Monday, 18 November 2013

පිස්සු හැදෙයි, මාත් ලිවුවනේ 500ක්



                       සති දෙකක් තිස්සේ පෙරුම් පුරාගෙන හිටියේ මේක ලියන්න.. පුදුම හදිස්සියක්නේ ඉතින් මටත් තිබුනේ.. එහෙම නැතුව කොහොමද ඉතින්.. ලිපි 500ක් ලියන එක සමරන්නත් ඕනනේ.. හරි එහෙනම් පටන් ගමුකො.. හ්ම්ම්.. ඕකනේ ඉතින් කරන්න බැරි.. උඩ දාගෙන පෙරුම් පුරාගෙන හිටියට ලියන්න ගත්තට දැන් මොනවද ලියන්නේ? අවුරුදු 3 පිරුනෙත් අගෝස්තුවේ හන්දා පරණ කතාම ආයෙම රිපීට් කරලා කට්ටිය බෝරින්ග් කරන්නේ මොකටද?

හරි මතක් වුනා.. ස්තූති කරන්න ඕන විශේෂම කට්ටියක් ඉන්නවා.. මං හිතන්නේ මට කලින් වතාවල ඒක කරන්න බැරි වුනා.. ඇත්තටම මේ කට්ටිය නැත්නම් අද මෙහෙම ලියන්නවත් ලැබෙන්නේ නෑ.. ඒ තමයි අන්තර්ජලයේ ඕනම තැනක සිංහලෙන් ලියන්න පහසුව හදලා යුනිකේත නිර්මාණය කරපු උදවිය.. මම මුලින්ම ලිවුවේ කොළඹ කැම්පස් එකේ හදපු ප්‍රෝග්‍රෑම් එකෙන්.. කවුද ඉස්සෙල්ලම මේ සත් ක්‍රියාවට අත ගැහුවේ කියලා නම් වශයෙන් කියන්න මම දන්නේ නැති වුනත් කවුරු නමුත් මේ උතුම් වැඩේ කරපු අයට අපි හැමෝම වගේ හුඟාක් ස්තූතිවන්ත වෙන්න ඕන..

යුනිකෝඩ් හන්දා අද හුඟක් නිර්මාණ කරුවන්ගේ අදහස් අන්තර්ජාලය පුරාවටම සැරිසරනවා.. ඒ අතරින් බහුතරයක්ම ඉතා ඉහල මට්ටමේ නිර්මාණ.. මේකත් හරියට සුද්දා කඩුගන්නාවේ ගල විදලා කන්ඳ උඩ රටයි දකුණයි යා කලා වගේ වැඩක් තමයි.. එහෙම නොවෙන්නේ නුවර අයට හෝ ගාන පොකුණ බලන්න වෙන්නෙත් නැහැයි කියනවනේ.. අන්න ඒ වගේ තමයි.. කඩ්ඩ පුළුවන් අය පුළුවන් විදිහකට ලියාවි.. අපි ඔහේ බලාගෙන ඉදිවී..

ඊලග එක තමයි සින්ඩි.. අවුරුදු 3කට කලින් මම ලියන්න එද්දී තිබුනේ " සිංහල බ්ලොග් කියවනය ", " ලාංකීය සිතුවිලි ", " හත්මාලුව " කියන සින්ඩි විතරයි.. ෆේස්බුක් ගෲප් නම් එකක්වත් තිබුනේ නැති තරම්.. කතන්දරලා, මාරේ අයියලා මේ කතාව අනුමත කරාවි මම හිතන්නේ.. ඒත් අද ඊට වැඩිය හුඟක් වෙනස්.. ගෲප්, සින්ඩි, මුහුණපොත හරහා අළුතින් එන කෙනෙක්ව ඉක්මනින් දැන ගන්න ඒ අයට රැදෙන්න තියෙන ඉඩකඩ හුඟාක් වැඩියි.. අද එන කෙනෙක්ට මේ මට වගේ කමෙන්ට් එකක්වත් නැති පෝස්ට් 15ක් නොතිබේවි.. ;)

ඉස්කෝලේ යන කාලේ රචනාවක් විචාරයක් ලියනවා කියන්නේ මරණවා වගේ දෙයක් විදිහට දැනුන මම බ්ලොග් එහෙක ලිපි 500ක්ම ලියලා.. ඒ ගැන හිතද්දිත් පුදුමයි.. හරිහමන් යාළුවෙක්වත් නැතුව බුකියේ ඔහේ හිටපු මාව මෙතනට ඇදලා දැම්මේ මලයා.. අද උඹ අපි අතර නැතත් උඹයි මමයි කතා වෙවී මේක හදපු අතීය හැමදාම ලස්සනට හිතේ තියේවි..

