Wednesday, 20 November 2013

මෙන්න මම නොලිවුව එක



බොහොම අමාරුවෙන් ලියපු 500වෙනි ලිපිය කට්ටිය සඳුදා කියෙවුවනේ.. සුභ පතපූ හැමෝටම ගොඩක් ස්තූතියි.. හරි දැන් එතකොට වැදගත්ම ප්‍රශ්ණය.. මේ ලියපු ලිපි 500ටම මම මොනාද ලියලා නැත්තේ? ඇත්තටම මේ 500 ඇතුලේ මම නොලියපු දෙයක් තියෙනවද? ආදරය ජීවිතය ගැන ලිපි බරගානක් ලියලා ඇති.. කතාවකට හරි මම දේශපාලනය එකතු කරපු හන්දා ඒකත් ශේප්.. සාරාගී එවුවත් ඔය එකක් දෙකක් අස්සෙන් එබුවා.. ෆැන්ටසි වලට ගිහින් ලියපු දේවලුත් ලියලා තියෙනවා.. එතකොට එකම එක දවසක් තාක්ෂණිකයි කියලා කියන්න පුළුවන් විදිහේ එකක් ලියලා තියෙනවා.. එතකොට මොකද්ද අඬු.. හෙහ්, ඇයි සූප සාත්‍රය..

මං තුමා ඉතින් උයන්න ටිකක් කම්මැලියා වුනාට, උයලා දෙන ඕන දෙයක් අවුලක් නැතුව කිසි අවුලක් නැතුව කන්න පුළුවන් ජාතියේ මනුස්සයෙක් තමයි.. කවදාවත් අඬුපාඩු කියන්නේ නැහැනේ.. ඒක නම් ඉතින් එක්කෙනෙක්ට දැනටම වාසියක්.. ඉතාලි එනකන් මට පරිප්පුවක්වත් උයා ගන්න බෑ.. ඇයි ඉතින් ගෙදර කන වෙලාවට කතා කරනකන් කුස්සියට යන එකක්යැ.. අපි අන්න එහෙමලු ඉස්සර සැපට හිටියේ..

ඉතාලි ආවට පස්සේ ඔක්කොම වෙනස් වුනා.. අපි වවමු - රට නඟමු කිවුවා වගේ අපි උයාගෙන අපිම කමු වගේ තියරියකට මූණ දෙන්න තමයි මටත් මෙහේ ආව ගමන් සිද්ද වුනේ.. එහෙමෙයි කියලා අත අරින්න පුළුවන්යැ.. ටික ටික ඔක්කොම පුරුදු වුනා.. දැන් නම් ඉතින් දෙයියන් කියලා උයන්න පුළුවන්.. උයන ඒවත් අනිත් අයට කෝම වෙතත් මට කන්න පුළුවන්.. අනිත් අය කිවුවට ඉතින් මම ඇරුනම ඉන්නේ අංකල් ජොන්සන් විතරනේ.. ඒ මනුස්සයත් කිසි කතාවක් නෑ පාඩුවේ කනවා..

හරි දැන් ඇති වැඩි කතා.. දැන් එතකොට මම මොනවද උයලා දෙන්න යන්නේ අද.. හරි හම්බුනා.. දැන් මේ ළමායි අහලා තියෙනවද Mussels ගැන.. හරි හරි ඉතින් දැන් අමුතුවට ඇස් ලොකු කරන් මන් දිහා බලන් ඉන්න එපා.. ඒ අමුතු ජාතිය තමයි මෙන්න මේ පින්තූරේ ඉන්නේ.. 



අපේ ඔය ඉතාලියේ ඉන්න සෙට් එකනම් මුන්ව ඕන තරම් පොලේ දැකලා ඇති.. අනික් යුරෝපා රටවල් වලනම් කොහොමද මන්දා.. මේවා ඇවිත් එක්තරා විදිහක බෙල්ලෝ ජාතියක්.. ඕක සිංහල තේරුම මම හෙවුවම හම්බුනේ නම් " මට්ටියා " කියලා.. හරිද නොදනිමි.. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මටත්  කියන්න හොදේ.. අර මිස්ටර් බීන් හෝටලේකට ගිහින් එකෙක් එක්ක තරගෙට වගේ නරක් වෙච්ච බෙල්ලෝ වගයක් කන්නේ.. මෙන්න මේවත් ඒ වගේ එකක් තමයි..

