Wednesday, 27 February 2013

Fairy Tale of Dinesh - Chapter 4

මෑඩ් අංකල්ගේ සපත්තු ගේ ඇතුලට යනකන් හිටියේ ඉවසීමේ රතු කට්ට පැනලා.. දොයියන්න කාමර පෙන්නනම් කිවුවට මේ මනුස්සයා මගේ එක්කෙනා එක්ක කියවනවා විතරයි කාමරේ පෙන්නන පාටක් නෑ.. ඉවසපන් පපුව කියලා මාත් බලාගෙන හිටියා.. කතාවෙන් කතාව කෝම හරි කාමරේ ලගට ආවා.. එයා කාමරේට යන්න හදද්දිම වගේ මාත් කාමරේට එන්න හැදුවා..

මල්ලි කොහේද යන්නේ ?”

අංකල් එක පාරම මගේ අතින් අල්ල ගත්තා.. මට දැන් හොදටම තදවෙලා..

කාමරේට දොයියන්න..”

ශී ශී මල්ලි.. මල්ලි එන්න මාත් එක්ක දොයියන්න..”

මං අංකල් දිහා ආයෙම කෝකටත් හොදට බැලුවා කියන්න බෑනේ..

නෑ මම මේකේ ඉන්නම්..”

ඔය දෙන්නා බැන්දේ නැති එකේ තාම එකට ඉන්න හරි නෑනේ.. අනික මේ ඇලිස් තාම පොඩි කෙල්ලනේ..”

අරයත් නිකන් සවුත්තුවට හිනාව.. ඒ වුනාට මූණේන් පේනවා මම ආවනම් කැමති බව.. ඒත් මොනා කරන්නද? මේ අංකලුත් එක්ක බෑ.. හිතට තට්ටුවක් දාලා හිත හදාගෙන අංකල්ගේ කාමරේට ගියා.. හාවෝ, මීයෝ පූසෝ ඔක්කොම ඒකේ පිරිලා.. ඒ අස්සේ මාත් වැටිලා දොයියගත්තා.. හෙට කෝම හරි හුක් අංකල්ට නොපෙනී යන්නත් ඕනනේ..

අනේ අරයා මොනා කරනවද දන්නේ නෑ..”

මම එයාව මතක් කරගෙන එක අතක් පපුවටයි අනික් එක තව තැනකටයි තියලා සනීපෙට නිදා ගත්තා.. පහුවදා උදේම අර හාවා ඔරලෝසුවක් වීසි කරලා දමලා ගැහුවම ඇහැරුනා.. පූසා මගේ බඩ උඩ.. මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. මෑඩ් අංකල් තාම නිදි.. මම හෙමීට නැගිටලා අරයගේ කාමරේ පැත්තට ආවා.. දොර ලොක් කරලත් නැති එකේ හෙමීට ඇතුලට එන්න ආවා..

අම්මෝ කොළ පාට යකෙක්..”

මට එක පාරම කෑ ගැහුනා.. මටත් වැඩිය උස මහත කොල පාට බාදුරා මල් වගේ කන් දෙකක් තියෙන්න කෙල්ලෙක් දැක්කම එක පාර බය නොවී කෝමද?

කෑ ගහන්න එපා මැට්ටෝ.. මේ මම..”

අහ්.. ඔයාට මේ මොකද වුනේ..”

මටත් අරයට වගේ සාපේ තියෙනවා අනේ..”

ඉතින් මං ඔයාව කිස් කල වෙලේ ඒක හරි ගියේ නැද්ද?”

නැහැ.. මේකට පහනක ඉන්න යකෙක්ගේ මන්තරයක් ඕන..”

දැන් හොයපංකෝ යකෙක්.. මෙයාටත් නැති කරදරයක් නෑ.. තව ඉස්සරහට මොන මොන බාල්දි වැටෙයිද දන්නේ නෑ.. ඒත් මොනා කරන්නද මගේ ලව් එකනේ.. මොනා හරි කරලා බේර ගන්නත් එපැයි.. මම ටිකක් ලං වුනා.. පවුනේ කෙල්ල.. හොරාට උම්මා එකක් දෙන්න ඕන.. ලං වෙන ගමන් මම හිතුවා..

මල්ලි හිතුවේ මං නිදි කියලා නේ..”

මෑඩ් අංකල් කොහේදෝ ඉදන් ගාන්ට වෙලාවට මැද්දට පැන්නා.. කියලා වැඩක් නෑ.. අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ.. මොනා කරන්නද ඉතින්.. මෑඩ් අංකලුත් බය වෙලා වගේ අරයා දිහා බලන් ඉන්නවා.. මම සීන් එක ඔක්කොම අංකල්ට හෙමීට කිවුවා..

මම නම් දන්නවා පහනක ඉන්න යකෙක්ව.. හැබැයි ඒකව හොයාගෙන සෑහෙන දුර යන්න ඕන..”

මෙයාව බේර ගන්න එකත් ලේසි නෑ.. මම තනියම කල්පනා කලා.. අංකල් තව මොන මොනවදෝ කියෙව්වා.. ඒ එක්කම වගේ කාමරේට හොදට ඉර පායලා ආවා.. කොළ පාටට හිටිය එක්කෙනා ආයෙම චොකෝ පාටට දිළිසෙන ගත්තා.. මාත් බලන් හිටියා.. ආසාවේ බෑ..

උදේට කාලා ඉක්මනට ලෑස්ති වෙලා එන්න ආවා.. මෑඩ් අංකල් කියන විදිහට හුක් අංකල් සෑහෙන නපුරුයි ලු.. එයත් බේරිලා ඉන්නේ බොහොම අමාරුවෙන් කියන්නේ.. එයාට හරි එයාගේ නැවේ කාට හරි අහු වුනොත් ආයේ ගැලවිල්ලක්ම නෑලූ.. වෙලාවකට හිතෙනවා මේ මනුස්සයා වැඩියෙනුත් එක්ක දාලා කියනවද කියලා.. ඒත් වෙච්ච දේවල් එක්ක මේවත් මොනවද?

