Thursday, 31 January 2013

එරිකෝ හන්ටර් - The Missing Girl 2

අධික සීතල නිසාම පැවතුන ඝණ මීදුම අතරින් හිරු එළියක් යාන්තමින් වත් වැටී නොතිබුන උදෑසනක, හතට පමණ අවදි වුණ එරිකෝ නිවාඩු නිකේතනයේ අවන්හල වෙත ගොස් උණුසුම් කෝපි කෝප්පයක් රස බලමින් සිටියේය.. දිගු කළු ගවුමකින් සැරසුන සිම්රන් අවන් හලට එද්දී හැමෝගෙම දෑස් ඈ වෙතට යොමු වූයේ ඇගේ තිබුන ආසියානු පෙනුම හා මතු වුන සුන්දරත්වයට කවුරුත් ආශා කල නිසාවෙනි...



සුභ උදෑසනක් එරිකෝ..”



සුභ උදෑසනක් සිම්රන්.. අද ඔබ ලස්සනයි..”



යාන්තමින් සිනාසුන ඇය මොහොතක් නිහඬව සිටියේ ඇගේ සුන්දරත්වය විදින්නට රහසින්ම ඉඩ ලබා දෙමිනි..



අද අපි මොනවද කරන්නේ එරිකෝ ?”



අහ් ඔවු.. අද අපිට අකමැත්තෙන් වුනත් ප්‍රාන්ත පොලීසියට යන්න වෙනවා..”



ඒ ඇයි ?”



අපි මේ දන්න තොරතුරු කොහෙත්ම ප්‍රමාණවත් නෑ.. ඒ නිසා අපි එහේ යන එක ගොඩක් වැදගත් වේවි..”



ජේම්ස් ලොරේන්ව එක්කන් එන්නම් කිවුවේ නැත්නම් ඇයි එදා ලොරේන් ඉස්කෝලේ නැවතුනේ. ?”



අපිට තාම මඟ හැරුණ තැන් ගොඩක් තියෙනවා සිම්රන්.. අපි ඒ හැම තැනක් ගැනම හොදට හිතමු.. එතකොට අපිට මේක අමාරු වෙන්නේ නෑ..”



හරි එරිකෝ..”



සිම්රන් හා උණුසුම් කෝපි කෝප්පයක් රස විදි එරිකෝ, ඈ හා කතා බස් කරමින් ටික වේලාවක් අවන්හලෙහිම රැදුනේ උදෑසන අට පසු වූ පසුව පොලීසියට යාම සුදුසු බව එරිකෝ අත්දැකීමෙන්ම දැන සිටි නිසාය.. නැවතී සිටි කාලය පුරාවට හැමෝගෙම සිත් වසඟ කර ගෙන සිටි ඈ පිටුපසින්ම එරිකෝ නික්මුනේ ඇගේ සුන්දරත්වය හිත යටින් තවත් මොහොතක් විඳ ගනිමිනි... එරිකෝගේ රථයෙහි නැගී ප්‍රාන්ත පොලීසියට යන අතරවාරයේ එරිකෝ ලොරේන්ගේ පරීක්ෂණයට වඩා සිම්රන්ගේ තොරතුරු දැන ගන්නට කැමැත්තක් දැක්වූවේය.. ඇයද ඔහුගේ කතාවට ටිකින් ටික ප්‍රිය කරන්නට විය...



ප්‍රාන්ත පොලීසිය අසල වාහනය නතර කල එරිකෝ ඈ සමගම පොලීසියට ඇතුළු වෙද්දී හැමෝම ඔහු දෙස සිනහවෙන් බැළුවේ මින් පෙර වූ මතකයක් නිසාය... ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ නිල කාමරයට ඇතුළු වන විට එහි ජේම්ස් රැඳී සිටිනු දැකීම එරිකෝට තරමක බලාපොරොත්තු නොවුන සිදුවීමක් විය...



ජේම්ස්, බලාපොරොත්තු නොවුන හමුවීමක්..”



ඔව් මටත්.. මගේ සහෝදරියගේ උවමනාවකට ආවේ..”



අළුත් තොරතුරු මොනවාහරි තියෙනවද මිස්‍ටර් ගානර් ?”



ජේම්ස් හා කතා කරමින් සිටි එරිකෝ හැරුනේ ප්‍රධාන පොලීස් පරික්ෂකයා දෙසටය... තම දිගු රාජකාරි මේසය මත ලිපි ලේඛණ දිග හැරගෙන සිටි ඔහු එරිකෝගේ ප්‍රශ්ණයට ක්ෂණිකව උත්තර දෙන්නට තරම් උනන්දුවක් නොදැක්වීය..



අහ්.. තාම මුකුත් නෑ..”



එදා ලෝරෙන් ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානයේ හිටියා කියන කතාව ඇත්තද ?”



අපිට එහෙම කිසිම තොරතුරක් ආරංචි වෙලා නෑ.. එහෙම දෙයක් තිබුනනම් අපිට ඒක ගැන හොයලා බලන්න තිබුනා.. එහෙම තොරතුරක් තියෙනවද මිස්ටර් එරිකෝ ලග ?”



නැහැ එහෙම තොරතුරක් නෑ..”



හරි.. එතකොට මිස්ටර් එරිකෝ ආවේ ?”



නැහැ ලොකු වැදගත් දෙයක් දැන ගන්න නෙමෙයි..”



එතරම්ම වැදගත්යැයි නොහැගෙන කරුණු කීපයක් දිගේ ප්‍රධාන පරීක්ෂකගෙන් උවමනාවටත් වැඩියෙන් තොරතුරු විමසීම සිම්රන්ගේ හිතටද කුතුහලයක් විය.. ඒත් නොනැවතුන එරිකෝ ප්‍රධාන පරීක්ෂකගෙන් සියුම්ව හැම දෙයක් ගැනම විමසන බව තේරුම් ගන්නට සිම්රන්ට වැඩි කාලයක් අවශ්‍ය නොවීය... හෝරාවකට ආසන්න වන තුරුම ජේම්ස්ගෙනුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකයාගෙනුත් තමන්ට උවමනා බොහෝමයක් දේවල් සියුම්ව දැන කියාගත් එරිකෝ ප්‍රාන්ත පොලීසියෙන් නික්ම තම වාහනය ලගට එන තුරුම ඒ හැම දෙයක් ගැන තනිවම සිතන්නට විය..



