Monday, 4 November 2013

අමාරුවෙන් හම්බුන කෙල්ලගේ ෆොටෝ එක නැති වුන හැටි



අද නම් ඔන්න මේ කියන්න යන කතාවට කෙනෙක්ගේ මුණ එච්චරම හොද නැති වෙන්න පුළුවන්.. ඒ හන්දා ලියාගෙන යද්දී මතක් වෙන පුංචි කෑලි හලලා දාලා මේන් කතාව විතරක් ලියලා දාන්න ඕන.. නැත්නම් නඬු තමයි.. මේ බ්ලොග් එක මුල ඉදන්ම කියවන අය තාම ඉන්න නිසා ඒ අය දන්නවා ඇති මගේ ෆස්ට් ලවු එක කවුද කියලා.. ඒක ගැන කියද්දි ඉතින් කියන්න තියෙන්නේ මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා කියලා තමයි..


හංසිව මට මුණ ගැහුනේ මම A/L කරද්දිනේ..  ඒක කොහොමද වුනේ කින්දයි මන්දයි කියන එක කලින්ම ලියලා තියෙන හන්දා ආයෙම ලියන්න වුවමනාවක් නෑ කියලා හිතනවා.. කොහොම හරි ඉතින් මගේ පළවෙනි ආදර ඇරයුම ප්‍රතික්ෂේප වුනාට මොකද හුඟක් කාලයක් යනකන් ඒක හිතේ සෑහෙන්න තදේට රැදිලා තිබුනා.. ප්‍රතික්ෂේප වුනාට දුකක් එහෙම නෙමෙයි.. ඒක ඇවිත් වෙනමම සීන් එකක්..



කොහොම හරි ඉතින් ඔය හංසි හිටියේ මහරගම.. අපි ක්ලාස් සෙට් වුනේ පන්නිපිටියේ.. අපේ ක්ලාස් තිබ්බ කිට්ටුවම වගේ තමයි හංසිලාගේ නැන්දා කෙනෙකුත් හිටියේ.. ඉතින් හංසිට හිටියා මල්ලි කෙනෙක්.. මට මතක හැටියට එතකොට ඒකා හිටියේ 10 වසරෙද කොහෙද.. සමහරක් දවසට ක්ලාස් ඇරිලා යන වෙලාවට මේ මලයා එන හන්දා ඒකා එක්ක මාත් ටිකක් ෆිට් වුනා.. ඒ කොහොමද කියනවනම් ක්ලාස් ඇරිලා එන අතර මඟ තමයි හංසිලාගේ නැන්දාගේ ගෙදර තිබුනේ.. ඉතින් ඔය අතුරු පාර ලගට එනකන් හැමදාම වගේ අපි දෙන්නා ඇවිත් ටිකක් නතර වෙලා කතාකරන එක පුරුද්දක්.. ඒක යාළුවෙන්න අහන්න කලිනුත් තිබුනා.. ඒක ප්‍රතික්ෂේප වුනාට පස්සෙත් තිබුනා..


ඉතින් ඔය කතාබහට මලයා ඉන්න එක සමහරක් දවස් වලට බාල්දියක් වුනාට මොකද කවදාවත් ඇනයක් නම් වුනේ නෑ.. ඒ හන්දම මලයයි මමයි වැඩි දවසක් නොගිහින්ම ෆිට් වුනා.. මලයා ගියේ මගේ ගෙවල් පැත්තේ හොදම යාළුවා  ගිය ඉස්කෝලෙටමයි.. හැමදාකම වගේ ඉස්කෝලේ ඉවර වෙලා ඔය යාළුවා ඉන්න ඉස්කෝලේ හන්දියට ගිහින් උන් එක්කම සෙට් වෙලා ගෙදර එන එක සාමාන්‍ය පුරුද්දක්.. හංසිගේ මලයා ගියෙත් ඔන්න ඔය ඉස්කෝලෙටම තමයි..


ආදරේ කරන්න බැරි වුනත් හංසියි මායි ටික කාලයක් යද්දී හොද යාළුවෝ වුනා.. ඒත් ඒ යාළුකමටයි මතකයටයි හිටිහැටියෙම නැවතීමේ තිත තියන්න වුනේ හංසිගෙ බයෝ රිවිශන් ක්ලාස් එකක් අපිට ක්ලාස් තිබුන දවසෙම වැටිලා පන්ති එන්න බැරි වුන හන්දා.. මට ඒක කියපු දවසේ දැනුනේ මාරම දුකක්.. ඒත් ඉතින් බලෙන් නවත්ත ගන්න කියලයැ.. කොහොම හරි ඊට පස්සේ මටත් ක්ලාස් යන්න තිබුන ඕන කම එහෙමම නැති වුන හන්දා මමත් ක්ලාස් ගියේ නෑ.. ඒත් හැම සති අන්තෙකම වගේ හංසි මට කෝල් කරපු හන්දා අපේ යාළුකමනම් දිගටම තිබුනා..


