Wednesday, 9 October 2013

නිරුවත් රූමතියෝ - The Courtezan Killer 2





_____________________




උදෑසන වෙනකම් ගෙවුනේ බොහොම පොඩි කාලයක් බව දැනුනේ එරිකෝටම පමණක් නොවන බව හගවමින් උදෑසනින්ම එරිකෝගේ නිවසට ආ සිම්රන් බලාපොරොත්තු වූ පරිදිම ඈ එනතුරු කාර්‍යාල කාමරයට වී බලා හිදි එරිකෝට කීමට බොහෝ දේ ඇති බව ඔහුගේ මුහුණින්ම පෙනෙන්නට විය..

" එරිකෝ ටිකක් විතර සතුටින් වගේ.."

" ඇයි සිම්රන් එහෙම කියන්නේ?"

" නැහැ ඊයේ මම ආපහු යද්දී එරිකෝ හිටියේ මේ ප්‍රශ්ණය විසදන්න පුළුවන් විදිහක් හොයන්නේ කොහොමද කියලා හිතන ගමන්.. ඒත් අද ඒ බැරෑරුම් බව ටිකක් අයින් වෙලා.. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ගැන එරිකෝට දැන ගන්න ලැබිලා.."

" සිම්රන් හරි.. ඊයේ සිම්රන් ගියාට පස්සේ මට අනිත් මරණ පරීක්ෂණ වාර්ථාව ලැබුනා.. මම බලාපොරොත්තු වුන හැම කරුණක්ම ඒකෙත් සදහන් වෙලා තිබුනා.. ඇයත් කොකේන් අරන් තිබුනා වගේම කීපවතාවක්ම ලිංගිකව එක් වෙලා තිබුනා.."

" එතකොට අර එරිකෝ දැක්කා කියපු තුවාල කැළැල්?"

" ඔවු ඒ ගැනත් සදහන් වෙලා තිබුනා.. ඒත් ඒක මම හිතපු තරම්ම ප්‍රබල දෙයක් නොවෙන්නත් පුළුවන්.."

" ඒ ඇයි එරිකෝ? අපිට යන්න ප්‍රමාද වෙනවනම් අපි වාහනේ යන ගමන්ම මේ ගැන කතා කරමු.."

" නෑ සිම්රන් ඒ තරම්ම හදිස්සියක් නැහැ.. මොකද මම හිතන්නේ මිස් ලෝව්සන් ඊයෙත් සමාජශාලාවට යන්න ඇති.. ඒ හන්දා අපි ඇයට විවේක ගන්න ටිකක් කල් දීලම අපේ රාජකාරි පටන් ගමු.."

එරිකෝ තමන්ට සුපුරුදු අසුන මත හිදගනිමින් සිම්රන්ටද ඒ අසලට ආරාධනා කලේ ඇය බලාපොරොත්තුවෙන් සිටිනා සියළු දෙයක්ම ඇයට පැවසීමේ අරමුණිනි..

" සිම්රන් ඊයේ ගියාට පස්සේ මම මේ හැම දෙනෙක් ගැනම පෞද්ගලින තොරතුරු හොයලා බැළුවා.. මේ අය කරන වෘතියත් එක්ක මම හිතුව තරම්ම ඒ දේ අපහසු වුනේ නෑ.. ලිංගිකත්වය අලෙවි කරන එක මේ අයට කොයි තරම් පහසු සරළ දෙයක්ද කියන එක ඒ විස්තර හොයලා බලද්දී හොදටම තේරෙන දෙයක්.. සාමාන්‍ය ජීවිතේ කෙනෙක් කරන්න හිතන්නෙවත් නැති දේවල් මේ අය හරිම පහසුවෙන් කරන බව ඒ දිහා බලාගෙන ඉද්දී තේරුම් යනවා.. ඒ හන්දා මේ මරණ පරීක්ෂණ වාර්ථාවල තියෙන එක දෙයක් සමහර විට අපිට හෝඩුවාවල් වලින් බැහැර කරන්න වෙනවා සිම්රන්.."

" ඒ මොකද්ද එරිකෝ?"

" මේ දෙන්නගෙම මරණය වෙන්න කලින් ඔවුන් වැඩි වශයෙන් ලිංගිකත්වයට යොමු වුනා කියන එක.. මොකද ඒක ඔවුන්ගේ වෘතිය නිසා.. හැබැයි කොහොම වුනත් ඒක බැහැර කරන්න නම් අපිට මිස් ලෝව්සන්ගෙන් දැන ගන්න කරුණු ගොඩක් වැදගත් වේවි.."