ජේම්ස් කියන විදිහට ලොරේන්ව හවස ගේන්න ගියේ නැත්නම් ලොරේන්ට ඇත්තටම මොකද වුනේ එරිකෝ ?”



ඒක හොයන එකනේ සිම්රන් අපේ රාජකාරිය..”



හ්ම්ම්.. මෙතන තව මොනවා හරි අපි නොදන්න දේවල් තියෙනවා...”



ඔව් සිම්රන්..”



අපි ඊළගට මොකද කරන්නේ එරිකෝ ?”



අපි ලොරේන්ගේ ඉස්කෝලෙට යමු.. අපිට තව තොරතුරු හොයන්න ඉතුරු ඉස්කෝලේ විතරයි..”



වාහනය පණ ගන්වමින් ප්‍රාන්ත පොලීසියෙන් පිටතට ආ එරිකෝ තම අතැති වූ ඔරලෝසුව දෙස දෙතුන්වතාවක්ම බලමින් ලොරේන්ගේ පාසල දෙසට වාහනය පදවන්නට විය.. පාසලේ ප්‍රධාන පිවිසුම ලග අලවමින් තිබු දැන්වීම දෙසට එරිකෝගේ දෑස මොහොතකට නතු විය.. කලින් දවසේ ලොරෙන්ගේ මිතුරිය හා කතා කරද්දී ඈ කියු විද්‍යා නිර්මාණ දිනය ගැන එරිකෝගේ මතකය ආයෙම අවදි විය... පාසලේ පන්ති කාමර අසලින් හෙමින් ඇවිදන් ගිය ඔවුන් ලොරේන්ගේ පන්තියට යන විට අද සිටියේ වෙනත් ගුරුවරියකි...



ඔබ පන්තිභාර ගුරුතුමිය නෙමෙයි නේද ?”



නැහැ.. මං සංගීත ගුරුතුමිය.. ඔබලා කවුද ?”



මම රහස් පරීෂක එරිකෝ.. මේ මගේ සහායිකාව.. අපි තමයි ලොරේන්ගේ අතුරු දහන් වීම ගැන පරීක්ෂණ කරන්නේ.. අද ලොරේන්ගේ පන්තිභාර ගුරුතුමිය ඇවිත් නැද්ද ?”



ආවා.. ඇය විද්‍යා නිර්මාණ දිනයට ලෑස්ති වෙන නිසා ප්‍රධාන ශාලාවේ ඇති...”



හ්ම්.. අද ක්ලැරී ආවේ නැද්ද ?”



එරිකෝ පන්ති කාමරය දෙස බලමින් කලින් දවසේ ක්ලැරී වාඩිවී හිටි පුටුව හිස්ව තිබුන නිසා ඒ ගැනත් විමසුවේ ඇය හා කතා කිරීමට එරිකෝට උවමනා වී තිබුන නිසාය...



ක්ලැරී එයාගේ නැන්දත් එක්ක ඇති..”



නැන්දා ?”



ඔව් මිසිස් ඩීන්ස්.. පන්තිභාර ගුරුතුමිය.. ඒ ක්ලැරීගේ නැන්දා..”



අපි ඒ බවක් කලින් දැනන් හිටියේ නෑ..”



එරිකෝ තමා අසලම සිටි සිම්රන් දෙස බලමින් පවසද්දී ඇයද සෙමින් හිස සෙලවූයේ කලින් හමුවීමෙන් ඒ ගැන කිසිම දෙයක් ඇය නොකියූ නිසාය..



ලොරේනුයි ක්ලැරීයි හොද යාළුවොද ?”



හිටි හැටියේම එරිකෝ ඇසුව දෙය ගැන සංගීත ගුරුවරිය මෙන්ම සිම්රන්ද පුදුමයට පත් වූ බව ඔවුන්ගේ මූහුණු වලින් හොදින්ම පෙනෙන්නට විය...



ඔව්.. ඇයි ඔබ එහෙම දෙයක් ඇහුවේ ?”



නැහැ.. ඔවුන් කණ්ඩායම් වැඩ වලදී කොහොමද ?”



දෙන්නම එක වගේ දක්ෂයි.. ගොඩක් වෙලාවට ලොරේන් ඉස්සරහින්ම ඉන්නවා හැම දේකින්ම...”



හ්ම්ම්.. මිසිස් ඩීන්ස් මොන වගේ කෙනෙක්ද ?”



ගොඩක් ළමයි කැමතී මිසිස් ඩීන්ස්ට.. ඒත් සමහරු අකමැති එයාගේ නපුරු ගති නිසා...”



එතකොට ලොරේන්..”



ලොරේන් කවුරු එක්කත් හොදින් ඉන්න නිසා මං හිතන්නේ නෑ එයත් එක්ක ප්‍රශ්ණයක් ඇති කියලා...”



හරි.. අපි එහෙනම් ප්‍රධාන ශාලාවට යන්නම්.. සමාවෙන්න බාධා කරන්න වුනාට..”



ඒකට කමක් නෑ..”



පන්තිකාමරයෙන් නික්මුන එරිකෝ කොරිඩෝව දිගේ ප්‍රධාන ශාලාව දෙසට හෙමින් ඇවිදන් යන්නට විය....



ඇයි එරිකෝ එකපාරම අර වගේ ප්‍රශ්ණයක් ඇහුවේ ?”



මොන ?”



ලොරේනුයි ක්ලැරී ගැන ?”



සමහර දේවල් ගැන ඒ විදිහට අහන්න වෙනවා සිම්රන්.. එහෙම නැතුව ගොඩක් දේවල් වල ඇත්ත හොයා ගන්න අමාරුයි..”



හ්ම්ම්.. ඒකත් ඇත්ත..”



විද්‍යා ප්‍රදර්ශණයට සූදානම් කරන හැම දෙයක් දිහාම යාන්තමින් බලාගෙන ප්‍රධාන ශාලාවට ඇතුළු වුන එරිකෝ දෑස් යොමු කලේ ලොරේන්ගේ පන්තිභාර ගුරුතුමිය වෙතටය... ක්ලැරී සමග ශාලාවේ ඈත කෙලවරක තනිවී උන් ඇය දුර තියාම එරිකෝවත් සිම්රන්වත් හදුනා ගත්තත් ඔවුන්ගේ පැමිණිම ගැන සතුටක් ඇගේ මුහුණෙන් පෙනෙන්නට නොවීය..



මිසිස් ඩීන්ස්.. සුභ උදෑසනක්..”



