Monday, 14 October 2013

නිරුවත් රූමතියෝ - The Courtezan Killer 4 ( End )



______________________________



සමාජශාලාව තුලට රැස් වන පිරිස ක්‍රමයෙන් වැඩි වන්නට විය.. නර්ථනය සදහා වූ වේදිකාව අසල තෙරපෙන බොහෝ තරුණයන්ට වේදිකාවෙහි වූ තරුණියන්ගේ නිරුවත සමාජශාලාව තුල හොදින්ම අළේවි වෙමින් තිබුනේය.. වේදිකාවට තරමක් නුදුරින් වූ අසුන්වල වාඩි වී සිටි එරිකෝත් සිම්රනුත් හැම දෙයක් දෙසම හොද අවදානයක් යොදා ගෙන සිටියේය.. කිහිපවරක්ම බෙනට් ඔවුන් හමුවීමට ආ නිසාවෙන් ආරක්ශක නිළධාරීන්ද ඔවුන් සිටි තැන දෙස සිටියේ අවදානයෙනි.. තම අතැති වූ ඔරලෝසුව දෙස නිතරම බලමින් වේදිකාව දෙසත් ඊට ටිකක් ඈතින් වූ නිරූපිකාවන්ගේ කාමරය දෙසත් විටින් විට බලමින් වුන් එරිකෝ හිතේ තිබුනේ නොඉවසිලිවන්ත හැඟීමකි..

" අනික් හැමෝම වගේම වික්‍ටෝරියා එනකම් එරිකෝත් බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතුව වගේ.."

" සිම්රන්ට එහෙමද හිතෙන්නේ?"

" නෑ මම දන්නවා ඔයා මොකක්හරි දෙයකට සූදානමින් ඉන්නේ කියලා.. ඒත් මට තේරුම් ගන්න බැරි ඒ මොකද්ද කියලා.."

" ඉක්මනටම ඔයාට හැම දෙයක්ම දැන ගන්න ලැබෙයි සිම්රන්.."

ඉන් එහා කිසිවක් කියන්නට උත්සාහයක නොයෙදුනු එරිකෝ තමන් යෙදී සිටි කල්පනාවෙහිම දිගටම යෙදෙමින් කාලය ගෙවෙන තුරු අපේක්ශාවෙන් බලාගෙන සිටියේය.. තදබදයත්, ඝෝශාවත් බොහෝ සෙයින් වැඩි වීම සිම්රන්ට අපහසුවක් සේ දැනුනත් එය එරිකෝට නම් එතරම්ම ගැටළුවක් වූ බවක් ඔහුගේ මුහුණින් පෙනෙන්නට නොවීය.. තදබදය අතරින් වුව එරිකෝගේ නිරීක්ශණ ඇස වේදිකාව තුලින් වෙන් කරන්නට කිසිවකට නොහැකි බව ඔහු සිටි අයුරින් තේරුම් ගැනීම එතරම්ම අපහසුවක් නොවීය..

එරිකෝ බලාපොරොත්තූ වූ වේලාවත් පසුවී මිනිත්තු කිහිපයක් ගත වෙමින් තිබියදී වේදිකාව මතින් වික්ටෝරියාගේ නම කියැවුනේ ඒ වටා රොක්ව සිට තරුණ කැලගේ උද්යෝගය ඉහල නංවමිනි.. වාඩිවී සිටි පුටුවේ පිටුපසට තවත් හොදට හේත්තු වෙමින් වේදිකාව වෙතට හොදින් අවදානය යෙදූ එරිකෝ දෙස අවට සිටි ආරක්ශකයෝත් හොද අවදානයක් යෙදූ බව ඔවුන් දෙදෙනාටම නොරහසකි..

කාලය ටිකින් ටික ගතව යද්දී වේදිකාව මත් නිරුවත් වූ වික්‍ටෝරියාගේ සෘංගාරාත්මක රැගුම හැමෝගේම සිත් ඒ දෙසට ඇද තබා ගන්නට සමත් විය.. ඒ පරිසරය සිම්රන්ට තරමක් අපහසුවක් ඇති කලත් ඔවුන් පැමිණි රාජකරීය නිසාම ඒ ගැන නොතකා ඉන්නට ඈට සිදුවිය.. වේදිකාවෙන් ඈතට ඇවිද යන්නට තිබු පටු තීරය දිගේ තම නර්ථනය අතරම ඇවිද ආ ඇය රැස්ව සිටි තරුණයින් අතරින් එරිකෝත් සිම්රනුත් වාඩිවී සිටි මේසය අසලට හෙමින් ඇවිද එන්නට විය..
" මම දැනුම් දුන්න වෙලාවටම වෝල්ටර්ට මෙතනට එන්න පුළුවන් වුනොත් හොදයි.."

තරුණයින්ගේ ඝෝශාව අතරින් එරිකෝ යාන්තමින් මිමිනු දෙය හොදින් ඇසුනමුත් ඔහු එසේ පැවසුවේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට පුළුවන් කමක් සිම්රන්ට නොවීය.. ඒ ගැන විමසන්නවත් ඉඩක් නොතබමින් එරිකෝ සිටි තැනට ලං වූ වික්ටෝරියා ඔහුගේ දෙතොල් මතට ක්ශණයකින් හාදුවක් තැවරුවේ රැස්වසිටි අනික් හැමෝගේම උද්යෝගය වැඩි කරමින්ය.. එයට නොරිස්සුම් බැල්මක් එක් කල සිම්රන් දෙස යාන්තමින් සිනහවක් පෑ වික්ටෝරියා තරුණයින්ගේ දෑත් මතින් නැවතත් වේදිකාවට යන අයුරු සිම්රන් බලාගෙන සිටියේ කේන්තියෙන් වුවත් ඒ බවක් එරිකෝට නොදැනෙන්නට ඈ වග බලා ගත්තාය..