අම්මපා, මාගල් වගේ පෝස්ට් ලිවුවට මේක ලියා ගන්න බැරි හැටි.. හරි අවුලක් නෑ.. කාලයක් තිස්සේ ලියාගෙන ආවට මොකද බ්ලොග් එකක් ටිකක් හරි පිළිවෙලට ලියන්න ඕන කියන එක හිතුනේ මාරයාගේ මෙන්න මේ ලිපිය කියෙවුවට පස්සේ.. ඇත්තටම මාරයාගේ ඒ කතාවනම් සහතික ඇත්ත.. මාරයා ඒක ලියලත් දැන් සෑහෙන කාලයක් හන්දා අළුතින් ආව අය ඒක ආයෙම කියෙවුවට වරදක් නැත.. හොයලා හොයලා බැරිම දැන මාරයියට බුකියේ මැසේජ් එකක් ගහලා ලින්ක් එක ඉල්ල ගත්තේ.. ඉතින් මාරයියේ තෑන්ක්ස්..

තව පොඩ්ඩෙක් අමතක වෙනවා.. කට්ටිය දන්නවද මම ලිපි 500ක් ලියලා තියෙනවා වුනාට එක කාරණාවක් ගැන කවදාවත්ම කිසිම දෙයක් ලියලා නෑ කියලා.. පුළුවන්නම් ගෙස් කරලා හරි උත්තරේ දෙන්නකො බලන්න.. වර්ණයේ 501 වෙනි ලිපිය වෙන්නේ අන්න ඒ අඩුවෙන් ලියවුන දේ ගැන තමයි.. දැන් ඉතින් බනින්න ඕන නෑ ඕකට ආයෙම 500ම කියවන්න ඕනද කියලා.. නිකන් ගෙස් කරලා බලන්නකෝ..

තව දෙයක් දන්නවද? මගේ බ්ලොග් එකේ පරණම යාවජීව සාමාජිකයා ගැන.. හිතන්න පුළුවන්ද? හරි මම කියන්නම්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අපේ මධුරංග අයියා.. මට මතක හැටියට මගේ 100වෙනි ලිපියෙන් පස්සේ වගේ තමයි මධුරංග අයියා ආවේ.. ඔය ඉදලා හිටලා එකක් දෙකක් මග ඇරුනට මධුරංග අයියගේ කමෙන්ට් එකක් නැති පෝස්ට් එකක් හොයා ගන්න නම් බැරි වේවි..

වර්ණය ඇතුලේ මම වර්ණ වුනා වගේම මේ නිසා ජීවිතේට ලැබුන දේවල් ගොඩයි.. සතුට, නිදහස මිතුදම් වගේම කාලයක් තිස්සේ හොයපු ආදරයත් ලැබුනේ මේ වර්ණය නිසා.. ඉතින් ඇඟිළි තුඩු වලට ජීවය කියන දේ දැනෙනකන් පුළුවන් හැම වෙලාවකම ලියනවා.. ටික කාලෙකට කලින් අදහස තිබුනේ 500ක් ලියලා සමුගන්න.. ඒත් ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි කියන එක දැන් තේරෙනවා.. 

ඇත්තටම ආදරේ කරන්න ගත්තට පස්සේ අකුරු අතරින් ආදරේ හෙවුව හැම දෙයක්ම ඒ හිතට කිවුව හන්දා ආදරේ ගැන ලියවුන හැම දෙයක්ම බ්ලොග් එකෙන් ඈත් වෙලා ගිහින්.. මට හිතුන දෙයක්ම නෙමෙයි ඕක.. නිතරම මගේ සඳවතී නෝක්කඩු කියන දෙයක් නේ ඉතින්.. හ්ම්ම් ඇත්ත තමයි.. දවස තිස්සෙම ආදරේ කරලා රෑට පෝස්ට් එකක් ලියද්දී ඒකත් ආදරේ ගැන වුනාම ඉතින් ලියවෙන්නේ ඔයා ගැනම තමයි.. පොස්ට් කීයක් නම් ඔයාට විතරක් බලන්න දීලා නිකන් ඉන්න ඇද්ද.. හරි ඔයාගෙත් ආසාවනේ ඉතින්.. ආයෙම ලියන්නම්.. 

