Wednesday, 11 December 2013

කොල්ලෝ කැමති කෙල්ලන්ගේ ඒවා



පහුගිය මාසේ දවසක බස්සිගේ නවාතැන ලියන බස්සී හරි අපූරු ලිපියක් ලියලා තිබුනා.. ඒ තමයි කෙල්ලෝ ඇයි මේ කොල්ලන්ගේ ඇදුම් අදින්න ආස කියලා.. ඒක කියවන්නම වටින පෝස්ට් එකක්.. මෙන්න මෙතනින් ගිහින් එබෙන්නකෝ නවාතැනට.. ඇදුම් වල සුවද ගැන සෑහෙන විද්‍යාත්මකව කරුණුත් එක්කහු කරන් ඒ ලිපිය හරි අපූරුවට ලියලා තිබුනා.. ඒ කරුණු කාරනා කෝම වුනත් කෙල්ලෝ ඕවට කොමත් ආස බව පෞද්ගලිකව දන්න නිසාත් ඒ ලිපියේ කරුණු ආයෙම කතා බස් කරන එක තේරුමක් නැති දෙයක් නිසත් මම යන්නම්කෝ මම කියන්න ආව කාරණේ ගැන කියන්න..

හරි දැන් කෙල්ලෝ වැඩියෙන්ම ආස තමන්ගේ කොල්ලා ඇදන් හිටපු ශර්ට් එකක් හරි ටී ශර්ට් එකක්  හරි අදින එක.. ඒ සුවද එක්ක ඒ මතකයේ ගිලිලා ඉන්න එක.. එතකොට කොල්ලෝ? කොල්ලෝ ආස නැද්ද ඒ වගේ දේකට.. හරි හරි, දැන් කට්ටියට ඉස්සෙල්ලාම හිතට ආව එක මොකද්ද කියලා මම දන්නවා වගේම මම මෙතන කියන්න යන්නේ නෑ.. ඕක ගැන කියන්න ගියොත් සභ්‍යත්වය ගැන අවුලක් එන හන්දා අපි ඒක ගැන වැඩිය කතා නොකර ඉමු..

ඕනම කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සෙල්ලාම දකිද්දී හිත යන්නේ ඒ කෙල්ලගේ ලස්සනට වගේම ඇදන් ඉන්න ඇදුම පැළදුම  දිහාවට.. හැබැයි ඉතින් ලස්සන ඇදුමක් දැක්කම ඒක ඇදන් ඉන්න කෙනා මොන වගේද කියලා බැලෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි.. අවංකවම කියනවනම් මේ මම අයිති වෙන්නේ ඔය දෙවනියට කිවුව කොටසට.. සාමාන්‍යයෙන් මගේ හිතට ආස වෙන විදිහේ ඇදුමක් මම දැක්කොත් ඒක ඇදන් ඉන්න කෙනා දිහත් බලන එක මගේ හැටියක්.. දැන් ඉතින් හිතන්න එපා සඳවතී මේවා කියවන හන්දා මම මෙහෙම කියනවා කියලා.. නෑ ඒක තමයි මගේ පුරුද්ද.. එදා ඉදන් අද වෙනකන්ම..

ලංකාවට වැඩිය ඉතින් ඉතාලියේ මම දැන් ඉන්න පරිසරය සෑහෙන්න වෙනස් නේ.. මේ සංස්කෘතියේ කිසිම දේකට සීමා මායිමක් නෑ.. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඔට්ටුයි.. සීත කාලයට තියෙන මෝස්තර ඒකාකාරි වගේ කියලා පෙනුනට සමර් කාලය කියන්නේ මෝස්තර වලට කිසිම තහනමක් නොවැටෙන කාලය.. දැන් ඉතින් සමර් එකට වැඩි හරියක් ඉන්නේ බාගෙට හෙළුවෙන්නේ ඒ හන්දා කෝමත් බලන්න හිතෙනවනේ කියන වැරදි අවබෝදයට එන්න එපා.. ඒක වැරදියි..

ඇත්ත, සමර් එකට ඇදුමට වඩා පේන්නේ වෙන වෙන දේවල් තමයි.. ඒත් වහගන්නම ඕන තැන් විතරයක් යාන්තම් වහගෙන පාරේ යන කෙනෙක් දිහා සමහර විටක ඒ තරම්ම උනන්දුවකින් නොබැලෙන වෙලාවල් එනවා.. ඒ මෙහෙමයි.. හැම කෙනෙක්ම සුදුයි, ලස්සනයි, ආකර්ශණය වෙන තැන් ප්‍රමාණයෙන් විසාලයි වුනාට ඇදන් ඉන්න ඇදුම මොක වුනත් ඒකේ පාටට අපේ හිත නොයනවනම් කොච්චර දුරකදි වුනත් අපේ ඇහැ ඇදිලා යන්නේ නෑ නේද? හැබැයි ඉතින් ඔය හංඟන් ඉන්න ඕන දේවල් යන්තම් හරි නොපෙනුනත් දණහිස ගාවට විතර දිග තමන්ගේ හිත කැමති පාටකින්, හිත කැමති මෝස්තරේකින් ගවොමක් එහෙම ඇදන් ඉන්න කෙනෙක් දැක්කොත් අපි අනිවර්‍යෙන්ම දෙපාරක්වත් බලනවා.. බලනවාට වඩා බැලෙනවා.. අන්න ඒක තමයි ඇත්ත..

