Monday, 11 November 2013

මුලාසි ආස්වාදය



තැනින් තැන එකතු වෙලා තිබුන වතුර වල තිබුනේ මහා පල් ගඳක්.. ඊයේ යාන්තමින් වැටුන වැහි පොදට එහා පැත්තේ තියෙන ඇළ පාර උතුරලා ගිහින් කියන එක කුණුත් එක්ක ඉතුරු වෙලා තියෙන වතුර වලවල් දැක්කම හොදටම කියන්න පුළුවන්.. හරියට අඬියක් තියන්නෙවත් කොතන්ටද කියලා හිතා ගන්න බැරි වෙන තරමටම හැම තැනක්ම වතුරෙන් පිරිලා වගේම මඬට එරෙනවා..

" උඹට හොදටම ශුවර්ද මේ ගමන ගැන.."

" බය නොවී වරෙන් මලීශයෝ.. උඹ එන්න කලින්නම් ලොකු ටෝක් නේ දැම්මේ.."

" හරි ඒත් තැන මේ වගේ වෙයි කියලා හිතුවේ නැහැනේ.."

නිමේෂ්ගෙන් ඒකට හරි හැටි උත්තරයක් ලැබුනේ නෑ.. ඩෙනිමේ අඟලක් විතර පල්ලෙහට යනකන් එරෙන මඩේ නිමේෂ් ඇවිදන් ගිය අඩි පාර දිගේම යන්තම් ඇඟිලි තුඩු විතරක් හිටින්න, කකුල තියාගෙන ඇවිදන් ආවේ යන්න හිතාගෙන ආව ගමන ගැන හිතේ එනකොට තිබුනට වැඩිය රැදුන බයකුත් එක්කම..

ලෑලි ගෙවල් ඉස්සරහා වාඩි වෙලා හිටිය සමහර ගෑණු උන්ගේ මුණ දිහා බලද්දී හිනා වුනේ සමච්චලයට වගේ.. උන්ට මූණ බලලා හැමදේම තේරුම් ගන්න පුළුවන් වගේ කියලා සමහර වෙලාවට හිතෙනවා.. උඩට බැනියමක්වත් නැතුව බීඩි කොටේ කටේ ගහන් ඉන්න වයසක පිරිමි ඒ ලගින් යද්දී අත පාන්නේ වැරදිලා හරි කීයක් හරි අතේ තියයි කියලා හිතාගෙන වෙන්න ඇති.. ඒ හැම දෙයක්ම අතරේ සමහරකගේ තියුණු බැල්මෙන්  මිදිලා යන එක හිතන තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියන එක මේ ඇවිදන් ආව පුංචි දුරට තේරුම් ගන්න එක අමාරුවක් වුනේ නැහැ..

" උඹ කලින් මෙතන්ට ඇවිත් තියෙනවද?"

" ඔවු බං, බයෝ ක්ලාස් එක කට් කරලා දවසක් උන් එක්ක ආවා.. ඇයි උඹ ඇහුවේ?"

" නැහැ නිකන්.."

උතුරමින් තිබුන කුණු කානු උඩින් පැනගෙන යන එක නිමේෂ්ට ඒ තරම්ම ගනක් නොවුනට එන් එන්නම හිතේ චකිතය කලින්ට වඩා වැඩියෙන් දැනුනා.. ආපහු හැරෙන්න හිත කිවුවත් නිමේෂ් ඉස්සරහා ලැජ්ජ වෙන්න බැරි කමටම සද්ද නැතුව ඒ පස්සෙන්ම ආවා..

" මට හරියටම තැන මතක නෑ.."

" උඹ කලින් ආවයි කිවුවනේ?"

" ඔවු බං.. ඒ රුවනයා එක්ක.. ඌට මේවා කට පඩම්.. අපි කාගෙන් හරි අහලා බලමු.."

" උඹට පිස්සුද?"

" උඹට බැරි නම් ඔහොම හිටපං.. මම අර නාකියගෙන් අහලා එන්නම්.."