ටික කාලයක් ඔහොම සෑඩ් මූඩ් එකේ කාලය ගෙවිලා ගියා.. දවසක් හවස පුරුදු විදිහටම මගේ යාළුවාගේ ඉස්කෝලෙ ලගට ගිහින් ඉද්දී මට හංසිගේ මලයට අහම්බෙන් වගේ සෙට් වෙලා චැට් එකක් දාගෙන හිටියා.. මම ඉස්කෝලේ කතා සීරීස් එක ලියද්දී කපුටා මාත් එක්ක ජන්මාන්තර හතුරෙක් වුන හේතුව කිවුවා මතක ඇතිනේ.. අන්න ඒ කතාවේ හිටපු කපුටා ලයින් දාපු නංගි O/L පාස් වෙලා ආවේ මේ ඉස්කෝලෙට.. අපිත් එක්ක එකට ඉන්න කාලේ මම ඉස්කෝලෙදි හංසි ගැන මේ නංගි එක්ක අනන්තවත් කියලා ඇති.. ඒ කාලේ මේ නංගිගේ රිසල්ට් ආවම මම කිවුවේ පුළුවන්නම් හංසි ඉන්න ඉස්කෝලෙටම යන්න කියලා.. හෙහ්..


කොහොම හරි මම මලයා එක්ක කතා කර කර ඉන්න දවසක මේ නංගිත් සෙට් වුනා.. මම මලයා ගියාට පස්සේ ඒ නංගී එක්ක ඔක්කොම සීන් එක කිවුවා.. මලයා කාගේ කවුද කියන එක ගැන.. බැලින්නම් මේ දෙන්නා ඒ ඉස්කෝලේ මොකද්දෝ සංගමේක එකට වැඩ කරන හන්දා දෙන්නත් හොදට අඳුනනවා.. ඉතින් ඒ විස්තරයි හංසිගේ අළුත් විස්තරයි ඔක්කොම කියලා කතා බහ ඉවර වෙලා ටික දවසක් ලොකු විශේෂයක් නැතුව ගිහින් දවසක් හවසක මේ නංගී මගේ ෆෝන් එකට කෝල් එකක් අර ගත්තා..


" අසන්ත අයියේ, ඔයා හෙට උදේ ඉස්කෝලේ යන්න කලින් පුළුවන්නම් මාව මඟදි මීට් වෙලා යන්න.."


" ඇයි නංගී?"

" මම හෙට කියන්නම්කෝ.. හරියටම ශුවර් නෑ.. ඒත් ඔයා මාව මීට් වෙන්නකො උදේම.."


මොකටදැයි කින්දයි මන්දයි නොදන්නවා වුනත් ඒ නංගි එක්ක තිබුන ෆිට් එකට බෑ නොකියා බැරි හන්දා මම පහුවදා ඉස්කෝලේ යන්න කලින්ම එයාලගේ ඉස්කෝලේ ලගට ගිහින් නංගිව මීට් උනා..


" මොකෝ හදිස්සියෙම.. මොකක් හරි අවුලක්ද?"


" නැහැ ඔයාට පොඩි බඩ්ඩක් දෙන්න.. බලන්නකෝ.."



එහෙම කියලා මට අතේ තිබුන පොත දික් කලා.. මාත් ඉතින් මොකද්ද කියලා බලන්න ඕනවට පොත අරන් බලද්දී දැක්ක දේ ගැන මට හිතාගන්නවත් බැරි වුනා.. පොත ඇතුලේ තිබුනේ හංසිගේ ෆොටෝ එකක්.. ඒ වෙලාවේ හිතට ආව හැඟීම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..


" ඔයාට කොහෙන්ද මේක.."


" මල්ලී අපේ ක්ලබ් එකේ හන්දා මාත් එක්ක ගොඩක් ෆිට්.. එදා ඔයා විස්තර ඔක්කොම කිවුවට පස්සේ දවසේ මම මල්ලි එක්ක ඔය දෙන්න ගැනම කතා කලා.. මට ආස හිතුනා හංසී මොන වගේද කියලා බලන්න්.. ඒ හන්දා මම මල්ලිගෙන් ෆොටෝ එකක් ඉල්ලුවා.. මේ දැන් උදේ ඕක හම්බුනේ.. මටත් වැඩිය ඕක වටින්නේ ඔයාටනේ.. දැන් ඕක අරන් ගිහින් කොපියක් ගහලා මට හෙට උදේම දෙන්න.. මොකද මේක මල්ලිට දෙන්න ඕන.."


