Monday, 2 December 2013

ඉතාලි හොම්මන සොයා



සෙනසුරාද උදේ ඉදන්ම මහ වැස්ස.. දවසටම ඉර එළියක් දැක්කද කියලත් මතකයක් නෑ.. ඒ තරමටම වැහි අඳුර.. හොද වෙලාවට සෙනසුරාදා නිවාඬු දවස වුනේ.. නැත්නම් වැස්සේ වැඩට යන එක තරම් එපාම කරපු දෙයක් මට වෙන නැහැනේ.. තීන සීතල මදිවට වැස්ස හන්දා හීතල ඩබල් වෙලා.. ඒ කෝම වුනත් හවසට දාගත්තු වැඩේ මතක් වෙද්දී හීතලත් නැති වෙලා යනවා හරි ඉක්මනට.. ඇයි හොල්මන් බලන්න යන්න තියෙනවනේ..

හිතේ හරි හැටි විශ්වාසයක් නැති වුනාට මොකද මේ ගමන යන්න තිබුනේ ලොකු උනන්දුවක්.. ෆිල්ම් වල තියෙන දේවල් දැකලා බය වෙනවා වගේම දෙයක් ඇත්තටම තියෙනවද කියලා දැන ගන්න එකම තමයි ඕන කම තිබුනේ.. හැබැයි ඉතින් දවල් වරුම කලේ ඉතිපිසෝ ගාථාව හරියට මතක් කර ගත්තු එක.. මොකෝ කියන්න බැහැනේ හදිස්සියෙවත් ෆිල්ම් වල වගේ දරුණුවටම වැඩේ ගියොත් කියලා.. ඊට පස්සේ අංකල් ජොන්සන්ගේ ලැප් එකත් උස්සගත්තා වැඩේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගියොත් පිරිත් ටිකක් වත් දාන්න.. ඊට පස්සේ ඉතින් කට්ටිය කලින් පෝස්ට් එකට දුන්න උපදෙසුත් මතක් කර ගත්තා.. කුණුහරප නම් ඉතින් භාශා දෙකෙන්ම ඕන හැටියේ දන්න හන්දා ඒක ගැන එච්චර අවුලක් නෑ.. අමුවෙන් යන්න එපා කිවුවට ඉතින් මම බොන එකක්යැ.. ඒ වුනාට අංකල් ජොන්සන් නම් බෝතලයක් අර ගත්තා..

හරි ගමනට ඔක්කොම සූදානම්.. යන්න කලින් මල් කඩලා ඒ උපදෙස් මාලාවත් ඔළුවට දාගෙන දෙයියනේ කියලා යන්න ලෑස්ති වුනා..

" මට නිකන් බයයි වගේ ඕයි.."

දොර වහද්දිම අර අංකල් ජොන්සන් නාහෙන් අඬලා තිබුන මොරාල් එකත් නැති කලා..

" අනේ මේ මඟුලක් කතා නොකර යමු යන්න.."

වැස්සත් පායලා තිබුන අතරේ හෙමීට අරුන්ගේ ගෙවල් පැත්තට බයිසිකලෙන් ගියා.. වෙලාව හතට විතර ඇති.. වින්ටර් එක හන්දා ඉක්මනින් කරුවල වෙන එකේ වැස්සත් එක්ක හවස හතට තිබුනේ පට්ටම කරුවලක්.. කොහොම හරි අරුන්ගේ ගෙදරට ආවා.. මම එහෙට මීට කලින් ගිහින් තිබුනේ දෙපාරද කොහෙද.. මට හරියටම මතක නෑ.. ඒ ගෙදර හැබැයි බැළු බැල්මට පරණ පෙනුමක් තිබුනෙත් නැහැ.. අලුත් මොඩල් එකට හදපු හොද ෆ්ලැට් එකක්..

