Wednesday, 13 November 2013

කට්ටියම එන්න බොන්න



එක පාරම බොන්න එන්න කියලා කතා කලාම කට්ටිය බලනවා ඇති මොකද කියලා.. නෑ නෑ වර්ණ බ්ලොග් එකේ අද විශේෂ දවසක් නෙමෙයි.. ඒ වුනාට බොන්න හිතෙන වැඩක් මේක.. හරි අදාල කාරණේ කියන්න කලින් කතාවට මම ආපු හැටි කියලම වැඩේ පටන් ගන්නම්කෝ.. මෙන්න මේකයි සිද්දිය..

ඊයේ හවස මං නිවාඩුවක් දාලා ගෙදර හිටියා ආතල් එකේ මලක් එහෙම කඩාගෙන.. එක පාරම බාල්දිය දාගෙන කෝල් එකක් ආවා අපේ ලොක්කගෙන්.. නිවාඩු දවසෙත් ඉන්න දෙන්නේ නැහැනේ කියලා හිත හිත ගත්තා ෆෝන් එක..

" දිනේෂ් උඹ කොහේද  ඉන්නේ?"

" ගෙදර.."

" මොකද කරන්නේ?"

" මුකුත් නැහැ.. නිවාඩුනේ, මල් කඩනවා.."

" හා, මම ටිකකින් එනවා ලෑස්ති වෙයන් වයින් ටික්ක අරන් එන්න.."

ලොක්කගේ වයින් ගබඩාවට යනවයි කිවුවම ඉතින් මටත් නොයා ඉන්නම බැහැනේ.. අරයටත් බටර් පාරක් ගලා මාත් ටින් ගලා යන්න ලෑස්ති වුනා.. ලොක්කගේ වයින් ගබඩාවයි වත්තයි ගැන මම කලිනුත් කියලා තියෙනවනේ.. මාත් ඉතින් එන්න කිවුව ගමන් පැනලා යන්නේ ලොක්කා උගේ වැඩේ කර ගන්නකන් මට මිදි වත්තට පැනලා මිදි කන්න පුළුවන් හන්දා.. ලස්සන එල්ලෙන අක්කර ගානක මිදි වත්තක වැලෙන් කඩාගෙන මිදි කන්න ආස නැද්ද කවුරුවත්..

ඉතින් හවස අපි ගියා මිදි වත්තට.. ලොක්කා ෆැක්ටරියට යද්දී මම දිවුවේ වත්තට.. ටිකක් හොදට හොයලා බලලා හොදවයින් ගෙඩි තියෙන මිදි පොකුරකුත් කඩාගෙන මම හෙමීට ගබඩාව පැත්තට එද්දී එතන වැඩ කරන කට්ටිය ලොක්කගේ කැබ් එකට වයින් පටවනවා.. මාත් ඉතින් ටිකක් අස්සේ ඇවිදලා බැළුවා.. ලොක්කා ඉන්නවා කෙලවරක.. දූවිලි බැදිච්ච වයින් බෝතල් වගයක් තෝර තෝර.. අපේ ඉතින් බොන කට්ටිය දන්නවා ඇතිනේ වයින් කියන දේ රසය හොදට වැඩි වෙන්නේ කාලයක් යද්දී කියන එක.. හැබැයි ඉතින් එහෙම වෙන්නේ බෝතලේ නොකඩ ඉන්නකන් තමයි.. නැත්නම් කාලයක් යද්දී වෙන්නේ විනාකිරි..

" දිනේෂ් උඹ දන්නවද මේවා කොච්චර පරණද කියලා?"

" නෑ.."

" 1965"

" මේ උඹ හදන ඒවා නෙමෙයි නේ.."

" ඔවු.. මේ මම එක එක දිහා වල යද්දි ගෙනාපුවා.."

" ඇයි දැන් මේ හදිස්සියෙම තෝරන්නේ?"

" ටිකක් අරන් ගිහින් ලස්සනට තියන්න.."

මාත් ටිකක් බෝතල් ගොඩ දිහා බැළුවා.. මම ඉතින් අමද්‍යප වුනාට මේ වගේ දේවල් එකතු කරන්න ආසයි කියලා කට්ටිය දන්නවනේ.. මටත් දැක්කම මගේ ආසාව මතු වෙලා ආව හෙමීට..

" දොත්තෝරේ, එක ජාතියෙන් වැඩිපුර තියෙන එවයින් මටත් දෙක තුනක් දීපංකෝ.."

ලොක්කා මං දිහා බලල කුප්ප හිනාවක් දැම්මා..

