Monday, 16 December 2013

පන්තියේ මල් පත්තර ( ඉස්කෝලේ කතා - 18 )




කාමෝත්පාදන චිත්‍රපටි ගැන ලියවෙන ලිපි පෙලේ ඊලග එක ලියන් යද්දී අහම්බෙන් වගේ අමතක වෙලා තිබුන කතාවක් මතක් වුනා.. දැන් ඉතින් මෙහෙමයි වැඩේ කියන්නේ.. හරි ලස්සනට පිළිවෙලට එකින් එක ලියාගෙන ආව ඉස්කෝලේ කතා ටික ඔන්න දැන් ටිකක් අවුල් කරන්න වෙනවා.. මොකද දැන් ආයෙම මේ කියන්න යන්නේ අපි ඉස්කෝලේ 10 පන්තියේ ඉද්දී වෙච්ච සීන් කෝන් එකක් ගැන..

මල් පත්තර එහෙම නැත්නම් බ්ලූ පත්තර නොකියවපු අයියා කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්න විදිහක් නෑ.. හොරෙන් එක පාරක් හරි බලපු අක්කලත් ඉතින් නැති වෙන්න විදිහක් නෑ.. ඕවුවා ඉතින් මුද්‍රණේ කරන්නේ බලන්නනේ.. ඉතින් බැළුවයි කියලා මක්කා වෙනවද? දැන් ඉතින් කට්ටිය බලයි මම මොකද අක්කලා අයියලා ගැන විතරක්ම කිවුවේ කියලා.. ඒක මෙහෙමනේ, මගේ වයස් සීමාවලට අයිති කාණ්ඩය හිටියේ එක්තරා යුගයක් අවසන් වෙමින් යන කාලකනේ.. ඒ කිවුවේ ඔය පත්තර කලාව අභාවයට ගිහින් ෆිල්ම්ස් බලන්න වැඩියෙන් හුරු වෙන කාලේ.. ඒ හන්දා මේ බ්ලොග් ලියන අයගෙන් මට වැඩිය වයසින් අඩු අය සමහරක්විට පත්තර කියවන්න නැතුව ඇති.. ඒකයි මම එහෙම අදහස් කලේ..

හරි එවුවයින් වැඩක් නෑ.. ආව කතාව කියන්නම්කෝ.. ඉතින් කොහොම හරි අපි ඉස්කෝලෙදි පත්තර කියවන්න පටන් ගත්තේ මට මතක හැටියට 9 වසරෙදි විතර.. ඒ කාලෙනේ ඉතින් වැඩියෙන්ම උණ තිබුනේ.. එතකොට ඉතින් පන්තියේ කෙල්ලෝ ඕවට එහෙන් මෙහෙන් රවනවා ගොරවනවා හන්දා පිට්ටනියට වෙලා තමයි කියෙවුවේ.. ඉට පස්සේ කාලේ වෙද්දී අපි ඕවා හැංගුවෙත් උන්ගේ බෑග් වල..

අපේ පන්තියේ හිටියා බුද්ධි කියලා පොරක්.. මිනිහට තමයි හැමදාම පත්තර හම්බුවෙන්නේ.. ඒකත් මාරම කේස් එකෙක්.. කෙටියෙන් කියනවනම් උන්ගේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් මුගෙන් ෆන් එකක් අරන් ඒ හිලවුවට තමයි මේ පත්තර ටික දෙන්නේ.. එහෙම තමයි අපිට කිවුවේ.. ඇත්ත බොරු ඉතින් නොදනී.. හැබැයි කෝම වුනත් මූ සතියකට පාරක් විතර අපිට කියවන්න පත්තරයක් ගේනවාම තමයි..

පත්තරයක් ගෙනාවම තියෙන ලොකුම අවුල තමයි එක එකා පිටුව ගානේ උස්ස ගත්තම කියවන් යන කතාවේ ආතල්ම හරිය එද්දී ඒ කෑල්ල තියෙන පිටුව උස්ස ගත්ත එකා හොයා ගන්න සෑහෙන ගේමක් දෙන්න වෙන එක.. මටනම් හැමදාම වෙන්නෙම ඕකමයි.. කතා කියෝපු අය දන්නවා ඇතිනේ.. මෙන්න මෙහෙම එක්කෙනෙක් හිටියා, එයාව මම දන්නේ මෙහෙමයි, එයා හරි ලස්සනයි අරකයි මේකයි කියලා ඕන ටිකට එද්දී පිටුව ඉවරයි..ඊලග පිටුව හොයා ගත්තත් අනිත් එකා කියවලා ඉවර නැත්නම් බලාගෙන ඉන්න ඕන ඌ කියවලා ඉවර වෙනකන්.. එතකොට ඉතින් උපයෝගීතාවය බැහැලා ගිහිල්ලා..  අර වෙලාවට තමයි ඉතින්.. හරි ඒවා වැඩක් නෑ ඉතින්..