හරි ලමයි, දැන් කොලයක් පැන්සලක් අරන් ලියා ගන්න ඕන කරන දේවල් ටික..

- mussels කිලෝ එකක් විතර.. ( මේවා ගනිද්දී හොදට හොයලා බලන්න මේ කට්ට ඇතුලේ ඉන්න සතා පනපිටින් ඉන්නවද කියන එක.. මොකද මැරිච්ච එවුන් එහෙම අහුවුනොත් වැඩේ අප්සට්.. ලංකාවේ විකුණන්න නැති හන්දා ඔය බීච් ගිහින් කුඩ අස්සේ රිංගන කට්ටිය වෙනදා වගේ නැතුව ගල් අස්සේ මේවා හොයන්න.. හම්බුවෙන්න ඉඩ තියෙනවා..)

- ඔලිවු තෙල්

- සිහින්ව කපාගත් රතුළුණු ගෙඩි එකයි

- වයින් තේහැදි දෙකක් පමණ ( ඕන කෙනෙක්ට බෝතලයක්ම ගෙනත් තේ හැදි දෙකක් මේකට දාලා ඉතුරු ටික උයන ගමනුයි කෑමෙන් පස්සෙයි බොන්න පුළුවන්.. අහක යන්නේ නෑ..)

- කොටු කපාගත් තක්කලි ග්‍රෑම් 400ක්

- මස් හෝ මාළු තැම්බූ වතුර මිලිලීටර් 300ක්

- කොත්තමල්ලි කොල ස්වල්පයක්


හරි, දැන් ඔන්න ඔය ටික තමයි අර ගන්න තියෙන්නේ.. කෑම හදන හැටි කියන්න කලින් අපි කෙටි විරාමයකට ගෙහින් එමු.. අහ්, ඒවා නෑනේ නේ? හරි ඔන්න මෙහෙමයි හදන්නේ..

පළවෙනි පියවර - mussels ටික සීතල වතුරේ පැයක් පමණ පෙගෙන්න හරින්න.. මේ පැය ඇතුලත mussels දමා තිබුන වතුර ටික දෙපාරක්වත් මාරු කරන්න.. එහෙම කරන්නේ මේවායේ තියෙන වැලි ඉවත් වෙන්න.. පැයකට පස්සේ වතුර අයින් කරද්දී මේ කටුව කැඩුන ඒවා තියෙනාවද කියලා බලලා ඒවා අයින් කරන්න.. මේවායේ කටුවේ තියෙන කෙදි හොදින් අතුල්ලා ඉවත් කර ගන්න..

දෙවනි පියවර - ඔලිවු තෙල් තාච්චුවක දමා මද ගිණ්නේ ලිපේ තබා ගන්න.. තෙල් රත් වුන පසු ඊට සිහින්ව ලියාගත් ළුණු එක් කර රන් වන් පාට වෙන තුරු බැද ගන්න.. ( රන්වන් පාට යනු කළුපාට නොවේය ) එයට වයින් එක් කර තත්පර තිහක් පමණ තබාගන්න.. පසුව එයට තක්කාලි, කොත්තමල්ලි කොල මස්/ මාළු තම්බපු වතුර එක් කර තැම්බෙන්නට හරින්න.. විනාඩි දෙකක් පමණ මෙලෙස මද ගින්නේ තැම්බෙන්න හරින්න..

තුන්වෙනි පියවර - වතුර හොදින් රත් වුන බාජනයකට mussels එක් කර පියනකින් වසා විනාඩි දෙකක් තුනක් පමණ තැම්බෙන්න හරින්න.. මේ විදිහට තැම්බෙද්දී mussels වල කට්ට විවර වෙන්න ඕන.. එහෙම වෙලා නැති ඒවා තියෙනවානම් ඒවා බාජනයෙන් අයින් කරන්න.. ඊට පස්සේ ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි විස්සක් විතර ලිපේ තැම්බෙන්න තියන්න..

