Monday, 7 October 2013

නිරුවත් රූමතියෝ - The Courtezan Killer 1




ඇද හැලෙමින් තිබුන පොද වැස්ස මහා වැස්සක් වන්නට වැඩි කාලයක් ගත  නොවිනි.. විවර කර දමා තිබුන ජනෙල් පියන් අතරින් හිරිකඩ පෙරටත් වැඩියෙන් තම කර්‍යාල කාමරය තුලට එනු දැනුන එරිකෝ පරිඝණකය පසෙකලා ජනේලය දෙසට ඇවිදන් ගියේ එය වසා දැමිමේ අරමූණිනි.. මාවත ඈත කෙලවරින් වැස්සටත් හමමින් තිබුන තද සුළගටත් මුවාවෙමින් නිවස දෙසට එමින් සිටි සිම්රන් දෙස එරිකෝ බලා සිටියේ හැම දෙයක් ගැනම හිත මොහොතකට අමතක කරවමිනි..  මිනිත්තු කිහිපයක් ගත වත්ම එරිකෝගේ නිවසේ සීනුව නාද වුනේ ඇය පැමිණි බව හගවමිනි.. කාර්‍යාල කාමරයේ ජනේලය වසා දැමු එරිකෝ ඉදිරි පස දොර වෙතට එත්ම අඩක් විවර වුන දොරින් වැසි දියෙන් තෙමී සිටි සිම්රන් දුටු එරිකෝගේ මුවගට සිනහවක් නැගුනේ ආයාසයෙනි..

" හිනා නෙමෙයි මට මේ වතුර පිටින් ගෙට එන්න බෑ.. මට මොකක් හරි ඇදුමක් දෙන්න.."

" ඔයාට ගැලපෙන ඇදුම් කොහෙන්ද සිම්රන් මෙහේ? මගේ කඹායක් ඕනි නම් දෙන්නම්.."

" ඇයි උඩ තට්ටුවේ ඔයාගේ අම්මගේ ඇදුම් තියෙන්නේ.. මම දවසක් ඒවා දැක්කා.. දැනට මට ගෙට එන්න මොකක් හරි දෙන්න.. මම මට ගැලපෙන එකක් අම්මගේ ඇදුම් වලින් තෝර ගන්නම්.."

එරිකෝගේ මුවගට සිනහවක් නැගුනේ නිරායාසයෙනි.. ඇගේ අතෙහි වූ බාගෙට තෙමී ගිය පොත් පත් අතට ගත් එරිකෝ දොර අසලම තිබූ කඹා රදවනයෙන් ඔහුගේ කඹායක් ඈට දුන්නේ ඇගේ ගතෙන් බේරෙමින් තිබුන වතුර බිදු මොහොතකට හෝ නවතාලීමේ අරමුණිනි.. කඹාය ඇගට තුරුළු කර ගත් ඇය යාන්තමින් ගතෙන්  වැටුන දිය බිදු අතරින් උඩු මහලට දිව යන දෙස එරිකෝ මොහොතක් බලාගෙන සිට තම කාර්‍යාල කාමරය වෙතට ගොස් ඈ එන තුරු ඔවුන්ට සුපුරුදු අසුන් වලම හිදගෙන උණුසුම් තේ කෝප්පයක් සූදානම් කරමින් සිටියේය..

ඈ කැමතිම අයුරින් තේ කෝප්පයක් සකසමින් මග බලා සිටි එරිකෝට බාදා කරමින් නිවසේ සීනුව නාද වීම ඔහුට නොරිස්සුවේය.. අකමැත්තෙන් මෙන් නිවසේ දොර විවර කල එරිකෝ ඇස් අදහාගත නොහැකි මෙන් දොර අසළ වුන් ඈ දෙස විනාඩියක් දෙකක් බලාගෙන හිටියේ කිසිවක්ම නොකියමිනි.. සරාගී පෙනුමකින් යුතු වූ ඇගෙන් දෑස් ඉවතට ගැන්මට එරිකෝට නුපුළුවන් විය.. ස්භාවික නොවුනත් ඇයට රිසි ලෙස සැකසූ කොණ්ඩය ඇගේ සරාගී බව තවත් වැඩි කරන්නට සමත් වූවාය.. ඇගට තද වෙන්නම ඈ හැද සිටි ඇදුමින් ඔපවත් වුන සිහින් සිරුර ඈට ගෙනදුන් අපූර්වත්වය ගැන සිතන්නට වුවමනා තරම්වත් වේලාවක් එරිකෝට ලබා නොදුන් ඇය, ඈ දෙසමබලා වුන් එරිකෝ ඇමතුවේ ඔහු දොර විවර කල විනාඩි පහක්වත් ගතවූවාට පසුවය..

" මේ මිස්ටර් එරිකෝ හන්ටර් වෙන්න ඇති?"

" ඔවු.."

" මට ඔබ හමුවෙලා විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා.. මම හිතනවා ඔබට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලය ඇති කියලා.."

" ඔවු පුළුවනි.. එන්න ඇතුලට.."

ඇයව නිවස තුලට පිළිගත් එරිකෝ තම කාර්‍යාල කාමරය වෙතට ඈව කැදවාගෙන ගොස් ඈට හිද ගන්නට අසුනක් පිළිගන්වමින් ඔහුට හුරුපුරුදු දිගු පුටුව මත හිදගත් එරිකෝ ඇගේ කතාවට ඇහුම් කම් දීමට සූදානම් වූවේය..