ඉන්ටර්වල් එකටයි, ඕෆ් පීරියඩ් වලයි පිටු බෙදා ගන්න බැරුව අපේ උන් මරාගන්න එකමයි වැඩේ.. ඔය වෙලාවට ඉතින් සද්දේ වැඩියි කියලා කවුරුහරි කඩා පාත් වෙනවා.. ඒක ඊට වැඩිය බරපතල ප්‍රශ්ණයක්.. මාට්ටු වුනොත් එහෙම ඔක්කොම කරලා හමාරයි.. කෝකටත් කියලා විසදුමක් කල්පනා කර කර ඉද්දී තමයි අපිට පොඩි අයිඩියා එකක් පහළ වුනේ..

අපේ පන්තියේ හිටියා හොදට කතාවට එහෙම දක්ශ පොරක්.. ඔය සිංහල පාඩම වෙලාවට එහෙම පොත කියවන්න අහුවෙන්නෙත් ඌටම තමයි හැමදාම.. අපි කරේ ඌව අල්ලගත්ත එක..

" මේ උඹ කියවපං අපිටත් ඇහෙන්න.."

" පිස්සුද &%$£.. මේවා ඇහෙන්න කියවන ඒවද?"

" කවුද බං උඹට පන්තියටම ඇහෙන්න කියවන්න කිවුවේ.. උඹ ශේප් එකේ කියවපං අපිට විතරක් ඇහෙන්න.."

එදා ඉදන් පත්තරයක් ගෙනාපුවම ආදි කාලේ කතන්දර අහන්න සීයා ලග පොඩි එවුන් එකතු වෙනවා වගේ අපි ඌ ඉන්න හරියට හෙමීට පුටුවත් ඇදන් ගිහින් සෙට් වෙනවා.. හැබැයි ඒක වැඩි ආරක්ෂාකාරීයි.. මොක්ද ඌ කියවන අතරේ වට පිට ආරක්ෂාව ගැන අහන් ඉන්න අපිට බලන්න පුළුවන්නේ.. නැත්නම් ඔය දෙකම එකට කරන එක ටිකක් අමාරු වැඩක්.. හැබැයි ඉතින් මේ අළුත් ක්‍රමේ හන්දා පත්තරේ අපි සතියක් යන්න කලින් කියවනවා.. එතකොට අරූට සතියට පත්තර දෙකක් විතර ගේන්න වෙනවා.. ඒ කියන්නේ අර ඇන්ටිලාගේ ගෙදර සතියට දෙපාරක් යන්න වෙනවා.. ඌ හරි පවු නේ ඒ කාලේ.. ;)

දැන් ඉතින් මේ කතාවට අපේ කට උලා සම්බණ්ද නොවුනොත් කිසිම රහක් නැති පෝස්ට් එකක් වෙනවනේ.. උලා නැත්නම් ඉතින් හොදි නැතුව බත් කෑවා වගේ තමයි.. අපේ ටීචර්ස්ලට ඉතින් හිටි ගමන් උගන්නන්න කම්මැලි උනාම එයාල ඒකෙන් ශේප් වෙන්න අපේ ඔළුවට අත අරින එකම බෝම්බයනේ ඔය හදිසි ඇගයීම් කියන්නේ.. පොතේ මැද පිටුව කඩාගෙන ඉතින් එයාලා අයිස් ගහද්දී අපිත් බැන බැන ලියන්න ඕන.. දවසක් ඔය වගේ හදිසි ඇගයීමක් ලිය ලිය ඉන්න වෙලාවක අපේ පිටි පස්සෙන් ලොක්කගේ මධුර මනෝහර ගොරෝසු කටහඬ ඇහිලා අපි උඩ ගියා..

" තමුසේ මොනවද ඔය ඩෙස් එක යට බල බල කරන්නේ?"