සුභ උදෑසනක් ඔබලාටත්.. ක්ලැරී ඔයා ඔයාගේ නිර්මාණේ ඉතුරු වැඩ ටික කරන්න.. මං පස්සේ එන්නම්..”



ඉස්කෝලේ වැඩ වලදී නැන්දා දුවට ගොඩක් උදවු කරනවා නේද ?”



ඇගේ මුහුණ වෙනස් වූයේ මොහොතකිනි.. ක්ලැරී ටික දුරක් ඈතට යන තුරු ඇයත් එරිකෝත් නිහඬව සිටියේ ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගෙනය...



ඔව් මං පුළුවන් හැම වෙලාවකම උදවු කරනවා..”



හ්ම්ම්.. ඒක හොද දෙයක්.. හැම අවුරුද්දකම මේ ප්‍රදර්ෂණය සංවිධානය කරන්නේ ඔබද ?”



නැහැ.. මේ පළවෙනි අවුරුද්ද.



පහුගිය අවුරුදු කීපයම මේක දින්නේ ලොරේන් නේද ?”



හ්ම්ම්.. ඔව්..”



එදා ලොරේන් මාමා එක්ක යන්න ඉස්කෝලේ නැවතුන එක ඔබ දැනන් හිටියේ නැද්ද ?”



නැහැ..”



ඒත් ඔබ පන්තිභාර ගුරුතුමිය.. ඔබට දන්වන්නේ නැතුව එහෙම දෙයක් කරන්න අමාරුයි නේද ?”



ඉස්කෝලේ වෙලාවෙදි වේලස්සන එක්කන් ගියොත් ඇරෙන්න ඊට පස්සේ දේවල් ගැන මම දැනුවත් කිරීම අනිවාර්‍යම නැහැ..”



හ්ම්ම්.. ඒත් ඔබේ පන්තියේ සිසුවියක් ගැන මීට වඩා වගකීමක් ඔබට තියෙනවා නේද ?”



මෙහෙමයි.. ඒ හැම දේකටම අදාල සීමාවක් තියෙනවා...”



ක්ලැරීට වඩා ලොරේන් හැම වෙලේම ඉදිරියෙන් නේද හිටියේ. ?”



ඔව්.. ඒත් ඒක මෙතනට අදාල ඇයි ?”



මම කිවුවේ නෑ ඒක මෙතනට අදාලයි කියලා.. ඔබයි කිව්වේ..”



ඇය හිටි හැටියේම නිහඬ වූයේ කිසිවක් කියා ගන්නට සිතන්නටවත් නොහැකිවය... එරිකෝ ඇගේ මුහුණ දෙසම බොහෝ උනන්දුවෙන් බලාගෙන හිටියේ ඇගේ ඉරියව් තේරුම් ගැනීමේ උවමනාවෙන්ය...



මිසිස් ඩීන්ස්ගේ ගෙවල් තියෙන්නේ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානය ලඟනේද ?”



ඔව් ඇයි ?”



මේ ලොරේන්ගේ නිර්මාණය නේද ?”



එරිකෝ සමගම කතාකරමින් වුන් ඈ අත තබාගෙන ඉන් නිර්මාණය දෙස බලා හිදි එරිකෝ එය අතට ගනිමින් ප්‍රශ්ණ කලේ එහි ලොරේන්ගේ නම පෙනෙන්ට තිබියදීමය...



ඔව්.. ලොරේන් මේක ඉවර කරලා තිබුනනම් එයා නැතත් අපිට මේක තියන්න තිබුනා... ඒත් දැන් මේ විදිහට අපිට මේක තියන්න අමාරුයි...”



එරිකෝ ලොරේන්ගේ නිර්මාණය දෙස ටික වේලාවක් හොදින් බලාගෙන සිටියේය... සරළ ජල නිර්මාණයක් වුන එය බොහෝ සිත් ඇද ගන්නා අයුරින් ලොරේන් නිර්මාණය කර තිබිණි..



දැන් මේකට මොකද කරන්නේ ?”



මං මේක ශාලාවේ පිටිපස්සේ ගබඩාවේ තියනවා...”



හරි අපි එහෙනම් ගිහින් එන්නම් මිසිස් ඩීන්ස්...”



හිටි හැටියේම වාගේ ඇගෙන් සමුගත් එරිකෝ පාසලින් නික්මී ඒම සිම්රන්ගේ හිතට මහත් කුතුහලයක් විය... ඔහු පසුපසම වාහනය් ලඟට පැමිණි ඈ එරිකෝ සමග කතා කරන්නට සූදානම් වුවද වාහනය වේගයෙන් පදවන්නට වූ එරිකෝට ඇය හා කතා කරන්නට තරම් උවමනාවක් නොවීය... අහන්නට හිතේ තිබූ ප්‍රශ්ණ බොහෝමයක් සමග එරිකෝගේ නිහැඬියාවට බාධා නොකල ඈ ඔහුගේ ඊළග පියවර ගැන තනිවම සිතන්නට වීය..








Monday, 28 January 2013

එරිකෝ හන්ටර් - The Missing Girl 1

සීත සෘතුවේ තුහින අතරින් පටු මාවතක් දිගේ නිවෙස් අතර වූ නාම පුවරු වලට එබෙමින් ඇවිදන් ගිය ඇයට නුහුරු මාවතේ කෙලවරක බොහෝ වෙලාවක් හොයමින් ආ නිවස හමුවෙද්දී ඇය බොහෝ සෙයින් වෙහෙස වී සිටියාය.. ගතට දැනුන දැඩි සීතල ඇගේ වෙහෙස තව තවත් වැඩි කලාය.. බොහෝ දුර ගමනක අවසන හමුවූ ඈ සොයා ආ අරමුණ ලඟ මොහොතක් නතර හිතටත් ගතටත් නැවුම් හුස්මක් මුසු කරේ ඔහුගේ හමුව ඇගේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වු නිසා...



නිවස ඉදිරියේ වූ නාම පුවරුව ලඟ මොහොතක් නතර වුන ඇය, සීනුව නාද කරන්නට මොහොතකට පෙර ලිපි ගොණු අතරට ආයෙම නෙත් යොමු කල ඈට හදිසියේම විවර වුන ඉදිරිපස දොර ගැන අවදානයක් නොවූවාය..



ගුඩ් මෝර්නිග්..”