" ඒත් එරිකෝ කවුරු හරි මේ දෙන්නම මරන්න කලින් මේ දෙන්නටම මත්ද්‍රව්‍ය දීලා ඔවුන් එක්ක අයුතු විදිහට ලිංගිකව එකතු වුනා කියන දේ අපිට හිතන්න බැරිද?"

" සිම්රන් හිතපු දේ මම අගය කරනවා.. ඒත් සිම්රන් මෙතනදි මතක තියා ගන්න අපි මෙතනදි කතා කරන්නේ අභිසරුලියක් ගැන කියන එක.. තමන්ගේ කැමැත්තෙන්ම ඒ වගේ දෙයක් ලබාගන්න හොදටම ඉඩකඩ තියෙද්දී ඔය කියන විදිහේ දෙයක් වුනා කියන එක අපිට ටිකක් හිතන්න අමාරුයි.. හැබැයි එහෙම වෙන්න පුළුවන් පුංචි ඉඩකුත් තියෙනවා.. ඒක ගැන හරියටම කියන්නනම් අපිට මිස් ලෝව්සන් එක්ක කතා කරන එක ගොඩක් වැදගත් වේවි.."

" අපි එහෙනම් ඒකට තවත් ප්‍රමාද වෙන්න වුවමනා නැහැ නේද එරිකෝ?"

" ඔවු සිම්රන්.. තවත් කල් නොගෙන අපි යමු.. අද දවස ගොඩක් වෙහෙසකර එකක්  වේවි.."

ලන්ඩන් නගරයේ අතුරු පාරවල් කිහිපයක් අතරින් ගමන් කල ඔවුන්ට සමාජශාලාව සොයාගැනීම එතරම්ම අපහසු කාර්යයක් නොවීය.. උදෑසන නමය පමණ විට එහි ලගා වුන ඔවුන් ප්‍රධාන ආරක්ෂකයාගේ අවසරයෙන් එයට ඇතුළු වූ ඔවුන්ට පාළුවි ගිය එහි ඇතුලත මැවුනේ බොහෝ අප්‍රසන්න ගතියකි..

" තාම පිරිසිදු කරන අය ඇවිත් නැහැ සර්.. පාන්දර වෙනකන් මෙතන වෙන දේවල් හැටියට උදේට මේ වගේ තත්වයක් තියෙන එක පුදුමයක් නෙමෙයි.."

එයට පිළිතුරක් දීමටවත් උත්සාහ නොකල එරිකෝ ආරක්ෂක නිළධාරියාගේ මගපෙන්වීමෙන් ඉහල මාලයට ගමන් කලේ ලෝව්සන් හමුවී කතා කිරීමේ අරමුණිනි.. ඈ නැවති සිටි කාමරයේ දොරට කිහිපවරක්ම තට්ටු කරද්දී  නින්දෙන් අවදි වුන ඇය ඔවුන්ට දොර විවර කලේ රාත්‍රියේ නිදාසිටි අයුරින්ම අඩ නිරුවතින්ම බව ඈට මතක් වූයේ දොර අසලම එරිකෝත් සිම්රනුත් හිදිනු දැකිමෙනි..

" මට සමාවෙන්න මිස්‍ටර් එරිකෝ.. ඇතුලට එන්න.. මම ඉක්මනින්ම ලෑස්ති වෙලා එන්නම්.."

අපිළිවෙලට බඩු දමා තිබු කාමරය තුලින් බොහොම සැර මත්පැන් සුවදක් එක දිගටම දැනෙන්නට වූයෙන් වසා දමා තිබු ජනෙල් පියන් කිහිපයක් විවර කල එරිකෝ හිරු එළියක් කාමරය තුලට වැටෙන්නට සැලැස්සූයේ එහි රැදී සිටීම ඈට හුරු වුවත් තමන්ටත් සිම්රන්ටත් එය තරමක් අපහසුවක් බව දැනුන නිසාවෙන්ය.. වැඩි කාලයක් නොගෙවාම කෙටි ඇදුමකින් සැරසුන ඇය ඔවුන් ඉදිරියේ වූ අසුනක් මත හිදගත්තේ මලානිකව පෙනුන ඇගේ පෙනුමෙහි කිසිදු වෙනසක් නොවීය..

" තවත් වෙහෙසකර රාත්‍රියක් නේද මිස් ලෝව්සන්?"

" මේක ඒ තරම්ම නුපුරුදු දෙයක් නෙමෙයි මිස්ටර් එරිකෝ.. ඒත්, මේ සිද්ද වුන දේවල් එක්ක මානසිකව හැමදෙයක්ම බලපාන විදිහයි වෙනස්.. ඔබට මගේ මිතුරියන් දෙදෙනා ගැන අළුතින් යමක් දැන ගන්න ලැබුනද?"