ටිකක් යද්දී කැලේ හැමතැනම දුමෙන් වැහිලා.. මේ වෙලාවට මීදුම වෙන්න බෑනේ.. හොරෙන් කැලේ කපන උන් ඇවිත් කැලේ ගිණි තියලද? මම එහෙමත් හිතුවා..

අර දළඹුවා මේ ලගම ඉන්නවා..”

ඊඊඊඊ දළඹුවා..”

අරයා එක පාරම කෑ ගහන් මගේ ඇගට පැන්නා.. මාත් ටක් ගාලා අල්ල ගත්තා.. දැන් මෙයා මගේ ඇගේ එල්ලිලා මූණත් හංගගෙන.. හෆ්ෆේ කියලා වැඩක් නෑ..

ඇයි මොකද උනේ?”

මම ඔය දළඹුවෝ, හැකරැල්ලෝ, කූඩැල්ලෝ ඔක්කොමටම බයයි..”

හා හා.. එහෙනම් ඔහොම ඉන්න..”

නිකන් හම්බුවෙන චාන්ස් මොකට අත ඇර ගන්නවද? පොඩි එකා වගේ එයා මගේ ඇගේ එල්ලිලා.. මාත් වඩාගෙනම ටිකක් දුර ඇවිදන් ගියා.. ටිකක් දුර යද්දී දුම වැඩියිත් එක්ක.. ලාවට කැස්සකුත් ආවා..

ඇලිස් මෙහේ එන්න..”

දුම අතරින් කවුද කියනවා ඇහුනා.. ඒ එක්කම වගේ දුම ටිකකට අඩු වුනා.. අපි ඉස්සරහම කොටයක් උඩට වෙලා බෙන්සන් එකකුත් බීගෙන දළබුවෙක් ඉන්නවා.. උගේ ලග තිබ්බ ඈෂ් ට්‍රේ එකේ අළු පිරිලා.. බිම හැම තැනම ෆිල්ටර්.. මගේ ඇගේ එල්ලිලා හිටිය කෙනා ඉක්මනට බැස්සා.. බය නැති උනාවත්ද? අපරාදේ.. මම හිතුවා..

මේ මම මෑඩ් අංකල්ටත් කිවුවා ආයේ එන්න එපා මට ඇලිස් කියන්න.. ආයේ ඔය දුම උරන්න වෙන්නේ නෑ..”

දළඹුවත් දුම උරන එක දාලා මෑඩ් අංකල් දිහායි මගේ එක්කෙනා දිහායි බලනවා.. මෙයා නොදන්න අයටත් මෙහෙමනම් ඉස්සරහට මට කොහොම වෙයිද? දැන් ඉතින් ඔව්වා හිතලා වැඩක් නෑ.. කෙල්ලගේ සාපේ ඉවර කරලා බැඳගන්න ඕන.. මම හිතුවා..

වැඩිවෙලා කතා කර කර ඉන්න වුනේ නෑ.. එක පාරම අපි ඉන්න හරියට කඩා පැන්නේ මිනිස්සු ටිකක්.. ඇස් වහගෙන කඩු අතේ තියාගෙන.. මේ නම් හුක්ගේ මිනිස්සු වෙන්න ඕන.. වටේට වට වුන කට්ටිය හැටියට අපිට කිසි දෙයක් කරගන්න වුනේ නෑ.. අපරාදේ තාත්තගේ රාජකීය කඩුව.. මෑඩ් අංකල්ගේ නිල් පූසා හිනාවක් දාලා එක පාරම අතුරුදහන් වුනා.. ඌ වගේ එකෙක්..

අත පය ඔක්කොම ගැට ගහලා ලීයක ගැට ගහන් අපිව නැවට අරන් ගියේ හරියට අපේ ගමට ලබු කරායා ලබු එල්ලන් එනවා වගේ.. ඔළුව පල්ලෙහට එල්ලන් ඇවිත් ඔක්කොටම වැඩිය අමාරුයි.. 

අදුරු කැලෙන් එළියට එද්දිම තිබුනේ මුහුද.. මුහුද මැද නැව.. පුංචි බෝට්ටුවෙන් අපි කෙලින්ම නැවට..බෝට්ටුවට නගිද්දිම ඉන්නවා මෑඩ් අංකල් කිවුවා වගේම නපුරු මිනිහෙක්.. ඒ නම් හුක් වෙන්නම ඕන.. ඒ එක්කම එයාගේ සේනාව.. මායි මගේ එක්කෙනයි මෑඩ් අංකලුයි පූසයි මේ පැත්තේ තනි වෙලා.. මුකුත් කරන්න විදිහකුත් නෑ.. ඒ මදිවට අත පයත් ගැටගහලා.. එහෙම නොවුනා කියලත් කරන්න පුළුවන් මහ ලොකු දේකුත් නෑ..

පීටර්, වස්තුව හංගලා තියෙන තැන හොද හිතින් කියනවද නැද්ද?”

පීටර්.. කවුද බොලේ පීටර්? අපේ කාගෙවත් නම් එහෙම නැති නිසා සද්ද නැතුව හිටියා.. මම හිතුවේ හුක් එයාගෙම කාගෙන් හරි ප්‍රශ්ණ අහනවා කියලා.. කවුරුවත් කාතා කරපු නැති හන්දද කොහේද හුක් කේන්තියෙන් මගේ ලගට ඇවිත් දකුණු අතේ තිබ්බ කොක්ක මගේ බෙල්ලට දාලා ඇදලා ගත්තා..

අංකල් මම පීටර් නෙමෙයි..”