හතරවෙනි පියවර - mussels තරමක් නිවුන පසුව එහි විවර වුන පියන ඉවත් කර අනෙක් පියනට කලින් හදා ගත් ම්ශ්‍රණය එක් කර ලස්සනට සරසලා මේසයට අරින්න.. ඊට පස්සේ කන්න..



හරියට හැදුවනම් මෙන්න මෙහෙමයි පේන්න ඕන.. එහෙනම් buon appetito එකක් වේවා!!

හරි ළමායි.. මොනා හරි ප්‍රශ්ණ තියෙනවනම් අහන්න පුළුවන්.. රස කොහොමද කියලා විතරක් අහන්න එපා මොකද මම මේවා කන්නේ නෑ..

අති විශේෂයි : ආයේ කවුරුවත් මගෙන් සුප සාත්‍ර අහන්න එන්නේ නැති බව විශ්වාස හන්දා ආයෙ ලියන්න ඕන වෙන එකක් නෑ.. අනික වැඩිය ලියන්න හොදත් නෑ.. දන්නවා කියලා දැන ගත්තම පස්සට හරි කරදර.. තේරුණානේ.. ;)

දැන් ඉතින් හරි උත්තරේ දුන්නේ කවුද? වෙන කවුද ඉතින් මගේ ලොකු අක්කා සයුරි ඇරෙන්න.. අම්මපා මෙයා මම හිතන්න කියලා දාන ඒවා හැමදාම වගේම හරියට ගෙස් කරනවනේ.. මගේ ලොකු අක්කනේ ඉතින්..


78 comments:

  1. දවසක් මම පිලීපීන ගෙදරකට විශේෂ කෑමක් සදහා ආරාධනාවකට ගියාම තිබ්බේ මේ මස්ල්ස් හා කන්කුන්...ඒක ඒගෝලන්නගේ විශේශ ආහාරයක්ලු....මම මේ ගොලුබෙල්ලෝ කන්නේ කොහොමද කියලා හිත හිත ඇඹරෙන කොට යන්තන් ඒගෝල්ලන්ට ඒක තේරිලද මන්ද හදිසියට බත් එකක් හදලා දුන්නා


    ඔය මට්ටිය කියලා ලංකාවේ කියන එකා පොඩි සතෙක්...මස්ල්ස් කාලා පුරුද්ද තියෙන හින්දා මට්ටි නං කිසි ගේමක් නැතුව කෑවා....ඒදා රෑ මයි ලේඩීටත් වෙනසක් දැනිලා තියෙනවා.... ;) මට්ටි කියන්නේ ඉතින් හොද කෑමක්...සමහර වැඩ වලට....

    ReplyDelete
    Replies
    1. //එදා රෑ මයි ලේඩිටත් වෙනසක් දැනිල තියනව// :-)

      Delete
    2. එහෙනම් වැල් පෙනෙල හොය හොයා මහන්සි වෙන්න ඕනේ නෑ. තැන්කිව් වේවා මයියෝ උඹේ හෝඩුවාවට!!!

      Delete
    3. මයියා, මට්ටි ගැන ඔහොම කතාවක් මම දැනන් හිටියෙම නැහැනේ.. එහෙනම් ඒක තමයි මෙහේ පොළේත් මැදිවියේ අය ඕවා වැඩියෙන් හොයන්නේ.. ඒක දැන ගත්ත එක හොදයි..

      Delete
    4. රාජ් අයියටත් හොදම කෑල්ල අහු වෙනවා කොහොම හරි..

      Delete
    5. සදුන් සෙවන, එහෙනම් කට්ටියට මගේ මට්ටියෝ පාඩුවක් වෙලා නැති පාටයි..

