Friday, 29 November 2013

ඉතාලි හොල්මන



හොල්මන් ගැන හුඟ දෙනෙක්ගේ අදහස විවිධාකාර එකක් වේවි.. කෙනෙක් කියාවි හොල්මන් කියලා දෙයක් නැහැ ඒක නිකන්ම නිකන් හිතේ මැවෙන දෙයක් විතරයි කියලා.. තව කෙනෙක් කියාවි හොල්මන් කියලා දෙයක් අපි අතරම තියෙනවා අපි ඒවා දැකලා අත් විදලා තියෙනවා කියලා.. විවිධාකාරයේ හොල්මන් එහෙමත් නැත්නම් ආත්මයන් අපි අතර සැරිසරනවා කියලා සමහර විද්ඥ්ඥයෝ පවා කියලා තියෙනවා..

මේ කියන්න යන කතාවට එන්න කලියෙන් මම කියන්නම් මම පොඩි එකා කාලේ හොල්මන් ගැන දක්වපු ප්‍රතිචාරය මොන වගේ එකක්ද කියලා.. ආයේ ඉතින් මොනවා කියන්නද.. මම පට්ටම බයයි.. මම පොඩි එකා කාලේ ඒ කියන්නේ සිස්සත්තේ ලියන්න කලින් විතර වගේ තමයි අපේ ගෙදරට ටීවී එකක් ගෙනාවේ.. ඒ දවස් වල ඉතින් ඔය මැජික් පෙට්ටිය ගාවින් හෙල්ලෙන්නෙම නැහැනේ..

ස්වර්ණවාහිනි චැනල් එක එන්න කලින් ඒක තිබුනේ වෙන නමකින් මට මතක හැටියට.. හැබැයි මට ඕක එච්චරම මතක නෑ.. ඉතින් ඕකේ රෑට ඉස්සර යනවා රෙස්ලින්ග්.. මම ඇවිත් අනාදිමත් කාලයක ඉදන් රෙස්ලින්ග් රසිකයෙක් හන්දා අනිවා ඕක බලනවම තමයි.. වැඩේ තියෙන්නේ ඕක නෙමෙයි.. හැම සඳුදම රෑට ඕක ඉවර වුනාම පටන් ගන්නේ හොල්මන් ෆිල්ම් එකක් වෙන එක..

ඔය පොඩි එකා සන්දියේ මම නිදා ගත්තේ තනියම නෙමෙයිනේ.. අන්න ඒක තමයි මෙතන තිබුන ලොකුම අවුල.. හොල්මන් වලට මම බය වුනාට රෙස්ලින් ඉවර වෙලා නිදාගන්න විදිහකුත් නෑ.. ඇයි තනියම නිදියන්න බයයිනේ.. දැන් ඉතින් මක්කැයි කරන්නේ.. මම හාන්සි වෙන්නේ බිම.. වාඩි වෙලා ඇස් දෙකත් පියාගෙන ඔහේ ඉන්නවා.. ගොඩක් දවස් වලට පහුවදාට ඇහැරෙන්නේ ඇද උඩ.. එහෙම නොවෙන දවස් වලට තමයි ඉතින් ගේම..

හොල්මන් ෆිල්ම් වල රූපෙට වැඩිය බය හිතෙන්නේ සද්දෙට.. මොන කෙහෙල් මලකට සද්දේ දාලා බය කරනවද මන්දා.. ඇස් පියන් හිටියත් ඉතින් අර සද්දේ ඇහෙද්දී ඉන්නම බෑ.. ඔක්කොටම වැඩිය අවුල කියන්නේ ඉතින් කොච්චර බය වුනත් යන්තන් ඇහැ පොඩ්ඩක් හරි ඇරලා හරි අරක බලන්න හිතෙන එක.. බිම ඉන්න එකේ හෙමීට පුටුව ගාවට ගිහින් පුටුවේ කකුල් අස්සෙන් හොරෙන් තමයි බලන්න ඕන වුනාම බලන්නේ.. ඒකත් ලාවට ඇස් ඇරලා.. හෙහ්, හිතා ගන්නකෝ ඉතින්.. ඔන්න ඔහොමලු ඉතිහාසය..