" ඔබ මාව හදුනනවාද නැද්ද කියන දේ මම හරියටම දන්නේ නැහැ.. මගේ නම වික්ටෝරියා ලෝව්සන්.. මම අභිසරුලියක්.. සති දෙකකට කලින් මම ලන්ඩන් වලට ආවේ රාත්‍රී සමාජශාලා කීපයකම සංදර්ශණ සදහා ලැබුන ආරාධනාවකට.. යුරෝපය පුරා වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි බෙදාහරින ප්‍රමුඛ සමාගමක් තමයි මේ සංචාරය සැළසුම් කලේ.. ගිවිසුමට අනුව මට සංචාර්යට තිබුනේ සතියක කාලයක් පමණයි.. ඒත් බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙලකට සිරවුන හන්දම දැන් තවත් සතියක් ගෙවෙන තුරුමත් මම ලන්ඩන් වලම රැදිලා.."

" ඒ මොනවද මිස් ලෝව්සන්?"

ඇය කතාව මොහොතකට නතර කල අතර තුර එරිකෝ ඇයට කතාව දිගටම කතාව කරගෙන යාමට පොළඹවමින් ඇගේ නිහැඩියාවට බාදා කලේ ඇගේ ගැටළුව දැන ගැනීමට ඔහු තුල වූ උනන්දුව නිසාවෙන්ය..

" මම මේ සංචාරයට ආවේ තනියම නෙමෙයි.. මාත් එක්ක මේ ක්ශේත්‍රයේ තවත් මිතුරියෝ තුන්දෙනෙකුත් ආවා.. මුල් දවස් දෙකේ හැම දෙයක්ම හොදින් තිබුනා.. රාත්‍රී සමාජශාලා වල සංදර්ශණ වලට හුඟක් සෙනග ඇවිත් හිටියා.. ඒ ගැන සංවිදායකයොත් හිටියේ හුඟක් සතුටින්.. ඒත් තුන්වෙනි දවසේ අපිට අහන්න ලැබුනේ අපි කොහොමවත්ම බලාපොරොත්තු නොවුන විදිහේ ආරංචියක්.. ඒ මේ සංචාරයට ආව එක් නිරූපිකාවක් සමාජශාලාවෙන් ඇයට ලබා දීලා තිබුන පෞද්ගලික කාමරයෙදි බොහොම අමානුශීය විදිහට මරා දාලා තිබුනා..ඒ තරම් කුරිරු දෙයක් කවදාවත් දකින්න ලැබෙයි කියලා මම මගේ ජීවිතේ කවදාවත්ම බලාපොරොත්තු වුනේ නෑ.."

මොහොතකට කතාව නැවතු ඇය, දෙනෙතින් ගලා ගිය කඳුළු බිදු පිසලන්නට සුළු වේලාවක් වෙන් කරද්දී ඒ දෙස සන්සුන්ව බලා සිටි එරිකෝ ඈට වුවමනා කාලය ඇය ලබා දෙමින් බලා සිටියේ ඇගේ කතාව යලි අරඹන තුරුය..

" ඔබේ මිතුරියගේ නම මොකක්ද මිස් ලෝව්සන්?"

" ඇය සාශා ග්‍රේ.. අපි අතර හිටපු හුඟක් ලස්සන වගේම ගොඩාක්ම ජනප්‍රිය කෙනෙක්.. ගොඩක් වෙලාවට සංචාරයන්ට යන්න වැඩියෙන් ඇරයුම් එන්නේ ඇයට.. මේ මම ඇයත් එක්ක ලන්ඩන් ආව තුන් වෙනි වතාව.."

" ඔබේ මිතුරියගේ මරණය වුන හැටි ගැන අපිට විස්තර කරන්න පුළුවන්ද මිස් ලෝව්සන්?"

" පුළුවනි.. මම ඒ සිද්දිය හැම තිස්සෙම මතක් කරන්න අකමැති වුනත් මම ඔබට ඒක විස්තර කරන්නම්.. මම ඇගේ කාමරයට ගියේ ඊලග සංදර්ශණයට ඇය සූදානම්ද කියලා බලන්න.. මොකද අපි දෙන්නටම එකටයි අවසන් සංදර්ශණය කරන්න තිබුනේ.. පාන්දර එකහාමාරට විතර මම ඇයට වෙන් වෙලා තිබුන කාමරයට යද්දී දොර සම්පුර්ණයෙන්ම විවර වෙලයි තිබුනේ.. ඒක ඒ තරම්ම සැලකිය යුතු දෙයක් නොවුන නිසා මම ඇගේ නම කියාගෙනම කාමරයට ඇතුළු වුනා.. ඇය වාඩි වෙලා හිටියේ කණ්නාඩි මේසය ඉස්සරහා.. ඒ වුනත් එක පාරම මම ඇගේ මුහුණ ඇය ඉස්සරහා තිබුණ කණ්නාඩියෙන්වත් දැක්කේ නෑ.. ඒ ඇය කළු පාට වේලයක් දා ගෙන හිටපු නිසා.. මම ඇයට කතා කලත් මට පිළිතුරක් ලැබුනේ නෑ.. මම ලගට යද්දියි දැක්කේ ඇගේ දෑත් වල තැවරුන ලේ පැල්ලම්.. ඒවා ඒ වෙන කොටත් ඇගේ අත් දිගේ ගලා එමිනුයි තිබුනේ.. මට මුකුත් හිතා ගන්න්න බැරි වුනා.. ඇගෙන් කිසිම පිළිතුරක් නැති නිසා මම වේලය අයින් කරලා ඇගේ මුහුණ දිහා බැළුවා.. මට එක පාරම කෑ ගැහුනේ මම කොයිමවිදිහකින්වත් බලාපොරොත්තු නොවුන විදිහට.. ඇගේ මුහුණ පුරාම පිහිහයකින් දරුණු විදිහට කරපු කැපුම් පාරවල් කිහිපයක්ම තිබුනා.. මං හිතන්නේ පහක් විතර.."

