Monday, 9 December 2013

මම ආසයි දුවෙක් ලබන්න



දවසින් දවස කාලය ගෙවිලා ගියේ හරිම අපූරු විදිහට.. ගෙවෙන හැම තත්පරයකම ලියවිලා තිබුනේ අළුත්ම අළුත් බලාපොරොත්තුවක්.. ඒ බලාපොරොත්තුව හන්දම මුළු ජීවිතේටම එකතු වුනේ කියා ගන්න බැරි තරම් සතුටක්.. ඔයා මම ඒ සතුට හිතේ තියන් කොච්චර හිනා වුනාද කියලා දන්නේ අපේ හිත් විතරක්ම වෙන්න ඇති..

" ඇයි ඔහොම බලාගෙන ඉන්නේ?"

" ඔයා දැන් වෙනදටත් වැඩිය ලස්සන වෙලා.."

" අනේ යන්න නිකන් බොරු නොකියා.."

" බොරු නෙමෙයි රත්තරං.. ඔයා දැන් ඇත්තටම හුඟක් ලස්සන වෙලා.."

හෙමීට නළලට ලං වෙලා හාදුවක් තිබ්බම ඇස් දෙක පියාගෙන ඒක ඔයා විද ගනිද්දී හිතට දැනෙන නිදහස, ආදරය කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නැහැ..

" අපිට ක්ලිනික් යන්න වෙලව හරි නේද බබා.. ඔයා හුරතල් වෙවී හිටියම හරිද?"

" හ්ම්ම්, ඇයි දැන් ඔයා මම හුරතල් වෙනවට ආස නැද්ද?"

" මගේ ලොකු බබා ඔයානේ කොහොමත් ඉතින්.."

" ඒක නෙමෙයි, ඩොක්ටර් කිවුවා නේද අද එන්න ඉන්නේ කවුද කියලා බලලා කියන්න පුළුවන් කියලා.. ඔයා මොකද කියන්නේ, අපි බලනවද?"

" ඇයි ඔයාට හදිස්සිද?"

" ම්ම්ම්, ඔවු.."

" හරි එහෙනම් බලමු.."

මගේ හිතේ තිබුන හුඟක් දේවල් හැම වෙලාවකම වගේ තේරුම් ගන්න ඈට පුළුවන් වුනා.. හෙමිහිට ලෑස්ති වෙලා පිටත් වුනේ අළුතින් එන අමුත්තා ගැන දැන ගන්න ලොකුම ලොකු ආසාවකින්.. ක්ලින්ක් එකේ පෝලිම.. අපි වගේම ඒ ලස්සන හීනේ දකින්න බලාගෙන ඉන්න අයගෙන ක්ලිනික් එක පිරිලා ගිහින්.. ඒ අතරේ සමහර තැන් වල දුවල පැනලා දඟ කරන පොඩ්ඩෝ හැම කෙනෙක්ගෙම හිත බැඳ ගත්තේ වැඩි කාලයක් නොගිහින් තමන්ටත් ඒ වගේම හුරතල් බලන්න තියෙනවා කියන එක මතක් වෙලා වෙන්න ඇති..

මමත් එහෙමයි.. ඈතින් හිටපු ලස්සන පොඩි එවුන් දෙන්නෙක් දිහා ටිකක් වෙලා ඉදන් බලාගෙන හිටියේ ලඟදිම අපිට එකතු වෙන්නේ පුතෙක්ද දුවෙක්ද කියන එක හිත හිත..

" ඔයා කැමති පුතෙක්ටද දුවෙක්ටද?"

මගෙන් එක පාරම එහෙම ඇහුවේ මං දිහා හුඟක් වෙලා බලාගෙන ඉදලා වෙන්න ඇති කියලා මට හිතුනා..

" ඔයා දන්නවනේ මගේ කැමැත්ත.."

" බැරි වෙලාවත් ඔයාගේ කැමැත්ත නොවුනොත්?"

" කමක් නෑ.. අපිට ආයෙම ට්‍රයි කරන්න පුළුවන්නේ.."

" ආ ඇත්තද?"

ඒ දෑතින් හොද තදේට අල්ල ගත්තේ ඊලට යන්න තිබුනේ අපිට නිසා.. එන්නේ කවුරු වුනත් ඒ අපේ අනාගතය.. අපේ ලස්සනම දවස් ටික..