" උඹ බොන්නේ නැහැනේ.."

" මටත් ලස්සනට තියන්න.."

" හා.. උඹට ඕන එකක් ගනින්කෝ.."

මාත් කියන පරක්කුවට මකුළු දැල් බැදිච්ච කාමරේ අස්සේ රිංගගෙන බෝතල් හොයන්න පටන් ගත්තා.. එක ජාතියේ ඒවා දෙක ගානේ නැහැත් එක්ක.. මම ඔන්න ඔහේ කියලා මට හිත ගිය බෝතල් ටික උස්ස ගත්තා.. මං ගෙනාපු බෝතල් ටික ගැන කියන්න කලින් අපි වයින් ගැන සුට්ටක් දැනගෙන ඉමුකෝ.. මේක කියවන්න එක නොබොන පොඩ්වුන්ට දැනුමට හරි දෙයක් තියෙන්න ඕනනේ ( එහෙම එවුන් එනවද මන්දා )

වයින් එහෙමත් නැත්නම් යුරෝපා විදිහට වීනෝ කියලා හදුන්වන මේ මද්‍යසාරයේ භාවිතයේ ආරම්භය සෑහෙන අතීතයට විහිදෙනවා.. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව බර ගනන් වලට.. ක්‍රිස්තුපූර්ව 6000- 4500 ත් අතර කාලය දක්වා අතීතයට පැහැදිළි සාක්ෂි තියෙනවලු මේ වයින් පාවිච්චිය ගැන.. වයින් වලට මූලිකවට යොදා ගන්නේ මිදි.. ඊට අමතරව කාලයත් එක්ක අනිත් පළතුරු වර්ග වලිනුත් මේ වයින් හදන එක පටන් අරන් තියෙනවා..

වයින් නිෂ්පදනය අතින් ඉහලින්ම ඉන්නේ යුරෝපය.. ඊට අම්තරව අනිත් රට වලත් වයින් හැදුවත් විදේශිය වෙළද පොලේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ යුරෝපා ඒවට.. දැන් කාලේ නම් මැශින් වලින් මිදි යුශ අරන් වයින් හැදුවට මොකද අතීත්යේ මේක වෙනස්.. ඒ කාලේ මිදි කඩනවා කියන්නේ ඒ වතු යායට හරියට අවුරුදු ලැබුවා වගේ.. සාද දාලා සිංදු කියන ගමන් ලස්සන ගෑණු ලමයි සායවල් උස්සන් මිදි දාලා තියෙන ලොකු ලී පෙට්ටි වල බැහැලා නටන කොට අර පෑගිලා එන යුශ එකතු කරන් තමයි වයින් හැදුවේ..

ඒ කලේ ඒවයේ ප්‍රමිතිය ගැන මට දැන් හිතුන එක මෙතන ලියන්න අමාරු හන්දා ඒක ඕන නෑ.. ඉතිහාස පාඩමත් ඇති.. මොකද ඒක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියෙනවනේ.. හරි දැන් යමු මම උස්සන් ආව ටික බලන්න..








බෝතල් වල අවුරුද්දත් එක්කම තියෙන හන්දා කට්ටියට පේනවා ඇතින් මම දූවිලි පිහලා ගත්තට කොච්චර පරණද කියලා.. ඔන්න බලන්නකෝ මම උස්සන් ආව හොදම එක කොහොමද කියලා..


ෆොටෝ ගන්න ඕනම හන්දා මේකේ පෙට්ටිය කැඩුවෙත් මමලු ඉතින්.. මම ඉපදෙන්නත් අවුරුදු 20කට කලින් ගහපුවා.. 

ලොක්කට පින් සිද්ද වෙන්න මගේ බෝතල් කලෙක්ශන් එකට ඇන්ටික් බෝතල් ටිකක් සෙට් වුනා.. දැන් ඉතින් නිකමට හිතන්නකෝ බලන්න අමද්‍යප මම තව අවුරුදු 50කින් වගේ මැරෙන්න කිට්ටුව මේවා තව කාට හරි දෙද්දී කොහොම වටින කමත් තියෙවිද කියලා..

මේවයේ ඉතින් පරණ නිසාම තියෙන වටිනකම මම හොදටම දන්නවා.. රස ගැන ඉතින් කියන්න නොදනිමි.. ඒක ඔය අපේ නොබොන සෙට් එකේ ඉන්න මාරයියලා, වෙනී අයියලා, නලීන් අයියලා, අටං අයියලා, සැමලා, වල් රජාලා වගේ භාග්‍යවන්තයෝ කියලා යන්නේ නැතැයි.. ;)


85 comments:

  1. මේක විකාරයක් නේ... අපිව අවුස්සන... මාරයා බොන්නෑ ඒකා ඇල්වතුර ටිකක් විරතක් බෝවි...

