Monday, 25 November 2013

සුදු කෙල්ලෙක්ගෙන් හම්බුන ලවු ලෙටර් එක



ලවු ලෙටර් සම්බණ්දව මගේ ඉතිහාසය සෑහෙන දුරයි.. දුර වුනාට ඉතින් කිසිම වැඩක් නෑ.. අනුන්ගේ දෙන්න ගිය ලියුම් වගේම මට හම්බුන එකත් හරියට කියවගන්න බැරුව අප්සට් ගියානේ.. එවුවා ගැන ඉතින් ලියලා තියෙන හන්දා කට්ටියට මතක ඇතිනේ.. ආයෙම කියන්න ඕන නෑනේ ඉතින්.. දැන් නම් ඉතින් ලවු ලෙටර් වල පාවිච්චියක් නැතුවමද මන්දා.. සඳවති එක්ක යාළුවෙලත් අවුරුදු එකහාමාරක් වුනා.. නිකමටවත් ලවු ලෙටර් එකක් හම්බුනේ නෑ.. හරි ඒවයින් වැඩක් නෑ..

මේ තකහනියක් ලවු ලෙටර් ගැන මතක් වුනේ ගිය සිකුරාදා මට ලවු ලෙටර් එකක් හම්බුනානේ.. ලවු කරන කාලේ වෙන කෙනෙක්ගෙන් ලවු ලෙටර් එකක් ලැබෙනවා කියන්නේ ගුටි කන්න වෙන වැඩක්.. ඒත් ඉතින් ඔන්න ඔහේ මම කියලා දානවා.. සඳවතී එක්ක ශේප් එකක් දා ගන්න බැරියැ..

දවස හරියටම මේ පහුවුන සිකුරාදා.. මම දවල් කෑමට ගෙදර එන ගමන් පල්ලෙහා ලියුම් පෙට්ටිය බලාගෙන ආවා පුරුද්දට වගේ.. අපිට ඉතින් ගෙවන්න තියෙන බිලක් ඇරුනම වෙන ලියුමක් එන්න තියෙන එකක් කියලයැ.. ඒත් ඉතින් හැමදාම වගේ ඕක දිහා බැලෙනවා.. සිකුරාදත් ඕක බලද්දී ලියුමක් තියෙනවා බැබලි බැබලි.. බිල් ගෙවලා ඉවර වෙලා වැඩි දවසකුත් නැති හන්දා මම බැළුවා මොකද්ද කියලා..

කිසිම නමක් ගමක් නැති නිර්ණාමික ලියුමක්.. මාත් කෝකටත් කියලා කරකවලා බලද්දී යාන්තමට වගේ ලිවුව මගේ නම තියෙනවා.. යකෝ ලංකාවේ වගේ අතේ තැපැල් කරා වගේ මේ ලියුම.. මුද්දරේකුත් නෑ.. නිකන්ම නම විතරයි.. ඕන එකක් කියලා ගෙදරට අරන් ගිහින් ලියුම කඩලා බැළුවා.. ඔන්න එතකොටයි එවුව එක්කෙනා මීටර් වුනේ.. ඔය පල්ලෙහායින් තියෙන්නේ ඒ ලියුම පටන් ගත්තු විදිහ තමයි ඉතින්..



හෙහ්, ඉතුරු හරිය මට දාන්න  නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.. ලවු ලෙටර් එහෙම ප්‍රසිද්දීයේ දාන්න හොද නැති හන්දා ඒ ටික මම දාන්න යන්නේ නෑ.. දැන් කවුද එතකොට මේ නම තියෙන කෙල්ල.. මෙයා ඉන්නේ අපේ ෆ්ලැට් එකේමයි.. උදේ හවස මට නිතරම හම්බුවෙන කතා කරන මාත් එක්ක සෑහෙන ෆිට් එක්කෙනෙක්.. ඕක ඉතින් ඔච්චර අදුනන එකේ මුණට කියන්න බැරි වුනාද දවසකට අඩුම ගානේ දෙපාරක්වත් මුණ ගැහෙද්දී.. ලියුම අතේ තියන් කල්පනා කරද්දී මතක් වුනේ ටික දවසකට කලින් මමනේ මෙයාට ආදරෙයි කියලා කිවුවෙත්.. ශුවර් එකටම මේ ඒකට රිප්ලයි එක තමයි..