තවත් මිනිත්තු කිහිපයක් වේදිකාව මත රැදුන ඇය, ඇගේ නර්ථනය නිමා කර ඉන් පිටව ගියේ තරුණයින්ගේ අකමැත්ත අතරින් බව ඔවුන්ගේ හැසිරීම් වලින් පෙනෙන්නට විය.. වේදිකාවට ඈතින් වූ නිරූපිකාවන්ගේ කාමරයට ඈ පිටව ගියත් තවමත් වාඩි වී සිටි තැනම වුන් එරිකෝ කලින් සිම්රන්ට දැනුම් දුන් අයුරින් ක්‍රියාත්මක නොවීම සිම්රන්ගේ හිතට ගැටළුවක් විය..

" එරිකෝ අපි යමු නේද?"

" තව පොඩ්ඩක් ඉවසන්න සිම්රන්.. හැමදෙයක්ම මම සැලසුම් කරපු විදිහටයි වෙන්නේ.."

තවත් විනාඩි කිහිපයක් එලෙසම රැදුන එරිකෝ නිරූපිකාවන්ගේ කාමරය දෙසට හොදින් නෙත් යොමාගෙන සිටියේය.. ඒ අතර වාරයේ වේදිකාවට නැගුන සෙලීනාගේ නර්ථනය නිසාවෙන් සමාජශාලාව තුල කලින් පැවති උද්‍යොගයම ඇති වූයෙන් එහි ආරක්ශකයන්ටත් ඔවුන් ගැන අවදානයක් යොමන්නට තිබු අවස්ථාව මග හැරි ගියේය.. ඒ අතර වාරයේ ක්‍රියාත්මක වුන එරිකෝ සෙනග අතරින් නිරූපිකාවන්ගේ කාමරය දෙසට පිට නගන්නට විය.. අතරමගදී බලාපොරොත්තු වූ අයුරින්ම වෝල්ටර්ගේ පැමිණීම ඔහුගේ සැළසුම තවත් පහසු කරන්නක් විය..

" මම හිතනවා මම ප්‍රමාද නැහැ කියලා මිස්ටර් එරිකෝ.."

" නැහැ වෝල්ටර්, ඔබ හරි වෙලාවටම ආවා.."

සෙනග අතරින් තිදෙනාම පිවිසියේ නිරූපිකාවගේ කමරය රැදි කුඩා කොරිඩෝව දෙසටය.. අනික් නිරූපිකාවන් හැම කෙනෙක්ම වේදිකාව මත සිටි නිසා වික්ටෝරියා පමණක් එහි රැදී ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය.. කාමරයට ඇතුළුවන්නට සැරසුනත් ඒ දෙසින් ඇසුන සිහින් කෙඳිරිලි හඬ ඔවුන්ව මොහොතකට නතර කරලීය..

" අපිට තව ටිකක් ඉන්න වෙනවා.."

සිම්රන්ගේත් වෝල්ටර්ගේත් මුවගේ සිනහවක් නැගුනත් එරිකෝ කී ලෙසම දොර අසලට වී තව සුළු මොහොහක් රැදුන ඔවුන් එරිකෝගේ විධානයෙන් කාමරයට ඇතුළු වූයේ වික්ටෝරියා සමග සිටි ආගන්තුකයාව මවිතයට පත් කරමිනි..

" සමාවෙන මේ විදිහට ඇතුළු වෙන්න උනාට.. මිස්ටර් ජෝන් ලී, මිණිමැරුම් තුනකට වැරදිකාරයා විදිහට අපිට ඔබව අතඩංගුවට ගන්න වෙනවා.. කරුණාකරලා ඔබ ඔබේ ඇදුම් අරගෙන අපිත් එක්ක එන්න ලෑස්ති වෙන්න.."

වික්ටෝරියා සමග නිරුවතින් පුටුවක් මත දිගාවි සිටි ඔහුට එරිකෝගේ වදන් පිළිගත් නොහැකිමෙන් ඔහු දෙසම පුදුමයෙන් බලාගෙන සිටියේය.. එමෙන්ම සිම්රන්ගේත් වෝල්ටර්ගේත් මුහුණු වල ඒ පුදුමයම රැදුනත් ජෝන් ලී ගේ දෑස් වලින් ඔහුට සඟවන්නට යමක් තිබුන බව තේරුම් ගන්නට කාටවත්ම අපහසුවක් නොවීය..

" ඔබ මොනවද මේ කියන්නේ? මම හිතන්නෙ ඔබට වැරදිමක් වෙලා.."

" නැහැ ජෝන්.. මට වැරදීමක් වෙලා නෑ.. ඔබ තමයි මෙතන ප්‍රධාන ආරක්ශක නිළදාරියා.. හැම දෙයක්ම සියුම් විදිහට සැළසුම් කරලා සාශාගෙත් ජාඩාගෙත් මිණිමැරුම් මේ කාමරයේදිම කලේ ඔබ.. අද ඔබේ ඊලග ඉලක්කය වුනේ වික්ටෝරියා.."

" මේ මොන විකාරයක්ද? මම මෙතන ප්‍රධාන ආරක්ශකය බව ඇත්ත.. ඒත් කොහොමද මම ඒ මරණ වලට පැටලෙන්නේ.. මම ඒ වෙලාවේ හිටියේ මගේ රාජකාරියේ.."

" රාජකාරිය කිවුවේ දැන් ඔබ මේ හිටියා වගේ රාජකාරියකද? ජෝන් මම කැමති ඔබ මේ හැම දෙයක්ම පිළිගන්නවනම්.. මොකද ඒක අපි හැමෝටම පහසුවක්.."

" පිළිගන්න මම අපරාධයක් කරලා නැහැනේ.. මම මගේ අනිත් ආරක්ශකයන්ට කතා කරලා ඔබලාව මෙතනින් එලියට ඇදලා දාන්න කලින් හැම කෙනෙක්ම මෙතනින් පිට වුනොත් හොදයි.. මට මෙතන ඕනම දෙයක් කරන්න බලය තියෙනවා.."

