Friday, 8 November 2013

ෆාමසියේ කළබලය



දැන් සති දෙකකට කලියෙන් මං තුමා බාප්පා කෙනෙකුත් උනානේ.. එන්න එන්න පෝස්ට් ලැබිලා දැන් නිකන්ම වයසට යනවා අෆ්ෆා.. හරි ඒක නෙමෙයි ඉතින් කතන්දරේ.. මාතෘකාව එකක් දාලා මේ මොකද්ද ලියන්නේ කියලා කට්ටිය රණ්ඬු වෙන්න කලියෙන් කියන්න ආව කතාවට යමුකෝ.. කතාවට ඉතින් ඔය මුලින් කිවුව එක වැදගත් වෙන හන්දා තමයි ඉතින් ඉස්සෙල්ලම ඒක කිවුවේ..

මම ඉතින් ෆාමසියේ හන්දා බෙහෙත් මට නිකන් කියන එක මම කලිනුත් කියලා තියෙනවනේ.. මට විතරක් නෙමෙයි.. අපේ තාත්තා ඉන්න කාලේ එයාටයි දැන් අයියටයිත් කවදත් බෙහෙත් නිකන් තමයි.. ඉතින් මෙන්න මේ ලගදි ඒ කියන්නේ හරියටම ගිය සතියේ බ්‍රහස්පතින්දා අපේ අයියා ආවා පොඩි එකාට බෙහෙත් වගයක් ගන්න.. ලැබ් එකේ එච්චරම වැඩක් නොතිබුන හන්දා එවෙලේ මාත් හිටියේ ඉස්සරහා.. අයියත් ඉතින් ඇවිත් ටිකක් වෙලා කයියක් දාගෙන ඉදලා බෙහෙත් ටිකත් අරං යන්න ගියා.. මාත් ටිකක් වෙලා ඉදලා ආයෙම ලැබ් එකට ගිහින් ඉද්දී අපිට අළුතින් ආව ඩොකා දුවන් එනවා මාව හොයාගෙන..

" දිනේෂ්, අයියට කෝල් කරලා කියපං ඉක්මනට එන්න කියලා.."

" ඇයි මොකද වුනේ?"

" බෙහෙත වරද්දලා දීලා තියෙන්නේ.."

මටත් ඇඟට හීන් දාඬිය දැම්මා.. ඇයි දෙයියනේ, පොඩි එකාට දෙන්න ගත්ත බෙහෙත්.. මාත් දඩි බිඩියේ ගත්තා අයියට කෝල් එකක්.. හොද වෙලාවට පොඩි එකාට බෙහෙත් දීලා නෑ.. මං ටක් ගාලා ඒක අරන් එන්න කිවුවා.. ඊට පස්සෙයි මම අරුගෙන් ඇහුවේ මොකද වුනේ කියලා..

ගිය සතියම අපේ ලොක්කා හිටියේ නෑ.. ඉතින් ලොක්කගේ අම්මගේ වැඩේම කොයි වෙලාවෙත් මෙතන වැඩ වලට ඇඟිලි ගහලා විකාර කරන එක.. අයියා ආව වෙලාවෙත් අයිය එක්ක කතා කරන්න කියලා ලගට අඬ ගහගෙන ඒ ගමන්ම බෙහෙත් රිසිට් එකත් අරං ඕන කරන බෙහෙත් ටික තෝරලා දීලා.. මෙයාට සිහියක් නැතුව දීලා තියෙන්නේ වැරදි බෙහෙතක්.. වැරදි කිවුවට මෙන්න මෙහෙමයි.. ඒක පොඩි එකට දෙන විටමින් එකක්.. මිලිග්‍රෑම් 10000 කියලා ලියලා තියෙන එකට මෙයා දීලා තියෙන්නේ මිලිග්‍රෑම් 25000 එකක්.. ඒ කියන්නේ ලොකු එවුන්ට දෙන එකක්.. පිස්සු හැදෙයි අරක පොඩි එකාට දුන්නනම් එහෙම..