එහෙම කිවුවා නෙමෙයි කිය වුනා.. ලැජ්ජාවයිත් එක්ක.. ඒත් කරන්න දෙයක් නෑ.. අංකල් මහ හයියෙන් කෑගහන්න ගත්තා.. මම දන්න වස්තුවක් තියෙනවයි.. තියෙන එකම වස්තුව තමයි මේ බේරගෙන ආවේ.. ඒකත් මේ කොහේවත් යන නාකියෙක්ට දෙන්න පුළුවන්ද? මම හිතට හයියක් ගත්තා.. ඒත් අත් දෙකත් පිටිපස්සට ගැටගහලා තියෙද්දී ඒ හයියෙන් වැඩක් නෑ..

නැවේ කණුවකට තියලා අපි ඔක්කොමලාව වටේට ගැට ගැහුවා.. පවු වැඩේ හැංගී හංගී හිටපු මෑඩ් අංකලුත් අපි හන්දා හුක්ට අහු වුනා.. බේරිලා යන්න අදහසක් එන්නෙත් නෑ.. කල්පනා කර කර හිටියා.. හුක්ගේ මිනිස්සුත් උන්ගේ වැඩ වල.. අපි ගැන ගානක්වත් නෑ වගේ.. පැනලා යනවනම් හොදම වෙලාව.. ඒත් කෝමද පනින්නේ?

හිත හිත ඉද්දී අපිව ගැට ගහලා තිබුන ලණු ලිහෙනවා දැනුනා එකපාරම.. කවුද කියලාවත් පෙනුනේ නෑ.. ඒත් ලණු ලිහුනා.. දැන් අපි ඒකෙන් නම් නිදහස්.. ඒත් කවුද ඒක කලේ.කියලා හිතද්දිම අපි ඉස්සරහා මතු වුනේ මෑඩ් අංකල්ගේ නිල් පූසා.. කට කණ ලගට අරන් හිනා වෙලා කඩුවක් දික් කලා මට.. මේ හුක්ගේ කඩුව නේද.. මට මතක් වුනා..

එවා හිත හිත ඉන්න දෙයක් නෑ.. පැනලා යන විදිහක් බලන්න ඕන.. මම වට පිට බැළුවා.. අපි ඉන්නෙත් මුහුද මැද.. කොහොමද පැනලා යන්නේ.. මම වට පිට බැළුවා.. හුක්ගේ නැවේ තාම දිග ඇරපු නැති රුවලක් තියෙනවා.. මේකේ ලණු කපලා මුන්ගේ ඇගට දැම්මොත් අර තියෙන පොඩි බෝට්ටුවේ නැගලා පැන ගන්න ලේසි.. මම මගේ මාස්ටර් ප්ලෑන් එක කියද්දි අරයත් හරි ආසාවෙන් අහන් ඉන්නවා.. ආඩම්බරේ බෑ..

පූසෝ දෙන්නට මම හෙමීට රුවලේ කද දිගේ නගින්න කිවුවා.. මම කියලා ඉවර වෙන්න කලින් මෑඩ් අංකල්ගේ නිල් පූසා රුවල් කඳේ.. ඒකට මාත් එක්ක ආව තඩි පූසා.. ඌ බඩත් උස්සන් තාම නගින්න ට්‍රයි කරනවා.. ඌ නගිද්දි හෙට වෙයි.. හෙමීට හෙමීට ඌත් නැගලා උඩට යනකන් අපි බලන් හිටියා..

ඔක්කොම රෙඩී.. දැන් තියෙන්නේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න.. හුක් අංකල්ගෙන් උස්සපු කඩුව මම අතට ගත්තා.. උඩ පූසෝ දෙන්නත් ලෑස්තියි වැඩේට.. 


…....................................................

මගේ මාස්ටර් ප්ලෑන් එක වැඩ කරයිද? ඒක ඊළග කොටසින්...

Monday, 25 February 2013

Fairy Tale of Dinesh - Chapter 3

ආපහු පාරක් පූසව හොයාගෙන මම මුණු හතේ මිනිහා හිටිය තැනට දුවන් ආවා.. හොද වෙලාවට ඒකා තාම වැටුන තැනම.. මම පූසව හෙවුවා.. පූස් පූස් පුස්.. මම ඌට කතා කලා.. ඒ එක්කම වගේ කවුද මගේ පස්සට තුඩකින් අනිනවා වගේ දැනුනා.. මම හිතුවේ මිනිහට සිහිය ඇවිත් කියලා.. බැලින්නම් පූසා.. ඌට මුකුත් වෙලා නෑ..

කෙල්ල හම්බුනාම උදවුවට ආව උන්වත් මතක නෑ මුන්ට..”

මතක් වුන හන්දනේ මේ ආවේ ආයෙම..”

වැඩිය කතා කර කර ඉන්න වෙලාව නෙමෙයි හන්දා මම ඌවත් ඇදගෙන දුවගෙන ආවා.. අපි එනකන් එයා තාම පහලට වෙලා බයෙන් බලන් ඉන්නවා.. පුළුවන් ඉක්මනටම කුළුනෙන් දුවන් ආවා.. හෆ්ෆේ දැන් තමයි හිතට සනීප.. මම එහෙම හිතුවා.. කොයි වෙලෙත් මම දෙයක් හිතුවොත් ඒක අප්සට් යනවමයි.. පුංචි කාලේ ඉදන්ම ඔහොමමයි.. අපි මෙහේ හති ඇරියට අරයා තාම කුළුණේ පඩිය ලග.. හරියට බය වෙලා වගේ බලන් ඉන්නවා..

ඇයි මොකද?”

මට බයයි..”

ඒ මොකටද?”

කෝකටත් කියලා මම ආයෙම වට පිට බැළුවා.. හිතන දේවල් නෙමෙයිනේ වෙන්නේ.. කිසි අවුලක් නෑ..