සෑහෙන්න නිස්සද්දව තිබුන පන්තිය පිටි පස්සෙන් මේ මනුස්සයා කෑ ගහුව සද්දෙට තව ඩින්ගෙන් හාට් එක ගලෝලා එලියට එනවා.. බොරු කියන්නේ මොකටද මම ලියපු අන්තිම අකුරත් ඇද වෙලා මොකද්ද වුනා ගැස්සුන පාරට.. පිටි පස්ස හැරිලා බැළුවේ කාටද මේ බනින්නේ කියලා.. බැලින්නම් උලාට.. ඌ ඉන්නවා නිකන් උගුඬුවා වගේ බලාගෙන..

" තමුසේ මොකද කරන්නේ? මිස් මොනවද මේ ලමයින්ට කරන්න දුන්නේ?"

ටීචරුත් ඉතින් ඇගයීමක් දුන්නා කියලා එයාටත් ලකුණු දාගෙන ශේප් වුනා.. ලොක්කා හිටියේ පන්තියේ පැත්තෙන් තිබුන පොඩි බිත්තියෙන් එහා පැත්තේ.. ඔතන උඩට යනකන් දැලක් තිබුන හන්දා මේකට මුකුත් කරන්න බෑ.. ලොක්කා පන්තිය ඇතුලටම ආවා..

" අරන් වරෙන් හංඟන් බලපු එක මෙහාට.."

මූත් ඉස්සරහට යනවා මීයා ටයිප් එකෙන් පොතත් අරන්.. ලොක්කා පොත පෙරලලා බැළුවා..

" මිස් මොනවද ඇගයීමට දුන්නේ?"

" විද්‍යාව.."

ලොක්කා අරූ දිහා බැළුවේ කන්න වගේ..

" විද්‍යාව ඇගයීමට සිතියම් අධ්‍යණය පොත බලාගෙනද බූරුවෝ කොපි කරන්නේ?"

එහෙම කියලා උලාගේ කම්මුල් දෙක ටිකක් අතගාලා ලොක්කා යන්න ගියා.. දැන් අපිටත් සෑහෙන්න ප්‍රශ්ණේ මූ මොකද එහෙම කලේ කියලා.. දැන් ටීචර්ටත් කර ගන්න දෙයක් නෑ.. උලාට බනිනවා හොද එකෙන්.. පීරියඩ් එක ඉවර වෙනකන් අපිත් හිටියේ සිහියක් නැතුව මූ මොකද්ද කරේ කියලා දැන ගන්න..

" උඹ මොකද්ද බං කලේ?"

" උඹලා ලියලා ඉවර වෙලා කොලේ ඉල්ල ගන්නකන් මම පත්තරේ බැළුවා බං.."

" යකෝ උඹ ඒක බලනවද මාට්ටු උනේ අරූට.."

" ඔවු බං.."

" කොහොමද තෝ බේරුනේ?"

" අරූ පන්තිය ඇතුලට එන්න මම හිටපු තැන පහු කරන් යද්දී මං ටක් ගලා පත්තරේ අරන් පිටි පස්සට විසි කරා.. මගේ වෙලාවට මෙතන්නට ආවේ නැතුව මට එතන්නට එන්න කිවුවේ.."

ඌට පිටිපස්සේ ඉන්න එකා ඌ විසි කරපු පත්තරෙත් පාගගෙන උලාගේ කතාව අහගෙන හිටියලු.. කොහොමද උලාගේ මොළේ..








50 comments:

  1. හෙහ් හේ මාරු කතාව . . . ඔය පත්තර කෙස් තම ඉස්කෝලේ කාලේ රසවත්ම ,. . ,.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. කොච්චර සිද්දිනම් තියෙනවද ඔය එක්ක සිද්ද උන..

      Delete
  2. දැං ඉතිං ඔය පත්තර හොයන්ඩ තියෙන්නේ ග්‍රන්ථ සංරක්ෂණ මණ්ඩලේ තමයි මං හිතන්නේ.VHS වලින් පත්තර වලට එච්චර තර්ජනයක් තිබ්බේ නැති උනත් සීඩී ආවට පස්සේ පත්තර අභාවයටම ගියා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙත් තියෙනවද දන්නේ නෑ හැබැයි මෙවුවනම්.. VHS නැගලා ගියේ නැහැනේ.. ඒ හන්දා එච්චරම අවුලක් වුනේ නෑ..