කොහොම හරි එවෙලෙම අයියා ආව හන්දා  හරි බෙහෙත ආයෙම දීලා වැඩේ ශේප් කර ගත්තා.. මටත් තද වුනේ ලොක්කගේ අම්මා එක්ක.. මොකද ඉතින් එයා දැන් පැන්ශන් හන්දා නීතියේ හැටියට කිසිම විදිහකින් වැඩකට සම්බණ්ඳ වෙන්න බෑ.. විශේෂයෙන්ම මේ වගේ බෙහෙත් සම්බණ්ඳ දේකදි.. ඒ මොනා වුනත් ඒ මනුස්සයා මට ආදරේ හන්දා මම මුකුත් කියන්න ගියේ නෑ.. අඩුම ගානේ එහෙම දෙයක් වුනා කියලවත් කිවුවේ නෑ.. මොකො කියලා වැඩක් නෑ.. ලොක්කා ආවම විස්තරේ කියනවා ඇරෙන්න..

මොකද බැරි වෙලාවත් ඕක අපිට නොවී වෙන ඉතාලි කාරයෙකුට වුනානම් ඌ කෙලින්ම පොලීසියට කතා  කරලා කියනවා.. ඒ කියන්නේ ලෙඩ ගොඩයි.. ඔය ඇගේ ගාන දෙයක් වැරදුනා වගේ නෙමෙයි, බොන බෙහෙතක් වැරදුනා කියන්නේ ලෙඩාට කිසිම හානියක් නැතත් ෆාමසිය වහන්න වෙනවා කියන එක.. ඒ වගේ නීති තදයි ඔය වගේ දේවල් වලටනම්..

ලොක්කත් කොයි වෙලේත් බනින්නේ අම්මට මේවට ඇඟිලි ගහන්න එපා කියලා.. පුතා ඉද්දී සද්ද නැතුව හිටියට මොකද ලොක්කා නැති වුන ගමන් මෙයා එනවා දුවගෙන.. හරියට අපි ෆාමසිය සුද්ද කරයි කියලා බයේ වගේ.. හැබැයි ඉතින් ඉන්න සෙට් එකේ කලින් වැඩ ගැන මම ලියලා තියෙන හන්දා එහෙම හිතන එක වරදකුත් නෙමෙයි..

කොහොම හරි අපි එදා ඔය සිද්දිය අමතක කලා.. ඒත් ලොක්කා ආවම හෙමීට කියන්න හිතාගෙන හිටියේ.. ලොක්කා ආවේ මේ සදුදා.. ආව ගමන් ඕවා කියන්න බැරි හන්දා අපි පාඩුවේ හිටියා.. මෙන්න හවස මම ආයෙම ෆාමසියට යන කොටම ලොක්කාගේ අම්මා මාව අල්ල ගත්තා..

" දිනේෂ්, එදා මොකක්ද වුනේ කියපං.."

" කවද්ද?"

" උඹේ අයියා ආව දවසේ.."

මට තේරුණා මෙයට වැඩේ ආරංචි වෙලා කියන එක.. ඒත් කොහොමද කියන එකයි අවුල.. මොකද මෙයාට දැන්ම නොකියා ඉමු කියලයි අපි කතා වුනේ.. දැන් ඉතින් බොරුවක් කියන්න වැඩක් නැති හන්දා මම ඔක්කොම සීන් එක කිවුවා.. මෙයා සද්ද නැතුව අහන් හිටියා..

" කවුද එතකොට ඕකට බිල කම්පියුටරේ ගැහුවේ?"

මෙයාගේ මීටර් ටිකක් අවුල් වුනාට මොකද ඒ වගේ වෙලාවටනම් ඕවා හොදට මීටර් වෙනවා.. සල්ලි අරන් බිල ගැහුවේ මම කලින් දවසක ලියපු අප්සට් කවියක හිටපු කහ මල් ගවුම හුළගේ ගිය එක්කෙනා තමයි.. මොනවා වුනත් පාවා දෙන්න බැරි කම හන්දා මම කිවුවා මට නම් හරියට මතක නෑ.. අයියගෙන් තමයි අහන්න ඕන කියලා.. අනිවාර්‍යෙන්ම වැරැද්ද ඊලගට පාස් වෙන්නේ එයාට තමයි.. මොකද හරියට නොබලා බිලට සල්ලි ගත්තට.. රස්සාවත් ගහලා යන්න පුළුවන් වැඩක් ඕක..

