Friday, 1 November 2013

හතුරගේ කෙල්ලව අල්ලපු හැටි - ඉස්කෝලේ කතා 16



ඉස්කෝලේ කතා සීරීස් එකේ අතර මගදී ආයෙම මතක් වෙලා ලියපු උලාගේ වටලං කතාවට පස්සේ ආයෙම අපි යමු A/L කාලෙට.. මතක ඇතිනේ කට්ටියට අන්තිමට කතාව නැවතුන තැන.. අර බෝට්ටු පදින්න යන්න සෙට් වුන නංගිගෙන්  හම්බුන ලවු ලෙටර් එකෙන්නේ අන්තිමට නැවැත්තූවේ.. අද එතැන් සිට..

ලවු ලෙටර් එක හම්බුනාට මොකද ඒක හරියට කියවන්නවත් ඒකට රිප්ලයි එකක්වත් ලියන්නවත් බැරි වුන විත්තිය කට්ටියට මතක ඇතිනේ ඉතින්.. ඒ හන්දා ඉතින් ඒ ස්ටෝරිය ගැන එතනින් එහාට කියන්නට යමක් නැහැ.. මොකද ඔය ලියුම දුන්නට පස්සේ ඒ නංගිත් O/L ලියපු හන්දා මට ආයෙම මීට් වුනෙත් නැහැ.. මාත් ඉතින් ට්‍රයි එකක වත් දුන්නේ නැති හන්දා ඒක එහෙමම මඟ ඇරිලා ගියා..

මේ කාලේ වෙද්දී මම ප්‍රධාණ ශිෂ්‍ය නායකයා වෙලත් මාස හතරක් පහක් වගේ ගිහින් තිබුනා.. මගේ හොදම හතුරා හැටියට කපුටත් ඒ වෙද්දී මගේ හැම වැඩකටම වගේ දාන්න පුළුවන් උපරිමම බාල්දි පුළුවන් තරම් දාලයි තිබුනේ.. ගහමරා ගන්න ගියානම් රෙස්ලින්ග් වල තියෙන කෝන්තර වලට එහා යන වලියක් බලා ගන්න තිබුනා.. ඊටත් වඩා හොදට ආතල් එකේ අන්තිම කාලේ ගෙදර නිවාඩු පිටම ඉන්නත් තිබුනා..

කෝම වුනත් වලිය නැඟලම යන කාලේ හිටපු ගමන්ම වගේ ටික දවසකට කපුටා වලි සීන් එකෙන් ටිකක් ඈත් වුනා.. කපුටගෙයි මගෙයි වලියේ උණුසුම ඕනම වෙලාවක නැගලා යන්නේ ඉස්කෝලේ මොකක් හරි ඩේ එකක් තියෙද්දී තමයි.. මේකත් ඒ වගේ මොකක් හරි ඩේ එකක් ඕගනයිස් කරපු කාලයක්.. ඩේ එකට සෑහෙන දවසක් තියලනේ ඉතින් අපේ මීටින් තියෙන්නේ.. ඔය මීටින් දෙක තුනක්ම තිබුනත් කපුටා නෙමෙයි මේ පාර මට බාල්දියක් දැම්මේ.. දැන් මටත් සෑහෙන්න පුදුමයි මූ එක  පාරම වෙනස් වුනේ මොකද කියන එක.. මොකද මටත් නිකන් බාල්දියක් වැටුනේ නැත්නම් නිකන් අප්සට් වගේ ඒ වෙද්දී..

කපුටගේ පැහැදිළි වෙනස ගැන හොයන්න ඕන කියලා නිකමට වගේ මගේ ඔළුවට අයිඩියා එකක් ආවේ ඌ සෑහෙන දවසක් තිස්සේ කිසිම සද්දයක් නැතුව හිටපු හන්දා.. වලියක් වුනාම එක්කෝ ගහගෙන ඉවර වෙන්න ඕන.. එහෙම නැත්නම් කතාකරලා සමාදාන වෙන්න ඕන.. මේක ඒ දෙකම නැති වුනාම හිතට නිකන් මොකද්ද මොකද්ද වගේ.. ඕනම ඉස්කෝලෙක ඉතින් ඔය චණ්ඬි කියන ජාතිය ඉන්නවනේ.. අපෙත් හිටියා අන්න එහෙම බුවෙක්.. මිනිහා නිකන් බිග් ශෝ වගේ පොරක්.. ඒ වගේ ඇඟ එහෙම.. අපේ ආර්ට් සෙක්ශන් එකේ තමයි මිනිහා හිටියේ.. ඌ පොඩි කාලේ ඉදන්ම මගේ හොද ෆිට් එක.. O/L කාලෙයි ඊට කලිනුයි හැමදාම වගේ විභාගෙට පොර කොපිකැට් එක දෙන්නේ මගෙන්.. ඒ හන්දා මගේ ඕනම වැඩක් කරන්න මෑන්ස් ලෑස්තියි..