ඉතින් හැමදාම මේ වගේම ලෙංගතු කමින් හමුවෙමු.. නිතරම එන යන, කමෙන් කරන නොකරන, හැමෝටම වගේම හැමතිස්සෙම ඔත්තු බලන් යන්න එන ඇනෝටත් ගොඩක් ස්තූතියි.. එහෙනම් ඔන්න කොහොම හරි කතන්දරට, මාරයාට, සොදුරු සිතට පස්සේ මාත් 500 ක්ලබ් එකට ආවා හොදේ..

අහ් පාටිය නේද? හරි කට්ටිය සෙට් වෙමු.. බෝයිස් ෆස්ට් අද.. හෙහ්.. දැන් මේ එදා ලොක්කගෙන් ගෙනාපු ඇන්ටික් ඒවා නෙමෙයි හලිද.. 



ග(ර්)ල්ස්ලට මෙන්න කන්න බොන්න.. 




එහෙනම් අදට මම ගියා.. අරකට හරි උත්තරේ ගෙස් කරන්න බලන්න.. ;)






102 comments:

  1. සුබ පැතුම් මලයා... 500ක් ලියනවා කියන්නෙ ඇත්තටම අසීරු කාර්‍යයක්.. තවතවත් වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා කියලා පතනවා !

    ReplyDelete
    Replies
    1. සෙන්නා අයියගෙන් මුල්ම සුභ පැතුම.. ගොඩක් ස්තූතියි අයියේ.. පුළුවන් උපරිමයෙන් හැමදාම ලියන්නයි අදහස..

      Delete
  2. මගෙත් සුබ පැතුම්... තව තවත් ලියන්න ලැබෙන්න කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. ඩිල්ෂාන් අළුතින් නේද මේ පැත්තට ගොඩ වුනේ.. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට.. ස්තූතියි සුභපැතුමට..

      Delete
  3. සුබ පැතුම් මල්ලී..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තරූ අක්කේ..

      Delete
  4. එල එල.... 500 යට 50000ක් ලියන්න පුළුවන් වේවා කියල ප්‍රාර්තනා කරනව.....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. එච්චරනම් ඉතින් කොහොම ලියන්නද. දැන් ඉතින් බලමුකෝ 1000 ලියන්න..

      Delete
  5. 500 ට මගෙන් උණුසුම් සුභ පැතුම්! මම නං වැඩිපුර ආසාවෙන් කියන්නේ ඔයාගේ කෙටි කතා ටික යි, එරිකෝ හන්ටර් කතා පෙළ යි. වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න ශක්තිය ලැබේවා කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එරිකෝට ආස කීප දෙනෙක් හරි ඉන්න එකත් සතුටක්.. මමත් අසම ඕකටයි කෙටි කතා වලටයිනේ.. මොකද ලියන්න මහන්සි වෙන්නේම ඒකට හන්දා.. ගොඩක් ස්තූතියි ධාරා..

      Delete
  6. පෝස්ට් 500ක්! ඇත්තටම ලේසි පහසු වැඩක් නෙමේ.
    මුලින්ම ඒ 500ට මගේ හදපිරි සතුට සහ සුභාශිංසන.
    දිනෙශ් අර කියපු කතාවනම් සහතික ඇත්ත ඔයාලා ආව කාලෙට වඩා අද අපිට අලුත් බ්ලොග්ලියන අය විදියට අවස්ථා වැඩී. ඒකට ඔයාලා දෙන සහයෝගයත් අගය කරනවා.

    අර ප්‍රශ්ණෙට උත්තරේ නම් හිතා ගන්න බැරියෝ.......

    ReplyDelete
    Replies
    1. ගෲප් වලින් සින්ඩි වලින් පස්සේ කාලේ හරි අපිටත් ප්‍රයෝජනයක් වුනා බං.. ඒවා නැත්නම් ලියන දේවල් දන්න දෙතුන් දෙනා අතරම තියෙවි හැමදාම..

      කාටවත් උත්තරේ හොයාගන්න බැරිද අෆ්ෆා.

      Delete
    2. politics wenta man hithanne

      Delete
    3. දේශපාලනය කතාවකදී තේමා කරන් තියෙන්නේ..