      Delete
  3. තාම ඔය පත්තර තියෙනවාලු. පත්තර තට්ටු යට තියාගෙන විකුනනවා කියන්නේ. අපේ කාලේ පත්තර තිබුනේ නැහැ. ඔක්කොම පෝන් මැගසින්. කොල්ලෝ ගේනවා.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ඉතින් ඒකත් හැබැයි.. තාම පරණ ක්‍රමයට කැමති අය ඉන්න පුළුවන්නේ.. අපිනම් ඉතින් පත්තර තමයි.. ;)

      Delete
  4. ඔය වගේ සීන් අපේ පන්තිවලත් වෙලා තියනව, කිව්වත් වගේ ඒ වෙලාවට අහුවෙන්නෙම තියන පාඩමට කිසිම අදාලත්වයක් නැති පොත් :D

    ReplyDelete
    Replies
    1. එවුවා එහෙම තමයි ඉතින්.. කෝම හරි ශේප් වෙන්න බලනවා මිසක ඒ වෙලාවට ඕවා කල්පනා වෙන්නේ නැහැනේ..

      Delete
  5. උඹ ඔය කියන්නෙ මිහිර පත්තරේද නැත්නම් විජය පත්තරේ ගැනද ?

    ඔය "සීන් කෝන්" කියන එකේ කෝන් එකෙන් අදහස් වෙන්නෙ මොකක් ගැනද ?

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම නෙමෙයි සෙන්නා අයියේ.. ;)

      ඇත්තටම මාත් ඒකනම් හරියටම දන්නේ නෑනේ.. ව්‍යවහාරයේ තිබුනට මොකද මොකද්ද දන්නේ නෑ තේරුම..

      Delete
  6. එකක් හොයාගෙන කියවන්න ආස හිතුණා .......

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න..මෙහෙත් ප්ලේබෝයි මැගසීන් නම් පිරිලා..

      Delete
  7. උලා ගෙ මොලේ තමා මොලේ.

    අපිත් වැඩිපුරම බැලුවෙ CD. A/L කාලෙ ඉස්කෝලේ ඇරුනම clz නැති දාට ගෙදර යත්දි හතරාමාර පහ වෙනවා. ඉතිං අපේ එකෙක් හිටියා උගෙ අම්මා තාත්තා දෙන්නම ජොබ්. එහෙට සෙට් වෙලා අපි ඉතින් බලනවා බැලිල්ලක්.

    ReplyDelete
    Replies
    1. උලා ඉගෙන ගන්න හොරා උනාට ඌට මේවට හොදට මොළේ තිබුනා අපරාදේ කියන්න බෑ..

      අපෙත් හිටියා ගෙවල් පැත්තේ පොරක් ඌ හිටියේ ආච්චි එක්ක.. අපි සෙට් වුනේ නම් එහෙට.. මොකෝ ආච්චිගෙන් කිසිම අවුලකුත් නැහැ..

      Delete
  8. අනේ පව් මේ පිරිමි ලමයි අප්පා....:)

    ඒ කාලෙත් ගෑනු ලමයි ගැන හිත හිත ඉඳලා තියෙන්නේ. තාමත් එහෙමයි.:D

    ReplyDelete
    Replies
    1. ආං කුමාරිහාමිට වැරදුනා... ගෑල්ලමයි ගැන නෙමෙයි ඇන්ටිල ගැන ඇන්ටිලගැන අර වැල වැල.....ගෑල්ලමයි ඒකාලෙ සාටර් අප්ප.... උං හිතුවෙ ලොකු පංතිවල උන් ගැනනෙ....

      Delete
    2. පොඩ්ඩී අක්කේ, නැතුව ඉතින්.. ඔයාත් මාර කතානේ අක්කේ ඉදන් කියන්නේ.. හිතන්නේ නැතුව කෝමද?

      Delete
    3. X - Porter, හෙහ් හෙහ්.. ඒ කතාවත් හැබැයි ඇත්ත තමයි..

      Delete
  9. ඔය පත්තර කාලේ අපේ කාලේ වෙනකොට නැත්තටම නැතිවෙලා වගේ.පුරාවස්තු වගේ අවුරුදු ගණන් පරණ ඒවා එකක් දෙකක් නම් හම්බෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ මම කිවුවේ අපේ කාලෙන් පස්සේ මේවා අභාවයට ගියාය කියලා.. මාත් හැබැයි දැන් පත්තරයක් බලපු කාලයක් මතක නෑ..