" ඔවු මිස් ලෝව්සන්.. හැබැයි ඒ දේවල් තහවුරු කරන්න වෙන්නේ ඔබටයි.."

" ඕනම දෙයක් අහන්න මිස්ටර් එරිකෝ.."

" මිස් ලෝව්සන් ඔබේ මිතුරියන් දෙන්නා කොකේන් පාවිච්චි කරන බව දන්නවද?"

" පෞද්ගලිකවනම් නැහැ.. හැබැයි සමහර රූගත කිරීම් වලදිනම් ටිකක් විතර කොකේන් ගන්න බව මම අහලා තියෙනවා.."

" ඒ මොන වගේ වෙලාවටද?"

" මිස්ටර් එරිකෝ සමහරවිට ඔබ නොදන්නවා ඇති.. අපි කරන සමහර රූගත කිරීම් වලදි අපිට ගොඩක් සීමාවලින් එහාට යන්න වෙන වෙලාවන් එනවා.. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ඉන්නේ එක පිරිමියෙක් එක්ක විතරක්ම නෙමෙයි.. සාශාත් ජාඩාත් ඒ වගේ රූගත් කිරීම් ගොඩක් කරලා තියෙන අය.. ඒ වලදි මම අහලා තියෙන විදිහට නම් සාශා හැම වෙලාවකම වගේ කොකේන් අර ගන්නවා.."

" එතකොට ජාඩා?"

" ඇය එහෙම කොකේන් අරගන්නවා කියලා මම අහලා නම් නැහැ.. නමුත් ඇයත් රූගතකිරීම් වලට කලින් කොකේන් අර ගන්නවාද කියන ර්ක මම හරියටම කියන්න දන්නේ නැහැ මිස්ටර් එරිකෝ.. ඇයි ඔබ ඒ ගැන මේ විදිහට අහන්නේ?"

" සමහරවිට ඔබ නොදන්නවා ඇති මිස් ලෝව්සන්, අපිට ඔබේ මිතුරියන් දෙන්නගෙම මරණ පරීක්ෂණ වලදී ඔවුන් දැඩි ලෙස කොකේන් අරගෙන හිටියා කියලා සදහන් වෙලා තිබුනා.."

" ඒකනම් මම හිතන්නේ නැහැ මිස්ටර් එරිකෝ.. මොකද මේ වගේ රාත්‍රී සංදර්ශණ වලදි ඔවුන් කොහෙත්ම කොකේන් පාවිච්චි කරාවි කියලා මම හිතන්නේ නෑ.."

" හරි, මම කැමතියි ඔබෙන් මේ සංචාරයේ ගිවිසුම ගැන යමක් දැන ගන්න.. ඒකේ රාත්‍රී නර්ථන සංදර්ශණයට අමතරව ලිංගිකත්වය ගැනත් එකගතාවන් තිබුනද?"

" මෙහෙමයි මිස්ටර් එරිකෝ.. ඒ ගැන ලිඛිතව ගිවිසුමකට ආවේ නැති වුනත් එහෙම දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්.. ගොඩක් වෙලාවට අපිට සංචාරයට කැදවන අනුග්‍රාහකයන්ගේ වුවමනාවන් සපුරන්න වෙනවා.. ඊට පස්සේ සමාජශාලා හිමියන්ට.. ඊටත් පස්සේ එවෙලේ අපිව දැකලා අපි වෙනුවෙන් ඕනම ගානක් වියදම් කරන්න කැමතිවෙන ප්‍රේක්ශකයෝ ඉන්නවා.. ඒ අය අපිට ඕනම ගානක් දෙන්න කැමති වෙන නිසා ඒ වගේ අවස්ථාවල් අපි මග හරින්න කැමති වෙන්නෙත් නැහැ.."

"  ඒ යෝජනා වලට ඔබලා විරුද්ධ වුනොත්?"

" මම හිතන්නේ නැහැ කවුරුවත් ඒ යෝජනා වලට විරුද්ධ වෙයි කියලා.. හැබැයි ඒ කා එක්ක ඉන්න කැමති වුනත් ඒක අපේ කළමණාකාරවරයට දන්වන එක අපේ පුරුද්දක්.."

" ඇයි එහෙම කරන්නේ? ඒක අනිවාර්‍යම දෙයක්ද?"