      Delete
  7. සුභ පැතුම්...500ක් ලියනවයි කියන එක ලොකුම ලොකු වැඩක්.....ඒ වගේ දෙයක් කරන්න ඔයා වැය කරපු කාලයටයි ශ්‍රමයටයි ගොඩක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අවුරුදු 3යි මාස 3ක් ගියා.. හ්ම්ම්, මොනා වුනත් ඒ කාලේ ගැන හිතද්දී සතුටුයි..

      Delete
  8. 500ක් යකෝ පිස්සු හැදිලා ආයෙම හැදෙනවා කියන්නේ ඔව්වට තමයි. මට නම් ට්ව අවුරුදු 6ක් වත් යාවි සාපේක්ෂව. මොනවා වුනත් මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් අයියා. ඈ මග හැරිලා බලද්දී සතුටු වෙන්න පුලුවන්නම් අන්න එක තමයි කෙනෙක් ලබන ජයග්‍රහණය :)

    (බ්ලොග් එක හින්දා වැරදිලා නැහැනේ කොල්ලට :P)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සතුටුයි බං.. හිට්ස් කියන දේ නම් අඩුවෙන්ම තිබුනත් ලැබෙන ප්‍රතිචාර එක්ක ලියන එක හිතට මාර නිදහසක්..

      හෙහ්, ඔවු බං.. හැම දෙයක්ම හරි ගියේ මේක හන්දනේ..

      Delete
  9. සුපැතුම්.. පටන් ගත්තා කාලේ ලිව්ව හැටියට මම හිතුවේ දාහක් දෙදාහක් විතර ලියලා ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, මේකනේ මාතලන් අයියේ.. කට්ටිය ස්පීඩ් වැඩී කියලා කෑ ගැහුවනේ.. මතක ඇතිනේ මම ඔයාගෙනුත් පොඩි උපදෙසක් ගත්තා.. එහෙම නොවෙන්න ඉතින් මේක දාන්නේ මීට ගොඩක් කලින්..

      Delete
  10. මලයා පුදුම විදිහට අපට සලකන්නේ.... පොඩ්ඩක් හිටින් කොළ පාට ඇපල් කෑල්ලකට ලුනු කුඩු ටිකක් ඉහලා ගන්නකන්... :)
    බ්ලොග් කළාව තුල දිගු ගමනකට ආසිරි !!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඔය ලුණු ඉහන් බොද්දී තව දෙයක් ඕන කියලා අයියා දන්නවනේ නේ.. ඒක මෙහෙම කියන එක හරිද මන්දා..

      මොනාවුනත් මධුරංග අයියට නොසලකා බැහැ.. තෑන්ක්ස් හැමදාම දෙන සහයෝගයට..

      Delete
  11. 500 වැනි ලිපියටත් තෙවසරක බ්ලොග් රචනයටත් සුබාසිරි මලයා.. ලියමු දිගටම...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින් අයියේ.. හැකිතාක් ලියන්නයි කල්පනාව..

      Delete
  12. මගේත් සුභ පැතුම් මලේ! තව තව ලියන්න උඹට ශක්තිය හා දහිරිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  13. මගෙනුත් සුබ පැතුම්....!

    ReplyDelete
  14. බොහෝමත්ම සතුටුයි මලයා... මං ඉතිං උඹව දැන ඇදිනගෙන බොහෝම කල් වෙනවා නෙව... බ්ලොග් ලියන උන් අතරේ හැමෝමත් එක්කලම අවුලක් නැති බොහෝම හිතවත්ව ආස්සරේ කරන්න මලයා එදා ඉදලම බොහෝම දස්ස එකා නෙව... මාත් ඉතිං මලයගේ කොටස් වසයෙන් පල වෙන කතා මාලානං ටිකක් අතෑරලා තමා කියවන්නේ.. ඒත් මලයත් දන්නවා වගේම දොස්තොරොත්තෝ අක්කා වගේම මලයගේ කුකුල් බොසාගේ කතා වස්තු ඇතුලත් ඔය රටේ තොරතුරු ඇතුලත් කතානං හැම එකම වගේ කියෝනවා නෙව...

    ඒ ඔක්කෝටමත් වඩා මං හිතන්නේ අපි වැඩියම හම්බ උනේ ඔය ගෑල්ලමයින්ගේ බ්ලොග්වල කයි ලියන්න ගිහින් වෙන්ට ඇති නේද..? :D :D D හනෙ හම්මේ එහෙම කාලයක්...