අපි යන්න ටිකකට කලින්ම වගේ අරුත් වැඩ ඉවර වෙලා ඇවිත් තිබුනා.. බුවා වැඩ කරන්නේ බේකරියක.. ඒ හන්දා ඉතින් අපි එනවයි කිවුවම හෙන කෑම තොගයක්ම උස්සගෙන ඇවිත්.. ඒකත් පාඩු නෑ ඉතින්.. අපි ඉතින් ගිය ගමන් කතාවට වැටුනා..

" උඹ ඊයෙත් මොනා හරි දැක්කද බං?"

" මුකුත් දැක්කේ නෑ බං.. හැබැයි රෑ නින්දෙන් ඇදට ගොඩ වෙනවා වගේ දැනුනා.. ඒත් ලයිට් දාල බලද්දී මුකුත් නෑ.."

" උඹ ගැණි නැති හන්දා කොටුවක් පැන්නද?"

" උඹ &/%$£ කියනවා ඉදගෙන.."

" කුණුහරප තියා ගනින් හොල්මන දැක්කම කියන්න.."

ඒ වෙලාවට ඉතින් හොල්මන පේන්නෙ නැති අපි පොඩි කයියක් ගහගෙන හිටියා.. අංකල් ඒ අතරේ ගෙනාපු බෝතලේ අනුමත උනා.. මම ඉතින් බයිට් එක ඩයට් එක කර ගන්න ගමන් වට පිටට ඇහැ දාගෙන හිටියා මොනවා වෙයිද දන්නේ නැති හන්දා..

කොහොම හරි දන්නෙම නැතුව රෑ දහය විතර වුනා.. අංකල්ට දැන් නම් බෝතලේ ඔක්කොම නවාගෙන අපිව හොල්මන් වෙලා පේන සයිස්.. ඩෝප් මර ගතේ ඒ මනුස්සයට ලාවට වගේ සිහිය නැති හන්දා ගිහින් දැම්මා ඇදට.. ඒකේනේ ඉතින් හොල්මන තනියට ඇවිල්ලා නිදා ගන්නෙයි කකුලෙන් අදින්නෙයි ඔක්කොම වෙන්නේ.. ඒ හන්දා ඒ මනුස්සයවම දැම්මා ඒකට ඇත්තට හොල්මන ආවොත් වෙරි හිදෙන්නත් එක්ක.. බයිට් එක ඩයට් එක කර ගත්තට මොකෝ රෑට ආයේම මොනා හරි කන්න පුළුවන් කමක් තිබුනා.. අරූ ගෙනත් තිබ්බ එක පීසා එක රත් කරන් කලා ඌ අනික් කාමරේ දෙන්න හදද්දී මම ඕන නෑ කියලා සාලේ තිබුන ඩිවාන් එක ඉල්ල ගත්තා.. මොකෝ එතන එළියේ ලයිට් එකකින් පොඩි එළියක් එනවා.. නින්ද ගියේ නැති වුනත් කළුවරේ ඇහරන් ඉන්න ඕන නෑනේ.. කොහොමද මගේ ටිකිරි මොළේ..

අංකල් නම් වැටෙන පරක්කුවට නිදිද කොහෙද කිසිම සද්දයක් නෑ.. පුදුමේ කියන්නේ ඩෝප් නැතුව නිදා ගනිද්දී ලී කොට පිටින් ඉරන මනුස්සයා අද ලී පටියක් වත් ඉරන්නේ නෑ.. හෙහ්.. කොහොම හරි වෙලාව ගියා.. මම හිතුව වගේම මටනම් නින්ද ගියේ නෑ.. ඇස් පියා ගන්න හැදුවට කිසිම වැඩක් නෑ.. හිතේ හෝදිසිය හන්දද මන්දා.. පාරේ ඉදලා හිටලා යන වාහන සද්දේ නම් ඇහෙනවා.. එතකොට වෙලාව 12ට විතර ලං වෙලා.. නින්ද යන්නෙත් නැති හන්දා ෆෝන් එක අරන් කැන්ඩි ක්‍රශ් පාරක් ගැහුවා..