එතකොට වර්ථමානය? ඒකෙත් ඉතින් වැඩි වෙනසක් කියලා නෑ.. කවුරු හරි ලග පාත ඉන්නවනම් ඉතින් බලනවා.. නැත්නම් ඉතින් මලාට තනියම නම් හොල්මන් එකක් තියා හොල්මන් නමක් ගෑවිච්ච එකක් වත් බලන්නේ නෑ.. ඇයි ඉතින් වැඩි හරියක් ඉන්නේ තනියමනේ..

හරි අතීතය හා වර්ථමානය ඔහොම තියෙද්දී මේ ලගදී මරු කතාවක් අහන්න ලැබුනා.. දැන් ඔය මාත් එක්ක ගෙදර ඉන්න අංකල් ජොන්සන් ගැන දන්නවනේ..  අංකල් ජොන්සන්ගේ ලොකු පුත්‍ර රත්නය ඉන්නේ කතානියා වලම අපිට ටිකක් විතර ඈතින්.. පවුල් පන්සල් වෙලා ළමයත් එක්ක තමයි ඉන්නේ.. මේ ලගදි දෙවනි ළමයත් හම්බුවෙන්න ලගයි කියලා පවුල ලංකාවට ගිය හන්දා හිටි ගමන් රෑට පුතන්ඩියා කඩන් පාත් වෙන්නේ අපේ ගෙදරට තමයි.. ඒ ඉතින් වැඩිකරම ඌ උයන්න කම්මැලියා හන්දා..

ඉතින් ඔහොම ආපු වෙලාවක අපි කතාවක් දාගෙන ඉද්දී තමයි ඌ අද මේ කියන්න යන කතාව අපිත් එක්ක කිවුවේ.. උන්ගේ ගෙදර හොල්මනක් ඉන්නවලු.. අපි ඉතින් කියපු ගමන් එක පාරම විශ්වාස කලේ නෑ..

" අනේ පලයං බං යන්න.. උඹට ඔය ගෑණි නැති සාංකාව.."  මම කිවුවා..

" නැහැ බං.. අහපංකෝ කියන දේ.." ඌ සීන් කෝන් එක ඉස්තර කරන්න ගත්තා..

" මෙහෙමයි, එයාලා ඉද්දිත් එයාලට ඕක දැනිලා තියෙනවා.. දෙතුන් පාරක්ම දුව දැකලා තියෙනවා කවුද කෙනෙක් ගෙදර ඉන්නවා කියලා.. අපිට කතාකරලා පෙන්නුවා.. ඒත් අපිට පේන්නේ නෑ.. ඊට පස්සේ කීප වතාවක්ම නිදියන් ඉද්දී වයිෆ්ගේ කකුලෙන් කවුරු හරි අදිනවා කියලා දැනිලා තියෙනවා.. සමහර වෙලාවට දවල්ට නිදාගෙන ඉද්දී ඇදට ඇවිත් ගොඩ වෙනවා වගේ දැනිලත් තියෙනවලු එයාට.."

" ඉතින් උඹ දැක්කේ නැද්ද?" 

" නෑ බං.. ඒ දෙන්නා යනකන් මට නම් කිසිම දෙයක් දැනුනේ නෑ.."

" ඇයි දැන් නැති වුනාම මොකද වුනේ?"

" ගෙදර මාත් එක්ක කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවා.. දවසක් ලාවට සුදු චායාවක් වගේ එකක් දැක්කා.. ඒත් හරියට මොකද්ද කියලා කියන්න බෑ.. මම වහන දොරවල් උදේට ඇරලා.."

මූ ඉතින් වැරදිලාවත් බොන්නේ වත් නැති එකෙක් හන්දා ඉතින් කියන දේ ගැන ටිකක් හිතන්නම වෙනවනේ.. මොකද නැත්නම් වෙරි මර ගාතේ කියලවත් බැනලා නිකන් ඉන්න පුළුවන්.. ඒත් එහෙමමත් නැහැනේ..