මට එළියේ ඇවිදින්න බයයි..”

මොකක්.. මේ එකක් කියන්නම් මට වඩාගෙන නම් යන්න බෑ..”

කෝකටත් කියලා මම කලින්ම කිවුවා.. කියන්න බෑනේ.. ඇදුම් බෑග් එක උස්සන් යන්න කියලා මගේ ඇගේ ගහපු එකේ එයාවත් උස්සන් යන්න කිවුවොත් එහෙම.. ඒක රොමෑන්ටික් තමයි.. ඒත් මේ මහන්සි වෙලා ඉන්න වෙලාවට මොන රොමෑන්ස්ද?

මට බෑ.. මම ඇවිදලාම නෑ..”

හා හා.. ඒක පොඩි කාලේ හදපු හැටි වැරැද්ද.. අපිට කරන්න දෙයක් නෑ අපි යනවා.. අර මූණු හතේ මිණිහා ආවොත් අපි නෑ..”

මම බොරුවට වගේ ඈතට යන ගමන් කිවුවා.. එතකොට වත් පස්සෙන් දුවන් එන්නේ නැතෑ කියලා.. කොහේද තාම ඉන්නවා එතන හිටගෙන මූණ බිළිං කාලා වගේ ඇඹුල් කරගෙන.. දුකත් හිතුනා.. මං ආයෙම ලගට ගියා.. ආදරෙයිනේ කෝම වුනත්..

බය වෙන්න දෙයක් නෑ අපි යමු..”

මට බෑ.. මම එළියේ ඇවිදලාම නෑ..”

එතකොට අර සපත්තුව නැති කර ගත්තේ කොහේ ගිහින්ද?”

ඒ ගියේ ලස්සන අස්ස කරත්තෙකනේ..”

දැන් මේ අස්ස කරත්ත නැතුවද ඇඹරෙන්නේ.. අමාරුවෙන් පයින් ඇවිත් අර බූරුවට පින් සිද්ද වෙන්න මෙතන්ට ආවා.. මෙයා ඉදන් අස්සකරත්ත හොයනවා..

බය වෙන්න එපා.. ටිකක් ඇවිදලා බලන්න.. පරිසරය ටිකක් විඳගන්න.. ඔයා ආස වේවි..”

“ හෝව් හෝව්.. වැඩිය රොමෑන්ස් එපා..”

අර පූස් තඩියා මැද්දට පැන්නා.. කේන්තිත් එක්ක..

කෝ එන්නකො..”

මන් එයාගේ අතින් අල්ලගෙන ටිකක් රොමෑන්ටික් වුනා.. නැතුව බෑනේ ඉතින්.. බෝම අමාරුවෙන් ගල් බැම්මෙන් එහාට යාන්තම් එයාව එක්කන් ආවා.. තණකොල බිස්සේ අඩිය තියලා ඒ දිහා බලාගෙන ඉන්නවා.. පළවෙනි පාරනේ ඉතින්.. මාත් ඔහේ බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා.. ටිකක් වෙලා ඉදලා මෙන්න මෙයා සිංදුවක් කියන්න ගත්තා..

අම්මා මට බැන්නට මං හොදයි..”

හික්ස්.. මෙයාටත් මතක් වෙන්නේ මාර සිංදු තමයි.. කොමත් මෙතන මෙහෙම දඟල දඟල හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ.. මම අතින් ඇදන් එක්කන් යන්න හැදුවා.. ඇවිදින්න බෑ කිය කිය හිටිය එක්කෙනා මෙන්න දුවන්න පටන් ගත්තා.. මාත් පස්සෙන් දිවුවා.. එක එක මල් වල සුවද බලනවා.. කුරුල්ලෝ එක්ක ඉගිල්ලෙන්න හදනවා.. ගස් නගිනවා.. එක විකාරයයි.. මෙයා පස්සේ දුවන් ඇවිත් මටත් හති.. පූසත් ඈතින් දුවන් එනවා.. උගේ බඩ එක්ක ඌ දුවන්නේ හෙමින්..

ටිකක් දුවන් එද්දී අමුත්තක් දැනුනා.. අරයගේ පස්සෙන් ආවට මොකද දන්නෙම නැතුව කැලේ ඇතුලටම ඇවිත්.. කලින් කොච්චර ඇවිදලා තිබ්බත් මේ හරියනම් නුහුරුයි වගේ.. අඳුරුත් එක්ක.. ඔක්කොටම කලින් දිවුවට මොකද දැන් ආයෙම ඇවිත් අරයත් මගේ අතේ එල්ලිලා.. මාත් ටිකක් වට පිට බැළුවා.. එක එක සත්තු කෑගහන සද්දේ විතරයි ඇහෙන්නේ..

කෝකටත් කියලා ටිකක් ඉස්සරහට යන්න හදද්දිම එක පාරම කොහේද පාවෙන අනුන්ගේ තොප්පියක් ඇවිත් වැටුනා අපි ඉස්සරහට.. අහක යන තොප්පි දාගන්න හොද නැති වුනාට ටිකක් ඒකට ලං වෙලා බැලුව..

ඒයි ඔය මගේ තොප්පිය..”

එක පාරම කවුද කෑ ගහනවා ඇහිලා මම තොප්පිය ගන්න එක නවත්තලා ඒ දිහා බැලුවා.. ටිකක් විතර වයසක මනුස්සයෙක්.. රතු පාට කොණ්ඬෙ.. මූණ සුදු වෙන්නම පවුඩර් දාලා.. ඇස් යටත් රතු පාටයි.. දුඹුරු පාට කඹායකුයි මල් මල් බෝ එකකුයි දාලා.. ටිකක් දැකලා පුරුදු ගතියක් තිබ්බට හරි මතකයක් නෑ.. මම හිතුවා.. ටික ටික ඒ මනුස්සයා තොප්පිය ගන්නවා වෙනුවට අරයා ලගට ලං වෙනවා.. ඒ පාර මොන මරාලයක්ද දන්නේ නෑ.. එක්කෝ නෑදෑ කෙනෙක්වත්ද? බලන් ඉන්න විදිහට හිතුනා..