බලාපොරොත්තු වුන විදිහේ කිසිම දෙයක් එතකනුත් වුනේ නැහැ.. කැන්ඩි ක්‍රශ් එකේ ඇස් වෙහසපු හන්දද කොහේද ටිකක් වෙලා යද්දී ලාවට වගේ නිදිමතක් අවා.. ඇස් දෙක පියවීගෙනම වගේ එද්දී එක පාරටම අංකල් ජොන්සන් ලාවට කෑ ගහනවා ඇහිලා ඉක්මන් කරලා ගියා කාමරේට..

" මොකෝ වුනේ?"

" කවුද මගේ කකුලෙන් ඇද්දා.."

" දැක්කද කවුද කියලා?"

" නැහැ.. දෙතුන් පාරක්ම දැනුනා.. මම හිතුවේ උඹලා කවුරු හරි කියලා.."

" එහෙනම් කෑ ගැහුවේ මොන රෙද්දකටද?"

" ලග පාත කවුරුවත් නෑ කියලා තේරුණාම ආව වැඩේ මතක් වුනා.. මොන රෙද්දකටද ඕයි මාව තනියම දැම්මේ.."

" නැත්නම් ඉතින් මඟුල ජෝඩු දාන් ඉදලා හොල්මන් පේනවයි.. ඔන්න නිදා ගන්නවා රෙද්ද.."

මේ මනුස්සයා එක්ක කේන්තියි ඔක්කොටම වැඩිය.. මම හිතුවා කෑ ගහද්දී ඇත්ටටම මොනා හරි වෙලා කියලා.. එක්කෝ හීනයක් දැකලා නැත්නම් වෙරි මර ගාතේ වෙන මොකක් හරි එකක් වෙලා.. හැබැයි ඇහැරුනාට පස්සේ නම් වෙරි ගතියක් පේන්න තිබුනෙම නෑ.. ශුවර් එකටම ආයේ නින්ද යන එකක් නම් නෑ මිනිහට..

අංකල් ගැන එහෙම හිතුවට මොකෝ යාන්තමට ආව මගේ නින්දත් එහෙමම ගිහිල්ලා.. ආයේ ගේම් ගහන්න සෙට් වුනාට ඒකේ ලයිෆ් ඉවරයි.. මොනා කරන්නද ඉතින්.. ඇප්ලිකේශන් පැත්තට ගිහිල්ලා අළුත් ගේමක් ඩවුන්ලෝඩ් කරන්න හොයද්දී මගේ උරෙස්ස හරියෙන් ලාවට වගේ සීතල හුළගක් යනවා තේරුනා.. එවෙලේ ඒක මම එච්චරම ගනන් ගත්තේ නෑ.. ඒත් විනාඩි පහකින් විතර වගේ ආයෙම ලාවට මට ඒක දැනුනා.. ගෙදර දොරවල් ජනෙල් හොදට වහලා හීතල නැති වෙන්න හීටර්ස් ඔන් කරලා තියෙද්දී හීතල හුළගක් දැනෙන්න විදිහක් නෑ නේද කියලා මට එක පාරම කල්පනාවට ආවා..

ඒත් එක්කම කල්පනාවට ආවේ කවුරුවත් මගේ පිටි පස්සේ ඉන්නවද කියන එක.. ඒ ඉන්න කෙනාගේ හුස්මද මට මේ සිතලට දැනෙන්නේ.. මේ අර කිවුව හොල්මන වත්ද? නෑ වෙන්න බෑ.. හොල්මන් හුස්ම ගන්නේ නැහැනේ.. මම එහෙම හිතුවට මොකද විනාඩියකට හරි පිටි පස්ස බලන්න දැන් බයයි බයයි වගේ.. හිත කොච්චරවත් හදා ගන්න බෑ හැරිලා බලන්න.. ඒත් බැරිම තැන එක පාරම හැරිලා බැළුවා..