    ReplyDelete
    Replies
    1. අවුස්සන්නම කට්ටියනේ ඉතින්.. මාරයා ඇල්වතුරත් නිවලද දැන් බොන්නේ..

      Delete
  2. යකෝ එක්ස්පයර් වෙලා ඇති බොන්න එපා..

    අර ආච්චි කෙනෙක් බැඳපු කොල්ලෙක් ගෙ කතාව දන්නව නේද. ආච්චිගෙ දේපල බලාගෙන කොල්ලා ආච්චිව බැඳලා. ආච්චි අවුරුදු කිහිපයකින් මැරිල යයි කියල හිතල. ඒත් හනිමූන් එකට පහුවදා කොල්ල මැරිලා.. මරණ පරීක්ෂණයෙන් ඔප්පු වුණාලු..

    එක්ස්පයර් වෙච්ච කිරි බීල මැරිල තියෙන්නෙ කියල..

    බොන්න එපා.. යකොාාාාා්ව්... !!!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා බොල.. මම කෝමත් නොබොන එකා.. මේක මේ ලස්සනට තියන්න බොල උස්සන් ආවේ..

      ආච්චිගේ කිරි කතාව මොකද බං අමතක.. පවු බං අසරණයා..

      Delete
  3. වයින්වල අගේ වැඩිවෙන්නේ පරණ වෙන්ටලුනේ. ගැහැනු උදවියත් එහෙමයි කියලා අපේ අත්තම්මා කියනවා...:D:D

    ඒ කාලේ වයින් රහ වැඩි ඇති. ලස්සණ ගෑනු ලමයි සායවල් උස්සගෙන කකුල්වලින් මිදි පාගලා හදපු ඒවා හන්දා...

    ReplyDelete
    Replies
    1. සාය උස්සලා මිදි පාගන වැඩේ ගෑල්ලමයිට පුරුදු කරන එක එච්චර හොඳ මදි :)

      Delete
    2. රෙඩ් රෙඩ් ව...යි....න් ගොස් ටූ මයි හේ....ඩ්.....

      Delete
    3. පොඩ්ඩි අක්කේ, ආත්තම්මා කියන්නෙත් හරි කතා තමයි.. හික්ස්. මට එක පාරම හිතුනේ වෙනමම දෙයක්නේ..

      ඇත්ත ඇත්ත, ඒ කාලේ වයින් රහයි තමයිලු.. ඇයි ඉතින් පාගන ගෑනු ලමයින්ගේ දාඩිය මහන්සිය හොදට මික්ස් වෙලානේ එන්නේ..

      Delete
    4. අන්න මධුරංග අයියට වැඩේ තේරිලා වගේ.. ;)

      Delete
    5. සුදීක අයියා බොන්න එපා එහෙනම්..

      Delete
    6. ඒකනම් ඇත්ත පොඩි කුමාරිහාමි! සැරත් වැඩිවෙනවා..

      Delete
    7. හෙහ්, ඔය දන්නේ ඉතින් කට්ටිය හොදට..

      Delete
  4. යකෝ මෙහෙම අපරාද කරන්න වටිනවද මම අහන්නේ අද හවස මම යනවා බෝතලයක් ගන්න

    ReplyDelete
    Replies
    1. යකෝ පවුල ලංකාවේ ඉදන් අවා කිවුවා නේද?

      Delete
  5. ආයෙම ලංකාවට එනවා නං ඔයින් එකක් දෙකක් බෑග් එකේ දාගෙන වරෙං මල්ලි...

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ.. වාශ්ප වෙන වෙන සුළුයි.. ;)

      Delete
  6. වයින් ටිකක් බොන්න එපා අපායේ යන්නේ
    විස්කි බ්‍රැන්ඩි බිව්වම සුර ලෝකේ පෙනෙන්නේ

    ReplyDelete
    Replies
    1. මං නම් බොන්නේ නැහැනේ සුදීක අයියේ.. ඒ හන්දා ඉතින් කොහේවත් නොයා මෙහෙම ඉන්නවා..

