟීමක් එක්ක යහන අපිව පිළිගත්තේ හුඟාක් වෙලා බලාගෙන ඉදලා කියලා දැනුනා වුනත් ඒ ගැන හිතන්න තරම් වෙලාවක් අපි ලග තිබුනේ නැහැ.. අමුතුම සීතලක් දැනුන ඒ තොල් පෙති අතර හාදුව විදගනිද්දි පියවුන දෙනෙත් අතරින් රැදිලා හිටිය ලෝකයක තනිවෙලා හිටියේ අපි විතරයි.. නුඹ ආගන්තුකයි.. ඒත් ඒ සීමාවේ හිත නතර කරන්න තරම් වුවමනාවක් අපිට කොහෙත්ම දැනුනේ නෑ..


තොල් පෙති වල පහස අතරෙම සිනිදුවට කම්මුල් වලට පහස දැනුන කෙස් රොද අතරේ දෑගිලි දැවටුනේ හරියට ඒ ගැන බලාපොරොත්තුවෙන් හිටියා වගේ.. හැම දෙයක්ම අතරෙම ඒ ලා නිල් පාට ඇස් වලට එබෙද්දී දැක්කේ අනුරාගයක්.. ඒ අනුරාගයේ බැල්මට හිත සම්පූර්ණයෙන්ම යටත් වෙලා.. තොල් පෙති අතරින් මිදුන ඒ සීතල තොල් පපුව මත දඟ කරා.. පපුව අතරට හෙමින් එබුන ඇඟිලි තුඬු හැඟීම් පුබුදු කරමින් පහලට ඇදිලා යද්දී හෙමින්ම දෑස් පියවුනේ ඊට අවසර දෙමින්...

..........................................

නෝර්මැන්ඩ් මුහුදු වෙරළේ දහවලේ තිබුනේ අමුතුම වෙනසක්.. යාන්තම් සිසිළසක් අරගෙන හමාගෙන ආව හුළගත් ඒ තරම්ම සැරට රැළි නොනැඟුන වෙරළ හොයාගෙන පැරීසියෙන් තරමක් දූර ඈත වෙරළට හුඟක් දෙනෙක් එන්න කැමති. ඒ මෙතනදි දැනෙන වෙනස නිසා කියන එක හිතා ගන්න ඒ තරම්ම අපහසු දෙයක් නෙමෙයි.. ලෝකේ වටෙන්ම එන සංචාරකයෝ අතරට මම තවත් එක සංචාරකයෙක් විතරයි.. අතුරු සිදුරු නැතුව පිරුණ වෙරළ තීරය දිගේ ඇවිදන් යන එකත් වෙලාවකට කරදරයක් වගේ දැනුනා වුනත් මේ කාලට මේ දේට මූණ දෙන්න බලාගෙනම මේ වෙරළට එන්න ඕන.. වෙරළේ හුදෙකලාව ඇවිදින එක හිතට නිදහසක් ගේන සුන්දර දෙයක් වුනත් අද නම් ඒකට ඉඩක් නැති ගානයි..

ඈතින් තද නිල් පාටත් වෙරළට ලං වෙන්න තිබුන ලා කොල පාටට හුරු නිල් පාටත් නෝර්මැන්ඩ් වල සුන්දරත්වය තවත් හුඟාක් ඈතට අරන් ගියා.. අමාරුවෙන් හොයා ගත්ත පුංචි ඉඩක හොයාගෙන ආව නිදහස විදගන්න ලෑස්ති වුනත් ඒකට ලැබෙන ඉඩ අඩු බව හිත හොදින්ම දැන ගෙන හිටියා.. ඉර හරියටම මුදුන් වෙලා කලින්ටත් වැඩියෙන් රස්නය නැගෙද්දී තවදුරටත් වතුරට නොබැහෑ ඉන්න බැරි තරමටම හිත ඒ ලගට ඇදිලා ගියා.. ඒත් කෝ ඒකට ඉඩක්.. අතුරු සිදුරු නැතුව පිරුණ වෙරළ තීරය ඇවිස්සුන කුඹි ගුලක් වගෙයි..

