Friday, 11 October 2013

නිරුවත් රූමතියෝ - The Courtezan Killer 3




___________________________



" එරිකෝ, මටනම් මැක්මිලන්ගේ හදිසියේම සමාජශාලාවෙන් පිටවී යාම ටිකක් සැකයි.."

එරිකෝගේ කාර්‍යාල කාමරයේ තම සුපුරුදු අසුන් වලම හිද ගනිමින් කතාවට මුල පිරූ සිම්රන් ඇයටත් තේ කෝප්පයක් සාදමින් පැමිණි එරිකෝ දෙස බලා සිටියේ ඔහුගේ අදහස් දැනගැනීමේ මහත් ආශාවෙනි..

" ඇත්ත සිම්රන්.. මම හිතන් හිටියේ ඔහු ගියේ කොහේද කියන එක ගැන බෙනට් දන්නවා ඇති කියලා.. ඒත් මගේ ඒ නිගමනය වැරදියි.."

" ඔහුට ආපහු ඇමරිකාවට නම් යන්න බැහැ කියන එක අපිට විශ්වාසයි.. ඒත් මුළු රැයක්ම එංගලන්තයේ රැදිලා ඉන්න නීතියෙන් අවසරයකුත් නැතුව ඔහු කොහේ ගියා වෙන්න පුළුවන්ද? සමහරවිට එරිකෝ අපි මේ හොයන් යන අපරාධකාරයා මැක්මිලන් නම් මේ වෙද්දිත් ඔහු අපෙන් ඈතට පැනලා ගිහිල්ලානම් අපිට ඔහුව හොයා ගන්න එක අමාරු වෙනවා නේද?"

" ඒක ඇත්ත සිම්රන්.. ඒත් අපි තාම දන්නේ නැහැ මැක්මිලන් කියන්නේ අපි හොයන අපරාධකාරයද කියන එක.. ඒකට අපිට තවම සාක්ෂි නැහැ.. නමුත් අපිට ඔහුව මේ වෙලේ හොයාගන්න එක ගොඩක් වැදගත් වෙනවා.. කෝකටත් මම ලන්ඩන් පොලීසියෙන් මේ ගැන තොරතුරු අහලා බලලා එන්නම්.. සමහරවිට ඔවුන් යමක් දන්නවා වෙන්න පුළුවන්.."

විනාඩ් කිහිපයක් දුරකථනයෙන් වෝල්ටර් සමහ කතාබහේ නිරත වූ එරිකෝ දුරකථනය විසන්දි කර නැවත පැමීණියේ එතරම්ම සතුටුදායක දෙයක් අසන්නට නොලැබීමෙන් බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට විය.. ගිණි උදුන අසලම පුටුවේ දිගාවුන එරිකෝ මොහොතක් දෙකක් නිහඬව සිටියේය..

" පොලීසියත් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැද්ද එරිකෝ?"

" නැහැ සිම්රන්.. මම කියනකම් ඔවුන් මේ ගැන දන්නේ නැහැ.. ඔහුට ලන්ඩන් නගරයේ හැරෙන්න ඉන් පිටතට නම් යන්න කිසිම අවසරයක් ඔවුන් දීලා නැහැලු.. කොහොම වුනත් ඉක්මනින්ම මේ ගැන විමර්ශණයක් කරන්නම් කියලා වෝල්ටර් කිවුවා.."

" මොකක් හරි විදිහකින් මැක්මිලන් ආයෙම ඇමරිකාවට ගිහින් නම්?"

" මම හිතන්නේ නැහැ සිම්රන්.. මොකද දැන් එහෙම ව්‍යාජ විදිහකින්වත් රටින් බැහැරව යන එක ලේසි දෙයක් නෙමෙයි.. ඒකට ටිකක් කල් ගත වෙනවා.. මැක්මිලන් තාම ලන්ඩන් වලමයි ඇත්තේ.. අපිට ඔහු හොයා ගන්න බැරි වෙන එකක් නෑ.."

" එරිකෝ, බෙනට් කිවුව කොකේන් ගැන කතාව ඔයා විශ්වාස කරනවද?"

" ඔවු සිම්රන්.. එංගලන්තයේ සමාජශාලාවල කිසිම විදිහකින් මත්කුඩක් අලෙවි කරන්න නීතියෙන් තහනම්.. නීතියෙන් හරි අවසරයක් නැති තැන් වල ඒදේ කෙරෙනවා ඇති.. නමුත් බෙනට්ගේ සමාජශාලාව ඇතුලේ ඒ දේ කෙරෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.."