ලෑලි ගේක වහලේ රැදුන වතුර පාරක් ටිකෙන් ටික හිල් වුන වහලෙන් වැටෙන දිහා බලාගෙන හිටපු වයසක මනුස්සයෙක් නිමේෂ්ගේ කතා කිරිල්ලට අමාරුවෙන් එලියට එන දිහා ඊට ටිකක් ඈත ඉදන් මම බලාගෙන හිටියා.. මම මේ මොකද්ද කරන්නේ? කොහේද ඉන්නේ? මගේ හිත එක තත්පරේකට දෝංකාර දෙනවා වගේ දැනුනා.. ඒත් එක්කම වගේ ආයෙම පිටි පස්ස හැරිලා බැළුවේ ආපහු යනවද කියලා හිතන ගමන්ම..

නිමේෂ් එක්ක කතාකරපු වයසක මනුස්සයා ඈත ඉදන් මං දිහත් නිමේෂ් දිහත් මාරුවෙන් මාරුවට බැළුවේ මුණේ මහ අමුතු හිනාවකුත් එක්ක.. මම හිටපු තැනින් අඩියක් දෙකක් එහාට වුනේ හිතේ මොහොතකට ආව චකිතයෙන්..

" ඒ යකා ඒක කියන්නත් රුපියල් සීයක් ගත්තා.."

නිමේෂ් එහෙම කියාගෙන එද්දී මගේ හිතට ආවේ තරහක්..

" ඔතන්ට යන්න කලින් තව කී දෙනෙක්ට කීයක් දෙන්න වෙයිද දන්නේ නෑ."

" නෑ නෑ මේ ලග.. අපි පහුකරගෙන ඇවිත්.."

මට කේන්ති ගිහින් බව තේරුණ නිසාද කොහෙද ඊට වඩා දෙයක් කියන්නේ නැතුවම මගේ ඉස්සරහින් ඇවිදන් ගියපු නිමේෂ් නැවතුනේ ලෑලි ගෙවල් කීපයක් අතරින් තිබුන තරමක විදිහේ හොද ගෙයක් ලග.. ඒත් ඒක මේ හම්බුවෙන ගානෙන් පිට ඔපේ පේන්න හදාගත්ත එකක් කියලා තේරුණේ ගෙට අඩිය තියද්දීම වගේ..

අපි ඉස්සරහට ආව මිනිහට තිබුනේ තද රතු වුන ඇස්.. ලයිට් එකක් වත් නැති ගෙදර ඇතුලේ ඉදන් එළියට එද්දී ඒ ඇසුත් එක්ක ඒ මිනිහව එක පාරට පෙනුනේ යකෙක් වගේ.. සමච්චලේට වගේ අපි දිහා හිනාවක් දාගෙන බලාගෙන හිටපු ඒ මිනිහා දිහා බලාගෙන ඉන්න එකත් මොහොතකින් එපා වුනා.. මට ඕන ඉක්මනට මේක ඉවරයක් කරලා යන්න.. හිතට ආව එකම දේ ඒක..

" උඹලට මොනවද ඕන?"

" මේරි අක්කා ඉන්නවද?"

" මොකටද?"

නිමේෂ් සාක්කුවේ තිබුන දෙදාහේ කොල තුන ඒ මිනිහ දිහාට දික් කලේ කලින් මෙතනට ඇවිත් පුරුද්දක් තිබුන හන්දා.. දෙදාහේ කොල තුන නවලා අරගෙන සරමේ ඉන අස්සේ ගහ ගත්ත ඒ මිනිහා අදුර අස්සෙන්ම ආයෙම කාමරේට ගියේ කිසිම දෙයක් නොකියා.. විනාඩියක් දෙකක් යනකන තිබුනේ නිහැඬියාවක්.. නිමේෂ් දිහා මුණට මුණ බලාගෙන හිටපු ඒ ටිකේ දැනුන හැඟීම මොන වගේ එකක්ද කියන්න හරියටම දන්නේ නෑ..