අතේ තියෙන ඔරලෝසුවේ වෙලාව බැළුවා.. මේ වෙලාවට ගෙදර ඉන්නම ඕන.. කෑම උයන එක පොඩ්ඩක් පැත්තකට දාලා මම ගියා ඒ ගේ පැත්තට.. ගිහින් ගැහුවා බෙල් එක.. හිතුවා වගේම ඇවිත් දොර ඇරියෙම එයා.. ලියුම මගේ අතේ තිබුන හන්දා මම ආව හේතුව තේරිලාද කොහෙද නිකන් හොර බැල්මල් දාලා වට පිට බැළුවා..

" මොකද මේ හදිස්සියෙම ලියුමක්?"

" මට හිතුනා, මම ලිවුවා.."

" අහ් ඒකත් එහෙමද?"

" මම උඹට ආදරෙයි.. ඒක ඔය ලොකුවටම ලිවුවේ.."

ඒක කියපු විදිහට මට ආපු හිනාව නවත්ත ගන්න බැරි උනා.. බොරුවට ඉතින් කේන්තියක් දාගෙන ආවට මොකද අරහෙම කිවුවම ඉතින් මොන කේන්තියක්ද.. දොර ගාව ඉදගෙනම බදාගෙන කිස් එකක් දුන්නා.. අහ්, හෝවු හෝවු..  දැන් ඉතින් කට්ටිය බය වෙනවා ඇති මේ මොකද වෙන්න යන්නේ කියලා.. පොඩ්ඩක් ඉන්නකෝ ලියුම එවපු කෙනාව පෙන්නලා ඉන්න..



හෙහ්, මෙන්න මෙයා තමයි මට ඔය ලියුම එවුවේ.. තාම අවුරුදු 5යි.. මම ඉන්න ෆ්ලැට් එකේ ඉන්න පොඩි එවුන් සෙට් එකෙන් ලොකුම එක්කෙනා මෙයා තමයි.. දවසක් සඳවතී මගේ යාළුවෝ සෙට් එක ගැන පෝස්ට් එකක් දැම්මා මතක ඇතිනේ.. නිවාඩු පාඩු වෙලාවට අහු වුනාම මට ලේසියෙන් ගැලවිල්ලක් නම් නැහැ.. මටත් මොකද ඉතින් පොඩි එවුන් ලග මාත් නිකන්ම වගේ පොඩි එකා වෙන හන්දා මටත් කිසිම අවුලක් නෑ..

මෙයා ඇරුනම මේ සෙට් එකේ තව තුන් දෙනෙක් ඉන්නවා.. ඔක්කොම එකට නිවාඩු වෙලාවක සෙට් වුනාම ඉතින් කියලා වැඩක් නෑ.. අනික ඉතින් සඳවති එක්ක ඉන්න වෙලාව ඇරුනම් මම සතුටින්ම ඉන්නේ මේ පොඩි සෙට් එක එක්කනේ.. 



82 comments:

  1. මුලින්ම තියෙන ෆොටෝ එකේ අකුරු ටික දැක්කහම පොඩි එකෙක් කියලා තේරුණා.
    පේලි දෙකක්වත් ලියල එවන්න කියලා සඳවතීට කියපන්.
    මුලින්ම එවපු ලියුම විදිහට ළඟ තියාගන්නත් එකක් ඕනනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. කෝ ඉතින් නෑනේ තාම එකක් ආවේ..