      Delete
  2. හපොයි තේ එකක් වත් හරියට හදා ගන්න බැරි අපිට මොන Mussels ද දිනෙශ්. නිකමටවත් හිතුවෙ නෑ මේ වගේ එකක් ගැන ඇහුවා කියලා.

    හැබැයි දැන්නම් පොඩ්ඩ පොඩ්ඩ උයන්න පුරුදු වෙන්න තමා ඉන්නෙ. ඒකත් ප්‍රියම්භිකාවගෙ මරණීය නොවන තර්ජණ නිසා.

    ReplyDelete
    Replies
    1. තර්ජනය කරන වෙලාවට Mussels හදලා දෙන්න

      Delete
    2. ඒකත් හොද අයිඩියා එකක් තමා ඉවාන්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හෙහ්, වැඩියම හොදට පුරුදු වෙන්න එපා බං..ඊට පස්සේ බොරු ලෙඩ අරන් උයන්න සෙට් කරයි.. ඒ හන්දා හොරට උයන්න පුරුදු වෙයන්.. එතකොට හරි..

      Delete
    5. ඉවාන්, මාත් මේ කල්පනා කලේ ඔය අදහසම ක්‍රියාත්මක කරන්න තමයි..

      Delete
  3. මට්ටි තමයි හරි වචනේ මමත් අහල තියෙන විදියට. හැබැයි පුරස්ස්නේ කියන්නේ මම ඕකුන්ව කන්නේ නැහැ. ඔය මොන කෑමත් කුකුළා වගේ නැහැ නොවෑ මට නම්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා උඹත් කුකුළා වගේ ඉන්නේ.. මම කන්නෙත් නෑ බං.. මේ ඉතින් කට්ටියට වෙනසකටත් එක්ක ලියලා දැම්මා..

      Delete
  4. මේවා නිකං කැරපොත්තෝ වගේනේ, දිනේෂ් අයියේ. අනික ඉතින් ලංකාවේ අපි කොහෙන් හොයන්න ද? ඉතාලි ආපු දවසක කන්න බැරියෑ (ලබන ආත්මේ වගේ)

    ReplyDelete
    Replies
    1. ඔය ලංකාවේ තියෙනවා කියලා කට්ටිය කියන්නේ.. පොඩි ට්‍රයි එකක් දීලා බලන්න..

      Delete
    2. ලංකාවට අපහාස කරන්න එපා. අපේ ගමේ ඕන තරම් තියෙනවා.

      Delete
    3. ඒක නේන්නම්, හැබැයි මම හිතුවෙත් නැතුව ඇති කියලා මේවා..

      Delete
  5. තායිලන්ත ජාතිකයින් බොහොම ප්‍රිය කරන කෑමක් . මටත් රස විදින්න ලැබුන එහේදී . පුලුවන් වෙලාවට මේ වගේ විශේෂ කෑම දාන්න ඉදිරියටත් .

    ReplyDelete
    Replies
    1. ඔවු ගිම් අක්කේ.. චීනයේ ජපානයේ වගේ මේවා හරි ප්‍රසිද්දයි කියන්නේ.. විශේෂ කෑමනම් ඉතින් දාන්න පුළුවන්.. ඒත් ලංකාවේ අයට ඕන කරන කළමනා හොයාගන්න එකනේ අමාරු..

      Delete
  6. cozze කියලා ඉතාලි නමත් දාමුකො මල්ලි ලංකාවේ අයට දැන ගන්නත් එක්ක.....ඉතාලි ආපු බොහෝ සැප ලැබු චන්ඩින්ට අන්තිමෙට උයන් කන ටික නම් පුරුදු වෙන්න වෙනවා?හි...හි..හි....මේ මන් ආසම කෑමක් හැබැයි මේ විදිහට හදන්න දැනන් හිටියේ නෑ...ට්‍රයි කොරමු දවසක ......කොත්ත මල්ලි කොල කිව්වේ ප්‍රෙස්සෙමලෝ වෙන්ටෑ මගේ හිතේ.... මේ cozze වැඩියේ කන්න හොද නෑ හරිම සැරයි.