" මිස්ටර් උමගිලිය, හැම දෙයක්ම නෝර්මල්.. බලන්න ඕනද කවුද එන්නේ කියලා.."

" ඔවු ඩොක්ටර්.."

වචන වලින් නොකිවුවට හිත් වල තිබුනේ පුංචි තිගැස්මක්.. ඒක හුඟක් දෙනෙක්ට සමාන්‍ය දෙයක් වෙන්න ඇති.. ඒත් ගෙවුන විනාඩි කීපය දැනුනේ මහා ලොකු කාලයක් විදිහට..

" ඔයාලට දුවෙක් ලැබෙන්නේ.. සුභ පැතුම්.."

එක පාරම එයා බැළුවේ මගේ දිහා.. ජීවිතේ ගෙවුන දවස් වලින් වැඩියෙන්ම සතුටු වුන දවස අද කියලා මම හොදටම දන්නවා.. හිතේ සතුට වැඩි නිසාම කොච්චර වෙලා ගොළු වෙලා හිටියද කියන්න මමවත් දන්නේ නැහැ.. එයා එක්ක වුනත් හරියට කතා කලේ ගෙදරටත් ආවට පස්සෙයි..

" එහෙනම් ඔයාගේ හීනේ හැබෑ වුනා නේද?"

" ඔයානේ ඒ හීනේ හැබෑ කලේ.."

ඒ දෙතොල් සිප ගත්තේ හුඟක් ආදරෙන්.. හුඟක් කල් ඉදලා තිබුන ආසාවක් ඉටු වෙන හින්දද කොහේද හිත පිරිලා තිබුනේ කියා ගන්න බැරි සතුටකින්..

" හැබැයි දඟ‍යො ඔන්න දැන් ඉස්සර වගේ ඉදලා බෑ.."

" මම දන්නවා.. දැන් එතකොට මම දඟයිද?"

ඇද ලගම වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා ඇවිත් ඒ අතර බිම දණ ගහගෙන එයාට ලං වුනේ හෙමීට ඔළුව පුංචි දෝණි ලගින් තියන ගමන්..

" දැන් ඔයාගේ ආසාව නම් හරි ගියානේ.. දැන් ඔයා ඔයාගේ දූත් එක්ක මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.."

හෙමීට මගේ ඔළුව අත ගාන ගමන් එයා ඇහුවේ මගේ ජීවිතේ ඉස්සරහට එන්න තියෙන ලස්සනම කාලේ ගැන.. දුවෙක්ට මම ආස වුන දවසේ ඉදන් කොච්චරනම් දේවල් මේ හිතේ එකතු වෙලා තියෙනවද? ඒවා එකින් එක කියන්න තව සෑහෙන කාලයක් යාවි..

" මමද? ඉන්නකෝ ඔයාට හෙමීට කියන්න මම.."

.........................................

පුංචි මුණෙ හුරතල් ලග
මොහොතකට නතරව ඉන්න
ආදරෙන් කියන කතා ලග 
හිනා වෙලා අහන්ගෙන ඉන්න
මන් ආසම හීනේ දකින්න 
ආසයි මං දුවෙක් ලබන්න..

සෙල්ලම් ගෙයි වාඩිවෙලා හෙමීට
මගේ බොනික්කිගේ හුරතල් බලන්න
උකුල උඩ වාඩි වෙලා හෙමීට
නුඹ කියන සිංදු අහන්න
මන් ආසම හීනේ දකින්න 
ආසයි මං දුවෙක් ලබන්න..

පුංචි කාමරේ සරසලා ලස්සනට
බෝනික්කො එක්ක නිදි කරවලා නුබව
ඇද අයිනක වාඩි වෙලා හෙමීට 
නිදියන තුරුම ලග ඉන්න
මන් ආසම හීනේ දකින්න 
ආසයි මං දුවෙක් ලබන්න..

අම්මී වගේම හැඩට ඉන්න
එකම මෝස්තර අන්දලා දෙන්නටම
හැඩකාර මලක ලස්සන විදින 
ආඬම්බර තාත්තා කෙනෙක් වෙන්න මට
මන් ආසම හීනේ දකින්න 
ආසයි මං දුවෙක් ලබන්න..