" වෝල්ටර්, එලියේ ඉන්න ඔබේ සහායකයන්ට කියන්න මම දුන්න උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න කියලා.. අවශ්‍ය ඕනම දෙයක් කරන්නත් බලය පවරන්න.."

" හරි එරිකෝ.."

එරිකෝගේ ප්‍රකාශයත් සමග ජෝන්ගේ තිබූ කලබල ගතිය ටිකක් මගහැරුන බව පෙනෙන්නට තිබුනත් ඔහු තවමත් පරාජය බාර ගන්නට සූදානම් බවක් පෙනෙන්නට නොවිනි..

" මම දන්නේ නෑ ඔබලාට මේක කොහොම තේරුම් කරන්නද කියලා.. බලන් මේ හැම දෙයක්ම මගේ පිට පටවන්න හදන්න එපා.."

" හරි ජෝන් එහෙනම් අපිට කියන්න ඔය මූණේ තියෙන තුවාලය වුනේ කොහොමද කියලා.."

එරිකෝ ජෝන්ගේ මුහුණේ නිකටත් බෙල්ලත් අතරේ තිබු අගලක පමණ වූ සීරුම් පැල්ලම් දෙක වෙතට අවදානය යොමු කරමින් ඒ ගැන විමසන්නට වූයේ ඔහුගේ කැළඹිලි බව තවත් වැඩිකරමිනි..

" ඒක.. ඒක මේ වැඩ කරන වෙලාවක වුන දෙයක්.."

" ඔබේ වැඩත් එක්ක එහෙම තුවාලක් වෙන්න ඉඩක් නැහැනේ ජෝන්.. අනික ඔබේ අත්වල නියපොතු වලිනුත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.."

" නැහැ.. මේ.. මේ පුංචි සීරිමකින් කොහොමද මම මිණිමරුවා කියලා කියන්නේ?"

" පුළුවන් ජෝන්.. මම පැහැදිළි කරන්නම්.. ජාඩාගේ සිරුර හොදින්ම පරීක්ශා කරද්දී ඇගේ දකුණු අතේ නියපොතු අතරේ කුඩා සම්කැබලි කිපයක් රැදිලා තිබුනා.. ඒ ඔබෙන් ගැලවෙන්න ඇය උත්සාහ දරද්දී ජෝන් එක්ක වුන පොරබැදීමෙන් වුන දෙයක් කියන එක උපකල්පනය කරන්න බැරි කමක් නැහැ.. ඒක තවත් තහවුරු කර ගන්න වුවමනානම් අපිට පුළුවන් ඩී.එන්.ඒ පරීක්ශණයක් කරන්න.. කොයිම දේකින්වත් ඔබට මේකෙන් ගැලවීමක් නැහැ ජෝන්.. මරණය සිද්දවුන ආකාර එක්ක බැළුවම ජාඩාගේ වගේම සාශාගෙත් මරණයන් සිදු කලේ ඔබ කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අපහසුවක් නෑ.. දැන් අපිට වැදගත් එහෙම දෙයක් කරන්න හේතුවුන කරුණ දැන ගන්න එක විතරයි.. ඒක ජෝන්ම පැහැදිළි කරනවනම් අපිට පහසුවක් වේවි.."

විනාඩියක් දෙකක් ගතවන තුරු කාමරයේ පැවතියේ නිහැඬියාවකි.. එරිකෝත් ජෝනුත් හැරෙන්නට එතැන සිදුවන කතා බහ ගැන හරි අවබෝදයක් අනික් තිදෙනාම සතු නොවූ බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.. කමරයේ තිබූ පුටුව මතට ඇදවැටුන ජෝන් කිසිවක් නොකියාම තම නළල පිරිමදිමින් කල්පනා කරන්නට විය.. පරාජිතයකුගේ හැගීම් අවසානයේ පෙන්නුම් කල ඔහු නිහැඬියාව බින්දේ එරිකෝ බලාපොරොත්තූ වු පරිද්දෙන්ය..

" මම හැම දෙයක්ම කියන්නම්.. තව දුරටත් හංගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.."

" ඔවු.. දැන් තියෙන්නේ හැම දෙයක්ම පිළිගන්න එක විතරයි ජෝන්.."

" ඔවු, මේ මරණ දෙකටම වැරදිකාරයා මම.. ඒත් මේ හැම දෙයක්ම කලින් සැළසුම් කරපු දේවල් නෙමෙයි.. කොටින්ම මේ දේවල් මෙහෙම වෙයි කියලවත් මම බලාපොරොත්තු වුනේ නෑ.. හැමදෙයකම ආරම්භය වුනේ සංචාරයට මොවුන් මේ සමාජශාලාවට ආව එක.. ඔවුන් ගැන තොරතුරු අහලා දැකලා ඔවුන් කරන දේවල් නොතරම දැකලා තිබුනට කවදාවත් ඔවුන්ව ලගින් ඇසුරු කරන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ.. මේ සමාජශාලාවේ ඉන්න හුඟක් තරුණියෝ එක්ක මම අඩුම ගානේ එක රැයක් හරි ගත කරලා තියෙනවා.. ඒත් මම කොහෙත්ම හිතුවේ නෑ මොවුන් එක්ක මට එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා.. ඒත් මම හිතාගෙන හිටපු අදහස වෙනස් වුනේ රාත්‍රී සංදර්ශණ හැරුනම ඔවුන් වෙනුවෙන් මුදල් ගෙවන අය එක්ක කාලය ගත කරන්න ඔවුන් සූදානම් කියලා දැන ගත්තම..