තව ටික වෙලාවක් එහෙම ඉන්නම හිතාගෙන බිමින් ඉද ගනිද්දී අහම්බෙන් වගේ නෙත ගැටුන දෙයින් ඇස් දෙක ඈතට ගන්න හිතක් වුනේම නෑ.. ඒ සරාගී රුව ගැන කොයි විදිහට විස්තර කරන්නද කියලා හිතා ගන්නත් බෑ.. හමේ පාටටම හුඟක් ලගින් යන්න ඇග දවටාගෙන හිටපු තිසරපට එක්ක ඒ සරාගි බව තව තවත් හොදට වැඩි වෙලා තිබුනා.. නිරූපිකාවකගේ වගේ පිරුපුන් සිරුර එක්ක සුන්දරව හිටිය ඇය දිහා නෙත් යොමු වෙලා තිබුනේ මගේ විතරක්ම නෙමෙයි කියලා දැනෙන්න ගත වුනේ පුංචි වෙලාවක් විතරයි..




මාත් බලාගෙන හිටියා.. දකින ඕන කෙනෙක්ම ඈ දිහා බලාගෙන ඉන්න ආසවෙන සිරුරක් නිතැතින්ම ඈට හිමි වෙලා තිබුනා.. ඒ ගැන ඈත් ආඩම්බර වුනා කියලා ඇගේ ගමනෙන් හොදටම තේරුනා.. ඇගේ තෙත කොණ්ඩයෙන් ගලාගෙන ආව දිය බින්දූ මඟ හරින්න ඇය කොච්චර උත්සාහ කලත් කම්මුල් අතරින් ලගාගෙන ඇවිත් පපුවට වැටුන දිය බින්දු ඇගේ පිරුණ හංසයින් අතරින් පහලට බේරෙන හැටි මං හිටි තැනට ඈ ලං වෙද්දි දකින්න මේ දෑස් වලට හැකි වුනා.. 


 parfois plage ne suffit pas de regarder, non?

ලාලිත්‍යයෙන් ඇහුන ප්‍රංශ වචන වල තේරුමක් නොවුනත් ඒ ඇස් දිහා මොහොතකට හරි බලන්න ලැබුන එක ගැන හිත රහසින්ම වගේ සතුටු වුනා..  ඒ මුහුණ දිහා බලලා හිනා වුනේ ඊට වැඩිය ඇසුරකට ඇරයුමක් ලැබෙයි කියලා හිතාගෙන වුනත් දෑසින් හිත පතුලටම වදින බැල්මක් හෙළුව ඇය මගෙන් ඈතට යන එක මම බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි.. ඒත් ඇය පහුවුන ගමන්ම ආපහු හැරිලා ඈ දිහා බැළුවේ මෙච්චර වෙලා බලාගන්න නොලැබුන දේත් දැක ගන්න..

....................................................

දිගින් දිගටම නැගුන සුසුම් හඬ කලින්ට වඩා වේගයෙන් ඇහෙන්න වුනා.. විදුලි පහන් කීපයකින් එළිය වුන කාමරය පුරාවට තිබුනේ රාගික බවක්.. යාන්තමින් බිත්ති අතර නැඟුන සෙවනැලි සිරුරු අතර රසයෙන් මුසපත්ව හිදියදී ඒ තරමටම ලං වුන සිරුරු වේගයෙන් අරමුණ වෙත ඇදෙමින් තිබුනා.. සුසුම් හඬ සිහින් කෙඳිරිල්ලක්ව නැගෙද්දී කලින්ටත් වඩා තදින් අපි ලං වෙමින් හිටියා..

අවුල්ව ගිය රතුපාට ඇද ඇතිරිල්ලේ කෙලවරකට මිරිකුන ඇගේ දෑත ඈ හිතින් විදිමින් හිටපු ලෝකය මොන වගේද කියලා හොදින්ම කියන්න වුනා.. විනාඩි ගානකින් නොදැක්ක ඒ ලා නිල් පාට ඇස් ආයෙම වතාවක් දකින්න වුවමනා වුනත් ඈව ඒ ලෝකයෙන් මුදවන්න හිතට වුවමනාවක් තිබුනේ නෑ..

