Friday, 13 December 2013

සෘංගාරය හා කුණු රසය



සෘංගාර රසය

.....................................................

එක දිගටම වහින වැස්සේ හඬ යාන්තමට වගේ ඇහෙන්න පටන් ගනිද්දී පාන්දරට ලං වෙලා මම හිතන්නේ.. වෙලාව බලන්න වුවමනාවක් නොතිබුන හන්දම ආයෙම ඇස් දෙක තද කරන් ඉද්දී දන්නෙම නැතුව උදේ වෙනකන්ම හොදටම නින්ද ගිහින්.. ඒත් රෑ යාන්තමට පටන් ගත්ත වැස්සේ කිසිම අඩුවක් නෑ.. ටිකක් තදේට ඇවිත් ජනෙල් අතර වදින හුළඟ වැස්ස තව හුඟාක් වෙලාවකට නතර වෙන බවක් නම් කියන්නේ නැහැ.. වින්ටර් එකේ හීතලත් ඉවර වෙලා යන්න වහින වැස්සත් එක්ක ඇඟට දැනෙන සීතල නම් වෙලාවකට දරා ගන්න බැරි තරම්ම.. උදේ එලාර්ම් එකවත් තාම වැදුනේ නැති හන්දා තව ටිකක් වෙලා නිදා ගන්න කියලා හිතද්දි මගේ ලගටම තව හොදට තුරුළු වෙවි උණුසුමක් හොයද්දි මටත් වැඩිය හොදට ඒ හීතල ඔයාට දැනිලා කියලා මට දැනුනා.. වෙනද තරම්ම හීතලක් නොදැනුන හන්දා රෑ නිරුවතින්ම තුරුළු උන ඔයාට දැන් මටත් වැඩිය සීතලක් දැනිලා වගේ.. මං ඇහැරුණු බවක් නොදැන අඬ නින්දෙන්ම මගේ ලගට තුරුළු වෙවී උණුසුමක් හොයන ඔයා දිහා මම ටිකක් වෙලා බලාගෙන හිටියේ යාන්තම් තිබුන උදේ අඳුර අතරින්මයි..

තව තවත් ලං වෙලා ඔයා උණුසුම හොයද්දි මාත් පුළුවන් තරම් ලගට ඔයාව අර ගත්තේ නිරුවත් ඇඟට යාන්තමින් දැනුන හීතල ඉස්සරට වඩා වැඩි උන හන්දා.. වැස්ස නම් තාමත් ඒ වගේ.. හුළග කලින් තිබ්බටත් වැඩිය වැඩි වෙලා වගේ.. වතුර බිංදු හුළගත් එක්ක ගහගෙන ඇවිත් ජනෙල් වල වදින සද්දෙත් යාන්තමට ඇහෙද්දි රෑ ඉදන් තිබුන වැස්ස දැන්නම් යාන්තමට පුංචි අයිස් වැස්සක් වෙලා කියලා මේ හීතලත් එක්ක දැනෙනවා.. හීතලෙන් යාන්තමට හිරිගඩු පිපුන පිට දිගේ යාන්තමට අත අරන් යද්දි අඬනින්දෙන් ඒ පහසට ටිකක් එහා මෙහා වුන ඔයා මගේ පපුවටත් අත දාගෙන තව ලං වෙලා නින්ද හොයන්නේ ඔයා දිහා මම බලාගෙන ඉන්න බවවත් නොදැනම.. තත්පරෙන් තත්පරේ ගෙවෙන්නේ හුඟාක් හෙමින්.. හුළඟේ හඬ කොයිතරම් වැඩි උනත් බිත්තියේ තියෙන ඔරලෝසුවේ තත්පර කට්ට කැරකෙන වේගේ හඬ ඇහැද්දී වෙලාව ඉක්මනට ගෙවෙන්නේ නෑ කියලා හොදටම විශ්වසයි.. ඒත් හිත යටින් ඇහැරෙන්න වුවමනාවක් මටත් නෑ.. හෙමීට ඇඟිළි තුඩු අතරින් එයාගේ ඇඟ දිගේ හෙමීට අත පහලට අරන් ගියේ ඔයා දැන්නම් ඉන්නේ තද නින්දේ නොවෙන බව දැනුන හන්දා.. 

හුඟාක් වෙලා පපුව උඩට වෙලා ඇස් පියන් නිදා ගෙන හිටපු ඔයා හෙමින් උඩට ඇවිත් තොල් සිප ගනිද්දී ඒ දැනුන උණුසුමත් එක්ක දැනුනේ සීතල ඔහේ පා වෙලා ගියා වගේ.. ඒ පහසට ඒ උණුසුමට හිත හුඟාක් මගෙන් දුර අරන් යන්න පුළුවන් කියලා දැනුනේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. යාන්තම් අඬවන් වෙන දෑස් වලින් ඒ මිහිර විදගනිද්දී හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්..

ඇඟිළි තුඩු අතරින් පපුව පිරිමදින අතරේ හුරතල් විදිහට ඔයා තවත් මට ලං වෙද්දී මේ ආදරේ දාලා කොහේවත් දුවන් යන්න හිත කොහොම නම් ඉඩ දෙයිද.. වෙනදටත් තව මොහොතක් හරි දෙකක් හරි ඔය තුරුලෙම ඉන්න හිත කියද්දී අකමැත්තෙන් උනත් නැගිට්ටත් මේ වැස්සත් එක්ක දැනෙන හිතලට අද නම් එහෙම කරන්න හිත ඉඩ නොදෙන තරම්.. මුකුත් නොකියම ඔයාව ආයෙම හොදට තුරුළු කර ගනිද්දී ඇස් වලින් හැමදේම කියෙවුවා වගේ ඔයා මං දිහා බලලා හිනාවෙලා මුණ හංගන් ඉදපු පපුවේ ඉදන් උඩට හාදු තවරන් එද්දී මේ වැස්සේ සීතල තව මොහොතකින් අපේ ඈතට යාවි කියලා හිත හොරෙන්ම වගේ දැන ගත්තා..