69 comments:

  1. මම ආස මුලින් පුතෙකුට... දෙවනුව දුවෙකුට....

    ReplyDelete
    Replies
    1. මට නම් ඉස්සෙල්ලා කවුරු වුනත් එකයි.. හැබැයි මට දුවෙක් ඕනමයි.. :)

      Delete
  2. එහෙනං උඹට ඉසිසෙල්ලම දුවෙක් ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කොරනවා එහෙනං. ජයම වේවා

    ReplyDelete
    Replies
    1. තව කාලෙකින් බලමුකෝ මචං.. තැන්කූ වේවා..

      Delete
  3. හොද අදහසක් මචෝ... බැරි උනොත් ආයි ට්‍රයි කරන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා.. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කිවුවලු..

      Delete
  4. හපොයි දෙය්යනේ තාම බැන්දෙත් නෑ නේද? :D

    කොහොමත් පවුලකට ඉස්සල්ලා දුවලා හොඳයිලු. අත්තම්මා තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. බඳින්නම ඕනද මේ ගැන හිතන්න.. දැන් ඔය බැන්ඳ කට්ටිය නම් හිතලනේ ඇත්තේ නේද? ;)

      ඉස්සෙල්ලා හෝ පස්සේ මටනම් දුවෙක් ඕනමයි..

      Delete
  5. :3 මෙව්වාට පිළිතුරු බදින්න මන් පොඩි වැඩි බං.. කොහොම උනත් සුබ වේවා!

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ පොඩි.. මම කියන්නේ නෑ..

      Delete
  6. "මිස්ටර් උමගිලිය ඔයාලට නිමුන්නු ලැබෙන්නේ" එහෙම කිව්වොත් කොහොමද.?මල්ලි ,සතුට ඕං ...... ඩබල් වෙනවා...... ඔයාගේ බලාපොරොත්තු අනාගතේ දවසක ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවොත් නම් ඉතින් මම උඩ පනීවි සතුටට.. බලමුකෝ බලමුකෝ.. තව කල් තියෙනවනේ..

      Delete
  7. Aeththatama sathutui machan. Onna magenuth suba pathum.
    Punchi donivai wifevai dhan hodhata bala ganin.

    Kavi tikath lassanai machan.

    ReplyDelete
    Replies
    1. අඩේ මචං ප්‍රියා, මම තාම බැන්දෙත් නැහැ බං.. මේක මේ අනාගතේ දවසක් ගැන පොඩි හීනයක් විතරයි..

      Delete
    2. Addadda ade sory ban ganan ganna epa. Una wikaren adhata vela fone eken balla ban me kotanneth(ekai sinhala naththeth)

      Kohoma unath oya prarthanaawa oya vidiyatama ishta venna kiyalath pathanava.

      Delete
    3. අවුලක් නෑ මචෝ.. ඉක්මනට සනීප වෙයන්..

      Delete
  8. මමත් ඉස්සර දුවලට කැමතියි. දැන්නම් එහෙම නෑ... පුතාල ශෝක් අප්පා... උඅ එක්ක ඉන්නකොට අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනා නෑ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හෙහ් අනිවා අනිවා.. මාත් එක්ක ෆිට් වුන කොල්ලෝ ටිකක් ඉන්නවා මටත්.. සෙන්න අයියා කියපු දේම තමයි ඉතින් මටත් නිවාඬු වෙලාවට වෙන්නේ.. මාත් හැබැයි කොල්ලෙක් හදනවා..

      Delete
    2. සෙන්නට දුවෙක් හිටියනම් කියන ටික බලන්න තිබුණා.

      Delete
    3. ඒක හරි සුදීක. ඒක හරි.... මිනිස්සු කතා කරන්නෙ ඉතින් ලබන අත්දැකීම් මතනෙ..

      Delete
  9. අනේ මන්ද මේ උමගිලිය ඔයාටත් පේන හීන.කොහොම උනත් හොද හීනයක්.

    ReplyDelete
    Replies
    1. මට පේන හීන ගැන ලියන්න ගියොත් ඉතින්.. ;)

      Delete
  10. අනාගතේදී දවසක ඔය හීනේ හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.............

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  11. සිරාවට අනේ වාසනාවන්

    ReplyDelete
    Replies
    1. වාසනාවන් නේන්නම්..