" මගේ ලැප් ටොප් එක කැඩෙන්න කලින් හැමදාම වගේ හවසට අපි පිරිත් දානවනේ ගෙදර.. අන්න එදාට නම් කිසිම අවුලක් නෑ.. දැන් ඒකත් නැති හන්දා මේ දේවල් දැනෙනවා වැඩියි.."

මොන භූතයත් හොල්මනත් බුදුගුණ වලට බයයි කියන එකනම් ඇත්ත කියලා හිතුනා.. නැත්නම් ඉතින් මේ යුරෝපේ හොල්මනකට පිරිත් තේරෙනවද? ඒවායෙත් අපිට නොදැනෙන නොහිතන තරමේ බලයක් තියෙනවා කියලා හිතට දැනෙන්නෙත් මේ වගේ වෙලාවට..

කොහොම හරි අරූ ගියාට පස්සෙත් අංකල්ගෙයි මගෙයි කතාව ඕක ගැන.. මේකා කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන්ද? හොල්මන් කියන දේ ගැන මගේ හිතේ නම් තාමත් තියෙන්නේ මධ්‍යස්ථ මතයක්.. ඒ හන්දා ඉතින් කිසිම දෙයක් පිළිගන්න කැමැත්තක් එක පාරම මගේ හිතේ නෑ..

" මේ, අපි වෙලාවක ගිහින් නයිටක් ගහලා බලමුද? මාත් තාම හොල්මනක් දැකලම නෑ.."

ටීවි එක බලාගෙන ඉද්දී අංකල් ජොන්සන් ඉදගෙන කියනවා.. ඔන්න දැන් මාව ආයේම යන්නේ අර පුටුව අස්සේ හැංගිලා හොල්මන් ෆිල්ම් බලපු පොඩි කාලෙට.. ආසයි බයයි.. හොල්මන් කියන දේ ඇත්තක්මනම් ඒක මුණට මුන ගැහෙන එක එච්චර හොද දෙයකුත් නෙමෙයි නේ.. ඒත් ඉතින් කුතුහලය.. මට මතක් වෙන්නේ යාමය බ්ලොග් එකට අමිල මලයා ලියපු කතා.. ඒවායේ හැටියටනම් මිනිස්සු බය වුනාට ඒ ආත්ම කාටවත් කරදරයක් නම් කරලා නෑ.. ඒත් ඉතින් හැම ආත්මයක්ම එහෙමයි කියලා කියන්න පුළුවන්ද?

" හරි අංකල්, මේ වීකෙන්ඩ් එකේ යමු.."

ඕන කෙහෙල්මලක් කියලා මාත් කිවුවා.. හොල්මන් කියන දේට බය වෙන්න හරි බය නොවී ඉන්න හරි අනුන් කියන දේ හැමදාම අහන් ඉන්නේ නැතුව අවස්ථාව ආපු වෙලේ පොඩ්ඩක් ඒක ගැන බලන්න ඕන.. දැන් ඉතින් ඔහොම හිතුවට හිතට පොඩි බයක් නැත්තෙමත් නෑ ඉතින්..

ඇත්තටම අංකල්ගේ කොළුවා කියන විදිහට ඒ ගෙදර හොල්මනක් ඉන්නවද? නැද්ද? ඒක ගැන දැන ගන්න ඉතින් දවසක් එහේ නිදා ගන්නම වෙනවා.. ඉතින් ඒ හන්දා මමයි අංකලුයි හෙටයි අනිද්දයි එහේ ගිහින් නවතිනවා.. හෆ්ෆේ බෝම අමාරුවෙන් සඳවතී පර්මිශන් දුන්නා.. ඇත්තටම හොල්මනක් ඉන්නවද නැද්ද කියන එක ගැන සඳුදට සවිස්තර වාර්‍තාවක් දෙන්නම්.. එතකන්, විශ් මී ගුඩ් ලක්..

77 comments:

  1. මාත් හොලමනක් දැකලා තියෙනවා.. වෙලාවක ලියන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. අහ් එලනේ.. ලියමුකෝ.. අපි එනො කියවන්න කෝමත්..