" නැහැ.. අපි ඒ දේ කරන්නේ ගොඩක් වෙලාවට අපේ ආරක්ෂාවට.. මොකද රූගත කිරීමකදී වගේ ආරක්ෂාවක් ඒ වෙලාවට අපිට නෑ කියන එක අපි දන්නවා.."

" හරි එහෙනම් ඔබේ කළමණාකරු එක්ක කතා කරන එක අපිට වැදගත් වේවි.. ඒ අතරේ අපි කැමතියි ඔබ අපිව ඔබේ මිතුරියන් දෙදෙනා අවසන් වරට දැක්ක තැනට එක්කන් යන්න පුළුවන්නම්.."

" ඔවු පුළුවන්.."

ඇයගේ මගපෙන්විමත් සමග කාමරයෙන් පිටවුන ඔවුන් පහල මාලයේ සමාජශාලාවට යාබදව තිබූ මද්‍යම ප්‍රමාණයේ කාමරය වෙතට ගියත් එය දෙවතවක්ම අපරාධයක් වුන තැනක් ලෙස නොසලකා සුපුරුදු ලෙසම ප්‍රයෝජනයට ගෙන තිබීම එරිකෝගේ හිතේ මතු කලේ අසතුටකි.. නිරූපිකාවන්ගේ අදුම් සහ ඔවුන් යොදාගන්නා නොයෙකුත් උපකරණ හැරෙන්නට එහි වැදගත් වන යමන් නොතිබුන බව එයට ඇතුළු වී වැඩි වේලාවක් යන්නට මත්තෙන්ම දැක ගන්නට හැකි විය..

" අපිට මෙතනින් අළුතින් යමක් හොයාගන්න ලැබෙන්නේ නැහැ සිම්රන්.. අපි යමු.."

බලාපොරොත්තු කඩ වුන බවක් එරිකෝගේ මුහුණින් පෙනෙන්නට තිබුනත් ඊට කිසිවක් කල නොහැකි බැවු ඔවුන් හොදින්ම දැන සිටියේය.. ඉහල මාලයේ ලෝව්සන් සිටි කාමරට මදක් ඈතින් වන්නට වූ ඔවුන්ගේ කළමණාකරුගේ කාමරයට යන විටත් ඔහු එයින් නික්මෙන්නට සූදානමින් සිටියේය..

" අපි එහෙනම් හොද වෙලාවට ආවේ.. තව ප්‍රමාද වුනානම් අපිට ඔබව මග හැරෙනවා.."

" වික්ටෝරියා, කවුද මේ අය?"

මද වේලාවක් එරිකෝ දෙසත් සිම්රන් දෙසත් බලා වුන් ඔහු ඇයගෙන් ප්‍රශ්ණ කරන්නට වූයේ ඔවුන්ගේ පැමීණිම ඔහුට කරදරයක් බව හඟවමිනි..

" මිස්ටර් විලියම් ගානර්, මම නීතීඥ්ඥ එරිකෝ හන්ටර්.. මේ මගේ සහායිකාව සිම්රන්.. ඒ වගේම මම රහස් පරීක්ෂකයෙක්.. මම කැමතියි ඔබේ අනුග්‍රාහිකාවෝ දෙන්නා ගැන ඔබත් එක්ක ටිකක් කතා කරන්න.."

" මම හිතන්නේ නෑ මට ඔබත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා කියලා.. මේ ගැන හැම පරීක්ෂණයක්ම ලන්ඩන් පොලීසිය බලා ගනීවි.. ඒ ගැන ඔබේ කාලය වෙන් කරන්න වුවමනාවක් වෙන එකක් නැහැ කියලා මම හිතන්නේ.. මම දැනුත් යන්නේ ලන්ඩන් පොලීසියට.. ඔබත් එක්ක කතා කරන්න ප්‍රමාද වෙනවට වැඩිය මම එතනට යන එක වඩා වැදගත් කියලයි මම හිතන්නේ.."

" මගේ උපකල්පනය හරිනම් ඔබට වෝල්ටර් එන්න කියනේ පරීක්ෂණ වලට මට සහාය දෙන්න කියලා කියන්න.. ඉතින් ඔබ පොලීසියටම ගිහින් ඒ ගැන දැන ගන්න කාලය මගේ පරීක්ෂන වලට සහාය දෙන්න යොදවන්න පුළුවන්නම් මම ඒ ගැන හුඟක් සතුටු වෙනවා.."

ඔහුගේ මුහුණේ මැවුන හැඟීම හරි හැටි තේරුම් ගන්නට නොහැකි වුවත් පාරාජික හැගීම ඔහුගෙන් හොදින්ම පෙනෙන්නට විය.. කිසිවක් කියාගත නොහැවූ ඔහු දොර අසලම වූ බිත්තියට හේත්තු වී ඔවුන් දෙස මොහොතක් බලා සිටියේය..