" එතකොට කොහොමද මැරුණ දෙන්නම එයාලගේ මරණයන් වෙන්න කලින් කොකේන් අරන් තිබුනේ?"

" ඒක වැදගත් ප්‍රශ්ණයක් සිම්රන්.. අපි හොදින්ම දන්නවා ඔවුන්ට ඇමරිකාවේ ඉදන්නම් කොකේන් මෙහෙට අරන් එන්න බැරි බව.. ඒත් මේ ලන්ඩනයේ කොහේ හරි තැනක රහසින් අලෙවි කරන තැනකින් කවුරුම හරි කොකේන් මිල්දී ගත්තා වෙන්න පුළුවන්.. වැදගත්ම දේ තමයි මොවුන් සමාජශාලාවේ විශේෂ ආරාධිත අමුත්තෝ නිසා මොනම වෙලාවකවත් ආරක්ශක නිළධාරින්ගේ පරීක්ෂාවට ලක් වෙන්නේ නෑ.. ඒ හන්දා මේ කණ්ඩායමේ ඕනම කෙනෙක්ට පිටතින් කොකේන් මිලදීලා අරගෙන ඒවා මේ තරුණියන්ට වුවමනා වෙලාවට දෙන්න පුළුවන් කම තියෙනවා.. අන්න ඒ නිසයි අපිට මැක්මිලන් සොයා ගන්න එක වඩා වැදගත් වෙන්නේ.."

" ඒ කියන්නේ කොකේන් ගෙනාව බව පොලීසියට අහු වෙන හන්දා මැක්මිලන් පැනලා ගියා කියලද ඔයා හිතන්නේ.."

" එහෙම වෙන්නත් බැරි නැහැ සිම්රන්.. කොහොම නමුත් මේ මැක්මිලන්ව හොයාගන්න එක අපිට ගොඩක් වැදගත් වේවි.."

" ඔයා ඊලගට මොනවද කරන්න හිතන් ඉන්නේ?"

" මම හිතුවේ අද රෑ සංදර්ශණය බලන්න යන්න.. මේ තැන් වල රාත්‍රී ජීවිතය හරි වෙනස්.. ඒ හන්දා අපිට මේ වෙනකන් හමුනොවුන තොරතුරු එතනදි ලැබෙයි කියලා මට හිතෙනවා.. එතන පරිසරය ගැන දන්න නිසා මට සිම්රන්ගෙන් එනවද කියලා අහන්න විදිහක් නැහැ.."

" අහ්, නෑ මම එනවා.. අපි මෙහෙමම යමු.."

එරිකෝ ඔහුගේ කතාව නිමා කරන්නටත් මත්තෙන්ම කිසිම විරුද්ධත්වයක් නොමැතිව ඔහු සමග ඒමට ඈ කැමති වීම ගැන ඔහුගේ හිතේ සතුටක් මතු වුවත් ඔහු සිනාසුනේ උපහාසයට මෙන්ය..

" හා එන්න.. හැබැයි මට ඔයාව පරිස්සම් කරන්න බෑ.."

" කවුද දන්නේ එතනදි කවුරු පරිස්සම් කරන්න වෙයිද කියලා.. මම දන්නවා පරිස්සම් වෙන්න.."

මද වේලාවකට කාර්‍යාල කාමරය තුල නැගුන සිනහව ඔවුන්ගේ සිත්වල විඩාව මොහොතකට හෝ දුරලන්නට සමත්වූ ඔබ ඔවුන් දෙදෙනාටම හොදින්ම දැනෙන්නෙට විය..

" අපි ටිකක් කලින් ගිහින් හැම දෙයක් ගැනම අවදානයෙන් හිටියොත් හොදයි කියලා හිතනවා සිම්රන්.. ඒ නිසා අපි ටිකක් විවේක අරන් සමාජශාලාවට යමු.."