දැන් එතකොට අපි මේ විදිහට කෙල්ලෙක් දිහා බලද්දී වැඩියෙන්ම හිත ගන්න විශේෂිතම දේවල් තියෙනවද? ඒ මොනවද? ඔන්න ඕක ගැන මගේ පෞද්ගලික කැමැත්ත ගැන එකතු කරනවාට වැඩිය මම හිතුවා පොඩි සමීක්ෂණයකුත් කරලම මේ ගැන ලියන්න.. දැන් ඉතින් සමීක්ෂණයක් කිවුවට පාරේ යන මිනිස්සුන්ව අහම්බෙන් අල්ලගෙන මේ වැඩේ කලේ නෑ.. දන්නවනේ ඉතින් මට මේවටම හරි ගිය මට බැන බැන හරි මං අහන එවුවට උත්තර දෙන සෙට් එකක් ඉන්නවා කියලා..

ලයින් අක්කගේ හස්බන්ඩ් මහත්තයා, අර මට ලවු ලෙටර් එක දුන්න පොඩි කෙල්ලගේ තාත්තා, ෆාමසියට අළුතින් ආව වාසගම " පූමා " වුන ඩොකා, ෆාමසියේ පස්ස පිහින කොල පවා හොරකම් කරපු බුවා, දතට කරාඹුවක් දැම්ම දොත්තොරෙස්සා අක්කගේ සෙක්ස් බඩී, අපේ ලොක්කා.. මෙන්න මේ සෙට් එක තමයි මගේ පරීක්ෂණයට මම බලහත්කාරයෙන්ම කාලය නාස්ති කරන් අල්ල ගත්තේ..

" උඹට මේ ඉතාලියේ දැන ගන්න වෙන දේවල් ඇත්තෙම නැද්ද?"

" අහපංකෝ සීසර් ගැන, එට්නා ගිණි කන්ද මරණ්න බැරි ඇයි කියන එක ගැන.. කියන්නම්කෝ හොදට උඹට.."

ඔන්න ඔය වගේ බොහෝම ප්‍රසාදයක් තමයි මගේ ප්‍රශ්ණ අහන්නත් කලින්ම මට ලැබුනේ.. සංතෝසේ බෑ.. නිතරම මේ වගේ පරීක්ෂණ කරන්න ඕන.. මොකද කාගේ කාගෙත් ලේ පිරිසිදු වෙන වැඩ මෙවුවා.. කට්ටියටම එකම ප්‍රශ්ණ ටිකම ඇහුවා වෙන වෙනම සෙට් වෙලා.. කට්ටියට දෙන්න සෑහෙන උත්තර තිබුනා.. ඒ දුන්න උත්තර වලින් හැමෝම දුන්න එක සමාන උත්තර ටික අරන් සංශිප්ත කරලා මම මෙන්න මෙහෙම කියන්නම්.. දැන් ඇවිත් මේ තමයි පිරිම් කැමතිම කෙල්ලන්ගේ මෝස්තර..

  • ·         සුදු පැහැ කලිසම්.. දැන් ඉතින් මේකට ඇඟට හිර හරි යාන්තම් පස්ස වැහෙන කලිසම් හරි මොකක් හරි කමක් නෑ කලිසමක් හැබැයි සුදු පාට..
  • ·         අතරින් පතර කළු කරන ලද රන් පැහැ කොණ්ඬය.. දැන් ඉතින් මේකනම් ලංකාවට කොහෙත්ම අදාල වෙන්නේ නෑ.. මොකෝ රන් පාට කොණ්ඬ තියෙන අය ලංකාවේ ඉන්න එකක්යැ..
  • ·         දණහිස තරමට දිගු වූ අත් නැති පියයුරු තරමක් පෙනෙන කොට ගවුම.. මේක ගැන පැහැදිළි කරන්න ඕන නෑ.. කට්ටියම දන්නවනේ.. මාත් මේවටනම් ආසයිලු..
  • ·         ලෙගින් කලිසම්.. ඔය Yoga Pants කියලා කියන්නේ.. අන්න ඒවා තමයි මේ.. මේවා  තදේට ඇන්දම හරි අපූරුවට පේන හන්දා මම කොහේද මන්දා දැක්කා මේ කලිසම් පිරිමින්ගේ අළුත්ම හොදම මිතුරා කියලා දාලා තියෙනවා..
  • ·         ඇගටම තද වුන ගවොම්.. ඔය මේ Bandage dresses කියලා කියන්නේ.. අන්න එවුවා තමයි මේ..
  • ·         පිටුපස නිතඹ පෙනෙන නොපෙනෙන තරමට විවර වුන ශර්ට්.. මෙවුවා ඉතින් ලංකාවේ නම් අදින්න බෑ.. පිට රටකම තමයි..
  • ·         අඩි උස සපත්තු.. කකුල පෑගුවාම තරු පෙනුනට මොකද මේවත් නරකම නෑ..
  • ·         සමර් කාලයට නම් ශෝට් ශෝස්ට් එක්ක ඒකට ගැලපෙන ඕනම පාටක ශර්ට් එකක්..
  • ·         තොල් ආලේපන.. මෙතනදී තද පාටවල් නෙමෙයි.. හමට ගැලපෙන ලා පාටවල්..