තමන් ඉදිරියේ හදිසියේම සිට ගත් ඔහු දැක ඈ මදක් තැති ගත්තාය... නමින් බලාපොරොත්තු වූවාට වඩා තරුණ පෙනුමකින් යුතු ඔහු දෙස ඈ තම දෑස් දල්වාගෙන බලා සිටියාය..



හෙලෝ.. ගුඩ් මෝර්නිග්..”



ගුඩ් මෝර්නිග් සර්..”



මදක් ලැජ්ජාවෙන් ඇය තම හඬ හෙමින් අවදි කලාය..



මම සිම්රන් මල්හෝත්‍රා.. ඔක්ස්ෆර්ඩ් වල නීති අංශයේ අවසාන වසරේ ඉගෙන ගන්නේ.. නීතීඥ එරිකෝ හන්ටර් ඔබ වෙන්න ඇති..”



ඔවු සිම්රන්.. මම ඔබේ පැමීණිම බලාපොරොත්තුවෙන් හිටියේ..”



නිවසට ඇතුළු වුන ඇයව ඔහු කෙලින්ම කැදවාගෙන ගියේ තම කාර්‍යාලය වෙතටය.. සුව පහසු කාමරයක් වුන එහි හැම පැත්තකම විහිදුන පොත් රාක්ක අතර මැද ගිණි උඳුනට මුහුනලා තිබුන රාජකාරි මේසයේ හිඳගත් ඔවුන් ඔවුන්ගේ කතාවට වැටුනේය...



සිම්රන් අවුරුද්දක් මගේ වැඩ වලට උදවු වෙනවා..”



ඔව් සර්..”



සර් නෙමෙයි.. මට එරිකෝ කියලා කතා කරන්න..”



ටිකින් ටික ඔවුන් අතර හැම තොරතුරක්ම හුවමාරු වෙද්දී ඇය අහම්බයෙන් ඔහුගේ මේසය මත තිබූ ලිපියක ඔහුගේ නම සදහන්ව තිබූ අයුරු දෙස හොදින් පරීක්ෂා කලාය...



රහස් පරීක්ෂක එරිකෝ හන්ටර්..”



ඇගේ දෑස් කතාබහ අතරම වෙනතකට යොමුවෙනු දුටු ඔහු ඒ ලිපි කවරය අතට ගෙන ඈ වෙතටම දිගු කලේ එය කියවන්නටද අවසර ලබා දෙමිනි..



රහස් පරීක්ෂක ?”



ඔව් සිම්රන්.. නීති ශේත්‍රයට වඩා මම වැඩියෙන්ම ආස කරන්නේ මේ දේට... ඉස්සරහට ඔබටත් ඒකට සහාය දෙන්න පුළුවන් වේවි..”



මම ?”



ඔව්.. ඕක කියවන්න.. ඕක අපි හඹාගෙන යන පළවෙනි අභිරහස වේවි..”



කුතුහලයෙන් ලියුම් කවරය අතට ගත් ඇය එය උනන්දුවෙන් විවර කරත්ම ඒ අතර තිබී බිම වැටුන කුඩා දැරියගේ සේයාරුව ඇගේ සිතුවිළි අතර මොහොතකට ගැටළු රාශියක් මවාලන්නට හැකි විය...



ලොරේන් පාකර්.. වයස අවුරුදු 12 යි.. අදට දවස් තුනකට කලින් හදිස්සියෙම අතුරුදහන් වෙනවා... හැමෝම සැක කරන්නේ ඒක පැහැර ගැනිමක් කියලා.. ඒත් මේ වෙනකම් කප්පම් ඉල්ලලාවත් එක දුරකථන් ඇමතුමක්වත් ලැබිලා නෑ..”



මේ පොඩි දරුවව පැහැර ගන්න තියෙන උවමනාව ?”



අන්න ඒ දේ තමයි අපි හොයන්න ඕන සිම්රන්.. තව ටිකකින් මම මේ ගැන තොරතුරු හොයන්න තැන් කීපයකටම යනවා.. සිම්රන්ටත් පුළුවන් වෙයි නේද මාත් එක්ක මේ ගමනට එකතු වෙන්න..”



ඔව් අනිවාර්යෙන්ම..”



ඇය බලාපොරොත්තු නොවූ ලෙස නීති අධ‍්‍යයනයට වඩා අපරාධ පරීක්ෂණයක් හඹා යන මාවතට ඇය ඉබේම ආ හැටි ගැන ඇයට සිතන්නටවත් ඉඩක් නොවීය.. එරිකෝගේ වාහනයේම පිටත් වුන ඔවුන් ලන්ඩනයේ කලබලකාරී මාවත් වලින් මීදී "East Grinsted ” බලා දිවෙන A 22 මාර්ගය දිගේ හෝරා කීපයක ගමනකින් පසුව Shally Rd හි එරිකෝගේ උදවු බලාපොරොත්තු වූ නිවස කරා එන විට හිම පතනය බොහෝ සෙයින් වැඩි වී තිබුනේය...



ලිපියේ පිටුපස සදහන් කර තිබූ ලිපිනය දිගේ නිවස සොයා ගත් එරිකෝ හා සිම්රන් එහි යන විටත් ප්‍රාන්ත පොලීසියේ නිල ර‍ථ කීපයක්ම නවතා තිබුනේය...



මිසිස් පාකර්, මම රහස් පරීක්ෂක එරිකෝ.. මේ මගේ සහායිකාව සිම්රන්.. අපිට අද උදේ ඔබ එවපු ලිපිය ලැබුනා..”



ඔබලා මෙහි ආව එක අපිට ගොඩක් ලොකු සහනයක් වේවි..”



ප්‍රාන්ත පොලීසියේ පරීක්ෂණ වලින් මොනවද ලැබුන තොරතුරු ?”



තාම කිසිම දෙයක් හොයාගෙන නැහැ..”



කවද්ද මේ සිදුවීම වුනේ ?”



දවස් දෙකකට කලින්.. ලොරෙන් ඉස්කෝලෙ ගිහින් එන අතර වාරයේ තමයි එයාව කවුරු හරි පැහැර ගෙන තියෙන්නේ..”



ලොරේන්ගේ ඉස්කෝලේ මොකද්ද?”



“ Central Sussex College..”



මගේ දැනුමේ හැටිය Shally වල ඉදන් ගොඩක් දුර..”



ඔව්.. ඒත් ඉස්කෝලේ ප්‍රවාහන පහසුකම් තියෙන නිසා ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි..”