එරිකො ඔහුගෙ කාර්‍යාල කාමරය තුලම රැදෙද්දී උඩුමහලෙ කාමරය වෙත ගිය සිම්රන් එරිකොගේ කල්පනාවටත් විවේකයටත් බාදාවක් නොවන්නට වග බලා ගත්තාය.. සන්ද්‍යාව නොසිතූ අයුරින් වැසි බරිත වෙමින් පැමිණියද එය එතරම්ම ඔවුන්ට බාදාවක් නොවන බව හඟවමින් වේලාසනින්ම සමාජශාලාව වෙතට ගිය ඔවුන්ට එහි එතරම්ම තදබදයක් දකින්නට නොලැබුනේය.. එය එරිකෝ බලාපොරොත්තු වූ අයුරුම වූ නිසා ඒ ගැන ඔහුගේ හිතේ පුදුමයක් නොවීය..

ඔවුන්ගේ පැමිණිම කලින් දෙනුම් දී නොතිබුන නිසාම උදෑසනින් හමුවූ කිසි වෙකුත් ඒ වන විට එහි දකින්නට නොලැබීම ගැන එරිකෝ හිතේ විමතියක් නොතිබුනත් මැක්මිලන් පැමිණ ඇත්දැයි දැන ගැන්මට ඔහුගේ සිතේ දැඩි උනන්දුවක් විය.. කිහිපදෙනෙක් විතරක් ගැවසුන සමාජශාලාව තුල ඔබ මොබ යමින් එහි පරිසරය ගැන විමසිලිමත් වුන එරිකෝ ඉදිරියට කලබලයෙන් මෙන් ආ බෙනට්ට ඔවුන්ගේ පැමිණිම කිසිසේත්ම අපේක්ෂා නොකල දෙයක් බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට විය..

" මිස්ට්ස්‍ර් එරිකෝ, මේ වෙලාවේ ඔබ ඒවි කියලා මම බලාපොරොත්තු වුනේ නැහැ.."

" ඔවු මිස්ටර් බෙනට්.. මම හිතන්නේ නැහැ විවේක අරන් මේ ප්‍රශ්ණය ඉක්මනින් විසදන්න ලැබෙයි  කියලා.. ඒ නිසා අපි ඉක්මන් වෙන තරමටම හොදයි කියලා හිතනවා.."

" ඔබේ කැමැත්තක් ම්ස්ටර් එරිකෝ.. වුවමනා හැම දෙයක්ම කියන්න මම හැම දෙයක්ම ඉක්මනින් සූදානම් කරලා දෙන්නම්.."

" එහෙම කිසිම දෙයක විශේෂ අවශ්‍යතාවක් නැහැ.. ඔබේ ආරක්ශකයන්ට කියන්න මට බාදාවක් නොවී ඉන්න කියලා.."

"හරි මිස්ටර් එරිකෝ.. මම ඒ ගැන ඔවුන් දැනුවත් කරන්නම්.."

" තව දෙයක්, මැක්මිලන් ගැන තොරතුරක් ලැබුනද?"

" තවම නැහැ මිස්ටර් එරිකෝ.. කිහිපවරක්ම පොලීසියෙනුත් ඇවිත් ඔහු ගැන විමසීම් කලා.. මම හිතන්නේ තාම ඔවුන්ටත් කිසිම තොරතුරක් ලැබිලා ඇති කියලා.. ඒක ඔවුන්ගේ හැසිරීමෙන්ම පේනවා.. මම හිතන්නේ ඔහු මේ අපරාධ දෙකම කරලා රහසින්ම රටින් පිට වුනා.."

" ඒක ඔබ හිතන විදිහ මිසක් සත්‍ය නෙමෙයි මිස්ටර් බෙනට්.."

එරිකෝගේ අදහසින් බෙනට්ගේ මුහුණ වෙනස් වු බව හොදින්ම පෙනුනත් ඒ බව සඟවන්නට උත්සාහ කල ඔහු ඉක්මනින් එතැනින් පිටව යන්නට උත්සාහ කලත් එරිකෝ ඔහුව නවතාලීය..

" වික්ටෝරියාගෙයි සෙලීනාගෙයි සංදර්ශණය තියෙන්නේ කොයි වෙලාවටද?"

" රෑ දහයෙන් විතර පස්සේ.. ඒ වෙලාවට තියෙන ඉල්ලුම අනුව තමයි ඒක අපි තීරණය කරන්නේ.."

" හරි මිස්ටර් බෙනට්.. වුවමනාවක් වුනොත් මම ඔබව මුණගැහෙන්නම්.."

