Wednesday, 27 November 2013

අමතක කරන්න නුඹ මාව




උදෑසන කොයි තරම් නම් ලස්සනද? යාන්තමට පායගෙන එන හිරු කිරණක පුංචි එළියක් අතට වැටිලා, ඒ එළියත් එක්ක විනෝද වෙද්දී හිතට අමුතු හැඟීමක් එනවා කියලා මට කියලා දුන්නේ ඔයා.. ඒත් මේ වෙනකනම් මට ඒ හැඟීම කොයි වගේද කියලා විඳගන්න වුවමනාවක් වුනේ නැහැ.. ඒ  ඇයි කියන්න මම දන්නේ නෑ.. සමහරවිට ඒ ඔයා නිතරම මගේ ලග හිටපු නිසා වෙන්න ඇති.. ඒත් ඉස්සරහට එහෙම නොවේවි..

" ඇයි ඔයා ඔය වගේ මළානිකව ඉන්නේ?"

" ඒ මගේ හැටි වෙන්න ඇති.."

" නැහැ.. මට හොදටම විශ්වාසයි, ඔයා මේ වගේ නෙමෙයි.."

ඒ ඇස් වල නිතරම මාව වෙනස් විදිහකට දකින්න උත්සාහයක් තිබුනා කියලා ඒ දිහා බලාගෙන හිටපු හැම වෙලාවකම වගේ හිතුනා.. ඒ ලා දුඹුරු පාටට හිත ඉබේම වගේ ආස කලා.. හුඟක්ම..

" ඇයි ඔයා දැන් ඔය විදිහට මං දිහා බලාගෙන ඉන්නේ?"

" ලස්සන හන්දා.."

හුඟක් ප්‍රශ්ණ වලට ඕනවට එපාවට වගේ උත්තර දුන්නා වුනත් ඒ බැඳිම ඈතට ගෙනි යන්න කිසිම දේකට බැරි වුනා.. ඇත්තටම එහෙම නොවුන එක ගැන එදා මම සතුටු වුනත් අද මට ඕන ඈතට යන්න.. ඒත් ඒක මම කොහොම කියලා තේරුම් කරන්නද? ජීවිතේ ගෙවෙන හැම දවසක් ගානෙම හුඟක් දෙනෙක් මගෙන් ඈත් වෙද්දී ඇයි ඔයා විතරක්?

" අපි කොහේ හරි යමුද? හුඟක් දවසකින් නිදහසේ යන්න බැරි උනා.."

" මට ඕවට වෙලාවක් නෑ.. පස්සේ දවසක යමු.."

" ඒත්, ඔයා අද නිවාඬු දවස නේද?"

" හදිස්සි වැඩක්.."

ඒ කටහඬේ තිබුන මළානික කමට හිත යට පුංචි දුකක් ඇති වුනත් ඊට වඩා වේදනාවක් හිත යටින් මම විදිනවා කියලා මොහොතකටවත් ඔයාට නොදැනුනා දෙන්.. ඔයා හැමදාම හීන මැවුවේ හිනාවෙලා ඉන්න.. ඔයා එක්කම මාත් ඒ හීනේ දැක්කා.. ඒ ජීවිතේ ගෙවුන තේරුමක් නැතුව ගෙවුන හුඟක් කාලෙකට පස්සේ.. ඒත් දවසට දෙකට ජීවිතේ මොන තරම් නම් වෙනස් වුනාද?

බොරු වැඩක් කියලා ඔයාව මඟ ඇරියත් හැමදාම ඈතින් ඉදන් ඔයා දිහා බලාගෙන ඉන්න එක තරම් වේදනාවක් මං හිතන්නේ නෑ මට මීට කලින් දැනිලා තියෙනවා කියලා.. අඩුම තරමේ මේ අසනීපෙන්වත් ඒ තරම් වේදනාවක් මට දැනුනේ නැතුව ඇති.. හිත හුඟක් අමාරුවෙන් තද කරන් ඔයා දිහා බලාගෙන ඉන්නේ ඔයා එක මොහොතකට හරි මම නැතුව හිනා වෙනවද කියලා දැන ගන්න..