    ReplyDelete
    Replies
    1. නෑ අක්කෙ පෙර්සේමොලෝ නෙමෙයි නේද.
      මං හිතන්නෙ කොරෙආන්දොලො කියන්නෙ ඒව.

      Delete
    2. Coriander Leaves තමයි කොත්තමල්ලි කොල කියන්නේ...අනිත් එක Parsley

      Delete
    3. ශනු අක්කේ, ආයෙත් අහලා.. හැබැයි ඉතින් එහෙම වුන එකත් හොදයි.. තනියම ජීවත් වෙන එකත් මාර ෆන් වැඩක් නේ.. හදලා බලල අපිටත් කියන්න.. හැබැයි මම කන්නේ නැති බව අවදාරණය කරමි..

      Delete
    4. පත්තර මල්ලී, ප්‍රෙස්සේමොලො තමයි මචං..

      Delete
    5. අරූ, මේකට හරිනම් ගන්න ඕන ප්‍රෙස්ලී එහෙමත් නැත්නම් ප්‍රෙස්සේමොලෝ.. ඒත් මම හිතන විදිහට ලංකාවේ ඒක නෑ.. ඒකට හොදම ආදේශකය තමයි කොත්තමල්ලි කොල..

      Delete
    6. පාස්ලි ඕනේ තරම් ලංකාවේ සුපර් මාකට් වල තියෙනවා.

      Delete
    7. එහෙනම් අපේ කට්ටියට අවුලක් වෙන එකක් නෑ අක්කේ..

      Delete
  7. මෙවුන් ඉන්නවා උස්සැටකෙයියාව බීච් එකේ කලු ගල් තියෙන හරියේ... දවසක් මම හතරපස් දෙනෙක් කඩන් ඇවිත් තම්බලා කාලා සුමානයක් වමනේ දැම්මා... මල ජරාව.. මොන රහකට කනවද මන්දා.

    මුන් හැම කාලෙම එන්නේ නෑ මහිතේ... කාලයක් තියෙනවා මුන් ගොඩගහන.. අන්න ඒ කාලේ ගියා නම් හරි !
    මුන්ට කඩ්ඩෙන් කියන්නේ "මසල්ස්ලා" කියලා ද ? "මුස්සෙල්ස්" ලා කියලද ?

    මේ මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා.. බ්වෑක් !

    ReplyDelete
    Replies
    1. ඉන්නවා නේන්නං මලජරාව. කන්ඩ දෙයක් නැත්තං. මූත් ඉදලා ඉදලා ගොලුබෙල් මාලුවක් දැම්මා

      Delete
    2. මධුරංග අයියේ, මේ ඉන්නේ බීච් අස්සේ රිංගපු අය.. තනියමද මේවා කැඩුවේ.. ඔවු මෙහේ නම් වැඩියෙන් ඉන්නේ සමර් එකට.. ඒකනම් ඉතින් වැඩි හරියක් වින්ටර් එකේ මුහුදු නොයන නිසා වෙන්න ඕන.. මුසෙල්ස් තමයි හරි වචනේ මම හිතන විදිහට..

      Delete
    3. අඩේ අටං අයියේ එහම කියන්න එපා.. දත් කැක්කුම් වලට හොදයි.. ඔය උඩින්ම මයියා තව දේකට හොදයි කිවුවේ.. බයිට් එකටත් හදාගන්න පුළුවන්ලු.. ඕන නම් ඒකත් ලියන්නෙයි?

      Delete
  8. මම උඩම පින්තූරෙ හදිසියට දැක්කෙ කැරපොත්තො වගේ.... ඇහ ලගට කරල බැලුවහම තමා හරියට දැක්කෙ....

    මම හිතුවෙ උබ කැරපොත්තො බැදුමක් හදන්න යනවද කියල.....

    ReplyDelete
    Replies
    1. හෙහ්, චීනේ තියෙනවා මගේ හිතේ කැරපොතු බැදුම.. ලියන්නද?