පළමුවතාවට එතරම් ප්‍රියමනාප නොවු සිනහවක් දැක්වූ ඔහු පිටව යන අයුරු දෙස ඔවුන් බලාසිටියේ එතරම්ම උනන්දුවක් නොදක්වමිනි..

" එරිකෝ, මැක්මිලන්ගෙන් තාම හරි තොරතුරක් නැති එක මේ ගැටළුව තවත් සංකීර්ණ කරනවා නේද?"

"  සිම්රන්ට මොකද්ද ඒ ගැන හිතෙන්නේ?"

" තමන් එක්ක සංචාරයට ආව කණ්ඩායමේ දෙන්නෙක්ගේ මරණයන් වෙනවා.. ඒ ගැන හරි හැටි පොලිස් පරීක්ෂණවත් පැවැත්වෙන්නේ නැති වෙලාවක ඔවුන්ගේ කණ්ඩායමේම කෙනෙක් හිටිහැටියේ අතුරුදහන් වෙනවා.. ඒ මේ අපරාධය කලේ ඔහු කියන සැකය හැමෝගෙම හිත් වල ඇතිකරන ගමන්.."

" සිම්රන් හරි.. කවුරුහරි අපිට ඔය දේ ඔය විදිහටම හිතන්න පොළඹවනවා කියලා සිම්රන්ට හිතෙන්නේ නැද්ද?"

" කවුරුහරි? ඒ කවුද?"

" අන්න ඒ කවුද කියන එකයි සිම්රන් අපි හොයා ගන්න ඕන.."

" එතකොට ඔයා කියන්නේ මැක්මිලන් පැනලා ගිහින් කොහේ හරි හැංගිලා නැහැ කියන එකද?"

" ඔවු, බොහෝදුරට.. එහෙම නැත්නම් දැනටමත් මැක්මිලන් ජීවිතෙන් සමුඅරන් ඇති.. ඒ ගැන තාම හරියටම කියන්න බැහැ සිම්රන්.."

කුතුහලය පමණක්ම සිම්රන්ගේ හිතේ ඉතිරි කර ඔවුන් වාඩි වි සිටි තැනින් මදක් ඈතට ඇවිදන් ගිය එරිකෝ ටිකින් ටික පැමිණේමින් සිටි සෙනග අතර ඇවිදන් ගියේ හොද පරික්ශාවෙන් බව ඔහුගේ ගමනින්ම හොදින්ම පෙනෙන්නට විය.. සිම්රන් හිදගෙන සිටියේ සමාජශාලාවේ කෙලවරකට වන්නට වූ නිසා ඇයටත් එහි වට පිටාව එතැන සිටම පහසුවෙන් දැක ගන්නට හැකියාව උදාවි තිබුනි.. එරිකෝ ඇතැම් දේවල් පරික්ශා කරන අතරේ සිම්රන්ගේ දෑස් අහම්බෙන් මෙන් ඇදී ගියේ එහි වූ ආරක්ශකයන් දෙසටය.. ඔවුන් අනික් හැම දේටම වඩා විශේෂ උනන්දුවක් එරිකෝට දක්වන බව ඔවුන්ගේ හැසිරීමෙන්ම පෙනෙන්නට විය..


එරිකෝ එය මුල සිටම ප්‍රතික්ශේප කල දෙයක් වූ නිසාවෙන් ඔවුන්ගේ හැසිරීම දෙස සිම්රන් අනික් හැමදේකටා වඩා උනන්දුවෙන් බලාගෙන සිටියේය.. ඔවුන් ලග තිබූ සංනිවේදන උපකරණ මගින් කිහිපවරක්ම පණිවිඩ හුවමාරු කර ගන්නා අයුරු හොදින්ම දැක ගන්නට හැකි වුවත් ඔවුන්ගේ අරමුණ එරිකෝට බාදාවක් වන්නටදැයි යන්න තවමත් සිතාගන්නට තරම් ඔවුන්ගේ හැසිරීම එතරම්ම ප්‍රමාණවත් නොවීය.. ටිකින් ටික රාත්‍රිය උදාවෙමින් සමාජශාලාවට එන පිරිස වැඩි වන අතරේ එරිකෝ සිටින තැන සොයා ගන්නට සිම්රන්ට තරමක් අපහසු විය..

