Wednesday, 6 November 2013

කපුටගේ මූණ කලු කලෙමි - ඉස්කෝලේ කතා 17



" අසන්ත අයියේ මම දෙයක් අහන්නද?"

" මොකද්ද?"

" අරයා හොද කෙනෙක්ද?"

අම්මපා ඉතින් ඕක මගෙන් අහපු ගමන් එක පාරම හිතට ගලාගෙන ආවේ හොද හොද අදහස් ටිකක්.. කපුටගෙයි මගෙයි හතුරු කම වෙනයි.. ඌට වැඩිය උස මේ කේජු කෑල්ල ඌට හරි යන්නේ නැති එකත් මම නොකිවත් ඒකිට වුනත් තේරෙන්න එපැයි දෙයියනේ.. හැබැයි ඉතින් ආදරේට ඔය උසයි වයසයි එච්චර වැදගත් නැහැයි කියනවනේ..

" ඇයි ඔයා ඕක ඉතින් හදිස්සියෙම මගෙන් ඇහුවේ?"

" නැහැ ඔයාලා ඉතින් යාළුවෝ නේ.."

" අන්න ඔයා වරද්ද ගත්ත තැන.. කපුටා කියන්නේ මට ඉන්න ලොකුම හතුරා.. ඒ හන්දා ඔයා ඌ ගැන මගෙන් අහන්නෙ නැතුව ඉන්න එක තමයි වැඩියම හොද.."

කෙල්ලගේ මුණ නිකන් ඇද වෙලා ගියා එක පාරම..

" ඒකනම් මමත් දන්නවා.."

" අහ් ඇත්තද?"

" එයා කිවුවා ඔයා එක්ක කතා කරන්නවත් එපා කියලා.."

ඒක අහපු ගමන් මට හිනා යන්නත් ආවා.. පොර කලින් වතාවේ වගේ වෙයි කියලා සෑහෙන බයකින් ඉන්න බව මට එවෙලේ තේරුණා.. ඇත්තටම ඌ මං ගැන කොහොම මොනවා හිතුවා උනත් මම කලින් වතවෙදි ඌට හෙල්ප් කලේ සිරාවටම.. මූ කැතයි කොටයි කියලා කෙල්ල කිවුව එකට මම පලිද ඉතින්..

අපේ ප්‍රිෆෙක්ස්ට් රූම් එක තිබුනේ ඉස්කෝලේ ගෙට්ටුව පේන හරියෙම වගේ.. මම රූම් එකේ උළුවස්සට හේත්තු වෙලා පාර පැත්තත් පේන විදිහටයි කතා කර කර හිටියේ.. කෙල්ල හිටියේ ප්‍රිෆෙක්ට්ස් රූම් එක ඇතුලේ.. ඔය කතාව හෙමීට යන අස්සේ මම දැක්ක කපුටත් ඉස්කෝලෙට එනවා.. එතන්ට පාරත් හොදට පේන හන්දා ඈත තියාම මම ඌ එනවා දැක්කා..

" මේ නංගී, අපි මෙතන කතා කරන එක හරි නෑ.. කවුරු හරි දැක්කොත් වෙන මඟුලක් හිතයි.. ඒ හන්දා අපි මේන් හෝල් එක පැත්තට යමු.. කොහොමත් එතනනේ වැඩ තියෙන්නෙත්.."

" හා අයියේ.."

කෙල්ල දැක්කේ නෑ කපුටා එන බවක්.. මම ඌට පේන්නත් එක්කම
කෙල්ල එක්ක කතා කර කර ගියා මේන් හෝල් එක පැත්තට.. අනිවාර්‍යෙන්ම ඌට අපි දෙන්නව පේන බව ශුවර්.. ඒ හන්දා මාත් අරූට පේන්නත් එක්ක විකාර කියව කියව ගියා මේන් හෝල් එකට.. මම හිතුවා වගේම විනාඩි 5ක් යන්න වුනේ නෑ කපුටා දුවගෙන ආවා මේන් හෝල් එක පැත්තට..