      Delete
  2. හෆොයි..................හොම්මං බලන්ට යන්ට...අප්පේ මෙයාටත් තියන ආසාවල්..ඒ කිවුවට මටත් ඔය දොළදුක තියනවා... :D

    ඔන්න බලන්නකෝ ඔයාලට පේන හොල්මනක් නෑ...ෂුව තමයි.

    ReplyDelete
    Replies
    1. දොළදුක කිවුවේ මොනාටද දන්නේ නෑ... ;)

      අම්මපා.. මම ඉතින් කියන්නේ නෑ රෙහානියෝ.. තියෙන ඉරිසියාව..

      Delete
  3. හොල්මන් නැහැයි කියන්නමත් බැහැ , හැබැයි හැමෝටම පෙන්නේනම් නැහැ..., ඔහොම බලන්නම හිතාගෙන හියොත් කොහොමත් පෙන්නේ නැහැ.., නොහිතන වෙලාවල් වලදී තමයි ඕවා පේන්නෙත් ..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවං මචං.. ඒත් දන්නෙ නැද්ද ඉතින් කුතුහලය ගැන.. බලමුකෝ ට්‍රයි එක්ක දීලා..

      Delete
  4. අඩේ මමත් ආසයි හොල්මනක් දැකගන්න... ඉක්මනට විස්තර දියන්....

    ReplyDelete
    Replies
    1. එල එල, ඇත්තක් වුනොත් හොදයි.. ආසාවට එක පාරක් හරි බලන්න..

      Delete
  5. මන් නම් තාම හොල්මන් දැකලා නැහැ.හොල්මන් හැමෝටම පේන්නෑ කියනවනේ.දේව ගණ පුද්ගලයන්ට නම් කොහොමටවත් හොල්මන් පේන්නෑළු...
    හොල්මන් බලන්න ගිහින් ඒ විස්තරත් දාන්න...

    ReplyDelete
    Replies
    1. දේව ගණ නෙමේ මචං, රාක්‍ෂ ගණ වලටයි පෙනෙන්නේ නැත්තේ ...

      Delete
    2. අමිල, ඇත්ත මචං.. හැමෝටම පේන්නෙත් නෑ.. හැමවෙලේම පේන්නෙත් නෑ.. ඒත් ඉතින් නිතරම ඒ ගෙදර මේ වගේ දෙයක් තියෙනවනම් මොකක්ම හරි වෙන්න එපැයි.. ඔන්න ඔහේ ගිහිල්ලම බලනවා..

      Delete
    3. චමී, හැබැයි මම අහලා තියෙන්නෙත් දේව ගණ වලටයි පේන්නෙ නැත්තේ කියලා..

      Delete
    4. චමී අයියේ...රාක්ෂ ගණ වලට හොල්මන් සද්ද විතරළු ඇහෙන්නේ.පේන්නේ නැහැළු.මනුස්ස ගනේ උන්ට අනිවා පේනවළු...තනි ඇහැට ඇ‍ඬෙනවා මාත් මනුස්ස ගණ කියලා මතක් වෙනකොට.............

      Delete
    5. එහෙනම් මටත් අනිවා පෙනෙයි.. මාත් මනුස්ස ගණනේ බං..

      Delete
  6. කෝ අර හොල්මන තාම කමෙන්ට් කරන්න ආවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මම මුකුත් නොකියමි..

      Delete
  7. හොල්මන් කතා අහන්න තමා මගේ ලොකුම ආසාව.. සඳුදා රෑ 10ටත් අදිසි රෑ දහය කියලා වැඩසටහනක් යනවා හිරු එකේ... ඒකත් මම බලන වැඩසටහනක් :)

    ReplyDelete
    Replies
    1. අහ්, සදූදා රෑ ඉතින් මම කෝම අමතක කරන්නද අෆ්ෆා.. හෙහ්..

      Delete
    2. අර මොකෑ... එදා ද අරුන්දෑව සැට් උනේ ?

      Delete
    3. නෑ නෑ උන්දෑ සෙට් වුනේ ඉරිදා සෑ.. මම පෝස්ට් එකේ කිවුවේ සදුදා හොල්මන් බැළුවා කියලා.. ඒකයි කිවුවේ..