      Delete
  12. මටත් ඉස්සරලම ලැබුනේ දුව. ඊට පස්සේ පුතා. කවුරැ මුළින් ලැබුනත් අපේම දරැවොනේ. උඹ දුව ගැන කියද්දි මම මගේ දුව ගැන ලියපු කවි පංතිවක් සිහිවුනා.....

    දියණි මගේ......

    සුදු දියණියනි නුඹ අප දිවියට ලැබිලා
    පහලොස් වසක් ගොස් ඇත නොදැනිම ගෙවිලා
    නුඹ ලද දිනේ මගෙ හදවත තුල පිරිලා
    ඉතිරුන පිය සෙනේ හැමවිට යයි වැඩිලා

    නුඹ කල දෑ සිහිවෙනවා සිඟිති වියේ
    සුරතල් කිරි සිනාවෙන් ගේ පිරිලා ගියේ
    මහන්සි වී ගෙට ගොඩ වන විටදි රැයේ
    නුඹ මුව කමල දැක්මෙන් හැම පහව ගියේ

    මගෙ ලැම මත දිගාවී උණුසුමට නුඹ
    නිදනා විටදි බිම තැබුමට සිතෙයි ලොබ
    පෙන්නා දෙමින් හැමවිට පැත්තක්ම සුභ
    ටික ටික වැඩුණි කාගෙත් සුභ පැතුම් ලැබ

    නුඹ ගීතයක් ලියලා එය ගයද්දී
    ගිටාරය වයා තව හැඩ දමද්දී
    අම්මා එක්ක එය මා රස විඳිද්දී
    උපන් කඳුළු සඟවමි ඇස පෙලෙද්දී

    මගෙ සුදු දුවේ මේ ඔවදන් අහගන්න
    චරිතය නුඹේ ජීවය මෙන් රැකගන්න
    කිසිවිට දොසක් නැගුමට ඉඩ නොතබන්න
    සිහි බුද්ධියෙන් යුක්තව දිවි ගෙන යන්න

    නුඹ දැන් යුවතියකි හැම නෙත් සිත් බඳින
    මට නම් සිඟිති දුවමයි මගෙ හද රැඳුන
    ලෝකය හරිම දරුණුයි දුදනන් වසන
    දිවි කැපකරන් දෙමි දුව වෙත රැක වරණ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනයි අයියේ.. මට මේක අයියගේ බ්ලොග් එකේ කියවපු බවක් නම් මතක නෑ.. කෝම වුනත් මගේ හිතේ තියෙන අදහස් ගොඩකුත් මේ කවියෙම තියෙනවා කියලනම් කියන්න පුළුවන් මට..

      Delete
    2. මට කඳුළු ආවා. ඒ වගේම බයත් හිතුනා.

      Delete
    3. සුදීක අයියට වගේම මටත් කඳුළක් ආවා.. හැබැයි සතුටක් එක්කම..

      Delete
  13. මමත් කැමති දුවකුට මුලින්ම.
    නිවුන් දුවලා දෙන්නෙක් නම් මරේ මරු.මේක කියවනකොට මට මතක් වුන අනිත් එක තමයි කැලරන්ස්ගේ "දුව මා වාගේ"
    සිංදුව බං.

    හෙමිට මගේ උළුවද,ඔළුවද අත ගන්නේ..?:D

    ReplyDelete
  14. අඩේ නිවුන්නු..උඹ මගේ හීනේ ප්‍රසාරණය කරන්න එපා බං.. හෙහ්..

    ඔළුව තමයි මචන්.. පොඩි මිස්ටේක් එකක්.. මමත් දැක්කේ නෑ උඹ කියනකන්ම..

    ReplyDelete
  15. දිනේෂ් අයියගේ හීනේ ඒ විදියට ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මාතෘකාවෙන් ම අනිත් බ්ලොග් එකෙත් කවි පෙළක් දාලා තිබුණා නේද? කවදා හරි මට ඕනේ පුතාල තුන් දෙනෙක් සහ දුවෙක්. පුතාල තුන් දෙනාගෙන් දෙන්නෙක් නිවුන්නු වෙන්නත් ඕනේ. බලමුකෝ ඒ හීනේ හැබැ වෙයි ද කියලා!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මේක අපේ කවි බ්ලොග් එකේ තිබුනා.. ඒකෙන් උස්සලා තමයි මේකට දැම්මේ කතාවත් එක්ක..