      Delete
  7. එහෙනම් සෙට් වෙමු..මමත් උබ වගේම තමයි බන්..අපේ එවුන් සෙට් වෙනකොට අපිට තියෙන්නෙ සැන්ඩි සමග බයිට්..හි හි

    ReplyDelete
    Replies
    1. දාපං පහක්.. උඹත් මං වගේ කොකාකෝලා එකක් බීලා බයිට් එක ඩයට් එක කර ගන්නවද ;)

      Delete
    2. කොහොමත් උන් ඒක පාඩුවක් කියලා හිතන්නේ නෑ. වැඩි උණාම ගිහින් දාන්න ඉන්නේ අපිනේ

      Delete
    3. හික්ස් ආයෙත් අහලා.. කී දෙනෙක්ව ගිහින් දාලා ඇත්ද ගෙදට්ට..

      Delete
  8. මිදී වත්තේ ,, ෆැක්ටරියේ පොටෝ ටිකක් ගහගෙන ආවේ නැද්ද දිනේෂ් ... අපරාදේ.... ගොඩක් දෙනෙකුට දකින්න නොලැබෙන දෙයක්නේ ...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ නම් තියෙනවා.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න පුළුවන් කම තියෙන හන්දා ඉස්සරහට බලමු සහන් අයියේ..

      Delete
  9. දිනේෂ් මල්ලිගේ වයින් ලිපිය උදේම කියවලා නිකං හිත වයින් වෙලා ගියා. මම නම් වැඩියෙන්ම ආස රතු වයින් වලට. ඒකෙන් වෙරි වෙන විදිහ අරක්කු හෝ විස්කි වලට වඩා වෙනස්. වීදරැ දෙකක් විතර අනුමත වෙනකොට අමුතු ගතියක් එනවා. ඒක විස්කි වලින් ගන්න අමාරැයි. බොන අය දන්නවා මම කියන දේ. හැබැයි බොන්නේ නැත්නම් පුරැදු වෙන්න එපා. හැබැයි වැඩිය බිව්වොත් පහුවෙනිදට ඔළුවක් කඩෙන් ගේන්න වෙනවා. ලංකාවේ වගේ තැඹිලි මෙහේ කොයිනද? ඒ වගේම තමයි පහුවෙනිදා බොක. කළුම කළුයි...

    ReplyDelete
    Replies
    1. බෝතල් එකතු කලාට බොන්න කිසිම ආසාවක් නැහැ.. ඒ හන්දා අවුලක් නැහැ.. නැත්නම් ඉතින් එකතු වෙන්නේ හිස් බෝතල් තමයි..

      Delete
  10. අඩේ ෆොන්සේකා අයියත් වයින් කොම්පැණියක් දාලනේ...

    ගෑණු ළමයි නට නට පාගනකොට..... නෑ එක්කෝ ඕනි නෑ ඒක..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. මටත් ඒක දැක්කම මතක් වුනේ ඒක..

      එපා බං කියන්න.. මටත් සෑහෙන දේවල් හිතුනා..

      Delete
  11. සිරාවටම මාත් බොන්නෑ. ඒත් උඹේ හිත රිද්දන්න බෑනෙ බයිට් එක කන්න හරි එන්නම්කො.

    හැබැයි අ‍ර කෙල්ලො සාය උස්සන් වයින් හදපු කාලෙ ඔය ආරාධනාව ආවා නම් එක ශොට් එකකට හරි සෙට් වෙන්න තිබුනා. ;-)

    ReplyDelete
    Replies
    1. අඩේ බයිට් තිබ්බෙත් නැද්ද කොහේද බං.. ඔන්න ඔහේ අවුලක් නෑ.. හෙහ්, එහෙම උනානම් අපිත් බොනවනේ බං ;)

      Delete
  12. ලොක්ක මරුනෙ බං... ඔය වයින් කල්චර් එකේ එවුන්ට වයින් කියන්නෙ ආර්ට් වගේ තමයි... ඒ මදිවට ඒවයෙ ගනං.. !!! අපිට පිස්සු හැදෙන්නෙ උන්ට පිස්සුද කියල හිතල... හි හි

    ReplyDelete
    Replies
    1. හිරූ අක්කව දැක්ක කල්.. මං ඉතින් ලොක්කගේ පුතානේ.. ඉතින් මට දුන්නම මොකෝ.. ඇත්ත, ඒහ වෙනමම සංස්කෘතියක් කියලා හිතුනා මේකට ඔය විස්තර පොඩ්ඩ බලද්දී.. හිතුනොතින් ලියලා දානවා.. මිලෙන් වැඩි නම් ඒක ඉතින් ඉස්තරම්ම වයින් තමයි..