      Delete
  8. මම නම් දවසගානෙ හොල්මන් දකිනවා (කණ්නාඩියෙන් මුහුණ බලන වෙලාවට) හිකස්… ;-)
    ඕවා බොරුම කියන්නත් බෑ. කොහොම උනත් කුණුහර්ප කිවුවාම යක්කු බය වෙන කතාවක්නම් මන් අහලා තියෙනවා. උඹ ඔය ගමන යන්න කලින් හොද කුණුම කුණු කුණුහර්ප ටිකක් කට පාඩම් කරන්ම ‍යමන්. (හැබැයි ඔහේ උන්ට සිංහල කුණුහර්ප තේරෙයිද දන්නෑ.)

    ReplyDelete
    Replies
    1. තේරෙයි මයේ හිතේ....මොකද මෙහේ දැන් ඉතාලි කට්ටියට වඩා ලංකාවේ අය වැඩිනේ....ඉතාලි අය ලංකාවේ කට්ටියට වඩා හොදට ඔය හරුප උච්චාරනය කරනවා.

      Delete
    2. අපිත් උදේ පාන්දර පණ පිටින් ඒ හොල්මනනම් දකිනවනේ බං.. අපි කුණුහරප දන්නේ නෑ බං.. ;)

      Delete
    3. ශානු අක්කේ, අවුලක් නෑ මෙහෙ කුණුහරප කියනවා.. ඒකේ අමුතු ලස්සනකුත් තියෙනවනේ.. හෙහ්..

      Delete
  9. ඕක සුදු හොල්මනක් වෙන්න ඇති ඉතාලියෙනේ.බලමුකෝ සිරා හොල්මක්ද කියලා

    ReplyDelete
    Replies
    1. සුදුම සුදු එක්ද දන්නේ නෑ.. බලමුකෝ පෙනුනොතින්..

      Delete
  10. මදැයි හොල්මනක් බලන්න ආවා :( මම හරිබරි ගැහිලා හොල්මන ගැන කියවන්න යනකොට පෝස්ට් එක ඉවර යි. සඳුදට හොල්මන ම පෙනියං!

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙමද? ඉන්නෝකෝ එහෙනම් සඳුදා වෙනකන්..

      Delete
  11. දැක්කොත් කියහන්...

    ReplyDelete
    Replies
    1. අනිවා මොකද වුනේ කියලා සඳුදට කියනවා..

      Delete
  12. මටනම් ජීවිතේට හොල්මනක් දැනිලා හෝ පෙනිලා නෑ.. මම හිතන්නෙ මම අර හොල්මන් පේන්නැති ඝනයේ එකෙක් වෙන්න ඕනා. නැත්නම් උන්ට මාව හොල්මනක් වගේ පෙනිලා දුරදිම භයවෙලා පැනලා දුවනවද දන්නෑ.. :D

    ගිහිල්ලා බලා විස්තරේ කියහන්කො.. හැබැයි ඕකට ලේසි ක්‍රමයක්නම් තියනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතෙන්නේ අර දෙවනි කාරනේ වෙන්න ඇති.. හෙහ්..

      මොකද්ද ලේසි ක්‍රමේ.. හෙට සෑ යන්න කලින් කියන්නකෝ..

      Delete
    2. @ සෙන්නා,
      ගෙදර කණ්නාඩියක් නැද්ද? :P

      Delete
    3. අපිනම් ඔන්න මුකුත් කියන්නේ නෑ..

      Delete
  13. බලමු බය වේද කියල.
    මට ඔබගෙ ඊමේල් ඇඩ්රස් එක ‍දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් ශුවර් නෑ..

      මේල් එක මෙහෙම ප්‍රසිද්ධියේ දාන්න බෑ.. මට අමල්ගේ මේල් එක දාන්න.. කමෙන්ට් මොඩරේට්නේ මම බලලා ඒකට මේල් එකක් දාන්නම්..