ඔය ඇස් වලට එබී ගෙනම ඔය ඇස් අතරේ තවත් ආදරේ හොයද්දී මහ වැස්සත් සීතල හුළගත් ඉබේම අමතක වෙලා යන තරම්..  හැමදාමත් වගේ ආස විදිහට ඔය කෙහෙරැළි අතරින් හෙමින් අත දාලා ඔයාගේ තොල් පෙති මගේ ලගට ලං කර ගනිද්දී  අද දවසම තව හුඟාක් ලස්සන බව ඉබේටම වගේ දැනුනා.. හිත පුරාවටම ඔය ආදරේ විදගන්න මුළු දවසක්ම ඉතුරු වෙලා තියෙද්දී වෙනදා පුරුද්දටම උදේම ඒ මිහිරැති පහස හොයාගෙන ගියේ ගෙවෙන්න තියෙන හෝරා ගානේ ඕනි තරම් නිදහසක් තියෙන බවවත් නොහිතම..

.....................................................

කුණු රසය

.....................................................

උදේ ඉදන්ම වැස්ස එක්ක තිබුනේ කියන්න බැරි හීතලක්.. වෙනදා වෙලාවටම ඇහැරිලා බලද්දී මං ලගම ඇදුමක් වත් නැතුව ඔයාව දකිද්දී මතක් වුනේ රෑ නින්දට කලින් කරපු හැම දෙයක්ම.. කවදාවත්ම බලාගෙන ඉන්න එපා වෙන්නේ නැති තරම් ලස්සන ඇඟ දිහා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නෑ..

පෙරවගෙන හිටපු රෙද්ද අස්සෙන් අත දාලා ඇඟ ටිකක් අත ගෑවේ උදේ පාන්දරම වැඩේට එන්ටර් වෙන්න ඕන හන්දා.. කිසිම ගානක් නැතුව එයත් හොදට නිදි.. මම පස්ස හොදට අත ගෑවා.. ඔන්න එතකොට නම් ටිකක් ඇහැරුනා.. ඇහැරිලා මං දිහා බලද්දීම ඉක්මනට ඇඟ උඩට ගොඩ වුන මම **********************************

......................................................

ඉතුරු ටික හිතා ගන්න අමාරු නෑ කියලා මම හිතනවා.. එකම දේ දෙවිදිහකට නෙමෙයි තමන්ට කැමති ඕනම විදිහකට ලියන්න පුළුවන්.. ඒත් වැදගත් කම තියෙන්නේ තමන්ට වුවමනා දේ කියවන කෙනාට රසවින්දනයක් එන විදිහට ලියන එකයි.. මුලින් ලියලා තියෙන විදිහට කතාව තව දිගට වුනත් ඕන තරම් ලියන්න පුළුවන්.. ඒත් දෙවෙනි විදිහට මට කතාව ලියන්න පුළුවන් ඔතන්නට විතරයි.. ඊට එහා ලියන්න ගියොත් පාවිච්චි කරන්න වෙන වචන මල් පත්තර වල කතා ශෛලියම වෙනවා.. 

හැම දේකම හොද නරක දෙපැත්තක් තියෙනවා.. අද බොහෝමයක් දෙනා කැමති සාහිත්‍ය වට්නාකමකින ලියවෙන සෘංගාරයට වැඩිය කතා කරන භාශාවෙන් ලියවෙන කුණු රසයට.. ඒක  ඉතින් අපිට තහංචි දාලා නතර කරන්න කොහෙත්ම බෑ.. ඒ රසය විදින්න පුළුවන් දේවල් ලැබෙන්න ලැබෙන්න තවත් අය ඒකම හොයනවා ඇරෙන්න ඒ රසයේ අත්මිදීමක් වෙනවා කියලනම් හිතන්න බෑ.. 

මේ අකුරු එක්ක කරන සෙල්ලම වෙලාවකට බොහොම භයානක දෙයක්.. අවසාන ප්‍රතිඵලය මොන වගේද කියලා හිතන්න බැරි තරම් අමාරු දෙයක්.. ඒ නිසා ලියන්න, අසම්මතය වුනත් සම්මත විදිහට.. එතකොට අසම්මතය වුනත් රස විදින්න පුළුවන් කමක් ඕන කෙනෙක්ට ඇති වේවි..





90 comments:

  1. කතාව ඇත්ත දිනේෂ්.. සෘංගාරය බලවත් කුණු රසයට වඩා. මොකද හුගක් අය සුංගාරය කුණු රසය ලෙස හදුනගන්නා එක තමා අවුල...

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙලානේ අයියේ.. හැමතිස්සෙම හොයන්නේ අර දේ තමයි..

      Delete
  2. බොහොම වටිනා ලිපියක්! හරිම කාලෝචිතයි. ගොඩ වැදුනේ කෝපි එකක් බොමින් කියවලා විතරක් යන්ට. ඒ උණාට කමෙන්ට් එකක් නොදා යන්ටම බැරි උණා. :)

    භාෂාව පරිස්සමින් හසුරුවන එක නම් හරිම වැදගත්. ඒ කතාව ඉතින් 100% ක් ඇත්ත.