" ඔයා දැන් හුඟක්ම වෙනස් වෙලා.. අනේ ඇයි ඒ?"

" ඔයාට එහෙම දැනෙනවනම් මගෙන් ඈත් වෙන්න.. ඔයා මෙහෙම හැසිරෙන එක මට ඇත්තටම දැන් කරදරයක්.."

ඒ වැටුන කඳුළු බිංදු ලග මේ හිත කොච්චර කඩන් වැටුනද කියලා ඔයාට නොතේරෙන්න ඇති.. බොහොම අමාරුවෙන් හිර කරන් හිටිය කඳුළු එකින් එක ඔයා ඈතට නොපෙනිලා යද්දී මේ ඇස් වලින් වැටුනා කියලා දන්නවනම් ඔයා ආයෙම දුවගෙන ඇවිත් මට තුරුළු වෙනවා කියලා මම හොදටම දන්නවා..

එදා ඔයා ඇඬුව තරමටම ඔයාට හොරෙන් මාත් ඇඬුවා.. හුඟක්.. ඔය ලා දුඹුරු පාට ඇස් කඳුළින් වැහෙද්දී ඒ මතකයත් එක්ක මේ ඇසුත් ඉබේම තෙත් වුනේ හැමදාටම ඔයාට පුදුම විදිහට මම ආදරේ කරපු නිසා.. ඒත් ලග හිටියනම් ඔයාට මීට වැඩිය වේදනාව වැඩියි කියලා මම හොදටම දන්නවා.. ඔයාට ඒ වේදනාව හැමදාටම නොදැනෙනවනම් හොදයි කියලා මම හිතපු බව ඔයාට තේරෙද්දී ඔයාට මාව අමතකත් වෙලා තියෙවි..

" මාව අමතක කරන්න.. ඔයාට ඒක පුළුවන් වේවි.."

හැම දෙයක්ම හීනයක් වගේ.. හුඟාක් දිගු නින්දකට පස්සේ ඇහැරුණා වගේ හැම දෙයක්ම හුඟාක්ම වෙනස් වෙලා ගිහින්.. ඔයාව හොයාගෙන එන්න හිත කිවුවේ මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ කියන එක මට හොදටම දැනුන හන්දා.. ගෙවුන කාලයත් එක්ක ඔයා වෙනස් වෙලා ඇති.. ඔයාව හොයන් එද්දි හිතට ආවේ ඒ ගැඟීම.. ඒක එහෙමනම් සතුටින් ආපහු හැරෙන්න පුළුවන් කියලා මම දැනන් හිටියා..

" ස්නේහා.."

අපිට හොදටම පුරුදු වෙලා තිබුන නවාතැනේ ඈත කෙලවරක බංකුවක ඔයා තනිවෙලා හිටියා.. ඒ ලා දුඹුරු පාට ඇස් තාමත් ඉස්සර වගේම ලස්සනයි.. ඒත්, ඒත් ඒ ඇස් වල ලොකූ බරක් හංඟගෙන කියලා තේරුම් ගන්න එච්චරම අමාරුවක් වුනේ නැහැ..

" ඇයි ඔයා තාමත් මේ විදිහට ඉන්නේ?"

" මම කැමතියි මේ විදිහට.."

" දැන් හුඟක් කල් ගෙවිලා ගිහින්.. ජීවිතේ ඉස්සරහට යන්න ස්නේහා.. එකම තැන නැවතිලා ඉන්න එපා.."