ඕක කියපු වෙලාවේ මට නංගී ගැන ආව සහෝදර ප්‍රේමය ගැන ආයෙ කියන්න ඕන නැහැනේ.. කොච්චර තෑන්ක්ස් කලත් මදි.. ෆොටෝ එක මගේ පොතක් අස්සේ දාන් ඉස්කෝලෙට ආවට මොකද අපේ ඉන්න යක්කු එක්ක ඕක පරිස්සම් කර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.. පොත ඇතුලේ ආරක්ශාව හොද නැති හන්දා මුළු දවසම ෆොටෝ එක සාක්කුවෙම දාගෙන හිටියා.. මගේ හොදම යාළුවෝ දෙන්න විතරයි ෆොටෝ එක දැක්කේ..


එදා ගෙදර යනකන් ඉවසිල්ලක් තිබුනෙම නෑ.. හවස මග රස්තියාදු වෙන එකත් පැත්තක දාලා කෙලින්ම දිවුවේ ගෙදර.. ගෙදර ගියාට කෑමක් බිමක් කිසිම දෙයක් නැතුව පැන්නේ කොම්පියුටර් එකට.. මට ගෙදර ස්කෑනර් එකක් තිබුන හන්දා ටක් ගලා කලේ ෆොටෝ එක ස්කෑන් කරලා කම්පියුටරේට දාගත්ත එක.. හෆ්ෆේ දැනුන සතුට.. ඕක ඉතින් කම්පියුටරේ වෝල් පේපර් එකටත් දාන් මුළු දවසම හැඩ බල බල හිටියා..


පහුවදා උදේ පොරොන්දු උන විදිහටම නංගිට ෆොටෝ එක ගිහින් දුන්නා.. ආයේ කවදා දකින්නද කියලා හිත හිත ඉන්නකොට මෙහෙම දෙයක් ලැබුනම ඉතින් මොන වගේද කියලා ආයෙම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. හැබැයි ඉතින් සමහරක් දේවල් වලදි ඒ ලැබෙන සතුට තාව කාලික එකක්ම වෙලා යනවනේ.. දැන් කියන්න තියෙන්නේ ඒ අවාසනාවන්තම සිද්දිය..


ෆොටෝ එකත් ලැබිලා මාසයක් විතර යන්න ඇති මගේ හිතේ.. කම්පියුටරේ තිබුන ෆොටෝ එක මට ඕන ඕන වෙලාවට බල බල මාත් ෆුල් හැපී එකේ ඉදියා.. ඒත් එක දවසක් හදිස්සියෙම වගේ කම්පියුටරේ පොඩි අවුලක් ආවා.. පැය බාගෙන් බාගෙට වගේ ඕෆ් වෙනවා.. මලම ඇනයක්.. මටත් හිතා ගන්න බැරි වුනා මොකද කරන්නේ කියලා.. එතකොට මගේ ඕන වැඩකට දුවන් එන්නේ මගේ අතිජාත මිත්‍රයා මලින්ද තමයි.. ඕන රෑක ඌට කතා කලොත් ඌ අපේ ගෙදර.. මම ඉතින් ඌට කතාකලා..


ඌ ඇවිත් බලන් ඉද්දීත් කලින් වගේම පැය බාගෙන් කම්පියුටරේ ඕෆ් වෙනවා.. ඒකටත් හොයා ගන්න බෑ මොකද්ද ලෙඩේ කියලා..


" මචං අපි ආයෙම මේක ප්‍රෝග්‍රෑම් කරමු.."


" පිස්සුද බං.. එතකොට හාඩ් එකේ තියෙන ඒවා.. යකෝ හංසිගේ ෆොටෝ එකත් තියෙනවා.."


" හරි අවුලක් නෑ.. උඹ හාඩ් එක තුනට බෙදලනේ තියෙන්නේ.. අපි පොඩිම එකට දාමු ෆොටෝ ටික.."


" උඹට ශුවර් නේ ඩිලීට් වෙන්නේ නෑ කියලා.."


" නෑ නෑ බං.. කෝ මට දියන් XP  සීඩී එක.."