ඇලිස්..”

එයා දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඒ මනුස්සයා කිවුවා..

මේ අංකල් ඔයාගේ කාලේ නම් කියලා මට කතා කරන්න එපා හරිද? මං නාකියි වගේද පේන්නේ ?”

ඒ මනුස්සයා කට උත්තර නැතුව බලන් ඉන්නවා.. මෙයා එක්කත් කතා කරලා බේරෙන්න අමාරුයි.. ඉස්සරහට මටත් ලේසි වෙන එකක් නෑ.. ඒවා අස්සේ මම තනියම හිතුවා..

මම මෑඩ් අංකල්.. ඔයාට මතක නැද්ද?”

මෑඩ් බවනම් පේනවා මූණ බැලුවම..”

ඇයි ඔයාට මතක නැද්ද පොඩි කාලේ ඔයා ආවේ මාව හොයාගෙන.. අපි සුදු රෝස මල් රතු පාටින් පාට කලා මතකද.. අර දිග මේසේ වාඩි වෙලා තේ බිවුවා..”

මට මතක නෑ..”

හරි එතකොට ඔයාට මේ ඩාන්ස් එක මතකද කියන්න..”

එක පාරම ඒ මනුස්සයා මරු ඩාන්ස් එකක් දාන්න ගත්තා.. අමුතු බ්‍රේක් ඩාන්ස් එකක්ද කොහේද? ගෙවල් පැත්තේ කොල්ලෝ එක්ක රෑට පාරේ නටද්දිවත් මෙහෙම ඩාන්ස් එකක් දැකලා නෑ.. නට නට ඉන්න වෙලාවක් නැති හන්දා මං මැද්දට පැන්නා..

මේ කොහේද අංකල්..”

මේ විශ්මලන්තය මල්ලී..”

මෑඩ් අංකල්ට මෑඩ්ම තමයි.. ආයේ හිතන්න දෙයක් නෑ.. මේ කරුවලේ මොන විශ්මයක්ද.. කෝම හරි දැන් මෙයාව අපේ ගමට එක්කන් යන පාර හොයා ගන්න ඕන.. මේ කැලේ දුවන් ආවේ නැත්නම් මෙලහටත් ගෙදර ගිහින්.. දැන් රෑ වෙන්නත් එනවා..

මල්ලී අපි යමු මගේ සපත්තු ගෙදරට.. දිග මේසේ වාඩි වෙලා රෑට කමු..”

එක අතකට ඒකත් හොදයි.. මම එහෙම හිතුවා.. දැන් රෑ යන්න තැනකුත් නෑනේ.. මෑඩ් අංකල්ගේ පස්සෙන් අපිත් එන්න ආවා.. මෑඩ් අංකල් කොයිවෙලා‍වෙත් අරයට අමුතු බැල්මක් දානවා ඒක එච්චර මට ඇල්ලුවේ නෑ.. කරන්න දෙයක් නැති හන්දම පස්සෙන් ගියා..

මෑඩ් අංකල්ටත් ඉන්නවා කට කනේ තියන් හිනාවෙන් නිල් පාට පූසෙක්.. උගෙයි අපි එක්ක ආව එකාගෙයි කිසි වෙනසක් නෑ.. ඒ මදිවට අංකල්ගේ මේසේ හාවෙක් තේ බොනවා.. මං පුදුම වුනා.. ඒත් ඒ හාවෙක්ම තමයි.. අඩුගානේ මමවත් මේසේ වාඩි වෙලා තේ බොන්නේ නෑ.. මෑඩ් අංකල් මගේ එක්කනා ලගම පුටුවක් අරන් වාඩි වුනා.. මට තිබුනේ ටිකක් ඈත එකක්.. මොනා කරන්නද මාත් ඔහේ වාඩි වුනා.. මොනා වුනත් බඩ පැලෙන්න රෑට කෑවා.. උදේට කාලා ගෙදරින් පිට වුන එක බූරුවා එක්ක ඇවිත් වමනේ දැම්මට පස්සේ මුකුත් කෑවෙම නෑනේ..

මෑඩ් අංකල් අපිට හෙට වෙද්දී යන්න පුළුවන්ද?”

ඒක හරියටම කියන්න බෑ මල්ලී.. එයාගේ මිනිස්සු මේ හතර වටේම කැරකෙනවා ඇති.. එයාට හැංගිලා තමයි යන්න ඕන..”

කවුද ?”

අපේ හුක් මල්ලිගෙන්..”

කවුද හුක් කියන්නේ ?”

නම අහලා අරයා කට අතින් වහන් හිනා වෙනවා.. කුළුණ ඇතුලට වෙලා හිටියට මෙයත් යමක් කමක් දන්නවා.. ඒකත් හොදයි.. මම හිතුවා..

හුක් මල්ලි නැව් කැප්ටන් කෙනෙක්.. රතු කබාය ඇදලා රතු තොප්පිය දාලා බෙල්ල ගාවට කොණ්ඩේ වවපු මී නැට්ට වගේ දෙපැත්තේ රැවුලක් තියෙන එක අතක කඩුවකුයි අනික් අතේ කොක්කකුයි තියා ගත්තු මේ ඒරියා චන්ඬියා..”

ඒ පාර තව චන්ඬියෙක්ද? මම හිතුවා.. මදැයි කෙල්ලෙක් බේර ගන්න ආවා.. දැන් එක එක ඒරියා වල චන්ඬි පරද්දන්න වෙලා.. මට තාත්තගේ මයින හම සැපයි කියලා හිතෙනවා..