      Delete
  14. අයියේ පිරිත් නූල් ටික හරි. ලිපිනය කිව්වා නම් එවන්න

    ReplyDelete
    Replies
    1. හොදට ජීවන් කරපුවනේ බං.. ;)

      Delete
  15. ඉතාලියේ හොල්මන් තියන බව මාත් නම් පිලි ගන්නවා.මන් වැඩ කරන ගෙදර ඔහොම එක එක කතන්දර ගොඩක් තියනවා ඒවා ලියන්ට බෑ,එතකොට මේ කොමන්ටුව බලන ඈයෝ හිතයි මට පික්ෂු කියලා හි...හි...හි....මුණ ගැහුනම කතා ටික කියන්නම්:) හොල්මන් ෆිල්ම් බලන්න මම හරිම කැමති.දැන් හදන ෆිල්ම් නම් කිසිම බය හිතෙන ඒවා නෙමේ අන්තිමෙට බලපු හොදම ෆිල්ම් එක "" ........... මම නම් ඔය හොල්මන්,පෙරෙතයෝ,කුන්භාණ්ඩයෝ,යක්කු ඉන්නවා කියලා හිතනවා එත් ෆේස් ටු ෆේස් හම්බෙනකම් හරි මගේ ඇගට වැහෙනකම් හරි පයිසෙකටවත් විශ්වාස කොරන් නෑ ඕං.............(හිත බය උනාම ඔය ඔක්කොටම අමුනුෂයින්ට වැඩ දාන්න පුලුවන් ඒ නිසා බය නොවි ගිහින් එන්න,අමුනුෂ ආත්ම කැමරා වලට ෂෝක් එකට අහුවෙනවා කියල ඉංග්‍රිසි වැඩසටහනක තිබුනා ඒ නිසා මල්ලි ඔයත් කැමරාව අරන් යන්න.ආ තව දෙයක් 3 දෙනා තනි තනියම කාමර වල නිදන්න....එතකොට හෙන ෂෝක් හි...හි...හි...)

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක MAMA (2013)

      Delete
    2. අපිත් ඔහොම හොල්මන් කතාවක් පැතිරුවා අක්කෙ අපේ එකේ . ඒ නං නයිට් ශිෆ්ට් එකේ උන්ට කරදරයක් නැතුව පොඩි ඇලට් එකක් ගහන්නයි පොඩ්ඩක් අනුමත වෙන්නයි. මුං ලණුව කෑව නියමෙටම නියමෙට.

      Delete
    3. මරුනේ....බොරුවක් කියලා ඒක හිස් මුදුනින් පිලි ගද්දි සන්තෝසේ බෑ නේද?හි...හි...හි... මල්ලී මට ඊයක් විදින්න පොඩි දෙයක් තියනවා දැන ගන්න,(shanuwijathunga@yahoo.com)

      Delete
    4. අම්මපා ශානු අක්කා ගෝස්බස්ටර් සීරිස් එකේ ඉන්න කෙල්ල වගේනේ.. අපි කතා වුන ටිකම මෙයා කියලා.. මම තමයි සාලේ නිදියන්නේ.. හෙහ්.. අනිවා හිත බය වුනොත් මම ඉන්න ගෙදරත් හොම්මන් පෙනෙයි.. ෆිල්ම් නම් මම තනියම බලන්නේ නෑ.. බයට නෙමෙයි.. කම්මැලිකමට ඒ.. එහෙනම් ආවම හොද කතා ටිකක් අහ ගන්න පුළුවන් වෙයි නේ..

      Delete
    5. පත්තර මල්ලී, හෙහ් ඉතාලි කාරයෝ හරි ඉක්මනට ලණු කනවා නේ?

      Delete
    6. ශානු අක්කේ, ඊය විද්දා පහුගිය ටිකේ කතා කරපු මේල් එකටම..

      Delete
    7. @ ශානු
      අපි ඉතිං පොඩි රෙස්ට් එකක් ගන්නනේ :-)

      දිනේශ්
      මම නං මට එන චාන්ස් එක අහක යවන් නෑ බං

      Delete
    8. ආයෙත් අහලා.. ඒවයේ ඉතින් වෙනමම ෆන් එකක් තියෙනවනේ..