එහෙමනම් ප්‍රාන්ත පොලීසිය එක්ක කතා කරන එක තේරුමක් නැති දෙයක්... අපි ඉස්කෝලේ ඇරෙන්න කලින් එහාට යන්නම්..”



පාර්කර් මහත්මියගේ නිවසින් නික්මුන් ඔවුන් දෙස ප්‍රාන්ත පොලිසිය බැළුවේ නොරිස්සුම් බැල්මකිනි... සිම්රන්ට වඩා ඔවුන්ගේ බැල්ම යොමු වූයේ එරිකෝ වෙතටය...



ඔවුන් ඔබට කැමති නෑ වගේ..”



ඔව්.. මීට කලිනුත් මම මෙහේ පරීක්ෂණ වගයකට ආවා.. ඒ අමිහිරි මතක තාම ඔවුන්ට අමතක නැතුව ඇති..”



අමිහිරි මතක..”



ඒක දිග කතාවක් සිම්රන්.. මට ඔබේ විස්තර ටිකක් කියන්න... ඉන්දියාවෙන් ඇවිත් ලන්ඩන් වල පදිංචි වෙලා ගොඩක් කල්ද?”



ඔව්.. මම දෙමවුපියොත් එක්ක ලන්ඩන් ආවේ ගොඩක් පොඩි කාලේ..”



ඊට පස්සේ ඉන්දියාවට ගියේ නැද්ද ?”



දෙතුන් වතාවක් ගියා.. ඒත් දැන් අවුරුදු කීපයකින් යන්න බැරි වුනා..”



Shally හි සිට Orchard Way හි පිහිටි ලොරේන්ගේ පාසලට යන අතර වාරයේ කාලයේ එරිකෝ හා සිම්රන් තම පෞද්ගලික තොරතුරු බොහෝමයක්ම විමසමින් ගමනාන්තය වෙත ආවේ පරීක්ෂණයේ ඊළග පියවරට අවශ්‍ය කරුණු දැන ගැනීමේ අපේක්ෂාවෙනි...



අපිට තුන්වෙනි ශ්‍රේණියේ ලොරේන් පාර්කර්ගේ පන්තිභාර ගුරුතුමිය එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?”



ඔබලාට පාසල නිමා වෙනකන් ඉන්න පුළුවන්ද ?”



බැහැ.. අපි ආවේ ලොරේන්ගේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ කරන්න...”



එරිකෝගේ දැඩි ඉල්ලීම හමුවේ ඊට කැමති වුන ඔවුන් පාසලේ තෙමහල් ශාලාවක පිහිටි ප්‍රාථමික අංශයේ ලොරේන් ඉගෙන ගත් පන්තිය වෙතට ඔවුන්ව කැදවාගෙන ගොස් ඇගේ ගුරුතුමිය හා කතා කිරීමට අවස්තාව ලබා දුන්නේ ගුරුතුමියගේද අකමැත්ත අතරේය...



මේ වෙලාවේ අපිට භාහිර අය එක්ක කතා කරන්න බෑ..”



දන්නවා.. ඒත් මේ ඔබේම පන්තියේ දරුවෙක්.. ඒ නිසා මේ කතාව ඉක්මනින්ම කරන එක වැදගත්..”



හරි මොනවද ඔබලාට දැන ගන්න ඕන..”



දවස් දෙකකට කලින් ලොරේන්ගේ අතුරුදන් වීම වුන දවසේ ලොරේන්ගේ විශේෂ වෙනසක් එහෙම තිබුනද ?”



නැහැ.. එදත් ලොරේන් වෙනද වගේම පන්තියේ හිටියා... අනිද්දා තියෙන විද්‍යා ප්‍රදර්ශණයට එයාගේ නිර්මාණය හදන්න මහන්සි වෙවී හිටියේ..”



මට ලොරේන්ගේ යාළුවන්ගෙන් තොරතුරු දැන ගන්න පුළුවන්ද ?”



මං හිතන්නේ නෑ ඒක හොද අදහසක් වේවි කියලා..”



නැහැ.. ගොඩක් බරපතල දේවල් නෙමෙයි මං අහන්නේ...”



හරි..”



කවුද ලොරේන්ගේ හොදම යාළුවා..”



ක්ලැරී ඩීන්ස්.. තුන්වෙනි පේලියේ තනියම ඉන්නේ ඇය...”



රත් පැහැ කොණ්ඩයකට හිමිකම් කී ඇය පන්තියේ අන් හැමෝටම වඩා ලස්සන දැරියක වූවාය.. නමුත් මුහුණෙහි වු මළානික බව තම මිතුරිය නැති අඩුව වැඩියෙන් ඈට දැනී ඇති බව හොදින්ම කියා පෑවාය....



ක්ලැරී, අපි ලොරේන්ගේ යාළුවෝ.. එයා අපිට ගෙදරදී ඔයාගේ විස්තරත් කියලා තියෙනවා... ඔයා එයාට ඉන්න හොදම යාළුවා.. ලොරේන් ඔයාගෙ හොදම යාළුවා නේද ?”



ඔව්..”



ලෝරෙන් ඉස්කෝලේ යන්නේ එන්නේ ඔයා එක්කම නේද ?”



ඔව්.. ලොරේන්ට කලින් මම බස් එකේ නඟින්නේ.. මම හැමදාම අපි යන්න ආස මැද පේලිය අල්ලගෙන ලොරේන්ගේ ගෙවල් ගාවට එනවා..”



එදත් ලොරේන්, ක්ලැරී එක්කම ඉස්කෝලේ ආවා නේද ?”



ඔව්.. ඒත් ආපහු යන්න ආවේ නෑ..”



ආවේ නෑ.. ඒ ඇයි ?”



එදා හවස ලොරේන්ගේ මාමා එනවා කියලා එයා නැවතුනා ඉස්කෝලෙම..”



ක්ලැරී හිදගෙන සිටි කුඩා මේසය ලගම බිමට නැවුනු එරිකෝ පන්තියේ ගුරුතුමිය දෙස බැළුවේ මේ ගැන ඈ දන්නවාදැයි දැනගැනීමටය... ඒත් ඇය හිස දෙපසට සැළුවේ ඇයද ඒ කිසිවක් නොදන්නා බව පැවසීමටය...



හැබැයි අපි Orchard පාර දිගේ එද්දි මං දැක්කා ලොරේන් බ්‍රොක්ලෑන්ඩ් පාර්ක් එකේ ඉන්නවා...”