      Delete
  2. Replies
    1. හි හි මෙන්න මෙතන වලි දාගන්නවෝ

      Delete
    2. මුන් මොනා කියනවද මන්දා ?
      එකෙක් සෝයා ඉල්ලලා මැරෙනවා. යකෝව් සෝයා කියන්නේ සෝයා බෝංචි ද ? සෝයා අයිස් ක්‍රීම් ද ? හිහ් හිහ් හිහ්

      Delete
    3. සුදූ, බෑනේ ඉතින් කරන්න උයා එක්ක.. කොච්චර කිවුවත් නම් වරද්දනවා.. හරි හරි රණ්ඬු ඕන නෑ.. ස්නේහසුයි පූජයි මට දීලා අනිත් අය ඔයා අර ගන්න.. මම මුකුත් නොකියමි..

      Delete
    4. අපූර්වී, කෝ කෝ වලියක්?

      Delete
    5. සොයා නෙමෙයි මධුරංග අයියේ.. ඕක උච්චරණය කරන්නේ සෝයේ කියලා.. මෙයා හැමදාම වරද්දනවා ඉතින්..

      Delete
    6. ඉවාන්, ලවු වලියක්.. ;)

      Delete
    7. අඩේ මෙයාගේ නම සොයාද

      Delete
    8. මෙයාගේ නම ZOE.. දැන් ඕක කෝමෙයි සිංහලෙන් ලියන්නේ..

      Delete
    9. සෝඒ...ආන් එහෙම. හිහ හිහ්. ඒක නෙමෙයි. අර F අකුර දාලා ෆ යන්න හැදුවා වගේ z අකුරත් සිංහල හෝඩියට දාන්න වෙයි නේද

      Delete
    10. අහ් ඔය තියෙන්නේ ගානට.. මම කතාකරන්නෙත් ඔහොම තමයි.. මම කම්පනා කලේ ඕක සිංහලෙන් ලියන විදිහ ගැන.. අපෝ මෙහේ තියෙන නම් වල හැටියට අළුත් අකුරු සෑහෙන්න දාන්න වෙනවා ලොකු..

      Delete
  3. මම හිතුවා දිනේෂ් අයියට වළඳක් ඔලුවේ නවාගන්න අනගි අවස්තාවක් ඇවිත් කියල. චික් විතරක් මගේ ආතල් එක කෑවා. මම බලන් හිටියේ පුතේ හොඳවයින් පාරක් කනකල්

    ReplyDelete
    Replies
    1. වළදවල් ඔළුවේ නමාගෙන ඔළුවම නැති කර ගන්න වෙන කතානේ උඹලත් කියන්නේ.. මුන් ආස්‍රේ කරන්න හොදම නෑ..

      Delete
  4. යකෝ බලාන ගියාමේ මුන් දෙන්නා හෙළුවැල්ලෙන් ලව් කරනවා වගේ සීන් එකක්නේ.. කොල්ලයි කෙල්ලයි කියන්න ඕන එවා කියන්නේ බ්ලොග් එකේ..

    ReplyDelete
    Replies
    1. ඒකෙත් පොඩි ලල් එකක් ඇති අයියේ :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාතලන් අයියා මොනවා හිතාගෙන කිව්වද කියලා මම දන්නේ නම් නෑ.. ඒත් මේක මෙතන කියන්න බැරි තරම් දෙයක් නෙමෙයිනේ.. පොඩි එකෙක්ගෙන් ලියුමක් හම්බුනා ඒක ගැන ලිවුවා.. ඒකේ වරදක් තියෙනවද?

      Delete
    4. එහෙම තමයි ප්‍රබුද්ධ අය අදහස් පල කරන්නේ..

      Delete
    5. අපූර්වි, සමහරුන්ට නම් ලල් නෑලු ඉතින්..

      Delete
    6. මාතලන්, හා හා එතකොට ඒවයි එහෙනම් ප්‍රබුද්ධ අදහස්..