" එවෙලේ ඔබත් සමග තවත් කවුරු හරි හිටියද?"

" නැහැ මම විතරයි හිටියේ.."

" ඊට පස්සේ මොකද වුනේ?"

" මම කෑ ගහපු සද්දෙට ඉස්සෙලාම එතනට ආවේ එතන වැඩ කරපු ආරක්ෂක නිළධාරියෙක්.. ඔහුටත් මේ දේ ගැන හිතා ගන්නවත් බැරි වුනා.. ඔහු කෙලින්ම කතා කලේ ආරක්ෂක අංශයේ ප්‍රධානියට.. ඔහුගෙන් ලන්ඩන් පොලීසියට.."

" පොලීසියෙන් මේ ගැන විශේෂ යමක් හොයා ගත්තද?"

" නැහැ.. එහෙම වුනානම් මගේ අනික් මිතුරියටත් මේ දේම වෙන්නේ නෑ.."

" මොනවා?"

" ඔවු මිස්ටර් එරිකෝ.. සාශායි මමයි ඇරුනම මේ සංචාරයට ආව මගේ අනික් මිතුරියන් දෙන්නගෙන් එක්කෙනෙක් මේ වෙද්දි ජීවිතෙන් සමු අරන් ඉවරයි.. මොකක් නමුත් භයානක දෙයක් මෙතන සිද්ද වෙන බව තේරෙනවා.. මේක කරන්නේ කවුරු වුනත් ඊලගට මේ දේ වෙන්න තියෙන්නේ මට හෝ මගේ අනික් යාළුවට වෙන්න බැරි කමක් නෑ.. ඒකයි මම ඔබෙන් උදවු ඉල්ලගෙන ආවේ.."

" එරිකෝ.."

යාන්තමින් වේලි ගිය කෙස් කළඹ පිස දමමින් ඔහුගේ මවගේ දම්පැහැ ගවුමකින් සැරසුන සිම්රන් එරිකෝ කාර්‍යාල කාමරයට එන තුරුම ඇය නිවසෙහි සිටින බවක් ගැන මතකයත් ඔහුගෙන් ඈතට ඇදී ගොස් තිබුනේ අසමින් සිටි කතාව නිසාවෙනි..

" සමාවෙන්න එරිකෝ මම බාදා කලානම්.. මම දැක්කේ නෑ අමුත්තෙක් ඉන්න බව.."

" අහ් ඒකට කමක් නෑ සිම්රන්.. මිස් ලෝව්සන් මේ මගේ සහායිකාව සිම්රන් මල්හෝත්‍රා..  ඇයත් මේ දේවල් දැන ගන්න එක වැදගත් නිසා මම හිතන්නේ නෑ ඇය මෙතන ඉන්න එක ගැන ඔබේ අකමැත්තක් තියේවි කියලා.."

" නැහැ මිස්ටර් එරිකෝ.. ඒකට කමක් නෑ.."

ඇගෙන් ලැබුන අවසරයෙන් එතෙක් ඈ කී හැම දෙයක් ගැනම කෙටියෙන් සිම්රන්ට විස්තර කල එරිකෝ නැවතත් ඇය දෙසට හැරුනේ කතාවේ ඉතිරි කොටස දැන ගැනීමේ අරමුණිනි.. එරිකෝ අසලම පුටුවක හිදගත් සිම්රන්ද ඇයගේ කතාවට සවන් දීමට සූදානම් වූවාය..

" ඔබේ මියගිය අනික් මිතුරිය ගැන ඔබ කියමින් හිටියේ.."

" ඔවු මිස්ටර් එරිකෝ.. ඇගේ නම ජාඩා ස්ටීවන්ස්.. ඇය අපිත් එක්ක එකතු වෙලා තාම වැඩි කාලයක් ගත වුනේ නැහැ.. මේ ඇය අපිත් එක්ක ආව පළවෙනි වතාව.. ඇය මේ ඉරණමට මුහුණ දුන්නේ හරියටම දවස් දෙකකට කලියෙන්.."

" ඇයට සිදුවුනෙත් ඔබේ කලින් මිතුරියට වුන දේමද?"

" ඔවු.. ඇගේ මරණය වෙලා තිබුනෙත් ඒ විදිහටමයි.. කිසිම වෙනසක් නැහැ.."

" ඔබ ඔය කියන සමාජශාලාවේ නම මොකද්ද?"

" කෝකෝ සමාජශාලාව.. මම හිතන්නේ ඔබ දන්නවා ඇති.."

" ඔවු මම ඒ ගැන අහලා තියෙනවා.. ලන්ඩන් කිට්ටුවම මම කිහිපවතාවක්ම මම ඒ නාමපුවරුව දැකලා තියෙනවා.. ලන්ඩන් පොලීසිය දැන් මේ මරණ දෙකම ගැන මොනවද කියන්නේ?"