සියුම් ඇඟිලි තුඩු පිට දිගේ දඟ කරමින් තව තවත් මාව ඈ ලගටම ලං කර ගනිද්දී හිත අස්සෙන් පුංචිම හරි ආදරයක් ඇති නොවුනාම නෙමෙයි.. ඒත් ආදරේට ඉඩක් අපි අතර නෑ කියලා හොදටම විශ්වාසයි.. ආදරයට වැඩිය මේ මොහොතේ මිහිරට හිත වැඩියෙන්ම ඇදිලා ගිහින්.. යන්තමින් විවර වුන දෑස් වලට එබී ගෙනම තව තවත් ඈ තුලටම වුන මට ඉන් මිදෙන්න වුවමනාවක් වුනේ නෑ..

.....................................................

දවල් වරුවම වෙරළේ ගෙවිලා ගියේ ඇය ගැන හිතේ රැදුන මතකයත් එක්කම.. ඉදහිට වෙරළ දිහාවට එබිකම් කර කර ඇයව සෙවුවේ ඒ සුන්දරත්වය ආයෙම දකින්න හිතේ තිබුන වුවමනාවට.. අඩ නිරුවතින් වෙරළේ ඇවිදින අය ඕන තරම් හිටියත් ඇගේ තරම් හිත ඇද ගන්න සුන්දරත්වයක් ආයෙම දකින්න පුළුවන් වුනේ නෑ.. හිත කොච්චර වෙන තැන් වලට දිවුවත් එක තැනක නතර කරලා තියා ගන්න ඒ ලා නිල් පාට ඇස් ඉඩ දුන්නෙම නෑ..

සවස ගෙවිලා ගියේ අරමුණක් නැතුව පාළුවෙන් වුනත් ආයෙම ඇයව දැකින්න නොලැබුන එක ඒ හැම දේකටම වැඩිය තදින් දැනෙන්න වුනා.. ඈත තද තැඹිළි පාට අහසත් එක්ක මුහුද එකතුවෙන දිහා හුඟාක් වෙලා බලාගෙන හිටියේ ඒ අතරින් ඉදහිට වගේ අපිව පෙනුන නිසා.. කඬවුන එක බලාපොරොත්තුවක් එක්කම ආයෙම නිකේතනයට ආවේ දිය මත ලිවුව එක අපූරු කතාවක් එහෙමම අත ඇරලා දාන ගමන්.. ආයේ කොහොම ඇයව දකින්නද? හිතේ තිබුනේ තේරුම් ගන්න බැරි පසුතැවිල්ලක් විතරයි..

පැරීසියේ රාත්‍රියේ සුන්දරත්වය විස්තර කරන්න කාටවත් බැරි වේවි.. මට වුනත් එහෙමයි.. ජීවිතේ පළවෙනි වතාවට නොයෙක් පාට එළි අතරින් ඇවිදන් යද්දී හිතට දැනෙන ඒ හැඟීම හරිම අපූරුයි.. මැදියම එළඹේනකන්ම්ම නින්දක් නොආපු දෑස් වලින් ඒ අපූර්වත්වය හොදට විදගත්තේ හුඟක්ම ආසාවෙන්..

නිකේතනයේ එළිමහනේ පැවති රාත්‍රී සාදය දිහාවට නෙත යොමු වුනේ අහම්බෙන් වගේ.. රැදෙන්න තරම් වුවමනාවක් නොවුනත් සවනතට වැටුන මිහිරි සංගීතය නිසාම එතන මොහොතක් හරි රැදෙන්න හිත ආස කලා.. ප්‍රංශයේ මිදි වයින් එකක රස විදින ගමන් සාදයට එක් වෙන අතරේ බලාපොරොත්තු නොවුන විදිහට ඈව සාදයේ දැක්කම අමතක වෙලා තිබුන හැඟීම් හැම එකක්ම ආයේ එකින් එක ඔළුවට එන්න ගත වුනේ මොහොතක් විතරමයි..

