Wednesday, 18 December 2013

හදිසියේම සමුගනිමි මම




දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ හොදට හිටිය එකාට වුනේ හදිස්සියේම සමුගන්න හදන්නේ කියලා.. මෙහෙමයි ඉතින්.. මේ ටිකේම ටිකක් අසනීපෙන් තමයි හිටියේ.. ඔළුවේ පැත්තක්ම රිදෙනවා මොකද මන්දා.. අවුරුදු ගානකට කලින් සෑහෙන බෙහෙත් බීලා හොද කර ගත්ත ඔළුවේ කැක්කුමක් තිබුනා වුනට මේක ඒක නෙමෙයි..

හරියටම කියනවනම් නිකන් මොළේ ඇතුලෙන් කරන්ට් එකක් පාස් වෙනවා වගේ.. එහෙම නැත්නම් මොළේ අස්සට උලක් දාලා අදිනවා වගේ.. බලාගෙන ඉන්න බැරිම තැන ඉතින් ඩොකෙක් අල්ලන් ඔක්කොම චෙක් කරන්න ඕන ඒවා කලා.. ලොකු අවුලක්ම නෑ.. සුට්ටන් විසබීජයක් ගිහින්ලූ..  අහන්නත් දෙයක්ද ඉතින්.. මෙච්චර කාළයක් කිසිම පාවිච්චියක් නැතුව පැත්තකට දාලා තිබ්බ එකනේ.. ඉතින් මකුළු දැල් එහෙම බැදිලා විසබීජ යන්නේ නැතුව තියෙයියැ.. හෙහ්..

සිකුරාදා ගිහිල්ලා නතර වෙනවා ඉස්පිරිතාලේ සුට්ටන් ඔපරේෂන් එකකට.. මං දැක්කා ලස්සන නර්ස්ලත් ඉන්නවා.. ඒ හන්දා ඉතින් අවුලකුත් නෑ.. බය වෙන්න ලොකු කාරණාවක් නම් නෑ.. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි අප්සට් එකක් ගියොත් මෙමරි සුට්ටක් අවුල් වෙන්න පුළුවන්ලු.. ඒක ඉතින් දැනටත් අවුල් එකේ තව මොනා අවුල් වෙන්නද අෆ්ෆා.. කෝම වුනත් ලියුම් ටිකක් කාරිය අත්සන් කරලා දීලා අංකල් ජොන්සන්ට මගේ වගකීම පවරලයි යන්නේ.. නැතුව ඉතින් මට වෙන කවුරු ඉන්න එකක්ද?

ඔපරේශන් කිවුවම මතක් වුනේ.. කාලෙකට උඩදි අපේ තාත්තා බයිසිකලෙන් වැටිලා අත කඩාගෙන ඉස්පිරිතාලේ ගියාම වැලමිට ලගින් අත ආයෙම හයි කරලා තිබුනේ අනික් පැත්තටලුනේ.. අන්න ඒවගේ කට්ටියකුත් ඉතින් ඉදලා හිටලා ඉන්නවලු.. ඒ වගේ අප්සට් එකක් වුනොත් නම් ඉතින්.. එක්කෝ ඕන නෑ..

වැඩි කල් ගන්නේ නෑ.. මගේ උපන්දිනේ සමරන්න එනෝ ඉතින්.. ඩොකාලා පිස්සු කෙලියේ නැත්නම්.. මම  හිතනවා මේක මගේ අවසානම ලිපිය වෙන එකක් නෑ කියලා.. කට්ටිය මම නෑ කියලා ඉතින් දුක් වෙන්න එහෙම එපා හොදද.. අපරාදේ හැබැයි ලංකාවේ හිටියනම් ඇපල් ටිකක් දොඬම් ටිකක් වත් අරන් එයිනේ නේ කස්ටිය මාව බලන්න.. එහෙනම් මම ගියා.. අහ් නෑ.. ගිහින් එන්නම්.. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම..


බුදුසරණයි.. ජේසු පිහිටයි.. 



48 comments:

  1. පිස්සු දොඩවන්න එපා බං ලංකාවෙ නෙමේනේ?
    ඉක්මනින් සුව වී එන්න මගෙන් ප්‍රාර්ථනාවන්.......!!!