" ඔබට මොනවද මගෙන් දැන ගන්න ඕන?"

" ඔබේ අනුග්‍රාහිකාවෝ දෙන්නා කොකේන් වලට ඇබ්බැහිවුන අයද?"

" සමහර වෙලාවට චිත්‍රපටි වලදි කොකේන් ගන්නවා.. ඒ ඇරෙන්න නම් නැහැ.."

" මේ වගේ සංදර්ශණ වලට ආවම?"

" නැහැ කොහෙත්ම නැහැ.."

" මේ ගෙවුන සති දෙකේ සංදර්ශණ ඇරුනම ඔවුන් කරපු හමුවුන අය ගැන විස්තර ඔබ දන්නවද?"

" ඔවු.. ඒ හැම දෙයක් ගැනම ඔවුන් මට කියනවා.. ඒ හමුවීම් කොයිවගේද කියලා මම ඔබට අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ.."

" ඔවු මම දන්නවා.. ඒත් මම කැමති ඒ හමුවුන අය ගැන සටහනක් ඔවුන්ගේ නම්, හමුවුන වෙලාවල් එක්ක ඔබට මට දෙන්න පුළුවන්නම්.."

ඔහුගේ කාමරයට යලිත් පිවිස කාමරයේ එක් කෙලවරක තිබූ දින පොතක් පෙරළමින් විනාඩි කීපයක් ගත කල ඔහු යලිත් කාමරයෙන් පිටතට ආවේ දිනපොතෙන් උපුටාගත් විස්තර ලියූ කොලයක්ද සමගිනි..

" මෙතන තියෙනවා ඔවුන් මට කියපු දේවල් වල තොරතුරු.. හැබැයි මට නොකියපු දේවල් තියෙනවද කියන්න මම දන්නේ නැහැ.."

" හොදයි.. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. ඔබට ගොඩක් ස්තූතියි.."

ඔහුගෙන් සමුගෙන නැවත වතාවක් සමාජශාලාවට ආ එරිකෝ එහි තැබෑරුමෙන් ඔවුන් දෙදෙනාටම කොක්ටේල් එකක් ඇනවුම් කරමින් විලියම් ගානර් විසින් තමන් අතට ලබා දුන් ලැයිස්තුව පිළිවෙලින් පරීක්ෂා කරන්නට විය.. එරිකෝ ඒ සදහා ගත කල කාලය පුරාවටම සිම්රන් සමාජශාලාවේ අවට දෙස හොදින් නිරීක්ෂණයක  යෙදුනේය.. සමාජශාලාවට පැමිණ ගත වූයේ පැය දෙකකට කිට්ටු කාලයක් බව ඇයට හොදින්ම මතකයේ රැදී තිබුනාය..  ඒ තරතුර කලයේ එය පැමිනෙද්දී තිබුනාට වඩා හොදින් පිරිසිදු කර ඇති බව ඇගේ නෙත් ඉදිරියේ පෙනෙන්නට තිබුනි..

" එරිකෝ, ඔයාට බාදාවක් නෙමෙයි නම් මම දෙයක් කියන්නද?"

" ඔවු කියන්න සිම්රන්.."

" එරිකෝ බලන්න මේ අවට දිහා.. අපි මෙතනට ඇවිත් ඒ තරම්ම වෙලාවක් ගතවුනේ නෑ.. ඒත් අපි එද්දීට වඩා හැම අතකින්ම මෙතන හොදටම පිරිසිදු වෙලා.. මට හිතෙනවා මේ දෙයම මරණයන් වෙලා හමුවුන තරුණියන් හිටිය කාමර වලටත් වෙන්න ඇති කියලා.."

" සිම්රන්ගේ නිරීක්ෂණය ගැන මම ඇත්තටම සතුටු වෙනවා.. ඒකම නිසා තමයි මම ඔවුන්ගේ කාමර වල වැඩි කාලයක් ගත නොකරම ආයෙම එන්න ආවේ.. මොකද ඒවායෙන් අපිට දැන් අළුතින් හොයා ගන්න යමක් නැති නිසා.."

" එහෙමනම් අපිට මේකේ පොඩිම හරි සැකයක් සමාජශාලාව පිරිසිදු කරන අය ගැනත් තියා ගන්න පුළුවන් නේද?"

" පුළුවන්, ඒත් මම හිතන්නේ සැකයකට වැඩිය අපිට වැදගත් තොරතුරු ටිකක් ඔවුන් එක්ක කතාබහ කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියලා.."