      හෆ්ෆේ හීනේ හරි ශෝක් නේ.. අරයට කියලා තියන්න දැම්මම.. එතකොට ලේසියි නේ.. ;)

      Delete
    2. අපි දෙන්නා කතා කරලා එකඟතාවයකට ආවට පස්සේ ඕක තමයි අවසන් තීරණේ :) මට ඕනේ එයා වගේ පුතාල. එයාට ඕනේ මම වගේ දුවෙක්. අහන අයට හිතෙන්න පුළුවන් බොළඳ යි කියලා. ඒත් ඒ හැඟීම විඳපු අය දන්නවා කොච්චර සුන්දර ද කියලා!

      Delete
    3. බොළඳ? කවුද කියන්නේ එහෙම.. අපිත් එහෙම තමයි..

      Delete
  16. සුබපැතුම් දුවෙක් වුනත් පුතෙක් වුනත්

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම පිළිගන්නනම් තව කල් තියෙනවා..

      Delete
  17. නම විතරයි වෙනස්. මට නං මේ මගේ ජීවිතේ අත්දැකීමක්. ඩොක්ට කිව්වම අපිට ලැබෙන්නෙ දුවෙක් කියල මහත්තය කිව්වෙ අපි දැනගෙන හිටියෙ කියල. මොකද අපි දෙන්නටම ඕන වුනේ දුවෙක්. තව ටික දවසයි... :)

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙනම් සුභ ආරංචිය අපිට ලගදිම දැන ගන්න ලැබෙයි වගේ.. ඔන්න මගෙන් කලින්ම සුභ පැතුම්..

      Delete
  18. කෝමත් අප්පච්චිල වැඩිපුර ආදරේ දුවලට තමා... :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.. තේරුණා මම කියන්න යන දේ හොදටම..

      Delete
  19. ඔය ස්කෑන් එකෙං කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කියන එකේ වැඩේ තියෙන්නෙ ගැජට් එක දැක්කොත් ශුවර් එකට කොල්ලෙක් කියන්ඩ පුළුවං උනාට ගැජට් එක නොදැක්ක පලියට කෙල්ලෙක් කියන්ඩ අමාරුයි.
    කොහොම උනත් ගෑනු කට්ටිය ළමයි හම්බවෙද්දි වේදනාවට මිනිහට බණින ඒවා හෙන ආතල් බං.

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් ඒවත් අහන්න දැම්ම ලෑස්ති පිට ඉන්න ඕන.. නිකමට වගේ මේ අහන්නේ උඹ කෝමද බං ඒක දන්නේ?

      Delete
  20. මාත් ආසාවෙන් හිටියේ සැකිසි කෙල්ලෙකුට.. කොහෙද නෝනා දිණුම් නේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් මාතලන් අයියා උත්සාහේ අත් ඇරියැයි? ;)

      Delete
    2. මම හොඳට බලපු එකක් තමයි මේකේ හැම එකාම තමන්ගේ ළමයි ගැන කියවනවා ...ඒත් මාතලන් එතරම් සඳහනක් කරන්නේ නැහැ කොල්ලා ගැන ...මොකද බන් ඒ ........?

      Delete
    3. කිවුවත් වගේ.. මාත් දන්න කාලේ ඉදන්ම මාතලන්ව කියෝනවා.. මටත් අහු වෙලාම නැහැනේ එහෙම පෝස්ට් එකක්..

      Delete
  21. අපිටනම් එකාටත් යකාටත් ඉන්නේ දුවෙක්.....උමගිලිය පවුලටත් කුළුදුලේ දුවෙක් හොඳයි....දුවලා කරදර කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ කාරණාවෙදි නම් ඉස්සරහට අපි දෙන්නර රණ්ඬු වෙන්න වෙනවා.. මොකො අරයට ඕන පුතෙක් කියනවනේ ඉස්සෙල්ලම..

      Delete
  22. පුංචි පුංචි තරු කැට මැද දිලිසෙන සඳවත
    සඳ මොකටද තරු මොකටද මට මගෙ දුව ඇත

    මටත් දුවෙක් ඕනමයි.