කාලය ටිකින් ටික ගතව ගියත් එරිකෝගෙන් තොරතුරක් නොවිණි.. ආරක්ශක නිළධාරීන්ටත් ඔහුව මඟ හැරුන බව ඔවුන්ගේ හැසීරීමෙන් පෙනෙන්නට වුවත් ඔවුන්ට ඔහු සොයා යාමට තරම් කාලයක් වූයේ සමාජශාලාව තුලට පැමිණෙමින් සිටි පිරිස වැඩි වූ නිසාවෙන්ය..

" මිස් සිම්රන්, කෝ එරිකෝ?"

ආරක්ශකයන් දෙසත් එරිකෝව සොයාගන්නටත් බොහෝ උනන්දුවෙන් අවට දෙස බලමින් වුන් සිම්රන්ට ඇය අසලින්ම ඇසුන හඬ එක වරෙම එක් කලේ තිගැස්මකි..

" අහ්, මිස්ටර් වෝල්ටර්.."

" සමාවෙන්න මම ඔබට බාදා කලානම්.. මට මිස්ටර් එරිකෝට කතා කරන්න ඕන.."

" ඇත්තටම මාත් මේ එයාව තමයි හොයන්නේ.. කියන්න මිස්ටර් වෝල්ටර්, මං උදවු කරන්නම්.."

" මැක්මිලන් ගැන අපි හොයපු විමසීම් සාර්ථක නැහැ.. නමුත් ඔහු එංගලන්තයෙන් පිටවෙලා ගියේ නැහැ කියන එකනම් විශ්වාසයි.. ගුවන්තොටුපල, වරාය මේ හැම තැනකටම මැක්මිලන් ගැන දැනුවත් කිරීම් කරකයි තියෙන්නේ.. මම හිතන්නේ ඔහු ලන්ඩන් වලම කොහේ හරි සැගවිලා ඇති.. මම ඔවුන්ට ආපසු ඇමරිකාවට යන්න අවසර දෙන්න එපා කියලා නියෝගයකුත් අර ගත්තා.."

" ඒක හොදයි මිස්‍ටර් වෝල්ටර්.. නාදුනන මළසිරුරු ගැන එහෙම ඔබට තොරතුරු ලැබුනද අද?"

" නැහැ සිම්රන්.. මම ඒ ගැනනම් විමසීමක් කලේ නැහැ.. ඇයි එක පාරම ඒ ගැන ඇහුවේ.."

" නැහැ.. එරිකෝ මාත් එක්ක කියපු දේවල් වලින් තේරෙනවා එයා සැක කරනවා මැක්මිලන්ටත් මේ අනික් තරුණියන් දෙන්නට වුන ඉරණමම අත් වෙලා කියලා.. ඒකයි මම ඔබෙන් ඒ ගැන ඇහුවේ.. සහමරවිට ලන්ඩන් වලින් නෙමෙයි, ටිකක් දුර පැති වලින් විමසීමක් කරලා බලන්න.. මම හිතන්නේ නෑ මේක සාර්ථකම දෙයක් වෙයි කියලා.. ඒත් ටිකක් ඒ ගැන විමසන එක වරදක් නැහැ කියලයි මම හිතන්නේ.."

" නැහැ.. ඔබ හරි සිම්රන්.. මම ඒ ගැන දැනුම් දීමක් කරන්නම්.. මිස්ටර් එරිකෝව මම කියපු දේ ගැන දැනුවත් කරන්න.. විශේෂ දෙයක් තිබුනොත් මම ඔබ දෙන්නගෙන් කාව හරි අමතන්නම්.."

ඔහු නික්ම යන තුරු මොහොතක් බලා සිටි සිම්රන් නැවත්ත් නෙත් යොමන්නට වූයේ එරිකෝ කොතැනක සිටීදැයි සොයාගැනීමේ අරමුණිනි.. ආරක්ශකයන්ටත් ඔහුව හමුවී නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නට විය.. ඔහු ගැන සෙවීම අතහැර ඔවුන් තම සුපුරුදු රාජකාරි වෙල යෙදෙන අයුරු ඇයට නිරීක්ෂණය කරන්නට හැකිවිය..

" සිම්රන්.."

අසල සිටි බොහෝ දෙනා අතරින් එක වරෙම එරිකෝ මතුවූයේ ඇයව යලිත් වරක් තිගැස්මකට ලක් කරමිනි.. ආරක්ශකයන් ඔහුව තව මත් දැක නොමැති බව සිම්රන් ඔවුන් දෙස බලද්දී තේරුම් ගන්නට හැකි විය..