ඉතින් මටත් වුවමනාවක් ආවා එක වතාවක් හරි ඔවුන් එක්ක කාලය ගත කරන්න.. ඉතින් මම ඒ ගැන ඔවුන්ට කිවුවා.. එතකොට ඔවුන් කලේ ඒක බොහෝම උපහාසාත්මක විදිහට ප්‍රතික්ශේප කරපු එක.. ඒකට කාරණා කීපයක්ම තිබුනා.. ඒ මගේ තත්වය.. අනික මට ඔවුන් වෙනුවෙන් වියදම් කරන්න බොහෝ මුදල් නොතිබීම.. ඒත් මම කිහිප වරක්ම මාත් එක්ක කාලය ගත කරන්න ඔවුනට ආරාධනා කලා.. ඒ හැම වතාවකම මට ලැබුනේ නින්දා සහගත පිළිතුරු.. ඊට වඩා මට කරන්න පුළුවන් දෙයක් නොතිබුන හන්දා මම මගේ අදහස යටපත් කර ගත්තා.. ඒත් දවසක් මට අහන්න ලැබුන දෙයක් නිසා මගේ හිතේ යට තිබුන අදහස ආයෙම මතු වුනා.. දවසක් මේ කාමරය ඇතුලෙම ඉදන් සාශා, මැක්මිලන්ගෙන් කොකේන් ඉල්ලලා අයදිනවා මට අහන්න ලැබුනා.. එවෙලෙයි මම දැන ගත්තේ ඔවුන්ට කොකේන් වල අවශ්‍යතාව තදින්ම දැනෙනවා කියලා.. මැක්මිලන්ට ඇමරිකාවෙදි වගේ ඇයට වුවමනා වෙලාවට කොකේන් ගෙනත් දෙන්න පුළුවන් කම ලන්ඩන් වල තිබුනේ නැහැ.. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අර ගත්තේ මම..

සැළසුම හිතින් හැදුවත් මම තව දවසක් ඒ වෙනුවෙන් ඉවසන් බලාගෙන හිටියා.. මොකද මම දන්නවා එතකොට ඇයට කොකේන් වලට තියෙන වුවමනාව වැඩි කියලා.. මම ඇගේ නර්ථනය ඉවර වුනාට පස්සේ මම ඇගේ කාමරයට ගියේ කොකේන් අරගෙන.. ඒත් ඒක දැනගෙන හිටියේ නැති ඇය මට බැන වැදිලා මාව එලවා ගන්න ලෑස්ති වුනත් මට ඇයට දෙන්න පුළුවන් දේ ගැන කිවුවම ඇය නිකම්ම නිහඬ වුනා.. ඇය ඒක ඉල්ලලා මට ආයාචනා කරන්න වුනා.. ඇයට ඕන තරමක් කොකේන් දෙන්න මම ඇගෙන් බලාපොරොත්තු වෙන දේත් මම ඇයට කිවුවා.. එවෙලේ ඇයට මාව ප්‍රතික්ශේප කරන්න වුවමනාවක් තිබුනේ නෑ..

ඒත් ඇයට මාත් එක්ක ඉන්නවට වැඩිය වුවමනාව තිබුනේ කොකේන් වලට.. ඒ හන්දා හැමදේටම කලින් ඇයට එක වුවමනා වුනා.. ඒත් එකෙන් හිතුවේ මම කොහෙත්ම නොහිතපු දෙයක්.. කොකේන්වල තිබුන මත් බව එක්ක මට ඇයව සතුටු කරන එක එතරම්ම පහසු දෙයක් වුනේ නැහැ.. ඒ ගැන ඇය මට උපහාසෙන් හිනා වෙද්දී මට ඒක දරාගන්න පුළුවන් උනේ නැහැ.. මගෙන් සතුටු නොවුන ඇය මගෙන් ඈත් වෙලා අයෙම මේසේ උඩ තිබුන කොකේන් වල රස විදින්න යද්දී මම ඇගේ කොණ්ඬෙන් අල්ලලා මේසේ උඩ තිබුන කොකේන් වලටම තද කරන් හිටියා.. ඉක්මනින් මගේ හිතට ආව තරහා නැති වුනේ ඇය නිසොල්මන් වුනාම..  ඒ වෙද්දී මට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියන එක තේරුම් ගන්න මට ඒ තරම්ම අමාරු වුනේ නෑ..

ඇයව එතන ඒ විදිහට දාලා යන්න මම බය වුනා.. ඇගේ මරණයට මාව අහුවෙන්න තියෙන ඉඩ කඩ අඩු වුනත් ඒක කොකේන් නිසාම සිද්ද වුන දෙයක් කියලා පොලීසියට හිතන්න ඉඩ අරින්න මට ඕන වුනා.. ඒ නිසයි මම මගේ ලග තිබුන පොඩි පිහියක් ඇගේ අතින්ම අල්ලගෙන මුහුණට කැපුම පහරවල් එකතු කලේ.. එතකොට කොකේන් නිසා වියරුවෙන් ඇය සියදිවි නසා ගත්තා කියලා පොලිසිය හිතන්න සලස්සවන්නයි මට වුවමනා වුනේ.."

" ඒත් ජෝන්ට මඟහැරුනේ මුහුණට කැපුම් සිදු කරපු පිහිය ඇය අතේම නොතියා ගිය එක.."

" ඔවු මට ඒක එවෙලේ අමතක වුනා.. මෙත්න සිද්ද වෙන රාජකාරි වලිදි ඒ ගැන ඇහෙද්දියි මට ඒක කල්පනාවට ආවේ.. මගේ ඒ වරද නිසා ඔවුන් මේක සියදිවි නසාගැනීමක් කියලා හිතුවේ නැහැ.."

" මම හිතන්නේ ජාඩාගේ කතාව මීට වෙනස් වෙන්න ඕන.."