බ්‍රොක්ලෑන්ඩ් පාර්ක් එකේ... ලොරේන්ගේ මාමත් හිටියද ?”



නැහැ.. බස් එක වේගෙන් ආව නිසා මං දැක්කේ ලොරේන්ව විතරයි...”



හරි ක්ලැරී..”



ඈ හිද හිටි මේසය ලගින් ඈත් වෙන්නට හැදූ එරිකෝගේ අතින් ඇල්ලූ ක්ලැරී මොහොතකට ඔහු නවතාලීය...



ලොරේන්ව ඉක්මනට හොයා ගන්න.. මට එයා නැතුව පාළුයි..”



මලානිකව තිබු ක්ලැරීගේ මුහුණ ආදරයෙන් අතගෑ එරිකෝ සිම්රන් සමග පාසලෙන් නික්මුනේ නැවතත් පාකර් මහත්මියගේ නිවසට ඒමේ අරමුණිනි...



අපිට ක්ලැරී කිවුව තොරතුරු කිසිම දෙයක් පාකර් මහත්මිය කිවුවේ නැහැනේ...”



ඔව් සිම්රන්.. දැන් අපි යන්න ඕන ඒ ගැන දැන ගන්න...”



ලොරේන්ගේ මාමා පාකර් පවුලත් එක්ක මොකක් හරි ආරවුලක් තිබුනද කියන එක අපි හොයලා බලන එක වැදගත් කියලා හිතෙනවා.. එතකොට අපිට එක සැක කාරයෙක් හරි ඉන්නවා මේ අභිරහසට...”



සිම්රන් දැනටමත් මාත් එක්ක වැඩ කරන්න ඕන පිළිවෙලට ඇවිත් වගේ..”



ඇය යාන්තමින් සිනා සෙද්දී වාහනය නැවතත් Shally හි පිහිටි පාකර් නිවස වෙතට පදවාගෙන ආ එරිකෝ අතර මග හමු වූ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානය ලඟද මොහොතක් නතර විය... නැවතත් සවස් යාමයේ පාකර් නිවස වෙත පැමිනෙද්දි එහි පොලිස් රථ නොතිබෙනු දැකීම එරිකෝගේ හිතට අස්වැසිල්ලක් විය...



අළුත් තොරතුරු මොනවා හරි තියෙනවද පාකර් මහත්මිය...”



තවම නැහැ.. ඔබලාට ?”



දන්නේ නෑ.. ඒත් අපිට දැන ගන්න ප්‍රශ්ණ කීපයක් තියෙනවා...”



ඔව් අහන්න..”



එදා ඉස්කෝලේ ඇරිලා ලොරේන්ව එක්කන් එන්න ඔබේ සහෝදරයෙක් ගියාද ?”



නැහැ.. මම මගේ සහෝදරයව යවලා නෑ කවදාවත්ම.. යවන්න අදහසකුත් නෑ.. ඇයි ඔබ එහෙම දෙයක් ඇහුවේ ?”



දැන් කෝ ඔබේ සහෝදරයා ?”



රෑ කෑම වෙලාව වෙද්දි ගෙදර ඉදීවි.. ඇයි ඔබ ඔහු ගැනම අහන්නේ ?”



අපි ඒ ගැන රෑටම කතා කරමු එහෙනම්..”



පාකර් මහත්මියගේ හිතේ ප්‍රශ්ණාර්ථයක් මතු කරමින් ඈට තම සොහොයුරා ගැන කිසිවක්ම නොකියූ එරිකෝ නිවසින් පිටව තම වාහනය වෙතට පැමින හිද ගත්තේය...



මම අද මෙහේම නතර වෙන එක හොදයි කියලා හිතෙනවා.. සමහර විට මේ අපරාධය විසදනකම්ම.. සිම්රන්ට ආයෙමත් ලන්ඩන් වලට යන්න මම ලෑස්ති කරලා දෙන්නම්..”



නෑ එරිකෝ මම ඉන්නම්.. මාත් කැමතී මේකේ අවසානය දකින්න..”



ඒත් සිම්රන්ගේ විශ්ව විද්‍යාල වැඩත් එක්ක මෙහේ නතර වෙන එක ප්‍රශ්ණයක් නෙමෙයිද ?”



ඒක කොහොම හරි කවර් කර ගන්න පුළුවන්.. ඒත් මේ දේ මඟ ඇර ගන්න මගේ හිත කියන්නේ නෑ...”



හරි අපි එහෙනම් මෙහේ නවාතැන් ගන්න තැනක් බලමු..”



පාකර් මහත්මියගේ සොහොයුරා හමුවී කතා කිරීමට කලියෙන් ඉතිරි වී තිබූ කාලය ඇතුලත නිවාඩු නිකේතනයක් සොයා එහි නවාතැන් පහසුකම් සලසා ගත් එරිකෝ සිම්රන් සමග බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානයෙහි කෙටි සවාරියක යෙදුනේ තම අතෙහි වූ ලොරේන්ගේ සේයාරුව උද්‍යානයේ ගමන අතර වාරයේ හමුවන ආරක්ශකයන්ට පෙන්වමිනි.. නමුත් ඒ කිසිවෙකුත් ලොරේන්ව නොදැකීම ඇගේ පැහැර ගැනීම ගැන පුංචිම හෝ තොරතුරක් ලබා ගන්නට තිබූ අවස්‍ථාවක් මග හැරී යාමක් බව එරිකෝ හොදින්ම දැන සිටියේය...



හෝරාවක් පමණ උද්‍යානය පුරාවට සැරිසැරූ එරිකෝ හා සිම්රන් පාකර් නිවස වෙතට ආවේ රෑ කරුවලද අතරිනි.. නිවසේ විදුළි පහන් එළි අතරින් බොහෝ දෙනෙක් නිවසෙහි හිදින බව ඔවුන්ට ඒත්තු ගියේය...



අපිට උවමනා කෙනා හිටියොත් ඒ හොදටම ඇති...”



නිවසේ සීනුව නාද කරමින් දොරකඩ අසල නැවතුන එරිකෝ විදුළි එළි අතරින් එහා මෙහා යන අය දෙස හොදින්ම බලා සිටියේය... මොහොතකින් විවර වුන දොර ලගදී උදෑසන මෙන්ම පාකර් මහත්මිය එරිකෝව පිළිගත්තේ මුහුණේ සිනාවක්ද නොමැතිවය...



මගේ සහෝදරයා ඉන්නවා.. ඔබට කතා කරන්න පුළුවන් වේවි..”