තව සමහරක් එවුවා තිබුනා.. ඒවා ඉතින් ලංකාවේ අයට නොගැලපෙන හන්දා කියන්න යන එක තේරුමක් නෑ.. ඔය උඩින් කිවුව සෙට් එකත් එක්ක කතා කරපු දේවල් වලින් ඒ හැමෝගෙම අදහස් එකට ගැලපුන මෝස්තර ටික තමයි ඉතින් මේ තියෙන්නේ.. දැන් කට්ටිය මේකට කොහොම එකග වෙයිද නැද්ද කියන්නනම් මම දන්නේ නෑ.. හබැයි මගේ නම් කවදත් කෙල්ලෙක් අදිනවා දකින්න කැමති ඇදුම් වලින් උඩින්ම තියෙන්නේ සාරිය..

හරි මගේ පරීක්ශණේ ඔන්න එහෙනම් ඉවරයිලු.. නිගමනය කියවන අයට බාරයි.. පිටින් අපි දකින්න ආස ඇදුම මොන වගේ වෙනස් වුනත් මොන විදිහේ එකක් වුනත් ඔය කෙල්ලෝ කොල්ලන්ගේ ශර්ට් ලග තියා ගන්න ආසයි වගේම කොල්ලො ලග තියා ගන්න ආස ඔය කියපු ඇදුම් වලින් එකක්වත් නෙමෙයි කියලා මගේ පරීක්ශණේට යොදා ගත්ත අයම මට කිවුවා.. ඒ කට්ටිය කතුරු ඔන්චිල්ලා පැදපු මුල් දවසෙම උස්සන් ආව යට ඇදුම තාමත් පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා කියන්නේ.. හැබැයි ඒකනම් ඇත්ත වෙන්නත් ඇති.. මොකද ඔය ෆිල්ම් වලත් කෙල්ල කොල්ලට මතක් වෙන්න තියා ගන්න කියලා අතට දෙන්නේ ඒකනේ..

ශැහ්, මේ පරීක්ශණේ මට ටික කාලෙකට කලින් කරන්න බැරි උනානේ අෆ්ෆා..





110 comments:

  1. අනේ බං මටනං ඔය මොකක්වත් නෑ.. කොල්ලත් එකයි කෙල්ලත් එකයි බල්ලත් එකයි බැල්ලිත් එකයි..

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් වනචරය . ..

      Delete
    2. දේශා වෙරළු මල් ඩ්‍රින්ක් බීපු එකේ අනික වගේ

      Delete
    3. දේශකයා, මේ දවස් වලනම් අයියට මොකක් හරි වෙලා තියෙනවා මට පේන හැටියට..

      Delete
    4. මගියා, මට මතක් වුනේ අර ඇමරිකන් එම්බසියට කතා කරපු මුස්ලිම් බුවාව.. ;)

      Delete
    5. ඉවාන්, දේශක ඒවා බොනවා කියලා මම දැනන් හිටියේ නෑනේ..

      Delete
    6. දේශා මොකද මන්දා උදේම ඇවිත් මේක කියලා ගියාට පස්සේ සද්දයක් වත් නැත්තේ..

      Delete
  2. කලිසම් අදින කෙල්ලන්ට වඩා මමනම් කැමති ගවුම,සල්වාර් එක අදින කෙල්ලන්ට.හැබයි හුගක්ම කැමති මමත් උඹ කියලා තියෙන සාරිය,සහා ඔසරියට තමයි.වැඩේ දැන් ඉන්න වුන් මේවා ලස්සනට අදින්න දන්නේ නැති එකනේ.කොහොම වුනත් මේක අදින්න,අරක අදින්න එපා කියලා මමනම් මචෝ නීති දන්නේනම් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. සාරිය ඔසරිය තමයි මගේ හිතටත් අල්ලලාම යන්නේ.. මාත් එහෙම තමයි ඉතින්.. මම ආසම දේවල් ලැබෙනකන් බලාගෙන ඉන්නවා මිස ඉල්ලන්නේ නෑ.. එතකොට අගේ නෑ..

      Delete
  3. ලියලා තියෙන ඇදුන් ටික නම් හොදයි...අර දණ් හිස ගාවට'දිග' ගවුම ඒච්චර දිග වැඩි උනාට කමක් නැද්ද මන්දා?

    මොනා උනත් එක එක ‍ෆිගර් වලට ගැලපෙන ඇදුම් තියෙනවා.....ඔවා පටලවලා ඇදගත්තම සංසාරේ එපා වෙන්වා....

    ReplyDelete
    Replies
    1. ඊට කොටට ඕනනම් ඔතින් අර බැන්ඩේජ් ඩ්‍රෙස් තියෙන්නේ.. ඒවා ඉතින් ගොඩක් කොටයි නේ..