" ඔවු.. කලින් සිදුවීම හෙමින් යටපත් වුනාම පොළිසියට සැකයක් හිතන්න කවුරුවත් නැහැ කියලා දැන ගත්තම මට වුවමනා වුනේ ජාඩාවත් ඒ විදිහටම ලබා ගන්න.. ඒත් මට ඇයවත් මරණ්න කිසිම අදහසක් තිබුනේ නෑ.. කලින් වගේම මම ඇයට වුවමනා කොකේන් ඇයට දෙන්න පොරොන්දු වුනා.. ඒත් ඒ වෙනුවෙන් යමක් ඇගෙන් ඉල්ලූවේ නෑ.. මොකද මම දැනන් හිටියා ඇය මත් වුනාම මට ඕන දේ ලබා ගන්න පහසුයි කියලා.. ඒත් ඇය සාශා තරම්ම කොකේන් වලට පුරුදු නැහැ කියලා දැනුනේ මම මගේ අවශ්‍යතාව සපුරා ගන්න යද්දී.. ඇය හිටියේ ගොඩාක්ම මත් වෙලා නෙමෙයි.. ඒ හන්දා ඇය මට විරුද්ධ වෙන්න උත්සාහ කලා.. මේ තුවාල කැළල ඇති වුනේ ඒ වෙලාවේ.. ඒත් ඇය ඒකට ඕන තරම් ප්‍රාණවත් බවකින් නෙමෙයි හිටියේ.. ඒ නිසා මං මට වුවමනා දේ ලබා ගත්තා.. ඒත් පස්සේ ඇය මං ගැන පැමිණිලි කරයි කියලා මං බය වුනා.. ඒ හන්දා සාශාට කල දේම ඇයටත් කරන්න මට සිද්ද වුනා.."

" ඒත් ඔබට කොහෙන්ද මේ තරම් කොකේන් ලැබුනේ?"

ජෝන්ගේ කතාවට හිදින් ඇහුම් කන් දී සිටි වෝල්ටර් හදිසියේම ඔහුගෙන් විමසුවේ ඒ ගැන දැනගැනීමත් වැදගත් කාරණයක් වූ නිසාවෙන්ය.. නමුත් ඊට ජෝන්ට ප්‍රථමයෙන් පිළිතුරක් දුන්නේ එරිකෝය..

" ඒක හරි පහසුයි වෝල්ටර්.. මේ සමාජශාලාවට ඇතුළු වෙන හැම කෙනෙක්වාම් පරීක්ශා කරන්නේ ජෝන්ගේ ආරක්ශක කණ්ඩායම.. ඉතින් ඒ අයගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය හැම එකක්ම පසුව පොලීසියට බාර දෙනෙකන් තියන්නේ ජොන් ලග.. ඉතින් ජෝන්ට ඒවා පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්ණයක් නැහැ.."

" ඔවු ඒක ඇත්ත.."

" එතකොට ජෝන් මගේ ඊලග ප්‍රශ්ණය? කෝ මැක්මිලන්? ඔහු දැන් ජීවතුන් අතර නැහැ නේද?"

" ඔවු, මැක්මිලන් ජීවතුන් අතර නැහැ.. ඒ මරණය මම කොහෙත්ම බලාපොරොත්තූ වුන දෙයක් නෙමෙයි.. ඒත් අවාසනාවකට වගේ මේ පවුකාරකම් අතරට ඒකත් එකතු වුනා.."

" ඒ කොහොමද?"

" මම ජාඩා එක්ක කාමරයේ ඉන්නවා මැක්මිලන් දැකලා තියෙනවා.. ඔහු හිතලා තියෙන්නේ අපි දෙන්නම කැමැත්තෙන් ඉන්නවා කියලා.. ඉතින් ඒ වෙලාවේ ඔහු එතනින් ගිහින් තිබුනත් පස්සේ ජාඩාගේ මරණය ආරංචි වුන වෙලාවේ මැක්මිලන් මාව ඒකට කෙලින්ම සැක කලා.. නමුත් වාසනාවකට වගේ ඔහු ඒක පොලීසියට නොකියා කෙලින්ම කතා කලේ මාත් එක්ක.. මිණිමැරුම් දෙකටම ඔහු මාව සැක කලත් මාව නීතිය ඉස්සටහට ගේන්න ඔහුට ඕන කමක් තිබුනේ නෑ.. ඒ වෙනුවට ඔහුට ඕන වුනේ මගේ ලග තිබුන කොකේන්.. ඒත් හැමදාම මට ඔහු ඉල්ලන ප්‍රමාණය දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.. ඒ හන්දම මට ඔහුවත් නිහඬ කරන්න සිද්ද වුනා.."

" දැන් කෝ මැක්මිලන්ගේ සිරුර.. මම හිතනවා ඔබ ඒකට තාම මුකුත් කලේ නැහැ කියලා.."

" ඔවු, ඔබ හරි.. තාම මැක්මිලන්ගේ සිරුර මේ සමාජශාලාවේ ආහාර තැන්පත් කරන විශාල සීත කාමරේ කෙලවරක තියෙනවා.. මම හිතුවා ඔවුන්ට ඉක්මනින්ම ආපසු ඇමරිකාවට යන්න අවසර ලැබෙයි කියලා.. එතකොට මැක්මිලන්ගේ සිරුරට මොනවා හරි දෙයක් කරන්නයි මම හිතන් හිටියේ.."

" වෝල්ටර් මම හිතනවා ඔබට ඕන හැම සාක්ශියක්මයි අපරාධකාරයයි ඔබට ලැබුනා කියලා.. මෙතනින් එහා රාජකාරි ඔබට බාරයි.."

" ගොඩක් ස්තූතියි එරිකෝ.. ඔබ නොහිටින්න ඇත්තටම මේක අපිට විසදන්න අමාරු වෙන ගැටළුවක් වෙන්න තිබුනා.."

සමජශාලාවෙන් සමුගත් එරිකෝත් සිම්රනුත් යලිත් එරිකෝගේ නිවසට පැමීනෙද්දී මැදියම් රැයත් බොහෝ සෙයින් පසුව ගොස් තිබුනි.. උඩුමහලේ ඈට වෙන්වූ වෙනමම කාමරයක් තිබූ නිසාම රාත්‍රිය ගැන වදවීමට එතරම්ම වුවමනාවක් නොවීය..