ඉතින් මම මෑන්ස්ට මගේ වැඩේ පවරලා දවසක් විතර හිටියා කපුටා ගැන ආරංචියක් එනකන්.. හිතුවට වැඩිය ඉක්මනට මෑන්ස් මගේ වැඩේ කරලා තිබුනා..

" අසා, උඹ දන්නේ නැද්ද සීන් එක?"

" මොකද්ද?"

" කපුටා වෙන කෙල්ලෙක් දාගෙන.."

" නැහැ කවුද ඒ?"

" උඹේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේම කෙල්ලෙක් තමයි බං.. O/L ක්ලාස් වල.. ගිය පාර වැඩේ උඹ හන්දා අවුල් වුනා කියලා ඌ උඹට ආරංචි නොවෙන්න වැඩේ කරන් තියෙන්නේ.."

" අහ්, එහෙමත් එකක්ද? කවුද කියපංකෝ කෙල්ල.."

මෑන්ස්ගෙන් ෆුල් ඩීටේල් අහ ගත්තම හිතුනේ කපුටට මේ කේජු කෑල්ල කොහොම සෙට් වුනාද කියලා.. අනික මගේ බෝඩ් එකේ කෙල්ලෙක්.. මොනා වුනත් මටත් හොරෙන් ඌ ගහපු ගේම් එකනම් නියමයි.. හැබැයි ඌ මලක් කඩන් පැත්තකට වෙලා ඉන්න එක එක අතකට මටත් නිදහසක් නේද කියලා හිතුනා.. ඒ වුනත් ඌ මට දුන්න ගේම් වල හැටියට මුකුත් නොකර ඉන්න එකත් හරි නැහැනේ.. විස්තර ටික කිවුවට අරූටත් කැන්ටින් එකෙන් හොදට කන්න අරන් දීලා ටිකක් කල්පනා කලා.. මොනා වුනත් ලවු එක කඩාකප්පල් නොකර ඌට ටිකක් දැනෙන විදිහේ වැඩක් දෙන්න ඕන.. හතුරා වුනත් ලවු එකක් කඩන එක පවක් නේ..

ඩේ එකට ලෑස්ති වෙන හන්දා හැමදාම වගේ හවසට මීටින්.. මීටින් එකේ අර කෙල්ලවත් දැක්කම මට මතක් වෙන්නෙම මේ සීන් එක.. කපුටට කලින් අකමැති කිවුව කෙල්ලට වැඩිය මේකි ලස්සනයිත් එක්ක.. කලින් එකී මූ ඇතැයි කොටයි කියලා බෑ කිවුව එකේ මේකි මොකද මූට කැමති වුනේ? සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්.. අනික මූට වැඩිය අඟල් දෙක තුනක් මේකි උසයිත් එක්ක..

මීටින් එක ඔහේ යද්දී මහේ හිතේ වැඩ කලේ ඕක.. ඒ වෙලාවේ තමයි මගේ අප්සට් මොළේට අයිඩිය එකක් ආවේ.. ඒ ඩේ එකේ එක එක වැඩ වලට කට්ටිය බෙදද්දී.. කාටවත් නොතේරෙන්න මම මගේ ටීම් එක හදද්දී කපුටව හලලා උගේ අළුත් කෙල්ලව මගේ ටීම් එකට දා ගත්තා.. ඌටත් එවෙලේ සැකයක් හිතන්න විදිහක් නෑ.. මොකද, උන් දෙන්න යාළු බව මම දන්න විත්තියක් කපුටා ඒ වෙද්දී දැනන් හිටියේ නෑ.. ඒ වුනත් අන්තිම ටිකේ මම ඌව අනිවාර්‍යේන්ම මගේ ටීම් එකට දා ගත්ත හන්දා මේ පාර විතරක් හැළුවේ මොකද කියන එක නම් ඌට හිතිලා තිබුනා.. මම ඒක දන්නෙත් මගේ දෙවනියාගෙන් ඌ එක අහපු බව මට කියද්දී..