      Delete
  9. අපේ ඇලෙත් ඉන්නව මුං! උයාගෙන කන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා කට්ටිය මට්ටියෝ අල්ලන්න ඔහේ ආවොත් ඔන්න අපි නම් නෑ.. අපේ සෙට් එක එන්න කලින් උයන් කලා බලන්න..

      Delete
    2. රාජ් ගඟේ ඉන්න එවුන්ට තමයි මට්ටි කියන්නේ.

      Delete
    3. දැන් එතකොට මුන්ගේ වර්ග කීපයක්ම තියෙනවද?

      Delete
  10. අඩෝ මම දැකපු ගමන් හිතුවේ මූ කැරපොත්තෝ කන්න හදනවා කියලා

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. මම මේවා කන්නෙත් නෑ..

      Delete
  11. මම නම් කටේ තියන් නෑ බං.
    සමහරු හරි ආසාවෙං කනවා.

    ඔය සත්තු මැරෙන්නේ නැ වතුරෙ තියනකම් මං දන්න හැටියට..
    කටුව වහං ඉන්නව කියන්නෙ පනපිටින්.. !

    සමාවෙයං මේක කිව්වට. නොකිය යන්න හිත දුන් නෑ !

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු, කොහොමත් මැරුණ උන්ව අරන් එන්නේ නෑ.. හෙනම ගදයි.. ඒවා වෙන් කරලා තමයි විකුණන්නේ.. අනික හොදට පොලට ගියාම බලපං වතුරේ මුං එහා මෙහා යනවා පේනවා..

      අවුලක් නෑ බං කිවුවට..

      Delete
  12. දිනේශ්....කුකින්ග් හින්දා මුකුත් නොකිය යන්න හිතෙන්නේ නැහැ.

    දිනේශ් කිව්වා වගේම මසල්ස් හදන කොට හරිම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මේවා ඉතා ඉක්මනින් නරක් වෙනවා. මුහුදෙන් කඩාගන්නවා නම් ඒ අවට වතුර ගැන විමසිලිමත් වෙන්න. පන පිටින් තමයි උයන්න ඕන. ශෙල් එක ඇරිලානම් තියෙන්නේ වහාම ඉවත් කරන්න. හැම තිස්සෙම කටුව වැහුනු අය පමනක් ගන්න.යුරෝපයේ නම් මාකට් එකේ තියෙනවා ලාභයි. මෙය වගාවක් ලෙස කරනවා.

    ඔය දිනේශ්ගේ රෙසිපි එකම හදනවානම් මේ කරුණුත් මතක තියාගන්න. අද ගත්තොත් අදම හදන්න . කුක් කරනකොට කටුව ඇරෙනවා කියන්නේ කුක් වෙලා කියන එකයි. ඒකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. වැඩිය කුක් වුනොත් රබර් වගේ වෙනවා මස. මුහුදු රසය තමයි කුක් කරාට පස්සෙත් එන්නේ. මස දොඩම් පාට නම් ගැහැණු සතෙක්. ඔය මසල්ස් හදන කොට පෑන් එකේ හැදෙන සෝස් එක තමයි රස.

    වයිට් වයින් එක්ක හොඳයි. මම මසල්ස් කන්න ඇකැමතියි.

    නැවතත් කියන්නේ ප්‍රවේශම් වෙන්න හදන කොටත් තෝරා ගන්න කොටත්. ආහාර විෂවීම හරිම ඉක්මන් අනිකුත් සීෆුඩ් වලට වඩා.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මසල්ස් ගැන මෙච්චර දෙයක් කියද්දී ආසාවෙන් කනවා ඇති කියලා.. බලද්දී මම වගේමනේ..

      අනික තමයි හොදට වතුරේ දාලා පෙගෙන්න තියලා හොදට හෝදලා සුද්ද කර ගන්න එක.. වැලි, කෙදි පිරිලා මුන්ගේ.. රස ගැනනම් වැඩි දෙයක් කියන්න දන්නේ නෑ.. ඒත් උයපුවා දැකලා තියෙනවා ඕන තරම්..