    ReplyDelete
  2. මෙච්චර සතුටින් මොළේ ඔපරේශන් එකකට යන එකෙක් දැක්කමයි මේ !!

    භයවෙන්න දෙයක් නෑ.. තෙරුවන් සරණින් ඔක්කොම හොඳින් වෙනවා.

    ඉක්මනටම ඊලඟ ලිපිය බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. //මෙච්චර සතුටින් මොළේ ඔපරේශන් එකකට යන එකෙක් දැක්කමයි මේ !!//කියලා වැඩක් නෑ..... ඒක හොඳයි එහෙම තමා ඉන්න ඕනේ..

      ඉක්මනට සනීපවෙලා එන්ටකො ආයෙත් මල් කතාවක් අරන් අපිට...

      Delete
  3. ඉක්මිනින් සුව වේවා.. කොහොමත් බං ඔය මොලේට කෙලවෙන එකක නැහැ දැනටම කෙලවී ඇති නිසා..

    ReplyDelete
  4. බුදු සරණයි !!! ජේසු පිහිටයි !!! අයියේ.....

    ReplyDelete
  5. උඹට ඉකමන් සුව‍ය ප්‍රර්ථනා කරනවා මචං. ඉක්මනින් හොද වෙලා ඉක්මනින් වරෙන්. උඹ එනකම් අපි බලන් ඉන්නවා. ධනාත්මකව හිතපන්. උඹට කිසි කරදරයක් වෙන්නෑ.

    තෙරුවන් සරණයි!!!!!!!

    ReplyDelete
  6. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!!!!

    ReplyDelete
  7. දොස්තරලා කොහොමත් ඔහොම කියනවා අනේ. බයවෙන්ට කාරි නෑ. මොළේ තිබුණු අමාරු ඔක්කොම හොඳ වෙලා ඇවිත්, මල් ගස් පිටින් කඩන ඒවා ලියන්ට පටන් ගනී...:)

    බුදු සරණයි දිනේශ්ට.

    ReplyDelete
  8. හැමදේම හොඳින් සිද්දවෙන්න ප්‍රාර්ථනා කරනවා..
    ඔපරේෂන් එකෙන් පස්සේත් පැණි බේරෙන පෝස්ටු අපිට කියවන්න ලැබේවි නේ..:)

    ReplyDelete
  9. පිස්සු කියවන්නේ නැතුව ඉක්මනට හොඳ වෙලා වරෙං කොල්ලෝ !
    බුදුසරණයි !

    ReplyDelete
  10. චුට්ට එහා මෙහා වෙලා කෙළ වෙන්ඩ පුළුවං වගේම කවුද දන්නේ මොකක් හරි අවුලක් ගිහිල්ලා සුපර් මෑන් වගේ හරි ස්පයිඩර් මෑන් වගේ හරි මොනවා හරි පවර්ස් ටිකක් ආවොත් කාට කියන්ඩද?

    අනික මචං බය වෙන්ඩ එපා.මතකේ නැති උනත් නැති වෙන්නේ උඹ මොනවා හරි කරපු කුණු වැඩක් ගැන විතරයි.මතකනේ 'දුමින්ද සිල්වා සින්ඩ්‍රෝම්' එක

    ReplyDelete
  11. උඹට කාව අමතක් වුනත් අමතක් නොවෙන කෙනෙකුත් දැන් ඉන්න නිසා කිසිම අවුලක් නෑ , ජයෙන් ජය ...හොස්පිටල් බිල වැඩි වුනොත් එහෙම කියපං ,මට මතක නෑ කියලා . උඹට දෙවි පිහිටයි

    ReplyDelete
  12. කුපාඩි කතා කියන්නෙ නැතුව ඉක්මනට ඔය ඔපරේෂන් එක කරගනින්..ඉක්මනට සුව වෙන්න කියල පතනව..බුදු සරණයි..!

    ReplyDelete
  13. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දිනේශ්ට...ආයෙත් ඉක්මනට එන්නකො ලස්සන කතා ටිකක් අරන් :)

    තෙරුවන් සරණයි!

