Friday, 15 November 2013

හීන අහුරු මුකුලු කරන




කැම්පස් එක පුරාම ඉතුරු වෙලා තිබ්බ හිත උතුරලා යන මතක කවදාවත් ජීවිතෙන් අමතක කරන්න බැරි වේවි.. ඒ තරමටම හැම දෙයක්ම සුන්දරයි.. අවුරුදු 4ක ජීවිතේ මෙච්චර ඉක්මනට ගෙවිලා යයි කියලා ඉස්සෙල්ලම කැම්පස් එකට පය තිබ්බේ දවසේ හිතුනේ නෑ.. එදා හිතේ තිබ්බේ පුංචි බයක්.. ඒත් අද කොච්චර දේවල් වෙනස් වෙලාද?

එකින් එක යාළුවෝ අහුලන් අපේ ගැන් එක හදා ගත්ත හැටි තාමත් මතකයි.. " උඹේ නම මොකද්ද?" අහද්දිත් උන් බැළුවේ බයෙන්.. රැග් එක දෙන්න කියලා හිතලා.. දසුන්, චමියා, නිෂ්, ප්‍රදී, ෆා, නුවන්, කල්ප, මම, අපි සෙට් එක එකට වින්ද මේ ජීවිතේ කොච්චර ලස්සනද? හැමදාම කෙල්ලො ටික බෝඩිමෙන් හදාගෙන එන කෑම එකක් කැන්ටිමට වෙලා හරි ග්‍රවුන්ඩ් එකට වෙලා හරි කාලා ලෙච්චර් රූම් එකේ අන්තිම අපිට වෙන් කරන් ලෙච්චර් එක අහන් හරි කම්මැලි වෙලාවට නිදාගෙන හරි ගෙවල දාපු ජීවිතේ හැම තප්පරයක්ම කොච්චර සුන්දරද? 

හීන අහුරු මුකුලු කරන...
වැස්ස වෙලා හාදු පුදන...
අහස යදින දේදුන්නක...
තුරුලු වෙමුද පිණි කොට්ටෙක...//

අපිත් එක්ක එකට ඉදලත් අපිටත් හොරෙන් කල්පයා ෆා එක්ක පටන් ගත්ත ආදර කතාව අපේ සෙට් එකේ පළවෙනි ආදර කතාව උනා.. සෙකන්ඩ් ඉයර් එකේ ට්‍රිප් එකට නුවර ගිය වෙලේ මුං දෙන්න අතටම අහු නොවෙන්න අදටත් උන් අපිට කොලේ වහනවා..

දර තාලස්න උත් උන්කොච්චල් ද? ෆා මුස්ලිම්.. කල්යා සිංල.. රේට ඕවා බාදා නෑ යි.. ඒත් ඒවා ලංගු රේ න අපිවිනේ.. ෆාගේ අයිලා කල්යා අදුනන්නේ නැතුව ඌ කිලා හිලා සුන්යි මියි යි ගේට් එපු හැටි මේ පේ බැච් එකේ එකෙක්ත් අනැතුති.. 

දා උන් දෙන්හැංගුනා..පි ගුටි කෑත් උන් එදා හෙහැංගුන එහොයි.. උන් දෙන්හොරෙන් ඳිද්දි ඒත් ගිහින් අත්සන් ලේ යෙගුටි කෑත් අවුලක් නෑ කිලා හිලා.. හිතුවා ගේම එත් අයිලා අට එදා බැච් එහිටියයින් ගුටි නොකා බේරුනා..


තරුත් එක්ක හොරෙන් ඇවිද.. 
කතා කරන ඇසිපිය යට.. 
ආදරයෙන් තියා ගන්න... 
හිත දෙන්නද..අරන් යන්න..


ජීවිතේ හැම දවසක්ම අළුත් අත්දැකීමක් ජීවිතේට එකතු කරා.. අළුතින් බැච් එකක් එන දවසට කෙල්ලෙක් බුක් කර ගන්න ලෑස්ති වෙලා ගිය හැටි මතක් වෙද්දි ඒ දවස් වල සුන්දරත්වෙට හිත තව තවත් ආදරේ කරන්න ගන්නවා.. කට්ටිය එක්ක තරගෙට කාව හරි තෝර ගනිද්දි  එදා මට හිත ගිය නුඹම අද මගේ  ජීවිතේම වෙලා ලගම නතර වෙලා.. බලාපොරොත්තු උනාටත් වැඩිය ආදරයක් සුන්දරත්වයක් ජීවිතේට එකතු වෙද්දි ආදරේ ගැන ජීවිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හෙමීට ඉටු වෙලා තිබ්බා..