" කිසිම දෙයක් නැහැ මිස්ටර් එරිකෝ.. මම හිතන්නේ නෑ ඔවුන්ගේ පරීක්ෂණ වලින් කිසිම ප්‍රයෝජනයක් තියේවි කියලා.. අපේ රැකියාව එක්ක ඔවුන් මේ ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ.. අනික ඇමරිකාවේ ඉදන් අපිත් එක්ක මේ සංචාරයට ආව අයගෙන්ම ප්‍රශ්ණ කරනවා ඇරෙන්න ඔවුන් වෙන යමක් ගැන උනන්දුවක් දක්වනවා කියලා පේන්නවත් නැහැ.. ඔවුන් හදන්නේ මේකෙන් ඔවුන්ට වෙන අපකීර්තියෙන් ගැල වෙන්න විතරයි කියන එකනම් හොදටම ඇහැදිලි.."

" ඒක සාමාන්‍ය දෙයක් මිස් ලෝව්සන්.. ඔබ කියපු එක් කාරණයක් හරි.. ඒ ඔබලාගේ රැකියාව එක්ක ඔවුන් මේ ගැන හොයන්න උනන්දු වෙන්නේ අඩුවෙන්.. මොකද මේ තරම් ප්‍රසිද්දියක් නොලැබුනත් අඩුමගානේ දවසකට එකක් හරි මේ වගේ සිද්දියක් පොලිස් පොත් වල ලිය වෙන්නේ නැතුවම නෙමෙයි.. ඒ හන්දා තමයි ඔවුන් ඒ විදිහට උනන්දු නොවෙන්නේ..මට මේ දේ කියන්න මිස් ලෝව්සන් ඔබලා තව දවස් කීයක් ලන්ඩන් වල ඉන්නවද?"

" හරිනම් මේ වෙද්දිත් අපි ආපහු ගිහින් ඉන්න ඕන.."

" හරි මිස් ලෝව්සන්.. මම හිතනවා අපිට මේක විසදන්න වුවමනා වෙන තරම් කාලයක් ඔබලා මෙහෙ රැදී ඉදීවි කියලා.. එහෙම නැති වුනොත් අපට අපරාධකාරයා අල්ලන්න පුළුවන් වෙන එකක් නැහැ.."

" ඒ කියන්නේ ඔබත් හිතන්නේ මේක අපේ කණ්ඩායමේ කෙනෙක්ගේ වැඩක් කියලද?"

" සමහර විට වෙන්න බැරි නැහැ මිස් ලෝව්සන්.. මෙතනදී ඕනම කෙනෙක් ගැන සැකය තියා ගන්න අපිට සිද්ද වෙනවා.. මම කැමතියි මිස් ලෝව්සන් ඔබත් එක්ක ඉන්න කණ්ඩායම ගැන විස්තර දැන ගන්න.."

" මං ගැන විස්තර මම ඔබට කිවුවනේ.. සති දෙකකට උඩදි මේ සංචාරයට අපි හය දෙනෙක්ම ආවා.. දෙන්නෙක්ම මේ වෙද්දී ජීවතුන් අතර නැහැ කියලා ඔබ මේ වෙද්දිත් දන්නවා.. මමයි මගේ අනික් මිතුරිය සෙලීනයි ඉන්නේ අපිට කෝකෝ සමාජශාලාවෙන්ම දුන්න කමරයක.. ඊට පස්සේ අපේ කළමණාකාරවරු දෙන්නෙක් ඉන්නවා.."

" කළමනාකාරවරු දෙන්නෙක්?"

" ඔවු මේ සංචාරයට අපි එක්ක එන්න තිබුනේ එක කළමණාකාරවරයෙක් විතරයි.. ඒත් සාශා කියන්නේ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් හන්දා එයාගේ පෞද්ගලික කළමණාකාරවරයත් අපි එක්කම මේ ගමනට ආවා.."

" එතකොට ඔබලා හැමෝම නැවතිලා ඉන්නේ සමාජශාලාවෙන් ඔබලාට දුන්න කාමර වල?"

" ඔවු?"

" මේ සංචාරයට එන්න කලින් මේ සමාජශාලාවත් එක්ක ගිවිසුමක් තිබුනද?"

" ඔවු හැම සංචාරයකදි වගේම අපි ගිවිසුමකට බැදිලයි එන්නේ.. ඒ ගොඩක් වෙලාවට අපි යන රටේ සංදර්ශණ කීයක් කරනවද කියන කොන්දේසි විතරයි.."

" මේ කෝකෝ සමාජ්ශාලාවෙන් ඒ ගිවිසුම අකුරටම ඉටු වුනාද?"

" අපි එන්න කලින් අත්සන් කරපු ගිවිසුමේ නම් කිසිම කඩකිරීමක් වුනේ නැහැ.. ඒත් ඒ ගිවිසුම් කාලයට වැඩිය ලන්ඩන් වල ඉන්න කාලයේ රාත්‍රී සංදර්ශණ පුළුවන්නම් කරන්න කියන ඉල්ලීම ඔවුන් කලා.. සාශාගේ මරණයත් එක්ක අපිට ඒදේ කරන්න කැමැත්තක් නොතිබුනත් අපිට වැඩිපුර කාලයක් ලන්ඩන් වලම ඉන්න වෙන බව දැන ගත්තම අපි ඔවුන්ගේ ඉල්ලීමට එකග වුනා.."

" හරි මිස් ලෝව්සන්.. මම හිතන්නේ ඔබෙන් මට දැන ගන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි.. අද දවස ඇතුලත මට මේ ගැන හොයලා බලන්න කරණා කීපයක්ම තියෙනවා.. මම හෙට උදේ වෙද්දී එන්නම් ඔබලා රැදී ඉන්න සමාජශාලාවට.. ඉතිරි වෙලා තියෙන කාලයෙන් මම මේ අපාරාධකාරයා කවුද කියන එක හොයාගන්න සම්පූර්ණ උත්සාහය දරනවා කියලා ඔබට පොරොන්දු වෙන්නම් මිස් ලෝව්සන්.."