    ReplyDelete
  14. සැත්කම සාර්ථක වෙලා ඉක්මණින් සුවපත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. දන්නා කියන ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා එච්චර ලොකු ඔපරේෂන් එකක් නෙවෙයි කියලා. ඒ නිසා ඉක්මනින් සුවවී එන්න. හැබැයි නරකද පොඩි මොලේ අමාරුවකුත් තියනවා කියලා ඔය මොලේ අනවශ්‍ය කොටස් තියනවනම් ඒවා අයින් කරලා ඒ තැන්වලට සෙලෝ ටේප් ටිකක් ගහන්න කිව්වනම් ඔය ගමන්ම.

    ReplyDelete
  16. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දිනේෂ් මල්ලි .......

    ReplyDelete
  17. මේක මචං අවස්තාවක් කොරගනින් ඔය එහෙ මෙහෙ ගිය කෑලි ටික එකලසයක් කොර ගන්න.ලංකාවේ නෙමේ නම් බය වෙන්ඩ කාරී නෑ. . . .වැඩිම උනොත් ඔය කෑල්ලක් දෙකක් ඉතිරි වෙයි . . . අමතක වෙන සිං එකක් උනොත් ,, , , පස්සේ බැරිය . . ල;ලංකාවේ හාමිනේ ඉන්නවනේ මතක් කොරල දෙන්ඩ .. .හා හරි ආතල් ඇති , , එහෙනම් කොල්ලෝ බුදුසරනින් ඉක්මනින් වැඩේ ඉවර වෙලා වර. කල හොද වැඩ ටික මතක් කොරගෙන යමන් . .

    ReplyDelete
  18. ඉක්මන් සුවය පතමි....!!!

    ReplyDelete
  19. සැත්කම හොදින් සිද්ධවෙලා ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ...බුදු සරණයි ඔයාට...

    ReplyDelete
  20. ඔය රටවල් බොහොම දියුනු නිසා වැරදීම් වෙන්න තියෙන හැකියාව අඩු ඇති. මෙහෙ ඉන්න දෙයියොන්ට බාර දීලත් බැහැ. ඉතාලියට මෙහෙ දෙවියන්ගේ සිග්නල් නැහැ නෙව.

    ReplyDelete
  21. ලංකාවෙ එහෙම උනත් ඉතාලියේ එහෙම වෙන්නෙ නෑ.... ඩොකාලට වැරදෙන්නේ නෑ....

    බය නැතුව ගිහින් එන්ට දිනේශ් අයියා. ඩොකාල මොලේ මකුලුදැල් ටික කඩලා සුද්ද කොරලා එවයි නත්තලට. එහෙනම් Get Well Soon කිවුවා ඕං!

    මදාරා අක්කියෝ... ඔයත් බය නොවී ඉන්ට ඈ....

    ReplyDelete
  22. මොළේ සර්කිට් එකේ ඔක්සයිඩ් බැදිලා වගේ...පොඩි ෂොට් එකක් දා ගත්තා නම් ලෙඩේ කම්මුතුයි...අමධ්‍ය සංගමයෙ උන් මට බනිනවා හෙම නෙමෙයි ඔන්න.... ඉක්මන් සුවය ලැබේවා...

    ReplyDelete
  23. කොකටත් කියලා බැකප් අරගනින් මෙමරියේ.. මගේ හාඩ් එකටත් ඔහොම්මම උනා!

    ReplyDelete
  24. දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට හොද වෙලා වරෙන් අයියේ

    ReplyDelete
  25. ඉක්මන් සුවය පතමි, තෙරුවන් සරණයි! :( :)

    ReplyDelete
  26. ලංකාවේ වගේ පිස්සු ඩොකාලා වෙන කොහෙවත් නැතුව ඇති. කිසි දේකට බය වෙන්න එපා මල්ලි. බය නෑ කියලා ලියපු විදියෙන්ම පේනවා. මම නිකමට කිව්වේ. .