වැඩි වෙලාවක් යන්න කලින් මේරි අපි ඉස්සරහට ආවේ කලබලෙන් නින්දෙන් ඇහැරුණ ගමන් කියන එක මුණෙන් හොදටම පේන්න තිබුනා.. අවුල් වෙලා ගිය කොණ්ඩෙත් එක්ක ඇග වැහෙන්න ඇදන් හිටපු පරණ චීත්ත රෙද්ද එක්ක හිතට ගෙනාවේ අප්‍රසන්න හැඟීමක්..

" මේ පොඩි කොල්ලොනේ සිරිලෝ.. උඹත් සල්ලි ගනිද්දි හිතන්නේ බලන්නේ නැද්ද?"

" ගාන දෙනවනම් ලොකු පොඩි මොකෝ බං.."

" උඹ කිවුවට කේස් වුනාම මමනේ ඇතුලේ ලගින්න ඕන.. ඒ, උඹලගේ වයස කීයද කියපං.."

ඈ ඒ පාර හැරුනේ අපි දිහාවට.. නිමේෂ් කතා කරයි කියලා හිතුවත් ඌත් සද්ද නැතුව ඉදියි කියලා එවෙලේ කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ..

" කියපං, උඹලා තාම ඉස්කෝලේ යන එවුන් නේද?"

" සති දෙකකට කලින් වෙන කට්ටියක් එක්ක මම ආවේ මේරි අක්කේ.."

එච්චර වෙලා සද්ද නැතුව හිටපු නිමේෂ් ගොත ගහද්දී මම බැලුවේ මේරිගේ මුණ දිහා..

" අපි තව දාහක් වැඩියෙන් දෙන්නම්.."

මේරි කලේ බොරු රඟපෑමක් වගේ නිමේෂයා එහෙම කියපු ගමන් ඒ මූණේ තිබුන කේන්තිය අඩු වෙලා යන හැටි මම හොදටම දැක්කා.. නිමේශ් දික් කරපු අනිත් දාහේ කොලෙත් ඉක්මනට උදුරලා අර ගත්ත ඒ මිනිහා මේරිට තට්ටුවක් දැම්මේ අපි කියන දේට කැමති වෙයන් කියන්න වගේ..

" හරි, කවුද ඉස්සෙලා එන්නේ? දෙන්නම එකට එනවනම් තව ගාන වැඩි වෙනවා.."

" නැහැ මම එන්නම්.."

නිමේෂ් පුරුදුකාරයා නිසා ඉස්සර වෙද්දී ඒ මග තිබුන ප්ලාස්ටික් පුටුවක ඉදගත්ත මට හිතන්න ඳේවල් හුඟක් තිබුනා.. ඒත් හිත ඒ දේවල් පස්සේ යන්න කලින් ඒ ලගම තිබුන කාමරේන් ඇහුන සද්දේ හිත තව තව ඒ පැත්තටම ඇදලා ගත්තා.. ඇදේ කිරි කිරියත් එක්ක අතරින් පතර ඇහුන කෙඳිරිල්ල විනාඩි හත අටකින් ඉවර වෙද්දී නිමේෂ් එලියට ආවේ මහා ලොකු දෙයක් දිනපු මිනිහෙක් වගේ ආඬම්බරෙන්..

" උඹ පලයං මලීශයා.."

මගේ උරෙස්සට තට්ටුවක් දාපු නිමේෂ් කලිසමේ බොත්තම දාගන්න ගමන් ගෙයින් එළියට යද්දී මම කාමරේට ඇතුළු වුනේ හිත හුඟම වේගයෙන් ගැහෙද්දී.. කාමරෙන් ගොඩක් හරිය වැහිලා තිබුනේ කළුවරින්.. ඇදට හරි උඩින් පත්තු වුන පොඩි ලයිට් එකෙන් නිරුවතින් ඇදේ හාන්සි වෙලා හිටපු මේරිව දකිද්දි හිත තවත් වේගෙන් ගැහෙන්න ගත්තා.. ෆිල්ම් එකකින් විතරක් දැක්ක ගෑණු නිරුවතක් හැබැහින් දැක්ක පළවෙනි වතාව..

