Monday, 12 August 2013

ප්‍රංශ නිවාඩුව ඉවරයි - වසර තුනයි



කියවන්න මෙතනින් ...

ප්‍රංශ නිවාඩුව ඉවරයි - වසර තුනයි




අවුරුදු තුනක් කියන්නේ ජීවිතේ පැත්තෙන් බැළුවොත් නම් සෑහෙන පුංචි කාලයක් කියලා හිතෙනවා.. මොකද දැන් හරි ඉක්මනට කාලය ගෙවිලා යනවනේ.. සමහර වෙලාවට දවසේ පැය 24ත් මදිදෝ කියලා හිතෙන තරමටම වේගයෙන් කාලය දැන් ගෙවිලා යනවා.. ඔය අස්සේ ඉතින් අපිත් වයසට යනවා.. ඒක වෙනම කතාවක්..

බ්ලොග් අවකාශයට ඇවිල්ලත් දැන් දන්නෙම නැතුව අවුරුදු තුනක් ගෙවිලා ගිහින්.. ඒත් දැනෙන්නේ නම් හරියට තාම හැම දෙයක්ම අද ඊයේ වගේ.. අමාරුවෙන් බ්ලොග් එකක් හදාගෙන පළවෙනි පෝස්ට් එකටේ වෙද්දී බුකියට ලිවුව කවියක් දාලා බ්ලොග් එකක් පටන් ගත්තා තාමත් හොද හැටි මතකයි.. බ්ලොග් වලට එන්න කලින් හැම දේම වෙලා තිබුනේ බුකිය තමයි ඉතින්.. අඩුම ගානේ දවසට එක කවියක් වත් නොදැම්මොත් හිතට නිකන් දවස් වල හරි නෑ නෑ වගේ.. ඉස්සර ඒකටම හරි ගිය කාණ්ඩයකුත් බුකියේ හිටියා.. දැන් නම් ඉතින් ඒකෙන් ටිකක් ඈත් වෙලා හිටියත් ඉස්සර ලියපු දේවල් තාම මතක් නොවෙනවාම නෙමෙයි.. ඔය අපේ ආලවන්ත හුදෙකලාව ලියන දිනිති දීපිකා අක්කා දවස් වල සුන්දරත්වය ගැන කියන්න තවත් එක උදාහරණයක් වේවි.. ඒකනේ අපේ යාළුකම කාලේ ඉදන්ම තාමත් විදිහටම තියෙන්නේ..

මම මේ ගැන කලිනුත් කියලා තියෙනවා.. බ්ලොග් ගැනවත්, බ්ලොග් කියන්නේ මොකද්ද කියලවත්, අඩුම ගානේ මෙහෙම දෙයක් තියෙනවද කියලවත් මම දැනන් හිටියේ නෑ.. අහම්බෙන් වගේ මාව මේ පාරට ඇදලා දැම්මේ මගේ මල්ලි පුබුදුවා.. මට තිබුනේ බ්ලොග් එකටම කියලා ජීමේල් එකවුන්ට් එකක් හදලා බ්ලොග් එකට ඕන නම තීරණය කරන්න විතරයි.. අනික් හැම දේම මට කරලා දුන්නේ මලයා.. මට තිබුනේ පෝස්ට් ලියන එක විතරයි.. අනික් හැමදේම බලා ගත්තේ මලයා.. මාව මෙච්චර ලොකු ගමනකට ඇදලා දාපු උඹ අපි හැමෝටම නොකියා ජීවිත ගමනෙන් ආයෙම නොඑන්නම ගිය දුක තාම මේ හිතේ ගොඩක් ලොකුවට රැදිලා තියෙනවා.. උබව මතක් වෙන උඹව වුවමනා වෙන වෙලාවල් තාමත් තියෙනවා.. ඒත් අවාසනාවට වගේ උඹ අද මගේ ලග නෑ.. කොහොම වුනත් උඹ හොද තැනක ඇති කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා..

කවි වලින් පටන් ගත්තු බ්ලොග් ගමන දැන් සෑහෙන දුරක් ඇවිත්.. අන්තිමට බුකියටත් සමුදීලා පුර්ණ කාලීනවම මගේ විවේකය බ්ලොග් වලට යොමුවුනේ ඇත්ටටම මේකට තිබුන ආසාව නිසා.. ඇත්තටම ඉස්සර මම ලියන්න දක්ශ නෑ.. දැනුත් එහෙම තමයි.. ඒත් වෙනසකට තියෙන්නේ මොනවා හරි දෙයක් ලියන්න ඕන කියන උනන්දුව හිතේ වැඩ කරන එක.. හැබැයි මගේ තියෙන එකම අඩු පාඩුව සිංහල භාශාවේ තියෙන හැම රීතියක්ම හොදින්ම නොදන්න එක.. ඉස්කෝලේ යන කාලේ මේ උනන්දුව නොතිබුන එක ගැන ඇත්තටම මම දැන්නම් පසු තැවිලි වෙනවා.. ඒත් දැන් ගැන හිතන්න කාලය නෙමෙයි.. ගිය දේ ගියා..

කවි වලින් ඒකාකාරි වෙලා තිබුන බ්ලොග් එකට කතාන්දර එකතු වුනා.. ඊට පස්සේ මගේ ජීවිතය, මගේ අතීතය හැම දෙයක්ම මේ අතරට එකතු වුනා.. සිහිනයක් වෙලා තිබුන හැම දෙයක්ම වර්ණවත් වුනේ මම වර්ණයට මාරු වුනත් එක්ක.. මන්දගාමීව ආව මගේ ගමන ටිකක් වේගවත් වුනේ මම වර්ණයට මාරු වීමත් එක්ක කියලා ඇත්තටම මම පිළිගන්න ඕන.. හිට්ස් සහ කමෙන්ට්ස් ගැන නෙමෙයි මම මේ කියන්නේ.. මට ඒවා එදා තිබුනෙත් නෑ.. අදත් මහ ගොඩක් ඇත්තෙත් නෑ..