බොහොම ස්තූතියි පාකර් මහත්මිය...”



ඇතුළු වන තැනම පිහිටි ආලින්දය කිට්ටුවටම වන්නට තිබූ කෑම කාමරයෙහි දවාලෙහි රැදී සිටි අයට වඩා වැඩි දෙනකු රැදී සිටියේය.. ඒ අතුරින් තරමක් උස තරුන පුද්ගලයෙකු වූ ජේම්ස් ගානර් නම් ලොරේන්ගේ මාමා එරිකෝ හට හදුන්වා දුන්නේය...



ජේම්ස් ලොරේන් අතුරුදහන් වුන දවසේ එයාව ඉස්කොලෙන් එක්කන් එන්න ගියාද ?”



නැහැ..”



කෑම කාමරයේ සිටි හැමෝගෙම ඇස් යොමු වූයේ ජේම්ස් දෙසටය... ඔවුන් කිසිවකුත් ඒ ගැන දැන නොසිටි බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය...



එහෙනම් ලෝරෙන්ගේ හොදම යාළුවා කියන්නේ ජේම්ස් එදා එයාව එක්කන් යන්න එනවා කියපු නිසා ලොරේන් හවස බස් එකේ නැග්ගේ නැති බව...”



ඒක වෙන්න බෑ.. අපි කවදාවත්ම ලොරේන්ව ඉස්කෝලෙන් එක්කන් එන්න යන්නේ නෑ.. අනික් කාරණේ තමයි ඉස්කෝලේ නීති රිති වලට අනුව ළමයෙව දෙමව්පියන්ට ඇරෙන්න වෙන කාටවත් භාර දෙන්නේ නෑ..”



එතකොට ලොරේන් නැවතුනේ ඇයි ?”



එරිකෝ ඔහුගේ හිතින්ම ප්‍රශ්ණ කරන්නට විය.. පාකර් නිවසින් සමුගත් එරිකෝ සිම්රන් සමග නිවාඩු නිකේතනය කරා ආවේ බලාපොරොත්තු කඩ වුන හැගීමෙනි.. ලොරේන්ට සිදු වූයේ කුමක්ද ? වෙහෙසකර දවසකට නිමාවක් දෙමින් එරිකෝ විවේකයක් ලබා ගත්තේ උදෑසනම කරන්නට තවත් බොහෝ දේ හිතේ තබා ගනිමිනි..








Thursday, 24 January 2013

ඔක්කොම ගැලපෙනවා පුතා.. ඒත් පුංචි ප්‍රශ්ණයක් තියෙනවා - පුස්පාර්ට් යාළුවෝ 4




              පිටරටක ඉන්න අයට කසාද හොයන්න කට්ටිය සෑහෙන්න උනන්දුයි... අනේ මන්දා ඒ ඇයි කියලා.. ලංකාවට ගියොත් ලංකාවේ අයගෙනුයි, මෙහේ ඉනන්කොට මෙහේ අයගෙනුයි ඔය මාතෘකාවෙන් ගැලවිලා ඉන්න එකනම් ටිකක් විතර ලේසි පහසු දෙයක් නම් නෙමෙයි... කෙල්ලෝ කොල්ලෝ කියලා විශේෂයක් නෑ.. දැක්කොත් අහන්නේ බඳින්නේ නැද්ද කියලා..


මීට අවුරුදු දෙක තුනකට විතර කලින් ඔන්න ඔය දැන් බඳින්න හොදම වයස කියන තැටිය හැමදාම වාදනය උන කෙනෙක් තමයි අපේ අයියා.. ඔය තැටිය වාදනය කලේ වෙන කවුරුවත් නෙමෙයි.. කලින් දවසක ලිවුව කලිසම අමතක වෙලා පාරේ ගිය කමල්ගේ වයිෆ්ම තමයි... දවසක් අයියයි මමයි සෙනසුරාදා පොල පැත්තේ ගිය වෙලාවක අපිට කමල්ගේ යිෆ් හම්බුනා... අපිනම් පොලට ගියා ගන්න ඕන ඒවා ගත්තා, ලස්සන කෙල්ලෝ දිහා බැළුවා, ගෙදර ආවා උනාට රොයිටර් සේවාවේ වැඩ කරන කමල්ගේ වයිෆ් වගේ අය වරු ගනන් දකින දකින එකා එක්ක තියෙන ඕපදූප ඔක්කොම කියව කියව ඉන්නවා.. අදටත් සෙනසුරාදට පොලේ දෙතුන් දෙනෙක් වට කරගෙන මෙයා ඉන්නවාමයි... හරි හරි.. අපිට වැදගත් අතීත කතාවනේ..


එදත් පොලේදි අපිට කමල්ගේ වයිෆ් හම්බුනා...සුපුරුදු ඕප දූප බයිලාව.. අපේ අයියා දැක්ක ගමන් කට කනේ.. පොඩි කයියක් ගහන් ඉදලා සුපුරුදු තැටිය දැම්මා වාදනයට..


මහේෂ්, දැන් වයස කීයද කියලා බලනවා.. බඳිනවකෝ..”


ඉතින් අක්කම එකක් හොයලා දෙන්නකෝ..”


අපේ අයියට කෙනෙක්ව මුරුංගා අත්තේ තියන්න වැඩි වෙලාවක් යන්නේ නෑ... ඒකා කියන ඒවයේ දිග පළල දන්න එකම එකා මං හන්දා මං ඕවා ගනන් නොගත්තට අනික් අයට ඒවා මාර ෂුවර්..


මහේෂ් ශුවර්නේ.. එහෙනම් මම හොයනවා.. පුතා අයියා කියන්නේ ඇත්තනේ. ?”


අහ්.. ඔව් ආන්ටි.. කොහොමත් දැන් ගෙදරනුත් හොයනවනේ... ආන්ටිලත් හොයන්න..”


මාත් නිකන් හිටියේ නෑ.. අයියගෙම මලයනේ ඉතින්.. ඇන්ටිගේ මූණේ හිනාව බබලනවා.. බලන්න ලස්සනයි.. අපි තව හොදවයින් ටිකක් කියලා ආන්ටිව තියන්න පුළුවන් උසම මුරුංගා අත්තේ තිබ්බා... අයියත් ඔන්න ඔහේ හොයන සුදුසුකමුත් කිවුවද කොහේද... දැන් මට මතක නෑ.. කොහොම හරි එදා ආන්ටි ගියේ ෆුල් ෆන් එකේ හොදටම ඇදලා කියන එක අපි දන්නවා..