    ReplyDelete
    Replies
    1. ලොකූ එහෙනම් දැන්මම දුවෙක්ට හිත ගිහින් ඉන්නේ වගේ.. තව අවුරුද්දකින් විතර සලකා බලන්න බැරිය නේද ඉතින් ;)

      Delete
    2. දිනේෂ්ගේ කවි කීපය එක්ක යන සයුරිගේ පද කීපය හරි ලස්සනයි ....

      Delete
    3. එයා ඉතින් මගේ ලොකූනේ සහන් අයියේ..

      Delete
  23. ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා!

    ReplyDelete
    Replies
    1. දැන්ම නම් නෙමෙයි හැබැයි..

      Delete

  24. බවයෙන් බවේ

    පැතුමන් පතා

    අප ආ මගේ

    සුසුමන් සලා



    ලියු ගී වැල්

    අලුත් පිටුවක් පුරා
    තනුවක් සේයු අපි
    ජීවෙතේ පුරා


    ආදරේ පුංචි සිතුවම් මවා
    පැතුමක් ලෙසින් ඔබ ඉපදුනා
    දෙහදක ආදරේ දෙන්නම් සදා
    ඔබ අපේ පුංචි දු කුමරිය නිසා

    ෴෴සචී෴෴

    ReplyDelete
    Replies
    1. අඩේ එල එල.. ඔය තියෙන්නේ අදහස්.. බලාගෙන යද්දී හැමෝම එකම හීනේ වගේ ඉන්නේ..

      Delete
  25. තාත්තලා බොහෝ විට කැමති දූවරුන්ටනේ. අම්මලා පුතාලට. කවුරු උනත් දරු සම්පතක් පවුලකට වාසනාවක්. පොඩි එකාගේ කෑගැහිල්, හුරතල් හිනාව, තක්කාලිගෙඩියක් වගේ චූටි මුවකමල දකින දෙමව්පියන්ගේ හදවත් සතුටෙන් පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කවුරු වුනත් දරුවෝ කියන්නේ ගෙදරකට සතුටක්..

      Delete
  26. මමත් ආස දුවෙක් ලැබෙනවා නං.. දූලා දෙන්නයි පුතාලා දෙන්නයි.. ඔක්කොම හතරයි ! :)

    ReplyDelete
    Replies
    1. පුංචි පවුල රත්තරං..

      Delete
  27. ඒ වාසනාව උඹට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සුදීක අයියේ..

      Delete
  28. මම නම් මුලදී පුතෙකුට අසාවෙන් හිටියේ එක ඉටු උන දෙවෙනියා දුවෙක් ඕන කියල හිතාගෙන හිට්යේ ඒකත් ලැබුන.මොනවා උනත් දුවෙක් ඕනෑමයි ගෙදරකට.පව්ලේ අයගේ සම්බන්දකම් එකට එකතු කර ගන්න දුවෙකුට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මඟියාගේ හීන ඒ විදිහටම හැබෑ වෙලා.. ඒක ගැන ඇත්තටම සතුටුයි..

      Delete
  29. මමත් කැමති දුවලා දෙන්නෙකුට දිනේෂ්....දුවලා තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් සහන් අයියටහ් මම මගේ ප්‍රාර්ථනාවම ඉටු වෙන්න කියලා කියනවා..

      Delete
  30. පෝස්ටුවේ ලියපු ඒවා කොපි කරන්න බැරි වෙන්න කෝඩ් එකක් දාලද තියෙන්නෙ....මමත් ඔය වැඩේ මුලින් කරලා තිබ්බා...ඒත් කමෙන්ට් කරන අයට යම් උපුටනයක් කරන්න අවශ්‍ය උනාම ඒක ප්‍රශ්නයක්...ඒ නිසා අයින් කලා....මටත් කියන්න ආව ටික කියාගන්න බෑ ඒක ආයෙ ටයිප් කරන්න වෙලාවක් නැති නිසා....

    මමත් දුවෙක්ට තමයි ඉස්සෙල්ලාම කැමති....තාම බැදලත් නැති එකේ ඒ හීනෙට සෑහෙන දුරයි..ඒත් මගේ මලයා ලබන අවුරුද්දෙ මාව මහප්පෙක් කරන නිසා මමත් මේ ටිකේ බොහොම ආශාවෙන් ඉන්නෙ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්