      Delete
  13. උන් විතරක් නෙමෙයි... අපිත් බොනවා...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆ්ට සිරි, බෝතලේ අල්ලලා වෙරි වෙලාද මන්දා මට මාතලන්ව අමතක වුනේ..

      Delete
  14. Replies
    1. ඉබ්බා කොච්චර ලොකු උනත් නංගියේ යතුර පොඩියිනේ... ඉබි යතුරු කොහොම දැම්මත් කමක් නැහැ.. අපි ආවම දෙන්නත් එක්කලා පිලි අරං ඔය යතුර එහෙමත් හංගලා තියෙන තැනකින් එළියට අර ගත්තනං හරි...

      Delete
    2. ඔච්චර මහන්සි වෙන්න ඕනැන්නේ නෑ... වත්තල කිට්ටුවෙන් ඔය ටික දාලා යන්ඩ කියහන් නඟා !

      Delete
    3. සුදූ, මට පේන්නේ දැන්නම් ඉබ්බෝ දාන්නම වෙයි වගේ..

      Delete
    4. මාරයියේ, යතුර හොයලා ගන්නකන් වත් හිටියොතින් තමා ඉතින් පුදුමේ..

      Delete
    5. වත්තල කොහේද තියෙන්නේ මධු අයියේ.. ;)

      Delete
    6. @ දිනේශ්.....වත්තලට යන්න පුළුවන් මත්තලින් ෆ්ලයිට් එකක් අරන් කටුනායකින් බැහැලා එතනින් ඔටුව පිටෝටුව බස් එකක නැග්ගාම.

      Delete
    7. හෙහ්, අපිට කෙලින්ම මත්තල බහින්න වෙන දවසක එහෙම තමයි කරන්න වෙන්නේ..

      Delete
  15. හනේ අපි ඕවට නැහැ... ඇහ් මේ අරක්කුම නෙවෙයි නේද..? වයින් කියන්නේ අවුසදයක් හැටියටත් හොඳ දෙයක්ය කියලා කියන එකේ.. ඔන්න ඔහේ මොකක් හරි බැරියෑ...
    (ළගදි ලංකාවට එනවැයි..? :D )

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මාරයියේ, අපේ කට්ටිය ඉතින් වැටෙන්න ගැහුවට වයින් කියන්නේ කෑම දිරවන්න උදවුවෙන හොද පානයක්.. ඒකනේ ඉතාලි කාරයෝ කෑම එක්ක වයින් වීදුරුවක් අනිවර්‍යෙන් බොන්නේ.. දවසකට වයින් වීදුරුවක් බොන්න කියලා ලමයි හම්බුවෙන්න ඉන්න අම්මලාටත් දොස්තරලා උපදෙස් දෙනවනේ..

      Delete
  16. පව් උඹලගෙ බොසා. අලුත් වයින් ටිකක් බොන්න පින නෑනේ. එක්ක වරෙං මෙහේ බටේ දිගේ එන අලුත්ම අලුත් දේශීය පානය දෙන්නං ඇති තරං බොන්න. :-)

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒවා බීලා ලොක්කා පණ එපා කියලා දුවයිද දන්නේ නෑ..

      Delete
  17. අඩේ උඹ එනකාලෙක මටත් එක බොතලයක් ගෙනත් දියන් බො..බොන්න නෙමේ ලස්සනට තියාගන්න තැන්කු....

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ වගේ සෙම තද උනාම ලස්සනටම තියෙයි.. ඔය උඩින් ඉන්න නිවුන් සහෝදරයා බෙහෙත ගැන කියලම තිබුනේ..

      Delete
  18. වයින් කියන්නේ මෙහේ ඉන්න මිනිස්සුන්ට නම් නැතුවම බැරි දෙයක් තමා මන් නම් රහා බලලා තියෙනවා පල් වතුර වගේ ඔය ජරාව මොකට බොනවද මන්දා?දිනේෂ් මල්ලි වයින් කාලවත් නැද්ද? හි...හි.... කාලා කිව්වේ මෙහේ සමහරක් කෑම හදද්දි වයින් පාවිච්චි කරනවනේ ඒ නිසයි

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මම කෑමට වයින් දානන් එපා කියනවා.. කියන්න බැරි වෙන වෙලාවල් වල ඉතින් අහම්බෙන් වගේ කැවෙනවා.. ඒක ඉතින් නවත්තන්න බෑ.. දැන් ඔක්කොටම වැඩිය වයින් වෙන කතාව, මම මල්ලිද වෙන්නේ.. අදනේ ඒක දන්නේ..