    මේ ලිව්වා වගේම තව සිය දහස් ගණන් ඉදිරියටත් ලියන්නටත්.. අද වාගෙම හෙටත් හැම කෙනා එක්කම සමාදානයෙන් සතුටෙන් ඉන්නටත් හැකියාව සක්තිය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. මාරයා කිවුවම ඉතින් අපි ආව කාලේ සෑහෙන බයක් ගෞරවයක්නේ අපිට තිබුනේ මෙයා ගැන.. දැන් නම් බයක් නෑ.. මොකෝ මනුස්සයා මොනවගේ කෙනෙක්ද කියලා දන්නවනේ.. හැබැයි ගෞරවයනම් තාම එහෙමම තියෙනවා අයියේ..

      ඔවු ඔවු.. ඉස්සර කවි රිප්ලයි අපි අත අරින්නේ නැතුවම කරපු දෙයක්නේ.. මට මතක විදිහට නිම්ෂා නංගිගේ බ්ලොග් එකෙන් අපි දෙන්න හරියට සෙට් වුනේ.. ඇත්ත, දැන් නම් එහෙම නැති වුනාට තාම ඒ දවස් ගැන මතක් වෙද්දී සතුටක් දැනෙන්නේ..

      ගොඩක් ස්තූතියි මාරයියේ හැමදේකටම.. ඉදලා හිටලා උපදෙසක් ගන්න දුවන් එන්නේ ඉතින් ඔයා ලගටනේ..

      Delete
  15. ඔන්න එහෙනම් රජ වීදිය පැත්තෙනුත් සුබ පැතුම්...සමරන්න ඕනෙ කොල්ලො ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ බං.. සෙට් වෙයංකෝ සමරන්න..

      Delete
  16. තව 500 ක් ලියන්න ලැබේවා කීලා සුබ පතනවා..

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹලට මේ පැත්ත මතක් වෙනවා නේ මෝඩ පණුවා.. පාටියක් නම් මුන් ඇවිත් ඇති මෙහේ..

      Delete
  17. වෙනස්ම සැමරුමක්.හිත ගත්තා මගේ මේ සැමරුම.සුන්දර විදියට පෙළ ගස්වලා.මගේ සුභ පැතුම් පිළි ගන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගයනි..

      Delete
  18. පෝස්ට් 500 ලියනවයි කියන එක ලෙසි පහසු වැඩක් නොවෙයි....ඉතින් මල්ලි තව තවත් ලියන්න ඔයාට ශක්තිය ලැබේවා !තව ප්‍රාර්ථනයක් තියනවා ඔයයි ඔයාගේ සදවති ඉක්මනින් ගන්න වෙඩිමක කේක් රස බලන්න අපිට ලැබේවා ! :)

    ReplyDelete
    Replies
    1. අපේ අළුත් අක්කා නම් ඉන්නේ මේ ලග පාතනේ නේ.. ඒවා හෙමීට බලමුකෝ..

      Delete
  19. මගෙත් උණූසුම් සුබ පැතුම්..පෝඩ්ඩක් සීතල කරලා ගන්නනැත්තං පිච්චියෙ..

    ReplyDelete
    Replies
    1. සීත කාලේ හන්දා දැනටම සීතල වෙලා.. ගොඩක් ස්තූතියි අමිල අයියේ..

      Delete
  20. සුභ පතනව මචං ..

    ඔතනිං එකක් නමාගෙන එලියට වරෙල්ල පස්ස දොරෙං ..

    අන්ඔෆීශියල් බඩු එතන !!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිලි, ඒකත් එහෙමද.. අවුලක් නෑ.. අපේ අයට අන්ඔෆීශියල් ඒවා පුරුදුයි..

      Delete
  21. සුභම සුභ පැතුම් දිනේෂ් අයියේ. මේකට ඇවිත් මම නම් බොහෝම පොඩි කාලයයි. ඒත් දිනේෂ් අයියාගේ බ්ලොග් එක කියන්නේ අනිවා නවතින තැනක්. දිගටම අපිත් එක්කම ඉන්න.

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා.. උඹලා ඉතින් නිදහස් වෙලාවට මේ පැත්තට ගොඩ වෙනවා කියලා..

      Delete
  22. සුභ පැතුම් දිනේෂ් අයියේ 500 ට. වැඩි වැඩියෙන් ලියන්න පුළුවන් වේවා.