    මුලින්ම කියන්ට ඕනි ගොඩක් ගෑනු ලමයි (ගෑනු වර්ගයාම ) කැමති ශෘංගාර (හපොයි මේක ලියාගන්ට වෙච්ච අමාරුවක් ) රසයට. ඔය රස දෙකේ වෙනස හිතුවොත් මෙන්න මේ විදියට කීව හැකි. ආදරෙන් දෙන්නෙක් එකට ඉඳීම, සහ දූෂණය. වඩා රසවත් කෝක වෙයිද? අනෙක් එක තමා මුලුමනින්ම නිරුවත දකින්වට වඩා අඩක් වැසුණු සිරුරු හිත ආකර්ශණය කරනවලු නේද? ලියවිල්ලකදි උණත් මෙහෙමයි. ඒක හන්දා මම නම් දකින්නේ, රසය විඳින්ට පුලුවන් විදියට යමක් ලියවෙනවානම් වඩාත් හොඳයි කියලා.

    ඒත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන පවතින කාලයක කෙනෙක්ගේ කියවීමේ හෝ ලිවීමේ නිදහස නැති කරන්ට අපිට බෑනේ. ඉතින් හැමෝටම කැමති දෙයක් ලියන්ටත්, කියවන්ටත් අනිවාර්යෙන් නිදහස තියෙනවා. ඒ නිදහසට අපිටත් අනිවාර්යයෙන් ඉඩ දෙන්ට වෙනවා...:D

    ReplyDelete
    Replies
    1. මාත් කැමට බාගෙට හෙළුවෙන් ඒවාට. හැක් හැක්... කතාව ඇත්ත පොඩ්ඩි..

      Delete
    2. කෝපි එක නිමෙන්න කලින් බීලා ඉවර කරාද දන්නේ නෑ නේ?

      ඔය අරන් තියෙන්නේ හොදම උදාහරණය.. ඇත්ත අක්කේ.. රසය විදින්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ.. ඒත් හැමෝගෙම කැමැත්ත ඒක නෙමෙයි.. ඒ නිසා ඉතින් ලියන කෙනාට ඒවා ඕන හැටියේ ලියන්න පුළුවන්.. ඒකනේ ඒවටම තියෙන සයිට්ස් ඔය ඕන තරම් තියෙන්නේ..

      Delete
    3. දේශකයා, අපිත් ඉතින් එහෙම තමයි අයියේ..

      Delete
    4. අඩ නිරුවත සෘංගාරය නම් ස්ම්පූර්ණ නිරුවත සෘංගාරයේ උපරිමයයි.

      එනිසා ඒ උදාහරණය යෝග්‍ය නොවේ.

      Delete
    5. උපරිමයට පත් උනාට පස්සෙ එතනින් එහා උපරිමය පවත්වාගන්න නම් බෑ.. ආයෙ ඉතින් අන්තිම අඩියටම යනවා හරියට පිරිමියෙකුගෙ සුරාන්තය වගේ.. :D

      Delete
    6. හෙහ් හෙහ්.. කතාවනම් ඇත්ත සමියෝ..

      Delete
  3. කුණු රසය වේවා, ශෘංගාර රසය වේවා දෙකම තිබ්බට අවුලක් නෑ කියලා තමයි මට නං කියන්න තියෙන්නේ....

    ඒත් මේ කුණුරසයට ලියන පොරවල් තමන්ගේ එවා රියල් එක්පිරීයන්ස් කියලා ටෝක් කරන එකයි ශෘංගාරේ ලියන පොරවල් අපේ එවා හොදයි කියලා කෙල ගන්න එකටයි තමයි මට දිරවන්නේ නැත්තේ....

    අමරදේවගේ සිංදු අහන්න ඕනා වෙලාව්ට ඇන්ටන් ජෝන්ස් ගේ සිංදු හරියන්නේ නෑ වගේම ඓයක් පුඩියක් ගහලා නටන වෙලාවට අමරදේවගේ ඒවත් හරි යන්නෙ නෑ....

    විවිධත්වය අවශ්‍යයි.....ඒත් විවිධත්වය සදහා තියෙන අයිතියට ගරු කරන්න ඉගෙන ගන්න එකත් ඊටත් වඩා අවශ්‍යයි...යුනිපෝලර් වර්ල්ඩ් එකක් හොද තැනක් වෙන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. මයියා හරි.. ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය මත ගැටුමනේ.. ඒක ලියන කෙනාගේ හැකියාව අනුවයි වෙනස් වෙන්නේ.. ඕනම කෙනෙක්ට තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව ඕනම දෙයක් තෝරා බේරා ගන්න පුළුවන්.. ඒත් ලියන කෙනා වුනත් තමන්ගේ වචන ගැන සැලකිල්ලක් දක්වන එක හොදයි කියලා හිතෙනවා..

      Delete
  4. මේ ලිපිය බැනර් එකක් කරල මගේ බ්ලොගේ එල්ලුව.
    (මේකෙන් කෑල්ලක් උපුටාගන්න ඕන උනොත් ප්‍රොටෙක්ට් කරපු නිසා අමාරුයි. පුළුවන් නං, කැමති නං අයින් කරල දාපං. මේක කියල තියනව සෑහෙන වාර ගනනක්)

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! හිටු කියල ප්‍රතිපල! තැන්කියු කොල්ලෝ....