      Delete
    2. ඔව් නේ දිනේෂ් මල්ලි මාත් හිතුවේ අපි සම වයසේ කියලා කලින් පොස්ට් එකක උ.පේ කලේ 2006 කියලා තිබුනනේ.......

      Delete
    3. ඒකත් එහෙමද, හරියෝ ශානු අක්කේ..

      Delete
  19. යකෝ බොට ලස්සනට තියාගන්න ඔය බෝතල් ටික තියාගෙන ඇතුලේ තියන එව්වා මං වගේ එකෙක්ට දීකෝ පිං තකා. ඇයි යකෝ මාත් අමධ්‍යප උනාට වයින් මදපමනින් ධට්ඨානා වේරමනි යකෝ

    ReplyDelete
    Replies
    1. අම්මපා මුංගේ සත්වකරුණාව.. බෝතල් ටික එකතු කරන්න මම බෝතල් පත්තර කාරයෙක්ද බොලවු..

      Delete
  20. වයින් බූනන ආසාවක් ඇති වෙලා මමත් ඒක පාරක් ගෙනත් බිව්වා ගෙදරට හොරෙන්. අමධ්‍යප උනාට වයින් වලට මධ්‍යප. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔවු ඔවු එහෙම කියමු.. වයින් කියන්නේ පළතුරු බීමක්නේ..

      Delete
  21. වයින් බෝතල වල අවුරුද්ද ගහන්නෙ ගොඩක් කල් තියා ගන්න කියලා නොකියා කියන්න වගේ නෙව. එතැනදි වෙන්නෙ බොන්න හිතෙනවාට වඩා නොබී එකතුකරන්න හිතෙනඑකයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වැඩේට තමයි මාත් ආසම.. එතකොට වටිනකම්ක් එන හන්දා කාට වුනත් එකතු කරන්න හිතෙනවා..

      Delete
  22. උඹ අමද්‍යපද කියලා අපි කොහොමද බොල දන්නෙ...මට කියන්න තියෙන්නෙ අපරාදෙ තරුණ ජීවිතයක් නිකං නාස්ති වෙනවා කියලයි....

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් සිරා අයියලා අපි ගැන හිතන විදිහ තමයි..

      Delete
  23. මෙච්චර අරක්කු තියන රටේ මක්කටෙයි බං පල් වතුර උස්සං ආවෙ ?

    සුරාවෙහි ඇති සොමියත්
    එහි ඇති මනා ගුනයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවන දනෝ ( ගෑණු ) නොදනිත් !

    ඔය ටික විසිකොරපං .. විස්කි ලාබෙට දාන කාලෙ මේ !

    ReplyDelete
    Replies
    1. දැන් අමද්‍යප වුනාට ඉස්කෝලේ යන කාලේ බීලා තියෙනවා බං අයියේ.. ඉස්කෝලේ කතා සීරීස් එකේ ඒවා ලියන්න.. හිටින්කෝ මම මගේ විස්කී කලෙක්ශන් එකත් දාන්න හෙමිහිට එහෙනම්..

      Delete
    2. විස්කිද ? ආශීර්වාද ලත් පානයක්නේ බං.
      අන්න බීම.. මට සෙට්ම ගල් බං.
      මෙහෙ ගල් නෑනෙ.. වැයික්කිය රොමාන හොඳා !!
      දාපං කලෙක්ශන් එක..
      බඩු මදි උන රෑ වෙලාවක ඇවිත් යන්න බැරියෑ :-)
      වැඩිපුර කීයක් හරි දුන්නත් අපේ එකෙක්ටනෙ
      :-)

      Delete
    3. දාන්නම් දාන්නම්.. මේ නත්තටල තෑගි හම්බුවෙන ඒවත් එක්කම දාන්නම්.. වේක්කියෝ රොමානා තමයි කොලිටිම..

      Delete
  24. අපිත් බොනවා... පාන අතර සුමිහිරි පානය.... අනේ අපි මේව එකතු කරන්න කියල හිතුවොත් දවස් දෙකයි තුනයි උපරිම අන්තිමට හිස් බෝතල් විතරක් ඉතුරුවෙයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි යන්නේ නෑ රත්නායක අයියේ.. අඩු ගානේ එක බෝතලයක් වත් පරණ වෙන්න අරිමු..

      Delete
  25. ඔය ගෑල්ලමයි වයින් හදන හැටි බලන්න දෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දැන් ඒ සිස්ටම් එක නැහැනේ බං.. තිබ්බනම් බලන්න තිබුනා.. තාම හැබැයි ලතින් ඇමරිකා වල ඕක තියෙනවලු ටිකක් විතර..