බලාපොරොත්තූ වුනාට වැඩිය හුඟක් දේවල් තාමත් එහෙමමයි කියලා දැනෙද්දී හිතට දැනුනේ මහා දුකක්.. මට ඕන වුනේ ඔයා හිනා වෙනවා දකින්න.. ඒත් ගෙවුන කාලයත් එක්ක අපේ මතකයත් එක්ක ඔයා හුදෙකලා වෙලා කියලා දැනෙද්දී ආපස්සට දුවලා ගිහින් ආයෙම හැම දෙයක්ම වෙනස් කරන්න ඇත්නම් කියලා හිතෙනවා..

" ඈතට ඇදිලා ගියේ කාලය විතරයි.. මතකය නෙමෙයි.."

කවදාවත්ම නැති තරම් ඔයාට ජීවිතේ බරක් වෙලා කියලා තේරුම් ගන්න ඒ වචන ටිකම ඇති.. ඒත් ඇයි? ඔයාගේ ඉස්සරහා ජීවිතේ කොච්චරනම් ඉතුරු වෙලා තියෙනවද? මටත් එහෙම වුනානම් අද අපි මේ බංකුව ලගම ගොඩක් ආදරෙන් තුරුළු වෙලා ඉන්නවා නේද කියලා හිතෙත්දී අඬන්න පුළුවන් කමක් නැති වුනත් මේ හිත කොයිතරම් නම් වේදනා දුන්නද කියලා මම ඔයාට කොහොම නම් තේරුම් කරන්නද..

ඈත බංකුව කෙළවර ඉදගෙන ඔයා හුඟක් ඈත දිහා බලාගෙන හිටියා.. ඔයා බලන්නේ කොහෙද කියලා හොයන්න මට ඕන කමක් තිබුනේ නෑ.. මම බලාගෙන හිටියේ ඔයාගේ ඇස් දිහා.. හෙමීට තෙත්වෙන ආයෙම බලන් වගේ හංඟගන්න කඳුළු වලින් ඔය ඇස් පිරිලා.. ඔයා දිහාවට අත දික් කරලා ඒ කඳුළු පිහින්න ඕන වුනත් මට ඒක කරන්න පුළුවන් කමක් නෑ.. අපිට නොදැනෙන ඈතකට අපි අපෙන්ම හුඟක්ම ඈත් වෙලා ගිහින්..

" අපි යමු ස්නේහා, පරක්කු වුනොත් ඒකටත් අම්මගෙන් දොස් අහන්න වෙන්නේ මට.."

අපේ මතකය ලියවුන තැනින් ඈතට යන්න ඔයාට ඕන කමක් නැහැ කියලා ඔයාගේ මුණෙන් හොදටම පේන්න තිබුනා.. ඒත් යාළුවගේ බලකිරිල්ලට ඔයා අකමැත්තෙන් වුනත් එතනින් නැගිට්ටේ මං හිටපු දිහා අහම්බෙන් වගේ බලාගෙන.. ඔයාගේ ඇස් දිහා කාලෙකට පස්සේ කෙලින් බලද්දී මේ හිත මොහොතකට ගැස්සුනා.. ටිකින් ටික ඔයා මං ඉන්න තැනට ලං වෙද්දී ගෙවුන කාලය පුරාවට තිබුන බැදීම එකින් එක මතකය අවදි වුනේ අපි ඈත් වෙලා තාම හුඟක් කල් ගෙවිලා නෑ කියලා කියන ගමන්..

එක වචනයක් කතා කරන්න මගේ හිත ආස කලා.. හෙමින් ඔයා මගේ ලගට එද්දී එක විනාඩියට දෙකට ඔයාට කියලා ඉවර කරන්න ඕන හුඟක් දේවල් මේ හිතට ආවා.. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දැනුනේ වළාකුලක් වගේ මගේ අතරින් නොදැනීම ඔයා ඔයා පහු වෙලා යද්දී.. ඒත් ඒ හැඟීම ඔයාට දැනුනා කියලා මම දන්නවා.. එක තත්පරයකට ඔයා නැවතිලා ආයෙම බලද්දී හැමදාම වගේ ලස්සන ලා දුඹුරු පාට ඇස් වල ඒක ලස්සනට ලියවිලා තිබුනා..