සිද්දීය ඔහොම යද්දී ලොක්කා ආවා ඒ හරියට.. ඒකටත් කතාව ලාවට ඇහිලා.. දැන් ඉතින් මොනවා කියන්නද? එවෙලේ සිද්දිය කියන්න වුනා.. ඒ පාර ලොක්කා මාව පැත්තකට අඬගහන් ගිහින් ඔක්කොම ඇහුවා.. මම ඉතින් එදා වුන සිද්දීය ඔක්කොම කිවුවා.. ඇත්තටම ඕක නොකියා බෑ.. මොකද තව සැරයක් ඕක වුනා කියන්නේ ෆාමසිය වහන්න වෙනවා කියන එක..

ලොක්කගේ මූණ රතු වෙලා තද වෙලා ආවේ බලාගෙන ඉද්දී.. ඌ බනින්න ගියාම අම්මා කියලවත් බලන්නේ නෑ.. එවෙලේ ඉස්සරහට ආවත් ෆාමසියේ සෙනඟ හිටපු හන්දා පොර කේන්තිය තද කර ගෙනම ආයෙම ඔෆිස් එක පැත්තට ගියා.. ෆාමසිය වහනකන්ම කා එක්කවත් කතා කලේ නෑ..

ෆාමසිය වහලා ඔක්කොම වැඩ ඉවර කරන් එද්දී ලොක්කා ආවා.. මූණ තාමත් ඉස්සෙලා වගේමයි.. වෙන්න යන දේ ගැන ඉතින් මට හිතා ගන්න පුළුවන් වුනා..

" මට මෙතන ප්‍රශ්ණයක් කතා කරන්න තියෙනවා ඔක්කොම හොදට අහගන්න.."

ලොක්කා වැඩි කලබල නැතුව පටන් ගත්තා.. අරගෙන සිද්ද වුන දේ මොකද්ද  කියන එක ගැන අහගෙන ආවා.. මෑන්ස් ඔෆිස් එකේ ඉන්න වෙලාවේ අයියට කතා කරලා කැශියර් එකේ බිල ගැහුව කෙනාවත් අහගෙන.. අයියා ඉතින් කියලා.. මම දන්නේ නෑ කියලා ඒකිව පොඩ්ඩක් හරි ශේප් කලාට අයියට එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ.. ඉතින් ලොක්කා අම්මටයි අරකිටයි දෙන්නටම හොදටම බනින්න ගත්තා..

" මෙතන වැරදි ගොඩයි.. එකක් පොළිමේ මිනිස්සු ඉද්දී දන්න කෙනාව ඇතුළට අරන් බෙහෙත් දුන්න එක.. බෙහෙත් අම්මා තෝරපු එක.. අම්මා දුන්න එක හරියට  නොබලා බිල ගහපු එක.."

ඔහොම කියලා ලොක්කා කෑ ගහගෙන ගියා.. මම අනන්තවත් ලොක්කට කේන්ති යනවා දැකලා තියෙනවා.. ඒත් එදා කේන්තියට වැඩිය තිබුනේ දුකක් කියලා මට හොදට තේරුණා..

" දිනේෂ් කියන්නේ මගේ පවුලේ එකෙක්.. උගේ සහෝදරයට උඹලා මෙහෙම ඕන කමක් නැතුව වැඩ කරනවනම් අනිත් මිනිස්සු ගැන මොනවා හිතන්නද?"

ලොක්ක කියපු කතාව ඇත්ත.. අයියා ආයෙම බෙහෙත් ගන්න ආවත් නාවත් මේක අමතක කරලා දැම්මේ ලොක්කා අපිට හිතවත් හන්දා.. ඒ හන්දනේ මේක මේ විදිහට කිවුවේ.. වෙන කවුරැ හරි උනානම් පොලිසියෙන් ඇවිත් නීති ක්‍රියාත්මක කරලයි කතා කරන්නේ.. දෙන්නටම හොදටම බැනලා ලොක්කා ගියා ඔෆිස් එකට.. ඊට පස්සේ මෙන්න ලොක්කගේ අම්මයි අරකියි රණ්ඩු වෙනවා.. කොහොම වුනත් දෙන්නම වැරදියි.. ඒකයි මගේ හැඟීමත්..