      කතාවනම් සහතික ඇත්ත.. ඇදුම කොච්චර හැඩ වුනත් ඇදන් ඉන්න කෙනාට ගැලපෙන්නේ නැත්නම් වැඩක් නෑ තමයි..

      Delete
    2. අද දැක්කා තඩි ඌරෙක් වගේ අවුරුදු 65 ක විතර කෙනෙක් කලුපාට මේ ජාතිය ගවොමක් ඇදගන යනවා ,,හරිම කැතයි

      Delete
    3. හරි සෝයි එකට තියෙන්නේ ඇති.. මට ආව ඉමැජිනේශන් එකත් හරි අප්සට් මේක කිවුවම..

      Delete
  4. ටයිට් ස්කර්ට් එකයි, ටර්ටල් නෙක් ටොප් එකයි.ඕකටනේ බොල මම අහු උනේ ,. . . අනේද කියන්නේ . හෙහ් හේ හේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔය තියෙන්නේ මම ලියපු ලිපියට ජීවමාන සාක්ෂි..

      Delete
  5. මේවට මොනවා කියලා කමෙන්ට් කරන්නද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනවා හරි කියන්න.. මධු අයියව මම දන්න තරමින් මේකට මුකුත් නොකියන එකයි මට පුදුමේ..

      Delete
  6. අනේ මන්දා ඔයි මටනම් එක එක වෙලාවට එක එක ඒවා හිතෙනවා ,අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙනම් මං වගේම තමයි.. මටත් ඕකමනේ.. ශොප් එකක මම ආසම දෙකක් එක ලග තිබ්බොත් මම අමාරුවේ.. ඉතින් දෙකම උස්සන් එනව තෑගි දෙන්න..

      Delete
  7. :D :P මන් හිනා වෙලා යනෝ...මූකුත් නොකියමි.....

    ReplyDelete
    Replies
    1. මං දැක්කමයි ගෙම්බියක් හිනාවෙනවා , මාරයි .. :D

      Delete
    2. හනේ හනේ ගෙම්බෝ........:D මාත් දැක්කමයි ගෙම්බෙක් කොමන්ට් කොටනවා..

      Delete
    3. ශානු අක්කේ, අද ගෑල්ලමයි මේකට කමෙන්ට් දාලා නැත්තේ මුකුත් නොකියම හැරිලා ගිය හන්දද දන්නේ නෑ..

      Delete
    4. ඉවාන්, දැන් එතකොට මෙයා ගෙම්බියෙක්ද? දැන ගත්ත එක හොදයි.. හම්බුන වෙලාවට පරිස්සම් වෙන්න බැරිය..

      Delete
  8. \\\\\\\\\\පිටුපස නිතඹ පෙනෙන නොපෙනෙන තරමට විවර වුන ශර්ට්.\\\\\\\\\\

    මෙන්න මේක පැහැදිළි කරන්න පොඩ්ඩක් දිනේෂ් .......

    මම කැමති කොහොමද දන්නවද ... පෝනි ටේල් එන්න කොන්ඩේ බැඳලා පොඩි ස්කර්ට් එකක් ඇඳන් ඉන්න ළමයින්ට ... :)

    ReplyDelete
    Replies
    1. "ළමයින්ට.............!!!!!"
      බාල අපරාද කරන්න එපෝ සහන්..!

      Delete
    2. ළමයි කිව්වේ ආදරේට අනේ ...ඇල්බන් අයියා අහලා තියේද මේ කතාව ...?

      " පුංචි කාලේ පොඩි ගෑණු දැරිවියෝ ආස කරන්නේ බෝනික්කියන්ට . පොඩි පිරිමි ළමයි ආස කරන්නේ යෝධයන්ට.. හැබැයි ලොකු වෙනකොට ගෑණු දැරිවියෝ ආස කරන්නේ යෝධයන්ට .. පිරිමි ළමයි ආස කරන්නේ බෝනික්කියන්ට "

      Delete
    3. සහන් අයියේ, ඔය ඇදන් ඉන්න ඇදුමේ පිට හුගක් පේන්න තියෙන ඒවා.. ඔය අපි කියන්නේ පිට නෑ පිට නෑ කියලා.. අන්න ඒ වගේ එවුවා.. පිට නැති එකෙත් එක එක විදි තියෙනවනේ.. මෙතන කිවුවේ ඔය පස්ස ගාවට වගේ පේනව ඒවා ගැන..

      Delete
    4. ඉතිං දිනේශ් අයියේ කෙල්ල කොල්ලාගෙ ටී ෂර්ට් එක ඇන්දාමත් වෙන්නෙ ඔය කියාපු ඉට්ටැයිල් එකමනේ... //පිටුපස නිතඹ පෙනෙන නොපෙනෙන තරමට විවර වුන ෂර්ට්//

      Delete
    5. බස්සී, ඔවු ඔවු ඉතින් කවුද නෑ කිවුවේ.. හැබැයි ඉතින් මෙතන වැඩියෙන් කියන්නේ සම්පුර්ණම පිට ගැන.. බෙල්ල ලග ඉදන්ම පහලට..