ඒත්, ඔයාට පුළුවන් වේවි දවසක මාව අමතක කරලා දාන්න.. මේ හැමදෙයක්ම අතීතයට එකතු කරලා දාන්න.. ඔයාට පුළුවන් වේවි.. එතකන්ම මම ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නම්.. ඔයා හිනාවෙන එකම එක දවසක් මට සැනසීම ගේනවා කියලා මම දන්නවා.. එතකන් මම බලාගෙන ඉන්නම්..



Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa

අමතකර දමන්න මා ප්රියේ
මේ ඔබෙන් සමුගැනීමයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව
මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි
ඔබ ජීවත් විය යුතුව තියේ මා නොමැතිව

Hon teri saari shohratein
Hai ye duaa..
Tujh-hi pe saari rehmatein
Hai ye duaa..
Tujhe jeenaa hai mere binaa

මේ ප්‍රශංසාවන් නුඹෙම වේවා
එයයි මාගේ යැදුම
සියළු අනුග්‍රාහයන් නුඹේම වේවා
එයයි මගේ පැතුම
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Tu hi hai kinaara teraa
Tu hi to sahaara teraa
Tu hi hai taraanaa kal kaa
Tu hi to fasaanaa kal kaa
Khud pe yakeen tu karnaa
Ban-na tu apnaa khudaa..

ඔබයි ඔබේම උත්සහය
ඔබයි ඔබේම සහය
හෙට ගයනා ගැයුම ඔබයි
හෙට දවසේ පුවත ඔබයි
විශ්වාස කරන්න ඔබ ගැනම
ඔබ ඔබේම දෙවියන් වන්න

Qhizaan ki shaam hoon main
Tu hai nayee subah
Tujhe jeena hai mere binaa..

ශරත් සෘතුවේ බැස යන්නා වූ සන්ධ්යාව මම යි
උදාවන නැවුම් උදෑසන ඔබයි
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Khilengi jahaan bahaarein sabhi

Mujhey tu wahaan paayega
Rahegi jahaan hamaari vafaa
Mujhey tu wahaan paayega
Milungaa main is tarah vaadaa rahaa
Rahungaa sang main sadaa vaadaa rahaa
Tujhe jeenaa hai mere binaa

වසන්තයේ පිපුණ මල් කොයි බදෝ එහි
ඔබට  හමු වේවී මා
අපේ ආදරය රැඳී ඇත්තා වූ එහි
ඔබට  හමු වේවී මා
මම ඔබව හමුවන්නේමී ඒලෙසින් එය පොරොන්දුවයි මගේ 
මම ඔබ හා සිටින්නෙමී   ලෙසින්  එය පොරොන්දුවයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Bhula dena mujhe

Hai alvida tujhe
Tujhe jeena hai mere bina
Tujhe jeenaa hai, haan meray binaa..




ගීතය : බුලා දෙනා මුජේ
චිත්රපටය : ආශිකී 2 (2013)
පද රචනය: සංජේ මෞසම්
සංගීතය : ජීත් ගන්ගුලි
ගායනය : මුස්තාෆා සාහිඩ්
අධ්යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත් රෝයි කපූර් හා ශ්රද්ධා කපූර්


විශේෂයි - සිංදුවේ සිංහල තේරුම ගත්තේ දුලාන්ගේ හින්දි සිංදු බ්ලොග් එකෙන්..

57 comments:

  1. දුක යි :( //මාව අමතක කරන්න. ඔයාට ඒක පුළුවන් වේවී// මම නං ආස ම නැති වචන පෙළක්.

    ReplyDelete
    Replies
    1. බය වෙන්ඩෙපා.. ඔයාව මං අමතක කරන් නෑ සුදූ... හිකිස් :)

      Delete
    2. දුක උනත් ඉතින් සමහර වෙලාවට අහන්නත් වෙනවා..