හාඩ් එකේ පැත්තකට හන්සිගේ ෆොටෝ එකයි අපි පිස්සු විකර නටපු ෆොටෝ ටිකයි ඔක්කොම දාලා අයින් කරලා ආයේම කම්පියුටරේ ප්‍රෝග්‍රෑම් කලා.. අවංකවම කියනවනම් ඒ වෙලේ මගේ හිතට නිකන් අමුත්තක් වගේ දැනුනා.. කොහොම හරි ඉක්මනට ප්‍රෝග්‍රෑම් කරලා ඉවර වෙලා කම්පියුටරේ ඔන් වුන ගමන් මම දිවුවේ ෆොටෝ ටික අයින් කරපු හාඩ් එකට..


" ඒ කෝ බං ෆොටෝ එක?"



හංසිගේ ෆොටෝ එක විතරක් නෙමෙයි ඒකට දාපු කිසිම දෙයක් නෑ.. මට දැන් ඉතින් මල හොද එකෙන්..


" මොන &%/$£ බං.. කෝ මේක?"


" පොඩ්ඩක් හිටපන් මම බලන්න.."


මොන බැලිල්ලක්ද? මොනම විදිහකින් වත් ෆොටෝ ටික හොයාගන්න බැරි වුනා.. රී ප්‍රෝග්‍රෑම් කරද්දී හරියට හාඩ් එක සිලෙක්ට් කරලා දුන්නා වුනත් මේ ටික ඒකේ නෑ.. කරුමෙම කියන්නේ අනිත් හාඩ් එකේ තිබ්බ සිංදු ටිකයි වීඩීයෝ ටිකයි ඔක්කොම හොදට තියෙනවා.. මේක විතරක් නෑ.. අරුයි මායි මරා ගත්තේ නැති ටික විතරයි.. මටත් මල පැනලා හොදටම..


" මචං මම ගිහින් එන්නම්, උඹ ටිකක් හෙමීට බලපං ඕක තීනවද කියලා.."


" තව මොන මඟුලක් බලන්නද.. ඒක නෑ.."


මට නිකන් මං ලග තිබ්බ හැමදේම නැති වුනා වගේ.. මට මගේ කම්පියුටරේ එක්කයි අරූ එක්කයි හොදටම මල.. කොහොම හරි එදා මලින්දයා ගෙදරින් ගියේ තරහා වෙලා.. ඌ තරහා වෙලා නෙමෙයි.. මමම තරහාවෙලා.. එදා රෑ මට හරියට නින්ද ගියෙත් නැති ගානයි.. නිකන් මඤ්ඤං වගේ ටික දවසක් යනකන්.. හන්දියෙදි අරූව දැක්කත් කතා කලෙත් නෑ.. දැන් ඉතින් අයෙම ෆොටෝ එක කොහෙන් කියලා හොයන්නද?


නිකමට වගේ නංගිගෙනුත් අහලා බැළුවා එයාවත් කොපියක් ගහ ගත්තද කියලා..


" අනේ අසන්ත අයියේ, මම ලඟ නැහැනේ.. ඔයා මට අපහු දුන්නම මම ඒක මල්ලිට එදාම දුන්නා.. දැන් ආයෙම ඉල්ලන්නත් බැහැනේ.."


හ්ම්ම්.. දැන් ඉතින් මොනවා කරන්නද හිත හදා ගන්නවා මිසක කියලා අමාරුවෙන් වුනත් ඒක අමතක කරන්න උත්සාහ කලා.. එවෙලේ තද වෙලා අරූට බැන්නට මොකද සතියක් විතර මම ඌත් එක්ක තරහා වෙලා හිටියා.. පස්සේ ඉතින් හිතුනා ඌත් මොනවා කරන්නද කියලා.. මමම ගිහින් කතා කරලා ඌ එක්ක ආයෙම ෆිට් වුනා.. අදටත් මට ඉන්න හොදම යාළුවා මලින්දයා තමයි..


මගේ පළවෙනි ආදරේ ප්‍රතික්ෂේප වුනා වගේම අහම්බෙන් වගේ හම්බුන ෆොටෝ එකත් නැති වුනේ ඔහොමලු ඉතින්.. මොනා කරන්නද අහිමි දේ අහිමිමයි හැමදාටම කියලා හිත හදා ගන්නවා මිසක.. 



80 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඒක තමයි.. හදිසි බැක් අප් එකක් තිබුන බව මතක් වුනේ ලගදිනේ.. හෙහ්.. ඒක විනාශ කලානේ ඉතින්... ;)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අපි නම් අප්සට් වෙයි ඔය කතාවලට නේද නංගා...

      Delete
    4. එයා අප්සට් වෙද්දී බැරිය තරූ අක්කේ..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. හොඳ වැඩේ. සී.ඩී/ එක කඩලා. කමෝන් මදාරා!!!