      Delete
    6. අර අපි අලුත ඉපදුන පොඩිවුන්ට අන්දන්නෙ බන් බෙල්ල පිටිපස්සෙන් නූල් කෑලි දෙකකින් වගේ ගැට ගහලා..ඒවා ඇදලා ෂෝයි එකට බයිසිකලුත් පැදගෙන යන්නේ :D

      Delete
    7. හික්ස්.. ඔය කිවුවේ එලකිරි වගේ.. මෙයාටත් මරු උදාහරණ මතක් වෙන්නේ.. යකඩෝ, මෙහේ වුන් එහෙම ඇදලා බයිසිකල් පදින්නේ නැහැනේ.. අපිට බැරිද දන්නේ නෑ ඔහේ එන්න..

      Delete
    8. සහන්ගේ බෝනික්කො කතාවනම් මරු අප්පා.

      Delete
    9. මාත් ඕක අහලා තියෙනවා.. ඒක හැබැයි සහතික ඇත්ත ඇල්බන් අයියේ..

      Delete
  9. මම නම් ඔතනින් කැමති අඩි උස සපත්තු දෙකක් "විතරක්" දාගෙන ඉන්න ළමිස්සියන්ට. අර ගොඩක් xxx ෆිල්ම්ස් වල ඉන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. මට හයි හීල්ස් වලට ආසාවක් එන්නෙම නැහැනේ අප්පා...

      Delete
    2. ඇල්බන් අයියේ, ඔවු ඔවු අර හයිහීල්ස් ඇන් ග්ලාසස් එවුවා නේද? මාත් කැමතියි එවුවට.. ;)

      Delete
    3. සහන් අයියේ, මටත් හීල්ස් වලට එච්චර ආසාවක් නෑ.. ඒත් සමහර අයට ඒවා හොදට ගැලපෙනවා.. අන්න එතකොටනම් බලන්න හිතෙනවා.. :D

      Delete
    4. සහන්, මාත් හයි හීල්ස් වලට ආස නැහැ. ඒත් ඒවා "විතරක්" දාගෙන රගපාන ගෑනුළමයි ඉන්න නිල්පාට චිත්තරපටි බලන්න නම් කැමතියි.

      Delete
    5. හෙහ්, මී ටූ... :D

      Delete
  10. මමනම් ආස උපන් ඇඳුමෙන් ඉන්න උන්ට! ඇයි යකෝ ඒක හොඳයි නේ...

    ReplyDelete
    Replies
    1. ඒකට හැම පිරිමියෙක්ම ආසයි බං.. උඹ විතරක් නෙමෙයි..

      Delete
  11. මම නම් වැඩාපුර කැමති ස්කූල් කිටි එකට...

    ReplyDelete
    Replies
    1. අපිටත් A/L කරන කාලේ ඔහොම උනා ......

      Delete
    2. අමිල, හැබැයි පුතෝ කාලයක් යද්දී ඕකට ආස කරන එක හිරේ යන්න වෙන වැඩක් හොදේ..

      Delete
    3. සහන් අයියේ, A/L ඉවර වෙලා අවුරුදු 2-3 යනකන්ම අපිත් ආස කලා..

      Delete
  12. පේන නොපෙනෙන ඒවාට තමයි මගෙත් කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. පෙන්නලා ගත්තොත් ?

      Delete
    2. රාජ් අයියේ, අනේ මන්දා ඉතින් මෙවුවට මොනවා කියන්නද කියලා..

      Delete
  13. මම ආස සීතාම්බර සලුව වගේ එකකට.... හරි සෝයි අප්ප.......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, දැන් හොද වෙලාවට ඒවා නැත්තේ.. තිබුනනම් එහෙම අපිත් ආස වෙනවා තමයි..

      Delete
  14. මටනම් පෙන්නනම බැරි ඇඳුම තමයි ඉනක් බඩක් නැතිව කොට්ට උරයක් බැස්සුවා වගේ ඇඳුම. ඒ ඇරැනම කොයි එකත් ලස්සනයි කෙල්ලගේ පස්සයි පපුවයි හොඳට පෘෂ්ටිමත් නම්.....

    ReplyDelete
    Replies
    1. ඔය කිවිවේ බැන්ඩේජ් ඩ්‍රෙස් වගේ එවුවා.. මෙහෙම ඉතින් ඒවා හොදට මැච් වෙනවා ඇඟ හොදට තියෙන අයට.. නැත්නම් ඉතින් බලද්දිත් හිනා යනවා තමයි..