අඳුර ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.. ඒ වෙලාවේ කළුවරත් හොදට පුරුදු වෙලා තිබුන හන්දා සාලේ තියෙන දේවල් ලාවට වගේ පේනවා.. හොදට වට පිට බැළුවත් කිසිම දෙයක් නෑ.. හැමදේම සංසුන්.. හාට් එක හයියෙන් බීට් වෙන සද්දේ තාම ඇහුනට මොකද මගේ පිටිපස්සේ මුකුත් නෑ කියලා දැනුනම තිබුන බය අඬු වෙලා ගියා.. ඊට පස්සේ කොච්චර වෙලා හිටියද කියලා කිසිම මතකයක් නෑ.. මම නිදී.. උදේ ඇහැරුනේ 9ට.. මම ඇහැරෙනකනුත් අනිත් ඩබලත් නිදි අපරාදේ කියන්න බෑ..

ඔන්න ඔහොමයි වුනේ හොල්මන් ඇල්ලිල්ලට.. මෙහෙමයි ඉතින්, මැරිච්ච මිනිස්සු තවත් උපත්තියක් හම්බුවෙනකන් අපි අතරම සැරි සරනවා කියලා බුදු බණේත් තියෙනවනේ.. ඒ හන්දා ඕවයේ මොනවාම හරි ඇත්තක් ඇති.. අපි බය වුනාට මොකද සමහර විට ඒ ආත්ම අපෙන් පින් බලාපොරොත්තු වෙනවා ඇති.. හැබැයි ඉතින් ඔය තන්හාවෙන් ලෝභකමින් මැරිලා පෙරේතයෝ වුන අයගෙන්නම් බේරෙනවා බොරු..

කොහොම හරි මට හිතෙන්නේ අරූට තියෙන්නේ තනියම ඉන්න හන්දා තියෙන අවුලක්.. නැත්නම් එදා පිරිත්වත් නොදා හිටපු ගෙදර මොනවාම හරි දෙයක් වෙන්න ඕනනේ.. එහෙම නැත්නම් ඇත්තටම ඉන්නවා කියන හොල්මනට අපේ ප්ලෑන් එක තේරුණා වත්ද? තවත් ඕක පස්සේ එල වන්න බෑ.. කෝම හරි ඌ ගේ මාරු කරලා වෙන කොහේද යනවා කිවුවා..

හැබැයි එක දෙයක් මගේ ඔළුවට ආවා.. ඒ ගෙදර පරිසරය, එදා ගෙවපු රැයේ අත්දැකීම් එක්ක හොම්මනක් දැක්කා හෝ නොදැක්කා හොද හොල්මන් කතාවක් ලියන්න.. හෙහ්, ඒක ලබන අවුරුද්දේ.. එහෙනම් අපි අදට ගියා.. 



54 comments:

  1. මට නම් හිතුනේ දිනේෂ් අයියට නූල් බඳින්න මෙහෙන් කට්ටඩියෙක් ඉතාලි පටවන්න වෙයි කියලා... :-D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නෑනේ බං මල්ලියේ.. නූල් කෙසේවෙතත් අඩු ගානේ දැක්කනම් අවුලක් නෑ..

      Delete
  2. අපොයි ..... හොල්මන් දැකලා නෑනේ..
    ඒක නෙමේ දවසක රෑක අපි බොරැල්ලේ කනත්තට සෙට් වෙමු ද ? එහේ හොල්මන් තියෙනවයි කියලා ආරංචියක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මාත් වෙනසේ දැක්කා ඕක ගැන කියනවා.. ඒත් ඉතින් කවුද දන්නේ ඒකත් මේ වගේම සීන් එකක්ද කියලා අයියේ..

      Delete
  3. මමත් ආසයි බං හොල්මනක් බලන්න....මොකද උඹ ලබන අවුරුද්ද වෙනකම් ඉන්නේ.මේ මාසේ ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ මාසේ ටයිම් මදි බං.. ඔක්කොම ලියලා ඉවර වෙලා ඕන දාන්න.. නැත්නම් කොටස් පහු වුනාම බැනුම් අහන්න වෙනවා.. ලබන අවුරුද්ද වෙන්න ඉතිරි මේ මාසේ විතරනේ බං කෝමත්..