" සිම්රන් අද මෙහේ නතර වෙනවද? නැත්නම් මට පුළුවන් ඔයාගේ නවාතැනට ගිහින් ඇරලවන්න.. නැත්නම් ඔබේ අත ගන්න ඉන්න සහකරුවාට ඒක ප්‍රශ්ණයක් වේවි.."

" ඒක ගැටළුවක් නැහැ.. මම අද මෙහේ ඉන්නවා.. මට දැන ගන්න වුවමනා දේවල් ගොඩක් තියෙනවා.."

" ඒක ඔයාගේ මුණ දිහා බැළුවම තේරුම් ගන්න අමාරු නැහැ සිම්රන්.. ඉන්න අපි රාත්‍රී ආහාරය අරගෙනම ඒ ගැන කතා කරමු.. සිම්රන්ට පුළුවන්නේ උයන්න?"

ඉක්මනින් රාත්‍රී ආහාර වේලක් පිළියෙක කල ඈ එරිකෝ සමග එය රස විද ආලින්දයේ වූ පුටු මත වාඩිවී එරිකෝගෙන් ඈ බලාපොරොත්තු වූ පිළිතුරු ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටියේය..

"එරිකෝ ඔයා කොහොමද ජෝන්ව සැක කලේ? අපිට ඊට කලින් ජෝන්ව හමුවෙලාවත් ඔහුව සැක කරන්න පුළුවන් තරම් සාක්ෂියක්වත් ලැබිලා තිබුනේ නැහැනේ.."

" ඇත්ත සිම්රන්.. අපරාධකාරයා ගැන සැකයක් තියා ගන්න පුළුවන් කාරණා ලැබුනත් ඒ ජෝන්මයි කියලා මම අන්තිම මොහොත වෙනකම්ම උපකල්පනය කලේ නැහැ.. මරණ පරීක්ශණයේ තිබුන කාරණා ගොඩක් ප්‍රභල ඒවා නෙමෙයි.. ඒත් මම ජෝන්ට කිවුව ජාඩාගේ නියපොතු වලින් ලැබුන සම් කැබළි මම මුලින්ම දැක්කේ ඇගේ සිරුර පරීක්ශා කරන්න අපි මුලින්ම ගිය වෙලේ.. ඒත් ඒක ගැන කොහේවත් වාර්ථා වෙලා තිබුනේ නෑ.. මම ඒ ගැන කියන්න උත්සාහ කලෙත් නැහැ.. මොකද මම දැනන් හිටියා අපරාධකාරයා කවුරු උනත් ඒ හැම දෙයක් ගැනම හොද අවදානයකින් ඉන්නවා කියන එක..

අද සවස සමාජශාලාවෙදි මම සිම්රන්ව තනි කරලා ගියේ වික්ටෝරියා මුණ ගැහෙන්න.. මට ඇයගෙන් දැන ගන්න ඒ තරම්ම වැදගත් දෙයක් නැති වුනත් ඇයට මට කියන්න ගොඩක් වැඩගත් කාරණාවක් තිබුනා.. ඒ ජෝන් ලී කියන ප්‍රධාන ආරක්ශක නිළධාරියා ඇය හමු වෙන්න වෙලාවක් ඉල්ලුවා කියන එක.. ඒත් ඇයත් ඒක මුලින්ම ප්‍රතික්ශේප කරලා.. නමුත් මම ඇයට උපදෙස් දුන්නා ඔහුත් සමග කාලය ගත කරන්න කැමති කියලා ජෝන්ව දැනුවත් කරන්න කියන එක.. ඇය ඒක හොදින්ම කරලා තිබුනා.. මම මුලින්ම ජෝන් ව දැක්කේ ඇයත් එක්ක කාමරයේ ඉද්දී.. මගේ මුල්ම අවදානය ගියේ මම කියපු ඒ තුවාල කැළලට.. මම දැනන් හිටියා අපරාධකාරයා කවුරු වුනත් ඔහුගේ සිරුරේ ඒ වගේ කැළලක් තියෙන්න ඕන කියන එක.. මුහුණ, පපුව හෝ පිට ප්‍රදේශයේ ඒ වගේ කැළලක් තියේවි කියලා මම බලාපොරොත්තු වුනා.. ඒත් මුහුණ ලේසියෙන්ම දැක ගන්න පුළුවන්.. අති තැනක් අපිට පරික්ශා කරන එක අමාරු දෙයක්.. ඒකයි ලැබුන අවස්ථාවෙන් මම වික්ටෝරියාගෙන් ඒකට උදවු ඉල්ලුවේ.."

" එතකොට මැක්මිලන් ජීවතුන් අතර නැහැ කියලා එරිකෝ හිතුවේ?"

" ඒක මගේ උපකල්පනයක් විතරයි.. ඇත්තටම මැක්මිලන් ජීවතුන් අතර නැහැ කියලා කියන්න ප්‍රභල සාක්ෂියක් මට තිබුනේ නැහැ.. නමුත් ඔහු කොහේටවත් පැනලා ගියේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තිබුනා.. මැක්මිලන් එංගලන්ත පුරවැසියෙක් වුනානම් මට එහෙම හිතන්න තිබුන ඉඩ කඩ වැඩියි.. නමුත් ඒක එහෙම නෑ.. ඒ කොහොම වුනත් මැක්මිලන්ගේ මළසිරුර ගැනවත් අපිට හෝඩුවාවක් ලැබුනේ නෑ.. ඒකෙන් මම හිතුවා ඔහුට කුමන ඉරණමක් අත් වුනත් තවමත් ඔහු මේ අසලම තැනක ඉන්නවා කියන එක.."