" එරිකෝ, ඔයා කොහේද ගියේ?"

"අත්‍යාවශ්‍ය කරුණු කීපයක් හොයලා බලන්න.. වෝල්ටර්ට ඔයා දුන්න උපදෙස අනර්ඝයි සිම්රන්.. සාර්ථක පිළිතුරක් නොලැබුනත් මම හිතනවා ඔවුන් ඒ ගැන හොදින් සොයා බලයි කියලා.."

" ඔයා කොහොමද ඒ ගැන දන්නේ.. මෙතන අරක්ශකයෝ ඔයා ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ එරිකෝ.."

" මම දන්නවා සිම්රන්.. මට ඔවුන්ව මඟ හරින්න ටිකක් වෙලා ගත වුනා.. ඔයා වෝල්ටර් එක්ක කතා කරද්දී ඔවුන්ගේ අවදානය තිබුනේ මේ දිහාවට.. ඒකයි මට එවෙලේ එක පාරම මෙතනට එන්න බැරි වුනේ.. ඒත් මම වැඩි දුරක නෙමෙයි හිටියේ.. ඒ හන්දා ඔයා කියපු දේවල් මට ඇහුනා.."

" ඇයි ආරක්ශකයෝ ඔයා ගැන අවදානයෙන් ඉන්නේ? ඔයා බෙනෙට්ට කිවුවේ එහෙම කරන්න එපා කියලනේ.."

" ඔවු බෙනට් ඒ ගැන කියන්න ඇති.. ඒත් ඔවුන් දැන් පිළිපදින්නේ බෙනට්ගේ උපදෙස් නෙමෙයි.. අපිට ඒ ගැන පස්සේ දැන ගන්න පුළුවන් වේවි.."

ක්‍රමයෙන් සමාජශලවෙහි වූ පිරිස වැඩි වන අතරේ කිසිවකුටවත් තවත් කෙනෙකු දෙස ඕනෑ කමින් බලා සිටිමට තිබුන හැකියාව අඩුවන්නට විය.. එහේයින් ආරක්ශකයන්ගේ උනන්දුව එරිකෝගෙන් බොහෝ ඈතට වන තුරු බලා සිටි ඔහු බොහෝ වේලාවක් රැදී නිහැඬියාව බිදිමින් සිම්රන් සමග කල යුතු දේවල් ගැන ඈට උපදෙස් ලබා දෙන්නට විය..

" සිම්රන්, ඉස්සෙල්ලා මම ගියේ වික්ටෝරියා එක්කයි සෙලීනා එක්කයි ටිකක් කතා කරන්න.. වික්ටෝරියා තරම්ම සෙලීනා මාත් එක්ක සුහදශීලී නැති වුනත් මට ඇයගෙන් වුවමනා තොරතුරු ටිකක් අර ගන්න පුළුවන් වුනා.."

" ඒ මොනවද එරිකෝ?"

" සෙලීනා මාත් එක්ක කියපු දෙයක් තමයි මැක්මිලන් මේ සංචාරය ගැන අසතුටින් ඉදලා තියෙන්නේ.. ඒකට එක හේතුවක් තමයි ඔවුන්ට ලැබුන පහසුකම් අඩු කම.. ඒ ගැන මැක්මිලන් වගේම සාශාත් කීප වරක්ම බෙනට්ට චෝදනා කරලා තියෙනවා.. ඒ හන්දම ඔවුන් අතරේ ටිකක් මතබේද ඇති වෙලා.. සංදර්ශණ වලින් බැහැරව සාශා පෞද්ගලිකවම මුණගැහෙන්න හිටිය අයගේ ලැයිස්තුවේ මම දැක්කා බෙනට්ගේ නමත් තියෙනවා.. නමුත් මේ සිද්ද වුන දේවල් නිසා සාශා ඔහුත් එක්ක ඉන්න එක ප්‍රතික්ශේප කරලා තියෙනවා.. ඒකෙන් බෙනෙට්ගේ ඔවුන් එක්ක තිබුන අමනාපය තව ටිකක් වැඩි වෙලා.. පස්සේ ඔහු ගානර්ටත් මේ ගැන කියලා තියෙනවා.. ඔහු මැදිහත් වෙලා තමයි මේ ප්‍රශ්ණේ ටිකක් හරි විසදලා තියෙන්නේ.. ඒත් ඔහුගේ හැසීරීම එක්ක කවුරුවත් ඔහු එක්ක ඉන්න කැමති වෙලා නැහැ.. ඒත් සෙලීනා එයාට ගෙවන්නම් කියපු මුදල ගැන හිතලා කලින් දවස් දෙකකම බෙනට් එක්ක ඉදලා තියෙනවා.. සල්ලි ගැන හිතලා ගත්තා වුනත් ඒක මෝඩ තීරණයක් කියලයි සෙලීනා කියන්නේ.."