"  ඔය ලැයිස්තුවේ වැදගත් යමක් නැද්ද එරිකෝ?"

" ඔවුන් හමුවුන හැම කෙනෙක් ගැනම විස්තරනම් මේකේ තියෙනවා.. ඒත් ඔවුන්ගේ මරණයන් වුන කාලය එක්ක බලද්දී මේ දෙන්නගෙන් කවුරුවත් කාවවත්ම මුණ ගැහිලා නෑ.. හැබැයි ඒ මේ සටහනේ විදිහට.. මේකේ සටහන් නොවී ඔවුන් කාව හරි මුණගැහුනද කියන එක නම් අපිට ගැටළුවක්.."

" අපිට ඒ ගැන තොරතුරක් දැන ගන්න පුළුවන් විදිහක් ඇත්තෙම නැද්ද?"

"අපි උත්සාහ කරලා බලමු.. තව ටිකකින් මේ සමාගශාලාවේ කළමණාකරු ඒවි අපිව මුණ ගැහෙන්න.. අපිට ඔහුගෙන් තමයි එහෙම දෙයක් ගැන තොරතුරක් තියෙනවනම් දැන ගන්න වෙන්නේ.."

සමාජශාලාවේ වැඩ කටයුතු දෙස නිරීක්ෂණය කරමින් තවත් අඩ හෝරාවක් පමණ ගෙවා දැමු ඔවුන් අපේක්ෂාවෙන් සිටි එහි කළමණාකරු ඔවුන් හමුවට පැමිණියේ බොහෝ ප්‍රමාද වී නිසා ඒ ගැන එරිකෝගේ හිතේ තිබුනේ නොරිස්සුම් ගතියකි.. ඔහුත් සමගම පියවර කිහිපයක් පිටිපසින් පැමිණි තරුණිය වික්ටෝරියාගේ අනික් මිතුරිය සෙලීනා විය හැකි බව ඈ හැද සිටි ඇදුම් වලින් සහ ඇගේ හැසිරීමෙන් තේරුම් ගන්නට එතරම්ම අපහසුවක් නොවීය..

" සමාවෙන්න මිස්ටර් එර්කෝ.. ටිකක් ප්‍රමාද වුනා.. මම රසල් බෙනට්.. මේ සමාජශලාවේ කළමණාකරු.."

" මේ වගේ පරීක්ෂණයක් වෙලාවට ප්‍රමාද වීම අනුමත කරන්න බැරි වුනත් ඔබේ ප්‍රමාදයට හේතුව හිතා ගන්න එක මට ඒ තරම්ම අපහසුවක් නෙමෙයි..  ඒ කොහොම වුනත් මම කැමති කෙලින්ම අදාල කාරණාවට යන්න.."

" ඔවු මිස්ටර් එරිකෝ.."

" මේ තරුණියන් දෙන්නගේ මරණයන් වුන දවස් ඔබට හොදින් මතක ඇති.. එදා වෙනදට වැඩිය විශේෂ යමක් සිද්ද වුනාද?"

" ඇත්තටම එදා මේ සමාජශාලාවට වෙනදට වැඩිය විශේෂ දවසක්.. ඔවුන් සංදර්ශණයන් කරපු දවස් කීපයම ඒ වගේ.. ඇමරිකාවේ ඔවුන්ට තිබුන ජනප්‍රියත්වය නිසා වගේම අන්තර්ජාලය නිසා ඔවුන්ගේ චිත්‍රපටි දැකපු ගොඩක් දෙනෙක් ලන්ඩන් වල හිටපු නිසාම ඔවුන් මෙහි ආව දවස් කීපයේ සමාජශාලාවේ තිබුනේ වෙනදට වැඩිය ලොකු තදබදයක්.. ඇත්තටම ඒක අපි බලාපොරොත්තු වුන ප්‍රමාණයටත් වැඩියි.. ඒත් ව්‍යාපාරික වශයෙන් ඒක ගොඩක් ලොකු ලාභයක් නිසා අපි ඒ වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක්ම කලා.. ඇමරිකාවෙන් ආව අපේ තරුණියන්ට තිබුනේ ස්ට්‍රිප් ඩාන්ස් කරන්න විතරයි.. ඒකට ඒ හතර දෙනාටම පැය ගානේ වෙන් වුන වෙන වෙනම එලාවන් අපි කලින් ඉදලම සූදානම් කරලා වෙන් කරලයි තිබුනේ.. සාශාගේ අවාසනාවන්ත මරණය වෙනකන් මේ හැම දෙයක්ම හොදින් සිද්ද වුනා.."