      Delete
    2. රාජ් අයියේ, ගොඩක් ස්තූතියි ලිපිය මේ තරම් අගය කරපු එකට.. ඔන්න මම ඉල්ලීම ඉටු කලා.. ප්‍රොටෙක්ට් අයින් කලා..

      ඔවු අයියේ.. මොඩරේට් අයින් කලා ඇනෝ බ්ලොක් කරලා.. ඒක හැමෝටම ලේසියි නේ.

      Delete
  5. බලන් ගියාම ලියන එකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් බන්. බයේ බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමයි මචං.. අපි කල්පනා වෙන්න ඕන ලියන දේ ගැන..

      Delete
  6. වැඩි දෙනක් තේරුම් නොගන්නා සත්‍යය එයයි මචෝ. විවිධ මිනිසුන් විවිධ රසයන් තියෙන අය අපිට එයාලගේ රසයන් වාරණය කරන්න බෑ , එත් අපි යමක් කරනවානම් දෙවරක් හිතිය යුතුයි . හිතට එකඟනම් කලාට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු බං.. අපිට අපි සංයමයක් ඇති කර ගන්නවා ව්නා කාටවත් ඇඟිල්ලක් දික් කරන්න කොහෙත්තම බෑ.. හැමදේම සමබර කරලා ලියන එක වැඩිය ණුවනට හුරුයි..

      Delete
  7. සෘංගාරය හා කුණූ රසය කියන්නෙ මොකක්ද කියල නියමෙට පැහැදිලි වෙන විදිහට ලියල තියනවා...හොද ලිපියක්... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. මේක පැහැදිළි කරන්න මීට වඩා හොද විදිහක් මගේ ඔළුවට ආවේ නෑ බං..

      Delete
  8. අදයි මේ පැත්තේ ආවේ... සෑහෙන වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      Delete
  9. අරේවා දිනේශ් ජී,

    බොහොත් අච්චා පෝස්ට් හේ!!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් ශුක් රියා ජී

      පිර් මිලේගේ ;)

      Delete
  10. मैं उसे एक ही बात कहा :D

    ReplyDelete
    Replies
    1. मैं इसे समझ

      Delete
    2. මලා,මේක සිංහලට පරිවර්තනය කරන්න එකෙක්වත් නැතිද...:D ?

      Delete
    3. පොඩ්ඩි අක්කා : I told him the same thing

      මම : i understand that

      ඔන්න පරිවර්ථනය කලා..

      Delete
    4. @ සර්ව ජී s,

      මේ හූ නා!!!

      මේකෙ තෙරුම:- "අද මම එක ද?"

      හික්z!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. අරේ ආප් යේ බී ජාන්තී නහී..

      ජයි හෝ..

      Delete
  11. කතාවටත් කියනවා නෙහ් අඩනිරුවත නිරුවතට වඩා බලවත් කියලා. ඒ වගේ තමා ශෘගාරයත්... ශෘංගාරයෙනුයි කුණු රසයෙනුයි කෙරෙන්නේ එකම දෙයක් උනාට ඉදිරිපත් කිරීම එකිනෙකට වෙනස් !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධු අයියේ, දෙකෙන්ම වෙන්නේ එක දේ වුනත් සෘංගාරය ඕනම තරා තිරමක කෙනෙක්ට රස විදින්න පුළුවන්.. අන්න ඒකයි වෙනස..

      Delete
  12. ඔව් බොහොම හරි.... ශෘන්ගාරය කියලා දැන් බෙදන්නෙ කුණු රසය තමා. හැබැයි කුණු රසයට කැමති සහ ඒවා ඉල්ලන කොටසකුත් ඉන්නවනෙ. ඒක හින්දස් ඒවත් තිපිච්චාවෙ.

    බොහොම ස්තූතියි දිනේශ් මේ දෙකේ වෙනස පැහැදිලිව පෙන්වලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ඒවත් ඉතින් ඔය ඕනි තරම් මේ අන්තර්ජාලයේම තියෙන්නේ.. ඒවට එන පිරිස් එක්ක ඒවාට තියෙන ඉල්ලුම මැන ගන්න හොදට පුළුවන්..

      Delete
  13. මම ටිකක් දිග කමෙන්ට් එකක් ලියලා ඒක මැකුවා දිනේෂ් ... ඔයා කියන්න හදන පණිවිඩය සෑහෙන වටිනවා... ඒ පණිවිඩය තේරුම් ගතිමි... ස්තූති මෙවැනි පෝස්ට් එකක් ලියපු එකට ..

    ReplyDelete
    Replies
    1. සහන් අයියේ, ඇයි කමෙන්ට් එක මැකුවේ.. මම හරි හෝ වැරදි හෝ වේවා දාන කමෙන්ට් එක එක්ක මම අහිතක් හිතන කෙනෙක් නෙමෙයි.. ඒ හන්දා හිතෙන ඕනම දෙයක් ලියලා යන්න..

      Delete

    2. 01. වයස 16 කාලේදී අපි ආසයි හැගීම් ඇවිස්සෙන මොනවා හරි කියවන්න ..කිසිම දෙයක් නොතේරුණත් අපි කියවනවා .

      02. වයස 25 වගේ වෙද්දී ඒත් එහෙමයි ...:P

      03. වයස 30 පැනගෙන එද්දී ඔන්න සුට්ට සුට්ට නිවෙන්න ගන්නවා.