එදා ඩේ එක හන්දා මේන් හෝල් එකේ ඔක්කොම වැඩ ඕගනයිස් කරන්න තිබුනා.. කලින්ම කට්ටිය එක එක වැඩ වලට බෙදිලා හිටපු හන්දා ඒ වැඩ ටික ශේප් එකේ කෙරී ගෙන ගියා.. වෙනදට කපුටා ඉන්නේ මගේ ටීම් එකේ වුනාට මම මේ පාර ඌව හලපු හන්දා මම නිදහසේ මගේ වැඩ ටික කරගෙන ගියා.. ඒ වුනාට උගේ කෙල්ල හිටියේ මගේ ටීම් එකේ හන්දා ඌ හිටියේ පස්ස ගිණි අරන් කියන එක උගේ හැසිරීමෙන්ම පේන්න තිබුනා..

උදේ වැඩේට ලෑස්ති වෙන අස්සේ මම දැක්කා එහෙන් මෙහෙන් පැනලා මුන් දෙන්නා මලක් කඬනවා.. මම ඉතින් ඒක දැක්කේ නෑ වගේ හිටියා.. අපේ ඉස්කෝලේ ඉතින් එක දෙයක් තමයි ඕනම ඩේ එකක් තියෙන දවසට ඔය ඉන්න කපල්ස් ටික ඩේ එක අස්සේ අතුරුදහන් වෙන එක.. ඩේ එකට කලින්ම උන් මොනා හරි වැඩක් බදාගෙන ඒකට සෙට් වෙනවා.. එතකොට මේන් හෝල් එකේ වාඩි වෙන්න ඕන නැහැනේ.. මොකොද අතර මඟදි නැඟිටින්න ගියාම අවුල.. මොකක් හරි වැඩක් අල්ලගෙන මේන් හෝල් එකෙන් පැනලා හිටියම ඒ වැඩේ කර ගන්න ලේසියි.. කොහොමත් ඉතින් ඩේ එකක් කියන්නේ කපල්ස් වලට ෆන් ඩේ එකක් තමයි..

කොහොම හරි ඉතින් අරුන් දෙන්නා හෙමිට පොඩි මලක් කඩනවා දැක්කත් මම නොදැක්කා වගේ හිටියා.. එදා ඩේ එකේ එනන්වුන්සින් තිබුනේ මටයි ප්‍රධාන ශිෂ්‍ය නායිකවටයි.. මම මගේ වැඩ ට්ක කරන් පාඩුවේ ඉද්දී මෙන්න මේකි එනවා මූණ දෙක කරන්.. පස්සේ බැලින්නම් කලින් දවසේ හෙම්බිරිස්සාවක් හදාගෙන වොයිස් එක නිකන් තියෙනවා සුමදුර විදිහට.. දැන් ඉතින් මොකද කරන්නේ? මේකි මෙහෙම කතා කලොත් එහෙම ආරාධිතයෝ දුවනවා ශුවර්.. මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දී කපුටගේ කෙල්ල ආව මාව හොයාගෙන.. එතකොටම තමයි මට ඝණදෙවි ණුවන ආවේ..

" නංගී, ඔයා මාත් එක්ක එනවුන්සින් කරන්න ලෑස්ති වෙන්න.. මෙයාට සනීප නෑ.."

" අනේ අයියේ, මේ හදිස්සියේ මම?"

" හරි ඔයා බය වෙන්න ඕන නෑ.. අපි දෙන්නා ශෙඩූල් එක ලෑස්ති කරන් හිටපු හන්දා කරන්න ඕන පිළිවෙල මේ කොලේ ලියලා තියෙන්නේ.. ඉන්න අයගේ නම් විස්තර ඕකේ තියෙනවා.. වැඩි හරියක් මම කරන්නම්.. ඔයා මම හයිලයිට් කරලා දෙන ටික බලා ගන්න.. එවෙලට කියන්න ඕන ඒවා ඔයා හිතලා කියන්න.. අවුලක් වුනොත් මම ඉන්නවනේ.."