" ඒත් එරිකෝ ඔයා වික්ටෝරියා මුණ ගැහිලා ආව වෙලේ මාත් එක්ක කිවුවේ වෙනමම දෙයක් නේ.. මම හිතුවා ඔයා බෙනට්ව අත් අඩංගුවට ගන්න සැළසුම් කරනවා කියලා.."

" මම ඒ වෙලාවේ කිවුවේ බොරු.. සිම්රන්ට මතක ඇති එතන ආරක්ශකයෝ ඒ වෙලාවේ හැසිරුන විදිහ.. ඒ වගේ තත්වෙකදි ඔයා එක්ක ඇත්ත සිද්දිය විස්තර කරන එක ඒ තරම්ම හොද දෙයක් නෙමෙයි.. ඒ හන්දයි එවෙලේ එහෙම දෙයක් කරන්න වුනේ.. අපි කතා කරපු දේවල් ඔවුන්ගේ කවුරු හරි අහන් හිටියා නම් මම සැළසුම් කරපු විදිහටම ඔවුන් හිතුවේ මම බෙනට් ගැන සැක කරනවා කියලා.. ඒක සාර්ථක වුනාද නැද්ද කියලා දැන ගන්න මට වික්ටෝරියාගේ සංඥ්ඥාවක් ලැබෙන කම් මම බලාගෙන හිටියේ.."

" මොන සංඥ්ඥාවක්ද?"

" හ්ම්ම්, ඇත්තටම මම බලාපොරොත්තු වුනේ නම් වෙනස් විදිහේ දෙයක්.. ඒත් සිම්රන් වික්ටෝරියාගේ හාදුව තමයි ඒ සංඥ්ඥාව.."


" අහ් ඇත්තද? හොද වෙලාවට ඒක තේරුම් ගත්තේ.."

එරිකෝ දෙස බොරු කේන්තියක් මවා ගනිමින් පුටුවෙන් නැගිටුන ඈ ඉහල මාලයේ ඇගේ කාමරය වෙතට ගියේ තවත් කිසිවක්ම කතා නොකරමිනි.. මුවගට නැඟුන සිනහව සමගින් ඇය කෙරෙහි වූ තේරුම් ගන්නට නොහැකි හැඟීම ගැන සිතන්නට වූ එරිකෝ පුටුව මත දිගා වෙමින් දෑස් පියා ගත්තේ වෙහෙසකට දවසක අවසානය සටහන් කරමිනි..






නිමි..
















42 comments:

  1. අයියෝ ඒකත් ඉවරයි!!!!!! සුපිරියටම ලියලා තියනවාග
    අළුත් මුකුත් නැද්ද???

    ReplyDelete
    Replies
    1. අළුත්වා තියෙනවා.. ඒවා ඉතින් හෙමීට දාන්නම්.. එකක් ඉවරවුනා විතරනේ ඉතින්..

      Delete
  2. මේ ජාතියේ කතා සෙට් එකක් ලියලා පොතක් හැදුවා නං මරු..
    ලස්සනයි අද කොටසත් !

    ReplyDelete
    Replies
    1. අදහසනම් ඒක තමයි මධු අයියේ.. බලමුකෝ...

      Delete
  3. නියමයි අයියේ... සුපිරියටම ලියලා තියනවා කොටස් ඔක්කොම කියෙව්වා අහම්බෙන් අහුවෙලා... රහස් පරීක්ෂක කතාවක් අහු උනොත් මගාරින්නේ නම් නැනේ අපි... පොතක් ලිව්වා නම් හරි මේ ඔක්කොම එකතු කරලා... :)

    ReplyDelete
    Replies
    1. අහ්, මෙයාලව දැක්ක කල්.. අහම්බෙන් හරි සෙට් වෙලා මේ පැත්තේ ආව එක ගැන සතුටුයි ඈ..

      Delete
  4. එරිකෝගෙ කතාවක් කියවන්න ආසාවෙන් හිටියෙ. ඒත් මේ කතාව මට සම්පූර්ණයෙන්ම මගඇරිලනෙ :( වැඩ ටිකක් අඩු උන ගමන් ඇවිත් මුලු කතාවම කියවන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මම ඒත් කල්පනා කලා කතාවක් නැද්ද අහපු කෙනා කෝ කියලා.. හරියෝ.. හෙම්න් සීරුවේ බලාගෙන එන්න..

      Delete
  5. ෆයිනලී !!!! ඒක ඉවරයි .......... යස් :D :D :D

    ReplyDelete
    Replies
    1. ඉවර උනාම මුන්ගේ තියෙන සතුට..

      Delete
  6. shaaa...... patta.
    penith beerunaa....
    anthimata erikoi simranui mary kalanam thawath patta.

    ReplyDelete
    Replies
    1. එරිකෝ සිම්රන් ගැන අපි පස්සට හිතමු.. මේ පරීක්ෂණේ ඉවර උනාට කතාව ඉවර නැහැ තවම..

      Delete
    2. a.... ehemada? mama hithuwe ekath iwarai kiyala.
      thawa thiyanawanam maru.

      Delete
    3. තව තියෙනෝ.. හැබැයි ඒවා තව ටික කාලෙකින්..

      Delete
  7. පට්ට මචං..අලුත් කතාවක් කවදද එන්නෙ..අපි එනවා පාට ගාන්න..

    ReplyDelete
    Replies
    1. මේ හදිස්සියේ තව එකක් බෑ බං.. ටිකක් රෙස්ට් එකක් දියන්කෝ.. ලබන මාසේ බලමු..

      Delete
  8. සිම් රන්ට පුලුවන්නේ උයන්ට? මාර වැඩක්නේ ...ඇයි එරිකෝට බැරිද උයන්ට ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩ්ඩි අක්කටත් බැරිද?