ඩේ එකත් එන්න එන්නම ලං වුන හන්දා අපි පන්තියේ ඉන්නවට වැඩිය හිටියේ එක එක වැඩ වල.. අන්වාර්යෙන්ම උදේ පාන්දරම අපි සෙට් වෙනවා.. හතටත් කලින් ඉස්කෝලෙට යන එක මගේ පුරුද්ද ඉතින්.. ඇයි විදුහල්පති පෙමටත් ඇහැක් දාගෙන ඉන්න එපැයි.. පොතත් අත්සන් කරලා බලාගෙන ඉද්දී මම දැක්කා ලාවට වගේ කපුටගේ කෙල්ල ඉස්කෝලෙට එනවා.. මම හිට්යෙත් ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ.. කොහොමත් මෙයා දැන් පොත අත්සන් කරන්න එන්න ඕනනේ මෙතනට කියලා මාත් හිටියා බලාගෙන..

හිතුවා වගේම වැඩි වෙලා යන්න කලින්ම ආවා ප්‍රිෆෙක්ට්ස් රූම් එක පැත්තට..  දොර ගාවටම වෙලා හිටිය මම එහෙමම ඉදන් නංගිත් එක්ක චැට් පාරක් දැම්මා.. හැබයි කපුටා ගැන දන්න බවක් මම කියන්න ගියේ නෑ.. එයත් ඒ මුකුත් නැතුව මාත් එක්ක කියවනවා..

" මම හිතුවේ අසන්ත අයියා හෙන ආඬම්බරයි කියලා.."

" අහ්, අර මොකෝ?"

" නෑ ඉස්සර අපිත් එක්ක කතාකලේ නැති හන්දා?"

මට හොදටම මතකයි ඔන්න ඔය ඩයලොග් එකෙන් තමයි අපේ කතාව ඇදිලා ගියේ.. ඕක කිවුව දෙවනියා තමයි මෙයා.. කලින් ඉතින් කතා කරන්න වුවමනාවක් තිබුනයි.. හැබැයි එහෙම උනානම් ඌයි මායි කලින් වතාවේ තේරුමක් නැතුව රණ්ඩු උන එක මේ පාර ඇත්තක්ම වෙනවා.. හරි දැන් එවුවයින් වැඩක් නෑ..

ඔහොම ඉතින් හෙමීට මේ කතාබහත් ඇදිලා ගියා.. හැමදාම උදේට ගුඩ් මෝර්නින්ග් පාරත් එක්ක විනාඩි දහයක පහලොවක වගේ චැටක් මට සෙට් වෙනවම තමයි ඉතින්.. ඔය අස්සේ ඩේ එකේ වැඩත් ශේප් එකේ ඉවර වෙලා ගියා.. මොනා උනත් කෙල්ලට හොද කතික හැකියවක් තියෙනවා.. ඒ හන්දම වගේ ඊට පස්සේ තිබුන ගොඩක් වැඩ වලට මම කෙල්ලව සෙට් කර ගත්තා.. ටික ටික ඕක කපුටට තේරෙද්දී ආයෙම පරණ හතුරු කම නැඟලා ආවා.. මට ඕන උනෙත් ඕකමනේ..

ඔහොම ටික දවසක් යද්දී කෙල්ල දැන් මාත් එක්ක මාරම ෆිට්.. කෙල්ලම දවසක් ඉදන් කිවුවා කපුටා එක්ක යාළු වුන සීන් එක.. මම ඉතින් මුකුත් දන්නේ නෑ වගේ සීන් එක අහගෙන හිටියා.. කොහෙන්හරි අපේ ගෙදර නම්බර් එකත් හොයාගෙන ට්ක දවසකින් ගෙදරටත් කතා කරන්න ගත්තා.. හැබැයි ඒකනම් මම බැනලා නැවැත්තුවා මොකද එතකොට මගේ ෆස්ට් ට්‍රයි එක එක්ක මම හවසට මල් කඩන හන්දා..