      Delete
    7. අයියෝ මාතේ

      මේ දිනේෂයා දොර ඇරලා ලියුම පෙන්නලා කෙල්ල ඉබපුවහම මම හිතුවේ ඉතාලි කෙල්ලෙකුයි , ලංකාවේ කොල්ලෙකුගෙයි වල් කතාවක් කියවන්ඩ ලැබෙයි කියලා , කොහෙද ඉතින් මේ සිහින මදාර ඉන්න හන්දා එහෙම කෑමක් කෑවත් මූ ලියයිද

      Delete
    8. හෙහ් හෙහ්, අටං අයියලත් බලන් ඉන්නේ එහෙම එකක් වෙනකම්ම නේ.. ඒ වගේ කතානම් ඉතින් තියෙනවා ලියන්න.. මම දාන්නම් පූස්පාර්ට් එකේ.. හැබැයි මගේ ඒවා නෙමෙයි..

      Delete
  5. පුංචි උන් එක්ක ජීවිතේ

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දරයි.. :)

      Delete
  6. හෙඩිම දැක්ක ගමන් මං හිතුව මේ පොඩි එකෙක් ගැන තමයි කියල... නැත්තං දිනේෂ් බය නැතුව මෙහෙම එකක් ලියන්නෙ නෑ ජීවිතේට.. අපි දන්නැද්ද පාර්ලිමේන්තුවෙ හැටි.... නැද්ද මදාරා... හි හි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනේද කියන්නේ හිරූ අක්කේ.. එහෙනම් මෙහෙම ලියන්නවත් මම ඉතුරු වෙයියැ.. ;)

      Delete
  7. මම ඒත් බැලුවා දිනේෂ් අයියා මොකෝ බයක් සැකක් නැතු ව මේක බ්ලොග් එකේ දැ‍ම්මේ කියලා :D හුරතල් චූ‍ටි කෙල්ල ව දරුකමට හදා ගන්න බැරියා. //සඳවතී එක්ක යාළු වෙලත් අවුරුදු එකහමාරක් වුණා. නිකමටවත් ලවු ලෙටර් එකක් හම්බ වුණේ නෑ// මෙම ඉඟිය මදාරා අක්කා වෙන යොමු කරමි. පව්නේ, පොඩි එකාගේ ආසාවනේ. ඔන්න ඔහේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක පද දෙකක් විතර ලියලා දෙන්ට.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සුදු, අහ් දැන් එතකොට ඔයා ලියුම් දෙන්නේ නැත්තේ සාක්ෂි වෙන හන්දද? අහු වෙනෝකෝ මට..

      Delete
  8. මම ඒත් බැලුවා දිනේෂ් අයියා මොකෝ බයක් සැකක් නැතු ව මේක බ්ලොග් එකේ දැ‍ම්මේ කියලා :D හුරතල් චූ‍ටි කෙල්ල ව දරුකමට හදා ගන්න බැරියා. //සඳවතී එක්ක යාළු වෙලත් අවුරුදු එකහමාරක් වුණා. නිකමටවත් ලවු ලෙටර් එකක් හම්බ වුණේ නෑ// මෙම ඉඟිය මදාරා අක්කා වෙන යොමු කරමි. පව්නේ, පොඩි එකාගේ ආසාවනේ. ඔන්න ඔහේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක පද දෙකක් විතර ලියලා දෙන්ට.

    ReplyDelete
    Replies
    1. හදාගන්න දෙයක් නෑ ඉතින්.. දැනටත් එහෙමම තමයි.. උන්ට මං නැතුව බෑ.. මට උන්ව නැතුව බෑ..

      එයා ලියුමක් එවද්දී බැරිය ඉතින්..

      Delete
  9. හපොයි මං ඇස් වහ ගන්න හැදුවේ. (18+ කියලා හිතලා) හි.. හි.. ;-)
    කෙළි පොඩ්ඩ නම් හරි සිරියාවන්ත පාටයි බං. මගේ ගානෙ තව කිස් එකක් දියන්.

    ReplyDelete
    Replies
    1. ඇස් වහගන්න වෙන එවුවා මෙහේ නෑ.. ඒ හන්දා අවුලක් නැතුව වර්ණයට එන්න පුළුවන්.. හා අද හවසම දෙන්නම් එකක් උඹ ගානේ..