      04. ටික ටික කුණු රසයෙන් බැහැර වෙනවා. සාහිත්‍ය කළාවට ලං වෙනවා. ස්රුන්ගර (සෘංගාර කියලා ලියන්න බැහැ නෙව ) රසය ඕනේ වෙනවා. ඉස්සර කියවපු කුණු පත්තර එපා වෙනවා.

      ______________________________________

      කුණු රසය ඕනේ. ඒත් වැඩිය නෙවේ.. අර කතාවක් තියෙන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට කියලා... අන්න ඒ වගේ පටන් ගැන්ම කුණු රසයෙන් ගත්තට කමක් නැහැ...... හැබැයි මගදී නැවතිලා බැහැ......

      ( මේක ලිව්වේ නැත්තේ ඔයාගේ හිත රිදෙයි කියලා නෙවේ අනිත් අයගේ හිත රිදෙයි කියලා.. ඔයා ඉතින් නිවුන මනුස්සයා කියලා හැම තැනින්ම සෙටිපිකට් ගත්ත මනුස්සයා නෙව )


      මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා කුණු රසයට සමීප කතා ටිකක්..ටිකක් කිව්වේ 1200 විතර .....

      Delete
    3. හප්පට සිරි කියන්න ඕනෙම එක කියන්න බැරි උනා නෙව..ඔය ලින්ක් එක ප්‍රසිද්ද තැන් වල ක්ලික් කරන්න එපා.................

      Delete
    4. හැබැයි කාරණාවනම් ඇත්ත තමයි.. මම ඉතින් තාම ඉන්නේ ඔට දෙවනි කාණ්ඩයේ හන්දා හැම එකම මම බලනවා බොරු කියන්න ඕන නැහැනේ.. නැත්නම් ඉතින් මේක ගැන ලියන්නේ කෝමද?

      දැන ගන්න ඕන එකම දේ තමයි කුණු රසයට එහා ගිය සුන්දරත්වයක් සහ විදීමේ හැකියාවක් සෘංගාරයේ තියෙනවාය කියන එක..

      ලින්ක් එකට ඉතින් මම ගිහින් බැලුවේ නෑලු.. ;)

      Delete
  14. කුණු රස කොටසේ කුණු රසය හොඳටෝම මදි.

    ;-)

    ReplyDelete
    Replies
    1. ඒක ලිවුවනම් අයියේ වර්ණ " අවර්ණ " වෙන්න ඉඩ තියෙන හන්දා ලිවුවේ නෑ..

      Delete
    2. කාට අයියේ කියුවත් කතන්දරට අයියේ කියන්න යන්නෙ බලාගෙනයි!

      ආ...කියන්න ආපු එකත් අමතක වුනා.... ලිපිය එළය...

      Delete
    3. හා හා, අවවාදයට ගොඩක් ස්තූතියි සහෝදරයා..

      තැන්කූ ලිපිය ගැන අදහසටත්..

      Delete
  15. සෘංගාරය හා කුණූ රසය අතර වෙනස මෙයට වඩා කොහොම හොදට පැහැදිලි කරන්නද බං.
    කොහොම වුනත් මිනිස්සු කුණු වලටත් කැමතියිනේ එක නිසා කුණුත් තියේ නමුත් මචෝ අපි උත්සහා කලොත් බැරි වෙන එකක් නැති වේවි කුණු රසට වඩා වෙනත් හොද රස හොයාගන්නට.

    ReplyDelete
    Replies
    1. කුණු නැති කරන්නනම් අමාරුයි මචං.. මොකද ඒවා හොයනම පිරිසක් ඉන්නවනේ.. ඒ හන්දා හැමදේම එකම විදිහට තියේවි ටිකක් අඩු වැඩි වෙවී.. ඇත්ත අපි උත්සාහ කරන්න ඕන හොද දේ ලියන්න..

      Delete
  16. බොහොම වටින ලිපියක් දිනේශ් අයියා... කුණු රසයට වහ වැටුන නිලමැස්සො ටික නම් ගොඩ ගන්න අමාරු වෙයි. ඒත් ඉස්සරහට ඔවුවා කියවන්න ඉන්න පරම්පරාව හරි නිසි මගට ගන්න පුලුවනිනම් ඒකත් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. හෙහ්, ආයෙත් අහලා.. නිල මැස්සෝ ඉතින් කොච්චර එලෙවුවත් ආයෙම එන එකනේ වෙන්නේ.. අනාගතය ගැන ඉතින් අවිනිශ්චිතයි බං නංගියේ.. දැනටම මෙහෙමනම් ඉස්සරහා ගැන මොන කතාද?

      Delete
  17. නියම ලිපියක් දිනේශ් අයියේ.....ඇත්තම කතාව මේකයි. දැන් ගොඩක් උන් හොයන්නේ කුණුරසය. ඒක මහා පිලිලයක්...
    දැන් දැන් සම්මාන පවා හම්බවෙන්නේ ඒ වගේ කතා වලට.......:/

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒ දේවල් එහෙම වෙන්නේ ඇයි කියන්න දන්නේ නෑ.. ගොඩක් වෙලාවට ජාත්‍යන්තරේ සම්මාන ගහන ඒවා ලංකාවේ පෙන්නද්දී කපලා කොටලනේ දාන්නේ.. එක්කෝ අපි කුණු කියලා දකින දේ උන් දකින්නේ සෘංගාරය විදිහට වෙන්න ඕන.. ඔතන මොකක් හරි අවුලක් තියෙනවා..