" අසන්ත අයියේ මම දෙයක් අහන්නද?"

" මොකද්ද?"

" අරයා හොද කෙනෙක්ද?"




.....................................

අදට මෙතනින් නවත්තන්න වෙනවා.. මම මොනවා කියන්න ඇද්ද කියලා ඊලග එපිසෝඩ් එකෙන් කියන්නම්.. වැඩ ඇරිලා ආවෙම ඔළුවේ කැක්කුම තියාගෙන.. ඒ බව අයිතිකාරි දන්න එකේ අසනීප තියාගෙනත් මේ පරණ හුට පට ලිවුවා කියලා හෙට නඬු වැටෙන්න ඉඩ තියෙන හන්දා මෙහෙම ශේප් වෙන එක ඇඟට ගුනයි.. ;)

ඉක්මනට 500 ලිවීමේ තද බල අමාරුවක් තියෙන හන්දා පහු කරන්නත් හිත දෙන්නේ නෑනේ ඉතින්..

51 comments:

  1. මේක කෑලි දෙහෙකට කඩලා නෙහ්.. කමන් නෑ ඊලඟ කොටසින් බලමු මොකෝ වෙන්නේ කියලා..
    මල්ලිට තව පෝස්ට් 7ක් ලියන්ඩ තියෙනවා නෙහ් :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මධුරංග අයියේ.. මේ 7 ලියනකන්නේ ඉවසිල්ලක් නැත්තේ..

      Delete
    2. ලියන්ඩ ලියන්ඩ.. ඉක්මනින්ම 500 ගහන්ඩ !

      Delete
    3. තව ටික දවසයි මධු අයියේ..

      Delete
  2. හෆොයි මදෑ ආසාවෙන් කියෙවුවා. දැන් ඉතිං ඊලග කොටස එනකම් හිටපන්ලකො.
    :-)

    ReplyDelete
    Replies
    1. ඉක්මට දාන්නම් බං.. රෑ ෆුල් ලියන්න හිටියේ.. කොහෙද ඔළුවේ කැක්කුමක් ඇව්ත් වැඩේ අප්සැට් උනානේ..

      Delete
  3. අරයා තව හොඳයි කියලා හිතන්ට. අපේ එක්කෙනා එහෙම මෙහෙම ලීවොත් හප්පා බලාගන්ට තිබුණා වැඩේ... :D

    ReplyDelete
    Replies
    1. හෆොයි.. මට ඉතින් හිතා ගන්න පුළුවන් අහිංසකයගේ තත්වේ.. ඉස්සරහට මං ලියන ඒවට එහෙනම් ගුටි කන්න තමයි වෙන්නේ..

      Delete
  4. හැබැයි පුතෝ ඔන්න ලව් එහෙම කඩනව නෙවෙයි..මට උබව විස්වාස නැහැ මොනවා කලාද කියල...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් උඹලා මං ගැන හිතන් ඉන්නේ ඔහොමයි නේ.. හරි දුකයි අෆ්ෆා..

      Delete
  5. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ඔන්න දැන් ඇඩ් කලා..

      Delete
  6. උබත් රිදෙන තැනටන ගසන්න හදන්නෙ නෙද. . .හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එහෙම නොකර බෑ බං.. අපිට ගහපුට රිටන් එක්ක තියෙන්නත් ඕනනේ..

      Delete
  7. අඩේ ඔය කපුටා කියද්දි ,අපෙත් හිටියා කපුටෙක් මම උගේ මූණ මේකට ආදේස කරගෙන කියෙව්වේ. හැකිස්. හිටු දෙන්නම් මාත් තව පජාත් සීන් ටිකක් මේක කියෙව්වාම මතක් උනේ

    ReplyDelete
    Replies
    1. අහ්, එල එල.. එහෙනම් ලියලා දාපංකෝ බලන්න.. තව පජාත සීරීස් එකක්ම..

      Delete
  8. ආන්න බලන්න දිනෙෂ් අයියා ආස්චර්යය.. හී හී.. හොඳම හරිය අන්තිමටනෙ

    ReplyDelete
    Replies
    1. ආස්චර්ය පේනවා බොල.. හොදම ටික පස්සේ බලමු...