      Delete
  16. අමුවෙං නං යන්ඩ එපා !!

    ReplyDelete
    Replies
    1. අමුවෙන් තමයි ඉතින් යන්න වෙන්නේ..

      Delete
  17. මාත් තාම හොල්මන් නම් දැකලා නෑ. නමුත් තියෙනවා කියලා විශ්වාස කරනවා. අපේ නෝනනම් හරිම ආසයි ඔය සබ්ජෙට් එකට. නිදි මරාගෙන මෝස්ට් හෝන්ටඩ් ලයිව් බැළුවේ. එහෙනම් දිනේෂ් මල්ලි භීතියෙන් හා ත්‍රාසයෙන් වෙළුණු සති අන්තයක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, තැන්කූ වේවා.. මෝස්ට් හොන්ටඩ් කතාව මම බලලා නෑනේ.. අළුත් එකක්ද?

      Delete
    2. නෑ දිනේෂ් මල්ලී මෙහේ TV නාලිකාවක ගියේ. ඒකේ කණ්ඩායමක් සුප්‍රසිද්ධ හොල්මන් මන්දිර ඒ කියන්නේ අවුරැදු 100,200 පරණ මන්දිර, පල්ලි වලට එහෙම ගිහින් කට්ට කරැවලේ එන ශබ්ද ඡායාවන් එහෙම සජීවිව පෙන්වනවා. ඒවට ආස අයට හරිම රසවත්. ඔයත් අද රෑට නයිට් විශන් දාලා කැමරාව ඔන් කරලා තියන්න. Good luck!!!

      Delete
    3. කැමරාවක් නම් ලෑස්තියි.. බලමුකෝ අද රෑට..

      කතාවනම් බලලා නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න ඕන..

      Delete
  18. ප්‍රේතයො නං ඇත්තටම ඉන්නව. බුදු බණෙත් තියනවනෙ. ඒක නිසා සැකයක් හිතන්න දෙයක් නෑ. හොල්මන් කියන්නෙත් ඔය ප්‍රේතයන්ටම වෙන්න ඇති. හැබැයි දැකල නං නෑ. ආසන්න සිද්ධියක් නං වෙලා තියනව...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඒක නම් ඇත්ත.. හැමදේකම මොනාම හරි දෙයක් නැත්තෙමත් නෑ.. ඒ හන්දා ඉතින් බලමුකෝ..

      Delete
    2. සිඟිති, කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න... යස්සනියක් පෙනේවි :)

      Delete
    3. හෙහ් හෙහ්,

      Delete
  19. මම නම් තාම හොල්මන් දැකලා නෑ...ඒත් අපේ පහල ඔයේ පාවෙලා ආපු දැඩි සේ විකෘති වෙච්ච කාන්තා මළ සිරුරක් ගමේ උන් එක්ක ගිහින් දැක්ක දවසෙ රාත්තිරියෙ නම් මම පණ භයේ දාඩිය පෙරාගෙන හිටියෙ...නින්ද අහලකවත් නෑ...මම ඒ කාලෙ 8 පන්තියෙ වගේ ඉන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා, ඒක ඔක්කොටම වැඩිය භයානකයිනේ සිරා අයියේ.. මට හිතා ගන්න පුළුවන් කොහොම ඉන්න ඇත්ද කියලා..

      Delete
  20. උදේ පාන්දරම මගේ හිත සසල කෙරෙවුවා
    ඉහි ඉහි දැන් ඉතිං වීකෙන්ඩ් එකේ නිදියගන්න වෙන්නේ නිදි පෙති බීලා තමයි
    හලේ..... :(
    අම්ම කියල තියනවා මෙවුව කියවන්න එපා කියලත්..
    එනිවේ..
    ඔයාට හොල්මන පෙනීයන් කීලා විශ් කරන ගමන් මට මේ වීකෙන්ඩ් එකට ගුඩ් ලක් කියල විශ් කරගනිමි..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නෑ නෑ උඹට ගුඩ් ලක් නෑ.. රෑට හොම්මන්ම පෙනියන්..