      Delete
  26. A Walk in the Clouds කියන film එකේ ඔය ගෑණු ළමයි මිදි යුෂ හදන එක ලස්සනට පෙන්නාලා තියනවා. ආසාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මුන්ට ඒවනම් මතකයි හොදට..

      Delete
  27. හරි ලස්සන බෝතල් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ උස්සන් ආවේ..

      Delete
  28. දිනේශ්........මම කැමතිම විෂයක්. මගේ පැරණි ජොබට අදාලයි....මොනවා හරි ටිකක් ලියන්නම් එකතුවක් හැටියට.

    1වැනි ෆොටෝ එකේ තියෙන Blauburgunder කියන වයින් බෝතලය ෂුවර් එකටම ජර්මන් හෝ ඔස්ට්‍රියන් විය යුතුයි. බෝතලය දුඹුරු පාටනම් ජර්මන්ම විය යුතුයි කියලා හිතනවා.

    3වැනි ෆොටෝ එකේ තියෙන්නේ Asti එකක්. Spumante නම් ඉතාලි විය යුතුයි. Astiකියන්නේ Sparkling Wine එකක්. නමුත් Champagne නෙමේ.ඊට වඩා ලාභයි. හදන Process එකත් වෙනස්.

    7වැනි ෆොටෝ එකේ තියෙන්නේ Port එකක්. මේක්ත් සාමාන්‍ය වයින් හදන process එකට වඩා වෙනස්. මේක After Meal Dessert Wine එකක් හැටියට තමයි පාවිච්චි වෙන්නේ . Port ඉස්සෙල්ලාම හැදුවේ පෘතුගාලයේ. මෙහි වර්ග කීපයක් තියෙනවා. LBV, Ruby, Tawny වශයෙන්. ෆොටෝ එකේ තියෙන Fonseca (ෆොන්සෙකා) නම brand එකක්.

    අනිත් ඒවානම් සාමන්‍ය වයින් වර්ග. හැබැයි ටිකක් පරණයි. කලෙක්ෂන් එකකට හොඳයි..වයින් කලෙක්ෂන් එකක් තියාගන්න කෙනෙක් ඒ විෂය ගැන ටිකක් දැණුවත්නම් කලෙක්ෂන් එකේ වටිනාකම වැඩිවෙනවා. ඕනෑම කලෙක්ෂන් එකක් එහෙමයි නේද?

    වයින් ගැන ලියන්න ගියොත් සීරිස් එකක් ලියන්න වෙනවා. ඉතාම රසවත් විෂයක්. වයින් වගේම උඹේ ලිපියත් රසවත්.

    ReplyDelete
    Replies
    1. අයියා මේ ගැන සෑහෙන්න විස්තරයක් දන්නවනේ.. මේ කමෙන්ට් එක උඩින්ම වැටුනනම් කියලා වැඩක් නෑ.. මම බෝතල් ගෙනව ගමන් නෙට් එකේ විස්තර හෙවුවා..

      1එක ජර්මන් එකක් තමයි.. ඒකේ පිටි පස්සේ ගහලම තියෙනවා..

      3එක ඉතාලි.. මම හිතුවේ ඒක ශැම්පේන් එකක් කියලා.. බලද්දී එහෙනම් ඒක එහෙම නෙමෙයි..

      7 වෙනි එක පෘතුගාලේ තමයි.. අර යට තියෙන පින්තූරේ ඔක්කොම විස්තර තියෙනවා..

      අර 6වෙනි එක lo spana ගැන තමයි මට හොයා ගන්න බැරි වුනේ.. දන්නවනම් කියන්නෝ..

      සාමාන්‍ය වුනත් වයින් පරන වෙද්දී සෑහෙන වටින කමක් එනවා.. විශේෂයෙන්ම දැන් ඒ බ්‍රෑන්ඩ් එක ගහන්නේ නැත්නම්.. කනාවට වගේ සෙට් වුන ඉල්ලම අහක දාන්න පුළුවන්ද අයියේ ඉතින්..

      Delete
    2. Spanna කියන වචණයත් එක්ක Spanish Wine එකක් කියා හිතාගන්න පුළුවන්. මට මේක හම්බවෙලා නැහැ. ස්පාඤ්ඤය කියන්නෙත් වයින් හදන රටක්. නමුත් මම පෞද්ගලිකව ස්පැනිශ් වයින්වලට කැමති නැහැ. මගේ ටේස්ට් එක නෙමේ. කවුරුහරි දුන්නොත් බොනවා. නමුත් Rioja කියන ලේබල් එක තියෙන වයින් සාමන්‍යයෙන් Heavy Bodied Wine. හොඳ Sherry වර්ග එනවා ස්පාඤ්ඤයෙන්.