      Delete
  15. මං හරි ආසය ිපිළිවෙලට අඳින අයට. ඒ කිව්වෙ ඔන්න කලුකුමාරි අක්කා පස්ස සහ තන් ලොකුවට පේන්න හොඳ ජාතියෙ යට ඇඳුම් සෙට් එකක් අඳිනවා කියලා හිතන්න. කුමාරි අක්කා එක දවසක එනවා ඒ ජාතියෙ ඒවා නැතුව ලොස පෑඩ් යට ඇඳුම් ඇඳලා.. එතකොට වෙනදා දකින කළු කුමාරිගේ සයිස් එකපාරට අඩුවෙලා. එතනදි අපිට එකපාර මීටර් වෙනවා කුමාරි අක්කාගේ බඩු පෙන්නන තරම් කොළටි නැහැ කියලා. ඉතිං අර හොඳ යට ඇඳුම් සෙට් එකට කළුකුමාරි අක්කා වියදං කරපු සල්ලි ඔක්කොම අයියෝ සල්ලි වෙනවා...
    නමුත් කාලියක්සනී කියන අක්කා එහෙම නැහැ. එයා ඇඳුම කොන්ඩයට ගැලපෙන විදියට. ඇගට ගැලපෙන විදියට. හැමදාම එකම කොලටියේ යට ඇඳුම් ඇදලා ගාන්ට අදිනවා පලදිනවා.. ඒ වගේ තමුන්ගේ සරීරයේ හැඩයට, කොන්ඩයට සමට, මුහුනට ගැලපෙන විදියට පිලිවෙලට ඇදලා එනකොට අජරාමර විදියට කැත ගැහැනු කෙනෙක්ට වුනත් අමතර වටිනාකමක් ආරෝපනය වෙනවා. මම නම් කාලියක්ෂණි අක්කට තමයි මනාප. එයා කලුකුමාරිවට වඩා තත්‍ය රූපයෙන් කැත වුනාට එයාගේ ඇඳුම කළුකුමාරිට වඩා සැමවිටම පිළිවෙලයි..

    ReplyDelete
    Replies
    1. මම සම්පුර්ණ එකගයි මේ අදහසට අමිල අයියේ.. සහතික ඇත්ත, අවංකවම අපි පිළිගන්න ඕන අපි කෙනෙක් දිහා බැළුවොත් ඊළගට බැලෙන්නේ ඔය කිවිව දේවල් දිහා.. කිවුව වගේ අපිට බෑ හැමෝගෙම දේවල් ඇත්තද නැද්ද කියන එක බලන්න.. ඒත් අපි හිතන්නේ ඒක එහෙමයි කියලා..

      තමන්ට නැති දේ උලුප්පා දමනවට වඩා තියෙන දේ කැපිලා පේන්න අදින එක හොදයි කියලා මාත් පිළිගන්නවා..

      Delete
  16. මුලින්ම තැන්කූ වේවා දිනේශ් අයියේ බස්සිගෙ බ්ලොග් පෝස්ටුව ගැන සඳහන් කලාට. මේ ලිපිය කෙල්ලන්ට නම් කීයත් වටී...

    කොල්ලන්ගේ කතන්දරේ ඇහැවුවෙ අද නෙව. හැබෑට අපේ බස්සගෙ චොයිස් එක කොහොමද දන්නෙ නෑ.... මොකද ඔතන තියෙන ලිස්ට් එකෙන් මම කැමති අර ශෝර්ටයි ටී ශර්ට් එකයි ඇඳුමටයි, දිග ටී ශර්ට් එක විතරක් අඳින ඇඳුමටයි විතරක්ම නිසා... ඇත්තට ඩෙනිමකුයි, බැගී ටීෂර්ට් එකකුයි, ඇඳලා flipflops දෙකක් දාගන ඉන්න තරම් සැහැල්ලුවක් කොයින්ද ඔය ඇඳුම් වල....

    අර සිහිවටනයට දෙන එක නම් අහලා දැකලා තියෙනවා පොත්වල සහ ෆිල්ම් වල.. හි හී....

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට වටිනවනම් ඉතින් කමක් නෑ.. බොලාලත් මේවා දැනන් ඉන්න එපැයි ඉතින්..

      එක එක්කෙනාගේ අදහස් වෙනස් නේ ඉතින්.. බස්සගෙන් අහලා බලන්න.. එතකොට ඉතින් දැන ගන්න බැරිය.. සිහිවටන ලග තියා ගන්න එක හරි ශෝක් නේ ඉතින්.. ^_^

      Delete
  17. දිනේෂ් අයියට හිතෙන ඒවා :) මම බලධාරියා සමග කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න මේ වගේ : එයා කැමති මම ඔසරිය අඳිනවට. තව දණිස්ස ගාවට දිග ගවුම්වලට, වැළමිට ළඟට අත දිග ටී-ෂර්ට්වලට, පෝනි ටේල් එකක් දානවට, මේකප් නැතු ව ඉන්නවට, කොණ්ඩේ දිගට වවනවට (සමහර කොටස් කපා හැර ඇති බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ඉතින් මට අප්සට් ඒවා හිතෙන් බව.. හොදකට තියෙන්නේ මට ඒවටම හරි යන සෙට් එකක් ඉන්න එක..

      බලධාරියාගේ කැමැත්ත දැනන් ඉන්න එක හොදයි.. අපි ඉතින් මෙහෙම ඒවා ලියන්නම ඕන මෙයාලටත් වාසියක් වෙන්න..