ඒත්, මේරිගෙන් දැක්ක නිරුවතට හිත ආස වුනාට වැඩිය එක මොහොතකින් දැනුනේ පිළිකුළක්.. තැනින් තැන කළු වෙලා ගිය ඇද ඇතිරිල්ලේ මේරී කී දෙනෙක් එක්ක නිදා ගන්න ඇද්ද? මගේ ඔළුවට ඉස්සෙල්ලාම ආවේ ඒක..

" මොකද බලං ඉන්නේ?"

මම යාන්තමට ඔළුව හෙල්ලුවේ කියාගන්න දෙයක් නැති වුන හන්දා.. එකින් එක කමිසේ බොත්තම් ගැලෙවුවත් දෑත සමහරක් වෙලාවට ඒක නතර කරනවා වගෙයි..

" මොකද මේ පළවෙනි පාරද?"

" ඔවු.."

" මං වගේ ගෑනියෙක් එක්ක ඉන්න එන පළවෙනි සැරේද එහෙම නැත්නම් කලින් කරලම නැද්ද?"

මගෙන් උත්තරයක් නොලැබෙද්දී මේරි හයියෙන් හිනා වුනේ මගේ හිතේ තිබුන දේ කියවලා වගේ.. හාන්සි වෙලා හිටපු ඇදෙන් නැඟිටලා මගේ ලගට ඇවිත් මගේ කමිසේ ඉතුරු බොත්තම් දෙක ගලවලා ඒක පැත්තකට දැම්මේ හිනා වෙන ගමන්ම..

" මං ගාවට එන ගොඩක් කොල්ලෝ ඔහොම තමයි.. මම උගන්නලා ගන්නම්.."

ඇදට තල්ලු කරපු මම ඇදේ ඉදගනිද්දී මගේ ලගට ආව මේරි නිරුවත් ලමැදට මගේ මුණ ඔබා ගනිද්දී මේරි ලගින් ආව දාඬිය ගඳට මට ඕන වුනේ ඇගෙන් ඈත් වෙන්න.. ඒත් තදේටම අල්ලගෙන මුණ පුරා අරගෙන ගිය ලමැදෙන් ගැලවෙන්න මට පුළුවන් වුනේ නෑ..

විනාඩි දහයක් විතර සිහි විකාරයෙන් ගෙවිලා යන්න ඇති.. කමිසේ අදින ගමන් මම එළියට එද්දී නිමේෂ් අර මිනිහත් එක්ක එකතු වෙලා සිගරට් එකක් පත්තු කර ගෙන..

" උඹටත් ඕනද?"

" එපා.."

" කොහොමද වැඩේ?"

" අපි යමුද?"

මට ඕන වුනේ එතනින් ඈතට දුවලා යන්න.. තවත් කීයක්ද මන්දා නිමේෂ් ඒ මිනිහගේ අතේ තිබ්බේ ඇයි කියන්න මම දන්නේ නෑ.. මට ඒක දැන ගන්න ඕන කමක් තිබුනෙත් නෑ..

" ආයෙම දවසක එන්න මහත්තයලා.."

ගෙදර වැට කඬුල්ල පැනන් එද්දී ඒ මිනිහා කෑ ගහලා කියනවා ඇහුනත් ආයෙම එන්න තරම් වුවමනාවක් නිමේෂ්ට කොහොම වුනත් මගේ හිතේ නම් තිබුනේ නෑ..

" කොහොමද මචං, එන්ජෝයි කලාද? මම කිවුවේ කෙල්ල නියමයි කියලා.."

" අපි ඉක්මනට යමුද නිමේෂ්.. මට මේ මුඩුක්කුවේ ගඳ ඉවසන් ඉන්න බෑ.."

" උඹට මුඩුක්කුවේ ගඳ ඉවසන්න බෑ.. ඒකිගේ දාඬිය ගඳ ඉවසන් ඉන්න පුළුවන්.."

නිමේෂ් විහිළුවට වගේ කිවුවා වුනත් ඒ වචන හිතට පිහියකින් අනින්න වගේ දැනෙන්න වුනා.. ඇත්තටම මම ඇයි ආපහු හැරුණේ නැත්තේ.. ආසාව නිසාද? රාගය නිසාද? මොකද්ද ඒක?