වැඩි කැමැත්තක් පේන්න නොතිබුනාට මොකද මට බෑ කියන්න බැරි කමටම හා කියලා කිවුවා.. අකමැති ඉතින් ෆන් එකක් ගන්න තියෙන එක මිස් වෙන හන්දා කියලා ඉතින් මම හොදටම දන්නවා.. මාත් ඒක දැන ගෙනම තමයි එන්න කිවුවෙත්.. අනික ෆන් එක වගේද ඩේ එක.. දැන් ඉතින් මෙයා  කොලේ අරන් ඇඹරෙනවා.. මට ඉතින් තේරුණා මොකද කියලා..

" මේ ඉක්මනට ගිහින් අරූට කියලා එන්න.."

කෙල්ල හිනා වෙලා යන්න ගියා.. මම අනික් වැඩ ටික බලන අතරේ මෙන්න මෙයා එනවා මුණ බෙරි කරන්..

" මොකද, බැන්නද?"

" හ්ම්ම්.."

අරූගේ හැටි ඉතින් මම දන්න හන්දා මට නිකමට හිතුනා බනින්න ඇති කියලා.. අනික මගේ වැඩක් කිවුවම තවත් මල පනින්න ඇති..

" දැන් ඕක ගැන හිතලා මේ වැඩේ අවුල් කරන්න එපා.. ඌ හෙට වෙද්දී යාළු වෙයි.."

කොහොම හරි ඩේ එක පටන් අරන් වැඩ ටික කෙරීගෙන ගියා.. මම
හිතුවටත් වැඩිය හොදට කපුටගේ කෙල්ල වැඩේ කලා.. ඒ හන්දම වෙන කෙනෙක් ඒකට ඒ වෙලාවේ ගත්තා කියලා කාගෙන්වත් අවුලක් වුනේ නෑ.. වැඩේ යන අස්සේ මම බැළුවේ කපුටා දිහා.. ඌ අපේ සෙට් එකේ කවුරුවත්ම නැතුව තනියම හෝල් එකේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා.. හික්ස්.. උගේ මූනේ තිබ්බ ලස්සන.. ස්වීට් රිවෙන්ජ් කියන්නේ ඉතින් ඔය වගේ එවට තමයි..

කොහොම හරි ඉතින් ඩේ එකත් ඉවර වුනා කියමුකෝ.. දවස් දෙකක් යන්න හම්බුනේ නෑ කපුටගේ කෙල්ල එනවා උදේ පාන්දරම මාව හොයාගෙන..

" අයියේ, මට ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් අස් වෙන්න ඕන.."

" ඇයි අරූ බැන්නද ආයෙම මේකේ ඉන්න එපා කියලා.."

" හ්ම්ම්.."

" හරි, ඔයා අයින් වෙන්න ඕන සාධාරණ හේතුවක් එක්ක මට ලෙටර් එකක් දෙන්න.. මම ඒක ස්ටාෆ් එකට දෙන්නම්.. හැබැයි මම හිතන්නේ නෑ ඔයාට යන්න දේවි කියලා කට්ටිය.. මොකද එදා ඔයාගේ එනවුන්සින් හන්දා හැමෝම ඔයගේ හොද කියනව.."

කෙල්ලට මේකෙන් අයින් වෙන්න ඕන කමක් නෑ කියලා මූණ බැළුවම හොදටම තේරෙනවා.. ඒත් ඉතින් මට බලෙන් තියාගෙන උන්ගේ ලවු එක කඩන්න කිසිම ඕන කමක් නැති හන්දා මම ලෙටර් එක අරගෙන ස්ටාෆ් එකට දැම්මා.. හැබැයි ඉතින් මම හිතුවා වගේම ස්ටාෆ් එකෙන් කෙල්ලට අයින් වෙන්න දුන්නේ නෑ..

ඒ නිසා ඉතින් කපුටට කොච්චර ඕන කම තිබුනත් මාත් එක්ක තියෙන කතා බහ නවත්තන්න ඒක ඌට කරන්න බැරි වුනා.. ඇත්තටම එදා ඌට එහෙම දෙයක් කලාට මට ඊට පස්සේ ඒ කෙල්ල එක්ක කතා කරන්න ඕන කමක් තිබුනේ නෑ.. මොකද ඉස්කෝලේ ලවු වලට මම උදවු කලා මිසක එකකටවත් බාල්දි දැම්මේ නැති හන්දා.. ඊට පස්සේ උන් දෙන්නා මාට්ටු වෙන්න ගිය වෙලාවල් දෙක තුනකම මම උන්ව බේර ගත්තා..