      Delete
  4. ඇඟ සීතල වෙලා ගියා කතාව කියවපුවාම. කියවගෙන ගියේ අනෙක් කොටස ඊලඟ සතියේ කීවොත් හොඳට බනිනවා කියලා හිතාගෙන. ඉවර කරලා තිබ්බ එක්ක ඔන්න හොඳට ගියා කියලා හිතාගන්ට.:)

    හොල්මන් හැමෝටම පේන්නේ නෑලු. ඒ කතාව ඇත්ත වෙන්ට ඇති කියලා මම හිතනවා. මේ... අර සීතල හුලඟක් හමලා ගියේ ඒ හොල්මන. එයාලා රූපයක් විදියට පෙනුනේ නැති උණත්, ඒ විදියටත් එනවලු. :D

    ReplyDelete
    Replies
    1. අහ් මෙයා හනිමූන් ට්‍රිප් එක ඉවරක කරලා ඇවිත් වගේ.. ;)

      හෆ්ෆේ දැන් මෙයාලගේ සැර.. අපරාදේ ඉවර නොකර බලන්න තිබුනේ මොකො කියන්නේ බලන්න.. කාලෙකින් බැනුමක් ඇහුවෙත් නැහැනේ..

      දැන් ඉතින් එහෙමවත් හිතලා හිත හදාගමු.. මාත් හැබැයි එහෙම අහලා තියෙනවා.. ඒත් ඒකමද ඇත්තට දැනුනේ කියලා කවුද දන්නේ ඉතින්..

      Delete
  5. අයියෝ මදැයි ඉතාලි හොල්මන බලන්න ආවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං.. අපරාදේ, මටත් එදා ගෙදට්ට වෙලා ෆිලුම් එකක් බලන්න තිබ්බ චාන්ස් එක..

      Delete
  6. යකෙක් තියා යක්ශ පිහාට්ටක් වත් දැක්කෙ නැතුවට දිනෙශ් යකාව අතේ තියාගෙනනෙ ලියලා තියෙන්නෙ.
    ත්‍රාසය, භීතීය, කුතුහලය උතුරා යන අර දානවා කියපු හොම්මන් කතාව මේ අවුරුද්දෙම දානවනම් හොදා. නැත්නම් දන්නවානෙ ඉතාලියට පිල්ලියක් එවනවා ජල්ලි අල්ල අල්ල ඉන්න

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා, මුං එක්ක බැහැනේ ඉතින්.. හොම්මනගෙන් බේරුනත් මුන්ගෙන් ගැලවිල්ලක් නැහැනේ.. බලමු මචං.. ලියලා ඉවර වෙන විදිහ අනුව තමයි.. මම හිතන්නේ ලබන අවුරුද්ද ලේසියි වැඩේට..

      Delete
  7. අම්මො හොල්මන් :o ඔයාලටත් වඩා වෙන හොල්මන් කොහෙද අනේ :v

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. ඒ හන්දා වෙන්න ඇති පේන්න නැතුව ඇත්තේ..

      Delete
  8. අපේ කමෙන්ට් කෝ දොස්තර මහත්තයෝ ??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න දරුවෝ ගෙදර ඇවිත් නිදහසේ පබ්ලිශ් කරනකන්.. දැන් කෝ අපේ කමෙන්ට් කිවුවට මේක විතරනේ තියෙන්නේ?

      Delete
  9. මල්ලී හොල්මන් දැනගෙනද කොහෙද ඔයාලගේ ප්ලෑන් එක...හි...හි...හි..... 3 දෙනෙක් හිටියනේ ඒ හින්දා වැඩේ අවුල් වෙන්න ඇති,අපරාදේ ඒ ගෙදර තනි තනියම රෑ ගත කරන්න තිබුනේ එහෙම උනා නම් අඩුම තරමේ හාට් එක රෑ පුරා බීට් වෙවිවත් තියෙන්න ගියා.

    ReplyDelete
    Replies
    1. තනියම යන්න, හෆොයි බෑ.. අරූ තනියම ඉන්නෙත් පරාන බයෙන්.. එහෙම එකේ තනියම කෝමත් බෑ..