44 comments:

  1. Replies
    1. ඔවු ඔවු ඒකත් වෙන්න බෑ..ඔය කාලෙට ඔහොමනේ ඉතින්..

      Delete
  2. උඹ ඉතිං බබා වෙන්න හදනව නේ !

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන්වනේ බං ඉතින් ලඟින් ඇසුරු කරන්නේ..

      Delete
  3. ආයේ දවසක එන්න මහත්තැන්ලා...

    ReplyDelete
    Replies
    1. හෙහ්, දේශකයා යන්න වගේ කල්පනාව..

      Delete
  4. මට මතක් වුනේ අපේ ටිරා ගැන පොරටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. තාත්විතිකයි මම මේ කතාව ලියන්න කලින් අයියගේ මේරි අක්කගේ කතාව කියවල තිවුනා නම් මෙයිට වැඩිය තාත්විතිකව මට ලියන්න තිබුනා.

    http://chithula.blogspot.ae/2013/02/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. මම මේක ලියද්දි කල්පනා කලා බං කවුරු හරි මෙහෙම ඇත්ත එකක් ලිවුවා නේද කියලා.. උඹ බව මතක් වුනේ දැන්නේ ඉතින්.. ඒක හොදට තාත්විකව තිබුනා බං..

      Delete
  5. ඔන්න ඔන්න ඕකනෙ කියන්නෙ අපිට කොලේ වහනව කියල...ඇත්ත කියපන් උබ ආයෙත් මේරි නෝනව බලන්න ගියා නේද?

    ReplyDelete
    Replies
    1. ඕකනේ උඹලා එක්ක බැරි.. ඕන නැති ප්‍රශ්ණමනේ අහන්නේ..

      Delete
    2. පොඩ්ඩි අක්කගේ හිනාව.. ;)

      Delete
  6. මේ දවස්වල දිනේශ්ගේ හිත අරහේ මෙහේ දුවනවා නේද? හී හී....

    'මුලාසි ආස්වාදය' කියන්නේ මොකක්ද අනේ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෆොයි නෑ.. මගේ හිත එහේ මෙහේ දුවනවනම් ඉතින් සුදූගෙන් ඉන්න හම්බුවෙන්නේ නෑ.. මම ඉතින් හොද ළමයනේ..

      Delete
    3. මේකට නමක් හිතාගන්න බැරිව ඉද්දී මෙයා දාලා තියෙන්නේ මටත් එක පාරම මීටර් නොවෙන නමක්.. හෙහ්.. ඒකත් නරකම නෑ..

      Delete
  7. උඹ බබා... අපි නම් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ මාතලන් අයියලා එක්ක බැරි..

      Delete
  8. අර පොඩ්ඩිට තියෙන ප්‍රශ්නෙම මටත් තියෙනෝ...

    ReplyDelete
    Replies
    1. ඒක මටත් ප්‍රශ්ණයක් වුනානේ දැක්ක ගමන්ම..

      Delete
  9. මුලාසි ආශ්වාදය කියන්නේ මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. නම දැන්ම එක්කෙනාම ඔය උඩින් උත්තරේ දීලා තියෙන්නේ..

      Delete
  10. ආසයි බයයි අපිට නම් ඔන්න

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමයි... ;)

      Delete
  11. උඹලා පොඩි කොල්ලෝ නේද??. හි..හි..
    කොල්ලො පොඩි උනාට වැඩ නම් පොඩි නෑ කියලා හිතෙන්න ඇති මේරිට. ;-)
    කොහොම උනත් කතාව ලස්සනයි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. එවුවා ඉතින් දන්නේ මේරි තමයි.. සමහරක් වෙලාවට ඉතින් ඕවා පස්සේ යන්නේ ඔය වයසේ අය තමයිලුනේ..