හැබැයි ඉතින් එහෙමයි කියලා හිතන්න එපා කපුටා මාත් එක්ක තියෙන තරහා නැවතුනා කියලා.. ඊට පස්සේ තමයි හොදම හරිය පටන් ගන්නේ.. ඒවා ඉතින් පසු කතා වලින් කියවමු..

43 comments:

  1. ඒකත් එහෙමද?? කපුටගේ නෝනා එනව්න්සර් කෙනෙක් කරල දෙනවයි කියල කෙල්ල මුරුංග අත්තේ තියල කපුටට කෙලවන්නයි තිබුනේ.. බලමු කපුටා බොට කෙටු හැටි...

    ReplyDelete
    Replies
    1. දේශකයා පෝස්ට් එකක් දානකන් මග රැකන් ඉන්නවා වගේ.. දැන්ම ගමන් කියවලා..

      හෙහ්, එහෙම කලේ නෑ බං අයියේ ඉතින්.. කෙටුවා කෙටුවා.. ඒවා ලියන්නම් හෙමිහිට..

      Delete
  2. මට පේන ආකාරයට කපුටා ලඟදීම රිටර්න් එක සෙට් කරයි වගේ. අපි බලමු.

    ReplyDelete
    Replies
    1. දුන්නා දුන්නා.. ඌ රිටර්න් එකක් නොදුන්නනම් තමයි පුදුමේ..

      Delete
  3. මොකක්ද මේ "එදා ඩේ" වගේ එකක් කියලා තියෙන්නේ? මොන ඩේ එකද?

    කපුටා පව් අප්පා...:D

    ReplyDelete
    Replies
    1. මට ඩේ එක මොකද්ද කියල මතක නෑ පොඩ්ඩි අක්කේ.. ඒකයි එදා කරපු ඩේ එක කියලා එන්න ඕන ඔතන.. ඉන්ග්ලිශ් ඩේ එකද මන්දා.. හෙහ්..

      Delete
  4. අපෝ උඹ මහ සාටර් පොරක්නේ ඉස්කෝලේ...මමනම් ඔය ෆ්‍රිපෙක්ට් පට්ටම් වලට දැඩි ලෙස විරෝධය දක්වමු නිසා මම නියෝජනේ කලේ ඉස්කෝලේ එෆ්.එම් චැනල් එක. හැමදාම උදේට ඉස්කෝලේ එවුන්ට කනක් ඇහෙන්න නෑ අපි එක එක ඒවා කරනවා. අපේ මාධ්‍ය ඒකකේ හිටපු ගොඩක් එවුන් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි බං අපේ ඉස්කෝලේ කරුමෙට පිරිමි පාසලක්නේ. නැත්නම් පාසල් ප්‍රේමේ සුන්දර අකුරු ටික ඉස්කෝලෙදිම ලියන්න තිබුණා. දැන් ඉතින් ආයේ පෝමැට් කරන්නද කියලා හිත හදන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔවු බං, දැන් තමයි මම හොද එකා ;)

      අපේ ඉතින් සන්නිවේදනේ හිටියේ කෙල්ලෝ තමයි.. අපි ඔවුවට ගියේ නෑ ඉතින්.. හෙහ්.. දැන් ඔවුවා ගැන හිතලා වැඩක් නෑ ජනා.. ෆෝමැට් කරන්න බෑ..

      Delete
  5. මේ සීරීස් එක කියවලාම නෑ බං. මුල ඉඳල බලන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. රාජ් අයියට මිස් උනා වෙන්න බෑ හැබැයි.. කමක් නෑ බලලා එන්නකො..