      Delete
    7. හෙහ් මෙයාගේ සහයට සෑහෙන කට්ටියක් නේ..

      Delete
    8. දැන් මම අහන්න ආපු ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. ඩිස්කට් කියලා ජාතියක් තියෙනවා දන්නේ නැද්ද කියලා.

      Delete
    9. ඩිස්කට් එකට වුන දේත් ඕකෙම තියෙන්නේ අයියේ..

      Delete
  2. මම දන්න විදිහට නං මල්ලිගේ ෆස්ට් ලවු එක පූජා කියලා කෙල්ලෙක්.. එයාට ලියූ කවි කියලා කවිත් ලියලා තිබ්බා මං හිතන්නේ :)

    මම නම් මට ඕන කරන පින්තූර ටික තුන් හතර පොලකම බැකප් තියාගන්නවා... :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හික් හික් හික්... :)

      Delete
    3. මධුරංග අයියේ, හෆ්ෆේ හිනාවේ කැත.. එහෙනම් මෙයත් සෑහෙන ෆොටෝ එකතු කරලා තියන් ඉන්නව වගෙයි.. ඒක හොදයි ඒක හොදයි.. හංසී ගැන මම මේකේ වැඩිය ලියලා නැහැනේ අයියේ.. ඒකයි ඔයාට මතක නැත්තේ..

      Delete
  3. මටත් තියනව බන් ඔය වගේ පොටෝ සීන් එකක්.මන් යාලුවෙලා හිටිය කෙල්ලෙක්ගෙන් මන්ෆොටෝ එකක් ඉල්ලුව..වැඩේ කෙරුන් නෑ..අපේ සෙට් එකට ඕක කිව්වම කිව්වෙ රයිටො.දෙන් නැත්තන් අපි ගමු එකක් කැමරවක් අරන් ගිහින් කියල..වැඩේ සෙට් මමයි එකෙකුයි ගියා උන්ගෙ ගෙදර. ඌ කෙල්ලට කතාකලා ගේට් එක ලග ඉදන් පොතක් ඉල්ලන්න ආව විදියට.මම අල්පු ගෙදර තාප්පෙට නැගල සූම් කරන් හිටියෙ. වැදුන පොටෝ දෙකක් ලෙසටම. උබට මතකද ස්ටයිල් එකක් ආව අර පොතට සුදු කවරෙ දාල ඊට උඩින් පොතේ ගානට තියන ලස්සන කාඩ් එක දාන..මන් පොටෝ එක යටට දාල එකට උඩින් කාඩ්එක දාල තිබ්බෙ ඕක නෝන්ඩි වෙයි කියල..එහා ගෙද‍ර නගා මන් ඕලෙවල් ඉවර උන ගමන් අනේ අයියගෙ පොත් දැන් වැඩක් නෑනෙ කියල කාලෙකට පස්සෙ මගෙ පොත් ටිකේ කවර ගලෝල අර ලස්සන කාඩ් ටික ගන්න.. දවසක් මන් රස්තියාදුවෙ ගිහින් ගෙදර එද්දි පොටෝ එක තියනව බන් මගෙ මේසෙ උඩින් තියල .. ඉතුරු ටික උබලම හිතාගනින්.
    (කමෙන්ට් එක දිග වැඩි නම් කපල දාපන් කිසිම අවුලක් නෑ හොදේ )

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, මට හිතා ගන්න පුළුවන් සීන් එක ගැන.. මට මතකයි.. මාත් ඔය කාලේ කවර දැම්මේ ඔහොම තමයි.. ඒ කියන්නේ තාම ෆොටෝ එක ලග ඇති පරිස්සමට.. නෝන්ඩි උනත් මොකෝ ඒක නැති නොවී..

      මොන දිග වැඩියක්ද බං..

      Delete
    2. ගෙදර හැමෝම ඒක බලල බන්.ලැජ්ජාවෙ බෑ. ගේ ලගට ගියයින් පස්සෙ ලව් එකත් ෆිනීතො . මන් පොටෝ එක ඉරල දැම්ම කාපු නෝන්ඩියට..බැන්නනම් දුක නෑ. එහා ගෙදර උනුයි අපේ ගෙදර උනුයි හින්ට් ගහන එකනෙ බන් උහුලන්න බැරි.

      Delete
    3. හයියෝ සල්ලි කිවුවලු.. නෝන්ඩි උන වෙලාවට ඔහොම එවුවා කරන්න හිතෙනවා තමයි ඉතින්.. තාම කට්ටිය හින්ට් ගහනවා ඇති මගේ හිතේ.. මොකෝ ඕවා ලේසියෙන් අමතක වෙන ඒවා නෙමෙයි නේ..