" අපිට වෙන විකල්පයකුත් නැහැ මිස්ටර් එරිකෝ.. මේක විසදෙනකම් අපිට ආයෙම ඇමරිකාවට යන්න ලැබෙයි කියලා විශ්වාසයකුත් නැති හන්දා ඔබ වෙනුවෙන් බලන් ඉන්නවා ඇරෙන්න අපිට වෙන විසදුමක් නැහැ.."

හිදගෙන සිටි අසුනින් ඇය නැගිටුනේ ඇය පිටත් වීමට සූදානම් බව හඟවමිනි.. නිවසේ දොර අසලටම ආ එරිකෝ ඇයට සමුදී යලිත් කාර්‍යාල කාමරයට එන තුරු සිම්රන් බලා සිටියේ නොයිවසිල්ලෙන් බව ඇගේ මුහුණින්ම පෙනෙන්නට විය.. නිවී ගිය තේ කෝප්ප වෙනුවට අළුතින් එකක් සූදානම් කරන්නට එරිකෝට වුවමනාවක් තිබුනත් සිම්රන්ගේ වැඩි වුවමනාවක් තිබුනේ ඔහු මේ ගැන සිතන්නේ කුමක්ද යන්න දැනගැනීමටය..

" එරිකෝ මේකනම් ටිකක් වෙනස්ම විදිහේ එකක් නේද?"

" නෑ සිම්රන්, මේකත් තවත් අපරාධයක් විතරයි.. ඒක සිද්ද වුන විදිහ විතරයි වෙනස්.."

" හ්ම්ම්, වෙන්න පුළුවන්.. ඔයා මොකද මේකට කරන්න හිතාගෙන ඉන්නේ?"

" අපිට හැම දේකටම කලින් ලන්ඩන් පොලීසියට යන්න වෙනවා සිම්රන්.. ඔවුන් කොහොම පරීක්ෂණ කලා වුනත් අපිට දැන ගන්න ඔවුන්ගෙන් දැන ගන්න තියෙන කරුණු කාරණා කීපයක්ම තියෙනවා.. ඊට පස්සේ පොලිස් මෘත ශරීරාගාරයට යන්නත් ඕන.. මම හිතනවා තාම ඒවා අපිට හෝඩුවාවක් හොයාගන්න බැරි වෙන තරමින්ම වෙනස් වෙලා නැහැ කියලා.."

" හරි එරිකෝ.."

" මම මගේ වැහි කඹාය අරගෙන එන්නම්.. කොයිතරම් වැස්ස වුනත් මේක කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි.."

වැඩි වේලාවක් ගත වෙන්න පෙරාතුවම එරිකෝගේ වාහනයට නැගුන ඔවුන් ලන්ඩන් පොලීසියට යන මග දිගේ වාහනය දාවනය කරමින් සිටියේය..

" එරිකෝ, බැරි වෙලාවත් මේ අපරාධකාරයා ඔවුන් එක්ක ආව කණ්ඩායමේම කෙනෙක් නම්, ඉක්මනින්ම ඔවුන් ආපසු ඇමරිකාවට ගියොත්, අපිට මේ අපරාධකාරයා අල්ල ගන්න වැඩේ ටිකක් අමාරු වෙනවා නේද?"

" ඇත්තෙන්ම ඔවු සිම්රන්.. ඔවුන් ගියොත් අපිට පැහැදිළිවම ගොඩක් සාක්ෂි මහ හැරිලා යනවා.. ඒ හන්දා අපිට මේක පුළුවන් ඉක්මනට විසදන්න ලැබෙනවනම් හොදයි.. මොකද ඔවුන් පස්සෙන් ඇමරිකාවට යන්න තරම් පුළුවන් කමක් මට නැති හන්දා.."

ඇදහැලෙමින් තිබුන් වැස්ස නිසා එතරම්ම තදබදයක් නොතිබුන හෙයින් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ලන්ඩන් පොලීසිය වෙත ලගාවුන ඔවුන් හැකි ඉක්මනින් විමසීම් කවුළුවෙන් මෙම පරීක්ෂණයට අදාල නිළධාරියා ගැන විමසූ එරිකෝ වැඩි වේලාවක් ගත නොකරමඔහු හමුවීමට අවස්ථාවක් ලබා ගත්තේ තමන් පැමීණි කාරණාවේ අත්‍යාවශය බව පැහැදිළි කරමිනි..

" මම නීතීඥ්ඥ එරිකෝ හන්ටර්.. මේ මගේ සහායිකාව සිම්රන්.. මම කැමතියි ඔබෙන් කෝකෝ සමාජශාලාවේ වුන මිනීමැරුම් දෙක ගැන තොරතුරු ටිකක් දැන ගන්න.. ඒ ඝාතනයට ලක් වුන අයගේ එක් මිතුරියක් මේ ගැන සොයාබලන්න කියලා මගෙන් පෞද්ගලිකවම ඉල්ලීමක් කරලා තියෙනවා.. මම හිතන්නේ නෑ ඒකට ඔබේ විරුද්ධත්වයක් තියේවි කියලා.."