      Delete
  6. කපුටගේ කූඩුවේ කොහා බිත්තර දැම්මම කපුටා දැනගන්නෙ පැටව් ලොකු වෙලා කෑ ගහනකොට කියනවනෙ...මටත් පේන්නෙ කපුටගෙන් උබ කන්නද මන්ද යන්නෙ...පැටවූ වගේ වෙන්නනම් එපා..කෑම දෙනකන් හිටපන්..මගදී කෑ ගහන්න ගත්තොත් කොහාට වෙන වැඩේ වෙයි..හි හි හී

    ReplyDelete
    Replies
    1. හෙහ්, නෑ නෑ එහෙම එකක් නම් වුනේ නෑ.. උගේ කුඩුව උගේ ලගම තිබ්බ දෙන් කියලා මම හිටියා.. මට කලින් කරපුවට පොඩි ගේමක් නොදී බැහැනේ ඉතින්..

      Delete
  7. යකෝ උඹ මහා කාලකන්නි සතුටක්නේ ලබලා තියෙන්නේ අර අහින්සකයාව බයිට් කරලා. පව් බොලව් ,

    ReplyDelete
    Replies
    1. අඩෝ, උඹලා ඌ මට කරපු දේවල් කියවද්දී මං පවු කිවුවේ නැහැනේ බං.. අසාධාරණයි ඈ..

      Delete
  8. ඔය හා සමාන අත්දැකිමක් තියෙන නිසා කපුටගේ මුණට උන දේ ගැනත් .......ඒ මුණ බලලා දිනේෂ් ගත්ත ෆන් එක ගැනත් හිතා ගත්ත හැකි හි...හි...හි

    ReplyDelete
    Replies
    1. දැන් ඔය අත්දැකීම තියෙනවා කිය කිය ඉන්නේ නැතුව ලිවුවොත් නරකද මම අහන්නේ?

      Delete
  9. මට අගක් මුලක් පාද ගන්ඩ බෑ නේ... කොයිල් උනා වගේ !
    මේක සීරීස් එකක් ද ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් මධු අයියේ කරන්න බෑ කියන්නේ.. සීරිස් එකක් කිවුවට ඉතින් මේඛ නව කතාවක් වගේ නෙමෙයි ඒ.. ඔයා කියවලා ඇති මුල් ටික..

      Delete
  10. Replies
    1. පොඩ්ඩක් හිටින් බං ගෙදර ආවම එපැයි පබිලිස් කරන්න..

      Delete
  11. කථාව ලස්සනට ගලා ගෙන යනවා. ඊළඟ කොටස එනකන් ඉවසිල්ලක් නෑ. ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ඊලග ගැටුම පසුවට.. ඉක්මනින් ලියන්නම්..

      Delete
  12. මචං මාත් ඉස්කෝලෙ HP වෙලා හිටියා. ඒ අතරෙම ලවකුත් ලාවට කරන් මගෙ යහළුවන්ගෙ ඒවටත් සප් එක දීගෙන හිටිය. උඹේ මේ සීරීස් එක කියවත්දි අපෙ කේසුත් මතක් වෙනවා (පොඩි උන් ආද‍ර්ශෙට ගන්නවා එහෙම නෙමේ)
    හැබැයි කපුටා නම් හොද රිටන් එකක් දෙන්න ඇති අනිවා.

    ReplyDelete
    Replies
    1. උඹලගේ කේසුත් ලියමු ඉතින් හෙමීන් වෙලාවක.. පොඩි උන් දැන් අපිට එහා බං.. ඒ හන්දා ඒවා හිතන්න එපා..

      Delete
  13. කපුටා මේ මෑතක් වෙනකම් ඒ තරහ හිතේ තියන් හිටියලු.. දේවාල වල ගිහින් පොල් ගැහුවලු, ඒත් වැඩක් නෑලූ.. අන්තිමට දෙන්නම් වඩේ කියල හොඳ යකදුරෙක් අල්ලන් තොවිලයක් නටල වශියක් කරාලු...
    ආපහු ඔහොම දේවල් නොකරන්නත්, දිනේශයගෙ විනෝදකාමී නිදහස් ජීවිතයට තිත තියන්නත්, හදන්න බැරි නම් මකල හරි ගනින් කියලා මදාරා කියල ටිකක් සැර බටකොළ ආච්චියෙක් සෙට් කරාලු :)
    කොහොම උනත් අන්තිමට කපුටගෙ පලිගැනීමත් සාර්ථකලු.. ඒත් ඌට වැරදුණ තැනක් තිබිලා.. ඒ හන්දා ජාඩියට මූඩිය වගේ මේ ජෝඩුව සෙට් වෙලා.. ලොල්

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඌ තාමත් මාත් එක්ක තරහයි බං..