      Delete
  12. අපිත් ඔය වයස කාළේ ගොඩක් කොල්ලන්ගේ වගේම අපෙත් හීන වල ඔවැනි දේ තිබුනා. ඒත් ඇත්තට කරන්න ගියානම් මටත් ඔවැනි හැගීමක් එයි කියලා හිතෙනවා. මට එච් ඩී ප්‍රේමරත්න මහත්තයාගේ මංගල තෑග්ග චිත්‍ර පටියත් මතක් උනා. විශිෂ්ඨ රචනයක්!!!

    ReplyDelete
    Replies
    1. ඒ හැඟීම නොඑන කෙනෙක් ඉතින් නැහැනේ.. ඒක සමාන්‍යයි..

      මංගල තෑග්ග මම බලලා නැහැනේ අෆ්ෆා..

      Delete
  13. බොහොම ලස්සනට කථාව ගොඩනගලා තියෙනවා...මේ වගේ ගෑණියෙක්ට රු 6000/- හොදටම වැඩියි නේද මලේ...

    ReplyDelete
    Replies
    1. ගනන් ගැනනම් ඉතින් නොදනී සිරා අයියේ.. ඔය ලියන් යද්දී හිතට ආව එකක් තමයි දැම්මේ..

      Delete
  14. හොඳ වෙලාවට මදාරා අක්කා නමේ තේරුමත් කමෙන්ට් එකකම දැම්මෙ. මාවත් කොයිල් වෙලා ගියා බ්ලොග් රෝලෙ මේ නම දැක්කාම.

    ලස්සන කතාව අයියේ... මටත් අප්‍රසන්න හිතුනා කියෝගෙන යනකොට නම්. මම හිතුවෙ මලීෂ හැරිලා එයි කියලා.

    ReplyDelete
    Replies
    1. මං කොයිල් පැකට් එකක්ම වෙලා අහලා බේරුමක් කර ගත්තේ.. හැබැයි ඉතින් මේ වැඩේ එයාට බාර දුන්නයින් මාත් අළුත් වචනයක් ඉගෙන ගත්තා..

      ආපහු හරවන්න හිතුනා මට.. එතකොට කතාවෙන් වැඩක් නැති වෙන්න තිබුනා..

      Delete
  15. මීට අවුරුදු 34 ක් එහාට මාව අරන් ගියා....මුදල් දී වතුර මාරු කර ගැනීමේ පළමු අත්දැකීම.. තාම මතකයි. පන්නිපිටිය දුම් රිය පොල අසල කුඩා නිවසක්...

    ReplyDelete
    Replies
    1. පන්නිපිටියේ නම් අපිත් දන්න ප්ලේස් එකක් වෙන්න ඇති.. අවුරුදු 34කට කලින් නම් ඉතින් දැන් අයියට සෑහෙන වයස ඇතිනේ..

      Delete
  16. මේරි අක්ක උදේට නැගිට්ට ගමන්ද එහෙ ගියේ ?

    ReplyDelete
  17. කතාව කියවන් යද්දි 2004 බලපු boys කියන tamil ෆිල්ම් එක මතකෙට ආවා ...වෙලාවක් ලැබුනොත් බලන්න...

    ReplyDelete
  18. අරක්කු බොනවා වගේ තමයි දිනේෂ් මේකත්.. බොන්නේ අප්පිරියාවෙන් තුහ් තුහ් ගගා.. ඒත් හැමදාම බොනවා.. සමහර අය කසිප්පු බොනවා සමහර අය වයින් බොනවා...

    හැමෝම බොනවා අන්තිමට.. ( එතැනිනුත් සමහර අය බේබද්දෝ ..සමහර අය අමධ්‍යප )

    ReplyDelete
  19. ඒ වගේ දේවල් ගැන නම් පිළිකුලක් වගේ තමයි තියෙන්නෙ.

    ReplyDelete
  20. මට නම් තියෙන්නෙ පිළිකුලක් වගේ දෙයක්.

    ReplyDelete
  21. බ්ලා......... ඇබ්බැහිය භයානකයි ඒත් හැම දෙයක් ගැනම අපිට අත්දැකීමක් තියෙන්නත් එපෑ... ඒත් බඩගිනි කියල මට නං හිත හදාගන්න බෑ කුණු වෙච්ච එළවළු කන්න

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්