      Delete
  9. යකෝ මූ HPද? කවුද ඒක දුන්න ගුරුතුමා ?

    500 ලියන්න මේකා මතු සම්බන්ධ කරනවා !!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට සැකද? ඒක දුන්නේ මුල් ගුරුතුමා.. හෙහ්.. සැකනම් අහපං මලියාගෙන්.. ඌ කියයි ස්ටොරිය..

      නැතුව බැහැනේ බං.. පොඩි කට්ට වැඩක් කරන්න ඕන..

      Delete
  10. තවත් කොටසක් මේකේ තියෙනද? මේ ටික මට ටිකක් තේරෙනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. අනික් කොටසත් කියවලාම ඉමුකෝ.. එතකොට තේරෙයි.. අනික ඉතින් මේකේ මුල් කොටස් ටිකත් කියවන්නම වෙනවා.. මොකද කතා ටික එකට එකක් සම්බණ්ඳයිනේ..

      Delete
  11. අඩේ උබ නම් මරු චරිතෙ..... යකෝ... හතුරෙකුටවත් එහෙම කරනවද?? එල එල.... ඉක්මනට 500 ගහපන්....

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හොද නෑ නම් තමයි.. ඒත් ඌ මට දුන්න ගේම් වල හැටියට මෙහෙම එකක් වත් නොකර බෑ බං..

      Delete
  12. මොකද බං ,දෙකට කැඩුවේ. "වලියක් වුනාම එක්කෝ ගහගෙන ඉවර කරන්න ඕන,නැත්තම් කතා කරලා ඉවර කරන්න ඕන. "// එක නම් සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. දෙකඩ කඩන්න නෙමෙයි බං හිතාගෙන හිටියේ...

      ඒකනේ බං.. අපි වලි කීයක් නම් දාගෙන ඇද්ද? ඕවා විසදුනේම ඔය ක්‍රම දෙකෙන් එකකටනේ.. එහෙම නැති වුනාම නිකන් අවුල් වගේ..

      Delete
  13. උඹලා ඉතිං මිශ්‍ර පාසල් වල ඉගෙනගත්තු උන් නොවැ...කොල්ලො විතරක් හිටිය පාසලක ඉගෙනගත්ත අපිට කොහෙන්ද ඉතිං මෙහෙම චෑන්ස්...හැබැයි කොල්ලො විතරක් ඉන්න එකෙත් පොඩි ගතියක් තියෙනවා...කොල්ලො චීත්ත කෑලි වලට මරා ගන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒවට ඉතින් ම්ශ්‍ර එකකටම ගිහින් බලන්න ඕන සිරා අයියේ.. හොද වගේම තමයි ඉතින් නරකත්.. ඇත්ත ඇත්ත.. හැබැයි ඉතින් ඔය පිරිමි පාසල් පිටින්ම ගහ ගත්තු ඒවා අස්සෙත් පොඩි චීත්ත කෑලි නොතිබුනාම නෙමෙයි ඉතින්..

      Delete
  14. හී... ලව් එක කඩන්නෙ නැතුව ලාවට රිදෙන්න රිටන් එක දෙන වැඩ අපිත් කොලා ඉස්සර. මේ ඉක්කෝලෙ කාලෙ කතා ටික නම් ශෝයි!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ඉතින් මම වගේම කස්ටිය තවත්.. නැතුව නැතුව.. ඒ කාලේ ශෝයි නේන්නම්..

      Delete
  15. අන්න නරක වැඩේ කලා............

    මෙයා ඉතිං ඊරිසියාවටත් එක්ක කියන්න ඇති කපුටා නං අජූතයි කියලා ..... :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් මං ගැන හිතන් ඉන්න හැටි තමයි මෙයාලා..

      Delete
  16. උබල දෙන්නගෙ වලිය ගැන දන්නෙ නැතුව මුකුත් කියන්න බැ නෙ.පරන ටික කියවලම එන්නම්

    ReplyDelete
    Replies
    1. හරි අයියේ.. ඔවු ඔවු ඒක හොදයි.. හෙමීට කියවගෙන එමු..

      Delete
  17. බලමුකෝ මොනවද වුණේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම්..

      Delete
  18. අය්යෝ. පවු. ලව් එක කඩන්නද යන්නෙ?