      Delete
    4. මේ පාර ගියාමත් මතක් කලා ඕක අර නංගි . මට හරියනවට ගෙදර උන් ඊරිසියයි බන් . :-)
      නැත්තන් වෙන මොකද්ද .. ඒකමයි බන්.

      Delete
    5. ඕවා ඔහොම තමයි බං.. ගනන් ගන්න එපා.. ඒක නෙමෙයි උඹට බ්ලොග් එකක් නැද්ද? උඹේ නම පස්සේ ගියට අහුවුනේ නැහැනේ..

      Delete
    6. විහිලුවක් කලේ..මට බ්ලොගක් නෑ මචං.. පත්තර මල්ලි කිය කිය කමෙන්ට් කර කර ඉදල සහනුයි ක.පිල්ලියයි කීව නම් මිස්‍යූස් වෙයි පොරොෆයිලක් හදාගන් කියල.. ස්තූතී ඇහුවට උබට්

      Delete
    7. ඒකත් එහෙමද.. එල එල.. පුළුවන්නම් බ්ලොග් එකක් පටන් ගමු..

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  4. මදාරා මුණ ගැහෙන්ට තියෙන හින්දා වෙන්ට ඇති හංසි නැති උණේ. අර අන්තිමට තියෙන කතාව ඇත්ත.

    මේ ඔයා මේව ලීවට කමක් නෑ. අපේ එක්කෙනාට නම් මේවා ලියන එක තහනම්. එයාටත් තිබිලා තියෙනව නේ ඉස්කෝලේ යන කාලේ පුදුම ප්‍රේමයක්. ඒක කැඩුණු එකත් පුදුමයි. අහනකොට දැනෙන ජෙල...කියලා වැඩක් නෑ...:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොඩ්ඩි අක්කේ, මට හිතා ගන්න පුළුවන් ඉතින් අයියට ඒ වෙලාවට වෙන දේ ගැන..

      Delete
    3. සුදූ, ඔයා තමයි අනේ ඉතින් මගේ ඉරණම්කාරි.. ඒකනේ කාලයක් ගිහින් වුනත් අපි මේ වගේ හම්බුනේ..

      Delete
    4. දැන් අපි මේවට මොනවත් කියන්න ඕනෙද ?

      Delete
    5. මුකුත් කියා ගන්න බැරුවයි මාත් ඉන්නේ..

      Delete
  5. තව එකක් කියන්ට අමතක උණා. මගෙත් කම්පියුටර් එකේ ප්‍රශ්නයක් ඇවිත්, ඔය වගේ හදන්ට දීලා, ඒකෙ තිබුණු කොල්ලෝ ඔක්කොමගේ පින්තූර ටික නැති උණානේ. එක කොල්ලෙක්ගේ නම් කමක් නෑ. හී හී...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී අක්කේ, උයා ඕක කියද්දී අයියගේ මූඩ් එක කොයි වගේද දන්නේ නෑ නේ... ;)

      Delete
    2. ඉවාන්, මටත් හිතුනේ ඕකම තමයි..

      Delete
  6. මං හිතුවේ මලින්දයා ගේමක් දුන්නයි කියලා.. ඕවා පුංචි සිහිවටින කප්පරක් වටින... මටත් ඒ දවස් වල තිබ්බා බං සබීතගේ පොඩි ඩේකාඩ් එකක්. ඒකි කොන්ඩ කරල දෙක ගොත චීත්ත ගවුමක් ඇදන් පාක් එකක හිනා වෙවි වාඩි වෙලා ඉන්න එකක්.. ඒක නැති උනාමත් මට මාර චිත්තපීඩාවක් දුන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා දේශකයෝ.. ඒකනම් මාරම කේස් එක.. ඉතින් දෙයියනේ සබීතගේ එකක් නම් ඕක ආයි හොයන එක මහ අමාරු දෙයක්ද මම අහන්නේ.. හෙවුවේ නැද්ද ඉතින්?

      Delete
    2. වැඩක් නෑ බං එතකොට ප්‍රිටි සින්ට ඇවිත්

      Delete
    3. හෙහ්, ඔය කොයි කාලේ වගේද දන්නේ නෑනේ?

      Delete
  7. ඔන්න දුක කියන්නේ ඕවාට තමයි බං

    ReplyDelete
    Replies
    1. මොන දුකක්ද බං.. දැන් ඕවා ගැන හිතලා වැඩක් නෑ.. වර්ථමානය සුන්දරයිනේ..