" විරුද්ධ වෙන්න නම් හේතුවක් නැහැ මිස්ටර් එරිකෝ, ඒත් මේ ප්‍රශ්ණය ටිකක් පැටළිලි සහගතයි.. කෙලින්ම සැක කරන්න පුළුවන් විදිහේ කෙනෙක් අපිට හොයා ගන්න අමාරුයි.. මේ වගේ සමාජශාලා වල නිතරම පහරදීම් වගේ දේවල් වාර්ථා වෙන බව මම ඔබට අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ.. සමහරවිට මේකත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්.. ඒත් අවාසනාවට ඇය මිය ගිහින්.."

" ඔබ කියන කතාව ඇත්ත මිස්ටර් වෝල්ටර්.. අපිට ඒ දේ පිළිගන්න තිබුනා මෙතන එකම විදිහට වුන තවත් මිණිමැරුමක් නොතිබුනානම්.."

" ඔවු ඔබ හරි.. අපේ මුල ඉදන්ම තිබුන සැකයත් වෙනස් වුනේ ඔන්න ඔය කාරණාව නිසා තමයි.. ඒත් තාම පැහැදිළි යමක් හොයාගන අපිට පුළුවන් වෙලා නැහැ.."

" මම කැමති ඔබේ අවසරය ලැබෙනවනම් සමාජශාලාවේ මේ අපරාධ සිද්ද වුන තැන් පරීක්ෂාකරන්න වගේම මෘත ශරිරත් පරීක්ෂාකරන්න.."

" ඒකේ කිසිම ගැටළුවක් නැහැ.. අපිටත් මේකේ අගක් මුලක් හොයා ගන්න බැරුවයි ඉන්නේ.."

" තව දෙයක්, ඔබට හැකිනම් ඔවුන් මෙහෙන් පිටත් වීම තව ටික දවසකට කල් දාන්න ඒක මේ පරීක්ෂණ වලට ලොකු පහසුවක් වේවි.."

" ඒ ගැනනම් මට සහතික වෙන්න බැහැ මිස්ටර් එරිකෝ.. නමුත් ඒ ගැන මොනවාහරි තොරතුරක් වුනොත් මම ඔබට හැකි ඉක්මනින්ම දැනුම් දෙන්නම්.."

" ඔබට ගොඩාක් ස්තූතියි මිස්ටර් වෝල්ටර්.. අපිට ඉදිරියේදි ගොඩක් වෙලාවට හමුවෙන්න වේවි මේ අපරාධය විසදන්නනම්.."

පොලිස් පරීක්ෂක වරයාගේ කාමරයෙන් නික්මුන ඔවුන් සාජන් වරයකුගේ සහායද සමගින් මෘත ශරීරාගාරයට ආ ඔවුන් එහි සිටි සහායකයකුගේ උදවුවෙන් මියගිය යුවතියන් දෙදෙනාගේම සිරුරු ඉවතට ගත් එරිකෝ ඒවා දෙස හොද අවදානයක් යොමු කරන්නට විය.. තියුණු ආයුධයකින් කල අගල් තුනක් පමණ දිගු වූ එක හා සමාන කැපුම් පහරවල් ඔවුන් දෙදෙනාගේම මුහුණු වලින් පැහැදිළිවම පෙනෙන්නට විය.. මරණයෙන් සතියක් පමණ ඉක්ම ගිය සාශාගේ මළසිරුර ගැන වැඩි අවදානයක් යොමු නොකල එරිකෝ ජාඩාගේ සිරුර වෙත වැඩි අවධානයක් යොමු කලේ කුමක් හෝ සාක්ෂියක් එයින් ලැබේයැයි අපේක්ෂාවෙනි..

බොහෝ වේලාවක් සිරුරු පරීක්ෂාකල එරිකෝ එය අත්හැර දැමුවේ එයින් ඔහුට වැදගත් වේයැයි සිතිය හැකි යමක් නොලැබුන නිසා බව ඔහුගේ මුහුණින් හොදින්ම පෙනෙන්නට විය.. දේහයන් යලිත් සීත කාමර වලම තබන්නැයි උපදෙස් දුන් එරිකෝ යලිත් හැරුනේ ඔවුන් සමග ආ සාජන් වරයා දෙසටය..

" ඔබට පුළුවන්ද අපිට මේ දෙන්නගෙම මරණ පරීක්ශණ වාර්ථාවල පිටපතක් මට දෙන්න?"

" පුළුවනි.. ඒත් පෙරේදා මැරුණ කෙනාගෙනම් මරණ පරීක්ශණ වාර්ථාව අපිට තාමත් ලැබිලා නැහැ.. සමහරවිට අද හවස වෙද්දී ඒක ලැබේවි.."

" හරි දැනට මට අනික් වාර්ථාවේ පිටපතක් දෙන්න.. අනිත් වාර්ථාව ලැබුන ගමන් ඒක ඔබේ ප්‍රධානියා මිස්ටර් වෝල්ටර්ට දෙන්න.. ඔහු මට ඒක ලැබෙන්න සලස්වාවි.."

එතෙක් පැවතුන තද වර්ෂාවත් එක්ක රැදි අඳුර බොහෝ සෙයින් සවස් වී ඇති බවවත් නොදැනෙන තරමටම අවට වසාගෙන තිබුනේය.. වැස්සට මුවාවෙමින් ඉක්මනින්ම වාහනයට නැගුන එරිකෝ නිවස වෙත එන අතරවාරය නිහඬවම ගත කලේ ඔහුගේ හිතේ මේ අභිරහස ගැන වූ විසදා ගත නොහැකි ගැටළු නිසා බව තේරුම් ගන්නට සිම්රන්ට අපහසූ නොවිනි..