      සිම්රන්ට බැරිය දිගටම එරිකෝට උයලා දෙන්න.. ;)

      Delete
  9. හරියට මොන්ටිසෝරි පංතිවලදි අහන සුරංගනා කතාවක් වගේ.. පටන් ගැන්ම මැද අවසානය ගාන්ට තිබෙනවා..කිසිම දෙයක සිද්ද වෙන්නෙ නැහැ.. ඔහේ ගලාගෙන යනවා.. මට නම් මෙලෝ රහක් නැහැ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අමිල අයියේ, තැන්කූ අදහසට..

      Delete
  10. හෆොයි! ඔක්කොම කනපිට පෙරලිලානේ. කොහෙන් ද ජෝන් ලී කඩා පත් වුණේ? ලස්සණ යි ඈ :D මට ප්‍රශ්නයක් තියෙනවා. වික්ටෝරියා එරිකොට හාදුවක් දුන්න ම සිම්රන්ට මොකද කේන්ති ‍ගියේ?

    ReplyDelete
    Replies
    1. ඔය ඕන නැති ප්‍රශ්ණමයි මෙයලට හිතෙන්නේ.. ඕකනේ කරන්න බැරි..

      Delete
  11. ශා...............නියමයි...
    මම හිතුවා උඩින් පේන දේ නෙවේ ඇතුලේ තියෙන්නේ කියලා..දිනේශ් අයියා මෙහෙම කතා තමයි මම කියවන්න කැමතිම...නියමයි හොඳේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. ආයි එහෙනම් ලබන මාසේ වගේ තමයි මේ වගේ එකක්..

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම රහස් පරීක්ෂකයෝ තුන් දෙනා තමයි ඔය. මගේ විතරක් නෙවේ ගොඩක් අයගේ. මොකද මේ තුන්දෙනාගේ කතා වෙනස් මානයකට ගෙනියනවා. අපිට එරිකෝ ගේ චරිතය තුළ මේ අයගේ ලක්ෂණ ඡායා මාත්‍රයක් වගේ පේනවා. ඒ සමහරක් විට අපි අපේ හිතේ තියන කට්ටියත් එක්ක එරිකෝ සංසදනය කරන හින්දා වෙන්න ඇති. ඒත් එරිකෝ ස්වාධින ගමන් මගක යනවා. ඒ වගේම එරිකෝ (දිනේෂ් අයියා) දක්ෂ වෙනවා. එතකොට ඉස්සරහට අග්‍ර ගණයේ රහස් පරීක්ෂකයෙක් එලියට එයි.

      Delete
    2. සුදු, අනේ මන්දා ඉතින් මේකට මොනවා කියන්නද කියලා.. ඒ හන්දා ඔන්න ඔහේ ඕන නෑ ඒ.. ;)

      Delete
    3. පූමා මලයා, පේරි මේසන් නම් මම කියෙවුවේ මේ ලගදි..හෝම්ස් පොත් ටිකයි පරයිට් ඉංග්‍රීසි පොත් ටිකයි ඔක්කොම වගෙ මගේ ලග තියෙනවා.. කියවද්දී දැනෙනවා වගේම මට ලියද්දිත් ඕකම වෙනවා.. හිටි ගමන් අර පැත්තට යනවා.. ආයෙම වෙනස් කරනවා.. ඔහොම තමයිඉතින්..

      Delete
    4. ayyoo.. mea dennath dan ara Rangai eyage pachcha hamineai wagene.

      Delete
    5. ඔය කියපු අය හැරුණාම මං කැමතිම රහස්පරීක්ශකයෙක් තමයි ඩිකී වීරකෝන් , ඒ චරිතේ එන්නේ ඩීමන් ආනන්දගේ පොත්වල .

      Delete
    6. දිනෙල්ක, ඩීමන් ආනන්දගේ මම නම් කියෙවලා තියෙන්නේ ඩ්‍රැකියුලාගේ මනාලියෝ විතරයි.. මේ වෙන එකක් වෙන්න ඇති මම හිතන්නේ..

      Delete
  13. හිතුවා වගේම වෙනස් පැත්තකට ගියා. ඒත් යන දිහාවක් හොයා ගන්න බැරි උනා. නියමයි අයියේ කතාව. ඉක්මනින්ම ආයේ එරිකෝ හම්බෙමු

    ReplyDelete
    Replies
    1. අවසානය වෙනකන් නිගමනයක් ගන්න බැරි උන එක ගැන සතුටුයි.. ඊළග පාර වෙනස් එකකින් හමුවෙමු.. ලබන මාසේ වගේ..

      Delete
  14. එතකොට ඉවරද? .... දිනේෂ්ට ශෘංගාරාත්මක කතා වක් ලිව්වනම් හොඳයි වගේ, මේ කතාවෙත් එහෙම තැන් රසවත්ව ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ශෘගාරාත්මක ඒවා එකක් දෙකක් වගේ ලියලා තියෙනවා මම අතරින් පතර.. බලමු තව එකක් ඉස්සරහට..

      Delete
  15. ඉක්මනට කතාව අප්ඩේට් කරපු එක ගැන නම් ගොඩක් ස්තුතියි දිනේශ්..කතාව තව ටිකක් දිග වුනා නම් හොඳයි කියලා හිතෙනවා..කොහොම වුනත් ගොඩක් ආසාවෙන් රස වින්දා..

    ReplyDelete
  16. හැමදාම වගේ කතාව මැද්දට බං මං පනින්නේ.. මේකෙත් මුලවා කියවන්න ඔනෑ.. මඥ්ඥං වගේ!

    ReplyDelete
  17. ඉතාමත් රසවත් මටනං. එංගලන්තේ කොකේන් නැත කියන එකෙන් තමයි මේ කතාවම බැලන්ස් වෙලා තියෙන්නේ. බොහොමයක් ගැටළු විසඳීමේදී මෙන්න මේ වගේ පූර්ව නිගමන වැදගත් වෙනවා. ඒ වගේම ඒවා නිසා නොමග යන්නත් පුළුවන්.

    ReplyDelete
  18. කුතුහලයෙන් පිරුන නියම කතාවක් :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්