ලොක්කා ඔෆිස් එකේ ඉන්නවා මල පැනලා.. මම ගෙදර යන්න ගුඩ් නයිට් කියන්න ඒ පැත්තට ගිය ගමන් මම ටිකක් ලොක්කා එක්ක කතාකලා..

" දොත්තෝරේ මම දෙයක් කියන්නද?"

" කියපං දිනේෂ්.."

" උඹ මීට වැඩිය ෆමසිය ගැන හිතුවොත් හොදයි කියලා මට හිතෙනවා.. හැමදාම අනික් අයට වගකීම් පවරලා නිදහසේ ඉන්න එක හරි දෙයක් නෙමෙයි.. උඹ මට පුතෙකුට වගේ සළකනවා.. උඹ නැති උනාම හුඟක් දේවල් මම හොයලා බලනවා.. ඒත් මටත් බලන්න පුළුවන් සීමාවක් තියෙනවා.. ඒ හන්දා ඒක ගැන ටිකක් හිතන්න.."

" ඇත්ත, එක තැන හිරවෙලා හම්බකරලා දවසක වියදම් කරන්න හිතෙද්දී කාලය ගිහින් මගේ අයිය වගේ මැරිලා යන බැරි හන්දයි මම එන්ජෝයි කරන්නේ.. ඒත් මෙහෙම ගියොත් මට එන්ජෝයි කරන්නවත් දෙයක් නැතිවෙයි.. උඹ දැන් පරිස්සමින් පලයං.. අපි හෙට නිදහසේ කතා කරමු.."

ලොක්කා ගැන වෙලාවකට දුකත් හිතෙනවා.. ඌ අනිත් අයට විශ්වාස කලාට හැමෝම ඒ විශ්වාසය රකින්නේ නෑ.. ඒකට මේ හැම දෙයක්ම කියන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ.. ඒ ඔක්කොටම වැඩිය හිතන්න ඕන ප්‍රශ්ණේ තමයි කවුද ලොක්කගේ අම්මට කේලම කිවුවේ කියන එක.. ඒකටත් උත්තරේ මේ ඊයේ හම්බුනා..

ලයින් අක්කා ගියාට පස්සේ ඒ වෙනුවට ආව කෙනා තමයි කොලේක සිද්දීය ලියලා ලොක්කගේ අම්මට පේන්න තියලා ගිහින් තිබ්බේ.. ඒක මට කිවුවේ ලොක්කගේ අම්මව බලාගන්න ඉන්න කෙල්ල.. මට පේන විදිහට ඒකි ටෙම්පරි රස්සාව ඉස්තීරෙටම තියා ගන්න ගේමක් දෙන පාටයි.. හරි මේකනම් කමක් නෑ කියමු.. හැබැයි ඉතින් මගේ ලයින් අක්කගේ පෝස්ට් එක දිගටම ගන්න ට්‍රයි කලොත් තමයි එයාට ගෙදර යන්න වෙන්නේ.. ඒ ගැනනම් මම දැන් වෙනදට වැඩියෙන් ඇහැ ගහන් ඉන්නේ..









අති විශේෂයි :

සමහරුන්ට අපිටත් නැති ප්‍රශ්ණ තියෙන බව පේනවනේ ඉතින්.. ඔන්න මිසිස් උමගිලිය හරියට අහන දේට උත්තර දෙන්නේ නැත්නම් අහන්න තියෙන දෙයක් මගෙන් අහන්න.. මාත් ආවා.. Ask.fm Dinesh

60 comments:

  1. අරකි ලොක්කට ගොට්ට අල්ලන්න ගිහින් කේලම් කියල නේද ??

    ගෑණු ඔහොම්මමයි. තවත් පිරිමි වගේ හිටියට ගෑණු වැඩ කරන උනුත් එහෙම්මමයි !!!

    ReplyDelete
    Replies
    1. ලොක්කට නෙමෙයි බං, ලොක්කගේ අම්මට..

      කියලා වැඩක් නෑ බං.. තමන්ට තැනක් හදා ගන්න ඕන ජඩ වැඩක් කරයි ඉතින්..