    හැබෑටම මොකක්ද අර කාරණාව නොලියපු....? මම හිතන එකවත්ද ;) ?

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම හිතන එක කියලා නිකියා හිටියම හරිද බං.. දැන් ඒක පෝස්ට් කලාම කියන්න එපා මම හිතුවේ ඕක කියලා..

      Delete
  23. එලකිරි සහ ජලය...

    අපි ඉතින් ආපු කාලේ ඉදන් මේ පැත්තේ ගෑටුව ළමයා නොවැ

    500ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම නෑ බොල.. ඇල්කොහොල් තියෙනවා.. උඹ ඉන්න බව අමතක වුනානේ මට..

      උඹ ගැනනේ? උඹව ඉතින් හුරතල් එකා කාලේ ඉදන්ම මතකයි තමයි..

      Delete
  24. 500 ට මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ..

      Delete
  25. සුබ පැතුම් දිනේෂ් 500 වෙනි පෝස්ටුව වෙනුවෙන්... මම මේ ලඟදි ඉඳන් කල්පනා කරේ ඔයාගේ පහු ගිය පෝස්ට් ඉඩක් ඇති වෙලාවට කියවන්න ඕනේ කියලා... දැනුයි දන්නේ 500 ක් තියෙනවා කියලා.. ඒත් කමක් නැහැ ක්යවන්න ඕනේ විවේක ඇති වෙලාවට ...

    මතක ඇතිව ගූගල් ආයතනයටත් ස්තූති කරන්න .. දීර්ඝ ගමනකට සුබ පතනවා ....

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලේ පෝස්ට් 100ක් වගේම තියෙන්නේ කවි අයියේ.. ඒ හන්දා ඉතින් ඒවාට වැඩි කැමැත්තක් නොදක්වනවානම් ඒවා මග ඇරලා කියවන්න.. 2011න් පස්සේ වගේ ලියපුවායේ තමයි හැමෝම ආස කරපු හුඟක් දේවල් ලියවිලා තියෙන්නේ..

      ගොඩක් ස්තූතියි සහන් අයියේ..

      Delete
  26. ජ්‍යොෂ්ඨයාණනි, ඔබට මාගේ උත්තමාචාරය!

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි, ඔහොම නම් කියන්න එපා.. මාත් සාමාන්‍ය රචකයෙක්.. සුභ පැතුම විතරක් වටිනවා මට හුඟක්...

      Delete
  27. සුභ පැතුම්..

    නොකිව්ව දේ තමා අර මරාලේ.. උඹ බඳිනවා කියන එක..

    ReplyDelete
    Replies
    1. ඕක ගැන මොකද බොල කියලා නැත්තේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  28. 500 ට සුභපැතුම් !!! අර මාරයා කියන්නැහේ හැම දෙනත් එක්කම බොහොම සහයෝගෙන් ඉන්න මල්ලිගේ හැකියාව අගේ කරන්න මමත් එකතු වෙනවා. 500 ක් ලියන එකේ අමාරුව මට හොඳටම තේරෙනවා. දාහට ඉක්මනින්ම යන්න ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුදීක අයියේ.. 1000නේද? අවුරුදු 5 පිරෙද්දී ලියන්න ට්‍රයි එකක් දෙන්න බලන්න ඕන..

      Delete
  29. අම්මෝ... 500 ක් හිතන්නත් අමාරුයි රස්ස‍ාවකුත් කරන අතරේ කොහාම එච්චර ගානක් ලිව්වද කියලා...
    මල්ලි ඔබට හදවතින්ම සුබ පතනවා. මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් අරන් ලේඛකයෙක් විදියට එක පොතක් හෝ මුද්‍රණයෙන් එළිදක්වන්න තියලා එවිට ඔබට දැනේවි ඔබ ආ ගමන් මග කොයිතරම් විශාලද කියලා..

    ReplyDelete
    Replies
    1. රත්නායක අයියගෙන් හැමදාම ආශිර්වාදයක් වෙන කමෙන්ට් ලබපු එකම මම වාසනාවක් විදිහට දකිනවා.. පොතක් කරනවා අයියේ.. ඔයාගෙන් අදහස් ගත්තනේ මම.. තව ටික කාලෙකින් බලමු..