      ඇත්ත, මැරුණ එකෙක්ව වැරදිලාවත් දාලා ඉවුවොත් පහුවදා බඩ සුද්දයි හොදට..

      Delete
  13. \\\\\\\\\දන්නවා කියලා දැන ගත්තම පස්සට හරි කරදර.. තේරුණානේ.. ;) \\\\\\\

    ඒක ඇත්ත.. තේ එකත් ළඟටම ගෙනත් දෙන්න පවා සිද්ද වෙනවා සමහර වෙලාවට ...

    ReplyDelete
    Replies
    1. දැනටම මට ඉරිදට නිවාඩු දවසේ උයන්න බාර වෙලා තියෙන්නේ සහන් අයියේ.. මොනා කරන්නද ඉතින්..

      Delete
  14. ස්තූතියි දිනේෂ් මල්ලී. ඒත් මමනම් මේක ආස කෑමක් නෙමේ. අපේ තාත්තා මහා ඉඳුරැවේ. තාත්තාගේ නම් ප්‍රියතම කෑමක්. තාත්තලා වැල්ලේ ගිහින් අමුවෙන්ම කඬලා කනවා කියලා තමයි මට කියලා තියෙන්නේ. අපි තාත්තලගේ ගමේ හිටියෙ නැති නිසා මට ඒක පුරැඳු වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අමුවෙන්ම කන බවක් නම් මම දන්නෙත් නෑ.. හෆ්ෆා ඒක කරන්න පුළුවන් දෙයක්ද?

      Delete
    2. Oysters අමුවෙන් කන්න පුළුවන්. Mussels කන්න එපා. ඉතාම භයානකයි.

      Delete
    3. සඳුන් තාත්තගේ නම මොකක්ද ? අපේ තාත්තා අනිවාර්යෙන්ම දන්නවා ඇති. අපි බෙන්තරනේ.

      Delete
    4. අරූ, මටනම් ඔය දෙකම අමුවෙන් කන එක ගැන හිතන්නත් අමාරුයි.. හැබැයි ඉතාලි කාරයෝ නම් ඉස්සෝ එහෙම අමුවෙන් එවෙලේ කලා බලලා තමයි ගෙනි යන්නේ..

      Delete
    5. සුදීක අයියා එහෙනම් ඉන්නේ හරියටම බෝඩර් එකේනේ..

      Delete
  15. බොරු සිල් නෙවෙයි දිනේෂ් අයියේ, පණ පිටින් උයනවා කියන එක නම් මටත් ඇල්ලුවේ නෑ වැඩිය

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං.. උඹට කියන්න මෙහේ කකුළුවෝ පොකිරිස්සෝ ටැංකි වල දාලා ඉන්නේ පණපිටින්.. ඕන එකා පෙන්නුවම මරලා දෙනවා.. ඒ වගේ තමයි ඉතින්..

      Delete
  16. මට අර අන්කල් ජොන්සන් ගැන පුදුම දුකක් ඇති වෙනව බන්..ඔහොම කරන එක හොදද මන් අහන්නෙ..පව් අසරණය..උබ හින්දම මනුස්සය ඉවසනව ඇති...

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට මිට කලින් කරපු දේවල් එක්ක මේවා මොනවද බං..

      Delete
  17. ඔය වර්ගය මමත් මැලේසියාවට ඇවිල්ලා තමයි ඉස්සෙල්ලාම කෑවෙ....මෙහෙත් හරියට විකුණන්න තියෙනවා...ගාණ බොහොම අඩුයි..ඕක දවස් තුන හතරක් ශීතකරණයෙ තිබ්බම එන සුවද කොහොමද....

    ReplyDelete
    Replies
    1. මට නම් පොලේ විකුණන්න තියෙන එක ලගින් යද්දිත් ගඳයි.. එහෙම එකේ වෙන මොන කතාද?

      Delete
  18. අඩේ...ඒකනේ මම ටක්කෙටම කිව්වේ..නැතුව නැතුව මම දන්නේ නැද්ද මලයා ගැන. හිහි...