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඉතින් ඊළග එක දැම්මම මම මොනා කරන්න ඇද්ද කියලා..

      Delete
  19. නොදකින්.......... මොකද බොල දෙකට කැඩුවේ????????????

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ආතල් එකට බං..

      Delete
  20. ඔන්න ඕකයි තත්වෙ.... යාළු වෙලා ඉන්න එකා හොඳද කියල දවස් දෙක තුනකදි සෙට් උන එකාගෙන් අහනවා.. අනේ ඉතිං %$&^%*&^(&(
    උඹ ඔය ලව් එක කැඩුව නම් කපුටට කරන ලොකුම උදව්වක් වෙනවා

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒවට ඉතින් කියන්න උත්තර නෑ බං.. සමහරක් ඔහොම තමයි..

      Delete
  21. ග්ර්ර්ර්ර්ර් උච්චම අවස්ථාවට ආවගමන් නැවැත්තුවනේ... ඇයි අප්පා ඕක කෙලින්ම කතා කරගන්නැතුව ඔහොම ගින්නට පිදුරු දාලා නිවන්න හැදුවෙ?? එහෙම වෙච්චි නිසා එක අතකට කතාවක් ලියවුනා... එල ඈ කතාව ප්‍රස්නෙ කියන්නෙ අර කෙල්ල ලයින් පාරක් දැම්මද??

    ReplyDelete
    Replies
    1. නවත්තන්න උනානේ බං ගැමීයෝ.. එකනේ ඒකනේ.. එහම නොවුනනම් ලියන්න කතන්දරවත් ඉතුරු වෙනවද මම අහන්නේ.. ලයින් ගැනනම් මම මුකුත් නොකියමි ඉතින්..

      Delete
  22. “ඕක මගෙන් අහල හරියනවද? ගිහින් අහපන් උගෙ අම්මගෙන්“ කියල සැරෙන් කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒ වගේ උත්තරයක් මම දුන්නා වෙන කෙනෙක්ට මේ සිද්දියට ගොඩක් පස්සේ කාලෙකදී නම්..

      Delete
  23. කපුටට මොන ගිනි ගෙඩියක්ද දෙන්න යන්නේ... සමහර විට තැඹ්ලි ගෙඩියක වුනත් කපුටෙක් වැහුවාම ලස්සනට පේන වෙලාවකුත් තියෙනවා....

    එහෙනම් 500ට ඉක්මනට එන්න වරම් ලැබේවා....

    ReplyDelete
    Replies
    1. // සමහර විය තැඹීලි ගෙඩියක වුනත් කපුටෙක් වැහුවම ලස්සනට පේන වෙලාවකුත් තියෙනවා...//

      ඒ කතාවනම් අමූලික ඇත්ත රත්නායක අයියේ.. මෙතනත් වුනේ ඔන්න ඔය කතාවම තමයි.. ඒකනේ අපිටත් මුල්ම කාලේ ශුවර් නැති වුනේ මුන් දෙන්නා යාළුයි කියලා..

      500ට තව සුට්ටයි..

      Delete
  24. දිනේෂ් මමත් 2006 ශිෂ්‍ය නායිකාවක් වෙලා ඉද්දි කපුටා වගේම කෙල්ලෙක් එක්ක නිතර පැටලුනා, අපි බැජේ පවර් එකෙන් එ කෙල්ල ලස්සනට වවන් ඉන්න නියපොතු මොට්ට වෙන්නම කැපුවා,ඒ වලි නම් ලේසි පහසු නෑ කෙල්ලගේ අම්මා අපේ ඉස්කොලෙම ගුරුවරියක් නිසා.....වෙලාවක ලියන්නම්....කපුටගේ කපුටු කෑල්ලට වෙච්ච දේ ඉක්මනින් ලියන්ඩස්,,,,,,, 500 යට අති සාර්ථකව ඉක්මනින් යන්ඩස් ලැබෙන්ඩස් කියලා ප්‍රාර්ථනා කොරනවාස්!

    ReplyDelete
  25. අද තමා කියවන්න ගත්තේ මේක ... මුල් ටිකත් කියවන්න ඕනේ.... ජයවේවා

    ReplyDelete
  26. අද තමා කියවන්න ගත්තේ මේක ... මුල් ටිකත් කියවන්න ඕනේ.... ජයවේවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්