      Delete
  30. සුභ පැතුම් මලයො...උඹ දුන්න ඒවා බීලා මට කැරකිල්ල වගේ ...ඕක්....තුහ්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි නොබී හිටියේ.. දැන් ගෙදරට ට්‍රාන්ස්පෝට් දීපංකෝ ඉතින්..

      Delete
    2. 500 ලියනවා කියන්නෙ ලේසි පහසු වැඩක්ද ? ඒක පැත්තක තිබ්බම හොයපු විදියෙ ආදරයක් හම්බවෙන එක සෙල්ලංද....වෙරි බැස්සෙ අද...ඒකයි මේ ටික අද කිව්වෙ...එහෙනං අපිට ජය වේවා ! හුග කාලෙකින් කෙලීව දැක්කෙත් නෑ...මම මතක් කොලා කියන්ට...

      Delete
    3. දැන් නම් වෙරි බැහැලා වගේ.. මීට පස්සේ පරිස්සමට පාටි දාන්න ඕන මේ කට්ටියත් එක්ක.. කෙලී ඔය අදත් පෝස්ට් එකක් කොටලා තිබුනේ..

      Delete
  31. පපර පප් ප පාං....!!!
    වරේවා....!!!
    පන්සීයට හදපිරි සුභපැතුම් දිනේශ් අයියේ.

    අර සුරංගනා කතා වල තියෙනවානෙ මේ වගේ පාර්ටි වලට එන අමුත්තො එක එක wish කරලා යනවා කියලා. ඉතිං මගේ එක තමයි; "මේ දරුවාට... මේ අයුරින්ම Super-Duper විදියට 5000th පෝස්ටුවේ පාර්ටියත් සමරන්න ලැබේවා!!" කියන එක. :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, හ්ම්ම්.. බලමුකෝ ඒ විශ් එකට යන්න පුළුවන් වෙයිද කියලා බස්සියේ.. ගොඩක් ස්තූතියි..

      Delete
  32. අවුරුද්දකට පස්සෙ මමත් බ්ලොග් එකක කමෙන්ටුවක් දාන්නේ මගෙත් තියනවනේ පෝස්ට් 2,3ක් තියෙන ‍බ්ලොග් එකක් බ්ලොග් ලෝකයේ දැවැන්තයෝ අතරින් මුලින්ම මගේ පුංචිම පුංචි බ්ලොග් එකේ කමෙන්ටුවක් දාපු කෙනාට පෝස්ට් 500ක් ලියපු සතුටට සුභ නොපතා යන්න හිත දුන්නෙ නැ ඉතින් ඔන්න මගෙනුත් සුභ පැතුම් තවත් ලියන්නට බ්ලොග් කියවන හැම වෙනුවෙන්.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බිනරි.. ඇත්තටම ඇයි දැන් නොලියන්නේ? ඉදලා හිටලවත් ලියන්න බලන්න..

      Delete
  33. සුභපැතුම් මිත්‍රයාණනි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  34. අම්බෝ..මගෙත් සුබ පැතුම් ලොකු මලයෝ. ඔයා මේකේ ලියලා නෑ කිව්වේ ටෙක්නිකල් දේවල්ද? නැත්නම් සුප සාස්තර, විද්‍යාත්මක දේවල්ද ?

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ ලොකු අක්කම තමයි කියලා කීප තැනකම ඔප්පු කරලා තියෙනවා ඒ මගේ හිත කියවලාම.. බදාදටම හරි උත්තරේ කියන්නම්..

      Delete
  35. හැපි 500th ඇනිවසරි කිව්වා :)
    Post 1000 ඇනිවසරියයි වෙඩිමයි දෙකම එකට ගමු නේහ් :??

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒකත් මරු අදහස හැබැයි..

      Delete
  36. සුබ පැතුම් .. ඉස්සරහටත් මේවගේ ලස්සනට ලියන්න ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  37. සුබ පැතුම් මලයෝ.....කම්මැලි කමට වැඩිය නොකියවුවාට සමබරව ඉවසීමෙන් ලිවිම කරගෙන යන මලයා වගේ අයට මගේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බින්දි අක්කේ.. ඉදලා හිටලා හරි වර්ණයට ගොඩ වෙන එකම සතුටක් මටනම්..

      Delete
  38. ඔන්න දිනේශ් අයියට මගේ හදවතින්ම සුභ පතනවා...! බ්ලොග් ලෝකේ ගොඩාක් දුර යන්න ලැබෙන්න කියලා.............!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් රෙහානියෝ.. ආ මග දැනටත් දුරයි.. තව ටිකක් ඇදගෙන යමු..