      Delete
  8. කතාවටත් කියනවනෙ බං පළමු පෙම අහිමියි කියල....

    ReplyDelete
    Replies
    1. ඒක අහිමි වුන එකත් හොදයි බං..

      Delete
  9. ඔය කොම්පීතර් කැඩෙන බිදෙන එක තරම් වේදනාවක් මන් හිතන් නෑ අතක් පයක් කැඩුනත් දැනෙයි කියලා. ඇයි දෙයියනේ මොන තරම් මතක සටහන් ඕක අස්සෙ හිර වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. මේ ලගදී කැඩිලා මගේ ෆොටෝ ඔක්කොම නැති වුනා.. ආතල් එකේ රස්තියදු ගහපුවාම කොච්චරක්ද ඒකේ.. කියලා වැඩක් නෑ..

      Delete
  10. අහිමි වෙන්න තියේ නම් ආයෙ හිමි වෙන්න විදියක් නම් නෑ තමයි.. හැබැයි ඒ කාලෙම දුන්න පොටෝ තාමත් මගේ ඇල්බම් එකේ නම් ති‍යෙනවා.. ඉවත් කරන්න තරම් සාධාරණ හේතුවක් ආවෙ නැහැ..

    මූණුපොතෙත් ඉන්න නිසා හිතුන වෙලාවක ගිහින් මූණ බලා ගන්නත් පුළුවන්..

    ඒත් ඉතින් මොකටද? අහිමි හිමි වෙන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් වේදනාවක් විතරනේ අක්කේ.. අහිමි දේ නොදැක ඉන්න එකම හොදයි කියලා හිතෙන්නේ නැද්ද.. සමහර විට මටත් වෙන්න ඇත්තේ ඒකම තමයි.. ඕක බල බල ඉන්නවට වැඩිය අමතක කරන එකම හොදයිනේ..

      Delete
  11. Sometimes life doesn't give you something you want,not because you don't deserve it but because you deserve more.......මේ කතාව නම් මරු දිනේෂ්.....අපේ අයියා කෙනෙකුත් හිටියා කෙල්ලගේ ෆොටෝ එක නැති කරන් දවස් ගානක් මොන්ගල් වෙලා...මිනිහා එ කෙල්ල හින්දා තාමත් බැදලා නෑ.....

    ReplyDelete
    Replies
    1. හෆොයි.. තාම බැන්දේ නැත්ද? ඒකනම් සෑහෙන්න අපරාදයක්නේ...

      Delete
  12. මදාරා නංගිට ඊරිසියා වගේ.ගණන් ගන්න ඒපා.කොල්ලා හොඳ ඒකා මොනවා උනත්.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ නෑ.. එයා ඉතින් මේවා ගැන දන්නවනේ.. මම මේක දාන බවත් කලිනම් එයා දන්නවනේ ඉතින්..

      Delete
  13. අඩේ ඕව ඔහොම තමා.... ගනන් ගන්න එපා..... වෙන්න තියන දේවල් වෙනව වෙලාවට....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. හොදම කෙනා හම්බුවෙන්න තියෙන්නේ පස්සේ හන්දා තමයි මේක මෙහෙම වුනේ..

      Delete
  14. මං ලඟත් තියනවා ඉස්සර ඉදන් හිටපු ක්‍රෂ් බ්‍රෂ් ඔක්කොගෙම ෆොටෝ සෙට් එකක්! දැන් මැෂින් එකට දාගෙන ඉන්නේ. ප්‍රශ්නයක් නෑ cloud තියනවනේ! ;) hard copies තිබිච්ච ඒවා පුච්චලා දැම්මා! මොකෝ ගෙදරට මාට්ටු උනොත්! :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නාඩියට සෑහෙන ලොකු කලෙක්ශන් එක තියෙන පාටයි..

      Delete
  15. එකල Google drive හා Sky drive තිබුනේ නම් නොවේ මෙවන් විපත් :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තියා දැන් කාලෙවත් මම ඕක ගැන දන්නේ නැහැනේ බං..

      Delete
  16. recovery program හොයාගන්න බැරි වුනා ද? හපොයි වෙච්චි දෙයක්.

    ReplyDelete
    Replies
    1. මොන රිකවරිද? මේ හොර සීඩී දාලා ප්‍රෝග්‍රෑම් කරද්දී..

      Delete
  17. උඹලා පාසල් කාලයේදීම ආදරයේ සුන්දරත්වය හොදට විදලා බවයි පේන්නෙ...ඒ කාලෙ තමයි මට හිතෙන විදියට ආදරය බොහොම සුන්දරව දැනෙන අවදිය...මට නම් ඒ ගැන අත්දැකීමක් නෑ ගොයියො...