මම කියන්නේ කියවන පිරිස ගැන.. බ්ලොග් ලියන අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කියවන පිරිස.. ඇත්ත, හැමෝම හැමදාම අපි ලියන දේවල් කියවන් එන්නේ නෑ.. ඒත් අයගේ රසයට ගැලපෙන ලිපි ලැබෙද්දී අනිවාර්යෙන් පිරිස් අපි ලියන දේවල් කියවන්න එනවා.. මග පෙන්වීම ශක්තිය තරම් වෙන කිසිම දෙයක් මේ බ්ලොග් ලෝකයෙන් අපිට ලබා ගන්න බෑ.. මේ ගෙවුන අවුරුදු තුනට පන්සීයකට වැඩි කියවන්නන් පිරිසක් එකතු කර ගන්න පුළුවන් වුන එක ගැන මම අහිංසකවම සතුටු වෙනවා.. හැම කෙනෙක්ටම මම හදවතින්ම ස්තූති කරනවා.. මොකද මේ හැමෝම තමයි මගේ මේ ගමනට ශක්තියක් වුනේ.. කමෙන්ට් එකක්වත් නැති හිට්ස් බොහෝම අඩු පෝස්ට් මුල් කාලයේ වැටෙද්දී අඩුම ගානේ දවසට එක්කෙනෙක් වත් අළුතින් කියවන්නෝ එකතු වුන අතීතයක් තිබුන නිසයි අද මට මේ විදිහට අවුරුදු තුනක සතුට සමරන්න පුළුවන් කම ලැබුනේ..

ගෙවුන අවුරුදු තුන එක්ක බලද්දී දැන් නම් බ්ලොග් අවකාශය සෑහෙන්න ඉස්සරහට ගිහින්.. අළුතින් ගොඩක් අය එකතු වෙන කාලයක් බවට පත් වෙලා.. අළුතින් එන නිර්මාණකරුවෝ පරණ අපිට වඩා හොද මට්ටමේ නිර්මාණ කරන බව අවංකවම පිළිගන්න ඕන.. ඒක ඇත්තටම සතුටක්.. අපේ මුල් කාලයට වඩා බ්ලොග් අවකාශය වෙනුවෙන් හැදුන ගෲප්, සින්ඩි දැන් බොහෝමයක්ම තියෙන එක නවකයන්ට වගේම අපිටත් ගොඩක් ලොකු පිටුවහලක්..

බ්ලොග් අවකාශයේනම් දැන් මගේ ලොකු බලාපොරොත්තූ නෑ.. නෑ කියන්නමත් බෑ.. එකක් තියෙනවා.. ඒකත් ඉටු වේවි කියලා හිතනවා.. දැන් නම් හිතේ තියෙන ලොකුම ආශාව පොතක් ලියන එක.. ඒකත් දැන් සැළසුම් කරලා තියෙන්නේ.. බොහෝවිට ඒකත් ලබන අවුරුද්ද වෙද්දී සපුරා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.. අවුරුදු තුනක් ගෙවුනට මගේ අඩුපාඩු තාම ඇති.. මම නෑ කියන්නේ නෑ.. හැබැයි ඒක මටත් වැඩිය හොදට දැනෙන්නේ නිතරම මම ලියන දේ කියවන්න එන මේ හැම කෙනෙක්ටම.. ඉතින් මම කැමතියි හැම දෙයක් ගැනම විවෘතව මාත් එක්ක කියනවනම් මම හුඟක්ම කැමතියි..

හරි, ප්‍රංශ නිවාඩුව ඉවර කරලා ඔන්න මම ආයෙම ආවා.. ගැනනම් ලියන්න දේවල් ගොඩයි.. සමහර දේවල් නම් ප්‍රසිද්ධියේ ලියන්න පුළුවන් දේවලුත් නෙමෙයි.. ඒත් ඉතින් සංයමයකින් ලියන්න බැරි කමකුත් නැහැනේ.. කෝකටත් බළධාරියාගේ අවසරය අරන් ඉන්න එක හොදයි.. පහුගිය මාස කීපයේ මගේ ජීවිතය ගැන, මගේ අතීතය ගැන ලියන දේවල් ටිකක් දුරට මඟ හැරිලා නිර්මාණාත්මක දේවල් වැඩියෙන් එළියට ආව නිසා ආය්ම පරණ සුපුරුදු ලිපි පෙලට යාමේ වුවමනාවක් තියෙනවා.. තාම නිකන් නිවාඩුව ඉවර වෙලා ආව ගමන් හන්දා තාම හිත පැත්තේ.. හන්දා තව ටික දවසකින්ම ලියන්නම්..

එහෙනම්, මේ ගෙවුන කාලය පුරාවටම මාත් එක්ක ඉදලා මාව දිරිමත් කරපූ හැමෝටම ආයෙමත් අවංකවම ස්තූතිවන්ත වෙනවා.. ඉදිරියටත් වර්ණයත් එක්ක මේ වගේම එකතු වෙන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා..



අහ්, කේක් ඕන නේද? පහුගිය උපන්දින දෙකේදිම වගේම ඔන්න මේ පාරත් මේස දෙකක්ම දැම්මා..




අපේ අක්කලා නංගිලා මේපැත්තට එන අතරේ,




අයියලා මල්ලිලා මේ පැත්තටට ඇවිත් යන්න..



මේස මාරු වෙන්න ඕන අයට කිසිම තහනමක් නැත..