ෆයිනල් ඉයර් එක වෙද්දි අපේ සෙට් එකේ කවුරුවත් තනිකඩයෝ හිටියේ නෑ.. ඔක්කොම කපල් එකතු වෙලා ට්‍රිප් යද්දි අපි හැමෝගෙම හිත් ඒකෙන් කොච්චර සතුටු උනාද? ඩිග්‍රී එක ගොඩ දාගන්න දගලන අතරේ ඉඩක්  ලැබෙන හැම වෙලාවකම කුරුල්ලෝ වගේ අපි ඔහේ පා උනා.. ජීවිතේ වින්දා.. මුහුදු වෙරළේ ෆිල්ම් හෝල් වල මැච් එකක් තියෙන දවසට ග්‍රවුන්ඩ් එකේ තැන් තැන් වල දුවපු හිත ආයෙම ජීවිතේට ලං වෙලා එනවනම්..  

ඉර ඇහැරෙන කඳු මුදුනක...
ආදරයේ අනන්තයට...
හිනා පුරන හෙට දවසට...
ගෙන ගිය හිත..අරන් එන්න..

 

“  ඔයා මොනවද කල්පනා කරන්නේ?”

“ අහ්.. නෑ මුකුත් නෑ.. ඒ දවස් මතක් උනා..”

“ හ්ම්ම්.. ඔව්.. ඒ මතක තාමත් මේ තැන් වල මැවිලා පේනවා වගේ..”

“ තාත්තේ..”

“ අහ්.. පුතා..”

“ අපි යමු හෝල් එක ඇතුලට.. උත්සවේ පටන් ගන්න හදන්නේ.. අම්මලා මොනවද කල්පනා කරන්නේ එළියට වෙලා?”

මතක හරි අපුරුයි.. කාලය කොච්චර ඉගිල්ලිලා ගියත් හිත ලග මතක එහෙමමයි.. එදා අපි විනෝද උන සතුටු උන හැම තැනක්ම අපේ ළමයින්ට අයිති වෙලා.. දැන් එයාලා සතුටු වෙන කාලය.. අපි වගේම..





 හීන අහුරු මුකුලු කරන...
වැස්ස වෙලා හාදු පුදන...
අහස යදින දේදුන්නක...
තුරුලු වෙමුද පිණි කොට්ටෙක...

තරුත් එක්ක හොරෙන් ඇවිද..

කතා කරන ඇසිපිය යට..
ආදරයෙන් තියා ගන්න...
හිත දෙන්නද..අරන් යන්න..

ඉර ඇහැරෙන කඳු මුදුනක...

ආදරයේ අනන්තයට...
හිනා පුරන හෙට දවසට...
ගෙන ගිය හිත..අරන් එන්න..

   











23 comments:

  1. ෂා නියමයි..අතීතය ලස්සනට අකුරු වලට හරවලා තියෙනවා....මගේ මතකයන් ගත්ත්ටොත් සමහර එවා කලුයි සමහර එවා සුදුයි.....අවුලක් නෑ....

    ReplyDelete
  2. හිතට දැණුනා... මටත් කවදහරි ඔහොම වෙයි නේද කියලා මතක් වෙනකොට පුංචි දුකකුත් හිතට ආවා...

    ReplyDelete
  3. Replies
    1. ෆැන්ටසි ඇවනිව්...සිරසෙ විකාශය වුනේ...උපුල් ශාන්ත සන්නස්ගලගෙ පද රචනාවක් මට මතක විදියට මේ ගීතය.

      Delete
  4. පට්ට...මොකක්ද හේතුව කියන්නනම් දන්නේ නැහැ..හැබැයි හුගක් බ්ලොග් වල පොස්ට් තියෙන්නේ අතීතය ගැන..අතීතය කොච්චරනම් අපිට සමීපද කියලත් හිතෙනවා.

    ReplyDelete
  5. හිතට දැනුන පොස්ට් එකක් මල්ලි ඊලග ලිපියත් ඉක්මනින් ලියන්න එතකොට ලිපි 500 සම්පුර්ණයි......සුබ පැතුම්!

    ReplyDelete
  6. වාව් නියමයි දිනේශ් අයියේ...........

    අපිවත් ලස්සන ලස්සන මතකයන් ගොඩක් අස්සට අරගෙන ගියා මේ පෝස්ට් එක...එළ ඈ......