      Delete
  10. අපිත් මුලින් බැලුවේ 8,9 ඉද්දී ,ඒ කාලේ නම් මරදාන ස්ටේශන් එකගාව තිබුනා විකුණන පොට් එකක්.ඒ ලෙවල් පංති වලට එද්දීනම් පත්තර ජනප්‍රියත්වය අඩු වේලා ,ඒ තැනට ඉන්ටර්නේට් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මරදාන පැත්තෙන් තාම ඕවා හොයා ගන්න පුළුවන් කියලා මට මේක බලලා යාළුවෙකුත් කිවුවා.. හැබැයි ඉන්ටර්නෙට් වලින් බැලුවත් පත්තර වල තිබ්බ ෆන් එක වෙනමම දෙයක්..

      Delete
  11. අපිනම් ඉස්සර ඕව කියෙව්වෙ ඉංගිරිසි පීරියඩ් එක වෙලාවට..පොත අස්සෙ තියාගෙන තමයි ඉතින් අපි දියුණු වුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹලට හොදට කඩ්ඩ පුළුවන් ඇති නේ දැන්.. ^_^

      Delete
  12. ඔය පත්තර අපිත් බැලුවා බං....දැන් බේතකට නැතුව ඇති ඕවා...දැන් ජංජාලය තියෙනවා නොවැ....දෙකට තුනට හතරට නමන නිසාම පත්තරේ ඉක්මනින් වල පල්ලට යනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. නැමුම් පාරවල් වලින් අකුරු මැකිලා.. පත්තරයක් අන්තිමේ කියවන්න අහු වෙන එකාට කියවන්න වෙන්නේ කෑලි අඩුවෙන් තමයි ඉතින්..

      Delete
  13. මන් ගාව තාම සෙට් එකක් තීනව. කවද හරි පැන්ශන් ගිය කාලෙක "මෙන්න මෙව්ව තමයි පුතේ අපේ අතේ සුවේ මැවී" කියල කට්ටියට පේන්න බ්ලොගෙ වත් දාන්න බැරිය!

    ReplyDelete
    Replies
    1. හෙහ්, එකනම් මරු අදහස ඉන්දික අයියේ.. තව කාලෙකින් ඕක දානවා කියන්නේ වැඩේ නැගලම යාවි.. මොකෝ දැන් තරම්වත් ඒ කාලෙට ඕවා නැති වේවිනේ..

      Delete
  14. ඒ දවස්වල එකෙක් කියවලා ඉවර වෙනකං බලන් ඉන්නේ ඔය පත්තර වල යන කතන්දර කෑල්ල කියවන්න.. ඩෙක් පීස් එකකින් වැලක් බලනවට වඩා ඔය පත්තරේ කතාවක් කියෙව්වම මෝල් වෙනවා !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. මම නම් ඩෙක් පීස් බලලම නෑ.. සීඩි බලන්න ආව කාලේ වෙනකන් බැළුවේ පත්තරම තමයි ඉතින්..

      Delete
  15. අඩේ අපේ පන්තියෙත් හිටියා බුද්ධි කියල තාත්ත කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ඉන්නකොටම ඒකා තාත්තා කෙනෙක්ද? හරි සන්තෝසයි නේ..

      Delete
  16. උලා නූලෙන් බේරිලා

    ReplyDelete
    Replies
    1. කෝ අනේ උයා කියපු අර හීනේ

      Delete
    2. මේ තියෙන්නේ අනේ..

      http://dineshumagiliya.blogspot.it/2013/12/blog-post_9.html

      Delete
  17. අපිත් මුලින්ම බැළුවේ පොත් පත්තර තමයි. දවසක් පති පතිනි කියලා පොතක් බලලා කොල්ලෝ සෙට් එකම ටීචර්ට මාට්ටු උනා. ටික දවසක් යනකොට එකම අවුල තමයි සමහර පිටු එකිනෙකට ඇලවී තිබීම. දන්නෝ දනිති වෙච්ච සංගෙඩිය....

    ReplyDelete
    Replies
    1. හෙහ්, හිතා ගන්න පුළුවන් ඉතින්.. අපායට ගියත් ඉස්සෙල්ලා යන එක හොදයි කියන එකේ ඕකත් මුලින් බලන එක හොදයි.. නැත්නම් ඇලවිච්ච පිටු ගලවන්න එපැයි ඉදගෙන..