      Delete
    3. හා හා මධුරංග අයියේ... අයිතිකාරයෝ ඉන්න අයට ඕවා කියන්න ගිහින් ගුටි කන්න සෙට් වුනොත් අපි නෑ ඔන්න..

      Delete
  2. මේ දවස්වල මාත් පිස්සුවෙන් වගේ අහන සිංදු ටිකක් ආශිකි 2 එකේ සිංදු ටික...

    ඔයාගේ ගැලපුම හරිම ලස්සනයි ආ.......

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි.. ඔය ටික අහන ගමන් තමයි රෑට බ්ලොග් කියවන්නෙත්.. හෙහ්

      Delete
    2. ඒකනම් ඇත්ත. නින්ද යන්නෙත් නෑ අහුවේ නැත්තන්.

      Delete
    3. එහෙනම් මට වගේම පිස්සු තමයි..

      Delete
  3. සින්දුව නම් පට්ටම ලස්සනයි.මම නිතරම අහනවා ඕක.

    ReplyDelete
  4. ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව.
    සින්දුවෙ තේරුමට කතාව ලස්සනට ගොතලා තියෙනවා දිනෙශ්. එළ.

    අපි අමාරුවෙන් ගොඩ නගා ගන්න සබදතා අපේම නොසැලකිල්ල නිසා නේද අපි විනාශ කර ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක.. අපි ගොඩක් දෙනෙක් හරිම නොසැලකිලියිනේ.. ඒත් හිතන්නේ එහෙම නෙමෙයි කියලා.. දෙයක් වුනාම තමයි පසුතැවෙන්න වෙන්නේ..

      Delete
  5. දිනේෂ් මලයාගේ තවත් අති සංවේදී සුන්දර නිර්මාණයක්. එක හුස්මට කියෙව්වා. කොල්ලා එයාට තියෙන පිළිකාවක් වගේ රෝගයක් නිසා එයාගේ ආදරවන්තියගේ අනාගතය ගැන හිතලා එයාගෙන් ඈත් වෙන්න කරන අරගලය.. උඹගේ රචනා ආර හරිම සිත් ගන්නවා .හොඳ නව කථාවක් ලියපන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඕක කෙලින්ම කිවුවනම් කෙල්ල කීයටවත් යන්නේ නෑ.. ඒකනේ අයියේ ඇත්ත.. අපේ අය ගැන වුනත් බලන්න.. කිවුවොත් අහාවිද.. නව කතාවක් ලගදිම එනවා.. ලබන මාසේ බැරි වුනොත් ජනවාරි වල එනවාමයි..

      Delete
  6. කතාවත් ලස්සනයි මචෝ..මම ආසම සින්දුවක් මචං මේක.ඔය ෆිල්ම් එකලු මේ අවුරුද්දෙ හොදට ලව් ෆිල්ම් එක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ..මටත් යාලුවෙක් තමයි කිව්වෙ..පට්ට

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, හැබැයි මමත් තාම ෆිල්ම් එකනම් බැළුවේ නෑ.. ඒත් දැන් නම් හිතෙනවා බලන්න ඕන කියලා..

      Delete
  7. ලස්සන සිංදුවක්...
    මම ඔය චිත්‍රපටිය බලලා නෑ.. මේ ගීතය ඇහුවහම චිත්‍රපටිය බලන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. තව මේ වගේම ලස්සන සින්දු ගොඩක් තියනවා චිත්‍රපටියේ ...බලන්නකෝ

      Delete
    2. බලන්න බලන්න.. මාත් තාම බැළුවේ නෑ.. ;)

      Delete
    3. රෙහානි, අනිත් සිංදු දෙකට කතා ලියවෙනවා පසුවට..