    දවසක අපිත් ඔය වගේ මතක් කරාවි හුඟක් දේවල් එක තැනකට වෙලා..හ්ම්ම් ..............දුකකුත් එනවා

    ReplyDelete
  7. රජ වීදිය කියන විදියට හුගක් බ්ලොග් කතා කරන්නෙම අතීතය තමා. ඇත්තටම අපි අපේ අතීතයට කොයි තරම් නන් ආදරේ කරනවද?
    ඒ මිහිරි අතීත සැමරුම් ඇති අය කොයි තරම් නම් වාසනාවන්තද?,

    ReplyDelete
  8. කැම්පස් ඒකෙන අවුට් වුන දවසක අපිත් මෙහෙම කියයි :)

    ReplyDelete
  9. කැමපස් යන්න ආස හිතෙනවා මේවා කියෙව්ව ම! ලස්සණ යි, දිනේෂ් අයියේ.

    ReplyDelete
  10. තිත තියන්න බැරි අතීතය තරම් මිහිරක් ඇද්ද?

    ReplyDelete
  11. ස්තූතියි දිනේෂ්! මගේ හිතත් අපේ සරසවි දිවියට මොහොතින් ගියා උබේ කථාව කියවලා. මම දැන් සරසවියෙන් පිටවෙලත් අවුරැදු 20 ක් වෙන්න එනවා. හැබැයි ඔය වගේ රසවත් සරසවි පෙම් පුරාණයක් මට නැහැ. නැවත උබේ ලිපි බලන්න එන්නම්. උබට ජය!!!

    ReplyDelete
  12. වයසට යද්දි හිතෙනවා ආයෙත් අතීතයට යන්නට ඇත්නම් කියලා.

    ReplyDelete
  13. වයසට යද්දි හිතෙනවා ආයෙත් අතීතයට යන්නට ඇත්නම් කියලා.

    ReplyDelete
  14. ශික් එලියට යන්නත් ලඟයි. මෙච්චර ලස්සන නැනේ අපේ කැම්පස් ජිවිතේ

    ReplyDelete
  15. මේ ඇත්තම ඇත්ත අත් දැකීම්ද?

    ReplyDelete
  16. මේ වර්ගයේ සුන්දර අත්දැකීම් ලබන්න තිබ්බ ආශාවටම තමයි මමත් දවසට පැය 4ක් පමණක් නිදාගෙන උපරිමයෙන් කැප වෙලා උ/පෙ ලිව්වෙ...ඒත් අන්තිමේ දශම ගානකින් මට කෙළවුනා. ඒත් ඒ සියල්ල අතීතයට එකතු කරලා මගේම කියලා අලුත් ගමනක් මම ගියා....එය යම් තරමකට සාර්ථකයි කියලා අද හිතෙනවා....නමුත් එක දෙයක් කියන්න ඕනෙ...වර්තමාන බහුතරයක් සරසවි ජීවිත මේ පෝස්ටුවේ කියවෙන ආකාරයේ ෆැන්ටසි නෑ...බොහොම කටුකයි...රළුයි...

    ReplyDelete
  17. හිතට දැනෙන්නම අතීතයක් අවුස්සල...එක දිගට කියවගෙන ගියා මල්ලි.

    ReplyDelete
  18. රොටරියෙ අපිටත් ඔය වගේම ක්ලාස් එකක් තිබුනා දිනේෂ්.. බාගෙට බාගයක් කපල්.. ඒත් ලගඳි ගිය වෙලාවක මං දැක්ක ඒ හැමදේම වෙනස් වෙලා..
    මට නං කැම්පස් යන්න ඕනෙ කියල ගානක් තිබුනෙ නෑ..පාස් වෙන්න විතරයි.
    විබාගෙට දවස් දෙහෙකට කලිනුත් වෙඩිමක් ගහන්න ප්‍රැක්ටිස් කරනව අපි..
    දැං ඒ එකමුතුව නැද්ද මංද ..
    ලමයි හරි අමුතු වෙලා බං..

    ReplyDelete
  19. පට්ට.... මම කැම්පස් ඇවිත් බොහොම ටික කාලයයි... මටත් ටිකෙන් ටික ඔය අත්දැකීම් එනවා....කැම්පස් ජිවිතේ තරම් සුන්දර දෙයක් තවත් න ඉතිං ... මොනා උනත් අයියේ පට්ටට ලියලා තියනවා ඔයා... ජය වේවා

    ReplyDelete
  20. මේ ගිතය ආ දවස්වල මතකයේ තිබුණා ඒත් කවුද කියන්නෙ කියලා මතක නෑ කසුන් ද මන්දා.. ඒ කොහොම වුනත් කවියට ගැලෙපෙන්න කතාාව ලියල තියෙනවා..

    ReplyDelete
  21. පැන්ටසි ඇවනියු එකේ සිංදුව !
    :)

    ReplyDelete
  22. හැබෑවටම අපිත් ඔහොම තමා. කැම්පස් එකේදී ලැබෙන සතුට වෙන කොහෙදිවත් ලැබෙයි කියල හිතන්න බෑ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්