      කාපා හැරපු ඒවා ගැන ඉතින් අපිට කියන්න ඕන නෑ.. කොල්ලෝ ගැන ඉතින් අපි නොදන්නවයි.. ;)

      Delete
    2. අපේ බස්සත් මේක් අප් සහ නේල් ආර්ට් වලට තරයේ විරෝධය පානවා නෙව. ඒකත් සමාජ විද්‍යාත්මක කාරනයක්ද දන්නෑ නේද?

      Delete
    3. මගේ නම් අවුලක් නෑ.. මම සඳවතීට ගෙනිහින් දුන්නත් එක්ක ඔවුවා නම්.. ;)

      Delete
  18. මුල් ටික කියවත්දි මං බය උනා බොල.

    මන් නම් කැමති සාරියට‍යි ඔසරියටයි
    :-)

    ReplyDelete
    Replies
    1. අම්මපා මොකටද බං බය වෙන්නේ.. මේක පවුලේ සැමට කියවිය හැකි බ්ලොගක් නේ බං..

      Delete
  19. හා කට්ටිය කීලා තීන්නේ ඔය....අපේ එක්කෙනාගෙන් ආයෙත් අහන්න ඕනේ මේ ප්‍රශ්නේ...හි හී

    ReplyDelete
    Replies
    1. හා හා, කෝල් එක්ක දාලා අහලා බලලා අපිටත් කියනෝ බලන්න මගේ පරීක්ෂණේ හරිද කියලා..

      Delete
  20. මමනම් කැමති මගෙ කෙල්ල (කවදහරි වෙන කෙනා) ඩෙනිමයි, පපුව නොපෙනෙන ටොප් එකකුයි අැදල සරල විදිහට ඉන්නවට...සාරි, ගවුම්, ස්කර්ට් අදිනවට කැමතිම නෑ... හෙයාර් එක ස්ට්‍රේට් කරල ලස්සනට තියන් ඉන්නවටත් ආසයි..

    ReplyDelete
    Replies
    1. පිංවන්ත දරුවෙක්

      Delete
    2. සසිදු, සරළ කම අනික් හැමදේටම වැඩිය ලස්සනට පේනවා බං.. උඹ හරි..

      Delete
    3. අපූර්වි, මටත් හිතුනේ ඕකමයි.. මං වගේම පිංවත් දරුවෙක්.. ;)

      Delete
  21. appa me podi ekata thawa godak dewal thiei igena ganna thanx lot bassi.

    ReplyDelete
    Replies
    1. දැන් කවුද පොඩි එකා?

      Delete
  22. මාත් නැවතිලා කල්පනා කළා හෙට ඉදලා ගන්නේ සුදු පාට ටයිඩ් ජීන්ස් ,ෂෝට්, හි හි සමබර ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඇයි නැවතිලා කල්පනා කලේ?

      අර මම කිවුව වගේ කොණ්ඩේ පාට කරලා බැන්ඩේජ් ඩ්‍රෙස් එකක් ඇදලා හයිහීල් දැම්මොත් නරකද මම අහන්නේ :D

      Delete
    2. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ව අවුස්සන්නෙ නැතුව ඉදහන් බන් අපූර්වියෝ :D

      Delete
    3. හෙහ්, ඒ පැත්තේ ඕවා අවුලක් නෑලු බං.. ඒ හන්දා කමක් නෑ..

      Delete
    4. මොකෝ බං මේ තහනම් කරපු ෆොටෝ එකක් දාගෙන?

      Delete
  23. අම්මෝ කෙල්ලන්ගේ ඇඳුම් ගැන කොල්ලන්ගේ කමෙන්ට්ස්...:D
    කට්ටිය හොඳට බලනවනේ.

    කෝ දැන් මේක පබ්ලිෂ් කරලා අත පය, තුවාල උණු තැන්වලට බෙහෙත් ෆාමසියෙන්ම දා ගත්තද? :)

    ReplyDelete
    Replies
    1. හුරේ...පොඩ්ඩි මටත් කොල්ලා කියල...!

      Delete
    2. එහෙම නැතුව බෑනේ පොඩ්ඩි අක්කේ.. ඔයත් බොරුනම් හස්බන්ඩාගෙන් අහලා බලන්නකෝ..

      අහ්, මේ ඉන්නේ හොද අගේට මම.. අපිට එහෙම වෙනවද?

      Delete
    3. ඇල්බන් අයියේ, අවුලක් නෑ ඔන්න ඔහේ කොල්ල වගේම ඉමු..

      Delete
  24. මාර සමීක්ෂණ තමයි ඔයාටත් හිතෙන්නේ. :D

    එක එක්කෙනා ආස දේවල් වෙනස් නේ. තමන්ගේ ඇඟට වයසට වගේම තැනටත් ගැලපෙන්න ඇන්දනම් ලස්සනයි. අපේ ගෙදර නම් මම ගවුමකට, සායකට රිංගන්න හදන කොට අපේ එක්කෙනා ජීන්ස්ම අන්දන්න හදන්නේ.

    දැන් ඔයා ගැහැණු ළමයි පිරිමි ළමයි අඳින වට කැමති මොනාද කියලත් සමීක්ෂණයක් කරා නම් හරි!