      Delete
  2. ගෑණු ගෑණු ගෑණු

    ReplyDelete
    Replies
    1. අවුල් අවුල් අවුල්..

      Delete
  3. උබේ ලයින් අක්කව ආපහු ගනින්... ඔය අලුතින් ආපු සක්කරවට්ටම අයින් කරල දාන්න කියලාපිය බොසාට....

    ReplyDelete
    Replies
    1. ලයින් අක්කා ගියේ ලමයෙක් හම්බුවෙන්න ඉන්න හන්දනේ බං.. ඒ නිසා ඉතින් ඒ නිවාඩූව ඉවර වෙලා එනකන් ඉන්න වෙනවා..

      Delete
  4. අපොයි මොන රටෙත් ඒ විදියයි ඈ.. ඕක මොකක්ද වෙන දේවල් වල හැටියට... මොකද ස්පීඩ් එකේ දාන්නේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. රට මොකද්ද කියලා වෙනසක් නෑ.. තමන්ගේ තත්වේ රැකගන්න ඕන දෙයක් කරයි..

      මොන ස්පීඩ්ද දේශකයෝ.. මම එදා ඉදන්ම සදුදා, බදාදා , සිකුරාදා පෝස්ට් දැම්මනේ..

      Delete
  5. හොඳ වෙලාවට අර පොඩි බබාට බේත නොදී තිබ්බේ . නැත්නම් මීට වඩා වැඩේ දරුණු වෙන්න තිබුනා .

    ReplyDelete
    Replies
    1. ගිම් අක්කව දැක්ක කල්.. ඔවු අක්කේ.. ලොකු කෙනෙක්ටනම් ඔය බෙහෙත මිලිග්‍රෑම් ගාන වැඩි උනාට දරා ගන්න පුළුවන්.. ඒත් පොඩි එකෙක්ට එහෙමද?

      Delete
  6. ලංකාවේ නම් ඉතින් ඔවර් ඩෝස් නෙවෙයි එහෙම් පිටින් වැරදිම බෙහෙත දුන්නත් අවුලක් නෑ....:)


    ලොකක්ව නිවාඩුවකට ලංකාවට එක්කෙගෙන් ඇවිල්ලා ලංකාවේ ෆාමසි එකාකක්ට එක්කගේන් යන්නකෝ....

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකනම් ඇත්ත.. ඒත් ඉතින් මේවයේ ඒ වගේ දේවල් වලට නීති සෑහෙන්න තදයි.. එක අතකින් ඒක ලොකු දෙයක්..

      ලොක්කා ආවොත් නම් ලංකාවේ නවතිනවා ශුවර්..

      Delete
  7. සීරියස් කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. ඉතාලි ෆාමසිවලින් කොන්ඩම් ඉල්ලන්න එන්නේ නැද්ද කවුරුවත්....(රාජ්ට විහිලුවකි)

      Delete
    2. මෙහේ ඉතින් වැඩියෙන්ම විකිණෙන දේවල් වලින් එකක්නේ කොන්ඩම් කියන්නේ නලීන් අයියේ..

      Delete
    3. බෙහෙත් වගේම ඒවත් දිනේශ්ට නොමිලෙම හම්බ වෙනවද?

      Delete
  8. ආපෝ ඔය ගොටු අල්ලන කේස් නිසා ඇරගෙන රස්සා හිටන් නැතිකර ගත්ත එකෙක් තමා මමත්. ඒ වගේ උන්වනම් මරාගෙන මැරෙන්න තමා හිතෙන්නෙ.
    :@ :@

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් කියලා වැඩක් නෑ.. අපි කොහේ ගියත් ඔය වගේ එකෙක් සෙට් වෙනවමනේ ඉතින්..

      Delete
  9. පරිස්සමින් මලේ! දෙයක් වැරදුනහම කවුරැත් බලනිනේ කාගේ හරි ඇඟේ ගහලා තමං බේරෙන්න. සුද්දෝ කියනවා වගේ ACE ඒ කියන්නේ Ass Covering Exercise !!ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. කලින් වතාවේ මට වගකීම් බාර දුන්නත් හරි හැටි දෙයක් කරන්න බැරුව ඉන්නේ ඕක හන්දා තමයි.. අනික මම ලංකාවෙන් ආව එකානේ..