ටික දවසක් ගෙවිලා ගියා.. එදා එහෙන කිවුවට මොකො අපිටත් ඕක පස්සේ අමතක වෙලා ගියා.. ඒ උනාට හැබැයි ආන්ටිට නම් කතාව අමතක වෙලා තිබුනේ නෑ.. දන්න කියන හැම තැනකටම කියලා කෙල්ලො හොයලා.. දවසක් සෙනසුරාදාවක අපේ අයියට කෝල් එකක් ඇවිත් පහුවදා රෑ කෑමකට එහේ එන්න කියලා.. එදා කොහොම හරි මට යන්න බැරි උනා.. අයියා ගියා.. ආන්ටි කෑමක් ලෑස්ති කරලා එහෙම එන්න කියලා තියෙන්නේ මඟුලක් කතා කරන්න..


ලංකාවේ ඔන්න එයාලගේ කවුදෝ මන්දා කියලා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් අයියට දීලා.. අයියා කියන විදිහටනම් කෙල්ල ටිකක් ලස්සනයිලු... හැබැයි ඉස්සෙල්ලම බැළුවම පේන්නේ මූණට වඩා වෙන තැනක්ලු හොදට.. එවුවා මෙවුවා ඔක්කොම බලාගෙන විස්තරත් අහගෙනම අයියා අතටම දුන්න හඳහන් කොපියත් අරගෙනම අපේ අයියා කාලා බීලා ගෙදර ඇවිත් මට පහුවදා ෆුල් සීන් කෝන් එකම කිවුවා...


අපේ එකාට ඉතින් බඳීන්න උවමනාවක් තිබුනේ නෑනේ... ආන්ටිව ෆෝම් කරලා තියලා ෆන් එකක් ගන්නනේ ඕන උනේ.. අපේ ගෙදරට යවන්නම් කියලා ගෙනාව හඳහන ගෙදට්ටට යැවුවේ නෑ.. ඒකට මොනා කලාද කියලවත් මම දන්නේ නෑ.. කොහොම හරි ඕක අරන් ඇවිත් ටික දවසක් ඒ ගැන වැඩි කතා බහක් නැතුව හිටියා කියලනම් මතකයි..


මාත් එක්ක ඒ ගැන කතා නොකලට අයියා ආන්ටි එක්ක කියලා හඳහන ගෙදරට යැවුවා තාම තැපෑලේ වෙන්න ඇති කියලත්.. ආන්ටිත් ඉතින් සෑහෙන බලාපොරොත්තු තියන් ඉදලා වැඩේ ගැන.. කෝම හරි මඟුල කතා කරන්නේ අයියට උනත් සති දෙක තුනක් වගේ යද්දි මුළු කතානියාම වගේ දන්නවා අපේ අයියට කමල්ගේ වයිෆ් මඟුලක් හොයන බව.. සමහරු අපේ අයියගෙන් කෙලින්ම ඇහුවේ අහවලා ගැන නොදැනද ඔය මඟුල් හොයන්න බාර දුන්නේ කියලා... හැබැයි ඉතින් අපේ අයියා ගැන දන්න අය නම් දන්නවා මේ ආන්ටිව බයිට් එකට ගන්න කරන වැඩක් බව..


ටික දවසක් යද්දි වැඩේ හොදට නැගලා ගියා.. අපේ අයියට තව ෆොටෝ දෙක තුනක්ම එවලා තිබුනා... අයියගේ ෆෝන් නම්බර් එක ඒ කෙල්ලට දීලා අයියටත් එයාගේ නම්බර් එක දීලා කපුවා හොදට වැඩේ කර ගෙන ගියා.. ඒ උනාට මං දන්න තරමින් අපේ අයියා කෝල් කලේ නම් නෑ ඒ කෙල්ලට..


මහේෂ් ගෙදරින් මොකො කිවුවේ ?”


.. හදහන් ගැලපෙනවා කිවුවා.. ඉතුරු දේවල් කතා කර ගන්න ඕනයි කිවුවා අපි කැමතිනම්...”


හරි මහේෂ්.. මං ඉතුරු වැඩ ටිකත් කතා කරලා දෙන්නම්..”


මොනා උනත් ආන්ටි හිටියේ හොදටම ඇදලා.. අපරාදේ කියන්න බෑ.. තව ටික කාලය මේ වගේම ගෙවිල ගියා.. ඔය ටික කාලේ ඇතුලත එක එක විස්තර අප්ඩේට් උනා... පවුලේ තොරතුරු, දෑවැදි ගැන එහෙම.. ගොඩ මඩ ඉඩම් එහෙම සෑහෙන දෙන කතාවක් කියලා තිබුනා... ඒ වගේම අපේ අයියවත් සෑහෙන වර්ණනා කරලත් තිබුනලු... නැති හොදත් කියලා.. එහෙම බලද්දි අපිට ඒ කෙල්ල ගැන කිවුව දේවල් වලත් අඩු වැඩි අත ඇරලා තමයි හිතන්න ඕන..


දවස් ඔහොම හෙවිලා යද්දි හොදම දවස ආවේ ඉරිදාවක.. එදා මාත් ගියා..


මහේෂ්, අපි පුතාගේ ෆොටෝ එකකුත් යවලා ඔක්කොම දේවල් කිවුවා... එයාලා ඔයාට කැමති..”


අහ්.. ඒකත් එහෙමද ? ඒත් ඉතින් අපි තාම කතා බහ කරලවත් නැහැනේ හරි වචනයක් කියන්න...”


බයිට් එකට අල්ලං ගියාට මොකද දැං අපේ අයියටත් මේක මල ඇනයක් වෙලා තිබුනේ... දැන් ආන්ටිගේ කල්පනාව අයියව බන්දලා දෙන්නමයි...


අහ්.. මං ෆෝන් නම්බර් එක දුන්නනේ.. මහේෂ් කතා කරලා බලන්න..”


හා.. හා..”

හැම දෙයක්ම හොදින් ගැලපෙනවා පුතා.. ඒත් පොඩි දෙයක් තියෙනවා...”


ඒ මොකද්ද ?”


මේ ළමයා බයිසිකල් පදිනවනේ.. දවසක් බයිසිකලේ පදින්න වාඩි වෙද්දී සීට් එක ගැවිලා වැටිලා මේ යා නොදැනුත්වාඩි වෙලා තියෙවා..