" එහෙමනම් මේ හැම දෙයක්ම කලේ බෙනට්ද?"

" සමහරවිට වෙන්න පුළුවන්.. ඒත් බෙනට් මේ අපරාධ දෙකම කලා කියන්න පැහැදිළි සාක්ෂියක් අපි ලග නැහැ.. අනික ඔවුන් දෙන්නම මරණයට පත් වුන වෙලාවේ හරි ඒ ආසන්න කාලයේ හරි බෙනට් ඔවුන් ලග හිටියේ නෑ කියන එක සෙලීනම තහවුරු කරනවා.. ඔවුන් දෙදෙනාම ඉදලා තියෙන්නේ මේ එහා පැත්තේ තියෙන විශේෂ අමුත්තන්ට වෙන් වුන කාමර වල.. ඒ හන්දා අපිට බෙනට්ට විරුද්ධව චෝදනා කරන්න ටිකක් අමාරුයි.."

" මොකක් හරි හේතුවක් නිසා සෙලීනා ඔහුව බේර ගන්න එහෙම කියනවා වෙන්න බැරි නැද්ද? ඇය ඔහු එක්ක ගියෙත් සල්ලි නිසා කියලා ඔබටම කිවුවනේ.."

" වෙන්න පුළුවන් සිම්රන්.. මම හිතන්නේ මේ හැම දේකම පැහැදිළි සාක්ෂියක් තමයි මැක්මිලන්.. ඒ නිසයි කවුරුහරි කෙනෙක් ඔහුව අතුරුදහන් කෙරෙවුවේ.. මැක්මිලන් හොයන්න යොදවන කාලය තේරුමක් නැති දෙයක් වේවි අවසානයේ අපිට ඔහුගේ මළසිරුර හමුවුනොත්.. එතකොට හැම සාක්ෂියක්ම ඔහුත් එක්කම වැළලෙනවා.. ඒ හන්දා අපිම හැම දෙයක්ම හොයා ගන්න එක වැදගත් සිම්රන්.."

" හරි අපි දැන් මොකද කරන්නේ එරිකෝ?"

" අපිට බෙනට් ගැනයි වික්ටෝරියා ගැනයි හොද අවදානයකින් ඉන්න වෙනවා සිම්රන්.."

" වික්‍ටෝරියා?"

" ඔවු සිම්රන්.. සාශා නැතිවුනාට පස්සේ දැන් මෙතන ඉන්න රූමත්ම කෙනා වික්ටෝරියා.. ඝාතකයා කවුරු වුනත් ඇයටත් ලං වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. ඒ හන්දා මට හිතෙනවා අපි ඇය ගැනත් අවදානයෙන් හිටියොත් හොදයි කියලා.."

" හරි එරිකෝ?"

" දහයාමාර වෙද්දී වික්ටෝරියා එයාගේ නර්ථනයට වේදිකාවට ඒවි.. ඒකට විනාඩි හතලිස්පහක් වගේ කාලයක් යාවි කියලයි ඇය කිව්ය්වේ.. ඊට පස්සේ සෙලීනගේ අවස්ථාවට.. මේ වෙලාව පැයක් විතර ඇය ඉන්නේ අපි උදේ සොදිසි කිරීම් කරපු කාමරේ.. අන්න ඒ වෙලාවයි අපිට ඇය ගැන අවදානය යොදවන්න වෙන්නේ.."

සමාජශාලාවෙහි නිරන්තරයෙන් රැගුම් ඉදිරිපත් කල ලන්ඩන් තරුණියන්ට වඩා එහි සිටි හැමෝගේම ඉල්ලීම වූයේ ඇමරිකාවෙන් පැමිණි අය බව ඔවුන්ගේ කෑ ගැසීම් වලින් තේරුම් ගන්නට එතරම්ම අපහසුවක් නොවීය.. තමත් ඔවුන් මියගිය තරුණියන්ගේ නම් කියමින් කෑ ගසන්නේ සමාජශාලාවෙහි වූ කිසිවක් තවමත් මාද්‍ය මගින් ප්‍රචාරය කර නොතිබුනු නිසාවෙන්ය..