      Delete
  10. පරිස්සමින් මලේ! දෙයක් වැරදුනහම කවුරැත් බලනිනේ කාගේ හරි ඇඟේ ගහලා තමං බේරෙන්න. සුද්දෝ කියනවා වගේ ACE ඒ කියන්නේ Ass Covering Exercise !!ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට..

      Delete
  11. මේක කියෙව්වමයි මතක් උනේ. මගේ නෝන වැඩකරන හොස්පිටිතාලෙ ලඟදි වෙච්ච කේස් එකක්.
    ලෙඩෙකුට වැරදි බෙහෙතක් දීල ෆාමසිස්ට්. වරකට බෙහෙත් පෙති දෙකක් බොන්න කියල තමයි දීල තියෙන්නෙ. දොස්තර හරියට දීල. වරද්දල තියෙන්නෙ ෆාමසියෙ මනුස්සය. මේක ඉතාම සැර බෙහෙතක්ලු. බෙහෙත් පෙත්තෙන් අටෙන් පංගුවෙන්ලු මුලින් පටන් ගන්න තියෙන්නෙ. ඒ කියන්නෙ ලෙඩාට දීල තියෙන්නෙ දහසය ගුණයක් වැඩියෙන්. ලෙඩාට අමාරු වෙලා ජාතික රෝහලට යවල.බොහොම අමාරුවෙන් බේරගෙන තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී කලබලේට හරි නොදැනුවත් කමට හරි හැම තැනම වැරදි වෙනවා.. ලංකාවේ ඉතින් ඔයිට වඩා දේවලුත් සිද්ද වෙන්නේ.. බෙහෙත් කුප්පි වල තිබිලා මොන තරම් දේවල් හම්බුවෙනවද?

      Delete
  12. ඇයි බන් අපේ ෆාමසියකින් සෞඛ්‍ය ඇමති මයිත්රීපාල මහත්තයටත් එක්ස්පයර් වෙච්ච බෙහෙතක් දීලා තිබ්බේ , එත් ඔය එක යස අගේට තියෙන්නේ කාසල එක ඉස්සරහ , ටික දවසක් වහලා තිබ්බා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ ගොල්ලන්ට නම් ඉතින් දුන්නත් මොකද බං.. පාලකයෝ ඒ ගොල්ලම හන්දා සද්ද නැතුව ඉන්නවා ඇති..

      Delete
  13. කොල්ලෝ උබල නුලෙන් තමයි බේරිලා තියෙන්නෙ..අයිය හින්දම බේරුනා..

    ReplyDelete
    Replies
    1. සිරාවට.. නැත්නම් මේ වෙද්දී අපි ගෙදර..

      Delete
  14. කොහේ ගියත් දෙන්ඩ යන තෑන් චීත්තයක් ඉස්සරහින් -_-

    ReplyDelete
    Replies
    1. මේ මොනා කියනවද.. රට වෙනස් උනත් චීත්ත චීත්තමනේ බං ඉතින්..

      Delete
  15. දිනේෂ් මේ කාරණයේදී බොහෝ අය අදහස් කියලා තියෙනවා දැක්කා ..ඒ සියල්ල හරි .. ඒත් ඔබ හිතන්න ඉහත වූ වැරැද්ද සඟවාගෙන සිටියා නම් ඇති වන තත්වය .. සත්‍ය පැවසීම ගැන ප්‍රසංසාවක් ලැබුණාද ...?

    ආයේ මනුස්සයෙක් ඇත්ත කියාවිද ඔහොම උනාම ........?

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහන් අයියේ.. කොහොමත් මේක හංගන් ඉන්න ඕන කමක් තිබුනේ නෑ.. අම්මා එක්ක නොකිවුවේ එයා දන්නේ කළබල කරන්න විතරක් නිසා.. අනික වගකීම තියෙන මනුස්සයට අනීවාර්‍යේන්ම කියන්න ඕනනේ..

      හුඟක් වෙලාවට ලොක්කට උදවුවට ඉන්නේ මම නිසා නිතරම ලැබෙන ප්‍රසංසානම් එමටයි.. මම ගත්ත තීරණේ තමයි මීට වඩා මේ දේවල් ගැන උනන්දුවෙන් ඉන්න ඕන කියන එක..