දැන් කොහොමද ඔය චන්ඩියගෙන් බේරිලා යන්නේ?”

මම දන්නේ නෑ ඒක.. ඒක මල්ලි හිතන්න ඕන.. මමත් මේ හැංගිලා ඉන්නේ..”

මදැයි මාත් ඉදලා ඉදලා උදවුවක් ඉල්ලුවා.. කමක් නෑ එක්කෝ කෙල්ල බේරන් යන්න ආවේ මේවා දැනගෙනනේ..

හරි දැන් නිදියන වෙලාව.. යමු මම කාමරේ පෙන්නන්නම්..”

මෑඩ් වුනත් අංකල් නියම කතාවක් කිව්වා.. දොයියන වෙලාවලු.. ඒකත් අරයත් එක්ක.. හෆ්ෆේ කවද ඉදන් පෙරුම් පුරපු දෙයක්ද? මම ඉක්මනට මේසෙන් නැගිටලා එයා ලගට දිවුවා හිතේ සතුටට..




…..................................


මොකද හිතන්නේ දෙන්න රෑට දොයියයිද? ඒක ඊළග කොටසින්..

Friday, 22 February 2013

Fairy Tale of Dinesh - Chapter 2

මොකද්ද ඒ සද්දේ? හිත පොඩ්ඩක් ගැහෙන්න ගත්තා.. යන්තම් කෙල්ල ශේප් කර ගත්ත ගමන්ම බයයි කියලා පෙන්නන්න පුළුවන්ද? කල්පනා කර කර ඉන්නත් වෙලාවක් නෑ.. ටිකින් ටික දොරවල් ඇරෙන සද්දේ ලඟින්ම ඇහෙනවා.. කාමරෙන් එහා ලී පොළවෙ කිරි කිරි සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා.. කුළුණ පරණයිනේ.. ලෑලි දිරලද කොහෙද.. සද්දෙ ලඟින් ඇහෙද්දි කෙල්ල එක පාරම මගේ අතින් අල්ල ගත්තා.. හෆ්ෆේ හිතට දැනුන ෆිට් එක.. ඒ ගැම්මෙන්ම පපුවට හොද හුස්මක් අරන් මං කඩුවට අත තිබ්බා.. මලා.. කෝ කඩුව..



අර බූරුවා පිටේ ඇවිත් වැටුන වෙලේ කඩුව වැටිලද කොහේද.. දැන් මොකද කරන්නේ.. වස ලැජ්ජාව.. කරන්න දෙයක් හිතා ගන්න බැරුව මාත් හිටියා.. අර මන්තරකාරයා කිව්ව ගිණි මකරනම් මේ එන්නේ මං කොහොමද ඌට මුණ දෙන්නේ... ඔළුව දෙපැත්තෙන් හීන් දාඬියකුත් දාගෙන ආවා..



කෝ ඔයාගේ කඩුව අර ගන්න.. මකරා වෙන්න ඇති එන්නේ..”



ඔය කිවුවේ ඉදලා ඉදලා ඉතින්.. දැන් මොකද කරන්නේ.. මම නෑහුනා වගේ ඉන්න හැදුවට හරි ගියේ නෑ.. මගේ අතින් ඇද ඇදම එකම දේ කියනවා.. මේ වෙලාවට තමයි හිතෙන්නේ තාත්තගේ කම්මලේ මයින හම ඇදන් හිටියනම් කියලා..



මේ.. ඒක මට මඟදි අමතක වුනා..”



මැට්ටා.. දැන් කොහොමද මාව බේර ගෙන යන්නේ ?”



හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ..”



ඔක්කොටම වැඩිය හපන් මේ කට.. කෙල්ලන්ගේ හැටිද කොහෙද.. දැන් ඕවා හිත හිත ඉන්න වෙලාවක් නෑ.. අපි හිටිය කාමරේ යතුරු හිලේ යතුර කැරකෙන සද්දෙ හොදටම ඇහුනා.. මගේ හිත තිබ්බේ එතන..



ඔයා පොඩ්ඩක් පස්සට වෙන්න..”



මෙච්චර වෙලා අතේ එල්ලිලා හිටිය කෙනා මාවත් පස්සට ඇදලා දලා මගේ ඉස්සරහට ආවා.. ඒ මදිවට අතේ වළදකුත්.. මොනා කරන්න හදනවද මන්දා.. මේක උයන්න වෙලාවක්යැ.. වැඩිය හිතන්න වුනේ නෑ.. කණ රිද්දන සද්දෙකුත් එක කාමරේ දොර ඇරුනා.. එක පාරම බිමට වැටුනේ ලොකු චායාවක්.. මකරගේ මූණ වගේමයි.. කෝකටත් කියලා මං එයාගේ ලගට ආවා.. දොර ගාවින් වැටුන චායාව එන්න එන්න පුංචි වෙලා ගිහින් පුසෙක් දොර ගාවින් මතු වුනා.. සපත්තු දාපු තොප්පියක් දාපු.. ආච්චි පුංචි කාලේ කිවුව කතාවේ වගේමයි..





දොර ලගින් මතු වෙලා හෙමීට අපි ගාවට ඌ ඇවිදන් ආවා.. මගේ හිතේ නම් තිබ්බ බය නැති වෙලා ගිහින් තිබ්බේ.. ඒත් අරයා තාම ඉස්සරහට වෙලා වළදත් දික් කර ගෙන.. හිනාත් යනවා.. කෙලින්ම ඇවිදන් ආව පූසා නැවතුනේ එයා ඉස්සරහා.. ටිකක් වෙල බලන් ඉදලා රතු ඇපල් ගෙඩියක් එයාට දික් කලා.. මේ මොකද්ද වෙන්න යන්නේ මං හිතුවා.. කිසි වෙනසක් නැතුව අරයා තාම හිටියා වගේම..