    මුන්ව හදන්න ඕන පන පිටින්ද අප්පා. මොන හේතුවකටද මන්දා බෙල්ලෝ ජාති කන්න මට හිත දෙන්නෙම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ලොකූ මගේ හිත කියවනවා කියලා..

      මැරුණ උන්ව කෑවොත් ලෙඩේ තමයි.. ඒ හන්දා ගන්නේ නෑ.. මටත් එහෙමයි ලොකු.. මටත් පෙන්නන්න බෑ මේ කෑම නම්..

      Delete
  19. මමහිතුවේ කැරපොතු පිහාටු කියලා . දැන් ඔකේ කට්ටත් කන්න පුලුවන්ද ????

    ReplyDelete
    Replies
    1. කට්ට කන්න බෑ බං.. මැද ඉතුරු වෙන මදේ වගේ එක තමයි කන්න පුළුවන්..

      Delete
  20. අපේ පැත්තේ මේවට කියන්නෙත් බෙල්ලෝ කියලා. අපි මේවා ගෝනියක් විතර ගෙනල්ලා මුට්ටියකට දාලා රත් කරනවා. එතකොට ටික වෙලාවකින් මුට්ටිය වතුරෙන් පිරෙනවා. ලුණු වතුරෙන් තැම්බූන බෙල්ලෝ මාර රසයි. සමහරවිට මේවාගෙන් ලුණුමිරිසක් හදනවා. මාර රසයි.

    ReplyDelete
    Replies
    1. මේව හදන්න ගොඩක් රෙසපි තියෙනවා.. ලුණුමිරිස ගැනනම් අහලා නෑ හැබැයි.. ඉතාලි කාරයොත් ඒකනම් හදන්නේ නෑ මගේ හිතේ..

      Delete
  21. පණපිටින් උයන සීන් එක නම් ටිකක් අවුල්. ඒත් නොදැන හිටපු විස්තර ගොඩක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිවුනොත් උයන්න බෑ බස්සී.. සතා මැරුණා කියන්නේ මේක සවුත්තු වෙනවා..

      Delete
  22. අපෝ පන පිටින් බෙල්ලෝ කනවට වඩා හොඳයි ගහකට නැගලා වැල ගෙඩියක් කන එක. ෂු....හ්හ්

    ReplyDelete
    Replies
    1. හෙහ්, හා හා එහෙනම් වැල කාපං..

      Delete
  23. කෑමට ඊයා කියන්න හොද නෑ.. ඒත් අප්ප මට නම් මොන හිතකින්වත් කන්න බෑ .. :D

    ReplyDelete
    Replies
    1. මේවට එහෙම නොකියා බෑ බං.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
  24. හාපෝ නිකන් දුන්නත් මට නම් එපා මුං...
    ඇත්තටම මුං ඔන රහද දන්නෑ නෙහ්?

    අපේ එක්කෙනත් උයාගෙන කන්නේ...ඔය කියන්නේ ආවහම මටත් උයලා දෙනවා කියලා :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙනම් ඔන්අ ඔහේ ආදරෙන් උයලා දෙන එකනේ.. ඒ හන්දා කන්න.. මම අපේ එක්කෙනාටත් හදලා දෙන්න ඕන..

      Delete
  25. හදලා දුන්නොත් කන්න ඇහැකි.හදාගෙන කන්නනම් බෑ බං.

    ReplyDelete
    Replies
    1. අම්මපා මුංගේ තියරිය..

      Delete
  26. බෙල්ලෝ .. කකුලුවෝ වෙනසක් නෑ...දෙකම ටේස්ට්
    කොහොම වුනත් මලයා සූප සාශ්ත්‍රයටත් දක්ෂයෙක් එහෙනම්..

    ReplyDelete
    Replies
    1. දක්ශකම් ගැන කියන්න එපා රත්නායක අයියේ.. පස්සට අවාසියි මට..

      Delete
  27. මොන රහද දන්නේ නෑ නේ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැනේ.. මාත් කාලා නෑ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්