      Delete
  16. ඉතාලියේ පාමසියක පාමසි ඩිග්‍රියක් නැති කෙනෙක්ව තියන් ඉන්න එක වැරදි නෑද,,දිනේශ්ට පාමසි ඩිග්‍රියක් තියනවද?පාමසි ලැබ් උනත් ඩිග්‍රි ඕනමයි මම දන්න විදිහට,පාමසි ගබඩා වලට නම් ගබඩා සේවකයන් විදිහට කොන්ත්‍රාත් තියේ,පාමසි පිරිසිදු කිරීමටත් තියේ,පාමසි උදව්කරුවෝ නම් නෑ මම දන්න ලෙසට,ඉතාලියේ කොහොමද මම හරියටම දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න ඕන නැහැනේ.. තාම ෆාමසි ඩිග්‍රී එක ගත්තේ නෑ.. ඒක ගන්න තව අවුරුදු එකහා මාරක් තියෙනවා.. ෆාමසි ලැබ් එකේ බෙහෙත් හදන ඩිග්‍රී එක කරලා තියෙන්නේ.. ඒ හන්දා ඉතින් මට නම් අවුලක් නැත..

      Delete
  17. පහුගිය දවස් ටිකේ සෑහෙන දේවල් වෙලා තියන පාටයි. මුල ඉදන්ම කියවන්න වෙනවා නැත්තම් අගක් මුලක් තේරෙන්නෙ නැතිවෙයි. :(

    ReplyDelete
    Replies
    1. මුල ඉදන් කියලා ඉතින් එච්චරම දෙයක් කියවන්න නෑ බං.. අවුලක් නෑ ඉතින් නිවාඩු පාඩුවේ කියවමු..

      Delete
  18. මාත්‍රාව බොහොම වැඩියි මලයා.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. පාවිච්චි කලානම් සොරිම තමයි..

      Delete
  19. හරිම භයානක දෙයක් තමයි වෙලා තියෙන්නේ. පොඩි දරුවෙක්ට මුල්ම වරට දෙන බෙහෙතක් නම් අසාත්මිකතාවයක් පවා ඇතිවෙලා තත්වය දරුණු වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔවු, දොස්තරලා ඉතින් ඒවා ගැන දන්න හන්දනේ හරියට ගානට ලියන්නේ.. මෙහෙම අප්සට් එකක් වුනාම ඉතින් ඒකේ කෙලිනම් ප්‍රශ්ණේ එන්නේ ෆාමසියට..

      Delete
  20. දෙයක් කියන්නද මචං සිරාවටම..
    ඉතාලි කාරයන්ව විස්වාස කරන්න එපා ලොකුවට.කලාතුරකින් ලොක්ක වගේ එකෙක් ඉඳී.. ඉතාලි ගෑනු නම් නොදෝමකිං .. කපටිකමේ උපත බං

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු.. ඒක ගැනනම් හොදට දන්නවා මචං.. ලොක්කා හොද වුනාට වැඩ කරන අනිත් වුන් මහ එපාම කරපු එවුන්.. ඒ හන්දමයි මම ශේප් එකේ වැඩේ කරන් පාඩුවේ ඉන්නේ.. හෙහ්, මේකත් ඉතින් ගෑණියෙක්ගේ වැඩක් තමයි.. තැන ගන්න..

      Delete
  21. දෙයක් වෙනකං බ්‍රාවො කියයි අ‍රක කියයි මේක කි‍යයි.. ලෙඩක් වැටිල ස්ටාෆ් එකේ කෙලවෙන්න යද්දි ඉතාලි කාරයො ටික එක එකතු වෙනව එකාවගේ .අන්තිමට නඩු අහපු එකයි වැරදි කාරයයි ඔක්කොම එක පැත්තෙ සාක්කි දීපු එකා වැරදි මොකෝ ස්ටනේරියනෙ.. මං නං මරාගෙන කෑවත් අනේ මට නං ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ තමා .. අන්තිමට ඉතාලි කාරය අදින්නෙ ඉතාලි කාරයට නං හරි වැරැද්ද අපෙං අහන්නෙ පx%$ද බං ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යේන් මචං.. මුලින් කතාවක හොරකමක් ගැන බලන්න කිවුවමත් මම සද්ද නැතුව ඉදියේ ඔන්න ඕක හන්දා තමයි.. අන්තිමට උන් උන් එකතු වෙයි..