      Delete
  10. මේකත් හරි ශෝක් අනේ ,, හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා සිහිනයටයි දිනේෂයටයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. මේ පැත්තේ කමෙන්ට් කරන පළවෙනි දවසනේ ඉතින්.. වෙල්කම් කිවුවා..

      Delete
    2. ow මන් ඔයාලගේ බ්ලොග් එක දැනගෙන හිටියේ නැහැ ,ඔයාල දෙන්නව දැනගෙන හටියට .. සොරි හොදේ ,, අපි එනවා ආයේ එපා වෙන්නම හොදේ

      Delete
    3. අහ් හා හා එන්න එන්න.. මටත් ඉතින් කියන්න තියෙන්නේ ඒකම තමයි.. ආයේ එලවනවා බොරු..

      Delete
  11. පොඩි එවුන්ගේ ආදරයත් හරියට දෙමාපියන්ගේ ආදරේ වගේ. මිල මුදල්, බල පුළුවන්කාරකම්, ජාත් භේද,ආගම් භේද, වර්ණ භේද නෑ. උඹට හා සදවතියට මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. මට මේ සෙට් එක එක්ක යාලූ වෙන්න ඕනනම් මාසයක් යන්න ඇති.. පොඩි එවුන්ගේ දෙමවුපියෝවත් එච්චර ඉක්මනට යාළු වුනේ නෑ.. ඒ වුනාට දැන්නම් ඔක්කොම වෙනස්..

      Delete
  12. මමත් හරියට බය උනා.... බුදු අම්මෝ.... මෙයා කොරල තියෙන හරියක්.... මම හිතුවෙ දොර අරිද්දිම කොටු කොටු කියලා.....

    ReplyDelete
    Replies
    1. උඹලා හිතන්නෙම වැරදි විදිහටනේ ඉතින්..

      Delete
  13. අඩේ ඉතාලි ලියුමක්නේ... හිටින් ගූගල් කොරලා බලනකන්... :)

    ReplyDelete
  14. හරිම සෝ................යි කෙලි පොඩිත්ත....
    මටත් නම් අකුරු වලින් හිතුණා පොඩි කෙනෙක්ගේ කියලා..

    අනේ මන්දා මෙන්න මෙයාට ලියුමක් යවන්න සඳවතියේ ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් එක්ක මෙච්චරම ෆිට්.. ලියනවනම් ලියන්න පුළුවන් තව බ්ලොග් එකක් මෙයාලා ගැනම..

      Delete
  15. ෂෝයි කෙලි පොඩ්ඩි.හැබැයි ඉතින් මට මතක් වුනේම වෙන සින් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. උඹලා එක්ක බෑ..

      Delete
  16. මම හිතුවෙම "හලෝ මිස්ට කුරේ වලං ගැට්ට කරේ" කියලයි

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම වුනානම් අද ලියන්න වෙන්නෙත් නෑ..

      Delete
  17. අනේ.....සෝයි කෙලි පොඩ්ඩ. මාත් හරී... ආසයි ඔය වගේ චූටි පැටියන්ට......

    ReplyDelete
    Replies
    1. මාත් ආසම දුවලටනේ ඉතින්..

      Delete
  18. දිනේෂ් මල්ලි මම හිතුවා ලයින් අක්කා වගේ කෙනෙක් ගැනද ලියලා තියෙන්නේ කියලා.මේ පොඩිත්තෙක්නේ අපේ ෆ්ලැට් එකෙත් ඉන්නවා ෆෙදරිකා කියලා කෙලි පැංචියෙක් අම්මා ඉපදෙද්දිම නැති වෙලා.ආච්චී එක්ක තමා ඉන්නේ තාත්තත් වෙන කසාදයක් කරගෙන වෙනම දිහාවක ඉන්නේ. මටයි අයියටයි මේ පැංචි හරිම ආදරෙයි අවු.10 විතර ඇති .අපේ අයියට ටි ti amo tanto bene කියලා ලියුමක් දීලා තිබුනා දැන් අවු 2කට 3කට කලින්...ඒ පැංචි එක්ක ඉද්දි කාලය ගත වෙනවා තෙරෙන් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ලයින් අක්කා ලියුමක් දුන්නනම් බැරිය ඉතින්.. එයත් හැබැයි ලියලා නුදුන්නට කටින්නම් කියාලා ඇති..