      Delete
  18. කුණු රසය හැදීම බෙදීම හරිම පහසුයි. නමුත් ශෘංගාර රසය ඇත්තටම තියන නිර්මාණයක් කලහැක්කේ සාහිත්‍යය සහ භාෂාව අතින් පෝසත් පුද්ගලයකුට පමණයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක තුමනි.. ඔය මම ලියපු එක පවා සිංහල හොදින් දන්න කෙනෙක්ට මීට වඩා හොදට ලියන්න පුළුවන්.. එහෙම ලියන එක එක්ක බලද්දී මේකත් හැබැයි වැටෙන්නේ කුණු ගොඩට තමයි..

      Delete
    2. ඔව් ඒක නම් ඇත්ත

      Delete
    3. ඇත්ත කිවුවේ මටද විචාරකටද?

      Delete
  19. ලියන ලියවිල්ලේ රසය තීව්ර කරන්නේ හෝ නැත්තටම නැති කරන්නේ අප මේ භාවිතා කරන වචනම තමයි. බස් අජිත් කියන්නෙ බූට් සින්දු ඒත් මිනිහගෙ සින්දු වලට බොහෝ අය අකමැතියි...එතකොට අමරදේව මාස්ටර් බූට් සින්දු කියලා නැද්ද....ඔය ඕනෙ තරම් තියෙන්නෙ...ඒවට මිනිස්සු කැමතියි....හේතුව එකම තේමාවකට භාෂාව උපයෝගී කරගෙන තියෙන ආකාරයේ විවිධත්වය....නිකමට බලන්න මේ පදපෙල...කොච්චර කුණු කථාවක්ද මේක අමුවෙන්ම කිව්වා නම්...

    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන් බිඳුනා


    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවෙන තුසිතය
    සුරන් නැලවු සුයාමය

    නිසල ජීවන තපෝ වන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නැලවු සුයාමය

    පද රචනය : K D K ධර්මවර්දන
    සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: පණ්ඩිත අමරදේව

    ReplyDelete
    Replies
    1. වචන පාවිච්චිය කතුරු පාවිච්චියටත් වැඩිය දරුණුයි කියනවනේ.. මේ සිංදුවම විතරක්ම නෙමෙයි අයියේ ඇයි එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙම සිංදු කීයක් නම් තියෙනවද?

      " සිරියහනේ ළණු ඉහිරී.."

      " රෝස මලක කටු ඇනුනා.."

      ඒත් අපි ඒ සිංදු හොදට රස විදිනවා..

      Delete
  20. ඒක නම් හරියටම හරි දිනේෂ් මල්ලී! බස හරියට හැසුරැයේ නැත්නම් ඔක්කොම හබක්. තොටගමුවේ රාහුල හිමියන්, වෑත්තෑවේ හිමියන් වගේ හිමිවරැත්, සාගර පලංසූරිය, මුණිදාස කුමාරතුංග වැනි පඬිවරැත් බස කෙතරම් නම් රසට හා සංවරව හැසිරැවාද? මේවායින් අපට ඉගෙනගත හැකි දේ බොහෝයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. කවි පැත්තෙන් ගත්තම ඔයාලා ලියන රසය ඉහලයි.. ඒ එක්ක බලද්දී මම ලියන අප්සට් කවි කියන්නේ පහත් රසය.. ඒ වෙනස නම් මම තේරුම් ගත්තෙත් මේ ලගකදී තමයි..

      Delete
  21. දැන් තියෙන්නේ ඇති ධාවනකාරී ලෝකයක්. වැඩි ඉල්ලුමක් තියෙන්නේ කුණු රසයට. ඇනෝ තිබ්බා නම් බලන්න තිබුණා හොඳ කුණුහර්ප කමෙන්ට් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. දුවන ලෝකේ මිනිස්සු පොඩි විරාමෙකට හොයන්නේ ඔහොම දේ තමයි..

      මේ වෙනකන්ම මගේ ඇනෝ තිබුනා.. ඒත් අදාල නැති දේවල් වලට තේරුමක් නැති කමෙන්ට් දාන්න ඕන අය විතරනේ ඒක පාවිච්චි කලේ.. ඒ හන්දා අයින් කලා.. නැත්නම් බලන්න තිබුනානම් තමයි හොද ටිකක්..

      Delete
  22. රස වින්දනයේ විවිධත්වය මත යම් යම් රසයන් වලින් ඉස්මතු වන හැඟීම් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඔය විවිධත්වය අපි උනත් යම් කාලයක්දි වැළඳ ගන්නවා වගේම එයම යම් කාලයකදි පිළිකෙව් කරනවා. එතකොට අපිට විනිශ්චයක් දෙන්න බෑ නේද මේක තමයි හොඳම එක කියලා...මම නම් කරන්නෙ උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත තමයි.. අර සහන් අයියත් කියලා තියෙනවා වගේ එක එක කාලවලදී කැමැත්ත විවිධාකාර වෙනවනේ..

      Delete
  23. මුලින් කතාව කියවගෙන එනකොට හිතුන ආදරේ කොච්චරනම් අන්ධද කියල.ඔය අන්ධ ආදරේම මිනිස්සුන්ගේ ජීවිත වලට එන යන විදිය විවිධාකාරයි..එක අතකට පුදුමාකාරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි කතාව කියවද්දී එහෙම හිතුනේ.. මම මෙතන ලියලා තියෙන්නේ අසම්මත ඇසුරක් නෙමෙයිනේ.. අඹුසැමි ප්‍රේමයක් ගැනනේ..