      මට හිතෙන්නේ උඹත් ඉන්නේ ඉතාලියේ වගේ..

      Delete
  22. ඔව් බං.. වවුලගෙ ගෙද‍ර ආවනං එල්ලිලා ඉන්ඩෙපෑ ..

    ReplyDelete
    Replies
    1. සිරාවට බං, එල්ලිලා ඉමු ඉතින්..

      Delete
  23. දිනේශ්.........බෙහෙත් එක්ක සෙල්ලම් බැහැ දන්නවනේ. අන්තිමට මොකක් හරි උනාම කිසි කෙනෙක් නැහැ. ඉතාලි කාරයෝ විතරක් නෙමෙයි රස්සාවේදී කවුරුත් බලන්නේ තමන්ගේ ගැල විජ්ජාව. ඒක එහෙම තමයි. තමන්ට නීතියෙන් අයිති වැඩ ඇරෙන්න වෙන දේවල් කරන්න එපා. විශේෂයෙන් බෙහෙත් කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත.දැනගත්ත පමනින් කරන්න යන්න එපා නීතියෙන් අයිති නැති වැඩ. අත්දැකීම් වලින් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. කොහොමත් මට ඔය බෙහෙත් විකූණන එක අයිතියක් නෑ.. ඒත් වැඩ කරන තැන බේර ගන්න මෙහෙම දේවල් නොකියත් හොද නැහැ..

      Delete
  24. ඔයින් ගියා ඇතිනේ. ඉස්සරහට පරිස්සම් වෙලා හිටියා නම් හරි. ලොක්කගේ අම්මා ඉන්න වෙලාවට එයා දිහා ඇහ ගහගෙන ඉන්ට.

    ReplyDelete
    Replies
    1. අපි එයා ගැන කොහොම වුනත් එයා අපි ගැනනම් ඇහැ ගහන් ඉන්නේ.. මල වදයක් වෙලාවකට..

      Delete
  25. හිතන්න පැති බොහොමයක් ඇති කතාවක්

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩුත් එක්ක ඉද්දී ඉතින් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනනේ..

      Delete
  26. ඉතාලියේ Pharmacist කෙනෙකුට පඩිය කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණේ මට මේල් කරලා හරි බුකියෙන් හරි පෞද්ගලිකව අහන්න.. මම උත්තර දෙන්නම්..

      Delete
  27. දෙයියෝ බලල වගේ පොඩ්ඩා බේරිලා තියෙන්නේ. මෙහෙත් දොස්තර කෙනෙක්ගේ තුන්ඩුවක් නැතිව පැනඩෝල් පෙත්තක් වත් ෆාමසියකින් දෙන්නේ නැහැ

    බාප්පා කෙනෙක් වුනාට පුරස්නේ තියෙන්නේ ඉක්මනට තාත්තෙක් වෙන්න කල්පනාවක් නැති එකටයි.

    ReplyDelete
    Replies
    1. මේකා තාත්තා වෙන්න යන ගමන් අපිවත් ඇදන් යන්න කල්පනවා.. හිටු හිටු.. අපිත් පස්සෙන් එන්නම්.. තව අවුරුදු දෙක තුනකින් වගේ..

      Delete
  28. ඕවා මොනද බන් ! මෙහෙ අළුත ඉපදුන ළදරුවන්ට දොස්තරලා බේත් ලියලා දෙන තුන්ඩු දැක්කොත් උඹලට කලන්තෙ දායි එහෙනම්.. මේලෝ යකෙකුට කියවන්න බෑ...එතකොට මොන මොන බේත් ෆාමසි වලින් දනවා ඇත්ද ? අන්න එහෙමයි මෙහෙ..

    මිසිස් උමගිලිය ?? බැන්දද නොකියාම ඈ ?

    ReplyDelete
  29. ඔය වගේ මිනිස්සුත් එක්ක ප්‍රවේසමෙන් වැඩ කරන්න ඕනේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්