      එහෙනම් ඒ පැත්තෙත් ඉන්නේ මේ වගේම ඉක්මනට එකමුතු වෙන පොඩි එවුන්.. ඒක හරි ශෝක් අෆ්ෆා..

      Delete
  19. ළමා අපචාරයක් කියලා අකුරුවලින් මුලින්ම තෙරුනානේ....

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක් කියලා තේරුණා නම් කමක් නෑ.. ඒත් කියන විදිහේ අපචාරයක් නම් නෙමෙයි..

      Delete
  20. ඔහේ ළමා අපචාර චෝදනා එහෙම නැතෙයි ? පරිස්සමට මලේ.

    ReplyDelete
    Replies
    1. අහ් නෑ සුදීක අයියේ.. ඒ මිනිස්සු මං ගැන තියෙන විශ්වාසයයි මගෙයි පොඩි එවුන්ගේ ආදරයයි එක්ක මට එහෙම බය වෙන්න කිසිම හේතුවක් නම් නැහැ.. ලංකාවට වැඩිය මෙහේ මිනිස්සු හිතන විදිහ වෙනස්.. ඒ හන්දා එහෙම ප්‍රශ්ණ නැහැ,..

      Delete
  21. ලංකාවට එන්න ආසද ඉක්මනටම?

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි බං?

      Delete
  22. වර්ණ........පොඩි දරුවෝ කියන්නේ අපේ ලෝකය.....ඒත් ඒක වැරදියට බලන සමාජයක් තමයි යුරෝපය තුල ගොඩ නැගෙන්නේ....ළමා අපචාර චෝදණා වැටිච්ච අහිංසකයෝ ඉන්නවා.....පරිස්සමින්.....ඔය දරුවාගේ පින්තූරය දැම්මේ ඒ දෙමව්පියන්ගේ අවසරයෙන්ද? මම උඹව බය කරනවා නෙමේ....පරිස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. අවසරයක් නම් ගත්තේ නෑ.. මං ගාව තියෙන, ඒ ගෙදර රාමු කරලම ගහලා තියෙන අපේ ෆොටෝ එක්ක බලද්දී මේක එච්චර අවුලක් නෑ.. සමාජයේ ඇතැමෙක් වෙනස්.. ඒ තුලින් ගොඩ නැගෙන දේ වෙනස්.. ඒක ඉතින් වලක්වන්න බෑ..

      Delete
  23. කොල්ලේ මේ යන විදිහට ලංකාවේ මේකත් කිරිමෙල් කේස් එකකට පෙරලතහැකි

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු.. ගොසිප් නිවුස් කීයක්ම දකිනවද?

      Delete
  24. අනේ ඇයි බං ආප්ප ඇප්රුවල්

    ReplyDelete
    Replies
    1. ආදරණිය ඇනෝ සෙට් එකක් ඉන්නවනේ මේ පැත්තට නිතරම යන එන.. ඒකයි..

      Delete
  25. මේක හරි අසාධාරණ කතාවක්නේ මේක ළමා අපචාරයක් කියලා කියන්න උත්සාහ කරන එක.. ඉතාලි මිනිස්සු මගේ තියෙන හිතවත් කම එක්ක මම දවස් කීයක්නම් පොඩි වුන්ගේ තනියට ඉන්න ඇත්ද? මල් කඩන අස්සෙම මම දවස් කීයක් නම් උන්ගේ බේබි සිටර් වෙන්න ඇත්ත.. වෙනස තියෙන්නේ මිනිස්සු ඒක දිහා බලන විදිහේ කියන එක පැහැදිළි.. අවුලක් නෑ හොද වෙලාවට මම ඉතාලි සමාජයේ ඉන්නේ.. ලංකාවේ වගේ හිටියනම් ඔය අදහස කණ වැටීමම ඇති හිතවත් කම නැති වෙන්න..