" ඕක කන්න එපා..”



එයානම් කිසි ගානක් නැතුව බලන් හිටියා.. අහපු කතාවල හැටියට රතු ඇපල් කන්න හොද නෑ.. මන් එයාට තේරුම් කරන්න හැදුවා.. ඒත් මගේ කතාවට වඩා එයා බලන් හිටියේ පුසගේ ඇස් දෙක දිහා.. ඒක ටිකින් ටික ලොකු වෙන්න ගත්තා.. කන් දෙකත් පහත් වුනා.. බලන් ඉන්න බැරි අහිංසක කමක්.. මං අහක බලා ගත්තා.. ඒ එක්කම වගේ මෙයා ගත්ත ගමන් ඇපල් ගෙඩිය කාගෙන කාගෙන ගියා.. හරියට සෑහෙන කාලෙකින් කෑමක් දැකලා නෑ වගේ..



මං හෙන බඬගින්නේ හිටියේ...”



ඔයාට අමුත්තක් දැනෙන්නේ නෑනේ ?”



නෑ බඬගින්න ගියා..”



මම පුසා දිහා බැළුවා.. තොප්පියත් දාගෙන ඌ මං දිහා නෝන්ඩියට වගේ බලාගෙන ඉන්නවා..



උඹ පොඩි කාලේ කතා අහලා තියෙනවා වැඩියි..”



එයාගේ අතින් අත ගාන ගමන් ඌ මන්දිහා බලලා කියද්දි මෙයත් ඌ එක්ක එකතු වෙලා මටම හිනා වෙනවා.. පොළව පලං යන්න නෝන්ඩිය.. මං ආච්චිට හිතින් බැන්නා..



අපි යමු තව පරක්කු නොවී..”



හා ඉන්න.. මම මගේ බඩු ටික අර ගන්නකම්..”



බඩු.. මොනවා උස්සන් යන්නද? මෙන්න මෙහේ එනවා..”



මං අතින් ඇදන් එන්න ලෑස්ති උනා.. පොඩ්ඩක් ඉන්න කියලා මෙයා නාහෙන් අඬනවා.. පූසා උගේ ලග තිබ්බ කඩුවෙන් මගේ අතට ඇන්නම මගේ අත, අත ඇරුනා.. මන් ඌ දිහා රවලා බලද්දි ඌ මට ඇහැක් ගැහුවා.. කඩුව නැති හන්දා මට මේ පුසෙක්ටත් සෙකන්ඩ් වෙන්න වුනා.. අර බූරුවා අහු වුනානම්..



මෙලෝ සිහියක් නැතුව එයා කාමරේ අවුස්සනවා.. ටිකක් වෙලා බලන් ඉදලා බැරිම තැන මමත් ලං වෙලා බැළුවා.. එක එක ජාතියේ ඇදුම් අනං මනං.. ඒ අස්සේ තනි වීදුරු සපත්තුවක්..



මේ එක සපත්තුවක් උස්සන් යන්නේ පිස්සුද?”



ඕකේ අනිත් එක හොයාගන්න ඕන..”



කොහොමද නැති වුනේ ?”



එක දවසක් අමතක වෙලා ආවා..”



මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය පූසා හෙමින් විශිල් එකක් ගහන්න ගත්තා.. ඒක ටිකක් මට ඇල්ලුවේ නෑ..



දැන්වත් ලෑස්ති නම් යමුද?”



හා.. මේක අර ගන්න..”



අර බඩු පුරෝපු පෙට්ටිය මට දික් කලා.. දැන් මමද මේක උස්සන් යන්න ඕන.. මදැයි කුමාරිකාවක් බේර ගන්න ආවා මාත්.. මුළු කාමරේම බඩු ඒකට දාලා වගේ බර.. මං ඒක නොපෙන්නා කොහොම හරි උස්සන් කාමරෙන් එළියට ආවා.. පරණ කුළුනේ තැනින් තැන දිරලා ගිහින්.. බිම අඩිය තියද්දිත් සද්දේ එනවා.. දැන් එතකොට කෝ මකරා.. මම කල්පනා කලා.. අර මන්තරකාරයා කිවුව හැටියට මේ වෙද්දි මකරා එන්න ඕන.. කෝම වුනත් එන්නේ නැති තරමටම හොදයි කියලා හිත හිත මම පඩිපෙල බැස්සේ..



කොයි දේත් වැඩිය හිතන්න හොද නෑලු.. මම හිතලා ඉවර වෙලා නැවතීමේ තිත තියන්න හදදිම එක පාරම ඇහුනේ මහ කෑ ගැහිල්ලක්.. ඒ නම් මකරා ආයේ කියන්න දෙයක් නෑ.. අපි ටිකකට නතර වුනා.. ඈතින් හුගක් දේවල් කැඩෙන බිදෙන සද්ද ඇහුනා.. මකරා කියලා හිතුවට ඉස්සෙල්ලා මේ මෝඩ පූසා ආවා වගේ මොකෙක් හරි වෙන්න ඇති.. බය වෙන්න දෙයක් නෑ.. මං හිතට හයිය ගත්තා.. අපි ඉස්සරහා තිබුන දොර එක පාරම ගැලවිලා විසි වුනා..



ටිකකින් අපි ඉස්සරහා මතු වුනේ භයානක මුහුණක්.. මුහුණක් කිවුවට මුහුණු හතක්.. එකම ඇඟක පිහිටපු ඒ මුණු හත ආච්චි උපන්දිනේකට ගෙනත් දුන්න පින්තූර කතාවක් වගේමයි.. මං ටිකක් ලං වෙලා බලන්න හැදුවා..