      Delete
  10. ඒ හොල්මන් බලන්න ඔච්චර මහන්සි වෙන්නේ මක්කටද..?
    ඔය කෙල්ලෝත් සමහරක් වෙලාවට හොල්මන් වගේ ඉන්නේ.උඹත් දැකලා නැති වෙන්න බැහැ මචෝ එහෙම හොල්මන්.

    ReplyDelete
    Replies
    1. හික්ස්, හෆෝ අප්සට් පිට මේක් අප් දාන් එන ඉතාලි නාකි ගෑනු කොච්චර දකිනවද බං.. ඒවට හොම්මන් පරාදයි..

      Delete
  11. //හැබැයි ඉතින් දවල් වරුම කලේ ඉතිපිසෝ ගාථාව හරියට මතක් කරගත්තු එක...// හූ............... :D

    මම කිවුවේ හොම්මං හම්බෙන්නේ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කියන්නේ නෑ.. මෙයාලට කිවුවයින් තමයි වැඩේ අප්සට් වුනේ..

      Delete
  12. ඔය රූපවාහිනි වල උදේ ඉඳන් හැන්දා වෙනකන් ඉන්නේ හොල්මන් තමා. තව මක්කා දකින්නද..?

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා, මෙහේ නම් ඕන තරම් ඉන්නවා අයියේ..

      Delete
  13. ඔය රූපවාහිනි වල උදේ ඉඳන් හැන්දා වෙනකන් ඉන්නේ හොල්මන් තමා. තව මක්කා දකින්නද..?

    ReplyDelete
  14. මම හිතුවා
    සිහිල් සුළං රැල්ලේ ... ඔබේ සුවඳ මුසු වේ
    කියලා

    ReplyDelete
    Replies
    1. මොන සුවද මුසු විල්ලක්ද අයියේ වැරදිලාවත් ගියානම්..

      Delete
  15. හොල්මන් වලිං මං ආස ඩ්‍රැකියුලා එකේ ගෑනුන්ට..උන් ගොඩක් ඇදුම් ඇදල නැති නිසා හරි ලස්සනට ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපිත් ඉතින් එහෙම එවුවටනම් ආසයි තමයි..

      Delete
  16. දිනේෂ් මල්ල ....
    කියවල එන්නම්...අරි..

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියණ්ඩිය මේ පැත්තට සැපැත් වෙලා.. සතුටුයි සතුටුයි..

      Delete
  17. අම්මො හොම්මං මං නම් බයයි,,,,,අපුරු කතාවක්.........

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මලයා.. නෝ හොම්මන්..

      Delete
  18. ඔ්ක කන්ණාඩියෙං බැලුවනං හෙණ ගැහුව වගේ පේනව. අති පැහැදිලි දර්ශණ :P :D

    ReplyDelete
    Replies
    1. ඒක හැමදාම දකිනවනේ බං.. වෙනසකට එක්ක වෙන එකක් දකින්න ඕන වුනේ..

      Delete
  19. හොල් මං කතා ලියන්ඩ එපා බං මං බයයි

    ReplyDelete
    Replies
    1. අම්මපා, දෙකක් දා ගත්තම නම් බය නැතුව ඇති..

      Delete
  20. හොම්මන ඔයාගෙ බ්ලොග කියෝලා වෙන්නැති ප්ලෑන දැනගෙන තියෙන්නෙ. :P

    ReplyDelete
    Replies
    1. හෙහ් කියන්න බෑ.. අරූ එක්ක ඇවිත් මෙහේ නතට වුනා වත්ද කියලා..

      Delete
  21. මට හිතෙන්නෙ හොල්මන හැදුවෙ දිනේෂ්ව බය කරන්න. චුට්ටක් කනට කරල පිඹල කාරිය. හැබැයි එක පාරටම හැරිල මූණ පෙන්නුවයින් බය වෙච්ච පාරට හොල්මන පස්ස නොබල දුවල තියනව... හිහ් හිහ්... :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් හැබැයි පිළිගන්න පුළුවන් සත්‍යක් තමයි.. අපරාදේ මට ඕක ඒ වෙලාවේ හිතුනේ නැහැනේ..