      Delete
  8. ආශිකී 2 ලගදි බලපු ලස්සනම හින්දී චිත්‍රපටියක්.හැබැයි ඒ කතාව ඉවර වෙන විදිය හරි නැහැ.රාහුල්ට තිබුනා ගගේ පැනලා මැරෙන්නේ නැතුව කෙල්ලත් එක්ක රටින් යන්න.තමන්ගේ අරමුණ දින්නත් ඌ ජිවිතේ පැරදුනා.එකෙන් තමයි ෆිල්ම් එක අප්සට් ගියේ මටනම්.
    කොහොම වුනත් ඇයි බං අපේ ජිවිතවලට ආදරේට වඩා විරහව මේ තරම් ලංවෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි අවසානයක් නිසා ඉතින් ඒ ගැන කතා නොකරමි.. හැබැයි ඕක මම ලිවුව කතාවක් වුනානම් අවසානය මේ වගේ එකක් වේවි.. හැබැයි ටිකක් විතර වෙනස්..

      ඇත්ත බං.. ඒක ගැන ඉතින් කියන්න කාටවත් බැරි වේවි.. කොච්චර හොදට ලවු කරන් හිටියා වුනත් බූට් සිංදුවක් ඇහුනම ඒක දෙපාරක්වත් අහන්න හිතෙනවාමනේ..

      Delete
  9. ඔය ........අමතක කරන්න කියන වචනේ කියනවා නේද එතකොට තමයි මල අසූ හාරදාහට පනින්නේ........... (හේතුව අහන්න එපා)

    ReplyDelete
    Replies
    1. හි හි එහෙම මාත් දැක තිබේ :)

      Delete
    2. කෝරලේ, හරි අහන්න එපා කියන හන්දා අහන්නේ නෑ.. අපි හොද ලමයි නේ..

      Delete
    3. අපූර්වී, ඔයා කොහොමද ඒක දන්නේ?

      Delete
    4. අයි මීන්... මාත් එහෙම කියලා තිබේ ,, :D

      Delete
    5. අහ්, ඒක මිසක්.. ;)

      Delete
  10. සිංදුව නම් අහලා තියනවා./මාව අමතක කරන්න. ඔයාට ඒක පුළුවන් වේවී//ධාරා වගේ මම නං අහපු,ඉදිරියට අහන්න ආස ම නැති වචන ටිකක් තමා ඔය ......කරුමෙක මහත කියන්නේ ඔය ෆිල්ම් එකේ නලු බට්ටා මට සෙට් නෑ එ හින්දා දෙතුන් පාරක් ෆිල්ම් එක බලන්න අරන් පලවෙනි සිංදුව ඉවර වෙනවා එක්කම නතර කරලා දානවා.ඔය නලු බට්ටා ගිටාර් එක අරන් ගහද්දිම මට මතක් වෙන්නේ' රොක්ස්ටාර්' ෆිල්ම් එක රන්බිර් කපුර් ඉන්නේ.....:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මටනම් ඉතින් නළුවාගෙන් අවුලක් නැත.. ෆිල්ම් එක සෙට් නම් බලනවා.. ඒත් මේක තාම බැළුවේ නෑ.. කතාව එහෙන් මෙහෙන් අහපු හන්දා නිකන් බලන්න තාම මොකද්ද මොකද්ද වගේ.. නෙට් එකෙත් දැක්කා තියෙනවා.. නිදහස් වෙලාවක බලන්න ඕන..

      Delete
  11. ගොඩක් දුර යන්න හිතාගෙන අල්ලා ගත්ත අත අතරමඟ දි අතාරින්න වෙනවා කියන්නේ දරාගන්න බැරි තරම් වේදනාවක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. දෙපාර්ශවයටම ඒක පුදුමම වේදනාවක්..

      Delete
  12. මං මොනාද කියන්නේ මේකට ....අනේ මන්දා?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං.. මොනා හරි කියපං.

      Delete
  13. ඔය අත්දැකීම එලෙසම මටද තියේ...නම් ගම් පමනකි ඇති වෙනස ප්‍රියේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්, එහෙනම් ඒ ගැන මුකුත් නොකියමි මම..