      Delete
  24. දිනේශ් අයියේ වටිනා ලිපියක් ඇත්තටම....මට තේරුණා හොඳින්ම ඒ වෙනස මේක බැලුවම...කුණු රස ලිපි මට නම් කියවෙනවා අඩුයි ;)

    ReplyDelete
    Replies
    1. තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා.. කියවනවා අඩුයි කිවුවේ හොරෙන් හරි කියවනවා කියන එකනේ.. හෙහ්..

      Delete
  25. මම නං කැමති ශෘංගාර රසයට. මොකද ශෘංගර රසය වින්ද ම තියෙන හැඟීම කුණු රසයේ නෑ. ඒක පැහැදිලි කරන්න ටිකක් අමාරු යි. ඒත් ශෘං‍ගාර රසයේ දී ලස්සණට වචන ගලාගෙන යනවා. නමුත් කුණු රසයේ වෙඩි තිබ්බා වගේ. එක පාර ඔක්කොම. එතකොට ගතියෙක් නෑ, අෆ්‍ෆා! ඒක නෙමෙයි, මේ කතාව කලින් දැම්මා නේද? බ්ලොග් ලියන්නෝ තරම් ශෘංගාර රසය උපරිම වෙන විදියට වචන ගළපන අය අතරේ මුල් තැන ඉන්නවා දිනේෂ් අයියා. කුණු රසයේ කෙනා කවුද කියලා කියන්න මම කැමති නෑ :(

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මේක කලින් දැම්මා.. මට මේක ගැන කියන්න ඕන වුන හන්දයි මේ කතාවම අර ගත්තේ..

      ඒකනම් ඇත්ත හැබැයි.. සෘංගාර රසය ගලපද්දී වචනනම් ඕන හැටියේ හිතට එනවා තමයි.. ලියන්න පුළුවන් ඕන තරම්..

      හෑ මම? නෑ මට වැඩිය හොද අය ඉන්නවා.. ;)

      Delete
  26. මම නම් ඔය රස දෙකේම ලිපි කියවනවා හැබැයි රස විදින්නේ නම් සෘංගාර රසය තමා.........රස දෙකම හොදට පැහැදිලි කරලා තියෙනවා කුණු රසේ නම් මදි මදි...හොදටෝම මදි හි...හි...හි... :D

    ReplyDelete
    Replies
    1. අම්මපා.. මම ඒ ටික මේල් කරන්නම්.. එතකොට හරිනේ.. :D

      Delete
  27. මං නම් ඔය සම්බන්ද කිසිම දෙයක් දන්නෙ නෑ දිනේස් අයියේ.. මට දෙවිදියම රහයි... හැබැයි රස දෙකක්.. :3

    ReplyDelete
    Replies
    1. කැරපොත්තටයි කුරුල්ලන්ටයි පිහාටු තිබ්බට උන්දෙගොල්ලො සමාන කරන්න බෑනේ.. -_-

      Delete
    2. ඔවු බං, රස දෙකක් නම් තමයි.. අඩේ උඹටත් සිරා උදාහරණනේ මතක් වෙන්නේ.. එල ඈ..

      Delete
  28. දිනේශ් අදහස පැහැදිලියි....ඔය ටිකමනේ රූප මාධ්‍යයේ වෙන්නෙත්...ශෘංගාරය මුසු චිත්‍රපටි තියෙනවා..බ්ලු ෆිල්ම්ස් තියෙනවා...සමහරු දෙකම බලනවා. සමහරු එකක් බලනවා. හැබැයි බොහෝ දුරට ඩිරෙක්ටර්ස්ලා, රඟපාන අය ඔය දෙක තෝරා බේරා ගන්නවා.ඒකම තමයි ලේඛකයාට කරන්න තියෙන්නෙත්. ප්‍රෙක්ෂකයා වගේම පාඨකයාට තියෙන්නෙත් ඔය දෙක තෝරා බේරා ගන්න. බ්ලු ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක නවත්වන්න බැහැ. සයිබරේ පිරිලා.

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත අයියේ.. නිර්මාණ කරන කෙනාව නවත්තන්න අපිට බෑ.. සමහර විට ඒකෙන් හානියක් වුනත් නැතත් ඒ නිර්මාණයන් වේවි.. ඒවා බලන අය බුද්ධිමත් වෙන්න ඕන.. අන්න් ඒකයි මගේ අදහස..

      Delete
  29. අගනා පැහැදිලි කිරීමක් සහිත වටිනා ලිපියක්. බොහෝ දේ ගැන මායිම් නොකරන සමාජයට පුංචි අදහසක් හරි ගන්නවා නම් මේක ඊට හොඳ රුකුලක් වේවි.වර්ණයට නිතරම ගොඩ වැදුණත් කමෙන්ට් කිරීම අතින් නම් මම ඉන්නේ බොහොම පහළින්.ඒත්... අද නම් මොනවා හරි නොලියා යන්න හිත හදා ගන්නම බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. අපිට හිතෙන දේ අපිට අකුරු කරන්න පුළුවන්.. සමාජයට ඒක ගන්න නොගන්න එක ඉතින් අපිට බලෙන් කරන්න බැරි දෙයක්නේ.. ඒත් අපි ඒකෙන් වැලකිලා ලියන එක වැදගත් කියලා මම හිතනවා..

      අදහසට හුඟක් ස්තූතියි.. බට්ටී කියලා තිබුනම මම හිතුවේ අපේ බට්ටී අක්කා කියලා..