    කොහොමත් අක්කලා කීප දෙනෙක් ඉන්න මල්ලියෙක්ට කොල්ලන්ගෙ සැළකිලි හොදයි. ලස්සනම ලස්සන අක්කලා 3 දෙනෙක් හිටිය මල්ලියෙක් හිටියා අපේ පැත්තෙ අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ආපු. ඒකට හැම කොල්ලම කථා කලේ මස්සිනා කියලා...උගෙ මාර්ගයෙන් අක්කලාගෙන් එකෙක් සැට් කරගන්න හැමෝම උත්සාහ කලත් පස්සෙ කාලෙක උන් තුන්දෙනා පිට ගම් ගිහිල්ලයි නතර වුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිරා අයියට මාර චාන්ස් එකක් ඒ කාලේ තියෙන්න ඇති.. හැබැයි ඉතින් අපරාදේ ඒ කොල්ලෝ ටිකගේ ට්‍රයි එක.. එකක්වත් සෙට් වෙලා නැහැනේ බලාගෙන යද්දී..

      Delete
  18. අහල තිබුණට අද තමයි ඉස්සෙල්ලම ආවෙ... නියමයි... දිගටම එනව..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කියලා පිළිගන්නවා..

      Delete
  19. දුක යනු;
    හංසිගේ ෆොටෝ එක නැති වීමයි.

    සතුට යනු;
    මේ කතා වලට වැට නොබඳින මදාරා වාගේ කෙල්ලෙක් ලැබීමයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෙහ්.. දුක ගැනනම් මට දැන් හිතන්න ඕන කමක් කොහෙත්තම නැහැ.. සතුට ගැන ඉතින් ඔය හොදට බස්සිත් තේරුම් අරන් තියෙන්නේ.. ඒ ගැන ඉතින් ඊටවඩා දෙයක් කියන්න වුවමනා නැහැනේ මම.. පේන්නම තියෙද්දී..

      Delete
    3. hiks.... matath hithunema meka.madara akka hindama hondai!!!!

      Delete
    4. ඇත්ත නංගියෝ.. ඒක හන්දනේ මම මෙහෙම නිදහසේ ලියන්නේ..

      Delete
  20. එක දෙයක් නැති වෙනකොට තව දෙයක් ලැබෙනවා නේද?. මේක සත්‍යම සිද්ධියක්ද දන්නේ නෑ. එත් සමහර දේවල් අපි නොහිතන විදියට අපිට අහිමිවෙනවා. ඒ වුනත් ඒ දේවල් අහිමි වෙන එක හොදයි කියලත් වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඕක ඉතින් ඒ ඒ දේවල් අනුව වෙනස් වෙනවනේ.. ඒ කාලේ ඒ නොලැබීම හන්දා අද මට හොද දෙයක් ලැබිලා තියෙනව.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
  21. mama danagena hitiye nane oya kiyanakanma hansiyek gana :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ අමතකම කරලා දාන්න ලොකූ.. දැන් ඉතින් ඒවා වැඩක්ම නැහැනේ..

      Delete
  22. යකෝ බලාගෙන ගිහාම මූ කරලා තියෙන්නෙම කෙල්ලෝ ටෝක් කරපු එකනේ. මහ පැණියෙක්... :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ බොල වල් රජෝ.. ටෝක් කරපු එකම එක ඕක තමයි හරිද? බොරුනම් අහපං මදාරගෙන්..

      Delete
  23. රත් තෙත් දෙතොල්
    අළුත් නවකතාවක්. ඇවිල්ලා බලලා යන්න.
    http://kathakaru.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කලාට..

      Delete
  24. මේවා අනාගත ආයෝජන කියලා දැනට නිකමට හිතා ගම්මුකෝ.

    ReplyDelete
    Replies
    1. ආයෝජනේ ප්‍රතිලාභ ඉතින් මේ දැන් විදිනවනේ සුදීක අයියේ..

      Delete
    2. ඒ මොකෝ දැන් ඔහේ ලන්කාවට ඇවිල්ලයි..!

      Delete
  25. සමහර දේවල් වැඩි පිරිස්සමට දැම්මාම ඒවගේ නොහිතන අවුල් වෙනවා. ඒක එහෙම වෙච්ච එක හොදයි කියල හිතාගම්මු

    ReplyDelete
  26. ela kiri blog eka.. mama eeye kiyawanna gatthe. parana stories dana kota links demmoth apiwage ayata lesi machan.. good luck..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්