    ReplyDelete
    Replies
    1. අර බස්සී ඕක ගැන ලිවුවම ඉතින් මේක හැන නොහිතා ඉන්න බැරි උනානේ..

      ඒක සම්පූර්ණ ඇත්ත.. කවුරු කොහොම මොන දේට අස වුනත් ඒක අදින කෙනාට ගැලපෙන්නේ නැත්තන්ම් කිසිම වැඩක් නෑ තමයි.. ඉතින් ජින්ස් හොදයිනේ අක්කේ.. ලේසියි පහසුයි..

      ඒක ඉතින් මම කරලා හරි යන්නේ නැහැනේ.. ඒක මම බාර දෙනවා බ්ලොග් ලියන ගෑල්ලමයින්ටම..

      Delete
  25. අපිත් කැමති සාරියට තමයි ඉතින්..හැබැයි ඒක අදින විදියක් තියෙනව..

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කැමති අදින විදිහ මොකද්ද?

      Delete
  26. ඇවිස්සෙන එවුන් අවුස්සන්නෙ නැති...ඕන එකක් ඇන්දට අපේ මොකෝ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත.. වෙල්කම් ජෙමා මේ පැත්තට..

      Delete
  27. ඔක්කොම වැරදියි. රූපෙට අනුව ගැලපෙන ඇඳුම තෝරගන තිබුනොත් තමයි ලස්සනට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.. මේවා ඉතින් එක එක්කෙනාට හිතෙන හැටිනේ..

      Delete
  28. අපේ කෙල්ලෝත් දැන් බොහොම අපූරූවට ඇඳුම් අඳිනවා ගම් වල උනත්.. ඒක රටට ආඩම්බරයක්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ආස්චර්යනේ අයියේ..

      Delete
  29. දවස් නමයක්ම ඉතාලියේ ඉඳලාත් ඔය එකක්වත් දැක්කේ නෑ නොවැ.

    අප්‍රියෙල්වල නිසා විය යුතුයි.

    ඒත් අඵ්‍රියෙල් කියන්නේ Spring නේද?

    ReplyDelete
    Replies
    1. අයියා කොයි කාලෙද ආවේ.. අපිට කිවුවනම් ඉතින් මුණ ගැහෙන්නවත් තිබුනනේ..

      ඔවු ඔවු, අප්‍රේල් වල ඉතින් ටිකක් සීතල තියෙන හන්දා මම මේ කියපු දේවල් නම් දකින්න අමාරුයි අයියේ..

      Delete
  30. මම හිතුවෙ මලේ අපිට කියලා සරමවත් ඉතුරු වෙයි කියලා....අපි පන්ති යන කාලෙ සරම වගේම අයිටම් එකකුත් කෙල්ලො ඇන්දා බන්...දුකේ බෑ...

    ReplyDelete
    Replies
    1. අපෝ ඒක ඔය තියෙන්නේ.. අරයත් ඔය ඒවනම් අදින්නේ.. අපිට දැන් මුකුත් ඉතුරු නෑ බං අයියේ..

      Delete
  31. මරු සමීක්ශන්යක් තමයි :P

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද ඉතින්.. ආතල් එකටත් එක්ක..

      Delete
  32. ගෑනු ඇඳුම ගැන හිතන්ඩ කලිං ඇඟ ගැන හිතන්ඩැ ඕනේ.චොර දොන්ත පදං ඇඟකට මොකක් ඇන්දුවත් වැඩක් නෑ නෙව.
    ඒ වගේම ලස්සානට අඳින්ඩ පුළුවංකම තියෙද්දි බූරු දෙනක් වගේ ඔහේ මොකක් හරි පටලං යන උනුත් මෙලෝ තේරුමක් නැති උං තමයි.

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත බං.. ඒවනම් අපි කොච්චර දකිනවද? ඒක උන්ට හිතෙන්නත් ඕන.. නැතුව ඉතින් අපිට හිතිලා ඇති වැඩකුත් නැහැනේ..

      Delete
  33. මගේ ඉන්ට්‍රස්ට් එක වෙනම එකක්.. :3

    ReplyDelete
    Replies
    1. උඹ ගැන ඉතින් අපි නොදන්නවයි..

      Delete
  34. අපේ එක්කෙනා කැමති ඇඳුම් ජාතියක් තියනවා අර ගජමන් නෝනා අඳින ජාතියේ ඇඳුම්. අනේ මන්දා එයා ඉපදෙන්න තිබුනේ ඒ කාලේ..හික්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මස්සිනාගේ පුනරුප්පතියද දන්නේ නෑ ලොකු.. පොඩ්ඩක් හොයලා බලන්න නිකමට වගේ.. ;)

      Delete
  35. මම නම් අහුවුණේ.. නෑ එක්කො ඕන නෑ :D කියන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා, ඒත්....

    ReplyDelete
  36. විරුද්ධ ලිංගික ආකර්ෂණය ස්වභාවික දෙයක්

    ReplyDelete
  37. යට ඇදුම් වලින් ඉන්න කෙල්ලොන්ට මම ආසයි

    ReplyDelete
  38. mama kamathi kota gaumwalata. aga penna adina thada hirata adina gaumwalata...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්