      උඹේ ඉමැජිනේශන් එක මරු.. එහෙනම් ඔක්කොටම කලින් කපුටට තෑන්ක් කරන්න ඕන.. මේ බටකොළ ආච්චි සෙට් වුනාට.. ජාඩියට මූඩිය වගේ හන්දනේ බං සමහරුන්ට ඉරිසියාව වැඩි..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔන්න මම එහෙම මුකුත් කිවුවේ නෑ..

      Delete
  14. ලේත් පෞද්ගලිකව කියනව නම් කොල්ලො තරහ කරගන්න එක අනාගතයට හෙන පාඩු සහගතයි

    ReplyDelete
    Replies
    1. ඔවු බං.. ඒක එක පැත්තකින් ඇත්ත.. ඒත් මූ නම් ඕනම නෑ.. මොකෝ අපේ සෙට් එකේ එකෙක්ටවත් දිරෙවුවේ නැහැනේ මූව..

      Delete
  15. හැමෝම උඹට බයින එකේ මගේ සප් එක උඹට ඇ...

    පව් අප්පා මේ දිනේෂයා.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මට උඹව ශුවර් නෑ බං..

      Delete
  16. පෝස්ට් එක නම් සුපිරි ඈ! කපුටා කෙටුව හැටිත් ඉක්මනටම දාන්න හොඳේ....

    ReplyDelete
    Replies
    1. හෙහ, හරි හරි.. ඉක්මනට ලියන්නම්..

      Delete
  17. එක එක ඩේ අස්සෙ කපොල් අතුරුදන් වෙනවා කිව්වෙ...උන් කැළේ පනිනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ සිරා අයියේ.. උඩ උඩ තට්ටු වල පන්ති වලට පනිනවා.. ;)

      Delete
  18. තහඩු කාරයෝ නම් අපිට දිරවන්නෙම නෑ ඉස්සර.

    ReplyDelete
    Replies
    1. උඹට මං වගේ පොරක් සෙට් උනානම් ඔහොම කියන්නේ නෑ..

      Delete
  19. උඩු සිතින් උන් දෙන්නගේ ලව් එක බාර ගත්තත්, යටි සිතින් එහෙම බාර අරන් නෑ වගේ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සුදීක අයියේ.. ඇත්තම කියනවනම් එහෙම නෑ.. ඔය කාලේ මම හිටියේ තනිකඬ කම හොදයි කියන ප්‍රතිපත්තියේ.. ඒ හන්දා මාත් එක්ක ෆිට් කෙල්ලෝ කොච්චර හිටියත් ලවු කරන්න උවමනාවක් තිබුනේ නෑ.. උන්ගේ ලවු එකේ අවුලක් මට නෑ.. මට තිබුනේ කපුටා එක්ක පර්සනලි අවුලක්..

      Delete
  20. මන් මේ බස් එකට නැගලා තියෙන්නේ කොහෙන්ද ...? මේක කොහෙට යන බස් එකක්ද ...? කමක් නැහැ අපි යමු ... ඉන්නකෝ සීට් එකක් තියේද බලන්න විපරම් කරලා...

    ReplyDelete
    Replies
    1. ශාන් අයියා ආව එක ඇත්තටම සතුටක් මේ පැත්තට.. බස් එක නම් දැන් සෑහෙන දුරක් ඇවිල්ලා.. කමක් නෑ අපි ඉස්සටහටම යමු..

      Delete
  21. දිනේශ්......කපුටෝ කොටන්න ගත්තාම කොටන්නේ එලවා එලව...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්