      Delete
  21. වැම්පියර් කෙල්ලෙක් උනොත් කොහොමඳ ? හී හී
    මං නම් බලන්නෙම හොල්මන් ෆිල්ම් & පිටසක්වල ෆිලුම්.. තනියම තමයි බලන්නෙ. මට තියෙන අවුල බලන වෙලාවට බය නෑ. එදා රෑටත් අවුලක් නෑ. ඊට පස්සෙ දවස් 2,3 තමයි අරකෙ තියෙන ඒව මතක් වෙන්නෙ. Mirror series එක බලල සතියක් විතර කණ්නාඩියෙන් මූණ බැළුවෙ නෑ. හික්ස්

    ReplyDelete
    Replies
    1. වැම්පයර් මතක් කරන්න එපා බං..

      ඒලියන් ඒවා නම් අවුලක් නෑ මාත් කෝමත් බලනවා.. හොල්මන් වුනත් අර තියෙන්නේ saw වගෙ එවුවා.. අන්න ඒවානම් කෝමත් බලන්නේ නෑ.. හෙහ්..

      Delete
  22. මමත් දැකලා නෑ. හැබැයි මට නොපෙනෙන හැම දෙයක්ම බොරු කියන්නෙත් නෑ. මල්ලිට පෙනුනොත් කියන්න.

    ReplyDelete
    Replies
    1. මගෙත් ලොකු විශ්වාසයක් නෑ.. ඒත් අවිශ්වාසයකුත් නැහැ.. බලමුකෝ මොනා වෙයිද කියලා..

      Delete
  23. කෝමද හොම්මන දිනේෂ් අයියගෙ පස්සෙන් වැටිලා එහෙටත් යන්න එන්න ගත්තොත්!!! අනේ නැති ලෙඩ දාගන්නෙ නැතුව අරුන්දෑට පිරිත් ටිකක් අහන්ට දීලා ඉන්න අයියේ. යනවනම් අංකල් ජොන්සන් එක්ක ගිහින් එහෙ පිරිත් දාන්න. මේ උපදෙස් දෙන්නෙ ඉතින් මමත් හොම්මන් වලට පට්ටම බයයි, ඒ නිසයි. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙනම් ඒක තමයි හොම්මනට වරදින තැන.. ඔහොම කිවුවට ඉතින් බෑනේ.. අපි ගිහින් ආවේ.. හෙට කියන්නම් විස්තරේ..

      Delete
  24. ඇත්තටම හොල්මනක් දැක්ක දාට බලන්න ඕනේ බය වෙන හැටි... හුස්ම පවා හිර වෙන අය ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. අහ් ඔවු ඔවු සහන් අයියේ.. හිත කියන්නේ ඉතින් ඉක්මනට සැලෙන බිදෙන දෙයක්නේ..

      Delete
  25. ඇත්තමයි බොටත් ඉන්න බැරි හැටි..කොහොමත් හොල්මන් හැමෝටම පේන්නෙ නැහැයි කියනවනෙ බන්.(adsl සම්බන්ධතාවයේ තිබුනාවූ දෝෂයක් නිසා කොමෙන්ටුව ප්‍රමාද වූ බව දන්වා සිටිමි)

    ReplyDelete
    Replies
    1. ඉන්න බෑ තමයි බං ඉතින්..

      ප්‍රමාදයට අවුලක් නැත..

      Delete
  26. අනේ බං ළඟ පාතක හිටියානම් මාත් එනවා

    ReplyDelete
    Replies
    1. අපරාදේ එහෙනම් චාන්ස් එක..

      Delete
  27. මමනම් දැකලා තියෙන්නේ හොල්මන්ද පොල්කොළ ...ස්වර්ණවාහිනිය පටන්ගන්න කලින් ඒක තිබ්බේ ETV 1 කියලා

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට මට වැඩිය හොද මතකයක් තියෙනවනේ.. ඔවු ඔවු ඒක තමයි..

      Delete
  28. මමනම් හිතන්නෙ ඔව බොරු

    ReplyDelete
    Replies
    1. හෙට ලිපියෙන්ම කියන්නම්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්