    ReplyDelete
    Replies
    1. වර්ණ.......මම හිතන්නේ නැහැ මේ කවුරුත් ඔබ ඉලක්ක කර අදහස් ප්‍රකාශ කරනවා කියා......නමුත් දිනපතා සිදුවන සිදුවීම් සහ සමහර ආයතන වාර්තා කරන අයුරු අනුව බොහොමයක් සිදුවීම් වලට ගොදුරුවී ඉන්නේ අප ඔබ වැනි සහතිකෙන්ම දරුවන්ට ආදරය අය. බොහොමයක් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ දෙමව්පියන් නෙමේ. පිටස්තරයන්. ඒ ඔවුන් දකින ආකාරය. අපේ පලාතේ තියෙනවා එක් ස්වෙච්ඡා සංවිධානයක් Neighbourhood Watch කියලා. ඔවුන්ට සම්බන්ධ මගෙ මිතුරෙක් මට කී දෑ තමයි ඔය....මම දන්නේ නැහැ ඉතාලියේ තත්වය. තව තොරතුරු අනන්තයි.

      Delete
    2. ඒක ඇත්ත.. මාත් කියන්න උත්සාහ කලේ ඒකම තමයි.. මිනිස්සු දෙයක් දකින විදිහ වැරදී කියන එක ගැන.. පහුගිය ටිකේම ගොසිප් සයිට් වල දැක්කෙම මෙහෙම ඒවා.. ඇත්ත බොරු ගැන ඉතින් නොදනී.. ඉතින් එහෙම වෙලාවක මෙතනදී වුනත් ඒ වගේ මතයක් ගේන එක මම දකින්නේ අනවශ්‍ය දෙයක් විදිහට.. මම පෞද්ගලිකවම ආදරෙයි දුවලට.. මේ පොඩි එකී වගේම ලේදා කියලා තව පොඩි කෙල්ලෙක් ඉන්නවා මම මාරම ආදරේ කරන.. ඉතාලියේනම් වාසනාවට වගේ එහෙම සංවිධාන නෑ..

      Delete
  26. අනේ හරි සුවිට් කෙලි පැටියෙක්

    ReplyDelete
    Replies
    1. ලොකූත් ලගපාත හිටියනම් ඉතින් මම පොඩි එකා ලග තමයි ඔන්න..

      Delete
  27. ආසාවට පොඩි එකියක්වත් මට ඔහොම දීල නෑනේ :(

    ReplyDelete
  28. ෂා හරිම ලස්සන හුරතල් පොඩි එකියක්...මමත් හරිම ආසයි මේ වගේ දුවෙක් මට ඉන්නවා නම්....

    ReplyDelete
  29. මදැයි දිනේෂ් අයියා ඇදගෙන නානකං බලන් හිටිය. ශික් පොඩි එකෙක්නෙ ලියුම දීල තියෙන්නෙ. නැත්නම් මදාර අක්කා මෙයාගෙ කන අතගාන හැටි බලලා අපිටත් හිනාවෙන්න තිබුන නෙ.

    ReplyDelete
  30. මෙහෙම කෙනෙක් ගෙන් ඒවගේ දෙයක් කොච්චර ලැබුනත් කමක් නෑ.පොඩි දරුවෝ ඕව කියන්නෙ ලොකු අය වගේ නෙමෙයි.ඇත්තටමයි.

    ReplyDelete
  31. මෙහෙමත් අන්දන ටයිට්ල් දාන එකද හොදද මං අහන්නෙ? මදෑ ප.ලි. කෑ‍ල්ලේ මදාරා අක්කා දිනේෂ් අයියගෙ කන අතගානව බලන්න ආවා.. :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්