      Delete
  18. අනේ මන්දා ඇත්තටම මට කියවන්න බැරි උනා තාම .අපේ ඉස්කෝලේ කාලේ එහෙම පත්තර බලන මෙව්වා එකක් තිබ්බේ නෑ .හැබැයි වෙන වෙන ඒවා නම් අම්බානට මාට්ටු උනා :)))))))

    ReplyDelete
    Replies
    1. තාම බැරි උනා කියන්නේ ඉතින් කොළුවෝ ආයේ චාන්ස් එන්නේ නෑ කියන එක තමයි ඉතින්.. මොකෝ දැන් ඕවා වැඩියම නෑ.. ඔය පත්තර ලෑලි තියෙන තැනක පොඩි සර්ච් පාරක් දලා බැළුවනම් හරි..

      Delete
  19. බොරු කියන්ඩ ඔන්නෑ..උබලා මට වලත්තයා කිව්වට මං නම් එකම එක සැරයයි ද කොහෙද ඔහොම මැගසිං එකක් දැකලා තියෙන්නේ..ටැකත් 6 දි නැත්තන් 7දි මොකෙක් හරි අලුගුත්තෙරුවෙක් පංතියට ගෙනල්ල විකුණද්දි.. :D

    කිව්වත් වගේ මං අයිති උබලෑ යුගයට නෙවෙයි බං.. :3

    ReplyDelete
    Replies
    1. අඩේ අපි උඹට එහෙමත් කියනවද බං..මට මතකත් නෑ..

      එක පාරක් හරි දැක්කනේ බං.. ඒ මදෑ.. ඒකටත් එක්ක හරි යන්න නෙට් බලනවා ඇතිනේ.. දැන් ඉතින් ඒ යුගේ පහු වෙලා කොළුවෝ..

      Delete
  20. ඇත්තටම ඒ මල් පත්තර කලාව කාලයත් එක්කම නැතුව ගියා. මම කල්පනා කලේ අපි එහෙම කියෙන්වට ඒ ලියපු අය ඇත්තටම කොහොම ලිව්වද කියලා. ඒ විදියට රස නුසුන් කොට ලියන්නත් හැකියාවක් තියෙන්න එපායැ.

    ඒකාලෙ ඕව සපත්තු මේස් ඇතුලේ ගහගෙන ඉස්කොල ගියේ.

    ReplyDelete
  21. හම්මේ පත්තර ... අපේ ගේ ළඟ පත්තර කඩෙන් කොල්ලෝ පත්තර ගන්නේ. මට ගන්න විදියක් නෑ. ඇයි ඉතින් ගෙදරට මාට්ටුනේ. අපේ එකෙක් හිටියා ඌ තමයි එතනින් අරන් ඉස්කෝලේ ගේන්නේ. එතකම් හැන්ගුවේ උගේ මෙට්ටේ. :D ඒකත් මෙට්ටේ පැලිලා ඒ මේට්ටේ රෙද්දේ යට හංගලා තිබුනේ :D අයියෝ ආතල්. ඌ අවේ නෑ කියන්නේ ඉතින් අපි සදා දුකේ එදා :D

    තාමත් පත්තර තියෙයි. හැබැයි ගන්න උන් නම් දැකලම නෑ. ඉස්සර අපි සෙට් වුනාම පත්තර ගන්න එන උන්ව හොරෙන් බලන් ඉන්නවා. ඒ කඩේ අයියා කෙනෙක් හිටියා. ඌ හිටියොත් තමයි ගන්න පුළුවන්. ඉතින් හැමෝම කරන්නේ මුලින්ම ඌ ඉන්නවද කියලා බොරුවට කඩේ ගාවින් ඇවිදගෙන යන ගමන් බලනවා. පස්සේ කඩේ පහු කරගෙන ගොඩක් දුර ගිහින් අයියා ඉන්නවනම් ආයේ එනවා :D හඃ හඃ හඃ මරු කාලේ :D

    ReplyDelete
  22. චීයා ..නරක ළමයි. අරූගේ මොලේ තමයි මොලේ බං

    ReplyDelete
  23. උලා මරු බුවෙක්නේ.ඔය වගේ සින් එකකට මාට්ටු වුන එකගේ පපුව කොහොම ගැහෙන්න ඇතිද නේ බං...?

    ReplyDelete
  24. අපිත් ඒ කාලේ විජය පත්තරේ බැලුවා මතකයි ;)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්