      Delete
  39. අම්මප උඹ මෙච්චර ලිව්වද බං? ලියලනේ!
    මට උඹව පේන්නෙ බ්ලොග් අවකාශය ඇතුලෙ ඉන්න අන්තිම නිවිච්ච එකෙක් වගේ. වලි නෑ! :-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාජ් අයියේ ලියලනේ.. හෙහ්..

      ගොඩක් ස්තූතියි රාජ් අයියේ හැමදාම දෙන සහයෝගයට..

      Delete
  40. යකෝ දිනේශ් ....ජාතක කතා තියෙන්නෙත් පන්සිය පනහයි....දිගටම ලියන්න ශක්තිය හා ධෛර්ය්‍ය ලැබේවා!!!!!!!!!!!!

    CHEERS!!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තව 50කින් ඒකත් පාස් කරන්න පුළුවන්..

      තැන්ක්ස් ඇන්ඩ් චියර්ස්..

      Delete
  41. සුභ පැතුම් දිනේෂ් මල්ලි. වැඩි වැඩියෙන් ලියන්නට වාසනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලිනි අක්කේ..

      Delete
  42. අනේ....වාසනාවන්.තව තව ලියන්න. එලම තමයි. :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  43. මටනම් 500 ක් ලියන්න අවුරුදු 50 ක් වත යයි මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ අවුරුදු 10කින් වත් ලියන්න ටයි එක් දෙමු..

      Delete
  44. දිගටම ලියන්න සුභ පැතුම් මල්ලි..
    මම නම් කැමතිම ඔයාගේ රහස් පරීක්ෂක කතා සීරිස් එකට..එරිකෝ හන්ටර්..

    මම නාකි වෙලා තරුණ කට්ටිය මේ කතාව ගැන කියද්දි මටත් ආඩම්බරේන් කියන්න පුළුවන් වේවි ඔය කතාවේ පළවෙනි දෙවනි කතා ඉස්සෙල්ලාම කියෙව්වේ අපි කියලා..!!

    ReplyDelete
    Replies
    1. රූ අක්කට තව වයසට යන්න කල් තියෙනවා.. එතකොට තව කතන්දර ටිකක් එකතු කර ගන්න පුළුවන් වේවි.. මොකද එරිකෝ මම ලියන්න හිතන් ඉන්න පිළිවෙල අනුව තව සෑහෙන කතා තියෙනවා.. ගොඩක් ස්තූතියි රූ අක්කේ.. ඉස්සරම මගේ අකුරු වැරදි වුනත් හරියට පෙන්නුවේ අක්කනේ ඉතින්..

      Delete
  45. පරක්කු වුනා මචෝ හොඳටම එන්න මේ පැත්තට සුබ පැතුම් පන්සීයට . අරයා මෙයා කියන දේවල් වැඩක් නෑ , දවසට පන්සීයක් දාන්න පුළුවන් නම් එත් දාහන්, එක නෙවෙයි උඹ දන්නවද මගෙත් තියෙනවා එක කොමෙන්ටුවක් වත් නැති පොස්ට් පහක් විතර

    ReplyDelete
  46. මාරයගෙ පෝස්ට් එක බලනකොට මේ සුභ ආරංචිය දැක්කෙ . 500 ට සුභ පැතුම් මල්ලී .

    ReplyDelete
  47. 500 ලියනකම්ම ඉන්න උනා නෙව මට මේ පැත්තට එන්න.. :(
    බ්ලොග් අවකාශෙ නිතර දකින චරිත්යක් උනත් ඇයි මන්දා මං ආවෙ නැත්තෙ මේ පැත්තට.. ඔන්න එහෙනං අද ඉදං

    සුභ පැතුම්! තවත් චිරාත්කාලයකට බ්ලොග් ලිවිල්ල කරගෙන යන්න හැකි වේවා!!

    ReplyDelete
  48. මචං උඹේ 500 සුභ පැතුම්....!
    උඹේ බ්ලොග් එකට පහුගිය ටිකේ එන්න දුන්නෙම නැහැ.kaspersky error එකක් අවා.
    අද තමයි එන්න පුලුවන් වුනේ.

    අමද්‍යප නිසා ගර්ස්ලා ගන්න එවයින්ම ගන්නම් ඈ..:D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්