      Delete
  22. මම ඇත්තටම දැක්ක මෝහිනිව නම්.කොල්ල කාලේ.
    මට හොල්මන් පෙනුනත් පෙනුනෙ ස්ත්‍රී පක්ෂෙ අයම තමයි මල්ල.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ආයේ ඉතින් ඒ ගැන තර්ක කරන්න දෙයක් ඇත්තෙම නෑ.. ස්ත්‍රී පක්ෂෙ සැලකිලි කෝමත් වැඩියිනේ අයියට...

      Delete
  23. දිනේෂ් අයියා රස කර කර කතාව කියනකොට ම මට හිතුනා ෂුවර් එකට ම හොල්මනක් දැකලා නැතු ව ඇති කියලා! අර දානවා කියපු කතාව ඉක්මනට දැම්මා නං :)

    ReplyDelete
  24. මට පේන්නෙ උඹලා බලන්න ගිහින් තියෙන්නෙ කැස්පර්ව..

    ReplyDelete
  25. ඔයින් ගියා මදෑ මලේ. මම හිතුවේ සීතල සුළඟක් එනකොට කවුරැ හරි ඉදී කියලා. කමක් නෑ ඒ අත් දැකීමත් උඹට ලැබුනානේ.

    ReplyDelete
  26. ඇත්තටම දිනේෂ් ඔයාගේ පිටිපස්සෙ මොකෙක් හරි එදා හිටියනම් බොට මොන වෙයිද අම්මප?

    ReplyDelete
  27. මම හිතන්නේ හොල්මන තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා ගන්න ඇති. :D

    ReplyDelete
  28. මමත් හොල්මන් වලට බයද නැද්ද කියල කියල මටනම් තාම හිතාගන්න බෑ .ඒකට එකෙක් පේන්නම ඕන ...ඒත් හොල්මන් වගේ දේවල් තියෙන්න නම් පුළුවන් .අපි නොදන්නා දේවල් කොච්චර තියෙනවද ? :)

    ReplyDelete
  29. හොල්මන් කියලා දෙයක් ඇත්තටම තියෙනවා...නමුත් නොදුටු අය විශ්වාස කරන්නෙ නෑ...මඩවල උපාලි හාමුදුරුවො විසින් රචිත අපට නොපෙනෙන ලෝකය පොත හොයාගෙන කියවන්න...හොල්මන් (භූතාත්ම) එක්ක සන්නිවේදනය කරන විදිය වගේම හොල්මන් වල ඡායාරූපත් ඒ පොතේ තියෙනවා....උපාලි හාමුදුරුවො ඒ පොතේ කැටි කරලා තියෙන්නෙ බටහිර උගතුන් විසින් රචිත පොත් සිය ගණනක කරුණු සහ උන්වහන්සේ භාවනාව තුලින් අත්දුටු අමතර දේ....ඉතාම වටින පොතක්...

    ReplyDelete
  30. මේ දවස්වල මේ රටේ කියවෙන කතා බොහොමයක් හොල්මං කතා. සමහර වෙලාවට මුලුරටමං හොල්මං ඉතාලි හොල්මං වලින් මොනව හරි ඉගන ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  31. එක පාරම ඇවිත් යන සීතල හුලග ඔය හොල්මන් තියෙනවා කියන ගෙවල් වල තියෙන දෙයක් බං, මම දන්නා ගෙයක් තියෙනවා එකේ දැන් අයිති කාරයෝ බෝඩිම් කාමර වලට දීලා .. ඒ කාමර වලත් ඉන්න උන් ඔය සිත හුලග ගැන කියනවා, හුලන් නොඑන වෙලාවක එළියෙන් ඇතුලට හුලගක් එන්නත් බැරි තැන් වලදීත් එකපාරම ඇවිත් වදින සිතල සුළග ..

    ReplyDelete
  32. ෆුල් හොල්මන් කියන්නේ හොල්මන්ද පෝල්!!!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්