" ඔබ ඔවුන්ට සංදර්ශනයට කලින් කොකේන් ලබා දුන්නද? ඒ ගැන මේ තරුණියන් දෙන්නගෙන් කවුරු හරි ඉල්ලීමක් කලාද?"

" කොකේන්? කොහෙත්ම නැහැ.. ඒ ගැන කවුරුවත්ම වගේ ඉල්ලීමක් කලෙත් නැහැ.. එහෙම ඉල්ලීමක් නොකරපු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.. මොකද එහෙම ඉල්ලීමක් කලානම් මට ඒක ප්‍රතික්ශේප කරන්න වෙනවා.. මේ සමාජශාලාවේ ඇතුලත් කිසිම විදිහකින් මත්කුඩක් අලෙවි කරන්නවත් පාවිච්චි කරන්නවත් බැහැ.. ඒ ගැන තියෙන නීතිමය ලියවිලි මම ඔබට පෙන්වන්නම්.."

" පිටතින් එන කෙනෙක් අරගෙන ආවොත්?"

" මෙතනට ඇතුළු වෙන හැම කෙනෙක්වම හොදට පරීක්ෂා කරලා බලලයි ඇතුළට අර ගන්නේ.. ඒ හන්දා ගොඩක් වෙලාවට එහෙම කවුරුහරි කෙනෙක් පිටතින් අරන් එන්න උත්සාහ කරනවනම් ඒක අපේ ආරක්ෂක නිළධාරින්ගේ බාරයට ගන්නවා.. හැබයි මත්ද්‍රව්‍ය මෙතනට එන්න කලින් පාවිච්චි කරපු අය නම් හරියට තෝරාගන්න අමාරු වෙන වෙලාවල් එනවා.."

" මරණ පරීක්ෂණ වාර්ථාවේ සදහන් වෙලා තිබුනේ මේ දෙන්නගේම මරණයන් වෙන්න කලින් ඔවුන් කීපදෙනෙක් එක්කම ලිංගිකව එකතුවෙලා ඉදලා තියෙනවා කියන එක.. ඒ ගැන ඔබට කියන්න යමක් තියෙනවද?"

" සමාජශාලාවේ ඇතුලතදිනම් එහෙම දෙයක් වෙන්නේ නෑ කියන එක මම ඔබට සහතික වෙන්නම්.. හැබැයි සංදර්ශණ වෙලාවන් වලට කලින් හෝ පස්සේ හෝ ඔවුන් කා එක්ක ඉන්නවාද කියන එක මට වැදගත් නොවෙන හන්දා ඒ ගැන මම සොයා බලන්න යන්නේ නැහැ.."

" සංදර්ශණ නැති වෙලාවට ඔවුන් කාවද හමුවුනේ කියන එක ගැනනම් වාර්ථාවක් අපි ලග තියෙනවා.. එතන ඔබේ නමත් තියෙනවා.. ඒක අපිට පසුවට වැදගත් වේවි.. මට තව කාරණයක් දැන ගන්න ඕන.. මේ මරණ දෙකම වුනේ එකම තැනකදි.. එහෙම වෙලත් ඇයි ඔබ ඒ කාමර වසා දමන්න තීරණය නොකර ඒවා පිරිසිදු කරලා ආයෙම නිරූපිකාවන්ට බාර දුන්නේ.. ඒකෙන් වැදගත් හෝඩුවාවල් ගොඩක් නැති වුනා කියන එක ඔබ පිළිගන්නවද?"

" මම ඒ දේ කලේ ලන්ඩන් පොළිසියේ අවසර ඇතුව.. මොකද අපි සැළසුම් කරන් හිටපු විදිහට ඊළග දවස් කීපයෙත් සංදර්ශණය කරන්න අපිට සිද්ද වුනා.. එහෙම නැත්නම් ඒක අපිට ලොකු පාඩුවක්.. අනික මේ සමාජශාලාවේ නිරූපිකාවන්ට එයාලගේ සූදානම් වීම් වලට වෙන් වෙලා තිබුනේ මේ කාමරය විතරයි.. ඉතින් එදා සවස් වෙනකම්ම පොලීසිය එයාලගේ රාජකාරිය කලාට පස්සේ ඒ ඉල්ලිම කරන්න අපිට සිද්ද වුනා.."

" එහෙනම් මම කලින් හිතාගෙන හිටපු විදිහට පිරිසිදු කරන අය එක්ක කතා කරන එක තේරුමක් නැති දෙයක්.. මොකද අන්තිම මොහොතේ ඔවුන් මෙතන කිසිම දෙයක් ගැන වුවමනාවෙන් බලන්නේ නැහැ කියන එක මට විශ්වාසයි.."