දුවමු..”



පූසා එක පාරම කෑ ගහන් දුවන්න ගත්තා.. ඒ පස්සෙන්ම එයත්.. අරයගේ තඩි බෑග් එකත් උස්සන් මාත් පස්සෙන් දුවන්න ගත්තා.. අපේ පස්සෙන් මුණු හතේ මිනිහා.. බලන් යද්දි මකරටත් වැඩිය මේකා භයානකයි.. කෝම හරි කැඩුන පඩිපෙල දිගේ පල්ලෙහාට දුවන් ආවා.. දුවන්නන් වාලේ දිවුව හන්දද කොහේද අන්තිමේ අපි කොටු වුනා.. අරයා මගේ ලඟට ලං වෙද්දී පූසා මගේ කකුල අස්සේ හැංගිලා.. මූණු හතේ ම්නිහගෙන් ගැලවීමක් නෑ.. මම හිතුවා.. නැති වුන කඩුව තිබ්බත් දැන් කරන්න දේකුත් නෑ..



කරන්න දෙයක් නැතුව හිත කල්පනා කලා.. කෙල්ල ඉස්සරහා බය වෙලා නෝන්ඩි වෙන්නත් බෑ.. ඊලගට මේවා මතක තියන් ඉදලා බැන්ද කාලෙක නෝන්ඩි කරනවා.. එතකොට ඉතින් වහ කන්න වෙන්නේ.. මොකද කරන්නේ? මම කල්පනා කලා.. වට පිට බැලුවා...



ගඩොල් බිත්ති වලට අපි කොටු වෙලා.. අපි ඉස්සරහා මූණු හතේ මිනිහා.. අත් උස්සන් අපි ලඟට එනවා.. ඌ ඉන්න තැනට උඩින් ඉටිපන්දම් ගහන රවුම් ලාම්පුවක්.. හ්ම්ම්.. මොකද කරන්නේ මම කල්පනා කලා.. අදහසක් ආවා.. කකුල් දෙක අස්සෙ හැගිලා හිටිය පූ‍සව මම ඇල්ලුවා.. එයා එක පාරම මං දිහා බැලුවා.. මම ගානක් නෑ වගේ හිටියා..



ඔය මොකද කරන්නේ ?”



පොඩ්ඩක් ඉන්නකෝ..”



එයාට මෙව්වා තේරුම් කර කර ඉන්න වෙලා නෑ.. අල්ලන් හිටිය පූසව එක පාරම උඩට විසි කලා.. ඌ මට යන්තම් බනිනවා වගේ ඇහුනා.. මම ගණන් ගත්තේ නෑ.. මං හිතුවා වගේම ඌ උඩ තිබ්බ ලාම්පුවේ එල්ලුනා.. උගේ බරයි ලාම්පුවේ ඇන්ටික් එකයි එක දෙක එකට සමපාත වෙලා දෙක එකට මෙව්වා වුනාම අනිවා මේක කඩන් වැටෙන්න ඕන.. තාත්තා කම්මලේ යකඩ තලන ගමන් කියලා දුන්න ගණන් පාඩම මතක් වුනා..



පූසා යාන්තමට වගේ එල්ලිලා දඟලනවා.. ඒක වැඩිය හොදයි.. තව ටිකක් දඟලපං.. මම හිතුවා.. මූණු හතේ මිනිහත් ටිකින් ටික ඉස්සරහට ආවා.. මට හිතපු තැනටම.. ඒත් කෝ මේ තඩි පූසගෙන් කිසි වැඩක් නෑ.. මං එහෙම හිතද්දිම ලාම්පුව උඩ ගැටගහලා තිබ්බ නූල් පටක් කැඩෙන සද්දේ ඇහුනා.. වැඩි වෙලා ගියේ නෑ.. ලාම්පුව මූණු හතේ මිනිහා උඩටම කඩාගෙන වැටුනා.. මං හිතුවේ ඒක රවුමට ඇවිත් ඒකා හිරවෙයි කියලා.. ඒත් මූණු හතක් හන්දා මං හිතුව දේ වුනේ නෑ.. ඒ වුනත් වැදුන පාරට මිනිහා වැටෙන්න වගේ ආවා..



මම ඉක්මනට අතේ තිබුන අරයගේ ඇදුම් බෑක් එකෙන් දමලා ගැහුවා.. ඒ පාරනම් මිනිහා වැටුනා.. මට හැපී.. ඒ වුනාට ඇදුම් බෑග් එක ඇරිලා ඇදුම් හැම තැනම.. අරයා රවනවා මට.. මම නොදැක්කා වගේ ගිහින් ශේප් එකේ ඇදුම් ටික ඇහින්දා..



එක එක ජාතියේ ත්‍රිකෝණ වගේ ඇදුම්.. මේ විදිහට ඇන්දම වැහෙන්න ඕන ඒවා වැහෙනවද  මන්දා.. කෝකටත් කියලා මම එයින් දෙකක් අරන් මූණූ හතේ මිනිහගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගැහුවා..



මොකද්ද ඒ කරපු වැඩේ ?”



මොකද්ද අහන්නේ.. වැඩි හොදට..”



මට තෑගි හම්බුන හොදම දෙක..”



හරි හරි මම පස්සේ දෙකක් අරන් දෙන්නම්.. මෙහේ එනවා දැන් යන්න..”



මං එයාගේ අතින් ඇදන් අන්තිම පඩිපෙල බැහැලා දුවන් එන්න හදද්දි පූසව මතක් වුනා.. කෝ ඌ.. ලාම්පුව කඩාගෙන වැටුනට පස්සේ දැක්කේ නෑ.. මම ආයෙම හැරුණා..





…..............................................



ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා??? ඒ ටික ඊළග කොටසින්.. වර්ණයෙන්ම පමණයි..