      Delete
    3. අයියා මේවා ගැන මෙච්චරම දන්නේ වැඩ කරන්නේ මේ සම්බන්ද තැනකද? රස්සාව පෞද්ගලින දෙයක් නිසා පිළිතුරක් නොදුන්න කියලා අහිතක් නෑ.. මට හිතුන නිසා ඇහුවේ..

      Delete
    4. මම මේ හා සම්බන්ධ රැකියා තමයි තරුණ කාලේ කරේ...මම වයින් සහ චීස් සම්බන්ධව තරමක් දුරට ඉගෙණ ගෙන තියෙනවා. කෑම බීම සහ ඊට අදාල අනිකුත් සියළුම විෂයන් ගැන මට ප්‍රමාණික දැණුමක් තියෙනවා..හෙට අනිද්දා ලංකාවට එන රජ කුමාරයාව මම පෞද්ගලිකව දවස් දෙක තුනක් බලාගෙන තියෙනවා. ඒ ගැන සමරු සටහන් සමහරක් තවමත් තියෙනවා..මගේ කතාවේ ඒවා ගැන ලියවෙයි ඉස්සරහට. පඩ ටෝක් එකක් පොර ටෝක් එකක් යැයි නොහිතන්න.

      Delete
    5. අහ් එහෙනම් නියමයිනේ. ලියමු ලියමු.. මාත් ඒක කතා ටික කියවමින් එන්නේ.. මොන පොර ටෝක්ද. ඔන්න ඔහේ ලියන්න..

      Delete
    6. la spanna (ලා ස්පන්නා) italian wine ( nibio grapes) වලින් හදන වයින් එකක්. තවමත් මට මතක විදියට biella Tuscany පැත්තේ ස්පන්නා canting එකක් දෙකක් තියෙනවා. ජෙනරලි වල් මස් hunt meats එක්ක combination එක යන්නේ.
      වයින් එකක් විදියට එච්චරම හොඳ එකක් නෙමෙයි.

      Delete
    7. මම ඒත් බැලුවා ඇයි රංගිගේ වටිනා අදහස් ටික එන්න පරක්කු උනේ කියලා. දැන් හරි නේද වර්ණ. රංගි ඔතන දඩමස් වලට Hunt Meat කියනවාට වඩා Game Meat කියන එක නිවැරදියි.

      Delete
  29. ara midi paagana kathawa aththada ane. asai ehema ekak balanna

    ReplyDelete
    Replies
    1. අහ්, ඔවු ලොකූ.. ඉස්සරම එහෙම තමයි කලේ.. ඔය සමහරක් ෆිල්ම් වලත් ඕක තියෙනවා..

      මෙන්න මේ වීඩියෝ එක බලන්න.. මේ සිංදුවෙත් තියෙනවා ලොකු..

      http://www.youtube.com/watch?v=aLwsUzUFpbw

      Delete
  30. අදටත් ගමේ උත්සව වලදි අර ඉස්සර වගේ කාන්තාවන් හා පිරිමින් එකතු වෙලා නටන කොට පොඩි වෙලා මිදි යුශ ගන්න තැන් ඕනේ තරම් තියෙනවා. ඒත් තව දුරටත් ඒවා සාමාන්‍ය ජන ජීවිතයට නෑ ශෝ ඕෆ් විතරමයි. දැන් සාමාන්‍ය ගොවියාගේ මිදි ටිකත් යුශ කරගන්න කැන්ටිනා එකකට අරන් යනවානේ.
    ඒ කාලේ hygiene ප්‍රශ්න කෙසේ වෙතත් දැන් වගේ මල ජරාව නම් වයින් වලට එකතු උනේ නෑ. දැන් වයින් වලට දාන රසායනික සාන්ද්‍රන ඒ තරම් හිතකරයි කියන්න බෑ. ඉස්සර වයින් හදද්දි natural fermentation එකක් විතරයි වුනේ.

    මේ වයින් බොන්න නම් රෙකමන්ඩ් කරන්න බෑ තවදුරටත්. ලස්සනට තියාගන්න. අනික මේ වයින් අර parteoli reserva එක ඇරෙන්න මේ වගේ කල් තියාගෙන බොන්න හදපු වයින් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. රංගි.....ඉතාම නිවැරදි සහ වටිනා අදහස් එකතුවක්!!!!!!!!!!!!!!!!

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්