" වෙන්න පුළුවන් මිස්ටර් එරිකෝ.. ඔබට වෙන අපහසුතාවය මට තේරෙනවා.. ඒත් අපේ පැත්තෙන් ව්‍යාපාර ගැනත් හිතන්න ඕන.."

" ඔබට ගොඩක් ස්තූතියි මිස්ටර් බෙනට්.. සාශාගේ පෞද්ගලික කළමණාකරු ආයේ ඔහුගේ කාමරයට ආව ගමන් මට දැනුම් දෙන්න.. මට ඔහුගෙන් දැන ගන්න කාරණා කීපයක් තියෙනවා.."

" ඇයි ඔහු කොහේ ගිහින්ද?"

" මම හිතුවා ඒ ගැන මිස්ටර් බෙනට් දන්නවා ඇති කියලා.. ඊයේ රාත්‍රියේ ඉදන් ඔහු කාමරයේ නැහැ කියලා මට ඔබේ ආරක්ශකයන් කිවුවේ.."

" ඒක වෙන්න බැහැ මිස්ටර් එරිකෝ.. මිස්ටර් මැක්මිලන් එහෙම ගමනක් ගැන මාත් එක්ක කියලා නැහැ.. නමුත් මම ඒ ගැන සොයා බලලා ඔබට ඉක්මනින්ම පණිවිඩයක් ලබා දෙන්නම්.."

සමාජශාලාව තුල තවත් විමසීමට යමක් නොතිබුන නිසාම එයින් පිටත්වුන එරිකෝත් සිම්රනුත් යලිත් නිවස වෙතට ආවත් විසදාගත නොහැකි බොහෝමයක් දේවල් ඔවුන්ගේ සිත්වල ඉතුරු වී තිබුන බව හොදින්ම පෙනෙන්නට විය..














18 comments:

  1. එහෙනං තවත් ටිකක් බලන් ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් තියෙන්නේ.. ඒ හන්දා අවුලක් නැති වෙයි..

      Delete
  2. කුතුහලය හොදටම අවුස්සනවා..ටෙලිනාට්‍යක හොදම හරිය යනකොට මතු සම්බන්දයි කියනවා වගේ..ඉක්මනටම ඉතිරිය දාන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනේ ඉතින්.. පොඩි ගතියක් තියෙන්නේ එතකොටනේ..

      Delete
  3. ඔහේ පලයන්......... මේකේ කොටස් ගොඩක් මග ඇරිලනේ.. ඒවත් කියවන්නම්..

    ReplyDelete
    Replies
    1. වැඩිය නෑ.. හෙමීට කියවන් එන්නෝ..

      Delete
  4. මොකද්ද බන්... කතාවක් කියවද්දි... ඔක්කොම ටික දාපන්කො....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දාන්න බෑ බං එක පාරම.. අන්තිම කියවන්න බස් එකක් අරන් යන්න වෙයි.. එච්චර දිගයි..

      Delete
  5. මේ වගේ ක්‍රියා නීති විරෝධියි අයියකෝ මෙච්චර ටිකක් ලියල නවත්වන්නේ රෙද්ද මල පනිනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් බොල.. ඔක්කොම දැම්මනම් කියවන්න එපා වෙනවා බං.. මම පොත ගැහුවම අරන් එක පාර කියවපං..

      Delete
  6. රහස් පරීක්ෂණය කරගෙන යන හැටි හරිම අපූරුයි දිනේශ්. අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ඉතින් තියෙන්නේ මට තමයි කියලයි කියන්න වෙන්නේ.. මොකෝ ඉතින් මමනේ ලියන්නේ.. ;)

      Delete
  7. අද තමයි කොටස් දෙක ම කියෙව්වේ. එකට දාන්නකෝ අෆ්‍ෆා ඉතුරු කොටසත්. අපිට ඉතින් බලාගෙන ඉඳලා පුරුද්දක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න දරුවා ඉවසන්න..

      Delete
  8. සෑහෙන කාලෙකින් එරිකෝ කියවන්නේ... පරණ ඒවා හොයාගෙන කියවන්න ඕන!

    ReplyDelete
    Replies
    1. ලහිරු අයියව දැක්ක කල්.. හරියෝ.. හෙමීට බලන්න..

      Delete
  9. නියමයි....වර්ණ.....නියමයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.. එදා දුන්න උපදෙස ඊලග කතා මාලාවේ ඉදන් වෙනස් වෙයි.. ගොඩක් ස්තූතියි..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්