24 comments:

  1. එංගලන්තේ විතරද බං මෙහෙත් කිසිම සමාජ ශාලාවක මත්කුඩු, මත්පැන් විකුනන්න තහනම්නේ....නැද්ද මං අහන්නේ ..?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු බං.. ඒක බලාගෙන යද්දී හැම රටේම එකයි.. හැබැයි මත්පැන් නම් මෙහේ ඕන එකක් ඔට්ටුයි..

      Delete
    2. ඩ්‍රග්ස් කතන්දරේ කොහෙත් එකයි .නමට නීතී....පුළුවන්නම් කියවන්න CRACK HOUSE by HARRY KEEBLE. ඩ්‍රග්ස් ගැන වැටලීම් කරපු බුවෙක් ලියලා තියෙන්නේ. ඇත්ත සිද්ධීන්. ඒ කියන පලාත්වල මම වැඩ කරා.

      Delete
    3. ඒ කියන්නේ උඹ ඉන්නේ එංගලන්තේ වෙන්න ඕන.. කලින් මට දුන්න උපදෙසත් එක්ක මට හිතුනා ඒ අවට කෙනෙක් වෙන්න ඕන කියලා..

      Delete
  2. එහෙනං තව බලා ඉන්න වෙනවා අවසානය දකින්න..

    ReplyDelete
    Replies
    1. තව ටිකයි සුදීක අයියේ..

      Delete
  3. එහෙනම් මේ පාරත් කතාව ඉතුරු කලා නේද?අවුලක් නැහැ මචෝ අපි ඉන්නව....

    ReplyDelete
    Replies
    1. එල මචෝ.. සදුදට ඉවරයි ඔන්න.. ;)

      Delete
  4. Replies
    1. මොකෝ බං දිනෙල්කයෝ..

      Delete
  5. කතාව නම් සුපිරි !
    ඉතුරු කොටස එනකන් බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙට උදේම දෙනවා මධු අයියේ..

      Delete
  6. ඒ උනාට මට නම් බෙනට් ගැන සැකයි.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කට එහෙමද හිතන්නේ? බලමු

      Delete
  7. වෙන දේවල් පෙන්නලා අපිව නොමග යවනවා වගේ. මේ යන පැත්ත හරි නැද්ද මන්දා. පේන සිද්ධියට වඩා වෙනස් දෙයක් වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපේ පුරුද්දනේ ඉතින් වෙන දේවල් පෙන්නලා නොමග යවන එක.. බලමු මොකද වෙන්නේ කියලා.

      Delete
  8. මේ යන විදියට මට නං වික්ටෝරියාවත් සැක යි! තමන්ගේ ජනප්‍රිය බව වැඩි කර ගන්න අනිත් දෙන්න ව මැ‍රුව ද කියලා කියන්න බැහැනේ. හ්ම්ම්, අපි බලමුකෝ. (මම නං කතාවට වඩා උනන්දු යි අර ඇතුළෙන් ළාවට වගේ යන ලව් ස්ටෝරිය ගැන. ඉක්මනට ඉවරයක් කරන්නකෝ, අෆ්ෆා. පව් නැද්ද අපි?)

    ReplyDelete
    Replies
    1. මොකද්ද අෆ්ෆා ඇතුලෙන් ලාවට යන ස්ටෝරිය? මම දන්නෙත් නෑ එහෙම එකක් ගැන.. ;)

      Delete
  9. හපුයි...මට කොටසක් මග ඇරිලත් එක්ක....ඒකත් එක හුස්මට කියවන් ආවේ..

    හ්ම්ම්....බලමු බලමු..මැක්මිලන් නැත්නම් බෙනට්...එහෙමත් නැත්තන් වෙන කෙනෙක් වෙන්නත් බැරි නෑ නොවැ :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ රෙහානියෝ.. කොම හරි කියෙවුවනේ.. බලමු හෙට කවුද මිණිමරුවා කියලා..

      Delete
  10. අපූරුවට කතාව ගලාගෙන යනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් එලකිරි

      Delete
  11. ආපහු කියන්න තියෙන්නෙත් නියමයි කියලා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්