      Delete
    2. ඔවු. ඇත්තම කිව්වොත් මුලින් මුලින් මම කමෙන්ට් නොකළෙත් බට්ටි නමින් තව සොයුරියක් ඉන්නවා දුටුව නිසා. ඇයට අසාධාරණයක් වෙයි කියලයි.ඒත්.. මේ අදහස ලියද්දි මට ඇයව අමතකම වුණා,ගොඩක් කලකින් ඇගේ ලිපියක් හෝ නො දුටු නිසා.

      Delete
    3. අයියෝ ඒ බට්ටිද? එයා වැඩක් නෑ අෆ්ෆා.. දැන් ලියන්නෙත් නෑ.. මත් එක්ක වලියක් දා ගන්න ආවෙත් නෑ කාලෙකින්.. ඒ හන්දා ඔන්න ඔයා කමෙන්ට් දාලා යන්න..

      Delete
  30. මට ගීත දෙකක් මතක් වුණා. එකක් අමරදේව මහත්තයාගෙ "කුමරියක පා සළඹ සැලුණා...." අනිත් එක ..... නොකියමි

    ReplyDelete
    Replies
    1. මම මේ අනිත් එක මොකද්ද කියලා කල්පනා කරනවා..

      Delete
  31. ලිපිය නම් බොහොම වටිනවා. අද අපේ සමාජයට අත්‍යවශ්‍යම පණිවිඩයක් තියෙන ලිපියක්. මේ වෙන කොට සෘංගාරය හා කුණු රසය විතරක් නොව තව ගොඩක් දේවල් හරියට අඳුර ගන්න බැරි විදියට වෙනස් වෙලා. මිනිස්සු හොයාගෙන යන්නෙම් කුණු. ඕක ඉතින් කවද ඇරෙයි ද කියල මටනම් හිතාගන්නවත් බෑ.

    ලිපිය කියවගෙන යද්දී මට තව එක දෙයක් මතක් උනා.
    අපේ රටේ සමහර ෆිල්ම් වලට ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා අපි දැකල තියෙනවා.
    එත් ඒ සමහර ෆිල්ම් ලංකා වේ පෙන්නන්නේ එඩිට් කරලා. සිනමා වටිනාකමක් තියෙන සමහර දර්ශන වාරණය වෙනවා. ඒ එක්කම එහෙම වාරණය නොවී පෙන්නන්න පුළුවන් වෙච්ච ගොඩක් ෆිල්ම වල කතාව ප්‍රේක්ෂකයාට තේරෙන්නේ නෑ.ෆිල්ම් එක සිංහල උනත් පුදුම ගේමක් දෙන්න ඕනා ඒ story එක තේරුම් ගන්න. ඒ එක්කම ප්‍රේක්ෂකයාට හොඳට දැනෙන(වදින) ෆිල්ම් වලට කිසිම සම්මානයක් නොලැබුණු අවස්ථා මම ඕන තරම් දැකල තියෙනව. ඇත්තටම මට හිතෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියල.

    ReplyDelete
    Replies
    1. ඔය දේ නතර වෙයි කියලා හිතන්න අමාරුයි.. රසය හොයන මිනිස්සු අඩු වුනොත් නම් ඒක නවතී.. ඒත් එන්න එන්න රසය හොයන මිනිස්සු වැඩි වෙන එකනේ වෙන්නේ.. ඒ හන්දා ඉතින් නැවතීමක් ගැන හිතන එක මෝඩ කමක්..

      ඔය දේම මාත් උඩින් කමෙන්ට් එකක දැම්මා.. ඒ දේවල් නම් එහෙම වෙන්නේ ඇයි කියන්න හරියට තේරෙන්නේ නෑ.. සමහරක් සෘංගාරය කියලා දකින දේ සමහරක්ට කුණු රසය විදිහට දැනෙනවා ඇති..

      Delete
  32. ඇන්න නේද ටොක්කක් ? :D

    හැමෝටම ඔය ශුංගාරය මතු කරන්න බැහැ දිනේශ් අයියෙ. එහෙම උනාම ඉතින් කුණු රසය ඉස්මතුවෙනවා

    ReplyDelete
    Replies
    1. කාට ටොකු අනින්නද සමියෝ.. මට හිතුන දේ මම ඔන්න ඔහේ ලියලා දැම්මා.. ඇත්ත කරන දේ මොකක් වුනත් ඒක හරියට කරන්න ඕන..

      Delete
  33. කුණු රහට රහ වැටිච්ච උනුත් ඉන්නවනේ බං.දැං බලහං මෙච්චර කන්ඩ දේවල් තියෙද්දි අංගුලු කරෝල හොයාගෙන යන උං ඉන්නේ.ඒ වගේ තමයි.ශෘංගාරේ තියෙන රහ විඳින්ඩ උංගේ මනස නිස්කාංසු නෑ.උංට ඕනෑ ක්ෂණික රසය.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත බං.. කොයි දේ රස විදින්නත් මනස හරියට තියෙන්න එපැයි.. අද හොඩක් උන්ට නැත්තෙත් ඕකමනේ..

      Delete
  34. එකම වචනේ උනත් තැන් දෙකක රස දෙකක් දන්වන්න යොදා ගන්න පුළුවන්.... හරියට අවබෝධ කරගැනීමයි වැදගත්! හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නාඬියා.. සමහරක් වෙලාවට වචන හරියට පාවිච්චි නොකලමනේ හිත් රිදීම් පවා ඇති වෙන්නේ..

      Delete
  35. උදාහරනේකින්ම පෙන්නලා දීලා තියෙන්නේ. නියමයි. උඩ ටික මිට කලිනුත් කියෙව්වා මතකයි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්