නිතඹ යාන්තමින් වැසුන රතු පැහැ ගවුමට ඒ සුන්දරත්ව තවත් කැපිලා පෙනුනා.. ගැඹුරටම කැපුන ගවොම් කරෙන් මිරීකී වුන් හංස යුගල නිදහසක් ලැබෙනකම් බලාගෙන හිටියා වගෙයි දැනුනේ.. මදුවිතින් පිරුන ඒ දෑස් වල කලින්ටත් වඩා මත් බවක් තිබුනා.. ලගට ගිහින් කතා කරන්න තරම් වුවමනාවක් හිතට ආවත් ඈ ගතේ දැවටෙමින් නර්ථනයේ වුන් තරුණයන් නිසාම ඒ ආසාව හිත ඇතුලෙම හිර ගත්තේ සතුටකින් නෙමෙයි..

ගෙවිලා ගිය හැම තත්පරයකම දෑස රැදුනේ ඈ ලග.. අතින් අතට මාරු වෙමින් ලලිත්‍යට හැමෝගෙම සිත් සනසද්දී පුංචි ඊර්ශ්‍යාවක් ඇති නොවුනම නෙමෙයි.. හුඟක් වෙලා ඈ දිහාම බලාගෙන ඉද්දී ඒ දෑස් අහම්බෙන් වගේ මං ලගට යොමු වුනා කියලා දැක්කම දැනුනේ හිත ඇතුලටම හී සරක් වැදුනා වගේ.. මත් බවින් පිරුණ දෑස් මාව ඈ වෙතටම අඬගහද්දී දෙපා නොදැනුවත්වම ඈ දෙසට පියමැන්නේ ඒ ආකර්ශණය නිසාමයි..

නොනැවතුන සංගීතයේ රාවයට පැද්දෙමින් තිබුන සිරුරු එකින් එක හමුවෙද්දී අවට හැම දෙයක්ම අමතක වෙලා ගියේ එක මොහොතකින්.. ඇගේ ඉනවටා යැවුන දෑත් වලින් තවත් ඈව ලං කර ගනිද්දී ප්‍රාණවත් වෙමින් තිබුන හැගීම් වලට සිමා මායිම් බිදගෙන ඈතකට යන්න වුවමනා වෙලා තිබුනා..

......................................................

දෑස් වලට එබීගෙන විදපු මිහිර වචනෙයෙන් කියන්න බැරි තරමටම සුන්දරයි.. ඇග පුරා නැගෙමින් තිබුන සිහින් දහදිය නළල දිගින් හෙමින් බේරෙමින් තිබුනා.. ඒකාකාරි බවින් මිදෙන්න හිතාගෙන මා මතට නැඟුන ඇයගේ සුන්දරත්වය තවත් හොදට පෙනුනා.. යාන්තමින් දහඬියෙන් නැහැවිලා තිබුන සිරුරේ තැනින් තැන දහඬිය බිදු විදුළි එළියට දිළිසෙද්දී සිතුවිළි තව තවත් ප්‍රබෝදමත් වුනා..



තොල් පෙති අතර දඟ කරපු ඔය තොල් හෙමිහිට නළලත කම්මුල් සිප ගනිද්දී රෑ යහනට ආගන්තුන නොවුන ඇය මා මත දග කලේ මාව සම්පූර්ණයෙන්ම ඈට නතු කරගෙන.. සිහින් කෙදිරිල්ලත් එක්කම වේගයෙන් පාවුන සිරුරු හැම දේකම අවසානයට එමින් තිබුනා කියලා අපි දෙන්නටම තේරුනා.. ගතවුන විනාඩි කීපය අතරේ දැනුනේ හැම දෙයක්ම නිසල වුනා වගේ.. මොළය ඇතුලටම කා වැදුන එක මිහිරක් එක් නිමේෂයකට මුළු සිරුර පුරාවටම දුව යද්දී පිහාටුවක් වගේ පාවෙලා ඇවිත් පපුව මතම මුහුණ හොවා ගත්තේ ආදරයෙන් නෙමෙයි වුනත් ඒ හැඟීමේ අපූර්වත්වයක් තිබුනා..