      Delete
  14. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම මේකට ආවා වගේ මතකයිනේ..

      Delete
  15. සිංදුවට කතාව අපූරුවට ගැළපෙනවා. ෆිල්ම් එකේ කතාව සංවේදී එකක්. කල්නොඇර බලන්න ඕන. මොකද්ද අර නව කතාවක් ගැන කියල තියෙනවා දැක්කා. මේ දවස්වල ඒව ගැන බොහොම උනන්දුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඕන් ෆිල්ම් එකත් බැලුවා. හැබැයි බස තේරුණා නම් තමයි රස දැනෙන්නේ. English sub-titles කියලා තිබ්බට ඒකත් නෑ.

      Delete
    2. මොන නව කතාව ගැනද ඇහුවේ?

      අහ්, මෙයා කියන පරක්කුවට ෆිල්ම් එක බලලනේ.. මාත් බලන්න ඕන.. DVD කාරයෝ සබ්ටයිල් තියෙනවා කියලා ගැහුවට ගෙනාවම ඒවා නෑ..

      Delete
  16. ඊයේ කියෝලා ගියාට කොමෙන්ට් කොටලා නැහැනේ ,, මේ ලව් එකට මක්ක උනාද බලන්න එක හුස්මට කියෝගෙන ගියා ,, අවුලක් නැහැ කියල දැනගත්තට පස්සේ පිලින් මේම මේම :) ඒ වේදනාව අනේ මන්ද අප්පා

    ReplyDelete
    Replies
    1. හෙහ්, කෙමනෙට් එක අමතක වුනායින්ම ෆීලින් එක හිතා ගන්න පුළුවන්.. පොඩ්ඩ්ක් ඉන්නකෝ අනික් සිංදු දෙකත් ලියනකන්..

      Delete
  17. මේ සිදුවීම ගැන අදහස් දැක්වීමෙන් වැලකි සිටින එක හොඳයි වගේ දිනේෂ් ....

    ReplyDelete
    Replies
    1. හ්ම්, හේතු නොඅසමි..

      Delete
  18. ගීතය සහ කතාව එක් තැන් කරපු හැටි හරි හොඳයි!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ..

      Delete
  19. Replies
    1. සිංදුව ලස්සනට හිතට දැනුන හන්දයි ලිවුවෙත්..

      Delete
  20. ගීතයේ අදහසට ගැලපෙන්න කතාව මාරම සංවේදී විදියට ලියලා තියෙනවා අයියා. මම නම් ඔය ෆිල්ම් එකේ සිංදු ඇහුවට තවමත් ෆිල්ම් එක බලන්න ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අහ් අවුලක් නෑ.. මාත් සිංදු ටික අහනවා විතරයි.. ෆිල්ම් එක තාම බැළුවේ නෑ..

      Delete
  21. ෆිල්ම් එක නම් ෆට්ට...හැමදාම බලන love story වැඩිය ටිකක් වෙනස් ෆිල්ම් එකක්...කතාවත් මරු...

    ReplyDelete
    Replies
    1. එහෙන් මෙහෙන් දැක්ක, අහපු දේවල් වලින් එහෙම හිතුනා.. වෙලාවක බලන්න ඕන..

      Delete
  22. ඔය කතාව මටත් නං කියලා තියනවා දිනේශ්.
    එක කෙල්ලෙක්ගෙං නං මම කෙලින්ම ඇහුවා එහෙනං අ&%$# %$#& ද යාලු උනේ මා එක්ක කියලා .. පස්සෙ පව් කියලත් හිතුනා .එතකොට පරක්කු වැඩී බං ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත, එක පාරම ඔහොම කිවුවම ඉතින් කාටද එහෙම අහන්න නොහිතෙන්නේ.. ඒත් ඉතින් හිමි නැත්නම් ඒදේ හිම් නෑම තමයි මචං..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්