    බුදු සරණයි...ඉක්මනට හොඳ වෙලා ආපහු එන්න. ආපු ගමන් අපිට කියන්න හොඳේ

    ReplyDelete
  27. ගනං ගන්න එපා දිනේෂ් මල්ලී ඕක හොඳින් කරයි! හැම කටයුක්තම හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උඹට ජයෙන් ජය!!!

    ReplyDelete
  28. ඉක්මන් සුව පතමි ඔබට , 

    ReplyDelete
  29. ඉස්පිරිතාලේ ගියාට කමක් නැහැ..නර්ස්ලාව ගෙදර එක්කන් එපා.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!!!

    ReplyDelete
  30. සැත්කමට (ලස්සණ නර්ස් නෝනලා එක්ක සහ ඩොකාලා සමග) හොඳින් මුණ දෙන්න ජය වේවා! ඉක්මනට සනීප වෙලා එරිකෝ හන්ටර් ව එක්කගෙන ම එන්න. ඔය මොළේ අමාරුව නිසා ද මන්දා මේ දවස්වල එයා ව අමතක වෙලා. බුදු සරණයි, දිනේෂ් අයියේ.

    ReplyDelete
  31. සුට්ටන් එකක්නේ අවුලක් වෙනඑකක් නැහැ කොහෙත්ම,හැමදේම හොදින් වෙන්න කියලා පතනවා බං..!

    ReplyDelete
  32. අහ්... සෑහෙන කේස් එකක්නේ. බයවෙන්න එපා, අවුලක් වෙන එකක් නෑ මලේ, ඉක්මනට එන්න ආයෙත්!

    ReplyDelete
  33. ඔලුවට විෂ බීජ ගිහින්? ඔපරේෂන් එකක්? තේරෙන භාෂාවකින් කියන්නකො අනේ....... මොළේ විෂ බීජ ගිහින් වෙන්න නම් බෑ. එහෙනම් කොහොමද මෙහෙම ඉන්නෙ? සයිනසයිටිස් වගේ කතන්දරයක් වෙන්න ඇති මට හිතෙන්නෙ? අනේ මන්දා.... ඕන ලෙඩක් ඉක්මනින් සනීප කරගෙන එනකම් අපි බලන් ඉන්නව

    ReplyDelete
  34. පටස් ගාලා සුවවෙව ! කෝමත් ලංකාවේ නෙවෙයි නිසා බය වෙන්න දෙයක් නෑ :D

    ReplyDelete
  35. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!!! බුදු සරණයි.

    ReplyDelete
  36. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !

    බුදු සරණයි.

    ReplyDelete
  37. තෙරුවන් සරණයි.... ඉක්මනින් සුවය ලැබේවා....

    ReplyDelete
  38. ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දිනේෂ් අයියේ...

    ReplyDelete
  39. නිකං අවකැපෙන කතා කියන්න එපා මල්ලී. හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!

    හැබැයි ඔපරේෂන් එකෙන් පස්සේ මට එහෙම කෙනෙක් හිටියද ? මම දන්නේ නෑනේ කියලා කියන්නත් පුළුවන්. :)

    ReplyDelete
  40. දැං මොකද වෙන්නෙ?

    ReplyDelete
  41. මල්ලියා ඔක්කොම අමතක කරලා ගියානං හරි.. එහෙම වුණාම මෙමරි ලොස් වෙන්න අරගෙන ගිහින් නෑ නේ .. :) විහිළු ඇති.. ඉක්මන් සුවය පතනවා.. නැවත හැකි ඉක්මනින් ලියන්න ලැබෙන්න පතනවා.. මදැයි කාලෙකින් කියවන්න ආවාම තියන නිව්ස් ටික..

    ReplyDelete
  42. දිනේෂ් මල්ලී, ඔබට ඉක්මන් සුවය පතනා අතර ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.

    ReplyDelete
  43. ඔබට ඉක්මන් සුවය පතනවා මම. ඉක්මනට සනීප වෙන්න.
    ආ අමතකත් වෙනව තව ටිකෙන්
    ඔයාට සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
  44. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම 2014 වසර යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...

    ReplyDelete
  45. ඉක්මනින් සුවය ලැබේවා

    ReplyDelete
  46. ඉක්මනින් සුවය ලැබේවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්