" මරණ පරීක්ෂණ වාර්ථාවේ වැදගත් හෝඩුවාවක් තියෙනවද එරිකෝ?"

එරිකෝ නිතරම ප්‍රිය කරන තද කළුපැහැ කෝපි කෝප්ප දෙකක්ද පිළියෙල කර ගනිමින් කාර්‍යාල කාමරය වෙතට ආ සිම්රන් තවමත් ලන්ඩන් පොලීසියෙන් ගෙන ආ මරණ පරීක්ෂණ වාර්ථාවේ පිටපතද සමගින් කල්පනා කරමින් උන් එරිකෝගේන් විමසුවේ පරීක්ශණයේ ඉදිරි පියවර දැන ගැනීමේද අරමුණිනි..

" වැදගත් නැහැමයි කියන්න බැහැ සිම්රන්.. ඒත්, සමහරක් දේවල් ගත්තමනම් මේක තවත් එක මරණයක් විතරක්මයි කියලා හිතන්න බැරි කමකුත් නැහැ.."

" ඇයි එරිකෝ එහෙම කියන්නේ?"

" මේ වාර්ථාවේ හැටියට සාශා අධික විදිහට කොකේන් පාවිච්චි කරලා තියෙනවා.. ඒක සාමාන්‍ය කොකේන් පාවිච්චි කරන කෙනෙක්ගේ ප්‍රමාණයට වැඩිය ගොඩාක් වැඩියි.. ඒ හන්දම වියරුවෙන් වගේ ඇයම තමන්ට මේ දේ කර ගත්තද කියන සැකයත් ඉබේම මතු වෙනවා.. අනික් දේ තමයි මරණය වෙන්න කලින් ඇය කිහිප වතාවක්ම ලිංගිකවත් එකතු වෙලා තියෙනවා.. ඇගේ වෘතියත් එක්ක මේක සාමාන්‍ය දෙයක් වුනත් ඇය අත්සන් කරපු ගිවිසුමේ සමාජශාලාවේ නර්ථනයට අමතරව ලිංගිකව එකතු වෙන්නත් පුළුවන් කම තිබුනද කියන එක අපිට හොයලා බලන්න වෙනවා.."

"  ඒ ඇයි එරිකෝ?"

" සංචාරයට කලින් ඇය අත්සන් කරපු ගිවිසුමේ එහෙම දෙයක් නැත්නම් මේක අපිට හොද සාක්ෂියක් වෙනවා අනිවාර්‍යයි.. මං හිතනවා අපිට ජාඩාගේ මරණ පරික්ෂණ වාර්ථාවෙත් මේ වගේ දෙයක් දකින්න් ලැබෙයි කියලා.. ඒ මොකද මම දැක්කා ජාඩාගේ ඇගේ අළුතින් වුන තුවාල කැළැල් කීපයක්ම.. ඒ කීපයක්ම ඇගේ අකමැත්තෙන් ලිංගිකව එකතුවෙද්දි වුන ඒවා කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අමාරු නැහැ සිම්රන්.."

" එහෙනම් ඒ දේවල් දැන ගන්න අපිට හෙට වෙනකන් ඉන්න වෙනවා.."

" ඔවු මම හිතනවා මිස් ලෝව්සන්ටත් අපිට අළුතින් තව ගොඩක් දේවල් කියන්න තියේවි කියලා.."










28 comments:

  1. මරු ඈ.. මොකද මාත් මේ ටිකේ ඔය වගේ කතා රාසියක් කියවනවා.. නෝත් පැටර්සන්ගේ.. ෂෙල්ඩන්ගේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දේශකයෝ.. මේ කියපු නම් දෙකේ අයගේ පොට්ජ් බලලම නැහැනේ අෆ්ෆා.. බැරිද පොඩි විස්තරයක් කරන්න.. නෙට් එකෙත් හොයලා බලන්න ඕන..

      Delete
  2. මෙයාගේ රහස් පරීක්ෂක කතා ලස්සනයි. පස්සේ පොතක් කල හැකි. හිතට ගොඩක් ඇල්ලුව දේ තමා සහායට ඉන්දියානු කාන්තාවක් දැමීම. කියවනකොට හිතට ආපු ප්‍රශ්නයක් තමයි 'අබිසරු ලිය' කීවාම මේ මැරුණු කාන්තාවන් වැටෙන්නේ ඒ ගොඩටද කියන එක.

    ReplyDelete
    Replies
    1. පොතක් කිරිමේ අදහසනම් තියෙනවා පොඩ්ඩි අක්කේ.. තව කතාවක් දෙකක් ලියලම බලමු.. ඔය චරිත දෙකම තෝරලා දුන්නේ මදාරනේ.. ඒ හන්දා ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන එයාට තමයි..

      ඔවු පොඩ්ඩි අක්කේ.. මේ මැරුණ අය වගේම මේ ප්‍රශ්ණය අරන් එන කෙනාත් එහෙම කෙනෙක් තමයි.. කොටින්ම කියනවනම් ඔය Pornstar එහෙම නත්නම් Stripper කෙනෙක් කියලා හිතන්නකෝ..

      Delete
    2. @පොඩ්ඩි &දිනේශ්...... COURTESAN කියන්නේ ප්‍රභූන් හෝ ඉහල සමාජයේ අයට තම සේවය සපයන prostitute ලාට නේද? S...or ...Z

      Delete
    3. ඔවු.. එහෙම අයට තමයි.. ඔය අකුරු දෙකෙන්ම ලියනවා.. Z වලින් ලියද්දී ගතියක් තියෙන හන්දා එහෙම දැම්මේ..

      Delete
  3. ammapa kaalekin kiyewwa rahas pareekshaka kathaawak

    ReplyDelete
    Replies
    1. එල එල.. එහෙනම් දිගටම කියවමු..

      Delete
  4. ආයෙත් එරිකෝ හන්ටර්...! එතකොට එකටත් ගිවිසුමක් ඕනා එහෙනම් ඈ

    ReplyDelete
    Replies
    1. නැතුව.. ඒවට ගිවිසුම් ගහලා තමයි වැඩේට බහින්නේ.. ඒක ගැන කියනවනම් වෙනම ලිපියක් ලියන්න පුළුවන්..

      Delete
  5. රයිට්. උඹේ ඉස්සෙල්ල සීරීස් එක කියෙව්වෙ සෑහෙන්න කාලෙකට පස්සෙ. මේපාර නං කියවන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. හරි රාජ් අයියේ.. වැඩිය දිගට ඇදෙන්නේ නෑ.. ඒ හන්දා මග ඇර ගන්න එපා..

      Delete
  6. ඔන්න ඔයාගේ කතාවක් මම කියවන මුල්ම වතාව...කතාව නම් එල කියලා තමයි කියන්න තියෙන්නේ...ආසාවෙන් කියෙව්වා...බලමු ඊලඟ කොටස

    ReplyDelete
    Replies
    1. එන්න එන්න දිගටම එන්න කියවන්න.. ඊලග එක හෙට.. :)

      Delete
  7. මාව කොයිල් උනා !

    ReplyDelete
    Replies
    1. අර මොකෝ අයියේ?

      Delete
  8. මරු මචන් .මම හරි ආසයි මෙවගෙ කතා වලට.නියමයි

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න.. වැඩිය දිගට යන්නේ නෑ මේක..

      Delete
  9. පට්ට මචං...ඉක්මනටම ඉතුරු ටික දාන්න.ඒ තරමට මගේ හිතට ඇල්ලුවා කතාව..පොඩි දවස් වල ෂර්ලොක් හොර්ම්ස් කියවපුව මතක් වෙනව..

    ReplyDelete
    Replies
    1. අපිත් පොඩි කාලේ ෂර්ලොක් රසිකයෝ තමයි.. ඒකමයි වෙනසකටත් වඑක්ක ලියන්න හිතුනේ.. ඊලග එක හෙට..

      Delete
  10. ආයෙමත් එරිකෝ ඇවිත්. මේ පාර රහස් පරීක්ෂක කතාවට අමතරව සිම්රන් ගැන සාධාරණයක් වෙයි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. සිම්රන්ට මොන සාධාරණයක්ද බං.. එවුවා තාම නෑ.. බලමුකෝ අපි..

      Delete
  11. ඔබට මෙම කරුණු වැදගත් වේ දැයි මම නොදණිමි. කතාව රසවත් නිසා ලියා තබාන්නෙමි.

    KOKO NIGHT CLUB කියන්නේ 1500ක් විතර දාන්න පුලුවන්....අති සුපිරි පංතියේ අයගේ තැනක්. ඉස්සර චාලි චැප්ලින් පවා රැඟුම් දක්වා තියෙනවා,මෙය තියෙන්නේ CAMDEN TOWN එකේ. ලන්ඩන් පොලිසිය කියලා කියන්න ඇත්තේ CITY OF LONDON POLICE වෙන්න ඕන. මෙයට වඩා ඔබගේ කතාවට අදාල මෙට්‍රොපොලිටන් පොලිසිය (METROPOLITAN POLICE) විය යුතුයි. ඔබේ නිර්මාණයන්ට මේ තොරතුරු වැදගත් විය හැක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් ස්තූතියි මේ කරුණු වලට.. මාත් ලන්ඩන් අවට සමාජශාලා ගැන අන්තර්ජාලයෙන් හොයලයි විස්තර ගත්තේ.. මොකද කතාව ගොතන එකක් වුනත් ඒකේ පරිසරය ඇත්ත වෙන්න මට වුවමනාවක් තිබුන හන්දා.. පොලීසිය ගැන කියපු කරුණ වැදගත්.. ඊළග කතාවේ ඉදන් ඒක ඒ විදිහට වෙනස් කරන්නම්..

      Delete
  12. දිනේෂ්< වැඩේ නම් නියමයි. ඉදිරියටම කරගෙන යන්න. පොතක් හැටියට පල කරන්න පුළුවන් නම් අගේ කියලා නිම කරන්න බෑ..

    ජය වේවා...

    සාෂා ග්‍රේ කියලා ඇත්තටම පෝන් ස්ටාර් කෙනෙක් හිටියා නේද? මේ එයා ගැන නෙවෙයිනේ?

    ReplyDelete
    Replies
    1. පොතක් කරන්න හිතේ තියන් තමයි ලියන්නේ.. බලමුකෝ..

      සාෂා කියල කෙනෙක් ඉන්නවා.. ඒ නම්ම ඉතින් උස්සලා ගත්තා.. එතකොට ලේසියි නේ.. ;)

      Delete
  13. මට මේ කතාවෙ මුල අමතක වෙලයි තිබ්බෙ. රහස් පරීක්ෂක කතාව කාලෙකින් නිසා යාන්තමට මුල් සිදුවිම් ටික මතක් කරගත්තා

    ReplyDelete
  14. අයියා මගෙ වගේ ස්ටොරියකටත් අත ගහලනේ.. පට්ට :D :D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්